22 April, 2021

Blog

තරුණයිනි, ලෝකය ඔබේත් මගේත් ය. එහෙත්…

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

අප භාග්‍යා අබේරත්න නමැති තරුණියක් ගැන මෙතෙක් කලක් දැන සිටියේ නැත. වත්මන් මොහොතේ අපගේ සමාජ විඥානය කෙරෙහි ඉතාම බරපතල බලපෑමක් කිරීමට ඇයට හැකි වනු ඇතැයි ඇය පවා දැන නොසිටින්නට ඇත. ඇය කළේ බැලූ බැල්මට කාටත් තේරෙන සරල ක්‍රියාවකි. එනම්, මෙතෙක් කලක් බොහෝ දෙනෙකු නිහඬතාව තුළ ගිල්වා තිබූ කිසියම් සමාජ ගැටළුවක් විවෘතව ප්‍රකාශයට පත් කිරීමය. භාග්‍යා පැවසුවේ ඇය අවංකව විශ්වාස කළ දෙයයි. ඇයගේ පණිවිඩය මක්සිම් ගෝර්කිගේ වචනයෙන් කිව හොත්, සත්‍යය තරම් සරලය; හිරු එළිය සේ පැහැදිලිය. කාටත් ඒත්තු යන සුළුය.

වත්මන් පාලන තන්ත්‍රය ඇය ඉදිරියේ බියට පත් වීම පුදුමයට කාරණයක් නොවේ. ඔවුන් සැබවින්ම ඇයගේ පෙනී සිටීමට පවා බිය විය යුතුය. මන්ද යත්, ඇය තම ක්‍රියාව මගින් සංස්ථාපිත සමාජ තහංචි බිඳ හෙළුවාය; නැතහොත් ඒවා බිඳ දැමිය හැකි බව ඔප්පු කර පෙන්වන්නට සමත් වූවාය. සංවර්ධනයේ නාමයෙන් සිදු කෙරෙන මහා පරිසර විනාශය ප්‍රශ්න කරන්නට තමන් වැන්නියකට හැකිය යන්න ඇය තම ක්‍රියාව මගින්ම සනාථ කළාය; තමන්ටමත් එය සනාථ කර ගත්තාය. ආර්ථිකමය සහ දේශපාලනමය ලෙස අව-වරප්‍රසාදලාභී තරුණ ප්‍රජාව විසින් ප්‍රාග්ධනය සහ රාජ්‍යය අභියෝගයට ලක් වීම වියහැකියාවක් බව පෙන්වා දුන්නාය.

භාග්‍යාගේ ක්‍රියාව සොෆොක්ලීස්ගේ ඇන්ටිගනී චරිතය සිහියට නංවයි. ඇන්ටිගනී කළේ සරල දෙයකි. එනම්, මිය ගිය තම සහෝදරයා වූ පොලීනීසස්ව මිහිදන් කිරීමේ චාරිත්‍රය ක්‍රියාවට නැගීමයි. නමුත්, පොලීනීසස් රාජ්‍යයට ද්‍රෝහී වූවෙකු ලෙසින් ක්‍රියොන් රජු විසින් නම් කරන ලද බැවින් ඔහුගේ සිරුර මිහිදන් කිරීම හෝ ඔහු වෙනුවෙන් වැළපීම රාජ්‍යයේ අධිකාරයට එරෙහි වීමක් සේ සැලකිණ. ඇන්ටිගනී රාජ්‍යයේ අධිකාරයට එරෙහි ක්‍රියාවක රහසින් නිරත වූවා පමණක් නොවේ. ඊටත් වඩා රාජ්‍යය බිය පත් කළ කාරණය වූයේ ඇය තමා එවැන්නක් කළ බව ප්‍රසිද්ධියේ පිළි ගැනීමය. ඇයගේ එම ප්‍රකාශය මගින් සිදු වූයේ රාජ්‍යයේ අධිකාරත්වය ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් තිබූ සංකේතීය තහංචිය බිඳ වැටීමයි. බොහෝ විට අප මෙතෙක් නොදැන සිටි නව දේශපාලන කතෘකයෙකු නොහොත් ඒජන්සියක් (agency) නිර්මාණය වන්නේ මෙවන් ක්‍රියාවන්හි ප්‍රතිපලයක් ලෙසිනි.

තරුණ දේශපාලනය පිළිබඳ දුර්මත

පැරණි දේශපාලන ආකෘතීන් සහ ක්‍රමවේද අහෝසි වී යමින් පවතින තත්ත්වයන් තුළ බොහෝ විට අනපේක්ෂිත ලෙස නව දේශපාලන කතෘකයින් මතුව ඒ. විශේෂයෙන්ම අපගේ වත්මන් යුගය ඒ සඳහා බොහෝ සාක්ෂි සපයයි. මියන්මාරයේ මිලිටරි පාලන තන්ත්‍රයට එරෙහිව මතුව ආ සටන්කාමී තරුණ ප්‍රජාව ආසන්නතම නිදසුන්වලින් එකකි. මේ වනවිට ප්‍රජාතාන්ත්‍රික අරගලයේ නිරත මියන්මාර ජනයා එරට පිහිටුවා තිබෙන චීන සමාගම් තම ඉලක්කයක් ලෙස තෝරාගෙන තිබේ. එයට එක් හේතුවක් වන්නේ ජන පීඩක මිලිටරි පාලනයට චීනයේ සහයෝගය ලැබේය යන විශ්වාසයයි. චීනය වහාම මිලිටරි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ තම සමාගම්වලට පහර දුන් උද්ඝෝෂකයින්ට උපරිම දඬුවම් ලබා දෙන ලෙසයි. මිලිටරිය එම ඉල්ලීම ඉටු කළේ පසුගිය ඉරිදා උද්ඝෝෂකයින් 38 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙනි. ලේ වැකි එවන් තවත් ඉරු දිනයන් මියන්මාරයට උදා වීමට ඉඩ තිබේ. නමුත්, මිලිටරිය අපේක්ෂා නොකළ තරමින් ප්‍රබලව නැගෙන ජනතා විරෝධය සහ විශේෂයෙන්ම තරුණ නැගිටීම තවමත් මර්දනය කරන්නට හැකි වී නොමැත. “උඹලා මෙවර හැප්පෙන්නේ වැරදි පරම්පරාවක් සමගයි” යන සටන් පාඨය මියන්මාරයේ සැබෑවක් බවට පරිවර්තනය වෙමින් තිබේ.

තරුණ තරුණියන් ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වෙනුවෙන් නැගී සිටීමේ සමකාලීන නිදසුන් තවත් තිබේ. හින්දූත්වවාදයේ අධිකාරීත්වයට එරෙහි ඉන්දීය සිසු-ජන (සහ ගොවිජන) අරගලය, ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනයට සහ එක්සත් ජනපදයේ වර්ගවාදයට එරෙහි දීර්ඝකාලීන විරෝධතාව, චීන ආණ්ඩුවේ අධිකාරීවාදී පාලනයට එරෙහි හොං කොං විරෝධතාව, ලොව පුරා මිලියන ගණනින් යොවුන් පාසැල් සිසු සිසුවියන් සහභාගී වූ දේශගුණික විපර්යාසයට සහ පාරිසරික විනාශයට එරෙහි ව්‍යාපාරය, ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය යනාදිය ඒ අතුරින් කැපී පෙනුණු නිදසුන් කිහිපයකි.

මේ කිසිදු අරගලයක් හුදෙක් තරුණ තරුණියන්ට පමණක් සුවිශේෂී වූ ගැටළු මුල් කොටගත් ඒවා නොවේ. එබැවින්, ඒවා තරුණ ව්‍යාපාර ලෙසින් නම් කිරීම එතරම් සාධාරණ වන්නේ නැත. නමුත්, එම අරගලයන්හි තරුණ සහභාගීත්වය අප විශේෂයෙන් අගය කළ යුතුව තිබෙන්නේ වත්මන් තාරුණ්‍යයේ දේශපාලන සවිඥානකත්වය නැතහොත් දේශපාලන සාක්ෂරතාව පිළිබඳව අප රටේ ප්‍රචලිතව පවතින ගතානුගතික ආකල්ප එමගින් ප්‍රශ්න කෙරෙන නිසාය. ලාංකීය සමකාලීන තරුණ ප්‍රජාවේ දේශපාලන සවිඥානකත්වය සම්බන්ධයෙන් මීට සති කිහිපයකට ඉහතදී දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA) නමැති ආයතනය මගින් මාර්ගගත සම්මන්ත්‍රණයක් පවා පවත්වන ලදී. එහිදී සාකච්ජාවට ලක් වූ තේමාවන් මගින් පැහැදිලි වන්නේ මෙරට තරුණ ප්‍රජාවේ දේශපාලන සවිඥානකත්වය පිළිබඳව CEPA වැනි ආයතනවලට ඇත්තේ නිශේධනීය ආකල්පයක් බවය. ඊට වෙනස්ව, මගේ අදහස වන්නේ මෙරට වත්මන් තරුණ ප්‍රජාව දේශපාලනිකව තියුණු සවිඥානකත්වයකින් යුක්ත බවත් ගැටළුව ඇත්තේ ඔවුන්ව ආමන්ත්‍රණය කරන්නේ කෙසේදැයි නොදන්නා බුද්ධිමය ශ්‍රේණීන් තුළ බවත්ය.

තරුණ ප්‍රජාව දේශපාලන ක්ෂේත්‍රයට කඩා වැදීම

ග්‍රාම්ස්චි පෙන්වා දුන් පරිදි දේශපාලන අර්බුදයක් නිර්මාණය වන්නේ පවත්නා දේශපාලන පක්ෂවල නායකත්වය සාම්ප්‍රදායිකව පිළිගත් සමාජ කණ්ඩායම් තවදුරටත් එසේ නොකරන තත්ත්වයක් තුළය. නමුත්, ඔහු එයට තවත් කාරණයක් එක් කළේය. එනම්, එතෙක් දේශපාලනීකරණය වී නොසිටි සමාජ කණ්ඩායම් දේශපාලන ක්ෂේත්‍රයට කඩා වැදීම මගින්ද අර්බුදයක් නිර්මාණය විය හැකි බවය. ග්‍රාම්ස්චි විශේෂයෙන්ම කතා කළේ ගොවි ජනයා දේශපාලනීකරණය වීම සම්බන්ධයෙනි. (ඒ අරුතින් වත්මන් ඉන්දියාවේ සිදුවෙමින් පවතින්නේ සම්භාව්‍ය ග්‍රාම්ස්චියානු සංසිද්ධියකි.)

මෑතකාලීනව ලොව පුරා අන්ත-දක්ෂිණාංශික ජාතික-ජනතාවාදී ව්‍යාපාර පැන නැගුණේ විශේෂයෙන්ම නව-ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති මගින් වඩ වඩාත් ආන්තිකකරණයට ලක් වූ සමාජ කොටස් දේශපාලනික ක්ෂේත්‍රයට කඩා වැදීමේ මාදිලියක් ලෙසය. එක්සත් ජනපදයේ ට්‍රම්ප් ප්‍රපංචය ඒ සඳහා කදිම නිදසුනකි. ශ්‍රී ලංකාවේ එතෙක් දේශපාලන ක්ෂේත්‍රයෙන් දුරස්ව සිටි බුද්ධිමය සහ කලාත්මක සමාජයේ යම් යම් කොටස් දේශපාලනීකරණය වීමක් අපට 2015 ජනවාරි ආණ්ඩු පෙරළිය තුළ නිරීක්ෂණය කළ හැකි විය. නමුත්, එම බුද්ධිමය සහ කලාත්මක කණ්ඩායම් නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතිය සමග අනන්‍ය වීම හේතුවෙන් ඔවුනගේ සුජාතභාවය බරපතල ලෙස අහෝසි වී ගියේය. ඔවුනට තවදුරටත් මහජන මතයට එතරම් බලපෑමක් කළ නොහැකි බව පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී මනාව සනාථ විය. ගෝඨාභය ව්‍යාපෘතිය තුළ නව බුද්ධිමය සහ සදාචාරමය නායකත්වයක් ලෙස මතු වූ තාක්ෂණ-කළමනාකරණ පන්ති ස්ථරයද දේශපාලන ක්ෂේත්‍රයට ප්‍රවේශ වූයේ මෑතකදීය. නමුත්, ඉහත ලාංකීය නිදසුන් දෙකම පුළුල් බහුජන ශ්‍රේණීන් දේශපාලනීකරණය වීමේ අවස්ථාවන් ලෙස සැලකිය නොහැකිය. ඊට වෙනස්ව, මේ දිනවල ඉන්දියාවේ සහ මියන්මාරයේ සිදුවෙමින් තිබෙන්නේ බහුජන මට්ටමේ පුළුල් දේශපාලනීකරණයකි.

නමුත්, ශ්‍රී ලංකාවේද පුළුල් බහුජන දේශපාලනීකරණයක් සිදු විය නොහැකිද? විශේෂයෙන්ම අව-වරප්‍රසාදලාභී තරුණ ප්‍රජාවන් කෙරෙන් නව දේශපාලන පැන නැගීමක් අපේක්ෂා කළ නොහැකිද? මගේ අදහස නම් එවැන්නක් වීමට හොඳටම ඉඩ තිබෙන බවයි. වසංගතය මගින් පවත්නා ක්‍රමයෙහි දෘෂ්ටිවාදී ආවරණ වේගයෙන් සිඳ බිඳ දමමින් තිබෙන වාතාවරණයක් තුළ තරුණ ප්‍රජාව අතර පැතිර යමින් තිබෙන අපේක්ෂා භංගත්වය කොතරම් විය හැකිද? දැන් මාර්ගගත අධ්‍යාපනයේ යෙදෙන, උසස් පෙළ විභාගය ලියන, විශ්ව විද්‍යාලවල පළමු වසරට ඇතුළු වන, වෙනත් උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුල් වන හෝ එවන් අවස්ථාවන් නොලද තරුණ තරුණියන්ගේ මානසිකත්වය ගැන මදක් සිතන්න. ඉදිරියේ එන ආර්ථික බංකොලොත්භාවය ඉදිරියේ ඔවුනට තම අනාගත අපේක්ෂාවන් ගැන තැබිය හැකි විශ්වාසය කුමක්ද? අර්බුදය හුදෙක් දේශීය වූවක් නොව ගෝලීය එකක්ද වූ විට? ඒ අතර පැරිස් සම්මුතියේ අපේක්ෂාවන් කරාවත් ළඟා විය නොහැකි තරමට ගෝලීය පාරිසරික විනාශය උත්සන්න වෙමින් පවතින බවද ඔවුන් දනී; සරලව, ධන බලය සහ දේශපාලන බලය හිමි වැඩිහිටියන් තමන්ට අයිති ලෝකය තම දෑස් ඉදිරිපිටම විනාශ කරමින් සිටින ආකාරය දකින තරුණ ප්‍රජාවක් එයට ප්‍රතිචාර නොදක්වා සිටිනු ඇත්ද? මගේ හැඟීම නම් අපට මතුපිටින් නොපෙනෙන ගැඹුරු දිය රළක් වත්මන් දේශපාලන සාගර පත්ලෙහි කැළඹෙමින් තිබිය හැකි බවයි.

ජන අරගල දේශපාලනයේ නව ආකාර

නමුත්, තරුණ ප්‍රජාවේ දේශපාලනික ක්‍රියාකාරීත්වය කිසිසේත් තනිව සිදු විය හැක්කක් නොවේ. ඒ වෙනුවට අපට සිතිය හැක්කේ ඓන්ද්‍රීය මහජන අරගල රැල්ලක් සමග සමාන්තරව පැන නගින නව තරුණ ක්‍රියාකාරීත්වයකි. සැබවින්ම, දැන් එවන් අරගලවල සමාරම්භක මතු වීම් කිහිපයක්ම අපට නිරීක්ෂණය කළ හැකිය. වල්සපුගල ගොවි උද්ඝෝෂණය, හිඟුරක්ගොඩ ක්‍ෂුද්‍ර මූල්‍ය සූරාකෑමට එරෙහි සත්‍යග්‍රහය, මානව අයිතීන් අහිමි කිරීම්වලට එරෙහිව උතුරේ වැඩෙන විරෝධතා රැල්ල, විශ්ව විද්‍යාල නැවත විවෘත කරන ලෙස ඉල්ලා කෙරෙන ශිෂ්‍ය විරෝධතා සහ රටේ නොයෙක් පෙදෙස්වලින් මතු වෙමින් තිබෙන පරිසර විනාශයට එරෙහි උද්ඝෝෂණ ඒ සඳහා නිදසුන් කිහිපයකි.

මෙම ව්‍යාපාර මගින් නිර්මාණය කෙරෙන අනාගත දේශපාලන අවකාශය තම ග්‍රහණයට ගැනීමට විවිධ ජනවාර්ගික-ජාතිකවාදී නායකත්වයන්ද තරඟ වැදී සිටින බව සැබෑය. ඉදිරි දේශපාලනයේදී තරුණ ප්‍රජාවේ වැදගත්කම ගැන කිසියම් අවබෝධයක් චම්පික රණවක වැනි දක්ෂිණාංශික ජනතාවාදීන් හට තිබෙන බව ඔවුනගේ කතා ශ්‍රවණය කරන විට වටහාගත හැකිය. නමුත්, වාම නායකත්වයන්ද අරගලයේ ඉදිරියෙන් සිටී. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඒ අතුරින් කැපී පෙනේ. නමුත්, ජාතිකවාදීන් හා සැසඳූ කල වමට ඇති එක් අවාසියක් නම් ජනතා ව්‍යාපාර විප්ලවවාදී පක්ෂයක නායකත්වය යටතට ගත යුතුය යන පැරණි ප්‍රවාදය තවමත් වමේ නායකත්වයන් විශ්වාස කිරීමයි. වත්මන් යුගයේ මතු වන බහු-විධ සමාජ ව්‍යාපාරවල ස්වරූපය අනුව ගත් කල මේ ප්‍රවේශය දැන් එතරම් වලංගු වන්නේ නැත. අර්නෙස්ටෝ ලැක්ලාවූ සහ ශන්තාල් මූෆ් යෝජනා කරන්නේ මේ විවිධාකාර සමාජ ව්‍යාපාර එකිනෙක යා කිරීමේ “සාම්‍යතා දාමයක්” (chain of equivalence) ගොඩ නැගීමේ උපායමාර්ගයකි.

කෙසේ වුවද, එවන් සාම්‍යතා දාම ගොඩ නැගීමට ප්‍රයත්න දරන තවත් නායකත්වයන් සිටී. නිදසුනක් ලෙස, දැන් විමල් වීරවංශ බටහිර අධිරාජ්‍ය විරෝධයේ සටන් පාඨ සහිතව ජාතිකවාදයේ ධජය යටතේ අරගලකාරී සමාජ පැන නැගීම් සංවිධානය කර ගන්නට ප්‍රයත්න දරමින් සිටී. ඔහු ගොඩ නගන්නට ප්‍රයත්න දරන සාම්‍යතා දාමය තුළ සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ විරෝධතා නියෝජනය වන්නේ නැත. අනෙක් අතින්, මෙරට සුළුතර දේශපාලන නායකත්වයන් තවදුරටත් රට අභ්‍යන්තරයේ තමන්ට පිළිසරණක් ඇතැයි විශ්වාස නොකරන බැවින් අඩු තරමින් ඉන්දීය-එක්සත් ජනපද-යුරෝපා අක්ෂය තමන්ට මිත්‍රශීලී යැයි කල්පනා කරති; එබැවින් ඔව්හු ප්‍රසිද්ධියේම ජිනීවා දෙසට හැරෙති. වීරවංශ පෙරමුණ බටහිර අධිරාජ්‍යවාදයට පහර ගසමින් චීනය දෙසට හැරේ; තවදුරටත්, මානව අයිතීන් පිළිබඳ බටහිර කතිකාව විවේචනය කරමින් ලී කුවාන් යූ සහ මහතීර් මොහමඩ් වැන්නන් කතා කළ ආකාරයේ “ආසියාතික වටිනාකම්” ඉහළට ඔසවයි. අප රටේ සමකාලීන දේශපාලන පෙළ ගැසීම් මහා බලවතුන්ගේ භූ-දේශපාලනික උපායමාර්ග සමග සංකලනය වෙමින් පවතින්නේ එසේය.

මේ තතු යටතේ වාමාංශික නායකත්වයන් හමුවේ තිබෙන විශාලම අනතුරක් වන්නේ චීනය දෙසට හැරීමේ වීරවංශ උගුළට හසු වීමේ අවදානමයි. ජවිපෙ ඇතැම් නායකයින් දැනටමත් චීන ධනවාදය වඩා ප්‍රගතිශීලී යැයි කල්පනා කරන බව ඔවුන්ගේ ඇතැම් ප්‍රකාශවලින් පෙනේ. නමුත්, වම චීනය දෙසට හැරීමේ වීරවංශවාදී මග තෝරා ගන්නේ නම් ඉදිරියේදී ඔවුනට තම ජනතාවාදී සාම්‍යතා දාමය ගොඩ නගන්නට සිදු වනු ඇත්තේ මෙරට සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන් එයින් බැහැර කරලමිනි. එවිට ජවිපෙද සිටිනු ඇත්තේ වීරවංශ-හෙජමොනියක් තුළය. ඊට වෙනස්ව, උතුරේ සහ සෙසු පෙදෙස්වල ප්‍රජාතාන්ත්‍රික බහුජන පැන නැගීම්ද සුසම්බන්ධ කර ගත් වාම ජනතාවාදී සාම්‍යතා දාමයක් ගොඩ නැගීම මේ මොහොතේ ලාංකීය දක්ෂිණාංශික හෙජමොනිය අභියෝගයට ලක් කිරීම සඳහා ඉතාම අවශ්‍ය වේ. (ග්‍රාම්ස්චි ඉතාලියේ දකුණේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ප්‍රවේශය ලංකාවේ උතුරේ ප්‍රශ්නය සමග ගැලපූ කල්හි).

“ශ්‍රී ලංකාව ගෝලීය බලවතුන්ගේ සංග්‍රාම භූමියක් බවට පරිවර්තනය වීමට ඉඩ නොදෙමු” යන දේශප්‍රේමී සටන් පාඨයද සහිත පුළුල් වාම ප්‍රජාතාන්ත්‍රික ව්‍යාපාරයක් අද අවශ්‍ය වී තිබේ. එවැන්නක් සාර්ථක වනු ඇත්තේ දකුණේ සේම උතුරේද තරුණ ප්‍රජාව ආකර්ෂණය කර ගන්නට එය සමත් වන තාක් දුරටය. නැතහොත්, දේශප්‍රේමයේ නාමයෙන් ජනවාර්ගික ප්‍රජාවන් පසමිතුරු කඳවුරුවලට බෙදී ගිය අසූව දශකයේ උගුළෙහි ලාංකීය වම නැවත සිර විය හැකිය. මෙරට තරුණ දේශපාලනයේ තවත් රැල්ලකට පෙර වමේ නායකත්වයන් මේ උභතෝකෝටිකය ගැන බරපතලව කල්පනා කළ යුතුව තිබේ. මන්ද යත්, අප කුමක් කීවද, අනාගත ලෝකය නිර්මාණය කෙරෙනු ඇත්තේ තරුණ ප්‍රජාව විසිනි.

පාසැල් වියේදී මගේ සටහන් පොතක එක්තරා සෝවියට් කතුවරයෙකුගේ (ඩොස්ටොයෙව්ස්කි විය යුතුය) ප්‍රකාශයක් මා ලියා තිබූ බව මට මතකය.

“තරුණයිනි, ලෝකය ඔබේත් මගේත්ය; එහෙත්, අවසාන අරුතින් ගත් කල එය ඔබේය”

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    ශ්‍රී ලංකා වන සහ සොබා ආරක්ෂක සංගමය කියලා සංගමයක් දවස් 6ක් තිස්සේ පරිසර විනාශය ගැන ඇඳලා එල්ලපු විශාල සිතුවම ගලවන්න ආපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්‍ෂ තමන් බුල්ඩෝසර් ආණ්ඩුවේ ගැත්තෙක් කියලා ආඩම්බරෙන් පෙන්නුවා.
    ඔහු කිව්වා “බලන්න, මෙහෙම හරි පරිසරය ගැන කතිකාවතක් ආවේ – අපේ රජය – ආවට පස්සෙනෙ” කියල. තව කිව්වා “මොරගහ කන්දට එහෙම කලිනුත් ගස් කැපුවා. මෙහෙම විරෝධයක් ආවේ නැහැ” කියල.
    ඔහු කියනවා “අපේ රජය” කියල. පොලිස් නිලධාරියෙක් කියන්නේ අපක්ෂපාත නිලධාරියෙක්. ඔහු සේවය කරන්නේ ජනතාවට මිසක් දේශපාලකයන්ට නෙමෙයි. ඒ මොකොද කිව්වා නම් ඔහුට වැටුප් ගෙවන්නේ මහජනතාව මිසක් දේශපාලකයන් නෙමෙයි හින්ද. ඒ හින්ද පොලිස් නිලධාරියෙකුට කිසිම රජයක් “අපේ” රජයක් වෙන්න බැහැ. ඔහුගේ කතාවෙන් තේරෙන්නේ ඔහු රාජපක්‍ෂ ගැත්තෙක් කියලා. අනිත් එක ඔහුට අනුව මේ සිතුවම පරිසරයට හානියක්. ඒ හින්ද ගැලෙව්වා. ඔහුගේ මෝඩ තර්ක ගෝඨාභයගේ අප්‍රබුද්ධ, නොමේරු, බොළඳ තර්ක හා සමානයි. ඒ වචන වලින් හැඟෙන්නේ අරහම කියන්න කියලා ඔහුව ජනාධිපතිම එවල තියෙන බවයි.
    අනික රොෂාන් රාජපක්ෂ කියපු “අපේ රජයක් ආවට පස්සෙයි මෙහෙම හරි පරිසර කතිකාවතක් ආවේ” කියන කතාවත් සම්පූරණ වැරදියි. ඒ කතාවට දෙන්න පුළුවන් උත්තරේ තමයි “(තොපේ) රජයක් ආවට පස්සේ තමයි මේ වගේ අහස පොළොව නොඋහුලන තරම් පරිසරයට අපරාධයක් කරන්න පටන් ගත්තේ” කියල. මොරගහකන්ද ජලාශය කියන්නේ මේ රටේ මුළු මහත් ජනතාවටම සෞභාග්‍යය ගෙනෙන්න හදපු වාරි කර්මාන්තයක් මිසක් (තොපේ) රජය වගේ තමන්ගේ පවුලේ නෑදෑයින්ට, හිතවතුන්ට, චන්දෙට වියදම් කරපු ධනවතුන්ට පුද්ගලික සෞභාග්‍යයක් ගේන්න කරන වන විනාශය වගේ දෙයක් නෙමෙයි.

    • 2
      0

      රොෂාන් රාජපක්ෂ පොලිස් නිලධාරියා කියනව “ඉස්සරත් ගස් කැපුවා. මෙහෙම විරෝධයක් ආවේ නැහැ” කියලා. පහුගිය වහල් ආණ්ඩුව කාලේ මේ පොලිස් නිලධාරියා හිටියේ කොහෙද දන්නේ නැහැ. වහල් ආණ්ඩුව කරන්න හදපු පරිසර විනාශයත් මේ රටේ පරිසරවේදීන්, හාමුදුරුවරු සහ ජනතාව විරුද්ධ වෙලා නවත්ත ගත්ත. ඒ කාලෙත් මේ විදිහටම පරිසරය විනාශ කරලා සමාගම් වලට ඉඩම් විකුණන්න හදනකොට මිනිස්සු කැහැගහලා නවත්ත ගත්ත.
      මම පරිසරය ගැන ලියන්නේ 2016 ඉඳන්. 2016 රවී කරුණානායක මුදල් ඇමති කාලේ අයවැය පියවන්න රාජ්‍ය වතු සමාගම් වලට අයත් වතුවල තියෙන ගස් ලක්ෂ දෙකහමාරක් කපලා විකුණන්න කරපු යෝජනාවක් දැකලා මම සිංහල වෙබ් අඩවියක් හරහා මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට ලිව්වා පරිසරය ආරක්ෂා කරන්න ඉන්න පරිසර ඇමති මෙහෙම ගස් ලක්ෂ දෙකහමාරක් කපන්න අවසර දුන්නේ කොහොමද කියලා. මම ඇහැව්වා ඊළඟ අවුරුද්දේ අයවැය පියවන්න ළමයි ලක්ෂ දෙකහමාරක් විකුණන්න කිව්වොත් ඒකත් කරනවද කියලා. ඊට පස්සේ දුමින්දත් හිටපු රැස්වීමක සිරිසේන ජනාධිපති කිව්වා පරිසර විනාශයක් ගැන පැමිණිල්ලක් තිබුනා, (යූඑන්පී කාරයෝ කරන්න හදපු) ඒ මහා පරිසර විනාශය නැවැත්තුව කියල. අනික කැබිනට් එක එහෙම දෙයක් අනුමත කළා කියල දන්නෙවත් නැහැ කියලා. මම ඒ කාලේ සිරිසේන ජනාධිපතිට සෑහෙන්න බනිනවා. නමුත් මම දැන ගත්ත ඒ පරිසර හානිය කරන්න හැදුවේ ඔහු නොදනුවත්ව කියල.

      • 2
        0

        ඊළඟට 2017 වෙල්ලස්සේ අක්කර 65,000ක් උක් වගා කරන්න දෙන්න හදන කොට ඒකෙන් පරිසරයට වෙන හානිය ගැනත් කියල මම ඒ සිංහල වෙබ් අඩවියෙන්ම සිරිසේන ජනාධිපතිට විරෝධය පළකලා. දේශපාලකයන්ගේ පැත්තෙන් පද්ම උදයශාන්ත සහ සමන්ත විද්‍යාරත්නත් ඊට විරුද්ධව කතා කළා. කොහොම හරි සිරිසේන ජනාධිපතිතුමා ඒ පරිසර විනාශයත් නැවැත්තුව.
        හැබැයි දැන් බුල්ඩෝසර් ආණ්ඩුව, වහල් ආණ්ඩුවවත් නොදීපු වෙල්ලස්සේ අක්කර 65,000 උක් වගා කරන්න දෙන්න යනවලු. රාජපක්ෂලා කරන්න හදපු පරිසර විනාශයට මිනිස්සු විරුද්ධ වුනේ කලින් රාජපක්ෂ ආණ්ඩුව කාලේ ඉඳන්. 2015 රාජපක්ෂලාට පක්ෂව ලිව්වට මම හැම වෙලාවෙම ලිව්වා බරපතල විදිහට වෙරළට හානි කරන පෝට් සිටියටයි, මත්තල හදන්න කරපු පරිසර හනියටයි විරුද්ධයි කියල. එදා පෝට් සිටියට විරුද්ධ මිනිස්සු අදත් විරුද්ධයි. එදා පරිසර විනාශයට විරුද්ධ මිනිස්සු අදත් විරුද්ධයි. තව පරිසරය වෙනුවෙන්ම සටන් කරපු අදටත් සටන් කරන සජීව චාමිකර වගේ තව බොහෝ පරිසරවේදීන්, එඩිතර හාමුදුරුවරු සහ පරිසරට ආදරය කරන්නන් ඉන්නවා. වහල් ආණ්ඩුවට හෝ බුල්ඩෝසර් ආණ්ඩුවට සම්බන්ධ නැති දේශපාලකයන් සහ සංවිධානත් ඉන්නවා. රොෂාන් රාජපක්‍ෂ කියන පොලිස් නිලධාරියා පරිසරය වෙනුවෙන් කතා කරන දෑහිතකමින්ට ලේබල් අලවන්න යාම රජයේ නිලධාරියෙකුට නොවටිනා බොළඳ උත්සාහයක්.

      • 2
        1

        කිසියම් සිහිකල්පනාවක් ඇති ඕනෑම අයෙකු කිසි විටෙකත් මහජන මාධ්‍ය ඉදිරියේ මේ ආකාරයට කතා නොකරනු ඇත, නමුත් අද සිටින පොලිස් නිලධාරීන් ඔවුන් පෙනී සිටිනවාට වඩා මෝඩයන් බව ඔප්පු කරයි, ඔවුන් සැබවින්ම මහජන පොලිසිය නොව රාජපක්ෂ අපරාධකරුවන්ට වහල් මිනිසුන් බවට පත් කරනු ලැබේ. කොටකෙතන කුරිරු සිද්ධිය, වනතමුල්ල කුරිරු සිද්ධිය සහ පාරිසරික විනාශයන් පිළිබඳ ඇගේ හැඟීම් ප්‍රකාශ කළ එම තරුණියට මෑතකදී සිදු වූ හිරිහැර …. මේ සියල්ලම ශ්‍රී ලංකාවේ පොලිසිය ක්‍රියා කරන ආකාරය පිළිබඳ හොඳ උදාහරණ වේ.

        බොහෝ දෙනෙක් හිටපු රජයට පහර දුන් නමුත් ඔවුන්ගේ පොලිසිය කිසි විටෙකත් මෙතරම් විවේචනවලට හසු නොවීය. රටක පොලිස් සේවය අපක්ෂපාතී විය යුතුය. උසාවි සහ විනිසුරුවන් අපක්ෂපාතී විය යුතුය, රන්ජන් රාමනායක එය පුනරුච්චාරණය කළ පරිදි, දෙදෙනාම අතිශයින් දූෂිත ය. රංජන ජනතාව වෙනුවෙන් වැඩ කළ සැබෑ මිනිසෙකි. ඔහුගේ සිරගත කිරීම ඉදිරි මාස කිහිපය තුළ රට විනාශ කරනු ඇත. වත්මන් ජනාධිපතිවරයා ඉහළ අපරාධකරුවෙකු යැයි චෝදනා ලැබුවද විනිසුරුවරුන් සහ උසාවි අපක්ෂපාතී නම් එක් දිනක් ඔහු බන්ධනාගාරයක ගත කළේ නැත. මෙය පමණක් ලෝකයට පෙන්නුම් කරයි.
        රොෂාන් රාජපක්ෂේ නම් නූගත් මෙම පොලිස් නිලධාරියා ශිෂ් ized සම්පන්න රටක මෙම ප්‍රකාශය කළේ නම්, එවැනි ප්‍රකෝපකාරී ප්‍ර .ප්ති මගින් ඔහු සමස්ත ශ්‍රී ලංකාවම පාවා දුන් නිසා ඔහු අත්අඩංගුවට ගනු ඇත. මම ඔහුගේ ලොක්කා නම්, ඔහුගේ ප්‍රකාශය අවසන් වූ වහාම මම ඔහුගේ බෝලවලින් ඔහුව එල්ලා තබන්නෙමි. නීතිය හා සාමය එය බලවත් කළ හැක්කේ එලෙසිනි.
        මාධ්‍ය නිදහස අද නිශ්ශබ්ද කර ඇත, සෑම දෙයක්ම පාහේ පෙර රජයට පෙර ඔවුන් විසින් හසුරුවන ලද මට්ටමට පැමිණේ. මිනිසුන්ට ඔවුන්ගේ හදවත කතා කිරීමට නොහැකි තත්වයක සිටී. කර්ම පළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වූ හිටපු ප්‍රෙට්රෝල් ස්ටේෂන් සහායකයා ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශ කරන අතරතුර ඔහුගේ නොහැකියාව වැඩි බව ඔප්පු කරයි. ඔහුගේ හැසිරීම අද වන විට කෙතරම් කණගාටුදායකද? ඔහුගේ සහෝදරයා පවසන්නේ කුමක්ද? මෙම මිනිසුන් නැවත කිසි දිනෙක බලයට පත් නොවනු ඇත, මට කිසිදු සැකයක් නැත, ඊළඟ දිනවල මිනිසුන් විසින්ම නීතිය අතට ගනු ඇත, ඉදිරි දිනවලදී මිනිසුන්ගේ කෝපය විවිධාකාරයෙන් අපට දැක ගත හැකිය. එය කිසිවෙකුට යටපත් කළ නොහැකිය.

      • 2
        1

        සුමිත්, ඔබගේ එඩිතර බව ගැන අපි නිතරම ආඩම්බර වෙමු.. මේ රටේ මේ පවතින තත්වය මිනිසුන් විසින්ම කරගත දෙයක් බව අද වෙනකොට මන්ඩ මානසිකත්වයෙන් පහතට වැටුනු බහුටහ්රයට පවා පැහැදිලි වෙමින් පවතින බව ඔබට මට කාටත් තහ වුරු වෙමින් පවතියි.
        .
        මිනිසුන් බලෙන් බෙල්ල කපා ගත බව මට පෙනියන්නෙ.. ඊට පසුව ඒක හද ගන්න උත්සාහ දක්වන බවක් පෙනෙන තෙක් මානයක වත් නැති බව කිව යුතුයි. අපි නිතරම මේ ප්රශනවලට පිටරැටියන්ට බැන බැන ඉන්න එනමුත් කාලය මරන තිරිසන්නු බවට පත් කරල තිබෙන්නෙ. රටේ පවතින, ඔඩු දුවන ජන මාධ්‍ය කුනු කන්දු කියන එක ඔබට මට වැට හුනත අපි සුලුතරයක් බව පිටර ජීවත් වන මට නිතරම හැන්ගී යනව… අපි අපේ ලෝකය දියුනු කරගැනීමට නම්, මේ රටේ මිනිසුන්ගේ දැනුම දියුනු කල යුතු වෙනව. එය කල හැක්කෙ, රටේ පවතින ජනමාධ්‍ය වලට එවුන්ගේ කාර්යබව, හේත්තු ගැන්වීමෙන් පමනක් බව කිව යුතුයි. ඒ ඇර මේ ජාතක කතා වටේ ගෙතුනු හරි බුදු බනින්, සැතපුම් ගනනක් ගිය, ඉතා පහත් විදියේ සින්හල බුද්ධාගම කියන දෙයක් පිරිසිදු වුනොත්, මේර් ජාතියට ජය ගන්න පුලුවන්… බුද්ධාගම කියල බුදුන් නොකරපු ජාති අනුගමනය කරන පින්ගුට්තර ප්රජාවට ඇති තැන මේ රටෙ ජනතාව වැරදි විදියට පාවිච්චි නොකල යුතුයි. ගිය රජයෙන් මේ දෙවල් කරන්න මුල් ගල් තිබ්බත්… පාහර බලවේග වල ඇති බලපැම නිසා එය දිගට ගෙනියන්න බැරි වුනා… අදටත් මේ රටේ ඉන්න ගොබ්බ බහුතරය, මේව ඔලුගෙඩි වලට ගැන්න නැති වීම අපිට හෙන ගහන තත්වයක්…

    • 2
      1

      ආදරණීය දියණිය, ඔබේ නිර්භීත හ voice රට පුරා සහ ලෝකයට සැහැල්ලු ප්‍රවේගයකින් පිටව ගියේය. දැන් මිනිස්සු නැඟිට තමන්ගෙන්ම ප්‍රශ්න කරගනිති, අනෙක් අය අදටත් පොළොවේ නොසිටියේ ඇයි? ඔවුන් සෑම විටම එය කළ බවට අනෙක් අයට චෝදනා කළහ. අද වන විට උපත් අසාර්ථක බව ඔප්පු කර ඇති ජනාධිපතිවරයා පණිවිඩකරුට පහර දී තිබේ. ඔහු තම හැකියාවන් ගැන ඉහළින් කථා කරයි, නමුත් හිටපු මෝඩ මිනිසා වන සෝරිසේනා හා සසඳන විට කිසිවක් කළේ නැත. දැන් මිනිසුන්ට සිතීමට බල කෙරී ඇත, වැරදිකරුවන් නිශ්ශබ්ද කරමින් ඉතා කුඩාම තීරණයක් ගැනීමට පවා නොහැකි නම්, සීනීසේනා මහජනයා විසින් තෝරා පත් කර ගනු ලැබුවේ ඇයි? එහි ජනතාව ඇස් ඇර බලා, වත්මන් ජනාධිපතිවරයාගේ ව්‍යාජ පෞරුෂය ප්‍රචාරය කළේ මාධ්‍ය මාෆියාව බව ය. මාරාන්තික රෝගී පුද්ගලයකු නම්, ජනතාවට ප්‍රතිලාභ ගෙන දෙන වඩා හොඳ තීරණ ගැනීමට හැකි නමුත් ගෝතබයාට නොහැකි විය. මුස්ලිම් ප්‍රජාවේ දරුණු මරණ පිළිබඳ ආදාහනය පිළිබඳ ගැටළු නිරාකරණය කළ ආකාරය දෙස බලන්න. ඔහු සහ ඔහුගේ සේවා පිරිස් එම අශෝභන මුස්ලිම්වරුන්ට කළ විශාල මැලේචා ක්‍රියාවන් කවදා හෝ නිවැරදි කරන්නේ කෙසේද? එම පවුල් ඔවුන්ගේ ආදරණීයයන් ඔබට හුරු පුරුදු ආකාරයට භූමදාන කිරීමට නොහැකි වීම නිසා කම්පනයට පත්විය. අපගේ චාරිත්‍ර වාරිත්‍රවලට පටහැනිව කිසිවක් කිරීමට බෞද්ධයාට බලකෙරේ නම්, මේ රටේ ප්‍රති come ලය කුමක් වනු ඇත්ද? රාජප්කාෂේ මිනිසුන්ගේ නායකත්වයෙන් යුත් එම දක්ෂ රැඩිකල් කණ්ඩායම් එම ඊස්ටර් ඉරිදා ප්‍රහාරයෙන් පසු අහිංසක මුස්ලිම්වරුන්ගේ ජීවනෝපාය විනාශ කළ ආකාරය අපි දනිමු. එය ඔවුන්ගේ ආත්මාර්ථකාමී වාසි තකා මුළුමනින්ම පූර්ව නිගමනය කළ ක්‍රියාවකි. එවැනි .ාතනවලට මැදිහත් නොවී මුළු ලෝකයම නිහ was විය. දැන් නැවතත්, දන්නා ඉහළ අපරාධකරුවන් නැවත බලයට පැමිණීම නිසා මිනිසුන්ගේ කනස්සල්ල on ාතීය ලෙස වර්ධනය වේ. මිනිසුන් දැන් නිහ are ව සිටින නමුත් ඔවුන්ගේ කලකිරීමේ ගැඹුර මැනිය නොහැක.

    • 1
      0

      U are right

    • 1
      0

      ශ්‍රී ලංකාවේ වර්තමාන ඉරණම වැරදි තීරණ වල ප්‍රබලතාවයක් ලෙස සැලකේ. මා සිතූ වාර ගණනක් ඇත, එය ස්වයං-සාදන ලද්දකි. ඔප්පු කරන ලද ඉහළ අපරාධකරුවන් පිළිබඳ ස්වයං ප්‍රකාශනයන්ගෙන් ජනතාව පෝෂණය වේ. එම අපරාධකරුවන් කිසිවෙකු යුරෝපයේ හෝ ඇමරිකාවේ සිටියේ නම් බන්ධනාගාරවලින් පිටත නොසිටිනු ඇත. ශ්‍රී ලංකාවෙන් තේරී පත් වූ නන්දසිනි නොහොත් වත්මන් ජනාධිපතිවරයා, ඉහළ අපරාධකරුවන්ගේ ඉහළ මට්ටමේ යම්කිසි සිහිබුද්ධිය ඇති අයගේ ඇස්වලට එක් හොඳ උදාහරණයකි. ඔහුගේ වාර්තා සමහර විට පිලිපීන ඩුටර්ටේට වඩා බොහෝ ඉහළ ය.

      මිනිසුන්ගේ මානසිකත්වය සකසා ඇත්තේ අපරාධකරුවන් පිරිසකට ඔවුන්ගේ දේශපාලන මන fant කල්පිතයන්ට අනුව ජීවත් වීමට හැකි වන අතර ලෝක පිළිගත් නායකයින් දේශපාලන ක්ෂේත්‍රයෙන් කොන් කරනු ලැබේ. එම අපරාධකරුවන් තම දේශපාලනය සඳහා පක්ෂග්‍රාහී ප්‍රචාරයන් තුළින් තමන්ගේම ජනතාවට එරෙහි ඊනියා යුද ජයග්‍රහණය ප්‍රාග්ධනය කර ගත්හ. එම අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ කවුද සහ ඔවුන්ගේ ව්‍යාජ දේශපේ‍්‍රමය යනු රටේ ව්‍යාජ බෞද්ධ භික්ෂූන් ය. බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රධාන වශයෙන් බෞද්ධ ආධිපත්‍යය දරන ශ්‍රී ලංකාවේ නීතියට ඉහළින් තබා ඇත. රටේ දන්නා වංචනික දේශපාලන politicians යින්ට මෙන් ඔවුන්ට ද unity ුවම් නොලැබේ. බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අතවර කිරීම, අද සමාජයේ ඔවුන්ට ලබා දී ඇති ස්ථානය පිටුපස සැඟවී සිටින ඉහළ අපරාධකරුවන් සිටී. මෙය මාධ්‍ය සහ මත්ද්‍රව්‍ය මාෆියාව විසින් හිතාමතාම උත්ප්‍රේරණය කරනු ලැබේ.

    • 0
      0

      So called buddhist monks stay as if they are fed with clay today. They dont utter a single word against Rajapakshe’s deforestration brutal acts.
      .
      ‘වහලුන් ලෙස නිහඬව ජීවත් වුවහොත්’ රටක් ඉතිරි නොවන බැවින් මේ අවස්ථාවේදී පෙරට පැමිණෙන ලෙස තමන් තරුණ පරපුරට ආරාධනය කරන බව සිංහරාජය වෙනුවෙන් හඬ නැගූ භාග්‍යා අබේරත්න බීබීසී සිංහල සේවයට පැවසුවාය.

      ඇය පෙන්වා දෙන්නේ සිංහරාජය ආශ්‍රිතව සිදුවන විනාශය ගැන හෙළිදරවු කිරීමෙන් අනතුරුව, ඒ හඬ නිහඬ කිරීමට ඇතැමුන් උත්සහ කිරීම තරුණ පරපුර බියවැද්දීමට ගන්නා උත්සහයක් බවය.

      කුමන අභියෝග පැමිණියද තමන්ට හුස්ම දෙන පරිසරය රැක ගැනීමට ‘අවසන් හුස්ම පොද තිබෙන තුරු’ සටන අත් නොහරින බව බීබීසී සිංහල සේවය සමග කළ සංවාදයක දී ඇය සඳහන් කළාය.

  • 2
    0

    රූමස්සල රැකගන්න, රූමස්සල විනාශ කරමින් ඒ හරහා කපන්න යන පාරට එරෙහිව පරිසරයට ආදරය කරන හාමුදුරුවරු සහ ජනතාව විරෝධයක් කරනවා දැක්ක. අර පොල්පිති තුන නම් හරියටම ගැලපෙනවා. කාගේ වුනත් හොඳ නිර්මාණාත්මක අදහසක්.
    ඇත්තටම දැන් නම් ජනාධිපතිට අගමැතිට බණ දේශනා කරන්න යන හාමුදුරුවරු ඔවුන්ට පරිසරය ගැනයි කියා දෙන්න ඕනේ හෝඩියේ පන්තියේ ළමයින්ට වගේ.
    ආතර් සී ක්ලාක් කියලා තියෙනවා රූමස්සල කියන්නේ ලංකාවේ ගුරුත්වාකර්ෂණය අඩුම තැන් වලින් එකක් කියලා. රූමස්සල කන්ද අහසින් තමයි වැටිලා තියෙන්නේ. හැබැයි වඳුරෙක් අහසින් පියාඹන ගමන් වට්ටපු කන්දක් නෙමෙයි. අනිත් එක විද්‍යාවට අනුවත් කියන දෙයක් තමයි රූමස්සල පස සහ ඖෂධ පැල වර්ග අමුතු, මේ පොළොවේ දකින්න නැති ඒවා කියල. ආතර් සී ක්ලාක් තව කියලා තියෙනව රූමස්සල කන්දේ අසාමාන්‍ය චුම්භකත්ව විෂමතාවයක් තියෙනව කියල. අපේ මුතුන් මිත්තෝ මේ වගේ තැන් විදේශ ආක්‍රමණිකයන්ගෙන් පවා ආරක්ෂා කර ගත්ත. රූමස්සල වගේ ස්ථානයක් ලෝකේ කොහෙවත් නැහැ. මේ මෝල් පාලකයන්ට මේ රට ගැන අගයක් නැහැ. පොල්පිතියි බූවලුයි අතට ගමු. දැන්නම් මුළු රටටම එපා වෙලා තියෙන්නේ

    • 2
      0

      My dear Champa , people s total ignorance paved the way them to return and loot from where they were stopped by 2015. Have no doubt people will take the justice on their hands in today s context not seeing any other alternative s.
      .
      Hilarious!!😎😉😎😉😎😉😎😉

  • 2
    0

    අන්න ඒ පාර ඩෝසර්පක්ෂලා චීන්නු එක්ක එකතු වෙලා සිංහරාජ වනාන්තරය විනාශ කරලා වැව් 2ක් හාරන්න යනවලු. එකක් අක්කර 5 ගානේ අක්කර 10ක්. ඒ මදිවට කියනව සිංහරාජයේ කපන ගස් වෙනුවට වෙන තැනක හිටවනවලු.
    මේ වගේ දේවල් ඇහෙන කොට හිතෙන්නේ රාජපක්ෂලා කවදාවත් ඉස්කෝලේ ගිහින් නැත්ද කියලා නෙමෙයි, සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරයට එරෙහිව රාජපක්ෂලාගේ හිත ඇතුලේ හැංගුණු පැසවන වෛරයක් තියෙන බවයි.
    චීන්නුන්ගෙන් අහන්න ඉස්සෙල්ල අපේ වාරි ඉන්ජිනේරුවන්ගෙන් අහපල්ලා. කාලකන්ණි. හම්බන්තොටට දෙන්න වතුර නැත්තේ ගංගා වල වතුර විදුලිය නිපදවන්න අරගෙන හින්ද. විසඳුම දෙන්න ඕනේ ඒකට. මහා වනාන්තර විනාශ කර කර කිසි ප්‍රතිපත්තියක් නැතුව හතර අතේ සංවර්ධනය කරන කොට ගංගා හිඳිලා මිනිස්සුන්ට බොන්න ඇති වෙන්න වතුර නැහැ. සම්පූරණයෙන්ම විරුද්ධයි සිංහරාජ ලෝක උරුම රක්ෂිතය ඇතුලේ වැව් හදන එකට.

    • 2
      0

      U are right right ms Champa 😎😎🤩😎🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • 2
    0

    ඩෝසර්පක්ෂලා ඊයේ කියපු එක අද පැහැදිලි කරලලු. හැබැයි ඇත්ත කතාව නම්, ගිං-නිල්වලා ගංවතුර ව්‍යාපෘතිය නිසා ලෝක උරුම සිංහරාජ වනාන්තරයට වෙන විශාල හානිය ගැන 2015ට ඉස්සෙල්ලත් පරිසරවේදීන්, විද්වතුන් රාජපක්ෂ ආණ්ඩුවට විරෝධය පල කරලා තියෙනව. පුරුදු විදිහටම එදත් රාජපක්ෂ ආණ්ඩුව මෙවන් ව්‍යාපෘති වලින් පරිසරයට වෙන බලපෑම ගැන අපක්ෂපාති පරිසර වාර්තාවක් කැඳවලා නැතුව තමයි මේ ව්‍යාපෘතිය පටන් ගන්න හදල තියෙන්නේ.
    අනිත් එක මේ ව්‍යාපෘතියේ ලෝක උරුම සිංහරාජ වනාන්තරය ඇතුලේ අක්කර 10ක වැව් දෙකක් හදන්න කරපු නිර්දේශයක් මට නම් හොයා ගන්න බැරි වුනා. ඒ කියන්නේ මේ කතාව අලුත් එකක්. ඒ හින්දා සිංහරාජ වනාන්තරය මුදුනේ හැදුවත්, ඇතුලේ හැදුවත්, පරිවාර වනය තුල හැදුවත් මේ වැව් ව්‍යාපෘතියට විරුද්ධ විය යුතුමයි.

    • 2
      0

      ගෝඨාභය කියපු විකෘති වන විනාශ පින්තූර ගැන අමරවීරත් කියනවා. මම නම් ෆේස්බුක් බලන්නේ නැති නිසා ඒ ගැන දන්නේ නැහැ. ඉස්සෙල්ලම රක්ෂිත වනාන්තර ගිනි තියන්න ගත්තේ 2019 දෙසැම්බර්. 2020ත් ගිනි තිබ්බ. යාන්ත්‍රික කියත් වලින් මහා ගස් කැපුවා. යාන්ත්‍රික කියත් පාවිච්චි කරන්නේ හෝ කුලියට ගන්නේ ගම්මු නෙමෙයි රජයට සම්බන්ධ ජාවාරම්කාරයන්, ව්‍යාපාරිකයන්. එතකොට කඩොලාන විනාශ කරපු එකත් ෆේස්බුක් බොරුවක්ද? මාසෙකට එක සතා ගානේ, 2020 අවුරුද්දේ දිවියන් 12ක් මරපු එකත් බොරුද? එතකොට වැදි නායකයා උසාවි ගියෙත් ෆේස්බුක් බලලද?
      .
      රටේ සිද්ධ කරපු/කරන මහා පරිසර විනාශය සහ වනසතුන් ඝාතන ගැන පරිසරවේදීන්, මහා සංඝරත්නය, ගස්වැල් සතුන්ට ආදරය කරන ජනතාව කතා කරන්නේ අවුරුද්දක් තිස්සේ. සිංහල ඉංග්‍රීසි ප්‍රධාන පුවත්පත්වල වගේම රූපවාහිනී නාලිකාවල මේ පරිසර විනාශයන් ගැන ඒ වෙලාවේ ගත්ත පින්තූර එක්ක පෙන්නලා තිබුනා. පරිසරවේදීන් සහ මහා සංඝරත්නය ඒ ස්ථාන වලට ගිහින්ම විරෝධය පල කළා අවුරුද්දක් තිස්සේ. ගම්මු පොලිසිවලට සහ ප්‍රාදේශීය වනජීවී කාර්යාලවලට පැමිණිලි කළා. මුළු රටම විරෝධය දක්වපු මහා පරිසර විනාශය ගැන ඩෝසර් ආණ්ඩුව මාස 13ක් නිශ්ශබ්දව හිටියා. ඒ ගැන කතා කලේ කොළොඹ ළමයි පරිසර විනාශය ගැන විශාල චිත්‍රයක් එල්ලුවට පස්සේ. කොලොඹට කිරි – ගමට කැකිරි.

      • 2
        0

        ගෝඨාභය කියනව එයා නගර සංවර්ධනය කලාලු. අලංකරණය කලාලු. ඒකම තමයි ගමේ මිනිස්සු සහ පරිසරවේදීන් බය.
        නගර සංවර්ධනය කරපු ගෝඨාභයට ගම ගැන, වනාන්තර ගැන, ගංගා ඇලදොළ ගැන, ලංකාවට පමණක්ම ආවේනික පරිසර පද්ධති ගැන දැනීමක් නැහැ. අනික ගෝඨාභය කියන්නේ පරිසරයට සතා සීපාවාට සංවේදී පුද්ගලයෙක් නෙමෙයි. විදුලි සැර වද්දලා අලි මරන්නම වෙනම ඇමතියෙක් පත් කරපු පාලකයෙක්. ජීවිතේට පරිසරය රැක ගැනීම ගැන කතා කරපු ඉතිහාසයකුත් නැහැ. එහෙම පුද්ගලයක් හැම තිස්සෙම බලන්නේ පාරිසරික විනාශය සාධාරණීය කරන්න සහ එහෙම විනාශයක් නැති බවට බොරු කියන්න.
        .
        ඩෝසර් ආණ්ඩුව පරිසරය විනාශ කරන්නම තමයි පරිසරය හා සම්බන්ධ ආයතන වලට තමන්ගේ ගැත්තන් පත් කරලා තියෙන්නේ.
        එක උදාහරණයක්, පොලිස් පරිසර ආරක්ෂක අංශයේ ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ පරිසර විනාශය ඔහුගේ ආණ්ඩුවේ අයිතියක් කියල හිතන, ජනාධිපතිගේ ගැත්තෙක්. ඔහුම ඒ බව පෙන්වනකම් කවුරුත් දැනන් හිටියේ නැහැ.
        ඊළඟට මධ්‍යම පරිසර අධිකාරිය. පරිසර විනාශය ගැන පැමිණිලි තියෙත්දී, නඩු තියෙත්දී මධ්‍යම පරිසර අධිකාරිය මර නින්දේ මොකොද කියල බැලුවහම තමයි දැන ගත්තේ ගිය අවුරුද්දේ පත්කළ මධ්‍යම පරිසර අධිකාරයේ සභාපති, සිරිපාල අමරසිංහ සහෝදරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයෙක් වගේම උතුරු නැගෙනහිර පළාත් සම්බන්ධීකරණය කරපු පොහොට්ටුවටත් සම්බන්ධ දේශපාලකයෙක්. තැනක තිබුන 2019 ජනාධිපතිවරණය කාලේ බැසිල් රාජපක්ෂ, සිරිපාල අමරසිංහව දැම්මලු සිවාජිලිංගම් ලව්වා ගෝඨාභයට දේශපාලනිකව පහර දීල සිංහල බෞද්ධයන් කුපිත කරවලා සිංහල බෞද්ධ චන්ද ගෝඨාභයට අරන් දෙන්න. කොහොම හරි මධ්‍යම පරිසර අධිකාරයේ වර්තමාන සභාපති ඩෝසර්පක්ෂලා සමඟ දැඩි සම්බන්ධයක් තියෙන, ඩෝසර් ආණ්ඩුවේ ගැත්තෙක්. ඉතින් පරිසරය රැකෙයිද, හාමුදුරුවනේ?

        • 2
          0

          ගෝඨාභයට සිංහල බෞද්ධ චන්ද ගන්න සිවාජිලිංගම් ලව්වා බෞද්ධයන් කුපිත වෙන දේ කියවපු එකේ පටන්, පාස්කු ප්‍රහාරයේ පටන්, නල්ලුර් ඩෝසර්පක්ෂ උපවාසකරුවෝ ජාතික කොඩිය පෑගෙන්න බිම දාල තිබ්බ ඒව, බේරුවල පන්සලට අලුත් නාම පුවරුවක් සවි කරන කොට මුස්ලිම් ජාතිකයන් විරුද්ධ වුනු ඒවා, අපේ බෞද්ධ උරුමය, සිංහල උරුමය ඉන්දියාවට විකුණන ඒවා, අපේ සිංහල “ශීත” කියන වචනේ “සීතා” කියලා වෙනස් කරපු සුද්දන්ගේ පරිවර්තන අල්ලාගෙන ඉන්දියාවට අපේ ඉතිහාසය විකෘති කරන්න සහයෝගය දෙන ඒවා, මේවා ඔක්කොම එන්නේ එක තැනකින් සහ මේ ඔක්කොම සිංහල බෞද්ධයන්ගේ ඉවසීමේ සීමාව අභිභවා යෑම ඉලක්ක කරගෙන කරන දේවල් කියන එක සිංහල බෞද්ධයා තේරුම් ගන්න ඕනේ.
          ගෝඨාභය අද වෙනකොට පෙන්නලා තියෙනවා ඔහුගේ ධූර කාලයේ අපේ සිංහල බෞද්ධ උරුමයට බරපතල හානියක් වෙන්න පුළුවන් බව. නමුත් ඔහු ජනාධිපති වීම හින්දා තමයි සිංහල බෞද්ධයන්ට රාජපක්ෂලාගේ නියම මුහුණ පෙනෙන්න ගත්තේ. එහෙම නොවුනා නම්, සිංහල බෞද්ධයෝ තවමත් ඔවුන්ට රැවටිලා, එහෙනම් අනාගත පරම්පරාවත් රැවවෙනවා. අපිට කරන්න තියෙන්නේ හොඳින් ඇස අරගෙන ඉඳලා, රාජපක්ෂලා කරන්න හදන හානිය නවත්තගන්න එක හෝ අඩුම ගන්නේ අවමවත් කරගන්න එක .

      • 1
        0

        ඕ…. මාස 13ක් නෙමෙයි, මාස 15ක් වන විනාශය ගැන නිශ්ශබ්දව හිටියා …

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.