
ඇතැම් විට, මේ ලිපිය පළ වන මොහොත වන විට විසි වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී තිබිය හැකිය. එසේ වුව හොත්, අප රටේ පවතින සීමිත ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයේ මද ආලෝකය පවා තවදුරටත් අපට දැක ගන්නට නොලැබෙනු ඇත. දැනටමත් අප මත පතිත වෙමින් තිබෙන අධිකාරීවාදයේ අන්ධකාරය සමාජ අවකාශය පුරාම වේගයෙන් පැතිර යනු ඇත. ඉන්පසුව, යළිත් ප්‍රජාතාන්ත්‍රික අයිතීන් දිනා ගැනීම සඳහා මෙරට පොදු ජන සමාජයට ඉතිරි විය හැකි එකම මාර්ගය වනු ඇත්තේ ජනතා අරගලය පමණි. විධායකය අත අතිමහත් බලයක් සංකේන්ද්‍රණය වූද, මිලිටරි බලයේ ආධාරයෙන් රාජ්‍ය පරිපාලනය ප්‍රතිසංස්කරණයට ලක් කරන්නා වූද, අධිකාරීමය ධනවාදයේ ලාංකීය මොඩලයක් ඉදිරිපත් කරන්නා වූද පාලනාධිකාරයක් නිදහස් හා සාධාරණ මැතිවරණ මගින් පමණක් පරිවර්තනයට ලක් කළ හැකි වේද?
ජාත්‍යන්තර අත්දැකීම් අපට පවසන පරිදි එවන් අධිකාරීවාදී පාලන තන්ත්‍රයන් පරාජය කළ හැකිව තිබෙන්නේ එක්කෝ ජන අරගලයේ දුෂ්කර මාවත ඔස්සේ ගමන් කිරීමෙන් හෝ නැතහොත් විදේශීය මැදිහත්වීම් මගින් පමණි. නිකරගුවාවේ සොමෝසා පාලනය නිමා කරන්නට ඔගස්තෝ සීසර් සන්දිනෝගේ නාමයෙන් දිග් ගැසුණු මහජන අරගලයක් වුවමනා විය; පිලිපීනයේ මාකෝස්ගේ ප්‍රජා පීඩක පාලනය නිමා කෙරුණේ “ජනතා බලය” නමැති තේමා පාඨය යටතේ පෙළ ගැසුණු මහා ජනතා නැගී සිටීමක් මගිනි; 2010-2012 කාල පරිච්ජේදයේදී ඇතැම් මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල හමා ගිය “අරාබි වසන්තය” තවත් එවන් අධිකාරීවාදී පාලන තන්ත්‍ර කිහිපයක්ම බිඳ හෙළන්නට සමත් විය (පසුව ඒ බොහෝ රටවල ප්‍රජාතාන්ත්‍රික ප්‍රති-හෙජමොනියක් ගොඩ නගන්නට විපාක්ෂික බලවේග අසමත් වීම හමුවේ අධිකාරීවාදයේ නැවත පැමිණීමක් නොහොත් “අරාබි ශිශිර සෘතුවක්” උදා වීම ද නිරීක්ෂණය කළ හැකි විය. එයින් පෙනෙන්නේ අධිපතිවාදයේ සිට ප්‍රජාතාන්ත්‍රික නිදහස කරා වන පරිවර්තනය කොතරම් දුෂ්කර වූවක්ද යන්නයි). මෙම ජාත්‍යන්තර අත්දැකීම් අපට පවසන පොදු පණිවිඩය වන්නේ මෙයයි: විසම්මුතික දේශපාලන අදහස් සහ බලවේග ප්‍රකාශයට පත්වීමට තිබෙන්නා වූ ව්‍යවස්ථාමය අවකාශයන් සහ මාධ්‍යයන් අසුරා දැමෙන්නේ කොතැනකද, එතැන ජනතා විරෝධය වෙනස් ආකාරවලින් ප්‍රකාශයට පත්වීමක් අපේක්ෂා කළ යුතුව ඇති බවයි. දැන් මෙරට දේශපාලන ක්‍රියාවලිය ගමන් කරමින් තිබෙන්නේ එවන් දිශානතියක් වෙතට ය.
ජාතිකවාදීන්ගේ විරෝධය
නමුත්, අඩු තරමින් තවමත් තත්ත්වය සහමුලින්ම අඳුරු වූවක් යැයි ද කිව නොහැක. අවසන් මොහොතේදීත් අනපේක්ෂිත දේ සිදු විය හැකිය. (දේශපාලනයේ ඇති නෛසර්ගික අපූර්වත්වය වන්නේ එයයි). විසි වන සංශෝධන යෝජනාව ඉදිරිපත් වීමෙන් පසුව එයට එරෙහි විරෝධයන් විපාක්ෂික පක්ෂ සහ සංවිධාන කෙරෙන් සේම සිවිල් සමාජ කොටස් කෙරෙන්ද මතු විය. වාම සහ ලිබරල් නියෝජනයන් ඒ අතුරින් කැපී පෙනුණි. එය පුදුමයට කාරණයක් නොවේ. මන්ද යත්, සමකාලීන දේශීය මෙන්ම ගෝලීය දේශපාලනයේ හැඩ ගැසීම් ගැන මූලික අවබෝධයක් ඇති කිසිදු වාම-ලිබරල් නායකත්වයකට විස්සට එරෙහි වීමේ තීරණය මග හැර යා නොහැකි බැවිනි. නමුත්, විස්සට එරෙහි පැන නැගීම් තුළ කිසියම් ආකාරයක සුවිශේෂී නියෝජනයක් වූයේ සාම්ප්‍රදායිකව වත්මන් පාලනාධිකාරයට සක්‍රීයව සහයෝගය දක්වන ඇතැම් ආගමික සහ ජාතිකවාදී කණ්ඩායම්ද ඒ අතර සිටීමයි. සැබවින්ම අනපේක්ෂිත කාරණය වූයේ එයයි. එසේම කෙසේ හෝ ඉක්මණින් විස්ස සම්මත කරගැනීමට ප්‍රයත්න දරන පාලනාධිකාරයේ කොටස් සසැලීමට පත් වූයේ නම් ඒ ලිබරල් සිවිල් සමාජ කොටස්වල විරෝධය නිසා නොව මෙම ජාතිකවාදී සිවිල් සමාජ කොටස්වල විරෝධය නිසාය.
විස්සට එරෙහිව පෙනී සිටින ජාතිකවාදී කණ්ඩායම් අප වටහාගත යුත්තේ කෙසේද? ඒවාට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද? මේ සම්බන්ධයෙන් ප්‍රවේශයන් දෙකක් මෙරට ප්‍රජාතාන්ත්‍රික විපාක්ෂික කණ්ඩායම් අතුරින් දැනට ප්‍රකාශයට පත්ව තිබේ. පළමුවැන්න වන්නේ විශේෂයෙන්ම බෞද්ධ භික්ෂූ සංවිධාන ඇතුළත් මෙම ජාතිකවාදී විරෝධතාකරුවන් නියමින් හෝ අනියමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දිරි ගැන්වීම, ආශීර්වාදය ලබනවා විය හැකිය යන්නයි. දෙවැන්න වන්නේ මෙම විරෝධතාකරුවන්ගේ අරමුණ විය හැක්කේ විස්සට එරෙහි ව්‍යාජ විරෝධයක් මවා පෑම මගින් යම් යම් සුළු ප්‍රතිසංස්කරණ සහිතව එය සම්මත කරගැනීමට පාලනාධිකාරයට අවස්ථාව ලබා දීම බවයි. මේ කාරණාවල ඇත්ත නැත්ත අප කිසිවෙකුත් හරියටම දන්නේ නැත. නමුත්, ඉහත ප්‍රවේශයන් දෙකේම ඇති පොදු ලක්ෂණය වන්නේ ජාතිකවාදීන්ගේ විරෝධය අව්‍යාජ එකක් ලෙස නොගැනීමත් එබැවින් ඒ සමග ඇගෑලුම්කම් පැවැත්වීමට නොයාමත්ය. ජාතිකවාදීන් ප්‍රජාතාන්ත්‍රික නිදහස ගැන කතා කරන විට ලිබරල් සිවිල් සමාජ කණ්ඩායම් කොහොමටත් ඔවුන් දෙස බලන්නේ වපර ඇහෙන් ය. මේ අනුව, විස්සට එරෙහිව පෙනී සිටින ලිබරල්වාදීන්, ජාතිකවාදීන් සහ වාම-ලිබරල් නායකත්වයන් පවතින්නේ එකිනෙකට සම්බන්ධයක් නැති විසිරුණු කොටස් ලෙසය. ඔවුන් අතර පොදු දෘෂ්ටිවාදී බැම්මක් තැනී නොමැත. එවන් බැම්මක් තැනීමට සමත් ඓන්ද්‍රීය බුද්ධිමතුන් ශ්‍රේණියක් තවමත් පැන නැගී ඇත්තේද නැත.
ප්‍රජාතාන්ත්‍රික දේශානුරාගයක්
විස්සට එරෙහිව කතා කරන ආගමික සහ ජාතිකවාදී නායකත්වයන් පිළිබඳව කවර විවේචන තිබුණද, ඔවුන්ගේ විරෝධයෙන් සංකේතවත් වන්නේ වත්මන් පාලනාධිකාරය සමන්විත වන කොටස් අතර මෝරමින් තිබෙන අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන් ය; ඇතැම්විට, තවමත් ප්‍රතිවිරෝධයන් බවට පරිවර්තනය වී නොමැති වෙනස්කම් ය. මා මින් පෙරද පෙන්වා දී ඇති පරිදි රාජපක්ෂ බල-හවුල තුළ පවා බරපතල වෙනස්කම් හා නොඑකඟතා පවතී. විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින් නියෝජනය කෙරෙන අධිකාරීමය ධනවාදී ව්‍යාපෘතිය ඇතැම් ජාතිකවාදීන්ගේ අභිලාෂයන් සමග හරියටම පෑහෙන්නේ නැත.
එසේම අප අමතක නොකළ යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ අඩු තරමින් 1980 දශකයේදී විධායකයේ අධිපතිවාදයට එරෙහි පොදු ජන අරගලයේ තීරණාත්මක භූමිකාවක් මෙරට බෞද්ධ භික්ෂූ බලවේග විසින් සිදු කරන ලද බවයි. එබැවින්, ප්‍රජාතාන්ත්‍රික නිදහස අරමුණු කරගත් සම්‍යක් දෘෂ්ටික බෞද්ධ සම්ප්‍රදායක් මෙරට දේශපාලන සම්ප්‍රදාය තුළින්ම මතු කර ගත නොහැකිද? මෙරට කොතරම් සමාජ දේශපාලනික ගැටුම් සහ ලේ වැගිරීම් සිදු වුවද නියෝජන ප්‍රජාතාන්ත්‍රික දේශපාලන සම්ප්‍රදායක්ද අඛණ්ඩව පැවත ‘විත් තිබේ. ශ්‍රී ලංකාව කිසි කලෙකත් පාකිස්ථානය, බංගලාදේශය, දකුණු කොරියාව, ඊජිප්තුව වැනි සෙසු බොහෝ ගෝලීය දකුණේ රටවල් සේ මිලිටරි පාලනයන්ට නතු වූයේ නැත. නිදහසින් පසු මේ දක්වාම ආණ්ඩු මාරු වීම් සිදු වූයේ මැතිවරණ මගිනි. යුද්ධය පැවතියදී පවා සන්නද්ධ හමුදා ශ්‍රේණීන් රාජ්‍ය පරිපාලනය මෙහෙයවීමට සමත් වූයේ නැත. එබැවින්, මෙරට පවතින ප්‍රජාතන්ත්‍රවාදය (එහි සියලුම අඩුපාඩු සහ ගැටළුද සමගම) ලාංකීය සමාජ උරුමයකි; පොදු ජන සම්ප්‍රදායකි. එම ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදාය මුල් කොටගෙන ගොඩ නැගෙන ප්‍රබුද්ධ දේශප්‍රේමයක් පරිකල්පනය කිරීමට වාම ජනතාවාදීන් සමත් විය යුතුය යන්න මගේ අදහසයි.
එවන් ප්‍රබුද්ධ දේශප්‍රේමයක් පිළිබඳ ආදර්ශය අපට අසල්වැසි ඉන්දියාවෙන් උකහා ගත හැකිය. ඉන්දීය ඉතිහාසඥ රාමචන්ද්‍ර ගුහා පවසන පරිදි මහත්මා ගාන්ධි ජාතිකවාදියෙකු නොව දේශප්‍රේමියෙකි. ඔහු නිදහස් ඉන්දියාව හින්දි හෝ හින්දු රාජ්‍යයක් කිරීමට ඉඩ දුන්නේ නැත. ඒ වෙනුවට සියලු ජනවාර්ගික, ආගමික, කුළමය සහ ලිංගිකමය කණ්ඩායම් එක් කොට ගත් බහු-විධ ප්‍රජාතාන්ත්‍රික ජනරජයක් ගොඩ නැගීම ඔහුගේ ප්‍රයත්නය විය. වත්මන් බී.ජේ.පී පාලනය අනුයන්නේ එම මාර්ගය නොව ජනවර්ගවාදී සහ ආගම්වාදී අන්ත-දක්ෂිණාංශික මගකි.
කෙසේ වුවත්, ලිබරල් ප්‍රජාතාන්ත්‍රික නිදහස අගයන ප්‍රබුද්ධ පුරවැසි සම්ප්‍රදායක් අපට තවමත් දකුණු ආසියාතික අත්දැකීම් ඇසුරින්ම වුවත් ගවේෂණය කළ හැකිය. තව දින දෙකකින් විසි වන සංශෝධනය සම්මත වුවද, නොවූවද එවන් ප්‍රතිජනනාත්මක ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදායක් පරිකල්පනය කිරීම අප රටේ ඉදිරි අනාගතයේ මතු වන අධිපතිවාදයට එරෙහි පොදු අරගලය සඳහා මහෝපකාරී වනු ඇතැයි යන්න මගේ අවංක විශ්වාසයයි.
Champa / October 24, 2020
ලියන්න තැනක් නැතුව විස්සෝපෙන් ඉන්න කොට තමයි මෙතන මතක් වුනේ. 20වෙනි සංශෝධනය සම්මත වුනාට පස්සේ වෙනද ලියන සිංහල පත්තරේට මම මේ ගැන හුඟක් කොමෙන්ට්ස් ලිව්වා. 10ක් විතර. එකක් විතරක් පල කරලා තිබුන. ඉතුරුව අද වැටෙයි. සමහර වෙලාවට පල කරන්නෙම නැහැ.
මුළු රටම නියෝජනය කරමින් 20වෙනි සංශෝධනයට විරෝධය දක්වපු ගරුතර ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ, ගරුතර මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ, ගරුතර බෙන්ගමුවේ නාලක හාමුදුරුවෝ, අමරපුර-රාමඤ්ඤ සහ මල්වතු-අස්ගිරි ලේඛකාධි හිමිවරු ඇතුළු අනිකුත් සියලු හාමුදුරුවරුන්ට මගේ ගෞරව පූර්වක ස්තුතිය පල කරලා 22 රෑ යවපු කොමෙන්ට්ස් වැටිලා තිබුනේ නැහැ.
ඉවත් කරන්න අවශ්‍යම වෙච්ච, ද්විත්ව පුරවැසි වගන්තිය ඉවත් කරගන්න බැරිවුනා. නමුත් මහා සංඝරත්නය ඉදිරිපත් වෙලා 20 තිබ්බ තටු එකින් එක කැඩුවා. තටු එක එක කඩා වැටිලා අන්තිමට ඉතුරු වුනේ ගෝඨාභය, බැසිල්, අලි සබ්‍රි පෙනී හිටපු අං තට්ටුව විතරයි. නමුත් මහා සංඝරත්නය ප්‍රසිද්ධියේ දක්වපු තදබල විරෝධයෙන් ආණ්ඩුව ත්‍රස්ත වුනා.
මේ ලිපියේ තුන්වෙනි ඡේදයේ කියන එක හරියටම හරි.
ලංකා ඉතිහාසයේ, තමන්ම ගොඩ නඟපු ආණ්ඩුවක දේශපාලකයන්ට එරෙහිව, ඔවුන් බලසම්පන්නම අවස්ථාවක, මහා සංඝරත්නය සහ ජනතාව එකතුව දක්වපු සාර්ථකම සහ ප්‍රබලම විරෝධය මේක. ඒ හින්ද මහා සංඝරත්නය සහ ජනතාව අතර අලුත් බැඳීමක්, අලුත් විශ්වාසයක්, අලුත් බලයක් ගොඩ නැගුනා. මට කියන්න ඕනේ පටන් ගත්ත ජයග්‍රාහී සටන දිගටම පවත්වා ගෙන යමු කියලා. ඒකට හේතු ගොඩක් තියෙනව.
/
leelagemalli / October 25, 2020
20 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පැහැදිලි වන්නේ තම ආදරණීයයන්ට හිංසා කළත් ඔවුන් එතරම් තැකීමක් නොකරන බවයි. අද සමාජය කෙතරම් භයානකද යන්න දේශපාලන විශේෂ experts යින් පුදුමයට පත් කරයි. සංස්කෘතිය විකෘති වී ඇත්තේ පක්ෂග්‍රාහී මාධ්‍ය විසිනි. ජනමාධ්‍ය මහජනතාවගේ පැත්ත ගන්නා බවක් නොපෙනේ. කාලෝචිත දෙය නම් මාධ්‍ය ධාවකයන්ට මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දිය යුතුය. බලධාරීන් තවදුරටත් නිහ remain ව සිටින්නේ මන්දැයි මම නොදනිමි.20 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පැහැදිලි වන්නේ තම ආදරණීයයන්ට හිංසා කළත් ඔවුන් එතරම් තැකීමක් නොකරන බවයි. අද සමාජය කෙතරම් භයානකද යන්න දේශපාලන විශේෂ experts යින් පුදුමයට පත් කරයි. සංස්කෘතිය විකෘති වී ඇත්තේ පක්ෂග්‍රාහී මාධ්‍ය විසිනි. ජනමාධ්‍ය මහජනතාවගේ පැත්ත ගන්නා බවක් නොපෙනේ. කාලෝචිත දෙය නම් මාධ්‍ය ධාවකයන්ට මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දිය යුතුය. බලධාරීන් තවදුරටත් නිහ remain ව සිටින්නේ මන්දැයි මම නොදනිමි.20 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පැහැදිලි වන්නේ තම ආදරණීයයන්ට හිංසා කළත් ඔවුන් එතරම් තැකීමක් නොකරන බවයි. අද සමාජය කෙතරම් භයානකද යන්න දේශපාලන විශේෂ experts යින් පුදුමයට පත් කරයි. සංස්කෘතිය විකෘති වී ඇත්තේ පක්ෂග්‍රාහී මාධ්‍ය විසිනි. ජනමාධ්‍ය මහජනතාවගේ පැත්ත ගන්නා බවක් නොපෙනේ. කාලෝචිත දෙය නම් මාධ්‍ය ධාවකයන්ට මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දිය යුතුය. බලධාරීන් තවදුරටත් නිහ remain ව සිටින්නේ මන්දැයි මම නොදනිමි.
/
Champa / October 24, 2020
රටම ශක්තිමත් කරමින් මහා සංඝරත්නය පටන් ගත්ත සටන දිගටම ගෙන යායුතු බරපතල කරුණු මේවා. (අනු පිළිවෙලකට නෙමෙයි ලිව්වේ.)
.
1). ඔක්තෝබර් 22, ජාතික ශෝක දිනයක් කියල ජාතික සංවිධාන කියන මතයට මමත් එකඟයි. සමහර වගන්ති වෙනස් කරනවා කිව්වට, විශ්වාසයක් තියන්න බැහැ. ඒ හින්ද දිගටම බලපෑම් කල යුතුයි මම හිතනවා.
.
2). 20 සංශෝධනය දිනුවා විතරයි මුහුණු පොතේ අලි සබ්‍රි පල කරලා තියෙන උද්දච්ඡ තර්ජනය. ජනාධිපති කිව යුතු දෙයක් (ඔහුවත් කියන එකක් නැහැ) තමයි මේ ලියල තියෙන්නේ. මේ තර්ජනය සිංහල මැති ඇමතිවරුන්ට නෙමෙයිද? ඔවුන්ගේ වැඩ ගැන තක්සේරු කරන්නේ තමන් බව නේද ඔහු කියන්නේ? ඒ හින්ද, අලි සබ්‍රි සහ රාජපක්ෂ මහත්වරු අසරණ කරන ආණ්ඩුවේ සිංහල බෞද්ධ මන්ත්‍රීවරු වෙනුවෙන් සහ ආණ්ඩුවට විරුද්ධ සිංහලයන්ද වෙනුවෙන් මහා සංඝරත්නය සහ ජනතාව පාර්ලිමේන්තුවට පිටින් ශක්තිමත් බලයක් ගොඩ නැගිය යුතුයි මම විශ්වාස කරනවා.
.
3). සිංහල රට රකින්න කියල ගෙනාපු රාජපක්ෂ මහත්වරු දැන් ඔවුන් බලයට ගෙන්න ලේ, කඳුළු දහදිය හෙලපු මහා සංඝරත්නයට ඇහුම්කන් දෙන්නේ නැහැ. නමුත් මුස්ලිම්, දෙමල, මැලේ ජාතිකයන් කියනදේ අහනව. මම මේක දකින්නේ මහා සංඝරත්නයට කරපු ලොකු අවමානයක් විදිහට. විවිධ පාර්ශව නියෝජනය කරමින් ආණ්ඩුවට සිංහල බෞද්ධ චන්ද අරන් දුන්නු හාමුදුරුවරු, ආණ්ඩුවේ ක්‍රියා කලාපය ගැන මහජනතාවට උත්තර දෙන්න බැඳිලා ඉන්නවා. ආණ්ඩුව කරපු අවමානයට දෙන්න පුළුවන් හොඳම උත්තරය විදිහට මම දකින්නේ, පොහොට්ටුවට විකල්ප සංවිධානයක් ගොඩ නැගීම. රාජපක්ෂ මහත්වරු පෙන්වලා තියෙනව පොහොට්ටුව සිංහල බෞද්ධයන් වෙනුවෙන් නෙමෙයි කියලා. ඉතින් තව මොකොටද සිංහලයෝ මේ පක්ෂයට වෙලා ඉන්නේ?
/
Champa / October 24, 2020
මහා සංඝරත්නය පටන් ගත්ත සටන දිගටම ගෙන යාමට හේතුවන කරුණු:-
.
4) ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු ඒමට සහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඉඩ දුන් එකට විරුද්ධ වුනේ ඒක අනාගතයේ සිංහල රටට කරන මහා පාවාදීමක් වෙන නිසා. ඔන්න 20 සම්මත වෙලා එක දවසින් බ්‍රිතාන්‍යය අධිකරණය තීන්දුවක් දීල තියෙනව කොටි තහනම වැරදියි කියල. 20 සම්මත වෙලා එක දවසින් ආණ්ඩුව හදනවා විදේශගත ශ්‍රී ලාංකිකයන්ට චන්දය ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න. රනිල් සහ මංගලත් ඕක කරන්න හැදුව. නමුත් මිනිස්සු විරුද්ධ වුනු නිසා කලේ නැහැ. මේ කියන්නේ සිංහලයන් ගැන නෙමේ. විදේශගත මිලියන් 1.2ක් කොටි සහ දෙමල ජනයාට මේ අයිතිය දෙන්න හදන්නේ. පොහොට්ටුවේ මන්ත්‍රීවරු රැවටුනා ද්විත්ව පුරවැසි වරමට චන්දය දීල. ඔවුන්ට වැරැද්දක් කියන්න යන්නේ නැහැ. හේතුව, පක්ෂ නොවුනනම් ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියා මාර්ගයක් අරන් පාර්ලිමේන්තුවෙන් අයින් කරන්න පුළුවන් නිසා. මෙතන තියෙන බරපතලම කාරණාව මේ චන්ද අයිතිය ලැබෙන දෙමල සහ කොටි ඩියස්පෝරාවේ සියලු දෙනා “ද්විත්ව පුරවැසියන්!” මොන තරම් පාවදීමක්ද? රාජපක්ෂ මහත්වරු අනාගත කොටි චන්ද වලට රට පාවා දෙන්න යනව. මොනතරම් දීන රැවටීමක්ද? මේක කරන්න ඉස්සෙල්ල මහා සංඝරත්නය විරුද්ධ වෙන්න ඕනේ.
/
Champa / October 24, 2020
මහා සංඝරත්නය පටන් ගත්ත සටන දිගටම ගෙන යාමට හේතුවන බරපතලම කාරණාව මේක:-
.
5) මේ මාසේ 28, ගෝඨාභයගේ සහ බැසිල්ගේ රටේ රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ එන බව හැමෝම දන්නවා. මම නම් වේලාසනම කිව්වා කළු කොඩි ඔසවන්න ඕනේ කියල.
මේක නිකම් සංචාරයක් නෙමෙයි. ඩීන් තොම්සන් කියල ආර්ථික සංවර්ධනය පිලිබඳ ඇමරිකන් නියෝජ්‍ය සහකාර ලේකම් වරයෙක් “ද හින්දු” පුවත්පතට කියල තියෙනව, “අමාරු, නමුත් අවශ්‍ය තීරණ ගන්නා ලෙස ලංකාවෙන් ඉල්ලනවලු.” මයික් පොම්පේයෝ එන්නේ “කලාපීය සමුද්‍ර සහයෝගතාවය” ගැන කතා කරන්නලු.
මේ කියන්නේ එම්සීසී ගැන නෙමෙයි, ඊට වඩා බරපතල සෝෆා ගිවිසුම ගැන.
ආණ්ඩුව බොරු දෙවෙනි කොරෝනා රැල්ලක් ගෙනාවේ, මයික් පොම්පේයෝගේ ඉන්දියන් සංචාරය ස්ථිර වුනාට පස්සේ. ආණ්ඩුව හදන්නේ ඇඳිරි නීතිය දාල සෝෆා ගිවිසුම අත්සන් කරන්න.
මම සිංහල පත්තරේට විස්තර සහිතව ලියපුව වැටිලා තිබුනේ නැහැ. මේ ගිවිසුම අනුව එක කඳවුරකට අක්කර 10,000ක්, 20,000ක් විතර අරගෙන, ඇමරිකාව, ලංකාව පුරාම නාවුක/ගුවන් හමුදා කඳවුරු 15ක් 20ක් හදන්න ඉඩ තියෙනවා. මම මේ ගණන් කිව්වේ, ඔවුන් පිලිපීනයේ තැනින් තැන හෙක්ටයාර් 90,000ක් ආවරණය වෙන විදිහට හමුදා කඳුවුරු 20ක් හදල තිබිල තියෙනව. 2017 පිලිපීන ජනාධිපතිට මේවා 5ට අඩු කරන්න කිව්වා. ඔවුන් අත්සන් කරලා තිබුනේ ඇමරිකන් හමුදා තාවකාලිකව රටට එන VFA කියන ගිවිසුම. සෝෆා කියන්නේ තාවකාලිකව එන ඇමරිකන් හමුදා සහ රටේ ස්ථිරව පදිංචි වෙලා ඉන්න හමුදා කියන දෙකම.
පිලිපීනය නැති නිසා දැන් ඇමරිකාවට අලුත් රටක් හොයා ගන්න ඕනේ. ඔවුන්ගේ ලේසිම ගොදුර, දේශද්‍රෝහී පාලකයන් ඉන්න අපේ රට.
Contd’….
/
Champa / October 24, 2020
වචන සීමාව නිසා, මගේ අතින් මෙතන අකුරක් දෙකක් එහා මෙහා වෙලා තියෙනව.
පිලිපීනය ගැන කොටස මෙහෙම කියවෙන්න ඕනේ:-
“2017 පිලිපීන ජනාධිපති, ඇමරිකාවට කිව්වා මේ කඳවුරු ගණන 5ට අඩු කරන්න කියල. ඔවුන් අත්සන් කරලා තිබුනේ ඇමරිකන් හමුදා තාවකාලිකව රටට එන VFA කියන ගිවිසුම. “
/
Champa / October 24, 2020
එම්සීසී ගිවිසුම අත්සන් කරන්න කොන්දේසි සපුරන්න තියෙනවා. නමුත් සෝෆා ගිවිසුමට එහෙම කොන්දේසි නැහැ. එම්සීසී සහ සෝෆා අතර සම්බන්ධයක් නැහැ. නමුත් ඇමරිකාව සූක්ෂම විදිහට මේ දෙක සම්බන්ධ කළා, වැඩි අවධානය එම්සීසී පැත්තට හරවන්න.
සෝෆා ගිවිසුම අත්සන් කලහම, ඇමරිකන් හමුදා කඳවුරු හදන්න ගෝඨාභය සහ බැසිල් ඔවුන් ඉල්ලන ඕනේ ස්ථානයක් දෙයි. ගන්නේ ඓතිහාසික පුරාවස්තු සහිත කැළෑ ඉඩම්. හුඟ සිංහලයන් දන්නේ නැති වුනාට අපේ ඉතිහාසයේ රහස් හුඟක් සැඟවිලා තියෙන්නේ අපි නොදැකපු ස්ථානවල.
මේකට තමයි පහුගිය කාලේ ගෝඨාභය, බැසිල්ගේ අනුග්‍රාහකත්වයෙන්, රක්ෂිත වනාන්තර සහ පුරාවස්තු සහිත බිම් ඉවක් බවක් නැතුව කපලා ගිනි තිබ්බේ. රට පුරා පාරවල් ලක්ෂයක් හදන්න හදන්නේ ඇමරිකන් හමුදා කඳවුරු වලට යන්න.
කිසිම සිංහලයෙක් මේ ගිවිසුම් දෙකෙන් එකක්වත් අත්සන් කරන්න හිතන්නේ වත් නැහැ.
දැනගන්න තියෙන විදිහට, පොම්පේයෝ එන්නේ ඇමරිකන් පුරවැසියන්ගේ ඉල්ලීමට.
හාමුදුරුවනේ, ඔක්තෝබර් 28ට ඉස්සෙල්ල, 20ට විරුද්ධ වුනු සියලු පාර්ශව වල මහා සංඝරත්නය එකතු කරගෙන, අභයාරාමයේ මාධ්‍ය හමුවක් තියලා මේ ගැන රටටම කියල මේ වැඩේ නවත්තන්න ඔබ වහන්සේලා ඉදිරිපත් වෙන්න ඕනේ. මීට කලින් මේ ගිවිසුම් වලට විරුද්ධ වෙච්ච සිංහල බෞද්ධ මන්ත්‍රීවරු සියලු දෙනා අද ඇමරිකන් පුරවැසියන්ගේ ප්‍රාණ ඇපකාරයො වෙලා.
ඉංග්‍රීසි පාලකයන් සහ ම්ලේච්ඡ ඉංග්‍රීසි බයිනෙත්තු හමුදාව ඉස්සරහ, ඉංග්‍රීසි කොඩිය බිමට ඇදලා, පාගලා, සිංහ කොඩිය ඔසවපු වාරියපොළ සිරිසුමංගල සංඝනායක පරපුරේ ඔබ වහන්සේලා, රාජපක්ෂ මහත්වරු ඇමරිකාවත් එක්ක රහසින් අත්සන් කරන්න යන සෝෆා ගිවිසුමට විරුද්ධ බව කියන්න ඕනේ.
ඒ වගේම, පොම්පේයෝගේ ලංකා ගමනට විරෝධය පල කරලා සියලු සිංහලයන් පොහොට්ටුවෙන් ඉවත් වෙන්න ඕනේ.
/
Champa / October 24, 2020
මයික් පොම්පේයෝ එන්නේ, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, ආගමික නිදහස සහ යුක්තිය ගැන කතා කරන්නලු.
දෙවෙනි කොරෝනා රැල්ලක් ගැන කියා කියා ආණ්ඩුව රටම බය කරගෙන, ජනතාවට කතා කිරීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ සහ තොරතුරු දැන ගැනීමේ නිදහස සීමා කරලා, රටම වහගෙන, රටම බඩගින්නේ තියාගෙන, පොඩි දරුවොත් බඩ ගින්නේ තියාගෙන ඉන්නේ මයික් පොම්පේයෝ එනකම්, රටටම ඇඳිරි නීතිය දාලා, රටට හොරෙන් එම්සීසී සහ සෝෆා ගිවිසුම් අත්සන් කරන්න බව මයික් පොම්පේයෝ දන්නවද දන්නේ නැහැ.
ඇමරිකාව හොඳටම දන්නවා මිලියන 15ක සිංහලයන් මේ ගිවිසුම් අත්සන් කරන එකට විරුද්ධ බව.
ඒ හින්ද මේ විදිහට ජනතාවට විරෝධයක් දක්වන්න ඉඩ නොදී, ඔවුන් මර්දනය කරගෙන, ඔවුන් ගෙවල් වලට කොටු කරලා හොර රහසේ ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කරන එක, සියලු ජාත්‍යන්තර මානුෂීය නීති, සියලු ජාත්‍යන්තර මානව හිමිකම් පිලිබඳ නීති සහ රට වැසියන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ සියලු ජාත්‍යන්තර නීති වලට පටහැනි බව, මානව හිමිකම් ගැන පෙරමුණේ රාල වෙච්ච ඇමරිකාව වගේ රටක රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ නොදැන ඉඳීම ලැජ්ජාවක්.
/
Champa / October 26, 2020
මගේ කොමෙන්ට්ස් වලින් පස්සේ රාජපක්ෂවරුන්ට එක පාරට අභයාරාමය මතක් වෙලා. 20 වෙනි සංශෝධනය සම්මත කරගන්න ඉස්සෙල්ල මේ හාමුදුරුවරු අභයාරාමයේ ඉඳන් 20ට විරුද්ධව මාධ්‍ය හමු ගණනාවක් පැවැත්තුවා. නමුත් එක රාජපක්ෂ කෙනෙක් ආවේ නැහැ නිකමටවත් අහන්න. අන්තිමටම චන්ද ගණන් කරන්න ඉස්සෙල්ල 20 ගැන කතා කරන්නත් පන්සලට එන්නේ නැතුව හාමුදුරුවරුන්ව තමන්ගේ කකුල් දෙක ලඟට ගෙන්න ගත්තලු. 20ට විරුද්ධ වෙලා හිටපු අනිත් මැති ඇමතිවරුන්ට මොන තර්ජන කලාද දන්නේ නැහැ.
ගරුතර මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ බස්නාහිර පළාතේ සංඝනායක නායක හාමුදුරුවෝ කියල මම දැන ගත්තේ ඊයේ.
බලන්න, සාසනයේ මේ තරම් ඉහල තනතුරක් තිබ්බ හාමුදුරු කෙනෙක් තමයි රාජපක්ෂවරු බලයට ගේන්න ගිනි අව්වේ කොටුවේ දුම්රියපොළ ඉස්සරහ විරෝධතා වලටත් සහභාගී වුනේ. නමුත් රාජපක්ෂලා පන්සල පැත්ත පළාත බැලුවේ නැහැ බලයට ආවට පස්සේ. නායක හාමුදුරුවෝ කිහිප වතාවක් මම දැක්ක ටීවී එකේ කියනවා ආණ්ඩුවට අපි ඉන්නවද නැත්ද කියලවත් මතක නැහැ කියල.
දැන් ඉතින් නැවත සකස් කල නොහැකි තරමට රාජපක්ෂ මහත්වරු කරගත්ත හානිය බරපතලයි.
රටේ චන්දදායකයන් අති විශාල ප්‍රමාණයක් පහුගිය මහ මැතිවරණය වර්ජනය කලේ හෝ චන්ද පොලට ගිහින් තමන්ගේ චන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප වෙන විදිහට අකුරු ලියල කුරුටු ගාල ආවේ මහා සංඝරත්නය කියල නෙමෙයි, රාජපක්ෂවරුන්ගේ යූටර්න් ගැන විරෝධය පල කරමින් සමාජය දැනුවත් කරන තව පිරිස් සමාජ මාධ්‍ය තුල ඉන්න නිසා.
කොහොමටත් පොහොට්ටුවේ වැටීම සහ අළුත් කඳවුරක ආරම්භය ඕනෑම මොහොතක වෙන්න පුළුවන්.
/
Champa / October 26, 2020
පොහොට්ටුව තියෙන්නේ මුස්ලිම් ජාතිකයන් සහ ඇමරිකන් පුරවැසියන් වෙනුවෙන් බව රාජපක්ෂ මහත්වරු ඔප්පු කරලා, ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මව් රටේ රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝගේ ගමනින් තහවුරුත් කරලා තියෙනව.
ඒ හින්ද, සියලු සිංහලයන්, විශේෂයෙන් සිංහල බෞද්ධයන් සියලු දෙනා, ඇමරිකන් පුරවැසියන්ට ලංකාව ගැන තීරණ ගන්න බලය දුන්නු 20වෙනි සංශෝධනයට සහ මයික් පොම්පේයෝගේ ගමනට විරෝධය පල කරලා පොහොට්ටුව අත හරින්න ඕනේ.
/
leelagemalli / October 27, 2020
You the like ones are the real patriots. Champa.
:
I am proud of you. I have no doubt my good friend SINHALA man would do the same.
:
/
Champa / October 26, 2020
විදේශ අමාත්‍යංශය කිව්වා කියල බොරු ප්‍රවෘත්තියක් නිකුත් කරලා තියෙනවා, කිව්වේ කවුද නමක් ගමක් නැතුව. ඒක නිල නිවේදනයක් නෙමෙයි.
ඇමරිකන් ජනාධිපතිවරණය කට ළඟ තියාගෙන, නිකම් හායි බායි කියන්න ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයෙක් ලංකාවට එනවද? ඔහු එන්නෙම ගිවිසුම් අත්සන් කරන්න.
විදේශිකයෝ දැනුවත් නමුත් සාමාන්‍ය ජනතාවට ලංකාවේ භූගෝලීය පිහිටීම ගැන මතක නැහැ. ලංකාව වටේට දූපත් 60කට වඩා තියෙනවා. සෝෆා ගිවිසුමට හරියන වටපිටාව.
ඇමරිකන් පුරවැසියෙක් වන ජනාධිපතිවරයාට තමන්ට කැමති විදිහට ලංකාව ඇතුලේ ඉඩම් සහ රට වටේ තියෙන දූපත් ඇමරිකාවට දෙන්න පුළුවන් බලතල 20 න් අරගෙන තියෙනව.
ඇමරිකන් පුරවැසියා අපේ මව්බිම පාවල දෙන තීරණයට විරුද්ධව ලංකාවේ පුරවැසියෙකුට නඩුවක්වත් දාන්න බැරි විදිහට තමයි 20 ගෙනාවේ.
20, රට බරපතල අනතුරකට ඇදලා දාල තියෙන්නේ දැනටම. සෝෆා, එම්සීසී ගිවිසුම් වලින් අපේ ස්වෛරීභාවයත් නැති වෙනවා.
ඇමරිකාවට, ලංකාව එම්සීසී අත්සන් කලත් එකයි නැතත් එකයි. හැබැයි එම්සීසී ප්‍රදානය ලැබෙන්න සෝෆා ගිවිසුමත් අත්සන් කරන්න ඕනේ. වහල් ආණ්ඩුව කාලෙත් සෝෆා ගිවිසුම එම්සීසී ගිවිසුමේ අතුරු ලියවිල්ලක් විදිහට හොරට ඒකට අමුණලා තිබුනේ. දේශද්‍රෝහී පාලකයෝ කොලේ වහල මේක කරන්න හදන්නේ. 20 මොන තරම් අහිතකර දේවල් තිබුනද කියල මිනිස්සු දැන ගත්තේත් අන්තිම මොහෙතේ.
මුල ඉඳන්ම මම ලිව්ව විදිහට 20යි මයික් පොම්පේයෝගේ ගමනයි එකට සම්බන්ධයි.
20 ප්‍රධාන අරමුණ වුනේ, මයික් පොම්පේයෝගේ ගමනට ඉස්සෙල්ල එම්සීසී සහ සෝෆා ගිවිසුම් අත්සන් කරන බලතල සහ ඇමරිකන් පුරවැසියෙක් විදිහට ඒ ගිවිසුම් අත්සන් කරන්න ගෝඨාභයට බලය ලබා දීම.
20 සම්මත කරගන්න ආණ්ඩුවට තිබ්බ හදිස්සිය ඒකයි.
/
Champa / October 26, 2020
අවුරුදු 133ක් ඉංග්‍රීසින්ට ලංකාව පාලනය කරන්න පුළුවන් වුනේ ඉංග්‍රීසි ආණ්ඩුව මැලේසියාවෙන් ගෙන්නාගෙන ඔවුන්ගේ හමුදාවට බන්ද ගත්ත මැලේ ජාතිකයන් නිසා. ඔවුන් සිංහලයන්ගේ හොඳ හිතින් ප්‍රයෝජන අරන්, සිංහල නායකයන්ගේ ගෙදර වල ගැවසිලා, කාල බීල, විශ්වාස දිනාගෙන, සිංහලයන්ගේ සටන්ක්‍රම, යන පාරවල්, ඉන්න ප්‍රමාණය ආදී උපක්‍රමිකව ඉතා වැදගත් යුධ රහස් ගැන ඉංග්‍රීසින්ට ඔත්තු සැපයුවා. ඉංග්‍රීසින් අපේ සිංහලයන් සමූලඝාතනය කලේ, අපිව සටන් වලින් පරද්දන්න පුළුවන් වුනේ ඒ ඔත්තු හින්ද මිසක් අපි යුධ ශක්තිය, හමුදා ශක්තිය හෝ උපක්‍රම ශක්තිය අතින් දුර්වල වුනු නිසා නෙමෙයි.
ඉංග්‍රීසින්ට හැරෙන්නවත් බැරි සටන් ක්‍රම අපිට තිබුනේ. අපේ සිංහලයෝ ඉංග්‍රීසින්ගේ තුවක්කු අරන් ගිහින් ගලවල, අපේ රටේ අමුද්‍රව්‍ය වලින් ඒ විදිහටම තුවක්කු හදලා එවයින්ම උන්ට පහර දුන්න.
මේ කතාව කිව්වේ සිංහලයන්ට නැවත මතක් කරන්න, 1803 ඉංග්‍රීසින් තමන්ගේ මුළු ශක්තිය යොදලා කන්ද උඩරට අල්ලගන්න පහර දුන්න. නමුත් අපේ සිංහල මුතුන් මිත්තන් ඔවුන් පරාද කරලා කන්ද උඩරටයි දළදා හාමුදුරුවොයි බේරා ගත්ත.
1815 ලංකාව ඉංග්‍රීසින්ගේ යටත් විජිතයක් වුනේ සටනකින් නෙමෙයි, උඩරට සිංහලයන් ගිවිසුමකින් අපේ රට ඉංග්‍රීසින්ට පාවල දුන්නු නිසා.
අදත් ඒ පාවාදීමම වෙන්න යනව.
/
Champa / October 26, 2020
දෙමල ජාතිකයන් යාපනේ දුම්කොළ වවන්න දකුණු ඉන්දියාවෙන් ගෙනාව වගේම, ඉන්දුනීසියානු දූපත් සහ මැලේ අර්ධද්වීපයෙන් සොල්දාදුවන් විදහට මැලේ ජාතිකයන් මුලින්ම ලංකාවට ගෙනාවේ ලන්දේසින්. ඊට පස්සේ ඔවුන් ඉංග්‍රීසින්ට වැඩ කළා. පසුව ඉංග්‍රීසින් තවත් මැලේ මිනිසුන් ලංකාවට ගෙන්වා ගත්ත ඔවුන්ගේ හමුදාවට සේවය කරන්න. කොටසක් සොල්දාදුවන් විදිහට සේවය කරත්දී අනෙකුන් සිංහලයන්ගෙන් කකා බිබී ඉංග්‍රීසින්ට සිංහලයන් ගැන ඔත්තු සැපයුවා.
/
Champa / October 26, 2020
රට පාවල දීල මේ ආණ්ඩුවට වැඩිකල් දුවන්න බැහැ. මේ පරදේශක්කාර ආණ්ඩුව සිංහලයෝ පෙරලුවේ නැත්නම් ස්වභාව ධර්මය ඒක කරයි.
මයික් පොම්පේයෝ මොනවා අත්සන් කලත් අනාගතයේ ඒවා බල රහිත වෙනවා.
ගෝඨාභය නාමයෝජනා දෙනකොට විතරක් නෙමෙයි දිව්රුම් දෙනකොටත් ඇමරිකන් පුරවැසියෙක්.
ඔහු ජනාධිපති වුනේ මැතිවරණ නීති උල්ලංඝනය කරලා.
ගෝඨාභය වංචා සහගතව ජනාධිපතිවරණයට තරඟ කල නිසා, අනාගතයේ උසාවි තීන්දුවකින් ඔහුගේ පත්වීම අවලංගු වෙනවා. එතකොට ඔහුගේ ධූර කාලයේ ගත් සියලු තීරණ, සම්මත වුනු සියලු පනත් සහ ව්‍යවස්ථා සංශෝධන, අත්සන් කල සියලු ගිවිසුම් අහෝසි වෙනවා.
අපේ මව්බිම පාවල දුන්නොත්, හිතන්න එපා අපිත් නිකම් ඉඳියි කියල.
ගෝඨාභය දන්නවා තමන්ගේ පත්වීම නීත්‍යානුකූල නැහැ කියල. ඒ බය හින්දයි 20න් තමන්ගේ ආරක්ෂාවට ද්විත්ව පුරවැසිභාවය නැවත ලබා ගත්තේ.
/