
පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් අනතුරුව ගතවූ අවදානම් සහිත දින කිහිපය ගෙවා ඇති මේ මොහොතේ, අද තත්ත්වය පිලිබඳව යම් සමාලෝචනයක් ඇතිව යම් සැනසිලිදායක අපේක්ෂාවක් දරාගෙන බලාපොරොත්තු දල්වා ගනිමු.
මුල් දින දෙක තුල ගණන් බැලු ප්‍රමාණයට වඩා මෙම මුස්ලිම් ජිහාඩ් ත්‍රස්තවාදය මුස්ලිම් ප්‍රජාව අතර යම් මට්ටමකට විහිද ඇති බවක් දැනට පෙනෙන්නට ඇත. ත්‍රස්තයින් 200 කට අඩු ප්‍රමාණයක් වේ යැයි පෙනෙන්නට තිබුණමුත් දැන් පෙනෙන්නට ඇති පරිදි, අඩු වශයෙන් ඔවුන්ගේ ‘අරමුණු’ පිලිබඳ ආගමික උමතුවකින් පක්ෂපාතී පිරිසද සමගින් දෙතුන් දාහක ප්‍රමාණයක් පිළිබඳව වත් සුපරික්ෂාකාරීව හඹා යන්නට ආරක්ෂක අංශ වලට සිදුවනු ඇත.
ලෝකය වඩා නිදහස් වන්නේ, වඩා මානුෂික වන්නේ, වඩා ශිෂ්ඨ වන්නේ, ආර්ථික වශයෙන් ඉදිරියට යාහැකි වන්නේ මේ ආගමික උමතුව මතුද නොව සමස්තයක් ලෙස ආගමික බැඳීම් වලින්ම නිදහස්වූ අවදියකදීය. ඒ දෙසට ලඟා වෙමින් සිටින ස්කැන්ඩිනේවියානු රටවල්, නවසීලන්තය, කැනඩාව, ඔස්ට්‍රෙලියාව, ජපානය ආදී රටවල් ඉදිරින්මද දෙවනුව යුරෝපා රටවල්ද මේ බැව් සනාත කරමින් සිටියි.
එහෙත් මේ තිබෙන තත්ත්වයෙන් ඉදිරියට යාමට සපුරා ගතයුතු පළමු අභියෝගය වන්නේ මේ ලේ පිපාසිත ඉස්ලාම් උමතු කල්ලිය ලෝක මට්ටමින් වනසා දැමීමයි.
මෙතෙක් ලංකාව තුල බරපතල අනතුරක් ලෙස අපට හසු නොවුණු මේ ජිහාඩ් ත්‍රස්තවාදය, අද අප දෙපාමුල පුපුරා හැලුණු මොහොතේ අපට මේ අවස්ථාව අපතේ හැරිය නොහැක. ඒ අනතුර හා මේ අන්තවාදී ප්‍රවනතාවය පරාජය කරන්නට අසමත්වූ මුස්ලිම් සමාජයටද අනතුරින් ගොඩ ඒමට බරපතල තීන්දු ගැනීමට බලකෙරී ඇත.
ඒ අනුව, තමන්වද විපතේ හෙලා, තමන් අනාරක්ෂිත කොට, ආර්ථිකව අසරණ කල මේ ත්‍රස්තවාදයට එළිපිට විරුද්ධ වන්නට මුස්ලිම් සමාජයට සිදුව ඇත. ඒ අනුව සමස්ත ලාංකික ජාතියට මේ ජිහාඩ්වාදය හා වහාබ්වාදය මුලිනුපුටා දැමීමට අවශ්‍ය ඓන්ද්‍රීය අනුමැතියක් මුස්ලිම් සමාජයෙන් ලැබී ඇත. එහෙත් මුස්ලිම් ආගමික ආධිපත්‍යය අභිබවා යමින් ඊට දේශපාලන නායකත්වයක් දීමට අපේ මුස්ලිම් දේශපාලන සමාජය නිර්භීත විය යුතුය. පෙර අවස්ථා වලදී මෙන් අසීරු මොහොත යටහත් පහත් ලෙස ගෙවා දැමීම පලක් නොවේ.
ගැටලුව පැනනගින්නේ එම අනුමැතියද ලබාගෙන, ජාතික මට්ටමින් නායකත්වය දීමට අවශ්‍ය පෙරමුණක් මේ දේශපාලන කාන්තාරයෙන් ගොඩනගන්නේ කෙසේද යන්නයි. දේශපාලන අවස්ථාවාදය වෙනුවෙන් තම වාර්ගික හා ආගමික නැමියාව තක්කඩි ලෙස ප්‍රදර්ශනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ වල නායකයින්හට මීට පුරෝගාමිත්වයක් දීමට අවශ්‍ය සුජාත භාවය හා නිර්භීත භාවය නොමැති වීමයි.
අපි වැනි අය, කුඩා යහපත් වෙනස් වීමක් පවා උද්යෝගයෙන් භාරගන්නා නිසා මෙවන් පසුබිමක පවා අත්විඳි ඒ සුභදායි සලකුණු තුලින් (ඉහත උදෘත තේමාව පරිදි) අඳුරු වලාවේ රිදී රේඛා දකිමු.
පළමුකොට, යම් යම් හේතුන් මත වේවා මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් කෝපයට හා වේදනාවට පත් ජනතාව වෙතින් මුස්ලිම් සමාජය වෙත ප්‍රචණ්ඩ ප්‍රතිචාර අත්නොවීම හේතුවෙන්, ත්‍රස්තයින්ව මෙතරම් ප්‍රගතියක් සහිතව කොටුකර ගැනීමට හැකිවුණි. එවන් ප්‍රති-ප්‍රචණ්ඩත්වයක් ඇතිවුනිනම් ඇත්තෙන්ම ඉන් බැට කණු ඇත්තේ මීට වග නොකියයුතු අසරණයින් වන අතර එනයින් මේ ප්‍රගතිය මුළුමනින්ම අවුල්ව යාමට ඉඩ තිබුණි. ජනතාවගේ ඒ ඥානාන්විත බව අපට, රටට ජයග්‍රහණයකි.
දෙවනුව මධ්‍යස්ත මුස්ලිම් ප්‍රජාව හා සාමාන්‍ය මුස්ලිම් ජනතාව මේ ත්‍රස්තවාදයට එරෙහිව පළමු පැයේදීම ඉදිරිපත් වීමයි. ඔවුන්, සමාජ බෙදුම්වාදී යකඩ තිරයක් වන බුර්කාව නම් වහන්තරාව අත්හරින්නට එකඟ වීම මේ අරබයා ඔවුන්ගේ පැත්තෙන් අත්‍යවශ්‍ය වන නම්‍යශීලිත්වය ප්‍රකාශ කිරීමකි. මේ බුර්කාව සෙසු පොදු සමාජයේ ඔවුන් කෙරෙහි විරසක භාවයක් මුවහත් කිරීමට හේතුවී තිබුණි. මෙයද අපි දකින රිදී රේඛාවකි.
සිංහල ජාතිකවාදී පුවත්පත් පවා මේ සිදුවීම ආශ්‍රිතව හැකිතරම් දුරට වර්ගාන්තර-සමයාන්තර ඝර්ෂණය වැඩි කරන වාර්ථා කරණයක නොයෙදීම නිරීක්ෂණය කල හැකිවිය. ඒ තත්ත්වය ඉදිරියටත් පවත්වා ගැනීමට තරම් පරිනත වනු ඇතැයි අපේක්ෂා කරන්නේ, එයද තවත් රිදී රේඛාවක් යැයි ගණන් බලමිනි.
මධ්‍යස්ත ජාතිකවාදී භික්ෂු ප්‍රජාව පවා මෙහිදී ගිනි නිවන මට්ටමින් ජනමාධ්‍ය වෙත කරුණු දක්වන ආකාරයක් ඒ අයුරින්ම නිරීක්ෂණය කල හැකිවිය. එබැවින් යලි අන්තවාදී කොටස්වලට පසුගිය සමයේ මෙන් ජනමාධ්‍ය ඔස්සේ සමාජය උසි ගන්වන්නට ඉඩ නොදෙනු ඇතැයිද අපේක්ෂා කරමු.
සිංහල හා දෙමළ සමාජයන් මෙම ‘බාහිර අනතුර’ හේතුවෙන් යම් පමණකට තිබුණු පැරණි පැරණි මතභේද අවසන්කොට වඩා එකමුතුවකට ඇති නැඹුරුව පෙන්වා ඇත. එය වඩාත් සම්පූර්ණ කිරීමට නම්, සාමකාමී මුස්ලිම් සමාජයද මේ පොදු එකතුව තුලට ඓන්ද්‍රීය ලෙස එකතු වීමයි.
මේ රිදී රේඛා මැකී නොයනු ඇතැයි අපි සුභවාදී වෙමු.
එලෙසම මෙය හුදෙක් ජාතික රාජ්‍ය සීමාවේ අභියෝගයක් නොවන බැවින්, දකුණු ආසියානු මට්ටමින්වත් මේ ත්‍රස්ත පිලලය මර්දනය කිරීමට, අසල්වැසි රටවල් සමග අවබෝධයෙන් හා මිත්‍රශීලීව මෙහෙයවුම් දියත් කිරීමට පවතින දේශපාලන අවස්ථාවාදය තාවකාලිකව හෝ පසෙකින් තැබීම අවශ්‍ය වෙයි.
Kumari / May 12, 2019
ඊස්ටර් ඉරුදින ශ්‍රී ලංකාවට සිදුවූ විනාශයත් සමග අඳ බාලයින් 225ක් රැගත් දියවන්නවම උඩුයටිකුරුවී ගොසිනි. පාලකයින් පිළිබඳව ජනතාව තුල තිබු අවසන් බලාපොරොත්තුවත් සිදුවූ පරිද්දෙන්ම යථාර්තයක් බවට පත්කරමින් සිඳී බිඳී ගොස් හමාරය.. මෙතෙක් විස්වාසය තබා ඇත්තේ ජනතා අපේක්ෂා සුන්ය කිරීමට දායකවූ සහ දායක වන ආත්මාර්ථය පමණක් සිය මුලික පරමාර්ථය කරගත් අඥාන පාපතරයන් කෙරෙහි බව රටේ ජනතාව තේරුම් ගෙන පළමුව තම තමන් පැළඳ සිටින නිල් කොළ රතු කන්නාඩි ගලවා පියවි ඇසින් සියල්ල විග්‍රහ කොට තේරුම් ගත යුතුය. දේශය සහ රටේ ජනතාවත් ආර්ථිකයත් ගොඩගැනීමට නිර්භීතව අවන්කවම කැපවෙන සුදුසු නායකත්වයක් සහ කණ්ඩායමක් සුදානම් කර ගැනීම මේ මොහොතේ ප්‍රමුඛ අවශ්‍යතාවය සේ සලකා කටයුතු කිරීම අප කාගේත් පරම යුතුකම විය යුතුය.
/