1 July, 2022

Blog

විප්ලවය ගිලිහී යන්නට පෙර

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

ඒ 1917 වසන්ත සමයයි. සීල් කළ දුම්රියක නැගී ස්විට්සර්ලන්තයේ සිට රුසියාවට හොර රහසේ පැමිණෙමින් සිටි එක්තරා මිනිසෙක් ඉතිහාසය වෙනස් කරන ලියැවිල්ලක් ලියමින් සිටියේය. ඔහු සමග දුම්රිය ගමනේ නිරත වූ ඔහුගේ සගයින් අවට පරිසරය රස විඳිමින්ද, නොයෙකුත් දේශපාලන පුවත් ගැන වාද විවාද කරමින්ද සිටියදී ලෙනින් තම මුළු කාලයම ගත කළේ බිමට නැඹුරු කරගත් හිසිනි. ඔහු නොනැවතී කල්පනා කරමින්ද ලියමින්ද සිටියේය. සාන්ත පීටර්ස්බර්ග් නගරයට ගොඩ බැසීමෙන් පසුව බෝල්ෂෙවික් නායකයා ඔහුගේ ‘අප්‍රේල් ප්‍රවාද’ ලියවිල්ලෙහි දේශපාලන පණිවිඩය යථාර්ථයක් කරන්නට පටන් ගත්තේය.

සැබවින්ම ඒ මොහොතේ ලෙනින් මුළුමනින්ම හුදෙකලා වූ මිනිසෙකු විය. කොමියුනිස්ට්වාදීන් වහාම රාජ්‍ය බලය අත්පත් කරගත යුතු යැයි ඔහු යෝජනා කරන විට අන් කිසිදු මුල් පෙළේ බෝල්ෂෙවික් නායකයෙකු ඒ අදහස පිළිගත්තේ නැත. ශිෂෙක් වාර්තා කරන පරිදි බෝල්ෂෙවික් පක්ෂයේ සමාරම්භක නායකයෙකු වූද විප්ලවාසන්න යුගයේදී එයින් දුරස්ව සිටියා වූද ඇලෙක්සැන්ඩර් බොග්දනොෆ් ලෙනින්ගේ අදහස හුදෙක් උමතු මිනිසෙකුගේ මනෝ විකාරයක් සේ සලකා බැහැර කළේය. ලෙනින්ට පිස්සුවක් වැළඳී ඇතැයි පෙනී යාවි යැයි ඔහුගේ පෙම්වතිය නදේෂ්ධා කෘප්ස්කයා බියට පත් වූවාය. පළමු වරට පක්ෂයේ නිළ පුවත්පත වූ ‘ප්‍රවුදා’ ලෙනින්ගේ ස්ථාවරයෙන් ප්‍රසිද්ධියේම දුරස්ත විය. ඔක්තෝබර් විප්ලවයේ තීන්දුව ගැනීමට ලෙනින් ඒ වනවිට ආරක්ෂක හේතූන් මත ඔහුට නොඑන ලෙස දන්වා තිබූ ඔහුගේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සාකච්ජාවකට හොර රහසේ කඩා වැදී මුළු රැයක් පුරා උද්වේගයෙන් වාද කළ අයුරු චයිනා මීවිල් ‘October’ (2017) කෘතියේ කදිමට පැහැදිලි කරයි.

පොතට එරෙහි විප්ලවය

බෝල්ෂෙවික් විප්ලවය කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියට එරෙහි විප්ලවයක් යැයි කීමේදී අන්තෝනියෝ ග්‍රාම්ස්චි නිවැරදිය. එය වචනයේ පරිසමාප්ත අරුතින්ම පොතට එරෙහි විප්ලවයක් විය. පොතට අනුව දේශපාලනය දෙස බැලූ අයවළුන් එක්කෝ බෝල්ෂෙවික් ජයග්‍රහණයකට බාධා කරන්නා වූ කරුණුමය සාධක ඉදිරිපත් කළහ. “රුසියානු කම්කරු පන්තිය දේශපාලන බලය දිනා ගැනීමට තරම් පරිණත වී නොමැත” යනාදී වශයෙනි. නොඑසේනම්, ඓතිහාසික නියාම ධර්ම අනුව විප්ලවය වියනොහැක්කක් බවට තර්ක කළහ. “සමාජවාදී සමාජ විප්ලවය සිදු විය හැක්කේ ධනවාදය ඉහළින්ම වර්ධනය වූ සමාජයේය” යනාදී වශයෙනි. එසේත් නොමැති නම්, සදාචාරාත්මක හේතූන් ඉදිරිපත් කරමින් ලෙනින්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කළහ. “බහුතර ජනතාව තවමත් අපේ පැත්තේ නැත” යනාදී වශයෙනි. නමුත්, එවන් කරුණු, නියාමයන් සහ සදාචාරමය සීමාවන් සියල්ල නිශ්චය වී තිබුණේ එතෙක් පැවති යථාර්ථයේ රාමුව තුළය. ලෙනින්ගේ ක්‍රියාව වනාහී එකී රාමුවම බිඳ හෙළීමේ ක්‍රියාවකි. එතෙක් වියනොහැක්කක් යැයි බොහෝ දෙනෙකු සිතමින් සිටි දෙය වියහැක්කක් බවට පත් කිරීමේ ක්‍රියාවකි.

මෙයින් අදහස් වන්නේ ලෙනින් හට ඕනෑම තත්ත්වයක් තුළදී ඕනෑම දෙයක් කළ හැකිය වැනි මනෝරාජික විශ්වාසයක් පැවති බව නොවේ. ඒ වෙනුවට, පැවති යථාර්ථයේ රාමුව බිඳ හෙළිය හැකි ආකාරයේ විප්ලවීය තත්ත්වයක් නිර්මාණය වී පැවති බවත්, එම වියහැකියාව සැබෑවක් බවට පත් කිරීමට නම් දේශපාලන ක්‍රියාවලියට වහාම කඩාවැදිය යුතු බවත් අන්කාටත් පෙර (ට්‍රොට්ස්කි හැරුණු කොට) ඔහු අවබෝධ කරගෙන සිටියාය යන්නයි. 1917 අප්‍රේල් සිට ඔක්තෝබරය දක්වා වූ අනිස්ථිර දේශපාලන මොහොත තුළ ලෙනින්ගේ විශිෂ්ටත්වය වූයේ එයයි. ලෙනින් කිසිසේත්ම මනෝරාජික අහස් මාළිගා සාදන්නෙකු වූයේ නැත. ඊට මුළුමනින්ම වෙනස්ව, සැබවින්ම දේශපාලන මහපොළොවේ ජීවමාන නාඩි වැටීම ස්පර්ෂ කරන්නට ඔහු සමත්ව සිටියේය. ඔහුගේ විප්ලවීය ඇරයුම පිළිගන්නට ඔහුගේම පක්ෂයේ නිළධර තන්ත්‍රය පැකිළුනද, රට පුරා ගොඩ නගා තිබූ ප්‍රාදේශීය ජනතා කමිටු විසින් එය වැළඳගනු ලැබීම ඒ සඳහා දිය හැකි හොඳම සාක්ෂියයි.

හෙජමොනික බැම්ම

ලෙනින්ගේ ක්‍රියාව ගැන මේ මොහොතේ කරන්නා වූ සාකච්ජාවකින් අනිවාර්යයෙන්ම අදහස් වන්නේ රුසියානු විප්ලවය වත්මන් ලංකාවේ කරන්නට යෝජනා කිරීමේ විකාරයක් නොවන බවද මෙහිදී අවධාරණය කළ යුතුව තිබේ. එවැනි අතිසරල තේරුම් ගැනීම්වලට ඉඩක් නොතබනු වස් යළිත් වරක් මෙය පැහැදිලි කරන්නට මට ඉඩ දෙන්න. මට කීමට අවශ්‍ය වන්නේ මෙපමණකි. වත්මනෙහි අප හමුවේ විවර වී තිබෙන්නේ ප්‍රජාතාන්ත්‍රික සමාජ සහ දේශපාලනික පරිවර්තනයක් සඳහා ලැබුණු අනර්ඝ දේශපාලනික මොහොතකි. මට කීමට අවශ්‍ය වන්නේ එම දේශපාලනික මොහොතේ ඇති විප්ලවීය විභවතාව අප හඳුනාගත යුතු බවයි. එම විභවතාව යථාර්ථයක් බවට පත් කර ගැනීමට නම් මේ මොහොතේ කළ යුතු මැදිහත්වීමක් ඇත. එසේ මැදිහත් විය යුතුව ඇත්තේ තියුණු උපායමාර්ගික දැක්මක් සහිතවය. දේශපාලනිකයේ මොහොතට තියුණු උපායමාර්ගික දැක්මක් සහිතව මැදිහත්වීම සම්බන්ධයෙන් තිබෙන අනර්ඝතම නිදර්ශකය වන්නේ අප්‍රේල් ප්‍රවාදවල නිමේෂයේදී පැන නැගුණු ලෙනින් නමැති විෂය මිස අන් කුමක්ද? ඉදින්, අපට ඔහුගෙන් ඉගෙන ගැනීමට පාඩමක් ඇත.

සැබවින්ම ලෙනින්ගේ ක්‍රියාවේ සාර්ථකත්වය රැඳී තිබුණේ කුමක් මතද? ශිෂෙක් පෙන්වාදෙන පරිදි, දේශපාලන අරගලයත් එම අරගලයේ පරමාදර්ශී අරමුණුත් අතර කිසියම් පරතරයක් පවතින බව ලෙනින් වටහා ගත්තේය. සරලව කිවහොත්, එක් අතකින් දේශපාලන අරගලයට සම්බන්ධ වී සිටි කම්කරුවන්, ගොවීන් සහ සොල්දාදුවන් ඇතුළු බහුජන කොටස්වලට ඉතාම ඉක්මණින් දිනා ගත යුතු ආසන්න ඉල්ලීම් තිබිණ. අනෙක් අතින් අරගලයේ අවසන් පරමාදර්ශය ලෙස සමාජවාදය පිළිබඳ අදහස පැවතිණ. දේශපාලන අරගලයේදී එවන් පරමාදර්ශී අදහසක් පැවතීම වැදගත්ය. මිනිසුන් හැඟීම්මය ලෙස පොළඹවනු ලබන්නේත්, ඔවුන්ව සාමූහික අභිලාෂයක් වටා ගොනු කරනු ලබන්නේත් එවන් පරමාදර්ශයක් නොහොත් විශ්වීයත්වය පිළිබඳ අදහසක් මගිනි. දැනටමත් යථාර්ථය තුළ පවතින දෙයක් සමග ලාලසාවෙන් බැඳෙන්නේ කව්රුන්ද? ඒ වෙනුවට අපව හැඟීම්වලින් කුළුගන්වන්නට සමත් වන්නේ පවතින යථාර්ථයට ඔබ්බෙන් වූ දිනාගත යුතු ලෝකයක් පිළිබඳ සිහිනය විසින් නොවේද?

සැබවින්ම, ලෙනින්ට පෙර ප්‍රංශ විප්ලවය යුගයේ සිටම සමාජවාදීන් සතුව උසස් දේශපාලන පරමාදර්ශ පැවතිණ. නමුත්, ඔවුන් එතෙක් කලක් අසමත්ව තිබුණේ එකී පරමාදර්ශ සහ අරගලයේ නිරත කණ්ඩායම්වල ආසන්න ඉල්ලීම් අතර කාටත් ඒත්තු යන ආකාරයේ බැම්මක් නිර්මාණය කිරීමටය. ලෙනින් සාර්ථක වූ තැන එයයි. “කම්කරුවන්ට පාන්, ගොවීන්ට ඉඩම්, සොල්දාදුවන්ට සාමය” යන සරල සටන් පාඨයෙන් කියැවුණේ එයයි. එනයින්, සමාජවාදය කරා යන ගමන තම ආසන්න ඉල්ලීම් ඉක්මණින්ම ඉටු කරන්නා වූ ගමනක් බව අරගලයේ නිරත ජනතාවට ඒත්තු ගැන්විය හැකි විය. එපමණක් නොවේ. එය කරන්නේ කෙසේද යන්න ඉතාම පැහැදිලිවත් ඉතාම ප්‍රායෝගිකවත් විසඳීමේ හැකියාවක් බෝල්ෂෙවික්වරුන් සතුව තිබිණ. එනම්, රට පුරා ගොඩ නගා තිබූ මහජනයාගේ ස්වාධීන නියෝජන ආයතන නොහොත් සෝවියට් සභා ජාලය මගින් සමාජ සහ ආර්ථික ජීවිතය ප්‍රතිසංස්කරණය කිරීමයි. “සියළු බලය සෝවියට් සභාවලට” යන සටන් පාඨය අරගලයේ නිරත ජනයාට පහසුවෙන් ඒත්තු ගැන්විය හැකි විය. (පසුව සියළු බලය පක්ෂයට විතැන් වීමෙන් සිදු වූ අභාවවාචක අත්දැකීම ගැන වෙනම සාකච්ජා කළ යුතුය).

නව ජනරජයක ඇරයුම

හොඳයි. අප දැන් වත්මන් ලාංකීය ප්‍රජාතාන්ත්‍රික ජන අරගලය වෙත හැරෙමු. ඉහත සාකච්ජාවෙන් ලාංකීය ජන අරගලයට අදාළ කරගත හැකි කිසිවක් තිබේ නම් ඒ කුමක්ද? අප දැන් අරගලයේ නව අදියරක් කරා ප්‍රවේශ වී ඇතැයි කියනු ලැබූවද, තමවත් පවතින පාලනය පෙරළා දැමීමේ ඉලක්කයෙන් ඔබ්බට යන පරමාදර්ශී අරමුණක් ගොඩ නගා ගන්නට එය සමත්ව ඇති බවක් නොපෙනේ. “ගෝඨා ගෝ හෝම්” යන සටන් පාඨය වටා විවිධ බලවේග ඒකරාශී වී ඇති බව සැබෑය. නමුත්, ගෝඨා ගෙදර ගිය පසුව අප දකින්නට කැමති ලෝකය අප තවමත් ප්‍රමාණවත් තරමින් පරිකල්පනය කොට තිබේද?

මේ ගැටළුවට දැනට විසඳුම් දෙකක් ඉදිරිපත්ව ඇති බව නිරීක්ෂණය කළ හැකිය. පළමුව, ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කෙරෙන විසඳුමයි. එනම්, ඉක්මන් මැතිවරණයක් පවත්වා ජන අරගලයේ අපේක්ෂා නියෝජනය කළ හැකි හොඳ පක්ෂයක් බලයට ගෙන ඒමයි. පවත්නා යථාර්ථයට ඔබ්බෙන් පවතින විශ්වීය දෙයක් හඹා යාමේ මානය ආරම්භයේ සිටම ජාජබට ගිලිහී ගොස් ඇති බැවින් මේ විසඳුම ජන අරගලය විසින් මතු කොට තිබෙන විප්ලවීය ශක්‍යතා ග්‍රහණය කර ගන්නට අසමත්ය. එයින් අපේක්ෂා කළ හැක්කේ දැනට ඇතැම් දක්ෂිණාංශික නායකයින් විසින් ඉදිරිපත් කොට තිබෙන ව්‍යවස්ථාමය සහ ආයතනික ප්‍රතිසංස්කරණවලට වඩා තරමක් ඉදිරියට යන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකි. වත්මන් අරගලය විසින් මෙරට සැබවින්ම පවත්නා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ රාමුවම විවේචනයට සහ විචාරයට ලක් කෙරෙමින් පවතින බව මේ ප්‍රවේශයේදී නොතකා හැරේ.

දෙවන විසඳුම තරමක් අවිධිමත් ලෙසින් වුවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය, අන්තරය සහ වාමාංශික බුද්ධිමය කව කිහිපයක් අතරින් යෝජනා වෙමින් පවතින්නකි. පාර්ලිමේන්තුවට පිටතින් ජනතා බලය අභ්‍යාස කෙරෙන ජන සභා ක්‍රමයක්, තීරණ ගැනීමේ ක්‍රියාවලියට මහජන සහභාගීත්වය තහවුරු කිරීමක්, නව සමාජ සම්මුතියක් සහ නව ජනරජයක් වැනි සටන් පාඨ මගින් කියැවෙන්නේ එයයි. මෙම ප්‍රවේශය තුළ දේශපාලන පරමාදර්ශයක් නොහොත් විශ්වීයත්වය පිළිබඳ කිසියම් නව අදහසක් ගැබ් වී පවතින බව පෙනේ. නමුත්, මෙම ප්‍රවේශය නියෝජනය කරන කණ්ඩායම් තවමත් අසමත් වී ඇත්තේ අරගලයේ නිරත ජනයාගේ ආසන්න ඉල්ලීම් සහ අභිලාෂයන් සමග තම විශ්වීය අදහස සම්බන්ධ කරන්නා වූ හෙජමොනික බැම්මක් (hegemonic link) ගොඩ නැගීමටය.

නමුත්, එය කළ නොහැක්කක් නොවේ. පාර්ලිමේන්තුවට පිටතින් ගොඩ නගන්නට යෝජනා කෙරෙන ජනතා සභා මුල් කොටගත් විකල්ප ආර්ථික සහ සමාජ ව්‍යුහයන් ගොඩ නැගීමේ ව්‍යායාමයක් මගින් එවන් කාර්යයක් ආරම්භ කළ හැකිය. ඉදිරියේ එන ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ප්‍රාදේශීය සමූපකාර ක්‍රමයක්, ප්‍රජාමූලික නිපැයුම් සහ බෙදා හැරීමේ ක්‍රම ගොඩ නැගීමක් වැනි යෝජනා දැනටමත් ඇතැම් වාමාංශික බුද්ධිමය කව තුළින් මතුවෙමින් තිබේ. මෑතකදී ගාලු මුවදොර ගෝඨාගෝගම ආශ්‍රිතව ගොඩ නගා ඇති ‘පොදු කුස්සිය’ ඇතැම්විට ඉදිරි කාලයේදී සාගතයට ගොදුරු වන පෙදෙස්වල ක්‍රියාවේ යෙදවිය හැකි ප්‍රජාමූලික සුභසාධක ක්‍රමයක මූලාකෘතිය විය හැකිය. මාතර ගෝඨාගෝගම තුළ හඳුන්වා දී තිබෙන ‘උදව් අල්මාරිය’ තවත් එවන් නිදර්ශකයකි. ඉදිරියේදී මෙරට ආර්ථික සහ සමාජ ජීවිතය ප්‍රතිසංස්කරණය කරන්නේ කෙසේදැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමුඛ ගෝලීය ප්‍රාග්ධනය දැනටමත් පරිකල්පනය කොට තිබේ. ඊට විරුද්ධ වීමට අමතරව ඊට වෙනස් ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණයක් ගැනද වාමාංශිකයින් දැන් පරිකල්පනය කළ යුතුව තිබේ.

ශිෂෙක් ඔහුගේ “වසංගතය: කොවිඩ් 19 ලොව සසල කරයි” (2020) කෘතියේදී තර්ක කරන පරිදි අද අප පරිකල්පනය කළ යුතුව ඇත්තේ ආපදා ධනවාදයේ ප්‍රහාරයට ප්‍රායෝගිකව මුහුණ දිය හැකි ආකාරයේ ආපදා කොමියුනිස්ට්වාදයකි. ඒ සඳහා පළමුවෙන් කළ යුතුව ඇත්තේ නිෂ්පාදනය සහ බෙදා හැරීම වෙළඳපළෙන් පිටත සංවිධානය කෙරෙන ආකාරයේ සමාජ සාමූහිකත්වය මත පදනම් වූ නව භාවිතයන් සොයා ගැනීමයි. සමාජයේ වඩාත්ම අසරණ සහ දරිද්‍ර කණ්ඩායම් සාගතයට ගොදුරු වන්නට ඉඩ හරින මරණ-දේශපාලනයක් (necropolitics) වෙනුවට ජීවිත-දේශපාලනයක් කරා වූ මාර්ගයක් සොයා ගැනීමයි. ප්‍රායෝගික විය හැකි විශ්වීයත්වයේ මාවතක් නිර්මාණය කර ගැනීමයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 4
    1

    අරගලය නියෝජනය කරන්නේ විවිධ චින්තන දරන්නන් විසිනි. එය අද්විතීය වන්නේ එයයි. මම අනෙක් අයගෙන් දැනගත් පරිදි, එවැනි විරෝධතා පැරණි ශ්‍රී ලාංකිකයන් නොදනී.
    තාරුණ්‍යයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන එවැනි සංවිධානයක් දැකීමෙන් ඔවුන් වික්ෂිප්ත වී නිශ්චලව සිටිති. වැඩිහිටි ශ්‍රී ලාංකිකයන් තමන්ගේ ආකල්ප තමන් විසින්ම වෙනස් නොකරනු ඇත, ඔවුන්ගේ බාල අය එසේ කිරීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටියද, එය ඔවුන්ට පහසු කාර්යයක් නොවේ. පැරණි පරම්පරාවන් සත්‍ය තොරතුරු වලට වඩා මිථ්‍යාවන් විශ්වාස කරයි. ජාතියේ සම්ප්‍රදාය සහ සංස්කෘතිය ලෙස ඔවුන් විශ්වාස කරන්නේ එයයි. සංස්කෘතිය යනු මිථ්‍යාවන් මත පදනම් වූ දෙයක් නොවේ, ඒ වෙනුවට එය පදනම් විය යුත්තේ සත්‍ය බුදුදහම මතය. එසේ නොවුවහොත්, ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේම අනන්‍යතාවය නැති කර නොගෙන “බාලි දූපත් වැසියන්ට සහ හින්දුවාදී ඉන්දියානුවන්ට සමීප වනු ඇත.
    .
    දැන් අරගලය තාරුණ්‍යයේ සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගේ සංයුතිය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමු. ඔවුන් JVP කාරයින් නොවේ. ඔවුන් Unprs ද නොවේ. ඔවුන් ශ්‍රීලනිප ආධාරකරුවන් ද නොවේ. ඔවුන් බොහෝ දුරට ශ්‍රී ලංකා ජනගහනයේ විවිධ කණ්ඩායම් නියෝජනය කරන පක්ෂ විරහිත තරුණයෝ වෙති. අරගලයේ සුන්දරත්වය ශ්‍රී ලාංකික විදේශිකයෙකු ලෙස මට දැනෙන්නේ එයයි. අද ඔබට ඔබ භූගෝලීය වශයෙන් පිහිටා ඇති ඔබේ කාමරයේ සිට භාවිතා කරන අධි තාක්‍ෂණය හරහා ඔවුන් හා සම්බන්ධ විය හැකිය. ඔබට ඔබේ අදහස් ප්‍රකාශ කළ හැකිය
    මම සයිබර් එකෙන් එම ස්ථානයට ගියා. මම හැමදාම වගේ ඒ තැනට යනවා. පොදු අරමුණක් සඳහා කාලීන අවශ්‍යතාවය පිළිබඳ දැනුමක් නොමැති අය, ඇසුරුම් කළ දැනුම සමඟ එන අයට සවන් දිය යුතු යැයි මම විශ්වාස කරමි. රසික පදනම පොහොසත් කලාකරුවන් එම ස්ථානයට නොකඩවා පැමිණේ, ඒ අනුව ඔවුන්ට ඔවුන්ගේ රසිකයන් සජීවී කිරීමට හැකි වේ. එම ස්ථානයට පැමිණෙන ගුරුවරුන්ද එසේමය, එම පණිවිඩය ඔවුන්ගේ අවට ප්‍රදේශවලට සහ ඔවුන් සමඟ සම්බන්ධ වී සිටින සියලුම සංගම් වෙත ප්‍රවාහනය කළ හැකිය.

    • 0
      0

      රටක දකුණු ආසියාතික කලාපයක සැබෑ දේශපාලනය ක්‍රියාත්මක කිරීම සහ JVP-peratugami පක්ෂ චින්තනය අතර සැබෑ විශාල පරතරයක් තිබේ. AKD ගේ ප්‍රසිද්ධ කතාවලට සවන් දෙන විට සියල්ල හොඳයි, නමුත් ඔහුගේ මිනිසුන් අනුප්‍රාප්තික මැතිවරණවලදී කොන් කිරීමට එය හොඳින් පැහැදිලි කරයි.
      මිථ්‍යාවන් විසින් මෙහෙයවන ලද සමාජ ව්‍යුහයන් මගින් දකුණු ආසියාතික සහ ලතින් ඇමරිකානු කලාප අඩපණ වී ඇත. එය අප දන්නා කරුණකි, නමුත් යෝධ ඉන්දියාවේ ජනගහන බෝම්බය ඔවුන්ට තත්වයක් නිර්මාණය කර ඇත, ඔවුන්ගේ දරිද්‍රතාවයෙන් පෙළෙන මට්ටම් වෙනත් දකුණු ආසියාතික රටවලට වඩා බොහෝ වැඩි වුවද ඔවුන්ට තනිවම ජීවත් විය හැකි අතර ජීවත් විය හැකිය. මේ සියල්ල දන්නා කරුණු ය.

      එබැවින්, AKD හෝ ඔහුගේ සමාන පක්ෂවල අනෙකුත් ප්‍රධානීන් නැවත නැවතත් ඔවුන්ව කොන් කරන ගැටලුවේ බරපතලකම අවබෝධ කර ගැනීමට කාලය එළඹ ඇත.

      පක්‍ෂ අනන්‍යතාවයෙන් තොරව ඕනෑම ආකාරයක දේශපාලකයෙකු විසින් පළමුවෙන්ම අවධානය යොමු කළ යුතුය. ඇතැම් විශ්ලේෂකයින් පවසන්නේ සිරිමාඕ යුගයට යාමට වඩා අද දරුණු අවශ්‍යතා වඩාත් දරුණු බවයි. මම හිතන්නේ JVP/NPP ට මේ තීරණාත්මක මොහොතේ තමන්ගේ න්‍යායන් වලට පැටලෙනවාට වඩා වැඩි දෙයක් කැප කරන්න පුළුවන්. එවිටයි ජනතාවගේ සිත් දිනාගත හැක්කේ.

      රට පෙර නොවූ විරූ අවශ්‍යතාවලට හසුවී ඇති මේ මොහොතේ ඕනෑම යහපත් ජනතා හිතවාදී පක්ෂයකට එම කාර්යය කළ හැකිය.
      ජනතාව සහ ඔවුන්ගේ තේරී පත් වූ අපේක්‍ෂකයින් විවේචනය කිරීමෙන් පමණක් මිනිසුන් සහ ඔවුන්ගේ නියෝජිතයන් සදාකාලිකව දූෂිතව සහ අපරාධවලට හිතකර ලෙස සිටින තාක් කල් අප ඉදිරියට ගෙන එන්නේ නැත.
      ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එය ප්‍රායෝගිකව කරනවාට වඩා න්‍යායික ප්‍රවේශයන් මත එල්ලී සිටිති. අද සමාජයේ මධ්‍යම පාන්තික සහ පහළම ස්ථරයන් දැඩි අවශ්‍යතාවලින් මිරිකුවද, තම සුපුරුදු ජීවිතය කරගෙන යාමට අද අත්‍යවශ්‍ය මූලික දිනය නොතිබුණද, අද සන්දර්භය තුළ එය ආරම්භ කිරීමට JVP/NPP නායකයාට නොහැකි විය. කිරි බලය, බත්, ධාන්‍ය සහ අනෙකුත් ආහාර ද්‍රව්‍යවල මිල පැයෙන් පැය අහස උසට නැඟෙන බව පැහැදිලි වෙමින් තිබේ

  • 3
    0

    “………දෙවන විසඳුම තරමක් අවිධිමත් ලෙසින් වුවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය, අන්තරය සහ වාමාංශික බුද්ධිමය කව කිහිපයක් අතරින් යෝජනා වෙමින් පවතින්නකි…..”

    සුමිත්, ඔබේ ඔය පෙරටුගාමී වන්දනාව නම් මහා විහිලුවක්! ඔබේ ම චින්තන විනාශයට මුලයි! ඔබ කියන්න ඔය පෙරටුගාමීන්, අන්තරේ et al ලාංකීය ජනතාවගෙන් මොන ප්‍රතිශතයක්ද නියෝජනය කරන්නේ කියලා!! නාගරික හා උප නාගරික සහ නාගරික මායිම් කලාප වල මිනිස්සු හොඳටම දන්නවා පෙරටුගාමීන් කියන්නේ විශ්ව විද්යාලවල දරුණුම, ම්ලේච්චතම නවක වදය දෙන කණ්ඩායම කියල. ඉතින් කොහොමද ඔබ කටක් ඇරලා කියන්නේ ඔය මනෝ වයාධිකයන් ලංකාවේ පාලනය අතට ගන්න ඕන කියල??? කරුණාකරලා පොළොවේ පය ගහල ඇවිදින්න!! මොන කෙස් පැලෙන තර්ක ගෙනාවත් ලංකාවේ බහුතරයට අවශ්‍ය වන්නේ එදිනෙදා කාලා බීලා කරදරයක් නැතුව ජීවත් වීමයි. ඒ කියන්නේ ධනේෂ්වර හෝ සුළු ධනේශ්වර චින්තනයයි. උන්ට ඔය මොන වාමාංශික න්‍යායික මනෝ විකාරයක් වත් වැඩක් නෑ !! ඒවා මේ 21 වන ශත වර්ෂයේ වලංගු නෑ. කවද හරි ඉස්සරහට එන්න පුළුවන් 1917 වගේ…මම දන්නේ නෑ …හැබැයි දැන් නම් පේන තෙක් මායිමක වත් නෑ….ඉතිං මොකටද මනෝ විකාර ලෝකවල සංකල්ප පස්සේ දුවන්නේ??

  • 2
    0

    ඔවුන් සියල්ල පසෙකලා නීතිය හා සාමය පදනම් කරගත් සංස්කෘතියක් ක්‍රමක්‍රමයෙන් හඳුන්වා දෙන්නේ නම්, අපේ රටේ දේවල් ඉබේම සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.
    අද තරුණ නීතීඥයින් සහ ඔවුන්ගේ පිරිසිදු ආකල්ප ගැන මම නිහඩව සුබවාදීව සිටිමි. ඒවා සාමූහිකව කළහොත් අපට තවත් බොහෝ දේ අත්කර ගත හැකි බව පසුගිය සති කිහිපය තුළ ඔවුන් ඔප්පු කර ඇත.
    .
    අපගේ සමාජයේ සෑම පුද්ගලයෙකු කෙරෙහිම අවධානය යොමු කිරීමට පද්ධතිවලට හැකි විය යුතුය. උදාහරණයක් ලෙස ඩිජිටල්කරණය කිරීම රට පුරා පාසල් හරහා මිනිසුන්ගේ තොරතුරු පහසුවෙන් සාක්ෂාත් කරගත හැකිය. කෙසේ වෙතත්, තොරතුරු තාක්ෂණ විශේෂඥයින් විසින් හොඳින් වැඩ කළ යුතුය. ඒ සඳහා එම පාසල් ඔවුන්ගේ කාලය හා ශ්‍රමය දායක කරන්නේ නම් එය විශාල වෙනසක් ඇති කිරීමට විශාල වාසියක් වනු ඇතැයි මම සිතමි.

    ශ්‍රී ලාංකේය සමාජය තුළ අල්ලාගෙන ඇති ස්ථානය සලකා බලන විට ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන් බෞද්ධ පූජකවරුන් සමඟ කටයුතු කළ යුතුය. සිවුරු පිටුපස සැඟවුණු බිය සහ විවිධ මිථ්‍යාවන් අන් සියල්ලටම වඩා අපේ දිවයිනේ සමාජය පාලනය කරයි. ඒවා ක්‍රියාත්මක කිරීමට පෙර කුමන නව ක්‍රමවේද කුමක් වුවත් එය සැලකිල්ලට ගත යුතුය. සාවද්‍ය ආටියුඩනල් වෙනස්කම් මගින් ජාතිය නොමඟ යවා සුව කළ නොහැකි සියලු අරමුණු කරා ගෙන යා හැකිය. ආර්ථික ප්‍රශ්න රාශියකට හසුවී සිටින අපට එය දැරිය හැකි දෙයක් නොවේ.

    මම කියන්නේ මේවා දියුණු ලෝකයේ පවතින ආකාරයට නව ක්‍රම හඳුන්වා දී නීතිය හා සාමය ශක්තිමත් කළ යුතුයි. වැඩ කිරීම අවශ්‍ය නම්, පවතින නීති සහ එහි විධිවිධාන සඳහා නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ඔවුන්ගේ සහාය සඳහා අපි ධනවත් ජාතීන් වෙත යා යුතුය.

  • 0
    0

    මම විශ්වාස කරනවා, අසාර්ථකත්වය තිබෙන්නේ ජනතාව මතයි. මෙතරම් කාලයක් ඔවුන්ගේ චින්තන රටා සුසමාදර්ශී වෙනස සමඟ වෙනස් නොවනු ඇත, කිසිවක් පැහැදිලිව වෙනස් නොවනු ඇත. උගත් නූගත් කුමක් වුවත්, සුදුසුකම් නොපැහැදිලි මිනිසෙකුට ඡන්දය දීමට ඉදිරිපත් විය. උගතුන් සහ නූගත් අය එක හා සමානව ගෝඨාභයගේ මුසාවාදයට හසු විය. බාධක නොතිබුණත් මාධ්‍ය ප්‍රචාරවලට බොහෝ පිරිසක් රැවටුණා. එම මාධ්‍ය ආයතනවලට තවමත් ජනතාවගෙන් දඬුවම් ලැබී නැති නිසා ඔවුන්ගේ ප්‍රියතම ටෙලිනාට්‍ය මාලාවන් ඔවුන් විසින් නිතිපතා විකාශය කරනවා. මිනිසුන් ගෞරවාන්විත හා සදාචාරාත්මක ජීවන රටාවන් ගැන සැලකිලිමත් නොවනු ඇත. ඔවුන් ජාතිය පාලනය කිරීමට හැඟීම්වලට ඉඩ දෙනවා. අද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්, ඔවුන්ගේ දැනුම මට්ටම නොසලකා ඔවුන්ගේ සිතුවිලි සමාජ මාධ්‍ය වේදිකාවලට එකතු කරති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වෛරය පතුරති. මෙතරම් කාලයක් මෙවැනි පුවත් ගුවනේ සැරිසරන විට මිනිසුන්ට තමන් වැපිරූ දෙයට හසුවීම මිස වෙන කිසිවක් නැත.

    ප්‍රබල අපේක්ෂකයින් 3 දෙනෙකුගෙන් සැදුම්ලත් මැතිවරණ කොමිසමට ජනාධිපති අපේක්ෂකයෙකු සඳහා වන පූර්ව අවශ්‍යතා සම්බන්ධයෙන් තම කාර්යය ඉටු කිරීමට නොහැකි විය. එම කොමිසමේ සභාපතිවරයාට නොහැකි වූයේ මන්දැයි නිර්ලජ්ජිත ලෙස සාධාරණීකරණය කිරීමට තවමත් නිර්භීතකමක් තිබේ. එම වීඩියෝ ක්ලිප් වලට අදහස් දක්වන අය විරුද්ධ අයට වඩා MACO ට සහාය දක්වයි. මේ අපි ඉපදුන රට….. මිනිස්සු ආකල්ප වෙනස් කර ගත යුතුයි. .

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.