යාපනේ මහජන පුස්තකාලයට ගිනි තිබ්බේ කවුද? ඒ ඉරණම්කාරී රාත‍්‍රියේ, හරියටම මීට අවුරුදු 33 කට පෙර, 1981 මැයි 31 – ජුනි 1 වැනි දා, ඒ අවාසනාවන්ත සිද්ධිය ඇති වූ දා පටන් මෙය කුපිතකාරී ප‍්‍රශ්නයක් වී තිබේ. ඒ ගැන විවිධ අර්ථකථන ඉදිරිපත්ව ඇත. විවිධ විද්වතුන් සහ ‘ධර්මිෂ්ඨ’ මිනිසුන්, තමන්ගේ නෝන්ජල් කමට ගැළපෙන හෝ තමන්ගේම වන ප‍්‍රශ්නකාරී හේතු මත තමන් විශ්වාස කිරීමට ආශා කරන අර්ථකථන ඒ ඒ අවස්ථාවල දී භාරගෙන ඇත. මෑතක සිට පාඨකයන් නොමග යවනසුළු වාර්තා කරළියට එමින් පවතින හෙයින් ඊට අදාළව මා දන්නා කරුණු ගෙනහැර දැක්වීම රට කෙරෙහි මගෙන් ඉටුවිය යුතු වගකීමකැ යි මට සිතුණි.
ඒ ගැන මා දැනගත්තේ, ප‍්‍රසිද්ධ බාලාංශ කවියක එන පැනයක් හා පිළිතුරකට සමාන ආකාරයකිනි.
‘රොබින් කුරුල්ලාව මැරුවේ කවුද?’
‘මං’ ගේකුරුල්ලා කීය. ‘මගේ දුන්නෙන් සහ ඊතලෙන්.’
තමන් බැරලයකින් පෙට‍්‍රල් වක්කොට ගිනි කූරක් ගසා යාපනේ මහජන පුස්තකාලයේ ගින්න ඇවිලවූ බව මට කීවේ එදා යාපනේ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සාජන්ට් කෙනෙකි. ඊට කලින් කොළඹ දී මා සමග සේවය කොට ඇති මේ සාජන්ට්වරයා, ඉන් පසුවත් මගේ ඇසුරේ සිටියේය. මේ අවාසනාවන්ත සිදුවීමෙන් බොහෝ කලකට පසු, තමන් කළ ක‍්‍රියාව තමන් තුළම හිර කරගෙන සිටීමට නොහැකිව සහ තමන් නොමග ගියේය යන හැඟීමෙන් බෙහෙවින් පසුතැවීමට පත්ව සිටි ඔහු දවසක් එය මට හෙළි කෙළේය. අප සමග සම්බන්ධකම් තිබූ තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුටත් (නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වශයෙන් පසුව විශ‍්‍රාම ගිය), ඊටත් මෑතක දී ඒ ගැන ඔහු පාපොච්චාරණය කොට තිබුණු බව පසුව මට දැනගන්නට ලැබිණි. ඒ සිද්ධිය පිටුපස සිටි අනිත් අයවළුන් කවුරුන් දැ යි හෙළි කරන සේ ඔහුට බල කිරීමට මම නොගියෙමි. මේ ගිනි තැබීම සිදුවන අවස්ථාවේ පැවැත්වෙමින් තිබුණු යාපනේ දිස්ත‍්‍රික් සංවර්ධන සභා ඡුන්දයට වැඩ කිරීම සඳහා යවා සිටි ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඒ මහා විනාශය පසුපස සිටි බව කවුරුත් දන්නා සහ කවුරුත් පිළිගත් කාරණයක් විය.
දැන් අළුත් මානයක් මේ ගිනි තැබීම තුළට ගෙනැවිත් ඇත. එය ඉදිරිපත් කෙරෙන්නේ, තමන්ගේම වන න්‍යාය පත‍්‍රවලට ඔබින ආකාරයෙන් අදාළ පාර්ශ්ව විසින් තලූමරන, බෙහෙවින් කල් ඉකුත් වූ ‘බුද්ධි වාර්තාවකිනි’. විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඞ්වඞ් ගුණවර්ධනගේ ‘බුද්ධි වාර්තාවට’ අනුව, යාපනේ පුස්තකාලය ගිනි තැබීම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වැඩකි. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ඊට සිංහලයන් සම්බන්ධ බව පෙන්වා ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අනුකම්පාව දිනා ගැනීමලූ. මෙවැනි වාර්තාවක් ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙයයි. එපමණක් නොව, එම වාර්තාව ඉදිරිපත් කරන්නේ ද, මේ ගිනි තැබීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටියේ යැයි තමන්ම පිළිගන්නා, නිලධාරියෙකු විසිනි.
සිද්ධියට අදාළ පාර්ශ්වයක් ඉදිරිපත් කරන වාර්තාවක තිබිය හැකි ‘බැඳියා පිලිගැටුම’ ගැන, දොස්තර කාලෝ ෆොන්සේකා සහ ගුණදාස අමරසේකර වැනි විද්වතුන් සැළකිල්ල යොමු නොකෙළේ ද? ඔවුන් දැන් උත්හාස කරන්නේ තමන්ගේ කලින් අභිප‍්‍රායන්ට වෙනස් නව අභිප‍්‍රායන්ට ඔබින තර්ක ක‍්‍රමයක් අනුයන්නට ද? ඒ තරමට, විද්වතුන් සහ ‘ධර්මිෂ්ඨ’ මිනිසුන්ට චපල විය හැකිය/ අනතුර ඇත්තේ මෙවැනි මිනිසුන් තමන්ගේ බකතපස් කතාවලින් ජනතාව නොමග යැවීම තුළයි. මේ ‘බුද්ධි වාර්තාව’ සිද්ධියෙන් පසුව සකසා ගත්තක් නොවන්නේ ද යන සැකය පවා මගේ පොලිස් හිතට නැගේ. යාපනේ පුස්තකාලය දෙමළ ජනතාවට දැනෙන විදිහ විද්වත් මනසකටම දැනිය යුත්තකි. එය විනාශ කිරීමක් හැඟීමක් පිළිසිඳ ගත හැක්කේ රෝගී වූ විද්වත් මනසකම පමණි.
තව ද, දෙමළ ඊලාමය සඳහා සටන් වැදුනු දෙමළ ජාතිකයන් ඇතුළු වෙනත් ප‍්‍රජාවන් අමානුෂිකව ඝාතනය කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙමළ ජනතාවගේ අතිප‍්‍රබල සහ වඩාත් මාහැඟි සංස්කෘතික සන්තකයක්= ඔවුන් හිමිකම් කියන සංස්කෘතික උරුමයක්= ඔවුන්ම විනාශ කරගනී ද? මොන හිතළුවකින් බැලූවත්, සිදු විය නොහැක්කකි.
*2014 ජුනි 1 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Burning Of The Jaffna Public Library: Whodunit? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’
Mohamed Jemaldeen / June 9, 2014
“…When you speak, speak with justice, even if it is against someone close to you…” (Quran 6:152)
/
Priya / June 11, 2014
Well if it was burnt by Tigers, government should have brought them to justice.Tigers were not that prominent those days and we know who did it.I remember my educated parents were talking about that in disbelief and I was a little kid at that time.We Sinhalese did not voice our opinion against and I believe it was a historical mistake.We should have called”spade a spade” and denounced and condemned it.Barbaric acts like that has fuelled the ethnic tensions and a country boasting of centuries of civilization and harmony, this was one dreadful black mark.
/