25 September, 2020

Blog

යහපාලනයේ මෛත්‍රී සාධකය

සුජිත සිරි කුමාර –

අල්ලසට, දූෂණයට, වංචාවට  විරුද්ධව කටයුතු කරන යහපාලනයක් ගොඩනැඟීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවංක උවමනාවක් උනන්දුවක් ඇති බවත් සඳහා ඔහු විශාල වෑයමක් දරන බවටත් මතයක් අප සමාජයේ සමහර කණ්ඩායම් තුළ තවමත් පවතින බව අපට පෙනේ. පසුගිය ජනවාරි 6 දා කලම්බු ටෙලිග්‍රාප් සිංහල පළ වූ බැඳුම්කර කොමිසමේ වාර්තාව දේශපාලනඥයන්ට යස පාඩමක් යන ලිපියෙන් මේ මතය තහවුරු කිරීමට මහත් වෑයමක් දරා ඇති බව පැහැදිලිව පෙනේ. එම ලේඛකයා සිය ලිපියේ මුල සිට අගටම තැනින් තැන අල්ලසට, දූෂණයට විරුද්ධව කටයුතු කිරීමට ජනාධිපති සිරිසේන මහතාට මහත් උවමනාවක් ඇති බවත් සඳහා දැන් අවශ්‍ය සියළු පියවර ගෙන අවසාන බවක් හෝ ගනිමින් පවතින බවක් පෙන්වීමට වෑයම් දරයි.

ලේඛකයා මේ මවන චිත්‍රය සැබෑවක්ද?  අල්ලසට, දූෂණයට, වංචාවට එරෙහි වන නව සමාජ දේශපාලන රටාවක්, යහපාලනයක් නිර්මාණය කිරීම සඳහාජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිගින් දිගටම සක්‍රිය හා සචේතනික නායකත්වයක්  සපයනු ඇතැයි  අපට තවදුරටත්  විශ්වාස කළ හැකි ? පිළිබඳ අනාගත දර්ශනයක් ඔහුට තිබෙන්නේද?

සිරිසේන මහතා ජනාධිපති තනතුර වෙත තල්ලු කරගෙන එක් ප්‍රධාන සාධකයක්  වූවේ යහපාලන බලවේගයයි.  නිසා යහපාලන සංකල්පය මඟහැර යාම හෝ ඊට පයින් ගසා ඊට විරුද්ධ මාවතකට අවතීර්ණ වීම සිරිසේන මහතාට තවමත් අපහසු කාර්යයකි.  එසේ පුද්ගලයෙකු වශයෙන් බොහෝ දුරට ශිෂ්ට සම්පන්න, ඉවසන සුළු, සෑහීමට පත් වන, තැන්පත්  චරිත ස්වභාවයක්  ඇති බැවින් , තමන්ට ඉහළට නැඟ ගැනීමට උපකාර වූ  ඉනිමඟට පයින් ගසන තරමට පහත් මට්ටමකට වැටෙන චරිතයක් නොවන බව පෙනෙන හෙයින් තමන්ගේ සම්පූර්ණ ධූර කාලය තුල ඔහු යහපාලනය වෙනුවෙන් නාමික මට්ටමකින් හෝ පෙනී සිටිනු ඇත. නමුත් මේ යහපාලන උවමනාව ඔහුගේ හදවත තුලින්ම, සත්‍ය වශයෙන්ම පැන නඟින උවමනාවක් නොවන බව මගේ අදහසයි. යහපාලන උවමනාව බාහිර බලවේග මඟින් සිරිසේන මහතා මතට පටවන ලද්දකි. එය ඔහුගේ අභ්‍යන්තරයෙන් නැඟෙන හඬක් හෝ ඔහුගේ දේශපාලන ජීවිතය මෙහෙයවාලන හඬක් නොවන බව, මේ දක්වා ඔහු ක්‍රියාත්මක වී ඇති ආකාරයෙන් තහවුරු වන බව මගේ අදහසයි.

මහින්ද රාජපක්ෂ මහතා යටතේ තමන්ට තිබූ ඇමති හා පක්ෂ තනතුරු නිදහසේ  දරමින්  ඒවාට අදාළ කටයුතු කර ගෙන යාමට අවශ්‍ය සම්පත් හා ස්වාධීනත්වය සිරිසේන මහතාට ඇති තරමට රාජපක්ෂලාගෙන් ලැබුනේ නම්, ඔහු එම ආණ්ඩුවෙන් එළියට එන්නේ නැත.

රාජපක්ෂ පාලනය යටතේ සිටි කාලයේ තමන්ට පෞද්ගලිකවම මුහුණ පෑමට සිදු වූ මානසික පීඩනය, නිදහසක් නැතිකම, රාජපක්ෂ පවුලේ වහලුන් ලෙස හැසිරෙමින්, රූකඩ ඇමතියන් ලෙස කල්ගත කිරීමට  සිදු වූ නින්දනීය තත්වය ගැන, එම ආණ්ඩුවෙන් එලියට පැමිනි දින පටන්, සිරිසේන මහතා වරින් වර කළ ආවේග මුසු ප්‍රකාශ ගැඹුරෙන්  විමසා බලන ඕනෑම කෙනෙකුට මේ බව මනාව පැහැදිලි වනු ඇත. ඒකාධිපති රාජපක්ෂ පාලනය යටතේ, සිරිසේන මහතා ඇතුළු බොහෝ මැති ඇමතිවරුනට තිබුනේ දූෂණයට, අල්ලසට, වංචාවට, අපරාධවලට විරුද්ධ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයකට වඩා පෞද්ගලික ප්‍රශ්නයකි. රාජපක්ෂ පාලනය යටතේ සිරිසේන මහතාට පමණක් නොව තවත් බොහෝ මැති ඇමතිවරුන්ට තම ඇමතිකම්වලින් සිදු විය යුතු කටයුතු ඉටුකිරීමට අවශ්‍ය සම්පත් හා ඉඩකඩ තිබුනේ නැත. මුළු ආණ්ඩුවටම නායකත්වය දුන්නේ එක් පවුලකි. රාජපක්ෂ ගැතියන් නොවන කිසිවෙකුට කිසිදු පිළිගැනීමක්, කැපී පෙනීමක්, වැදගත්කමක්, ඇගයීමක්වත්, තමන් රිසි පරිදි තම තනතුරුවල වැඩ කටයුතු කිරීමේ ඉඩක්වත්  ලැබුනේ නැත. මෙය ඔවුන්ගේ දේශපාලන හා සාමාජීය අනන්‍යතාවය ඔවුන්ට අහිමි කිරීමක් වන අතර, එම අහිමි කිරීම ඔවුන්ට පුද්ගලිකව විඳ දරා ගැනීමට දුෂ්කර වන ඛෙදනීය චිත්තවේගීය තත්වයක් කරා වර්ධනය වී තිබිනි. රාජපක්ෂ ආණ්ඩුව තුළ පවතින්නට නම් සිරිසේන  මහතා ඇතුළු බොහෝ දෙනෙකුට තම අනන්‍යතාවයන් අත්හැරදා එහෙම පිටින්ම මහරජාණන් ඉදිරියේ වැඳ වැටෙන වහලුන් බවට පරිවරිතනය වීමට සිදු වන තත්වයක් එදා පැවතිනි. මෛත්‍රීපාල සිරිසේන මහතා රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට බසින්නේ ප්‍රධාන වශයෙන්ම එම පුද්ගලමය හේතු මුල් කරගෙන් මිස යහපාලනයට තිබූ පිපාසයකින් නොවන බව මගේ මතයයි. නමුත් පැවති ආණ්ඩුවෙන් පිටතට පැමිණෙන ඔහුට තම දෙපා  සවිමත්ව තබා ගැනීම සඳහා යහපාලනය කදිම වේදිකාවක්  විය

තමන් ජීවිත කාලයක් පුරා වෙහෙස මහන්සි වී, අනේකවිධ කැපකිරීම් කොට ගොඩ නඟා ගන්නා සිය අනන්‍යතාවය අහිමිවීම කවර මනුෂ්‍යයෙකුට හෝ ඛෙදජනක තත්වයක් වන බව අප විසින් පිළිගන්නා මනෝවිද්‍යාත්මක සත්‍යයකි. එසේම සියළු මනුෂ්‍යයන් මූලික වශයෙන් මෙහෙයවනු ලබන්නේ තම පැවැත්ම සඳහා ඇති අවශ්‍යතාවය මුල් කර ගෙන බැවින් සියළු මනුෂ්‍යයන් ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමීන්, ස්වාර්ථකාමීන් බව අප පිළි ගත යුතු වේ.

සිරිසේන මහතා වැනි පුද්ගලයෙකුට පැවති ආණ්ඩුව තුල හා මහජනතාව අතර තම අනන්‍යතාවය අහිමිවීමේ  බලපෑම වඩාත් දරුණු  වීමට බලපාන තවත් සාධකයක් තිබේ. ඔහු මිළ මුදල්, වස්තුව,දේපොළ එක්රැස්  කරගනිමින්   මඟින් අනන්‍යතාවයක් ගොඩ නඟා ගැනීමට වැර වෑයම් දරන චරිතයක් නොවීමයි.  (එවැනි චරිත ඇති දේශපාලකයෝ එදා  ගෙවල් දොරවල්, යාන වාහන, දේපොළ වස්තුව ලබා ගත්තේ මැර බලයෙන්, වංචාවෙන් හා දූෂණයෙන් වූ අතර රාජපක්ෂවරුන්ගේ රක්ෂණය ඔවුන්ට නිරතුරුව ලැබුනු බැවින් ඔවුන් එම ආණ්ඩුව හැර යාමට හේතුවක් නොතිබිනි. එවැනි චරිත අදටත් වහලුන් සේ රාජපක්ෂලා පසු පසම යාම පුදුමයක් නොවේ).

ප්‍රධාන වශයෙන් , තමන් මුහුණ පෑ දුෂ්කර තත්වයන්, ලැජ්ජාවීම්, බලාපොරොත්තු කඩවීම්, රාජපක්ෂවරුන්ගෙන් එල්ල වූ නින්දා අපහාස, අපේක්ෂාභංගත්වය හා මානසික පීඩනය හා තම අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් තම දේශපාලන පැවැත්ම අඛණ්ඩව පවත්වා ගැනීමට තිබූ මනෝ සාමාජීය අවශ්‍යතාවයන්  නිසා, තමන්ගෙන් ගිලිහී යමින්  තිබුනු තම අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමේ බලාපොරොත්තුවෙන් යහපාලන වේදිකාවට නැගගත් පමණින්  මෛත්‍රීපාල සිරිසේන මහතා යහපාලනය තමන්ගේ ජීවිතයට පත්තියම් කරගත්, අභ්‍යන්තරීකරණය කරගත් නව පුද්ගලයෙකු බවට පත් වූයේ නැත. කිසිම මිනිසෙකුට එසේ එක රැයෙන් වෙනස් වීමට හැකියාවක් නැත. පරාර්ථකාමී වෙමින් රට වෙනුවෙන්, තම සහෝදර ජනයා වෙනුවෙන් හිස දන්දෙන සිරි සඟබෝවරු අදටත් සිටින්නේ කතාවස්තුවල පමණි. නිසා මුල් කාලයේ අපට එතරම් පැහැදිලිව දැක ගැනීමට නොතිබුණු නමුත් අද හොඳින් දැකගත හැකි, රණවිරු වන්දනාව, සිංහල බෞද්ධකම වන්දනාව වැනි ලක්ෂණ එදත් අදත් සිරිසේන මහතාගේ පුද්ගලික හා දේශපාලනමය ජීවිතයේ සැබෑ ලක්ෂණ බව අප තේරුම් ගත යුතුය. (මේ වන්දනාවන් දෙකම මේ යුගයේ බොහෝ දේශපාලකයන් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා කපටි ලෙස භාවිතා කරන කරුණු දෙකකි). අතරේම සිරිසේන මහතාගේ පුද්ගල පෞරුෂයට ආවේණික ලක්ෂණ ලෙස පැහැදිලි දිස්වන ශිෂ්ට සම්පන්නකම්,  සමානාත්මතාවය අගය කිරීම, වංචා අපරාධවල දක්වන පිළිකුළ, සාමකාමීභාවය, සරල දිවිපෙවෙත, අන් මත ඉවසීම, ධර්මිෂ්ඨ හා ගුණගරුක මතවාද හා ආකල්ප ගැන නිතර නිතර කතා කරමින් ඒවා ප්‍රචාරය කිරීම වැනි ලක්ෂණ සිරිසේන නම් පුද්ගලයාගේ සැබෑ පෞද්ගලික මානසික ස්වභාවය බවට සැකයක් නැත

නමුත් මේ දූෂිත දේශපාලන ක්‍රමය තුල, දැන් තම පෞද්ගලික පැවැත්ම සඳහා පමණක් නොව දේශපාලනමය පැවැත්ම සඳහා ඔහුට සොරකම් වංචාවල, අපරාධවල ඇලී ගැලී සිටින දේශපාලකයන් සමඟ සහජීවනයෙන් කටයුතු කිරීමට සිදු වේ. , එසේ කරනවා වෙනුවට සියළු දූෂණ වංචා අපරාධ විනාශ වී යන සේ ඒවාට හා ඒවා පිටුපස සිටින පුද්ගලයන් හා බලවේගවලට එරෙහිව සැබෑ පරමාදර්ශී මහජන සේවකයෙකු  සේ, යහපාලන ඉන්ද්‍රඛීලයක් සේ නැඟී සිටීමට තරම් අධ්‍යාත්මික බලයක් ශක්තියක් හෝ උවමනාවක්  ඔහු තුළ ස්වභාවයෙන්ම නැති බැවිනි.  ජනසමාජයක් තුළ, රටක් තුල එවැනි පරිවර්තනයකට නායකත්වය සැපයීමට නම්, එම පුද්ගලයා සිය ආත්මාර්ථය, ස්වාර්ථකාමය, මමත්වය යම් පමණකට හෝ නසා දැමීමට සමත් බලසම්පන්න අධ්‍යාත්මික ශක්තියකින් මෙහෙයවනු ලබන, ජීවිත පරිත්‍යාගයට සූදානම්,  මහත් ආත්ම විශ්වාසයකින් හෙබි පුද්ගලයෙකු විය යුතුය.

මෛත්‍රීපාල සිරිසේන මහතා කෙතරම් යහපත් ගුණ ගරුක මිනිසෙකු වුවද ඉහත සඳහන් ගණයට වැටෙන්නට  අවශ්‍ය උවමනාවක් හෝ අධ්‍යාත්මික ශක්තියක් හෝ ඇති අයෙකු බව මෙතෙක්  ඔහුගේ ක්‍රියා කලාපයෙන් පැහැදිලිව පෙනී ගොස් නැත.

බව අප පැහැදිලිව දකින්නේ පසුගිය අවුරුදු කීපය තුල අපරාධකරුවන්ට, මිනීමරුවන්ට, දූෂිත දේශපාලනඥයන්ට නිසි දඬුවම් ලබා දීමට ජනාධිපති තනතුරේ බලය නිසි පරිදි පාවිච්චි නොකිරීම තුලිනි. යහපාලන ආණ්ඩුව පටන් ගැන්මේ සිටම , අද දක්වා පොලිසිය හා සියළු කොමිෂන් සභා සිය පරීක්ෂණ පවත්වන්නේ සමහර තෝරාගත් දේශපාලනඥයන්ට විරුද්ධව ඇති චෝදනා ගැන පමණකි. නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරියට ගෙන යන්නේ සමහර දේශපාලකයන්ට විරුද්ධව ඇති චෝදනා හා නඩු පමණකි.  මගේ ඉතා සීමිත දැනුමට වැටහෙන විදියට ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් වීම, ලසන්ත වික්‍රමතුංග හා තාජුඩීන් ඝාතන, මිලිටරිය මඟින් කළ ද්‍රවිඩ ජනයා හා සිසුන් පැහැරගැනීම්, අතුරුදහන් කිරීම් ගැන පරීක්ෂණ අද සිදු නොවන්නේත් නැත. සිදුවන්නේත් නැත! එම අපරාධ පරීක්ෂණ ක්‍රියාදාමයන් හා නඩු ඇසීම් තරමටම ව්‍යාකූල . මේ තත්වය ඇති වී තිබෙන්නේ යහපාලනයට ලැදි බව පවසන, යුක්තිය සාමය සංහිඳියාව අගය කරන, තම සෑම කතාවකදී නිතර නිතර ධර්මිෂ්ඨකම ගැන ගුණකගරුක කම ගැන මහජනතාවට කතා කරන හා සියල්ලටමත් වඩා  සියළු විධායක බලතල  සහිත ජනාධිපතිවරයෙකු යටතේය.

විද්‍යා දැරිය දූෂණය කොට ඝාතනය කළ අවස්ථාවේදී එම දැරියට හා එම පවුලට යුක්තිය ඉටුකරදීම සඳහා මෛත්‍රීපාල සිරිසේන නම් යහපත් ගුණගරුක පුද්ගලයා තම ජනාධිපති තනතුරේ බලය නිවැරදිව හා ප්‍රශංශනීය ලෙස හා නොපමාව භාවිතා කළ හැටි මුළු රටටටම දැක ගත හැකි විය. සමහර විට ඔහු එසේ මැදිහත් නොවීනම් අපරාධයේදී නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු, විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු හා ඇමතිවරියක් ඇතුලු බලසම්පන්න අය අපරාදකරුවන්ට උදව් උපකාර කලේ යයි කියවුනු ආකාරයට අනුව, එම නඩුවත් කාලයට යට වී වැළලී යන්නටත් ඉඩ තිබිනි

නමුත් දූෂණයට වංචාවට එරෙහි සටනේදි එම ජනාධිපති තනතුරේ බලය, ආකාරයෙන්ම පාවිච්චි නොවන බව දැන් ස්ථිර වී තිබේ. (යහපාලන සටනේදී සිරිසේනගේ දකුණු අත ලෙස ක්‍රියා කළ, රාජිත සේනාරත්න ඇමතිවරයා,  අංග සම්පූර්ණ මිනිසුන් මේ ලෝකයේ නැති බවත් එවැනි මිනිසුන් බලාපොරොත්තු නොවන ලෙසටත් මෑතදී කියා තිබුනු බවක් මට මතකය.)

කසිප්පු පෙරද්දීම අසු වී පොලිස් අත් අඩංගුවට පත් වන වර්ගයේ අපේක්ෂකයන්, සිරිසේන මහතාගේ පක්ෂයෙන් පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් කරන අතර, අතරේම, මත්පැන් බොන අයටවත් ඡන්දය නොදෙන ලෙස සිරිසේන මහතා අපෙන් ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් සිරිසේන මහතාට ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේදැයි සාමාන්‍ය පුරවැසියෙකු වන මට තවමත් තේරෙන්නේ නැත. මේ අපේක්ෂකයා තමන්ගේ පක්ෂ සාමාජිකත්වයෙන් හා අපේක්ෂකත්වයෙන්  ඉවත් කළ බවට නිවේදනයක් ඊට පසු දිනම එම පක්ෂයෙන් නිකුත් වනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තුවෙන් සිටියෙමි.  මගේ මෝඩ බලාපොරොත්තුවක්  බවත් යහපාලනයට අත ඔසවන පුරවැසියෙකු වශයෙන් මා දිගින් දිගටම රැවටෙන බවත් මට දැන් වැටහේ.

නොයෙකුත් දේශපාලන බලවේග හා පුද්ගලයන් විසින් යහපාලන සර්කස් එකට තල්ලු කරගෙන සිරිසේන මහතාගෙන් යහ පාලනයට යම් දායකත්වයක් ලැබී තිබේ නම් ලැබී තිබෙන්නේ යහපාලනය ගැන ඔහුට ඇති සැබෑ විශ්වාසයක් හෝ උවමනාවක් නිසා නොවන බව මගේ අදහසයි. එවැනි දායකත්වයක් ඔහුගෙන් ඊට ලැබීමට ප්‍රධානතම හේතුව වූයේ ඔහුගේ පෞද්ගලික චරිත ලක්ෂණ, ගුණාංග හා ඔහු අගයන බව පෙනෙන යම් යම් සාරධර්මයන් . නමුත් මේ වන විට ඔහු තමන් විසින් එසේ යහ පාලනයට දැක්විය හැකි දායකත්වයේ සීමාවන් කරා පැමිණ තිබේ. දැන්, එක්සත් ජාතික පක්ෂයත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර ඇති වී තිබෙන භේදයන් නිසා, තම දේශපාලන හා පෞද්ගලික පැවැත්ම සඳහා බරපතළ සටනක් කිරීමට සිදු වන තත්වයකට ඔහු පැමිණ තිබීම හේතුවෙනි.

නිසා දැන් දැන් සිරිසේන මහතාද යහපාලනය වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා අනුගමනය කළ නින්දා සහගත, අපකීර්තිමත් දේශපාලන උපක්‍රම සමහරක්  භාවිතා කරන්නට පටන් ගෙන තිබෙන බව අපට දැකගත හැක. අනිත් පක්ෂවල සිටින මන්ත්‍රීවරුන්ට අල්ලස් වශයෙන් ඇමති තනතුරු ලබා දෙමින් ඔවුන් තමන්ගේ පැත්තට බිලි බා ගැනීම ඉන් ප්‍රධාන උපක්‍රමයකි.  යහපාලනයකට නොගැලපෙන,  යහ පාලනයට සාපේක්ෂව අශිෂ්ටයයි සැලකෙන නමුත් ලාංකික දේශපාලනය තුල සාමාන්‍ය දේශපාලන උපක්‍රම ලෙස පිළි ගැනෙන මෙවැනි ක්‍රියා ඉදිරි කාලය තුල දී (විශේෂයෙන් ඔහුට එරෙහි ක්‍රියාත්මක වන බලවේගවලින් ඔහු වෙත එල්ල කෙරෙන පීඩනය වැඩි වන තරමට) වඩ වඩාත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් පිළිබිඹු වීමට ඉඩ ඇතැයි මම සිතමි.

දූෂිත දේශපාලකයන් හා රජයේ බලසම්පන්න දූෂිත නිලධාරීන් නීතියේ ආධිපත්‍යය යටතට පමුණුවා නිසි දඩුවම් පැමිණවීමට මේ දක්වා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූ ආකාරය දෙස බලන කල යහපාලනයට උරදුන් දේශපාලන නායකයා ලෙස ඉතිහාස ගතවීමට සැබෑ උවමනාවක් සිරිසේන මහතා තුල ඇතැයි යන්න පිළි ගැනීමට අමාරු කරුණකි. නමුත් මොරගහකන්ද වැනි ජලාශ ඉදි කොට, රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතය නැවත හුරුපුරුදු කරමින් රටේ කෘෂිකර්මය නඟා සිට වූ නායකයා, වනාන්තර හා පරිසර විනාශය වළක්වමින් රටේ ස්වභාවික සම්පත් සුරැකීමට මුල් වූ නායකයා ලෙස ජනතා පිළිගැනීමට ලක් වීම,  ඔහුගේ දේශපාලනික ජීවිතයෙන් ඔහු අපේක්ෂා කළ  උතුම් පර්මාර්ථයයි සිතන්නට තරම් සාක්ෂි ඒවාට සම්බන්ධ ඔහුගේ ක්‍රියාකලාපය තුලින් අපට දැකගත හැක.  බලයට පත් වූ මුල් අවදියේ සිට නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු ලෙස ක්‍රියා කරමින්  එම පරමාර්ථයන් පමණක්  ඉහළින්ම ඉටු කර ගැනීමට සිය තනතුරේ බලය යෙදවීමට ඔහුට හැකි වී නම් එය මේ රටට ජනාධිපතිවරයෙකුගෙන් සිදුවුනු විශිෂ්ඨතම සේවයක් වීමට ඉඩ තිබිනි.   

නමුත් අවාසනාවකට මෙන් නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකුව සිටිමින් එම තනතුරේ බලය, රටේ යහපත වෙනුවෙන් පාවිච්චි කරනවා වෙනුවට එක්සත් ජාතික පක්ෂය තරමටම කුණු වී ඕජස් වැගිරෙන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තම බලය තහවුරු කර ගැනීමේ, දේශපාලන බල අරගලයට පටලැවීම නිසා එම සේවය ඔහුගෙන් මේ රටට සම්පූර්ණයෙන් ලබා දීමට ඔහු අසමත් වී තිබෙන බව පෙනේ. සියළු බලැති ජනාධිපති තනතුර දරමින් පරිසරය ආරක්ෂා කිරීම ගැන ඔහු කෙතරම් යහපත් දේශනා පැවැත්වුවද නීත්‍යානුකූල ලෙස හා නීත්‍යානුකූල නොවන ලෙස වනාන්තර හා ගංගාවන් අලි ඇතුන් හා වෙනත් සතුන් හා වටිනා ගහ කොළ දිගින් දිගට විනාශ කරනු ලබන බවට සමාජයෙන් හඬ නැගෙන්නේය.

මෙවැනි දේශපාලන හා මනෝ සමාජීය සන්දර්භයක් තුළ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  තනතුරු කාලය තුළ දී කොතරම් පැමිණිලි ඉදිරිපත් වුවද නඩු ඇසූවද, කොමිෂන්  සභා පත් කෙරුණද  රාජපක්ෂවරුන් ආරක්ෂා කෙරෙනු ඇත. හරහා  රාජපක්ෂ පාලනයේ ඉතාම ඉහළම මට්ටමේ සිටි, විශේෂයෙන් කුලවත් ප්‍රභූ පෙළැන්තියට අයත් බොහෝ දූෂිත බලවතුන්, හා වංචනික සුපිරි ව්‍යාපාරිකයන්, අපරාධවලට සම්බන්ධ ඉහළම හමුදා නායකයන් ආරක්ෂා කෙරෙනු ඇත. එසේම එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහට එරෙහිව කවර චෝදනා ඉදිරිපත් කෙරුණද ඔහු ආරක්ෂා කෙරෙනු ඇත. හරහා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඉහළම මට්ටමේ සිටින  දූෂිත ප්‍රභු බලවතුන් හා වංචනික සුපිරි ව්‍යපාරිකයන් ආරක්ෂා කෙරෙනු ඇත. බැඳුම්කර මගඩියේ ප්‍රධාන සැකකරු හා රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම සගයෙකු හා විශ්වාසවන්තයෙකු ලෙස සැලකෙන  අර්ජුන මහේන්ද්‍රන් මහතාද එම ගණයට වැටෙන බැවින් ඔහුද ආරක්ෂා කෙරෙනු ඇත. ඉහත සඳහන් මට්ටමේ අය තමන් කළ වංචා අපරාධවලට වරදකරුවන්  වී එම අපරාධවලට ගැලපෙන මට්ටමේ නිසි දඬුවම් විඳින දවසක් උදාවුවහොත් එය ලඞකාවේ ඉතිහාසය අලුතෙන්ම ලියැවෙන  ඉමහත් ආශ්චර්යමත් යුගයක ආරම්භය එය වනු ඇත. නමුත් අවාසනාවකට මෙන් එසේ වන්නේ නැත. සියළු මනුෂ්‍යයෝ ස්වාර්ථකාමී, ආත්මාර්ථකාමිත්වයෙන් යුක්ත අය වන බැවිනි. එබැවින් යහපාලන සිහිනයෙන් නැඟිටින්නටත්, අපට වැරදුනේ කොතැනදැයි යන්න ගැඹුරෙන් විමසා බැලීමටත් දැන් කාලය එළඹී තිබේ.

මිනිසුන් වන අප බොහෝ විට අසන්නට කැමති, අපට සතුටක් ආස්වාදයක් ගෙන දෙන දේවල් පමණි.  අපට කන් තිබුනත් අප අසන්නට අකැමති දේවල් අපට ඇසෙන්නේ නැත. යහපාලනය ගැන ඇසීම පවා අපට මහත් සතුටක් ආස්වාදයක් ගෙන දෙන බැවින් අපට තවමත් යහපාලනය පිළිබඳ මිහිරි නාද ඇසෙන්නේය

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    Excellent analysis.. spot on ! This is reality in Sri Lanka politics. Please translate and publish in English too.

  • 0
    1

    Sujitha siriKumara: the way you have written the article you show that you are very weak writer. Why I say because, You know the Pen is stronger or mightier than the Sword. MY3 has only a sword. but you who has a Pen is not naming the candidate who was caught while fermenting Kasippu. As a Journalist, it is you are are who is not writing against the corruption. Instead it looks you beating around the bush or just beat the one who looks weak. So, Far MY3 is very slow. On the other hand, you know he has to live among sharks. Just think, Even Ranil is proven to be a pathetic type of a cunning Hyena. He doe snot show any class. YOu can write pages of power abuses by Ranil. You are not writing about Sri lanka airlines, some where it says, Sri lankan airline Management office is worse than the Central Banks monitary depart activities. One managment guy Suren Rathwaththa is drawing Rs 4.5 million salary. they are paying even the previous management and in order to hide it they have got the help of a foreign firm to calculate and arrange those salaries. Ranil was silent as the minister who arranged all those. what an idiot. So, understand how pathetic you are as a journalist. Many journalist are simply dickless. Just think about how one man works among so many wild sharks. He has to protect himself too.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.