28 March, 2024

Blog

අරගලය සහ ණයට ගත් කේතලය

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

ණයට ගත් කේතලයක් ගැන ෆ්‍රොයිඩියානු විහිළු කතාවක් ඇත. (1) මා කිසිදාක ඔබෙන් කේතලයක් ණයට ගෙන නැත. (2) මා එය කිසිම පලුද්දකින් තොරව ඔබට ආපසු බාර දුන්නෙමි (3) මා ඔබෙන් කේතලය ලබා ගන්නා විටද එය පළුදු වී තිබිණ.

ඉහත කියමන් තුන මුළුමනින්ම එකිනෙකට පරස්පරය. නමුත්, මේ පරස්පර හේතු දැක්වීම් නිසාම ඒවායින් සඟවන්නට උත්සාහ දරන කාරණය වඩාත් සනාථ වේ. එනම්, මා ඔබට පළුදු වූ කේතලයක් ලබා දී තිබෙන බවයි. මේ දිනවල ආණ්ඩුවේ මාධ්‍ය යාන්ත්‍රණය විසින් අරගලය සහ අරගලකරුවන් පිළිබඳව ඉදිරිපත් කරනු ලබන කියා පෑම්ද මෙවැනිය. අරගලකරුවන් යනු කොණ්ඩා සහ රැවුල් වවාගත් කුඩුකාරයින්, ගංජාකාරයින් සහ අරාජකවාදීන් ය; ඔවුන් හිංසාකාරීව හැසිරෙමින් පොදු දේපළවලට සහ මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට හානි සිදුකොට රාජ්‍ය බලය ලබා ගැනීමට ප්‍රයත්න දරා තිබේ; ඔවුන් කිසියම් පක්ෂයකට අයත් සංවිධානාත්මක කුමන්ත්‍රණකාරීන් පිරිසකි; ඔවුන් ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුල් වී එහි නාන තටාකයේ ස්නානය කොට රටේ කීර්ති නාමයට කැළලක් සිදු කර තිබේ. මෙවැනි අසංගත හේතු දැක්වීම් රාශියක් ගෙන හැර දැක්වීමෙන් සනාථ වන්නේ ඒවායින් සඟවන්නට ප්‍රයත්න දැරෙන කාරණයම මිස අන් කිසිවක් නොවේ. එනම්, අරගලකරුවන් වෙත රාජ්‍ය මර්දනයක් දියත් කොට තිබේය යන්නයි. නොඑසේනම්, මෑතකදී දයාන් ජයතිලක ලියා තිබූ පරිදි රාජ්‍ය බලය ලබා ගැනීමට කුමන්ත්‍රණය කළ සංවිධානාත්මක පිරිසක් තීරණාත්මක මොහොතේදී එම අදහස අතහැර දමා ජනාධිපති මන්දිරයේ ස්නානය කිරීමට තීරණය කළාය වැනි කතාවක වෙනත් අරුතක් තිබිය හැකිද?

මර්දනයේ ආඛ්‍යානය

ෆ්‍රොයිඩ්ගේ ණයට ගත් කේතලය පිළිබඳ විහිළුවද ඉක්මවා යන තරමේ හාස්‍යජනක ස්වරූපයක් අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු අරගලකරුවන් කිහිපදෙනෙකු ත්‍රස්ත විරෝධී පණත යටතේ රඳවා තබාගැනීම ගැන ශ්‍රී ලංකා පොලීසිය විසින් පසුව ඉදිරිපත් කරන ලද හේතු දැක්වීම තුළ ගැබ්ව තිබේ. ඒ අනුව, වසන්ත ඇතුළු පිරිස මාස තුනක් තිස්සේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන්නේ අග්‍රාමාත්‍යවරයාගේ නිවස ගිනි තැබීම සඳහා ජනයා පෙළඹවීම, රජය පෙරළා දැමීම අරමුණු කොටගෙන පොදු සහ පුද්ගලික දේපළවලට හානි සිදු කිරීම (!), පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා සිටි පොලිස් නිලධාරීන්ට පහර දී ඔවුන් සතු ආයුධ පැහැර ගැනීම යන වැරදිවලට ඔවුන් සම්බන්ධදැයි සොයා බැලීම සඳහාය. මේ හේතු දැක්වීම අනුව දැන් පොලීසියට කැමති ඕනෑම අයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ හැකිය. මෙය ලියන මා මෙන්ම කියවන ඔබවද එසේ අත්අඩංගුවට ගත හැකිය. මන්දයත්, ඒ සඳහා ඉදිරිපත් කරන හේතු දැක්වීම වන්නේ මා හෝ ඔබ කිසියම් නීති විරෝධී ක්‍රියාවක් සිදු කොට ඇතැයි සාධාරණ සැකයක් හෝ චෝදනාවක් පවතීය යන්න නොවේ. හුදෙක් අප එවන් ක්‍රියාවක් සිදු කොට තිබේදැයි සොයා බැලීමට තීරණය කොට තිබේය යන්නයි.

මේ තර්කය සිහියට නංවන්නේ තම ඉරාක ආක්‍රමණය සාධාරණීකරණය කිරීමට එක්සත් ජනපද ජනපතිවරයා සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද අබූත හේතු දැක්වීම්ය. ඔවුන් පළමුව ප්‍රකාශ කළේ සදාම් හුසේන් සතුව සමූහ ඝාතක අවි පවතීය යනුවෙනි. ඒ සඳහා කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති වූ විට සදාම් සතුව එවන් අවි පවතීදැයි සොයා බැලිය යුතු යැයි පවසන ලදී. සැබවින්ම ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසුවද එවන් අවියක් කිසිවෙකුටත් සොයා ගත හැකි වූයේ නැත. නමුත්, කිසිවෙකුත් දැන නොසිටි සහ කිසිවෙකුටත් සොයා ගත නොහැකි වූ ‘සමූහ ඝාතක අවි’ නමැති අද්භූත ප්‍රබන්ධය, යථාර්තය තුළ සොයා යාමේ මෙහෙයුමක් ලෙස කුරිරු යුද්ධයක් දියත් කෙරිණ. ශිෂෙක් මෙම ඉරාකයේ පැවතියා යැයි කියන ලද සමූහ ඝාතක අවි පිළිබඳ කතාන්තරය වත්මන් යුගයේ දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වීමේ සංකීර්ණ ආකාරයක් බව පෙන්වා දෙයි. නොපවතින සමූහ ඝාතක අවි පිළිබඳ කතා ආඛ්‍යානය වටා සමස්ත ඇමෙරිකානු යුද මෙහෙයුම සංවිධානය කළ හැකි විය.

එසේම මෙය වත්මන් යුගයේ මාධ්‍ය මගින් සමාජ දෘෂ්ටිවාද හැඩ ගැස්වීම ගැනද නිදසුනකි. නෝම් චොම්ස්කි අසන වැදගත් ප්‍රශ්නයක් වන්නේ නවීන විද්‍යුත් මාධ්‍යවල බහුලත්වයක් පැවති එක්සත් ජනපදය තුළ විසූ අති බහුතර ජනතාවක් ඉරාකයේ සමූහ ඝාතක අවි පැවතියා යැයි විශ්වාස කිරීම අප තේරුම් කරන්නේ කෙසේද යන්නයි. මාධ්‍යවල බහුලත්වයක් පැවති පමණින් අධිකාරීමය ලෙස පුවත් ප්‍රබන්ධ කිරීමේ හැකියාව අඩු වී ගොස් නැත. මේ දිනවල ලංකාව තුළද සිදුවෙමින් පවතින්නේ රාජ්‍ය මර්දනය යුක්ති සහගත කිරීම සඳහා උපකාරී වන එවන් කතා ආඛ්‍යානයක් අධිපති මාධ්‍ය ඔස්සේ ක්‍රමානුකූලව ගොඩ නැංවීමයි. එම කතා ආඛ්‍යානයට අනුව පළමුව සාමකාමී වූ පුරවැසි අරගලය තුළට නොදන්නා කුමන්ත්‍රණකාරී සංවිධානාත්මක පිරිසක් මැදිහත් වී හිංසාකාරී ලෙස රාජ්‍ය බලය අත්පත් කරගන්නට ප්‍රයත්න දරා ඇත. සාමකාමී අරගලකරුවන් සහ ප්‍රචණ්ඩ අරගලකරුවන් යන බෙදීම මෙම කතා ආඛ්‍යානය සඳහා අවශ්‍ය වන්නකි. නමුත්, ඉතාම ප්‍රචණ්ඩ කුමන්ත්‍රණකරුවන් ලෙස හඳුන්වමින් අත්අඩංගුවට ගනිමින් සිටින්නේ විවෘතව මහජන අවකාශය තුළ පෙනී සිටිමින් ප්‍රජාතාන්ත්‍රික විරෝධතාවල යෙදුණු ශිෂ්‍ය සහ සමාජ ක්‍රියාකාරීන්ය.

හේයි ජිනීවා!

දැන් මර්දනය ක්‍රියාත්මක වන්නේ උපායික දැක්මක් සහිතවය. එය ඇතැම් තෝරාගත් පක්ෂ, සංවිධාන සහ පුද්ගලයින් ඉලක්ක කරන අතර සෙස්සන් මග හැර යයි. අරගලකරුවන්ගෙන් තෝරා ගත් කොටසක් අපරාධකරුවන් ලෙස නාමකරණය කරන අතරම, ජනපතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂවලට සර්ව-පාක්ෂික වැඩ පිළිවෙලක් සඳහා ඇරයුම් කරයි. මෙම උපාය තුළ එක් අතකින් ජවිපෙ සහ පෙසප අතර ඉරක් අඳිමින් තිබෙන්නේ හොඳ ළමයි සහ නරක ළමයි පිළිබඳ දෘෂ්ටිවාදී වෙනසක් ගොඩ නගමිනි. ඒ අතරම, ජවිපෙ නායකත්වය සහ එහි තරුණ/ශිෂ්‍ය අංශ අතරද එවන් සියුම් ඉරක් අඳිමින් තිබෙන බවක් පෙනේ.

පසුගිය අගෝස්තු 30 වනදා අන්තරය සහ බහුජන සංවිධාන එකතුවක් විසින් පවත්වන ලද උද්ඝෝෂණයට එල්ල කරන ලද පොලිස් ප්‍රහාරය කැපී පෙනෙන ලෙසම මර්දනයේ නව උපායික තෝරා ගැනීමක් සලකුණු කරයි. එනම්, විරෝධතාකරුවන්ගේ ශාරීරික බලයට වඩා අධික බලයක් භාවිත කොට විරෝධතාකරුවන් පසුබසින විටදී පවා ඔවුන් මත ප්‍රහාරාත්මක මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමයි. මෙය මෙතෙක් කලක් පොලීසිය බැරියර් පසුපස සිට මහජන විරෝධතාවලට මුහුණ දුන් ආකාරයට වඩා මුළුමනින්ම වෙනස්ය. මෙහි අරමුණ වන්නේ විරෝධතාකරුවන් අනපේක්ෂිත ලෙස විමතියට පත් කොට ඔවුන් ප්‍රහාරාත්මක අඩියක සිට ආරක්ෂාකාරී අඩියක් දක්වා හැරවීම විය හැකිය. නමුත්, මෙම නව ප්‍රවේශයේ නොවැලැක්විය හැකි ප්‍රතිපලය වන්නේ සාමකාමී විරෝධතාවක් විවෘත වීදි සටනක් බවට පරිවර්තනය වීමය. එසේම, සමාජ මාධ්‍යවලටත් බාහිර ලෝකයටත් පුළුල් ලෙස විවෘත වූ අද වන් යුගයක මෙවන් දරුණු මර්දන උපායන් විසින් ඉක්මන් කෙරෙනු ඇත්තේ අරගලකරුවන් වෙත යළිත් මහජන අනුකම්පාව සහ සහාය හිමි වීමේ ක්‍රියාවලියයි.

මෙය එක් අතකින් මෙරට වාමාංශයට මෙතෙක් මග හැරී තිබුණු එක් වැදගත් අත්වැලක් දිනා ගැනීමට ලැබුණු අවස්ථාවක්ද විය හැකිය. එනම්, කොළඹ ආශ්‍රිත ඊනියා එන්.ජී.ඕ ලිබරල්වාදී බල තන්ත්‍රය මග හැර යමින් ගෝලීය මානව අයිතීන් ව්‍යාපාර සහ ප්‍රජාතාන්ත්‍රික බලවේග වෙත සෘජුව ආමන්ත්‍රණය කිරීමට ලැබී ඇති අවස්ථාවයි. වික්‍රමසිංහ පාලනය සමග නිහඬ අනුමැතියක් දක්වමින් මර්දනකාරීත්වය වක්‍රව ආරක්ෂා කරමින් සිටින විදේශ ආධාර ලබන ලිබරල් සංවිධානවල භාවිතය ගැන ඔවුනට ආධාර සපයන මව් සංවිධාන වෙත දැනුම්දීමටද මේ අනගි අවස්ථාව ප්‍රයෝජනයට ගත හැකිය. ස්වදේශික රැඩිකල් වාමාංශය සහ ගෝලීය මානව අයිතීන් ව්‍යාපාර අතර ගොඩ නැගෙන නව සම්බන්ධයක් විසින් මෙරට ප්‍රජාතන්ත්‍රීයකරණය වෙතට කලින් අප නොදැන සිටි මාවතක් ඇතැම් විට විවෘත කරගත හැකි වනු ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    අපි ඉපදුනේ මොන රටකද?
    අපි අයිති මොන මැල්චා ජාතියකටද? මේ රට මේ තරම් විනාශයක් කළේ කවුද?
    එය දිගුකාලීන සිවිල් යුද්ධයක ප්‍රතිඵලයක් ද නැතහොත් රාජපක්ෂ පවුල ද?
    අද වන විට විශ්වාස කළ හැක්කේ කුමන දේශපාලනඥයන් ද?
    .-
    https://www.youtube.com/watch?v=mtUyDdtyPBg

    වසර 2.5ක් ඇතුළත මේ ජාතිය විනාශ කළ රකුසා ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා. ඔහුට අදහාගත නොහැකි තරම් රාජ්‍ය මුදල් ලබාදී රාජ්‍ය මුදල් අවභාවිත කළා….ඇයි?

    නිමල් සිරිපාල ඊයේ රොබෝ කෙනෙක්, ඇයි අපේ මැලේච්ච මිනිස්සු අද වෙනකොට තුවාල අවුස්සන්නේ ?
    .
    මේ මැලේච්ච ජාතිය මෙයට සුදුසුද නැද්ද?

    • 0
      0

      දකුණු කොරියාවේ, වියට්නාමයේ සහ මැලේසියාවේ ශ්‍රී ලංකාව හොඳින් ක්‍රියා නොකරන්නේ මන්දැයි මගේ බාල බෑණා (15) මෑතකදී මගෙන් ඇසුවා. එදා කොළඹ පැල්පත්වලට කිව්වේ “කොරියාව වගේ” කියලා. කෙසේ වෙතත්, අද, අපගේ පිරිමි ළමයින් සහ ලැඩෙට්වරු නූතන කොරියාවේ රැකියා සොයා ගැනීමට අරගල කරති.
      .
      අද ගුරුවරු එකම ප්‍රශ්න මාලාවම හරස් ප්‍රශ්න අසන බවට මට සැකයක් නැත. ඔවුන්ට ඇලී සිටීම හැර වෙනත් විකල්පයක් නැත.

      කොවිඩ් විසින් සියලු රාජපක්ෂ අවජාතකයන් තෝරා බේරා මරා දැමුවේ නම් මේ වන විට සියලු දෙනාම සමෘද්ධිමත් වනු ඇත. ලංකාවේ ප්‍රධාන මාධ්‍ය වල ස්වභාවය තමයි කඩේ ඉන්න අලියා දැකලා අලියා ගැන කතා නොකර ඉන්න එක…. අඩුම තරමේ පිංගුත්තර සමාජයවත් අවදි වී ජාතියට පාර පෙන්විය යුතුයි. එයාලට ඒක තේරෙයි එතකොට බස් එක යනවා.

      මගේ පිළිතුර වූයේ අපේ මැලේචා මිනිසුන් අප්‍රිකාවේ ජරාවා ගෝත්‍රයට වඩා වෙනස් නොවන බවයි.
      මේ සියල්ලේ ප්‍රතිඵලය – ඡන්දදායකයන් සහ දේශපාලනඥයන් පරපෝෂිතයන් වැනි බැවිනි. මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය මහින්ද රාජපක්ෂ.
      අද ඒ ඡන්දදායකයන්ම අවිශ්වාසයෙන් ගොළු වෙලා.

      ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයේ නරකම පැත්ත මෙයයි. ජනතාව විසින්ම මධ්‍යස්ථ, උගත් අපේක්ෂකයන් කොන් කරමින් තවත් අසංස්කෘතික අවජාතකයන්ට සහය දක්වයි. ඔවුන් දෝෂය නිවැරදි කරන්නේ කෙසේද? එය දශක ගණනාවක් ගත විය හැකිය.

    • 0
      0

      හිතවත් සුමිත්,
      ඔබේ ලිවීමේ අරමුණ කුමක්ද? ඔබට කියන්නට ඇති දේ පාඨකයන්ට පැහැදිලි කිරීමට ඔබේ සිංහල භාවිතය ඉතා සංකීර්ණයි. මම මෙය පසුගිය මාස කිහිපය පුරා දුටුවෙමි, එය පාඨක සමාජයට නිසි ලෙස ගැලපෙන්නේ යැයි ලේඛකයන් සිතන්නේ නැත්තේ ඇයි?

      මෙය ඔබ බොහෝ ලේඛකයන් ඉතා හොඳින් දැන සිටිය යුතු කරුණකි. ඔබ පැනීමට පෙර සිතා බැලිය යුතුය. මම හිතන්නේ, ලේඛකයන්ට තම පණිවිඩය ගෙන ඒම සඳහා සරල සිංහල භාවිතා කරන්නේ නම් ඔවුන්ගේ කාර්යය නිවැරදිව කළ හැකිය.

      අඹ ගෙඩියක් කඩන්න ඉලක්ක කරනවා නම් හරියට වෙඩි තියන්න ඕන. එසේ නොමැති නම්, එය ඕනෑම දෙයක් ගෙන එනු ඇත. විශ්වවිද්‍යාල ආචාර්යවරු ඒ ගැන හරි හැටි කල්පනා කළ යුතුයි.
      මලචා පවුලේ අරගල නිසා මේ ජාතිය නොමග යවන්නේ ඔවුන්ය.

      මේ සමාජයේ ලේසිම උපක්‍රමයට හැමෝම වගේ අහුවෙනවා.

      රාජාක්ෂ යළිත් තරග කළහොත් යළි කැමැත්ත පළ කරන සැලකිය යුතු පිරිසක් සිටින බවට සැකයක් නැත.

      මිනිසුන්ගේ අතිශය භයානක අවදානම් ස්වභාවය දන්නා ලේඛකයින් එය නැවත දැකිය යුතුය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.