18 April, 2021

Blog

අසූව දශකයේ උගුල, ජිනීවා සහ වම

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

“රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැතැයි” ජනප්‍රිය සිංහල කියමනක් තිබේ. නමුත්, අපගේ නිදහසින් පසු දේශපාලන ඉතිහාසය පුරාම අප නොයෙක් වර එකම වලේ කිහිපවරක්ම ඇද වැටී නොමැතිද? යමෙකු අතීතයේ හසු වූ උගුලක් වෙත උඩඟු ලෙස යළිත් පිය මැන යාමේ දර්ශනයක් මදක් සිහියට නගන්න. දැන් ලාංකීය ජාතික තලයේ දේශපාලනයේ නව හැඩ ගැසීම් වටහා ගැනීමට වඩා උචිත වන්නේ එවන් අසාර දර්ශනයක් බව මගේ අදහසයි. අප මෙවර වැටෙන්නට යන උගුල වනාහී අසූව දශකයේදී මහා සමාජ ව්‍යසනයකට හේතු වූ දේශපාලන උගුලටද වඩා අතිශයින් භයානක සහ තීව්‍ර වූවකි. ඒ උගුලට මෙරට ප්‍රධාන ධාරාවේ සිංහල දේශපාලන සමාජය දැන් ගමන් කරමින් සිටින්නේ ඇදහිය නොහැකි තරමේ ආත්ම විශ්වාසයකින්ද යුක්තවය. පසුගිය සති කිහිපයේ සිදු වූ වැදගත් සංසිද්ධීන් කිහිපයක්ම මේ සඳහා සාක්ෂි සපයයි.

හේයි ජිනීවා!

පැහැදිලිවම වඩා ආසන්න සිද්ධිය වන්නේ මෙරට විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් කවුන්සිලය ඉදිරියේ පවත්වන ලද දේශනයයි. සිය වැදගත්ම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාන්විතය ඉටු කිරීමට පිටත්ව යාමට පෙර සිංහල-බෞද්ධ ජාතිකවාදයේ ප්‍රමුඛ පෙළේ දෘෂ්ටිවාදී නියමුවන් කිහිප දෙනෙකුගේ ආශීර්වාදය ලබා ගත් විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන් ඉදිරියේ පෙනී සිටියේ දකුණු ලංකාවේ ජන්දදායකයින් ආමන්ත්‍රණය කිරීමට උචිත ආකාරයේ පණිවිඩයක් අතැතිවය. ඒ කොතෙක්ද යත්, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කළ හමුදාව හැඳින්වීමේදී “වීරෝධාර” යන විශේෂණය එක් කිරීමට ඔහු අමතක නොකළේය.

නමුත්, තමන් ජාතිකමය සංධර්භයක් තුළ දේවල් තේරුම් ගන්නා ආකාරය ජාත්‍යන්තර ප්‍රජාව විසින්ද ඒ ආකාරයෙන්ම ඒත්තු ගනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේදී කෙසේවත් අපේක්ෂා කළ හැක්කක් නොවේ. නිදහසින් පසු මෙරට බලයට පත් බොහෝ නායකයින් අඩු තරමින් විදේශ සබඳතා හැසිරවීම සඳහා පුද්ගලයින් තෝරා ගත්තේ මේ කාරණය ගැන කිසියම් අවබෝධයක් සහිතවය. සිංහල ජාතිකවාදියෙකු වූ ජේ.ආර් ජයවර්ධන පවා විදේශ අමාත්‍ය ධූරය සඳහා තෝරා ගත්තේ සුළුතර ජන වර්ගයක් නියෝජනය කළ ඒ.සී.එස් හමීඩ්වය. ජේ.ආර් කලාපීය සබඳතා (විශේෂයෙන්ම ඉන්දියාව සමග) කළමනාකරණය කිරීමේදී අසමත්භාවයක් ප්‍රකට කළ බැව් සැබෑය. නමුත්, ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලයක් ගොඩ නැගීමට පවා උත්සාහ කළ ඔහුට අඩු තරමින් මැද පෙරදිග රටවල් සමග යහපත් ආර්ථික සබඳතා පවත්වා ගැනීමට ඔහුගේ මුස්ලිම් ජාතික විදේශ ඇමතිවරයාගේ දායකත්වය ප්‍රයෝජනවත් විය. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනයේ පළමු දෙවසර තුළ විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ බටහිර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව ආමන්ත්‍රණය කිරීමේ භාෂාව දැන සිටි මංගල සමරවීරය. නමුත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට මුහුණ දීමට සිදු වී තිබෙන අසීරුතම රාජ්‍ය තාන්ත්‍රික අභියෝගය ජය ගැනීම සඳහා සිංහල-බෞද්ධ ජාතිකවාදයේ ප්‍රමුඛ නියෝජිතයෙකු තෝරා ගැනීමෙන් කිසියම් වැදගත් දේශපාලන සංඥාවක් ලබා දී තිබේ. එම සංඥාව ඔහුගේ සිංහල ජන්දදායකයින් තේරුම් ගන්නා ආකාරයත් බාහිර ලෝකය තේරුම් ගන්නා ආකාරයත් කොතරම් එකිනෙකට පරස්පරදැයි ඉදිරියේදී වඩාත් හොඳින් පැහැදිලි වනු ඇත.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ජිනීවා ප්‍රයානය පිළිබඳව ඉදිරිපත් වන බෙදුණු-ප්‍රතිචාරවල ස්වරූපයෙන්ම පෙනී යන්නේ ගැටුම්කාරී බලවේග රාජ්‍ය තාන්ත්‍රිකව කළමනාකරණය කිරීමෙහිලා වත්මන් ආණ්ඩුව දක්වා ඇති අසමත්භාවයයි. (මෙය අපට සිහි ගන්වන්නේ 1955 දී පැවති ප්‍රාග්-නොබැඳි සම්මේලනය නොහොත් සුප්‍රසිද්ධ බැන්ඩුන් සම්මේලනයේදී සෝවියට් දේශය විවේචනය කරමින් කතා කළ ජෝන් කොතලාවල මහතා “බැන්ඩුන් වීරයා” ලෙස ආණ්ඩු-හිතවාදී පුවත්පත්වලින් ප්‍රශංසා ලබන විට “බැන්ඩුන් බූරුවා” ලෙස වාමාංශයේ “ඇත්ත” පුවත්පතින් ගැරහුම් ලැබීමේ සිද්ධියයි.)

ඉන්දීය සාධකය

ජිනීවා මානව අයිතීන් සැසිය මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ විදේශ සබඳතාවල නව හැඩ ගැසීම් සම්බන්ධයෙන් මතභේදාත්මක වූ පරිසරයක් තුළය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධ සිද්ධිදාමය ඉන්දීය රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ බුද්ධි මණ්ඩලයන් විසින් තේරුම් ගනු ලබන්නේ රාජපක්ෂ පාලනය යටතේ ශ්‍රී ලංකාව වඩ වඩාත් චීනය වෙත හැරීමේ ප්‍රවණතාවට සමාන්තරව ගනිමින්ය. ඉන්දීය, එක්සත් ජනපද සහ යුරෝපීය බලවතුන් සම්බන්ධයෙන් දෘඪ විරෝධයක් දක්වන සිංහල-බෞද්ධ ජාතිකවාදීන් චීනය මත ආර්ථිකව පරායත්ත වීම කෙරෙහි දක්වන්නා වූ මෘදු ප්‍රතිචාරය තවදුරටත් රහසක් නොවේ. ගෝලීය දේශපාලනයේ විශාල චිත්‍රය තුළ චීනය සහ එක්සත් ජනපදය අතර පවත්නා පරස්පර අභිලාෂයන් අතර ගැටුම දැන් කේන්ද්‍රයට පැමිණ අවසන්ය. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් දැන් බරක් ඔබාමාගේ “ආසියාව වෙත හැරීමේ” විදේශ ප්‍රතිපත්ති රාමුව යළි ක්‍රියාවට නැගීමට උත්සුක වෙමින් සිටී. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද හිතවාදී සහයෝගීතා හවුලක් ගොඩ නැගීමට අසමත් විණැයි බයිඩන්ගේ උපදේශකයෝ චෝදනා කරති. නිසැකවම දැන් ඔවුන් ප්‍රයත්න දරන්නේ එම අරමුණ සඵල කර ගැනීම පිණිසය. “නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක්” පිළිබඳ එක්සත් ජනපද සටන් පාඨය ඔවුනගේ භූ-දේශපාලනික අභිලාෂයන් සමග බැඳී ඇති බව නොරහසකි. මේ නව පෙළ ගැසීම් ශ්‍රී ලංකාව කෙරෙහි වඩා බරපතලව බලපානු ඇති බව වටහා ගැනීමට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පෘථුල දැනුමක් අවශ්‍ය වන්නේ නැත.

මීට අදාළ ප්‍රධාන සාධක දෙකක් ගැන ඔබේ අවධානය යොමු කරන්නට මම කැමැත්තෙමි. පළමුව, අප රට පිහිටා තිබෙන්නේ ගෝලීය හෙජමොනික අරගලයේ නව සංග්‍රාම භූමිය බවට පත්ව තිබෙන ඉන්දු-පැසිෆික් කලාපයේ මධ්‍යයෙහිම ය. අප දැන් සිටින්නේ එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතර 1991 දක්වා පැවති ශීත යුද්ධයේදී මෙන් “ෂේප් එකේ සිටිය හැකි” ස්ථානයක නොවේ; එකල හංගේරියාව, පෝලන්තය, රුමේනියාව, කොරියාව වැනි රටවල් ස්ථානගතව තිබූ ආකාරයේ ස්ථානයකය. (මෙහි අදහස කිසිසේත්ම පළමු ශීත යුද්ධය සමයේ වූ සිදුවීම් පුනරාවර්තනය වීමට නියමිතය යන්න නොවේ. අප සිටින්නේ නව ඓතිහාසික තත්ත්වයක් තුළය). දෙවන සාධකය වන්නේ නියතවම ඉන්දියාවය. තමන්ට ආසන්නයේ සිටින දූපත් රාජ්‍යය තම භූ-දේශපාලනික වුවමනාකම්වලට තර්ජනයක් වන ආකාරයෙන් හැසිරෙන්නේදැයි සොයා බැලීම දකුණු ආසියාතික කලාපීය බලවතාට කිසිදාක මග හැරී ගොස් නොමැත. හම්බන්තොට වරාය (පාකිස්තානයේ ග්වදාර් වරාය මෙන්ම) චීනයේ තීරු සහ මාර්ග ව්‍යාපෘතියේ වැදගත් තොටුපලක් බව ඔවුන්ට කෙසේවත් නොතකා සිටිය නොහැකිය. උතුරේ දූපත් තුනක බල ශක්ති ගවේෂණ කටයුතු චීන සමාගම්වලට පැවරීමක් ගැන දැන් ඉන්දීය මාධ්‍ය කතා කරන්නට පටන්ගෙන තිබේ. ඒ මදිවාට ජිනීවා ජරමරය අස්සේම පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරයි. මේ සියල්ල එක්ව ගත් කල වත්මන් පාලනය යටතේ ක්‍රමයෙන් මෝරමින් තිබෙන ඉන්දු-ශ්‍රී ලංකා විරසකභාවය පිළිබඳ කාරණය වටහා ගැනීම කිසිසේත් අසීරු වන්නේ නැත.

අසූවේ උගුල

ඉන්දියාවට ශ්‍රී ලංකාව සමග විරසකභාවයක් ඇති වන ඕනෑම විටෙකදී ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයට මැදිහත් වීමට ඉඩ සලසන අභ්‍යන්තර සාධකයක් මේ දිවයින තුළ පවතී. ඒ තමන් දැනටමත් යුදමය ලෙස විසඳා ඇතැයි මෙරට වත්මන් පාලකයින් කල්පනා කරන ජනවාර්ගික ගැටුමයි. මෙරට දේශපාලනිකව සංවිධානය වූ සිංහල ප්‍රජාවේ බහුතරයක් ඉන්දීය මැදිහත්වීම් ගැනත් එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් කවුන්සිලයේ යෝජනා ගැනත් දක්වන්නේ පසමිතුරු නැතහොත් විවේචනාත්මක ස්ථාවරයකි. නමුත්, දේශපාලනිකව සංවිධානය වූ දෙමළ (සහ වත්මනෙහි කිසියම් දුරකට මුස්ලිම්) ප්‍රජාවන් ඒ සම්බන්ධයෙන් දක්වන්නේ මිත්‍රශීලී ස්ථාවරයකි. පැහැදිලි පසමිතුරුතා අක්ෂයක් මේ ප්‍රතිචාර දෙක අතර ඇඳේ. අඩු තරමින් අසූව දශකයේ සිට අපට නිරීක්ෂණය කළ හැකි තත්ත්වය එයයි.

අසූව දශකයේදී, විශේෂයෙන්ම 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව, ලාංකීය ප්‍රධාන ධාරාවේ දේශපාලන පසමිතුරුතා අක්ෂය නිමැවුණේ ඉන්දීය විරෝධී ඊනියා දේශප්‍රේමී කඳවුරත් ජනවාර්ගික ගැටුමට බලය බෙදීමේ දේශපාලන විසඳුමකට පක්ෂ කඳවුරත් අතරය. සිංහල සමාජය තුළ දෘෂ්ටිවාදී ආධිපත්‍ය තහවුරු කර ගත් පළමු කඳවුර විසින් දෙවන කඳවුරේ අයවලුන්ව නම් කරන ලද්දේ දේශද්‍රෝහීන් ලෙසයි. ජවිපෙ ඇතුළු සිංහල වාමාංශයේ බලගතු කොටසක් දේශප්‍රේමී සටන් පාඨ අතැතිව සිංහල ජාතිකවාදීන් සමග සන්ධානගත වූහ. ඔවුන් තම අරගලය දෘෂ්ටිවාදීව හුවා දැක්වීමට ප්‍රිය කළේ අධිරාජ්‍ය විරෝධී ජාතික විමුක්ති අරගලයක් ලෙසයි. “ජාතික විමුක්ති අරගලය තුළින් සමාජවාදයට” යන විජේවීරගේ සූත්‍රය සමග එය කදිමට ගැලපුණු බැව් පෙනී ගියේය. වියට් කොං ගරිල්ලන්ගේ ජනප්‍රිය සටන් පාඨ තාප්ප මත සිංහලෙන් ලියවිණ. නමුත්, ඒ සමගම දෙමළ ජාතිකවාදී ව්‍යාපාරය අධිරාජ්‍යවාදීන්ගේ නිර්මාණයක් බවද බලය බෙදීමේ විසඳුමක් යනු රට බෙදීමක් බවද කියා පෑ සිංහල වාමාංශය සිංහල-බෞද්ධ ජාතිකවාදයේ කතිකාමය සැකැස්ම තුළ තමාව ස්ථානගත කර ගත්තේය.

අනෙක් අතින්, බලය බෙදීමේ දේශපාලන විසඳුමක් සමග ප්‍රතිපත්තිමය ලෙස එකඟ වූ වාමාංශික කණ්ඩායම්වලට නියමින් හෝ අනියමින් ජේ.ආර්ගේ පාලනාධිකාරය සමග එක්ව ගමන් කරන්නට සිදු විය. ජවිපෙ දේශප්‍රේමී අරගලයේ පරාජයෙන් පසුවද සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් සිංහල ජාතිකවාදීන් විසින් හඳුනාගනු ලබන්නේ බටහිර හිතවාදීන් ලෙසයි.

දැන් අප හමුවේ ඇති උභතෝකෝටිකය වන්නේ ඉහත කී තෝරා ගැනීම් දෙකට වෙනස් මාවතක් නිර්මාණය කර ගැනීමට වත්මන් ලාංකීය වාමාංශයේ කවර හෝ ධාරාවක් සමත් වනු ඇත්ද යන්නයි. නොඑසේනම්, අපට නියමින් හෝ අනියමින් තෝරා ගන්නට සිදු වන්නේ විමල් වීරවංශගේ මග හෝ මංගල සමරවීරගේ මග යන දෙකින් එකක් පමණක්ද? සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ දේශපාලන අභිලාෂයන්ද ඇතුළත් කරගන්නා අතර ශ්‍රී ලංකාව ගෝලීය සහ කලාපීය බලවතුන්ගේ සංග්‍රාම භූමියක් වීමටද එරෙහි වන වාම ජනතාවාදී දේශපාලනයක් ගැන අපට කිසියම් අපේක්ෂාවක් රඳවාගත නොහැකිද?

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    සියලු සත්‍යයන් එය නිසියාකාරව හෙළි කළත්, මිනිසුන් ඔවුන්ගේ නොමඟ ගිය සිතුවිලි වලින් go ත් නොවනු ඇත. ඇයි ඒ ? එය මිථ්‍යාවන් හා අසත්‍යයන් මත පදනම් වූ බලවේග සත්‍යයන්ට වඩා ශක්තිමත් වන අතර කරුණු හා සත්‍යයන් මත පදනම් වූ ඕනෑම දෙයකි. රාජපක්ෂේ බලයට පත්වීමත් සමඟ අපරාධ, වංචා, ders ාතන, විවිධ ආකාරයේ ක්‍රියාකාරකම්, අපරාධ හිතකාමී විනිසුරුවන්ගේ නීති yers යින් හෝ වෙනත් වෘත්තිකයන් ද කලියම්මා පාලනය කළ හැකි විය. මිනිසුන් නොමඟ යැවීම ගැන මාධ්‍ය එතරම් තැකීමක් නොකරනු ඇත …. මෙතරම් ගැඹුරට වැටීමට වඩා හොඳ තත්වයක සිටි රටක් දරාගත නොහැකිය.https://www.youtube.com/watch?v=PdOgmE2vLLU

    • 3
      0

      1376 / 5000
      Translation results
      මැඩමුලනා ගුහාවට උපත ලැබූ නන්දසේන බලයට පැමිණියේ අහස සහ පොළොව පාහේ පොරොන්දු වෙමිනි. ඔවුන්ගේ දෙමව්පියන්ට සදහටම ශාප වේවා. නන්දසේන හැසිරෙන්නේ ඔහු ජනාධිපති නොවන ආකාරයට ය. එසේම තම ඇමතිවරුන්ට නිසි ලෙස කටයුතු කිරීමට ඔහු ඉඩ නොදේ. සාමාන්‍ය මිලිටරි මානසිකත්වය මෙයයි … මෙම අපරාධකරුවන්ට ඡන්දය දීමට පෙර මෝඩ බහුතරයකට අපි අනතුරු ඇඟවූවෙමු. ඒ සියල්ල ගඟට කඳන් විසි කිරීමක් වැනිය. මේ බැල්ලිගෙ පුතුන්ට හදවත් නැහැ. බදු ගෙවන්නන්ගේ අරමුදල් මත ඔවුන් සුඛෝපභෝගී ජීවිත ගත කරන නිසා ඔවුන් ජනතාවට බොහෝ ණයගැතියි.
      https://www.youtube.com/watch?v=OEyddv5uNNE

      නන්දසේන, සියලු ශාප ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වේවා. මැද පෙරදිග හා සමහර යුරෝපීය රටවල දුප්පත් කම්කරුවන්ගෙන් අද අපට ඇසෙන්නේ එයයි. එහෙත් යුරෝපයේ හා මැද පෙරදිග වෙසෙන විදේශිකයන්ගේ ප්‍රයෝජනය සඳහා ඉතා කුඩා ප්‍රශ්නයක් පවා විසඳීමට ඔහුට නොහැකිය. අප්‍රිකානු රටවල සේවය කරන ශ්‍රී ලංකන් සිටින අතර මව් රටේ සිටින ඔවුන්ගේ relatives ාතීන් බැලීමට බොහෝ කාලයක් ගත වේ. ඔවුන් සසඳන්නේ බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ සගයන් එකම ආකාරයේ ගැටළු වලට මුහුණ දෙන ආකාරයයි. ඉන්දියාවේ සහ බංගලාදේශයේ වෙසෙන බොහෝ දෙනෙකුට සති කිහිපයක් ආපසු සිය රට බලා යාමට එවැනි ගැටළු නොමැත. ඒ වෙනුවට ශ්‍රී ලංකාව තනි පුද්ගල ගුවන් ටිකට් පතක්, හෝටල් නවාතැන් සහ වෙනත් ගාස්තු සඳහා රුපියල් මිලියන 0.7 කට අධික මුදලක් අය කරයි. එම පුහුණු ශ්‍රමිකයන් ඔවුන්ගේ වැටුප තරම් යුරෝ පවා උපයන්නේ නැත. විදේශයන්හි සේවය කරන බොහෝ ශ්‍රී ලංකාවන් ශාස්ත්‍ර ics යින් හෝ ධනවතුන් නොවේ.

    • 2
      0

      මිථ්‍යා විශ්වාස සහ විශාල වශයෙන් පවතින්නේ මිනිසුන්ගේ උදාසීන හා අවදානමට ලක්විය හැකි කොන්දේසි සහිත මානසිකත්වයයි. එය රෝගියාගේ දුර්වලතාවය අනිසි ලෙස භාවිතා කිරීම හා සැසඳිය හැකිය. ව්‍යාජ මහජන සංජානනය මගින් කොන්දේසි සහිත මනස සකස් කර ඇත. නූගත් භික්ෂූන් වහන්සේලාට ලබා දී ඇති ස්ථානය සහ රාජපක්ෂ කොල්ලකරුවන් විසින් සකස් කරන ලද මාධ්‍ය මාෆියා ඒකක හරහා මහජන මතය වඩාත් ශක්තිමත් වේ. මෙම භික්ෂූන් දේශපාලන වංචාකරුවන් විසින් අතවරයට ලක් කරන සැබෑ වංචනිකයන් ය. අභයාරාමය පිංතුතරය පිස්සු බල්ලා බෝධුබාලසේන නපුංසකයා ලෙස සමානව ද ished ුවම් කළ යුතුය. මෙය යම් සිදුවීමක් හා සැසඳිය හැකිය. ශල්‍යකර්ම ඒකකයක අද්දැකීම් අඩු අපේක්ෂකයෙකු එම මණ්ඩලයේ විශේෂ expert යා ලෙස ස්වයං ප්‍රකාශනය කරනු ලැබුවහොත් විශේෂ experts යන් යම් යම් හේතු නිසා කොන් කර ඇති අතර, ඕනෑම සැත්කමක් එහි බරපතලකම නොසලකා පෙර නොවූ විරූ ලෙස අවසන් වේ. ඒ හා සමානව, නන්දසේන අන්තිම ගැළවුම්කරුවා වනු ඇතැයි ශ්‍රී ලංකා ජනයා විශ්වාස කළ නමුත්, දැන් ඔහුගේ හැකියාවන් මනාව පෙන්නුම් කර ඇත්තේ ඔහුට ස්වභාවයෙන්ම කුඩා ස්වභාවයේ ප්‍රශ්නයක් විසඳීමට නොහැකි බවය. අද වන විට, විදේශිකයන් ඔවුන්ගේ නැවත මෙරටට ගෙන්වා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන්, වත්මන් රජය විසින් දිවා කාලයේ දී ගනු ලබන නීති විරෝධී ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුන් දැඩි ලෙස කලකිරීමට පත්ව සිටිති. ඔවුන් එය සංසන්දනය කරන්නේ ඉන්දියානුවන්, බංගලාදේශීන් සහ වෙනත් මනසක් ඇති සගයන් සමඟ ඔවුන්ගේ ජීවිතයේ මෙම තීරණාත්මක අවස්ථාවෙහිදී සියලු සහන ලබා දෙන බැවිනි. ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකා රජය, ඔවුන්ගේ ගමන් සහ නිරෝධායන නවාතැන් සඳහා 3-4 ගුණයක් හෝ ඊට වැඩි පිරිවැයක් දැරීමෙන් විධිවිධාන සලසයි. නැවත මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල පිටුපස ඔවුන්ගේ මාෆියා මිනිසුන් පත් කිරීමෙන් මෙම රජය ඔවුන්ගේ සැබෑ මුහුණුවර සනාථ කර තිබේ.

    • 1
      0

      729 / 5000
      Translation results
      ඔවුන් නැවත බලයට පත්විය.
      ඡන්ද ලබා ගැනීමට දුන් පොරොන්දු මුළුමනින්ම අමතක වී ඇත.
      එක පොරොන්දුවක්වත් තවම පුරවා නැත.
      අතීතයේ වෙන කවරදාටත් වඩා අද දිළිඳුකම කැපී පෙනේ.
      ප්‍රමාණවත් රාජ්‍ය ආදායමක් නොමැතිව ණය ගොඩ ගැසී තිබේ.
      රට වෙනුවෙන් විදේශ විනිමය උපයා ගත් අය අද වන විට සතුන් මෙන් රෝගාතුරව සිටින මැද පෙරදිග ගෘහ සේවිකාවන්ය. පසුගිය හා මේ වසර තුළ ප්‍රමාණවත් විදේශ විනිමය ගෙන එන්නේ නැත. සංචාරක කර්මාන්තය ද එසේ නොවේ. මේ දක්වා විවිධාකාරයෙන් අසමත් වූ ජනාධිපතිවරයාට සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයට කෝවිඩ් ආශීර්වාදයක් වී තිබේ. මෑතකදී ඉන්දියාවෙන් ලබාගත් නොමිලේ එන්නත් පැටවීම සම්බන්ධයෙන් ඔවුහු ස්වයං ප්‍රකාශයන් දිගටම කරගෙන යති. කෙසේ වෙතත්, මුළු ලෝකයම ගෝතබයා රජයට දක්වන සතුරුකම පෙන්වයි.

    • 1
      0

      රට කන තිරිසනුන් රටේ නායකයන් බවට පත්කල ජාතියක් ගැන මොන කතාද ? එවුන් හිරගත වුනා නම්, එවුන්ට වෙනමම හිර කුටි හැදිය යුතුඉවෙඅ තිබුන… මන්ද එවුන් අපරාද වල හැම අංශය වෙන් ප්රගුන වී ඇති නිසා.. නෙල්සන් මෙන්ඩෙලා වාගෙ උතුම් නායකයන් හිරගත වුන… එනමුත් රාජපක්ෂව මිනීමරලත්, මිනිසුන්ගේ මුදල් කොල්ල කාලත් මෙලෙස සීඉම ගැන සිතන කොට අපිට ස්රීලන්කාව ගැන සිතෙන්නෙ.. ඉතාම කලකිරිල්ලක්.

      එවුන් ජීවත් වන්නෙ, රාජපකශෙ වරුන්ගේ විදානයට, අපි ලන්කාවට එන යනවා නම් තමයි රටේ විදේශ විනිමය සැරි සරන්නෙ, ඒකත් මේ වෙන විට අකුලල දමල පාහර බල්ලන් අර නිශ්ශන්ක සේනදිපතිය කියන හිරකාරයකු වීම ලොකුම සුදුසු කම ලබපු එකකුගේ විදානයට අනුව අපි පුරවැසියන් විදියට කට යුතු කිරීම අපිට අපේ ගරුත්වයට කරපු කලැලක්. අපේ මිනිසුන් නීතය අතට අරගෙන කට යුතු කිරීමට කාලය ඇවිදින්, මන්ද, අදවෙනකොට උන්ට ඕනැ විදියට නීතියට අතවර කරපු නිසා. මේව නන්දසේනට විනිදින්න වෙනව… එවුන්ගේ කල කිරියාව අර අනුර සෙනානයක කියන මිනිමරපු තිරිසන් බල්ලාගෙ කරුම ජීඉවිතයට වඩා දරුනු වෙනබව මම දකින සාදරන ලෝකය නිසා මම විස්වාස කරනව.

      මා කුඩා කාලයේ රට තුල ජීවත් වුඅත්, මම ලන්කාවේ ගත කලේ නැහැ බෙලිඅත්තෙ රස්තියාදු කාරයො රට විනාශ කරන්න පටන් ගත්තට පස්සෙ. ඒ නිසා මම අද දකින්නෙ රටේ හැම දෙයක්ම කන පිට පෙරලිල කියල. අපිට අසූව හා ඊට පේර ලන්කාව දෙස ඇත්තෙ ලස්සන සුන්දර සිතුවිලි.

  • 4
    0

    https://www.youtube.com/watch?v=PdOgmE2vLLU
    තවත් බොහෝ දෙනෙක් එම “කලියම්පානි” වෙත රැස් වෙති. මොන රටක්ද? සුනඛ ජරාවට පවා මේ රටේ ප්‍රවර්ධනය කිරීමට හැකි වනු ඇත. යහපාලන දිනවලට ස්තූතිවන්ත වන්නට, නොමඟ යවන සුළු සැඟවුණු දෙයක් වූයේ උගත් ජනතාව සමාජයේ ඔවුන්ට ලබා දී ඇති නිදහස උපයෝගී කරගනිමින් ප්‍රතික්‍රියා කිරීමට ඉදිරිපත් වූ බැවිනි. නමුත් හිටපු මැරයන් නායකත්වය ලැබීමත් සමඟම තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය.
    ධම්මිකා පානි නිෂ්පාදකයා, ඔහුම ලියාපදිංචි වී නැති නමුත් සමාජයේ දුප්පත් හා අවදානමට ලක්විය හැකි කොටස් තවදුරටත් නොමඟ යැවීමේ බලය ඔහුට ලබා දී ඇත. අපගේ සමාජයේ උගත් කොටස් අදටත් පණ නැති අය මෙන් රැඳී සිටින්නේ ඇයි? ඔවුන් කතා කිරීමට බයද? මේ රටේ ප්‍රමාණවත් තරම් මහාචාර්යවරු සිටිති, ඔවුන් නිදහස් අධ්‍යාපනයෙන් නිපදවන නමුත් ඔවුන් හැසිරෙන්නේ නූගත් ධම්මිකා පානි නිෂ්පාදකයාට වඩා වෙනස් ලෙස ය.
    ධම්මිකා පානි නිෂ්පාදකයා සාමාන්‍ය මට්ටමේ උගත් මිනිසෙකු නොවේ. කෙසේ වෙතත්, ඔවුන්ගේ සම්පූර්ණ නොදැනුවත්කම නිසා මාධ්‍ය ඔහුව එය ඉහළට ඔසවා තැබීය. දේශීය ටෙලිවිෂන් මාධ්‍ය හැසිරෙන්නේ තමන්ගේ නරඹන්නන් කෙරෙහි හදවතක් නැති ආකාරයට ය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.