
නව ලිබරල් ආර්ථිකය තුළ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් සියලු ජීවීන්ට අයත් දෑ නොව මිනිසාට පමණක් හිමි වෙළෙද භාණ්ඩ ලෙස සිතන සමාජයක් බිහි කර ඇත. ලෝක බැංකු ණය මත ක්‍රියාත්මක කළ පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (Ecosystem Conservation and Management Project – ESCAMP) මගින් අද වන විට මේ තත්ත්වය රට තුළ ස්ථාපිත කිරීමට දැවැන්ත උත්සාහයක නිරත වේ. එම ව්‍යාපෘතියට අනුව රක්ෂිත වනාන්තර යනු තවදුරටත් ජෛව විවිධත්ව සංරක්ෂණ හෝ ජල සුරක්ෂිතතාව සඳහා හෝ දේශගුණික විපර්යාස ඇතුළු ස්වාභාවික විපත් පාලනය කරන පරිසර තුළිතතාව පවත්වාගෙන යාමට වැදගත් වන, සියලු ජීවීන්ට රැකවරණය සලසන ස්වාභාවික සම්පත් නොව ආර්ථික භාණ්ඩයක් බවට පත් කළ හැකි වෙළෙද භාණ්ඩයක් බවට සිතන සමාජයක් ගොඩනගමින් තිබේ.
මෙය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් විසින් ඉතා හොඳින් වැළදගෙන ඇත. සමහර රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම හා ප්‍රකාශයට පත් කළ රක්ෂිත වනාන්තර වටා පිහිටි රක්ෂිත නොවන වනාන්තර එම රක්ෂිතවලට ඈදීම සිදු කරන්නේ ද මෙය ඉලක්ක කර ගෙන ය. ඒ අනුව ඔවුන් උත්සාහ දරන්නේ වන රක්ෂිත හා සංරක්ෂිත වනාන්තර සියල්ල විනෝදාස්වාදය සඳහා පමණක් වෙන් වූ සංචාරක කර්මාන්තයේ ගොදුරක් බවට පත් කිරීමට ය. ඒ සඳහා රක්ෂිත වනාන්තර තුළ මාර්ග හා ගොඩනැගිලි ඉදි කරමින්, විනෝදාස්වාදය පමණක් පදනම් කර ගත් සංචාරක කර්මාන්තයට ගොදුරු කරමින් තිබේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් බොහෝ කැමැත්තක් දක්වන්නේ රක්ෂිත වනාන්තර තුළ මාර්ග ඉදි කිරීමට හා ගොඩනැගිලි ඉදි කිරීමට ය. ඔවුන් වන අපරාධ මැඩපැවැත්වීමට ක්‍රියාමාර්ග ගැනීම හෝ රක්ෂිත වනාන්තරයේ පැවැත්ම සුරක්ෂිත කිරීමට නීති ක්‍රියාත්මක කිරීම හෝ රක්ෂිත වනාන්තර අවට ජීවත් වන ජනතාව ගේ ආකල්පමය වර්ධනයක් ඇති කර රක්ෂිත වනාන්තර ආරක්ෂා කර ගැනීම හා ජන ජීවිතය සුරක්ෂිත කර ගැනීමට මඟ පෙන්වීම වෙනුවට සිදු කරන්නේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තු සිදු කිරීමට ය.
මේ තත්ත්වයට අද වන විට සිංහරාජ වන රක්ෂිතය හා ජාතික උරුම වන භූමිය ලක් වෙමින් තිබේ. ලෝක බැංකු ණය ව්‍යාපෘතික් ලෙස ක්‍රියාත්මක වූ පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ (ESCAMP) පළමු අදියරේ දී සිංහරාජයේ කුඩව වනාන්තර පිවිසුම ආශ්‍රිත වන මං සංවර්ධනය කළේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අභිමත බලය භාවිත කරමිනි. පරිසරය පිළිබඳ අවබෝධයක් සහිත බොහෝ දෙනෙක් මේ සඳහා විරෝධතාවය පළ කරද්දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකු ගේ වුවමනා ව මත සිංහරාජ වනාන්තරය තුළ අඩි 10 ක් පමණ පළල හා කිලෝමීටර 2 ක් පමණ දිග මාර්ගය කොන්ක්‍රීට් ගල් අතුරා සකස් කිරීම, ජල මාර්ග කොන්ක්‍රීට් අතුරා සකස් කිරීම ඇතුළු ඉදිකිරීම් ගණනාවක් වනාන්තරය තුළ සිදු කෙරින. ඒ සමඟ ම ඒ ආශ්‍රිත ජීවීන් විශාල ප්‍රමාණයක් හා එම සතුන් ගේ ක්ෂුද්‍ර වාසස්ථාන සියල්ල ම එම ජීවීන්ට අහිමි විය. වනාන්තරය තුළ ජලය බැස යන මාර්ග කොන්ක්‍රීට් අතුරා සකස් කිරීම නිසා පස් කණ්ඩි තුළ ගුල් හාරා ගෙන ජීවත් වන මිරිදිය කකුළුවන් ගේ වාසස්ථාන, උභයජීවීන් බෝවන ස්ථාන එම සතුන්ට අහිමි විය. සිංහරාජය තුළ පෙර පැවති වන මං ආශ්‍රිත ව හමු වූ පිණුම් කටුස්සන්, පළා පොළගුන් වැනි සතුන් අද වන විට දැක ගන්නට නොලැබෙන තත්ත්වයට පත් කිරීමට මෙම අවිධිමත් සංවර්ධන කටයුතු හේතු වී තිබේ.
කොන්ක්‍රීට් ගල් අතුරා සිංහරාජ වනාන්තරය තුළ සකස් කළ වන මං අද වන විට සංචාරකයන්ට භාවිතයට ගත නොහැකි ලිස්සන සුළු මාර්ග බවට පත් වී ඇත. එපමණක් නොව වනාන්තරය තුළ පිහිටි එම මාර්ගවල වාහන ගමනාගමනයට ද අවස්ථාව ලබා දෙමින් තිබේ. සමහර ස්ථානවල පස් කඳු නායේ යාමට ලක් වන තත්ත්වයට ද පත් වී ඇත. එම තත්ත්වය පාලනය කිරීමට රුපියල් මිලියන ගණනක් වැය කර ගල් වැටි ඉදි කිරීමට ද සිදු වී ඇත.
මේ සියලු පූර්වාදර්ශ පවතිද්දී පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ මීලඟ අදියර යටතේ අද වන විට සිංහරාජයේ කුඩව වන පිවිසුමේ දෙවන ඇතුළුවීමේ සිට පර්යේෂණ මධ්‍යස්ථානය දක්වා පිහිටි වනාන්තර මාර්ගය අඩි 8 ක් පළලට කොන්ක්‍රීට් ගල් අතුරා සකස් කළ මාර්ගයක් බවට පත් කිරීමට හා පර්යේෂණ මධ්‍යස්ථානයේ අලුතින් ගොඩනැගිලි ගණනාවක් ඉදි කිරීමට සැලැසුම් කර තිබේ. එම ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කිරීමට ද සූදානම් වේ.
වනාන්තරය තුළට දිගින් දිගට ම ඉදිකිරීම් ව්‍යාප්ත කිරීම හේතුවෙන් සිංහරාජ අඩවියේ සංරක්ෂණය වෙනුවට විනාශයට මාර්ග සැකසීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වේ. බි්‍රතාන්‍ය පාලන යුගයේ දී කෝපි හා තේ වගාවෙන් අහිමි වූ සිංහරාජ අඩවියේ වන විනාශය හැත්තෑව දශකයේ දී කොස්ගම තුනී ලෑලි සමාගමට දැවමය ශාක කැපීමෙන් සිංහරාජ අඩවියේ වන විනාශය වර්ධනය විය. ඉන් පසු ව වරින්වර පහතරට තේ වගාව හා ජනාවාස ව්‍යාප්ත කිරීමට සිංහරාජ අඩවියේ වනාන්තර එළිපෙහෙළි කෙරින. ඒ මගින් සිංහරාජ අඩවියට සිදු වූ හානිය සුලු පටු නැත. අද වන විට ඒ තත්ත්වය තවත් ආකාරයකින් වර්ධනය කිරීමට සිංහරාජ අඩවියේ භාරකාරත්වය දරන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ම කටයුතු කිරීම කණගාටුවට කරුණකි.
අඩි 8 ක් පළල කොන්ක්‍රීට් ගල් ඇතිරූ මාර්ගයක් බවට සිංහරාජය තුළ පිහිටි වන මං තවදුරටත් පරිවර්තනය කිරීමෙන් වනාන්තරය තුළ මීවන ශාක සහිත කලාප හා ආවේණික ශාක සහිත කලාප බොහොමයක් සිංහරාජ අඩවියට අහිමි වනු ඇත. එම ප්‍රදේශය බොහෝ ජීවීන් ගේ ක්ෂුද්‍ර වාසස්ථාන හා ගොදුරු බිම් ප්‍රදේශ වේ. ඒවා සියල්ල මෙම ව්‍යාපෘතියත් සමඟ ම අහිමි වනු ඇත. මේ පිළිබඳ ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිංහරාජ අඩවියේ සේවය කරන නිලධාරීන්ට අවබෝධයක් නොමැති වීම හා මුදල් ඉදිරියේ සිංහරාජයේ රැකවරණය පිළිබඳ ව අමතක කිරීම පිළිබඳ ව අප කණගාටු වෙමු.
සිංහරාජ වනාන්තරයේ මාර්ග ඉදි කර විවෘත වූ බොහෝ ප්‍රදේශවල කටකළු බෝවිටියා හා කහ දියපර වැනි ආක්‍රමණික ශාක ව්‍යාප්තිය දරුණු ලෙස සිදු වීම නිසා භෞමික උඩවැඩියා, මීවන ශාක, අක්මා ශාක, පාසි ශාක හා යටි ස්ථරයේ ශාක බොහොමයක් විනාශ වී ගොස් තිබේ. ඒ හේතුවෙන් ඒ මත යැපෙන සත්ත්ව විශේෂවලට ද එම තත්ත්වය දරුණු ලෙස බලපා ඇත. මෙවන් කරුණු පිළිබඳ ව අවබෝධයකින් තොර ව වනාන්තර තුළ, වන ආවරණය විවෘත කරමින් ඉදි කිරීම් සිදු කිරීමට කටයුතු කිරීමෙන් පෙනී යන්නේ මෙවැනි කරුණු පිළිබඳ ව කිසිදු අවබෝධයකින් තොර ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කරන බව ය.
මෙවන් අතලොස්සක් වූ හානි කර නිලධාරීන්ගෙන් රක්ෂිත වනාන්තර ආරක්ෂා කර ගත හැකි වේද යන්න ගැටළුවකි. හානි කර ව්‍යාපෘති කඩිනමින් වැළඳ ගන්නා එවන් නිලධාරීන් වන සංරක්ෂණය වෙනුවට භෞතික සංවර්ධනයන් කඩිනමින් ක්‍රියාත්මක කරති. මේ තත්ත්වය අපට පළමු ව අත් විදින්නට ලැබුණේ නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ ය. මෙම රක්ෂිතයේ ඉතා ම වැරදි ස්ථානයක පිටවල පතනේ සංචාරක මධ්‍යස්ථානයක් ඉදි කිරීම නිසා බොහෝ ආවේණික ජීවීන් රටට අහිමි වෙමින් තිබේ. පිටවල පතන ආශ්‍රිත ව ජීවත් වන නකල්ස් කඳුකරයට ආවේණික දුම්බර ගල්පර මැඩියා හා දුම්බර පතන් අල ශාකය සංචාරකයන් මෙම ප්‍රදේශයේ අධික ව ගැවසීම නිසා විනාශයට ලක් වෙමින් තිබේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කළ මෙම ඉදි කිරීම් හේතුවෙන් සිදු විය හැකි තත්ත්වය පිළිබඳ ව පෙන්වා දුන්න ද බලහත්කාරයෙන් මෙම ඉදිකිරීම් කිරීමේ ප්‍රතිඵල අද වන විට අද්දකින්නට තිබේ. මෙවන් පූර්වාදර්ශ මත ඉගෙනුම් ක්‍රියාවලියක් නොමැති වීම තුළ සිදු වන අනර්තය ඉතා ම විශාල ය.
මේ සියල්ල අවබෝධ කර ගත් සමාජයක් ගොඩ නැගීමට පහසු නැත. නමුත් අවබෝධයක් සහිත ජනතාව හෝ මෙම සම්පත් ආරක්ෂා කර ගැනීමට යොමු විය යුතු ය. එසේ නොමැතිවුවහොත් සිදු වන්නේ මුදලට කෑදර නිලධාරීන් ඉදිරියේ ඔවුන් ගේ භාරයේ පවතින සම්පත් ඔවුන් විසින් ම විනාශ කර දැමීම ය. මුදල් පසුපස හඹා යන ඉදි කිරීම් කොන්ත්‍රාත්තු සිදු කිරීමට වැඩි උනන්දුවක් දක්වන නිලධාරීන් විසින් සිංහරාජ අඩවියේ වනාන්තර සුරක්ෂිත කර ගැනීමට වැඩි උනන්දුවක් දක්වන්නේ ද නැත.
රක්ෂිත වනාන්තර තුළට සංචාරක පහසුකම් ගෙන ඒම වෙනුවට සිදු කළ යුතු වන්නේ රක්ෂිතයෙන් පරිභාහිර ව එහි මායිමේ සංචාරක පහසුකම් ඇති කිරීම ය. සංචාරක පහසුකම් වැඩි කළ යුතු වන්නේ රක්ෂිතයෙන් පරිභාහිර කලාපයේ ය. ඒ තුළින් රක්ෂිතයට සිදු වන අහිතකර බලපෑම් පාලනය කර ගත හැකි ය. රක්ෂිත වනාන්තර යනු වෙළෙද භාණ්ඩයක් නොවන බවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවබෝධ කර දිය යුතු ය.
සංචාරකයන්ට විවෘත කළ යුතු වන්නේ ඉතා ම සංවේදී පරිසර පද්ධති වලින් තොර කලාපය ය. එපමණක් නොව භෞතික ඉදි කිරීම්වල වටිනාකම මත ස්වාභාවික වනාන්තර තුළ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමට උත්සාහ නොදැරිය යුතු ය. එසේ කළ හොත් සිදු වන්නේ රක්ෂිත වනාන්තරය කෙටි කාලීන ව විනාශයට ලක් වීම ය. මෙය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත්තු සිදු කිරීමට වැඩි උනන්දුවක් දක්වන වන සංරක්ෂණය පිළිබඳ ව උනන්දුවක් හා අවබෝධයක් නොමැති නිලධාරීන්ට තේරුම් කර දිය යුතු ය. එසේ නොමැතිවුවහොත් එම නිලධාරීන් කිහිපදෙනා නිසා සමස්ත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා එහි පාලනයේ පවතින වනාන්තර සියල්ල විනාශයට ලක් වනු නොඅනුමාන ය.
මේ නිසා සිංහරාජ අඩවියේ රැකවරණය තහවුරු කිරීමට නම් කඩිනමින් කළ යුතු වන්නේ 2004 ජූලි 22 වන දින අංක PS/CS/26/2004 දරණ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව සිංහරාජ ජාතික උරුම වන භූමියට යාව හෝ ඉන් කිලෝමීටර භාගයක දුර ප්‍රමාණය ඇතුළත පිහිටි සියළු ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම්, 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ නීතියේ 22 (1) ඊ සහ 44 (ඒ) වගන්ති ප්‍රකාරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම කඩිනම් කිරීම ය. වසර 18 ක් ගත වී ඇති නමුත් මෙම කැබිනට් පත්‍රිකාව අනුව සිංහරාජ වන රක්ෂිතයට පැවරීමට නියමිත හෙක්ටයාර 2508.4 ක සුවිශේෂී වනාන්තර ඉඩම් ප්‍රමාණය තව ම රක්ෂිත වනාන්තරයට ක්‍රමාණුකූලව අත්පත් කර නොගැනීම නිසා අනාරක්ෂිත ව පවතී.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන මෙම වනාන්තර ඉඩම් මාතර, රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික්ක තුනෙහි පිහිටා තිබෙන අතර ඒවා විවිධ වතු සමාගම් සඳහා මේ වන විට බදු දී තිබේ. මාතර දිස්ත්‍රීක්කයේ එන්සල් වත්ත, කුරුගල වත්ත, බෙවර්ලි වත්ත, හේමගිරි වත්ත. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් මුරකැලේ වත්ත, ෆැබ් වත්ත, ඉලුබකන්ද වත්ත, මෝර්නින් සයිඩ් වත්ත, කැන්ටර් වත්ත, හේස් වත්ත, ගොන්හෙළ වත්ත, ඇබේරෝස් වත්ත, බැක්වෙයා වත්ත, කෝදුරාගල වත්ත, දඹහේන වත්ත සහ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් හෝමදොළ වත්ත ලෙස හඳුන්වන මෙම වනාන්තර බිම් සිංහරාජයට පැවරීම සඳහා යෝජනා වී තිබේ. මෙම යෝජනාව ක්‍රියාත්මක නොවනතාක් කල් මෙම වනාන්තර බිම් තේ වගාව හා එනසාල් වගාව සඳහා පමණක් නොව හෝටල් ඉදි කිරීම හා සූර්ය බලශක්ති බලාගාර ඉදි කිරීම වැනි විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා මතුරට වැවිලි සමාගම හා එල්. ඕ. එල්. සී. සමාගම වැනි සමාගම් විසින් වරින් වර එළි පෙහෙළි කරනු ලැබේ.
මෙම වනාන්තරවලින් කොටසක් මේ වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ප්‍රාදේශීය ලේකම්වරු කිහිපදෙනෙකු ගේ දැඩි කැපවීම මත පවරා දී ඇත. නමුත් අනෙක් වනාන්තර කඩිනමින් පවරා ගැනීමට හා ඉන් පසුව ගැසට් නිවේදනයක් මගින් එම සමස්ත වනාන්තර සිංහරාජ වන රක්ෂිතයට සම්බන්ධ කිරීමට සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සිංහරාජය තුළ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට ගන්නා කඩිනම් උත්සාහයන් මෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැත. වතු සමාගම් මගින් මෙම සුවිශේෂී වනාන්තර සියල්ල විවිධ භාවිතාවන්ට ලබා ගෙන අවසන්වන තුරු සමාගම්වල ග්‍රහණයේ සිටින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බලා සිටින බව මේ වන විට තහවුරු වී ඇත. මෙය වැළැක්වීමට පරිසරය ගැන සිතන සියලූ ම දෙනා ගේ මැදිහත්වීම අද වන විට අත්‍යවශ්‍ය ව තිබේ.
leelagemalli / September 12, 2022
පුරවැසියන් ලෙස කවුරුන් හෝ අපරාධ කළහොත් ඔවුන් රාජපක්ෂලා නොවන තාක් කල් ජනතාව ඊට එරෙහිව නැගී සිටිති. කෙසේ වෙතත්, ඔවුන් රාජපක්ෂවරුන් නම්, ඊනියා උගත් ශ්‍රී ලාංකිකයන්ම මැටිවලින් පෝෂණය වූ කිඹුලන් හා සමානයි.
—
රාජපක්ෂලා සහ ඔවුන්ගේ ගෝලබාලයන් විසින් හිතාමතාම ඔවුන්ට කළ සියලු සාහසික අපරාධ සම්බන්ධයෙන් වෛද්‍ය සාෆි පවුලෙන් සහ තඩුඩින් පවුලෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු කාලය මෙය නොවේද?
.
2019 නොවැම්බර් 2020, වැරදි මිනිසුන්ට ඡන්දය දීම මිනිසුන් හිතාමතා කරන ලොකුම වැරැද්ද වන අතර එය නිවැරදි කළ නොහැක.
–
ඒක හරියට අපේ බෙල්ල කපාගන්න හදනවා වගේ වැඩක්. ඊට පසු, නැවත සම්බන්ධ වීමට සහ පෙර පරිදි අපේක්ෂා කිරීමට සෑම උත්සාහයක්ම ගැනීම එතරම් ප්‍රයෝජනවත් නොවනු ඇත.
–
දරු ප්‍රසූතියේදී ශල්‍යාගාරයේදී ඇතැම් මව්වරුන්ට අතවර කළ බවට ටැබ්ලොයිඩ් පුවත්පත්වල පළ වූ වාර්තා අනුව මෙරට මුස්ලිම් ජනතාව සිංහල බෞද්ධ විරෝධීන් ලෙස හංවඩු ගසමින් සිටිති. මම පර්යේෂණ ක්ෂේත්‍රයේ ලෝකයේ සිටින හොඳම වෛද්‍ය විශේෂඥයන් සමඟ සිටින අතර, වරක් මා BMJ හි සමහර සගයන් සමඟ සාකච්ඡා කළ විට, ශ්‍රී ලංකාවේ ටැබ්ලොයිඩ් එකක විස්තර කර ඇති පරිදි පැලෝපීය නාල එබීම කිසි විටෙකත් කිසිදු මෙහෙයුමකදී කළ නොහැකි බව ඔවුන් ඉතා පැහැදිලිය. කාමරය.
.
මේ ආකාරයට සුළු ජාතීන්ට එරෙහිව සිංහලයන් කැරලි ගැසීමට සූදානම් වන විට ඔවුන් පිටුපසින් සෑම විටම සිංහල ගැහැනු පිරිමි විශාල පිරිසක් සිටිති. ? ඔවුන් ඇත්තටම මිනිසුන්ද?
….. කිසිවකට ඔවුන්ගේ ආරක්‍ෂාව ඉවත් කළ නොහැකි නිසා ගෞරවනීය වෛද්‍යවරයා සහ ඔහුගේ බිරිඳ හිරිහැර කළ නොකී කතාව මතකද? සිංහල බෞද්ධකමට උඩගෙඩි දුන් ව්‍යාජ භික්ෂූන්ට සහ ජාතිවාදීන්ට ඉවසා සිටින ඉස්ලාම් භක්තික වෛද්‍ය සාෆි – මම හිතනවා මේ ගැන ඉදිරියේදී පොතක් ලියන්න… ඒක අපේ නිරුවත් බෞද්ධ සංස්කෘතිය මුළු ලෝකෙටම හෙළිකරනවා නිසැකයි. . මගේ අසල්වැසියෙක්, හොඳ මිතුරෙක්, ජර්මානු ජාතිකයෙක් (63), අධ්‍යාත්මිකයෙක්, මනෝවිද්‍යාඥයෙක්, දකුණු ඉන්දීය සංස්කෘතිය සහ එම කලාපයේ දරුණු දේශපාලන ගැටුම් ගැන උනන්දු වූ නිසා මට සියලු කරුණු පැහැදිලි කළා. මම මගේ ජාතිය ගැන ලැජ්ජා වෙමි, නමුත් මට එය තවදුරටත් ලෝකයට පැහැදිලි කිරීම හැර වෙනත් විකල්පයක් නැත, මන්ද යුරෝපීයයන් නිරන්තරයෙන් මගෙන් ප්‍රශ්න කරන අතර අපගේ සිහින කිසි විටෙකත් ළඟා විය නොහැක්කේ මන්දැයි ඔවුන්ට පැහැදිලි කරයි.
වින්දිත සුළුතර මුස්ලිම්වරුන් “සිංහලයන්” ලෙස ඉපදුනේ නම්, දේවල් වඩාත් ධනාත්මක වනු ඇත. මේ එක් උදාහරණයක් පමණි. ඒ හා සමාන හෝ ඊටත් වඩා දරුණු තාඩන පීඩනවලට ලක් වූ නමුත් රාජපක්ෂ විසින් විනාශ කරන ලද සුළු ජාතීන් කී දෙනෙක් අපගේ ස්වභාවික සුන්දර දිවයිනේ සිටීද?
.
මීට මාස කිහිපයකට පෙර වගකිවයුතු අධිකරණය සාෆි වෛද්‍යවරයා නිදොස් කොට නිදහස් කර නියමිත වන්දිය ප්‍රදානය කළේය. ඉන්පසු ඔහු තම වන්දි මුදල හෝ ඊට වඩා හොඳ ලෙස තම හිඟ වැටුප් ශ්‍රී ලංකාවට ඖෂධ මිලදී ගැනීම සඳහා පරිත්‍යාග කළේය, ඔහු අන් අයට වඩා “බෞද්ධ” බව මුළු ලංකාවටම ඔප්පු කළේය. ප්‍රසිද්ධයි.මෙය හුදෙක් හද කම්පා කරවන අතර අංක එක ආකාරයේ ආදර්ශයක් මනුෂ්‍යයෙකු වීම ද වේ. අපේ මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් තවමත් කුරිරු ය, තවදුරටත් කිසිවක් විස්තර කළ නොහැකි ය.
අපගේ දෛනික අවශ්‍යතා සහ අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකි ආර්ථික අර්බුදයකට අප දැන් හසුවී ඇත. ජනතාව සඳහා ඖෂධ.
/
leelagemalli / September 12, 2022
දිව්‍ය බලවේග අන්ධ නම්,
.
මේ රටේ මිනිස්සු MERCY හරක් වගේ නම්
.
විරුද්ධ පක්ෂ බලවත් නැත්නම්
.
ලංකාවේ ආගමික පූජකවරු නිහඩ කළොත්
.
ඉහත සියල්ල සඳහන් කර ජනතාව ප්‍රමාණවත් ලෙස බලගැන්වීම නොකළහොත් රාජපක්ෂලාට මේ ජාතිය සදහටම විනාශ කළ හැකිය.
/
Champa / September 14, 2022
සජීව චාමිකර
මේක පහල තියෙන ඔබේ අනිත් ලිපියට පිළිතුරක්. අදයි ඒ ලිපිය දැක්කේ. එතන පිළිතුරු ලියන්න බැහැ වහලා හින්ද මෙතන ඔබේ ලිපියට මගේ අදහස එකතු කළා.
—————————————————-
“අරගලය සහ ණයට ගත් කේතලය” — සජීව චාමිකර
ඔබේ ලිපිය පුදුම සහගතයි. තමන්ගේ රටේ ප්‍රශ්න රට ඇතුලේ විසඳගන්නේ නැතුව ජාත්‍යන්තරයට අරන් ගිහින් දශක ගණනාවක් තිස්සේ රටට එරෙහිව වැඩ කරපු, අදටත් එහෙම කරන ජාත්‍යන්තර බලවේග එක්ක එකතු වෙලා තමන්ගේ රටට විරුද්ධව වැඩ කරන එක ප්‍රජාතන්ත්‍රවාදයට අලුත් මාවතක් වෙන්නේ කොහොමද? ලැජ්ජයි ඔබ ගැන.
/
Champa / September 14, 2022
සිංහරාජ වනාන්තරය ආරක්ෂා කර ගන්න හැමෝම හඬ අවදි කරන්න ඕනේ. ලෝකය පුරාම දරුණු නියඟයක් පැතිරෙන ලකුණු තියෙනවා. සිංහරාජය විතරක් නෙමෙයි මුළු රටේම වනාන්තර ආරක්ෂා කර ගන්න ඕනේ. වනාන්තර විනාශ කිරීම පිටිපැස්සේ ඉන්නේ දේශපාලකයෝ. අපේ කියලා තියෙන සියලු දේවල් නැති භංග කරන්න කැනහිල් දේශපාලකයන්ට ඉඩ දීල බලා ඉන්නේ මොකොටද?
ලංකාවේ ඓතිහාසික ස්ථාන වල ඉතිහාසය වෙනස් කරන්න නැවැතත් නිහීන උත්සාහයක් ගන්න හදනව. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව සිංහල බෞද්ධ ඉතිහාසයයි, රාවණා ඉතිහාසයයි වෙනස් කළා. දැන් සුද්ද කරපු දේමයි සංචාරක අමාත්‍යාංශයත් කරන්න හදන්නේ. මේ සංචාරක අමාත්‍යාංශයමනේ කොවිඩ් වලට මුළු ලෝකෙම ගුවන් තොටුපොළවල් වහල තියෙත්දී බොරු සංචාරක ප්‍රවර්ධන වලට කියලා ඩොලර් ලක්ෂ ගණන් යටි මඩි ගැහැව්වේ.
අබෞද්ධයන් අසිංහලයන් එකතු වෙලා කැරැල්ලක් ගැහැව්වා සිංහල බෞද්ධ ජනබලය නැති කරන්න. ඒක හරි ගියේ නැහැ.ඒක පිටිපස්සේ හිටපු එවුන් ඇප හම්බ වෙලා මාධ්‍ය සාකච්චා තියද්දි, සමහරු රට යත්දී, උන්ගේ ඇමට හව්වෙච්ච මෝඩ සිංහල බෞද්ධ බිලි බෝයිස්ලා හිරබත් කනවා. මගේ රටත් බුදු දහමත් ආරක්ෂා කරන නොපෙනෙන බලවේග තියෙනකම් රට එරෙහි කිසි දෙයක් හරි යන්නේ නැහැ.
/
Champa / September 14, 2022
අලුත්ම උත්සාහය තමයි සීගිරියේ ඉතිහාසය වෙනස් කිරීම. මොකා කරපු පර්යේෂනයකින්ද ඔප්පු කලේ සිගිරිය විනෝද උයනක් කියලා? පට්ට බොරුවක්. සිගිරිය විනෝද උයනක් කරන්න හදන්නේ, සිගිරිය නිරුවත් ගණිකාවන්ටයි සමලිංගිකයන්ටයි වෙන් කරන්න වෙන්න ඇති. නැත්නම් යකෝ බැලූ බැල්මටම අති පැරණි රාජධානියක්, බලකොටුවක් කියලා පේන සීගිරිය විනෝද උයනක් කියන්නේ?
අපේ අති දියුණු රාවණා ශිෂ්ඨාචාරය ඔප්පු කරන්න අදටත් දකින්න තියෙන හොඳම නිර්මාණ වලින් එකක් සිගිරිය. අපි ට කළුගල් මෙලෙක් කරන්න, කිරිගරුඬ මෙලෙක් කරන්න රසායන ද්‍රව්‍ය තිබුණු බවටත් අපි අති දියණු යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා තනි කළුගල්, තනි කිරිගරුඬ ගල් වලින් මහා නිර්මාණ කරපු බවටත් පැහැදිලි සාක්කියක් සීගිරිය.
එච් සී පී බෙල් සීගිරියට නැග්ගේ ලණු වලින් හදලා තිබ්බ අවුරුදු දහස් ගණනක් පරණ පඩි පෙලකින්. පස්සේ තමයි අනිත් පැත්තේ තිබ්බ පඩි පෙළ හොයා ගත්තේ. බෙල් පැහැදිලිව ලියල තියෙනව සිගිරි ගල උඩ තිබ්බ ගොඩනැගිලි වල බිත්ති වර්ග දෙකක් තිබ්බ කියල. සිංහලයෝ ගැන තිබ්බ ඉරිසියවටයි වෛරයටයි බෙල් ඒවා විනාශ කලා. කම්කරුවෝ විදිහට වැඩ කලේ මලබාරින්. සිගිරි ච්ත්‍ර අපේ ඒවා නෙමෙයි. මුලින්ම දැක්ක ගමන් කෝප වෙච්ච අපේ සිංහලයෝ, 500ක් විතර චිත්‍ර විනාශ කරලා. ඉතුරු ටික තමයි ඔය තියෙන්නේ. ඔතන තිබිලා තියෙන්නේ කන්නාඩියක්. කැඩපතක් කියලා අදටත් කියන්නේ එකයි. හිරු රශ්මිය පරාවර්තනය වෙන්න කරපු දෙයක්. ඇත්තම හේතුව මට තවම හොයා ගන්න ලැබුනේ නැහැ.
/
Champa / September 14, 2022
මට කියන්න තියෙන අනිත් දේ තමයි සීගිරිය සිංහල බෞද්ධයන්ට අති විශේෂ ස්ථානයක් කියන එක. හේතුව මම කියන්න යන්නේ නැහැ දැන්ම. පිරිසක් කියලා තිබුන බුදුරජාණන්වහන්සේ ආදාහනය කල ස්ථානය කියලා. ඒ කතාව වැරදියි.
සීගිරියේ බෞද්ධ ඉතිහාසය දැන ගත්ත එච් සී පී බෙල් සීගිරියේ ඉතිහාස කතාව වෙනස් කළා. කාශ්‍යප රජුගේ රාජධානිය කියන්නේ පට්ට බොරුවක්. සීගිරිය නෙමෙයි ඕකේ නියම නම. සුද්දෝ තමයි සීගිරිය කියලා නම දැම්මේ. බෙල් ඔතන තිබ්බ මහා නිධානය මංකොල්ල කෑවා. දැන් ඕක විනෝද උයනක් කියල බොරුවක් කියලා ඔතනත් රාජපක්ෂලා නිදන් හාරන්න හදනවද දන්නේ නැහැ. රාජපක්ෂ බත් බැලයෙක් සීගිරි ඉතිහාසය වෙනස් කරන්න හදන එකට විරුද්ධව කතා කරපල්ලා..
සීගිරියේ අසාමාන්‍ය නිස්කලංක පරිසරයෙන් පෙන්වන්නේ පහු කාලෙක සිගිරිය සක්මන් භාවනා මළුවක් විදිහට පාවිච්චි කරන්න ඇති කියලා. එච් සී පී බෙල් ලංකාවේ ඉතිහාසය වෙනස් කළා. නැත්නම් සීගිරිය තමයි ලංකාවේ මුල්ම රාජධානිය. අනුරාධපුරේ කියලා නම වෙනස් කරපු අනූ (90)-රාජ-පුරේ එන්නේ ඊළඟට. සීගිරිය ඔය තියෙන විදිහටම තියන්න ඕනේ. සීගිරියට අත තියන්න එපා. සීගිරියට අත තිබ්බොත් මරාගෙන මැරෙනවා, දැනගනින්.
/