24 April, 2024

Blog

ජනමාධ්‍යයේ මිථ්‍යා ජාවාරම

තාරක වරාපිටිය

වර්තමානයේ ලෝක අවධානයට යොමුව ඇති කොරෝනා වයිරස වසංගත රෝග තත්වය පිළිබඳව අප රටේ ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කෙරෙන තොරතුරු අතරේ විවිධ පුද්ගලයන් විසින් ප්‍රකාශ කරනු ලැබූ ඒ සම්බන්ධ ගුප්ත ශාස්ත්‍රීය කරුණු ද ප්‍රධාන තැනක් ගන්නා බව පෙනෙයි. මෙම වසරේ මෙම කාල වකවානුව තුළ මෙවන් ගෝලීය වසංගත තත්වයක් ඇති වන බවට නක්ෂත්‍රය ඇතුළු තමන් නියෝජනය කරන ගුප්ත ශාස්ත්‍ර මගින් හාංකවිසියක්වත් හෙලිදරව් නොකළ මෙම පුද්ගලයෝ දැන් ජනමාධ්‍ය ඔස්සේ පෙනී සිටිමින් මෙම වසංගත තත්වය පිළිබඳ ‘පශ්චාත් මරණ පරීක්ෂණ’ පැවැත්වීමට පෙළඹී සිටිති. රූපවාහිනී වැනි විද්්‍යුත් මාධ්‍යයන් ඔස්සේ ඔවුන් විසින් කරනු ලැබූ ඇතැම් හාස්‍ය ජනක ප්‍රකාශ මුල්කොට සමාජ ජාලා ආදී මාධ්‍යයන් ඔස්සේ විවෘත සංවාදයක් ඇරඹී තිබේ.

නක්ෂත්‍රය හෝ වෙනයම් කිසිදු ගුප්ත ශාස්ත්‍රයක් මගින් පුද්ගල බද්ධ, සමාජ බද්ධ හෝ පාරිසරික වශයෙන් අනාවැකි කීමට නොපුළුවන. යමකුට එසේ අනාගතයේ සිදුවන යමක් ගැන පැවැසිය හැකි නම් ඒ එම තැනැත්තාගේ විමංසන බුද්ධිය හා ප්‍රඥාව පදනම් කොට ගත් භව්‍යතා රීතිය නම් සිද්ධාන්තය මත පමණි. ආතර් සී ක්ලාක් එම පදනමේ සිට අනාවැකි පළකළ විද්වතෙකි. එහෙත් එම අනාවැකි සඵල වීම සම්බන්ධයෙන් ඇත්තේ ද යම් සම්භාවිතාවක් පමණි.

ඒ කෙසේ හෝ දැනට දශක කිහිපයක සිට නක්ෂත්‍රය ඇතුළු ගුප්ත ශාස්ත්‍ර කිහිපයක් මුල් කොට ජනමාධ්‍ය මගින් දෙනු ලැබූ අතිප්‍රාමාණික ප්‍රසිද්ධිය නිසා නක්ෂත්‍ර අනාවැකි පිළිගැනීම වත්මන් සමාජයේ ජනප්‍රිය සංස්කෘතිකාංගයක් බවට පත්ව තිබේ. රට කරවන පාලක කාරකාදීන් පවා මෙවන් ගු-ප්ත විශ්වාස කෙරෙහි නැඹුරුවීම මෙම සංස්කෘතිකාංගය ජනතාව අතරේ වඩාත් ප්‍රචලිතවීමට හේතු වී තිබේ. එනිසාම අද වන විට මාධ්‍ය මගින් නක්ෂත්‍රය ඇතුළු ගුප්ත ශාස්ත්‍ර වෙනුවෙන් පෙනී සිටින ‘සුපිරි තරු’ පැලැන්තියක් ද බිහි වී හිඳින අතර ඔවුන් කවුරුන් ද යන්න ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත.

අතීතයේ ජ්‍යොතිර්වේදීන් වශයෙන් පෙනී සිටි පුද්ගලයන් තමන් විසින් ඉදිරිපත් කරනු ලැබූ නක්ෂත්‍ර මතය සමඟ ඒ හා සම්බන්ධ ග්‍රහ පිහිටීම් හෙවත් ජ්‍යොතිෂ්‍යමය පදනම ද ජනතාවට ඉදිරිපත් කළහ. ජ්‍යොතිෂ්‍යය යනු ප්‍රායෝගිකත්වයකින් තොර දුරාතීතයේ සිට පැවැත එන මතවාද සම්ප්‍රදායන් කිහිපයක් වුවද ඔවුන් ඉදිරිපත් කළ අනාවැකි තුළ එම මතවාද පිළිබඳ සිද්ධාන්තයන් ගැබ්ව තිබිණි.  එහෙත් වර්තමානයේ ජනමාධ්‍ය මගින් මහජනයා හමුවේ පෙනී සිටින ජ්‍යොතීර්වේදී ‘සුපිරි තරු’ තුළ එවැනි සිද්ධාන්තමය දැනුමක් නොමැති වීම මත ඔවුන් මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරන අදහස් ‘පච ගස් යට දේශනා’ මට්ටමින් ඉහළට නොයන බව පැහැදිලි කරුණකි. නමුදු තමන්ගේ මුහුණු, අත්වලින් විවිධ අභිනය පාමින් සහ එම අනාවැකි සියයට සියයක්ම සත්‍ය වන බව පවසමින් රූපවාහිනී ඇතුළු විද්්‍යුත් මාධ්‍ය මගින් මොවුන් විසින් කරනු ලබන විවිධ ආටක නාටක කෙරෙහි ජීවිතයේ දහසකුත් ප්‍රශ්න, ගැටළු, කම්කටොළුවලින් පීඩා විඳින්නවුන්ගේ අවධානය වැඩි වැඩියෙන් යොමු වනු ලදුව මෙම ක්ෂේත්‍රය තුළින් මතු වූ ජාවාරම්කාර ස්වරූපය  මඳින් මඳ වර්ධනය වී ඇති බව පෙනේ.

එම වැඩසටහන්වලට එක්වන ජ්‍යොතීර්වේදියා වෙත නරඹන්නන් විසින් ඉදිරිපත් වන ගැටළු, අර්බුද සහිත ‘ලිපි කඳු’ එම මැදිරි තුළ ප්‍රදර්ශනය කරවීම, ඔවුන් මින් පෙර පවසන ලද අනාවැකි සියයට සියයක්ම සත්‍ය වූ බව පවසමින් නරඹන්නන් ලෙසින් මැදිරියට සජීවී දුරකථන ඇමතුම් ලබා දීම මෙලෙස මෙම පුද්ගලයන් සහ රූපවාහිනී ආයතන එක්ව සිදුකරනු ලබන ‘මවා පෑම්’ අතරින් මුල් තැනක් ගනී. මේ මගින් මෙවන් පුද්ගලයන් කෙරෙහි ජීවිතයේ නොයෙක් ගැටළු, අර්බුද, කම්කටොළු සහිත එහෙත් විචාර බුද්ධියෙන් තොර අසරණුන්ගේ අවධානය ශීඝ්‍රයෙන් වැඩිවීම මත මෙම කපටි කයිරාටිකයන්ගේ මඩි තරවීම ස්වභාවිකව සිදුවන ලද්දකි. ඔවුන්ගේ එම සටකපට ජාවාරම මේ වන විට කොතෙක් ප්‍රවර්ධනය වී තිබේද යත් අද වන විට එවන් රූපවාහිනී වැඩසටහනකට පෙනී සිටීම වෙනුවෙන් එම ආයතනවලට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගෙවන එම ජාවාරම්කරුවන් පිළිබඳව පවා තොරතුරු අප වෙත ලැබී තිබේ. එසේ ජ්‍යොතීර්වේදියකු හෝ වෙනයම් ගුප්ත ශාස්ත්‍රඥයකු වශයෙන් රූපවාහිනී වැනි වැඩසටහනකට එක්වන එම කපටි කයිරාටිකයන් ‘මුරුංගා අත්තේ තබමින්’ ඔවුන්ගේ කපටි ජාවාරම් ප්‍රවර්ධනය වන ලෙස එම වැඩසටහන මෙහෙයවීම, ඒවාට සම්බන්ධ වන අඳබාල ළාමක ජනමාධ්‍යවේදීන්ගේ වගකීමක් වී තිබේ. එමෙන්ම එම වැඩසටහන් තුළින් එම පුද්ගලයන් ලබන ප්‍රචාරක වාසි ඔස්සේ ඔවුන් නිතිපතා සපයන රුපියල් මිලියන ගණනක මුදල් සම්භාරයෙන් කොටසක් ඩැහැගැනීමට ජනතාව සතු විද්්‍යුත් සංඛ්‍යාත අවිචාරවත්ව පරිහරණය කරන මාධ්‍ය ආයතන පෙළඹී හිඳින බව ද නොරහසකි. ඊට අමතරව යම් යම් දේශපාලනික මතවාදයන් පතුරවන ඇතැම් ජනමාධ්‍ය ආයතන මැතිවරණ කාලවලදී තමන්ට අවශ්‍ය පරිදි ජ්‍යොතිෂ අනාවැකි ‘මවාපෑම’ සඳහා ද මෙවැනි ඊනියා ‘සුපිරි තරු’ යෙදාගැනීම ප්‍රසිද්ධ රහසක්ව තිබේ. තමන්ට එම විද්්‍යුත් මාධ්‍ය වලින් පෙනී සිටීමට ලැබෙන ඉඩ ප්‍රස්ථාව සලකා එවැනි දේශපාලනික කඬේයෑම් සිදුකළ වංචනිකයන්ගේ නිරුවත වත්මන් සමාජය හමුවේ එළිදැක්වෙමින් තිබේ. 

මෙවන් පසුබිමක් යටතේ වර්තමානයේ පවත්නා වසංගත තත්වය වැනි ජාතික ආපදාවක දී ජන විඥානයේ ඇති වන අසරණ බව හා අවිනිශ්චිත බව මුල් කොට මෙලෙස විචාර බුද්ධියෙන් තොර අසරණනුන් මුලා කොට ඔවුන්ගේ කණ කර, ඉන, ඉහ, හැඳි, වත, ගේ දොර, ඉඩකඩම් ආදී මෙකී නොකී සියල්ල ඉතා නින්දිත ලෙස ගසා කන්නවුන්ගේ මෙම අධම ක්‍රියාවන්ට එරෙහි විචාරවත් පොදු ජනමතයක් හා ක්‍රියාකාරිත්වයක් ගොඩනැංවීමේ කාලය  මේ වන විට ශීඝ්‍රයෙන් පසු වෙමින් පවතී. 

තාරක වරාපිටිය, ලේකම් / කැඳවුම්කරු – ශ්‍රී ලංකා හේතුවාදී සංගමය

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    තාරකා @
    අපි විනාශකාරී ජාතියක්. පසුගිය මැතිවරණයේදී මෝඩ පුද්ගලයින් 69 කට අධික සංඛ්‍යාවක් වඩාත් නින්දාසහගත දේශපාලන politicians යන් තෝරා පත්කර ගැනීමට හේතුව එයයි. ඒ දෙන්නා අද ජාතිය විනාශ කරනවා. අපි අපේ අතීතයෙන් කවදාවත් ඉගෙනගෙන නැහැ, අනාගතයේදීත් ගරු කරන්නේ නැහැ. එය ඛාදනය වූ සංස්කෘතිය සමඟ බොහෝ සම්බන්ධකම් ඇත. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් බුද්ධගම අනුගාමිකයන් වන නමුත් ඔවුන්ගේ හැසිරීම් සැබෑ බුද්ධාගමට වඩා බොහෝ සෙයින් වෙනස් ය. විවිධාකාර වැරදිකරුවන් බහුතරයක් බුද්ධගම-භික්ෂූන් හා ගිහි ජනතාව අතර බහුතරය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පෙනෙන ආකාරයට වඩා මෝඩය. අද, අරමුදල් බෙදා හැරීමේ ප්‍රධානියා ඔවුන්ගේ සහෝදරයා ය. ඔහු ඇමරිකානු පුරවැසියෙකි. මේ සියල්ල සම්මුතියට ගරු කරන පුරවැසියන්ගේ හැඟීම්වලට විරුද්ධ ය. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය අනුව මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නම් ඔවුන් රටේ ව්‍යවස්ථාවට ද ගරු කළ යුතුය. අපේ ආදරණීයයන්ට රිදුනත් අපි ගණන් ගන්නේ නැහැ. කුරුලු මොළයක් ඇති සෑම කෙනෙකුටම මෙය පැහැදිලි ය. බලන්න, රජයට අරමුදල්වල අතිවිශාල මුදල් ප්‍රමාණයක් ලැබේ. එහෙත් අරමුදල්වල ප්‍රමාණය පිළිබඳ විනිවිදභාවය ද තවමත් පැහැදිලි නැත. නේපාලය වැනි දුප්පත් රටවල් තවමත් එක මරණයක්වත් නොතිබුණද, පරීක්ෂණ 15000 ක්වත් සම්පූර්ණ කර නැත. නේපාලයේ ජනගහනය මිලියන 27 ක් වන අතර අපේ ජනගහනය 22 කි.

    • 2
      0

      Tharaka@
      we are doomed nation. that was the reason, why over 69 lacks of stupid people elected most abusive politicians during the last election. those two ruin the nation today. we never learnt from our past, would not respect in the future either. that has lot to do with the eroded culture. Most of them are buddhagama-followers, but their behaviours are far from true buddhism. all various kind of culprits are predominantly majority amongst the buddhagama-monks and lay people. most of them are very stupid than appeared to be. today, the head of fund distributions is their brother. He is an american citizen. all these are against the sentiments of the citizens that respect consitution. if they want to hold election going by democracy, they should also respect the constitution of the country. we dont care about even if our lovely ones are hurt. this has been clear to everyone with a bird brain. see, the state is received collossal amounts of the funds. But the transparency about the size of the funds are also not yet clear. not even 15000 of tests have not yet completed even if far poor countries such as Nepal with not a single death yet, have done over 50 000 test. Nepal ‘s population is 27 millions while ours is 22.

    • 2
      0

      නිරෝගී මනසක් ඇති පුද්ගලයෙකු ලෙස මා අවංක නම්, වරින් වර මාධ්‍යයට මාකෝගේ හැසිරීම ඉවසා සිටිය නොහැක. එම කොමිසම තුළ එකඟ නොවී අවශ්‍ය යැයි ඔහුට හැඟුණත් ඔහු එවැනි සම්මුඛ සාකච්ඡා කිසිවෙකුට ලබා නොදිය යුතුය. එය රාජ්‍ය නිලධාරියෙකු ලෙස විශාල උල්ලං is නය කිරීමකි.

      ඔහුගේ මුඛය පාලනය කිරීමට ඔහුට හැකි විය යුතුය. එහෙත් ඔහු සෑම විටම ඕනෑම මාධ්‍ය ආයතනයක් සමඟ අනවශ්‍ය මැදිහත්වීම් පවත්වයි. කිසියම් රාජ්‍ය නිලධාරියෙකු අනවශ්‍ය ලෙස මහජන සාකච්ඡාවලට එකඟ වන්නේ නම්, ඔවුන්ගේ සේවාවන්හි ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය යම්කිසි සිහිබුද්ධියකින් යුතුව සෑම කෙනෙකුටම සැක සහිත ය. එහෙත්, ඒ අතරම, සමාව දිය නොහැකි ආකාරයේ ක්‍රියාවන් රාජපක්ෂගේ ආධාරකරුවන් විසින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකන් සමාජයේ ඉහළ ඉල්ලුමක් පවතී. හිටපු රජය සහ වර්තමාන රජය අතර ඇති විශාල වෙනස එයයි. මෙය ජාතියට පැහැදිලි විය යුතු අතර වඩා හොඳ අනාගතයක් සඳහා සමාජය නැවත ගොඩනැඟිය යුතු නම් මාධ්‍ය විසින් මෙය ජාතියට වඩාත් පැහැදිලිව හෙළි කළ යුතුය.

      එබැවින් එහි ප්‍රති services ලයක් වශයෙන්, ඔවුන්ගේ රාජ්‍ය සේවාවන් පිළිබඳව යම් ගෞරවයක් උපයා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් විසින්ම බෙල්ල කපා ඇත.
      කොරෝනා තර්ජනය පිළිබඳ විවිධ අවිනිශ්චිතතාවයන්ගෙන් අද මිනිසුන් හසු වී ඇත. මෙම සන්දර්භය තුළ, මෙම නිලධාරීන් වැරදි ක්‍රියා කිරීමට පෙර නැවත සිතා බැලිය යුතුය. ඇරත්, මිනිසුන් පෙනෙන තරම් මෝඩයන් නොවේ. ඔවුන් දැන් පෙරට වඩා නැවත සිතා බැලීමට සූදානම්ව සිටිති. මෙම පසුබිම තුළ ජනතාවගේ දූෂණය ගැන නැවත සිතා බැලීමට මිනිසුන්ට ප්‍රමාණවත් කාලයක් තිබේ. රූපවාහිනී තිර ඉදිරිපිට වාඩි වී සිටින අය කලින් සිටි කාලයට වඩා මෙවර තම රාජකාරිය කරනු ඇත. විවිධ තරාතිරම්වල අයගෙන් බහුතරයක් වත්මන් රජයේ කාර්යසාධනය ගැන සතුටු නොවෙති. ඔවුන් ප්‍රශ්න කරන්නේ, පෙබරවාරි මස අවසානය වන විට රජයට එකක් වසා දැමීමට නොහැකි වූ අතර රටට පමණක් ඇතුල් වීමට නොහැකි වූයේ මන්ද යන්නයි. නායකයින්ගේ මුළු හදවතින්ම මෙය සිදුවිය යුතුව තිබුණි. පසුගිය සති කිහිපය තුළ ඔවුන් තවත් බොහෝ දේ අත්හදා බැලිය යුතුව තිබුනි, නමුත් අද වන විට නේපාලය 50 000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කර ඇතත් 15000 ක් පවා පරීක්ෂාවට ලක් නොකෙරේ. රජයට කිසිදු පිළිතුරක් නොලැබෙන ප්‍රශ්න රාශියක් තිබේ. ජනමාධ්‍ය විසින් මිනිසුන්ව මෝඩයන් බවට පත් කර ඇත. එහෙත් වර්තමාන සන්දර්භය ඔවුන්ට නැවත සිතා බැලීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන බැවින් අතිශය මෝඩයන් පවා ඊළඟ දිනවල නිසැකවම නැගී සිටිනු ඇත.

    • 2
      0

      කාගේ කොඳු ඇට පෙළ ශක්තිමත්ද? එය සිරිසේනගේ හෝ නන්දසේනගේ ද?
      දෙදෙනාම නූගත් අවජාතකයෝ ය. ඔවුන් එක් එක් අද එය ඔප්පු කර ඇත.
      සිරිසේන පාස්කු ඉරිදා වන්දනාකරුවන් මරා දැමීමට ඉඩ හැරියේය.
      :
      නන්දසේන නොහොත් ගොට්ලර්, ඔහුගේ කොඳු නාරටිය නොමැතිකම, ජනතාව වැඩි වැඩියෙන් ආසාදනය වීමට ඉඩ හරින්න .. එවිට ජනතාවගේ රුධිරය උරා බොනු ඇත. මහින්ද තම තරුණ අවධියේදී ගෝතබයා දූෂණය කර ඇති අතර, එමඟින් ජාතිය බේරා ගැනීම සම්බන්ධයෙන් නිසි පරිදි කටයුතු නොකිරීමට තමාට ඇති හැකියාව ඔප්පු කර තිබේ.

  • 2
    0

    මේ මිනිසුන් තිදෙනාම ඕනෑම කෙනෙකුට දන්නා අතර – ඔවුන් එක් වරක් නොව දුසිම් ගනනක් ජාතියේ සිනාසෙන කොටස් බවට පත්ව ඇත. අන්ධ මිනිසාගේ සහජ විෂමතා තේරුම් ගත හැකිය. නමුත් එය වැරදිකරු මාධ්‍යවේදීන් විසින් අපයෝජනය නොකළ යුතුය. විශේෂ experts යන් පැහැදිලි කරන පරිදි, යමෙකු අන්ධභාවයෙන් හෝ බිහිරි භාවයෙන් දුර්වල වුවහොත්, එම අපේක්ෂකයින්ටම තොරතුරු ලබා ගැනීමට උනන්දුවක් දැක්වීමට වැඩි හැකියාවක් තිබිය හැකිය. මෙම අන්ධ ජ්‍යෝති ger ශාස්ත්‍ර ger යාගේ තත්වය පෙළක් කථා කිරීම සඳහා පුහුණු කර ඇති ගිරවුන්ගේ තත්වයට සමාන කළ හැකිය. අවධානය ලබා ගැනීම සඳහා ඔහු බර වචන භාවිතා කරන අතර එමඟින් ජනතාවට පහසුවෙන් අන්තර්ගතය ලබා ගත නොහැකි වනු ඇත, නමුත් පණිවිඩය යවනු ලබන්නේ අන්ධ මිනිසා පරාජය කළ නොහැකි ලෙස ය.
    .
    ජාතියේ අවදානමට ලක්විය හැකි අය හැසිරවීමට ඔවුන් දක්ෂය. ඔවුන්ගේ කථන පැහැදිලි කිරීම් මාධ්‍ය ආයතනවලට ඔවුන්ගේ අදහස් ශක්තිමත් කිරීම සඳහා උපකාරී වී ඇත. තොරතුරුවල කිසිදු සාරයක් මුළුමනින්ම සත්‍යයෙන් බැහැර නොවනු ඇත, නමුත් ඡන්දය ලබා ගැනීම සඳහා එකම ජාතිය නොමඟ යැවීම කේන්ද්‍රගත වී තිබේ. මාධ්‍ය හිමිකරුවන් තම වාණිජමය වාසි ජාතියට වඩා ඉහළින් තබන කුරිරු දේශපාලන politicians යන් සමඟ කටයුතු කරයි. ජාතිය උදේ සිට සවස් වන තුරුම නොමඟ යවනු ලැබේ. බලපෑම තක්සේරු කළ නොහැකිය. එහෙත් බලධාරීන් එහි ප්‍රතිවිපාක ගැන තැකීමක් නොකරයි. මේවා කලින් සැලසුම් කර ඇත. අරාජිකත්වය පාලනය කරයි. පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවලට වඩා වැඩවසම් යාන්ත්‍රණයන්ට වැඩි කැමැත්තක් දක්වයි. අද බලධාරීන් නොව මිලිටරි භටයින් ඉහළින් තබා ඇත … දේශපාලනය මුළුමනින්ම මිලිටරීකෘත වූවාක් මෙන්.

  • 2
    0

    විමල් නූගත් වීරවාන්ස් වැනි වාචාලා දේශපාලන politicians යින්ට එය දැනගත නොහැක, මන්ද ඔහුට සම්පූර්ණ පාසල් අධ්‍යාපනය පවා නොමැති බැවිනි. ඔහුගේ අධ්‍යාපනය ඔහුව මෝඩයෙකු බවට පත් කරයි, නමුත් රාජපක්ෂේ යාන්ත්‍රණයන්ට රළු බල්ලෙකි. ඇත්ත වශයෙන්ම, එවැනි පුරුෂයින් වෙස්මුහුණු කළ යුතු අතර අවම වශයෙන් රටේ මේ බරපතල මොහොතේදී කූඩුවක තබා ගත යුතුය. ඔවුන්ගේ සාක්කුව පිරවීම හැර වෙන කිසිවක් ගැන රාජපක්ෂ ගණන් ගන්නේ නැත. මෙය ඔවුන් පසුගිය වසර 5 තුළ ඔප්පු කර ඇත. එය පොදු රහසකි. අපේ රටේ පන්නක්කු පානය කරන්නන් නැවත ඔවුන් තෝරා පත් කර ගත්හ.

    ඔවුන් උත්සාහ කරන්නේ ඔවුන්ගේ පක්ෂග්‍රාහී රූපවාහිනී නාලිකා හරහා ඔවුන්ගේ ව්‍යාජ ප්‍රවෘත්ති දර්ශන හෝ පෙළ මගින් ජාතිය නොමඟ යැවීමට ය. ඔවුන් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සතුටුදායක නොවන බවක් පෙනෙන්නට තිබුණත්, ඔවුන් වෙනුවෙන් පින්තූරය පින්තාරු කිරීමට ඔවුන් සෑම උත්සාහයක්ම දරයි. ජනතාව මෙම වැරදිකරුවන්ට එරෙහිව නැගී සිටිය යුතුය. පක්ෂග්‍රාහී රූපවාහිනී නාලිකා දෙකක් හරහා ඔවුන්ගේ බොරු පතුරුවා හැරීමෙන් ඔවුන් තවදුරටත් නිහ stay ව නොසිටිය යුතුය. පීඕල් ඉතා පැහැදිලිව කිව යුතුය, ඔවුන්ගේ ජීවිත තමන්ගේ අතේ ඇති බව, බලයේ සිටින රාජ්‍යය ඔවුන්ට හෘදයාංගම උත්සාහයකින් සලකන්නේ නැත. … කෙසේ වෙතත්, ඔවුන්ගේ පක්ෂග්‍රාහී විකාශන සෑම විටම ඔවුන්ව මෝඩයන් බවට පත් කර ඔවුන්ව නොමඟ යැවිය හැකිය. විශේෂ bank යන් සනාථ කරන්නේ, ලෝක බැංකුවෙන් සහ වෙනත් අදාළ ආයතනවලින් දැනටමත් රජයට ලැබී ඇති අරමුදල් මඟින් දුප්පත් පවුලකට මසකට අවම වශයෙන් 50 000 ක් ලබා ගත හැකි බවයි.

  • 2
    0

    ශ්‍රී ලංකාවේ මිනිසුන්, ඔවුන්ම නොමඟ යැවීමට ඉඩ හැරියා. සාමාන්‍ය දැනුමක් නොමැතිකම ඔවුන් මෙම අනතුරට හේතු විය. කොරෝනා අර්බුදය සහ රාජපක්ෂ දූෂිත දේශපාලනය යන දෙකින්ම අද ජනතාව කුරිරු ලෙස හසු වී සිටිති. රාජපක්ෂ සහෝදරයන් කිසි විටෙකත් ජනතාවට අවංක නොවනු ඇතැයි ඔවුහු දැන සිටියහ. එහෙත් රට තුළ ජනමාධ්‍ය සඳහා අරමුදල් සපයනු ලබන්නේ රාජපක්ෂේ පවුලේ හෙංචයියන් විසිනි. වෙන කිසිවෙකුට වඩා මහින්ද, අසරණ අය ගැන කිසි විටෙකත් සිතුවේ නැත. ශ්‍රී ලංකාව අතර දරිද්‍රතාවය කෙතරම් ද යන්න දැන් අපට පෙනේ. නමුත් රාජපක්ෂ කොල්ලය ඔහුගේ පුතුන්ගේ මංගල උත්සව කිසිදු ලැජ්ජාවකින් තොරව සැමරීය. එම මංගල උත්සව සඳහා 5000 කට අධික පිරිසක් ආරාධනා කළහ. මේ සියල්ල ලජ්ජා රහිතව සොරකම් කරන ලද අරමුදල් මගින් ගෙවන ලදී. අද ගෝත්‍රික අප්‍රිකාවට පවා එවැනි නායකයන් නොසිටිනු ඇත. මහින්ද කවදාවත් මේ රටේ අසරණයන්ගේ ප්‍රයෝජනය සඳහා තම වත්කම් කැප කර නැත. නමුත් ඔහුගේ පවුලේ ධනය හා ඒ හා සමාන උපක්‍රම ගැන පමණක් සිතුවා. ඔහු උපතින්ම නිර්ලජ්ජිත මිනිසෙකි. කවදාවත් ඔහුට එකම මිනිසුන් ඉදිරියේ කිසියම් ලැජ්ජාවක් ඇති නොවීය. ඔහු බොහෝ දේ කර ඇති බව ප්‍රකාශ කරන නමුත් ඒ අතරම 2005 සිට 2015 දක්වා ඔහු රජයෙන් බිලියන ගණනක් කොල්ල කෑවේය. එම කාලය තුළ කිසිදු වාර්තාවක් පවත්වා ගෙන ගොස් නොතිබුණි. ඔහුගේ එවකට ලේකම්වරයා රජයේ භාණ්ඩාගාරයෙන් විශාල මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් වැරදිකරු විය. නමුත් අද, සහෝදර යුගලය යටතේ, එම ලේකම්වරයා ක්‍රියාත්මක වේ. මේ සියල්ල මේ රටේ නිහ silent ජනතාවට තුවාල කිරීම වැනි ය. එහෙත් එය රාජපක්ෂේ දූෂිත දේශපාලනයේ ක්‍රියාකාරිත්වයයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.