
ගෝල්ෆේස් #GotaGoGama ප්‍රපංචය පූර්ණ වශයෙන් නොවුනත් බුද්ධ කාලයේ තිබූ ගණ-සංඝ සමාජ සැකස්ම සමඟත් සසඳන්න පුලුවන් යම් ආකාරයකට. කෝසල හා මගධ බලගතු රාජ්‍ය දෙක පැවතියත් ඊට වෙනස් සමාජ සැකස්මක්, නැත්තං ස්වයං පාලන ක්‍රමයක් පැවතුණා, ස්වායත්ත පැවැත්මක් තිබුණ ගණ-සංඝ කියල. ගෞතමගෙ පියා සුද්ධෝදනත් ඒ ගණ-සංඝයක ප්‍රධානියෙක්. ගණ-සංඝ තුල සන්ථාගාරය කියන පාර්ලිමේන්තු පන්නයේ පාලනයක් තිබ්බ. බාල මහලු පිරිමින් හැමෝම එකතුවෙලා වරින් වර වැඩි ඡන්දයෙන් නායකයෙක් පත්කරගන්නව. (ඊටත් වඩා ඉතාම කුඩා ඒකක වන ලංකාව පුරා පැතිරෙන “ගෝටා ගෝ ගම්වල” එහෙම තෝරාපත් කරගන්නා නියෝජිතයින් තාම නැතත්, යම් ලිහිල් ආකාරයක පාලන ක්‍රම ස්ථාපිත කරගෙන තියෙනව). ගණ-සංඝ ඉතාම බලගතු කුඩා පාලන ඒකක. මේව කඩා බිඳ දැමීම පටන් ගත්තෙ බුදුන්ගෙ කාලයේමයි.
බුදුන්ගෙන් අවුරුදු 200කට පස්සෙ කෞටල්‍ය ඔහුගේ අර්ථශාස්ත්‍රය කියන පොතේ ගණ-සංඝ විනාශ කරන්න ඕන දෘශ්ඨිවාදය සපයනව. මේ ඊයෙ පෙරේද රනිල් එයාගෙ කැමතිම පොත “කෞටල්‍යගෙ අර්ථශාස්ත්‍රය” අර්ථශාස්ත්‍රය කීවම මම පොත අතට ගත්ත කියවන්න කියල. ඒත් මට හැමදාමත් වගේම ඒකට අවස්ථාවක් ලැබුනෙ නැහැ, මොකද ඊට වඩා මගේ කියවන්න තියෙන ලිස්ට් එකේ වැදගත් පොත් ප්‍රමුඛතාවයට ඇවිත් තියෙන නිසා. නමුත් රංජිත් පෙරේරා “යුද්ධ කිරීම පිළිබඳ බෞද්ධ දෘෂ්ඨිය” කියන රිසර්ච් පේපර් එකේ (ප්‍රවාද 7වන කලාපය) කෞටල්‍යගෙ යම් යම් අදහස් පරිවර්තනය කරල තියෙනව. මම මේ අවස්ථාවෙ ගෝටාගෝගමේ ඉන්න අයගෙ අවදානයට කොටස් කීපයක් දාන්නම්. මෙහෙම තමා ගණ-සංඝ කුඩුපට්ටම් කරන්න කෞටල්‍ය යෝජනා කරේ:
“චරපුරුෂයින් සංඝයට ඇතුළු වී එහි තිබෙන අභ්‍යන්තර ඝට්ඨන, එසේම වෛරය හා ඊර්‍ෂ්‍යාව, ජාත වී තිබෙන අන්දම දැන හඳුනා ගත යුතුය. එවිට භේදභින්නයේ බිජුවට වපුළා ගත හැකිය. ආචාර්‍යවරුන්ගේ වේශය ගෙන ප්‍රධානීන්ගේ දරුවන්ට අධ්‍යාපනය දෙන නියාවෙන් දරුවන් දෙමාපියන් හා පරොස් කරවිය යුතුය.”
“ඉතා සුළු කාරණාවලට පවා අඩදබරකරගන්නා සුළු ළමා මානසිකත්වයක් ප්‍රධානීන් අතරේ වර්ධනය කරවිය යුතුය. ගණ-සංඝ ප්‍රධානීන් තැබෑරුම්වලදී හා වේසා ගෙවල් වලදී පහත් ලෙස හැසිරෙන අන්දම සමර්ථ චරපුරුෂයන් ලවා උජාරුවෙන් කියා පා එවැනි චර්යාවන්ට තවතවත් ඔවුන් පොළඹවාලිය යුතුය. ජොතිශ්‍ය ශාස්ත්‍රඥයින් නමින් වෙස්වලාගත් ඔත්තුකරුවෝ රජතුමාට විපක්‍ෂපාත ප්‍රධානීන් රජතුමාගෙන් ද රජතුමා ප්‍රධානීන්ගෙන් ද බිඳවනු පිණිස එකිනෙකාගේ අත බලා එකිනෙකාට එරෙහිව බොරු සාත්තර කිව යුතුය. රජතුමාට පක්‍ෂපාත ප්‍රධානීන් ගව සම්පත්, බෝග සම්පත්, දැසි දස්සන් දීම තුළින් දිනාගත යුතුය. පුතෙකු ඉපදුන විටදී, විවාහ මංගල අවස්ථාවකදී, අවමංගල අවස්ථාවකදී පැවැත්වෙන සභාවලට මදුපාන වෙළඳුන් මෙන් වෙස්වලාගෙන ඔත්තුකරුවෝ යා යුත්තාහ. අනතුරුව කාමාවේශය ඇතිකරන මදන යුෂ කවලම් කළාවූ මධු ලේගර සිය ගණන් ජනයා අතර බෙදා හැරිය යුත්තාහ. ප්‍රධානීන් රත්තරන්වලට දක්වන කෑදරකම වඩාලිය යුතු අතර ඒ සඳහා ඔවුන් ගේ ඇස ගැටෙන පරිදි පන්සල් හා දේවාල ඇතුලේ රන් මුදු තැන්පත් කොට තැබිය යුතුය.”
“ගණිකාවන් ගේ නැට්ටුක්කාරියන් ගේ නිළියන් ගේ තැරැව්කාරයින් ගණ-සංඝයන් තුළ සාර්ථක ලෙස තහවුරු වුනායින් පසුව ඉහත කී රතිප්‍රබෝධක අංගනාවියන් එම සංඝවල නායකයින් ගේ ඇස ගැටෙන පරිදි ප්‍රදර්ශනය කරවිය යුතුය. එම ප්‍රධානීන් ඔවුන් කෙරේ උනන්දුව දක්වන විට, එම අංගනාවියන් සඟවා තබා, ඔවුන් කෙරේ රාගයෙන් බැඳුණු අසුවල් ප්‍රධානියා විසින් ඔවුන් පැහැර ගෙන ගිය බව අනෙකුත් ප්‍රධානීන්ට දන්වා එකිනෙකා ගහ මරා ගන්නා තත්ත්වයට පත්කළ යුතුය. ඒ අතරේදී දක්‍ෂ චර පුරුෂයන් ස්ත්‍රීන් බෙදාගැනීම සඳහා කෙරෙන මේ රණ්ඩුවට මැදිවී හිඳගෙන හීන් සීරුවේම එම නායකයින් මරා දැමීමට කටයුතු කළ යුතුය.”
“තාපසයෙකු හැටියට වෙස්වලාගත් චරපුරුෂයෙක් රාත්‍රී කාලයේදී වීදි සංචාරය කරමින්, ලිංගිකව ඇවිස්සුණු අවස්ථාවලදී තම පුරුෂ ශක්තිය වඩවා ගැනීම සඳහාත් ස්ත්‍රීන්ට සැප ගෙන දෙවීම සඳහාත් පාවිච්චියට සුදුසු යැයි කියමින් ආලේප වර්ග ප්‍රධානීන් අතරේ බෙදා දිය යුතුය. උග්‍ර විෂක් මිශ්‍ර කළ මේ ආලේප හොඳින් බෙදා හැරි පසු තාපසයා අතුරුදහන් විය යුතුය. මේ වනාහී සතුරන් ගේ වැඩක් යැයි හඬ නගා කීමට අනෙකුත් චරපුරුෂයින් වග බලාගත යුතුය.”
“ශාස්ත්‍රකාරයෙකු ලෙස වෙස්වලාගත් චරපුරුෂයෙකු විවාහ සමයට එලැඹි තරුණියක් පිළිබඳ මෙසේ කිව යුතුය. ‘මේ දැරිවිය රජ බිසවක්ද රජ කෙනෙකුගේ මවක්ද වීමට නියමිතය’. එක ප්‍රධානියෙකුට එය කිරීමට බැරි වූ විට තවකෙකු ඒ සඳහා පොළඹවාලිය යුතුය. ඉක්බිත්තෙන් ගැටුම අනිවාර්‍ය වන්නේය”
“ගණ-සංඝයන් අල්වා නතු කරගැනීම පූරණ යුද්ධ හමුදාවක් හෝ මිත්‍ර පාක්‍ෂිකයෙකු හෝ නතු කරගන්නවාට වඩා මහඟු කාරියකි. ගණ-සංඝ මේ දෙකටම වඩා අද්විතීයය. එලෙස අද්විතීය වන්නේ ඒවායෙ පවතින එකමුතුභාවය සහ සංවිධිතභාවය නිසාය”
අද්විතීය ඉන්දීය ඉතිහාසවේදියෙකු වන ධර්මානන්ද් ධමෝදර කෝසම්බි කෞටල්‍යගේ ක්‍රම ගැන කරන ඇගයුමේ මෙහෙම කියනව: මේ කියන ගණ-සංඝ හුදු මිලිටරි ක්‍රියාමාර්ග වලින් දමනය බැරිවන තරමට ශක්තිමත් ඒවා විය. පන්ජාබයට එරෙහිව ඇලෙක්සැන්ඩර් යුද්ධ කරද්දී මේ බව මනාව ඔප්පු විය. ඇලෙක්සැන්ඩර්ට දැඩිතම ප්‍රතිප්‍රහාරයක් දුන්නේ මේ ගණ-සංඝයන් ය. එක එල්ලේම තමන් වෙත පතිතවන ප්‍රහාරයට මුහුණදීමෙහි ලා සංඝයන් සතු බලය ගැන අර්ථශාස්ත්‍රය මෙහිදී අධි තක්සේරුවක නොයෙදෙන බව කිව යුතුය.
ආණ්ඩුව දැනටමත් මේ හා සමාන උපාය මාර්ග ක්‍රියාත්මක කරමින් ඉන්නව කියන එක රහසක් නෙමෙයි. ඇතුලතින් අර්බුදයක් හදන එක තමා ආණ්ඩුවේ ප්‍රධාන උපාය මාර්ගය. ඒ නිසා විරෝධතාකරුවන් ඒ උපාය මාර්ග, උපක්‍රම ගැනත්, තමන්ගේ කුඩා “ගෝටා ගෝ ගම්වලට” ඇති ශක්තියත් ගැන නිරන්තර අවබෝධයකින් ඉන්න එක හොඳයි කියල මම හිතන්නෙ.
leelagemalli / April 17, 2022
ආදරණීය උවිඳු,
අපගේ අදහස් හුවමාරුව සඳහා අපට මෙම වේදිකාව ලබා දීම ගැන ඔබට මිලියන වාරයක් ස්තූතියි. අපි ඒක මුල් දවසේ ඉඳන්ම කරනවා. එය පෙනෙන්නට නොතිබුණත් විශාල බලපෑමක් ඇති කරයි.
අපේ අය එය ඉගෙන ගන්නේ නම් හෝ ඉගෙන ගැනීමට සූදානම් නම්, ජාතක කතාවලින් අප සැමට ඉගෙන ගත හැකි තවත් බොහෝ දේ ඇත.
උපහාසාත්මකව, ඊනියා සිංහල බෞද්ධයන් එය ස්පර්ශ කරන්නේ වැරදි කෝණයකිනි. අද අපේ සමාජයේ විවිධ වැරදිකරුවන් ඕනෑතරම් ඉන්නවා. පාර්ශවයට සහය දෙන දේශපාලන මැරයන්ට වඩා භික්ෂූන් වහන්සේලා තම රාජකාරිය නිසි ලෙස ඉටු කළ යුතුය. නීතීඥයින්, වෘත්තිකයන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ සියලුම නීති බලධාරීන් අද තරුණ උද්ඝෝෂණවල පෙරමුණ ගත යුත්තේ අපක්ෂපාතී තාරුණ්‍යයේ පණිවිඩය – ස්වර්ණමය වන අතර යම් සිහිකල්පනාවෙන් යුතුව සියලු දෙනා විසින් එය ඉතා ඉහළින් පිළිගත යුතු බැවිනි. උන් ටික කාලෙකට කැවුම් කොකිස් කන එක අතඇරල දාන්න ඕන.මොකද අපි හැමෝම රට ජාතිය උඩින් තියන්න ඕන.
.
ඔවුන් පෙර කවරදාකටත් වඩා මෑත දශක කිහිපය තුළ බෝ වී ඇත. CBK ජනාධිපති ලෙස යුද්ධය පැවති සමයේ ජාතිය පාලනය කළේ මූලික ඉල්ලීම්වලට හානි කිරීමට ඉඩක් නොතබමිනි, කෙසේ වෙතත්, ඉවුම් පිහුම් ගෑස් සැපයීම, ජාතියේ ඉන්ධන අවශ්‍යතා වැනි සුළු කාරණා පවා සාර්ථක කර ගැනීමට රාජපක්ෂලාට නොහැකි වී තිබේ. ඔවුන්ගේ හැකියාවන් ගැන උස් පහත් ලෙස කතා කළ අය, කෙසේ වෙතත්, දැන් ඔවුන් ආණ්ඩුවට කැබිනට් මණ්ඩලයක් ගොඩනැගීමට දක්ෂ මිනිසුන් පත් කළ නොහැකි මට්ටමට ළඟා වෙමින් සිටිති. මේක ලැජ්ජා නැතිකමට එහා ගිය දෙයක්. අන් කිසිවකට වඩා බලය අල්ලා ගැනීමට ඔවුන්ගේ කෑදරකම අද ඉතා පැහැදිලිය. අද මිනිසුන්ගේ දුෂ්කර දෛනික අවශ්‍යතාවලට මුහුණ දීමට නොහැකිව කුඩා දරුවන් පවා කිසිම දෙයකට එකඟ නොවනු ඇත. තාරුණ්‍යයේ එකම පැතුම රාජපක්ෂ ශ්‍රී ලාංකේය දේශපාලනයෙන් ඉවත් වී බහුවිධ මිනිසුන්ගෙන් පිරුණු මේ සුන්දර රට තුළ සාමාන්‍ය තත්ත්වය ඇති කිරීමට ඕනෑම යහපත් නායකයෙකුට ඉඩ සැලසීමයි. බුද්ධිමත් තරුණ ප්‍රජාව ප්‍රමුඛ විරෝධතාකරුවන්ගේ එකම පැතුම එයයි. ඔවුන්ගේ විරෝධතා ගාලු මුවදොර කොළ පාටට පමණක් නොව, ඔවුන්ගේ පණිවිඩය දැකීමට මිනිසුන් හැරී සිටින රටේ සෑම ප්‍රදේශයකටම සීමා වේ.
. බහු සංස්කෘතික සමාජයක් ලෙස, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ආගම, ඉස්ලාම් යන ආගම්වල හොඳ ආදර්ශ රාශියක් නිරූපණය වන අතර එමඟින් අප සෑම කෙනෙකුටම නරක දේට වඩා හොඳ පුරුදු කළ හැකිය. සිංහල බෞද්ධ භික්ෂූන්ව ප්‍රවර්ධනය කරනවා වෙනුවට සිංහල බෞද්ධ ගිහියන් විසින් විකට රූපගත කිරීම මේ ජාතියේ පිළිකාවයි. සිවිල් යුද්ධයේ ලේ වැගිරෙන දින සහ අපේ ජාතියේ සියලුම විනාශකාරී දින වෙත ආපසු යාමට ඔවුන් සෑම උත්සාහයක්ම දරයි.
/
Ban / April 17, 2022
උවිඳු කියන කාරණය ඉතාමත් වැදගත්. පහත ලින්ක් එකත් බලන්න.
https://www.youtube.com/watch?v=NBcr8YpDlk4
/
Sinhala_Man / April 19, 2022
Yes, this man is great!
.
Certainly a man with the best of intentions.
/