26 April, 2024

Blog

උද්ඝෝෂණ​ වලට ජනතා ගුටි

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

පසුගියදා පිටකොටුව දුම්රිය ස්ථානයේදී සිදුවූ ගැටුම ජනතාවගේ ඉවසීමේ සීමාව අවසාන අවස්ථාව පැමිණීම මත සිදු වූවකි. දුම්රිය තමන්ගේ පොදු ප්‍රවාහන සේවය ලෙස භාවිතා කරනු ලබන බොහෝ රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් ඒ සඳහා යොදාගනු ලබන්නේ මාසික වාර ප්‍රවේශ පත්‍රයයි. විශේෂයෙන් නිවසින් ලබාදෙන දිවා ආහාරය හා උදේ ආහාරය රැගෙන රස්සාවට පැමිණෙන බොහෝ දෙනා අත ඇත්තේ රුපියල් සීයකට අඩු මුදලකි. එසේම නිශ්චිත වේලාවට දුම්රිය ගමනාගමනයේ යෙදෙනවා යැයි යන උපකල්පනය මත බොහෝ දෙනාගේ දූදරුවෝ මෙන්ම නිවෙසේ වාසය කරන අයද ඔවුන්ගේ ආහාර පාන, ආරක්ෂාව හා ප්‍රවාහනය සලසා ගන්නේ කොළඹ රස්සාවට පැමිණ නැවත එන තම දෙමාපියන්ගෙන් හෝ ඔවුන්ගේ දූ පුතුන්ගෙන්ය. කොළඹ රැකියාව අවසන්වී දුම්රිය පොළට එන මේ සේවක මහත්ම මහත්මීන් හැකි ඉක්මනින් තම ගම්බිම් බලා පිටත්ව යන්නේ ගම්බිම් වල ඔවුන් එනතුරු බලා සිටින තම දූදරුවන්, දෙමාපියන් සහ ඔවුන් මත යැපෙන තවත් බොහෝ දෙනා ඔවුන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් බලා සිටින බැවිනි. ඒ අතර දූදරුවන්ට බෙහෙත් ලබාදීම, දෙමාපියන්ට බේත් හේත් ලබාදීම හා පන්තිවලින් ගෙදර රැගෙන යෑම වැනි දහසකුත් කටයුතු තිබේ.

එසේම මේ දිනවල උසස් පෙළ විභාගයට පෙනීසිටින දරුවන් මෙන්ම මේ රටේ පාසල් සිසු දරු දැරියන් විශාල ප්‍රමාණයක් භාවිතා කරනු ලබන්නේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වාර ප්‍රවේශ පත්‍ර හා ගමනාගමනයට දුම්රියන්ය. විශේෂයෙන් ලංකාවේ විශාල පළාත් ප්‍රමාණයක් තිබේ. දුම්රියෙන් හැර  ළඟාවිය නොහැකි එවැනි ගම්වල උසස් පෙළ දරුවන්ද විශාල අසාධාරණයකට ලක්වී තිබේ. එවැනි තත්ත්වයක් තිබියදී දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති පෙර දැන්වීමක් නොකර සතියේ වැඩ දිනක, තුනට පමණ ක්‍රියාත්මක කරන ලද දුම්රිය වර්ජනය නිසාවෙන් රටේ සියලුම ජනතාවට පාහේ විශාල අසාධාරණයක් සිදුවිය. එසේම එම දිනයේ සවස රැකියා අවසන්වී දුම්රියපොළට පැමිණි බොහෝ දෙනකුට දැනගැනීමට ලැබුණේ ඒ මොහොත වන විට රටේ සම්පූර්ණයෙන්ම දුම්රිය ගමනාගමනය අඩපණ වී ඇති බවයි. එයින් කිපුණු මහජනතාව හිතුමතේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් සියලුම දෙනා හට ඉතාම ආවේගකාරී ලෙස අමතන්නට උත්සුක වුයේය. එසේම දුම්රිය මගීන් සියලුම දෙනා පාහේ ප්‍රධාන මාර්ගයටත් බස් රථ වලටත් බාධා කරමින් කොළඹ කොටුව තුළ විශාල කලබැගෑනියක් ඇති කළේය. එමෙන්ම ඔවුන් ඇමතීමට පැමිණි වෘත්තීය සමිතිවල සාමාජිකයින් අතර එක්තරා ආකාරයක පහරදීමක් සිදුවූ බවටද තොරතුරු වාර්තා වී තිබේ. 

යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිටම වෘත්තිය සමිති යුද්ධය ප්‍රකාශ කොට තිබුණේ විශේෂයෙන්ම පිටකොටුවේ උද්ඝෝෂණය කිරීම විශාල මෝස්තරයක් වන තරමටය. විශ්ව විද්‍යාල සිසුන්ගේ සිට දුම්රිය වෘත්තීය සමිති දක්වා සියලුම දෙනා පාහේ රැකියා අවසන්වී සේවකයින් ගෙදර යන අවස්ථාවේදී පිටකොටුවේ උද්ඝෝෂණය කිරීම මෝස්තරයක් බවට පත්වී තිබේ. ඔවුන් එයින් අපේක්ෂා කරනුයේ ජනතාව ආණ්ඩුව ගැන කලකිරෙණු ඇති බවයි. එක්තරා ප්‍රමාණයකට ආණ්ඩුව සම්බන්ධයෙන් අර්බුදයක් පැවතියද ජනතාව වෘත්තිය සමිති සහ උද්ඝෝෂකයින් කෙරෙහි දැඩි තරහක් පවතින බව පසුගියදා කොටුව දුම්රියපොළ අසළදී වෘත්තීය සමිති නායකයින්ට ජනතාව විසින්ම පහරදීමෙන් පෙන්වාදුන්නේය. ජනතාව තම පංතියේ වෘත්තිය සමිති නායකයින්ට එරෙහිව නැගී සිටීම එක්තරා ආකාරයක ඉරණම් සහගත සිදුවීමකි. එසේම දුම්රිය වෘත්තිය සමිති නායකයන්ගේ ඉල්ලීම් ඉතා අසාධාරණ වන අතර දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ හා දුම්රිය නියාමකයින්ගේ මෙන්ම දුම්රිය රියදුරන්ගේ වැටුප රුපියල් ලක්ෂ දෙකකට වඩා වැඩි බව පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල පළවූ ඔවුන්ගේ පඩිපත් වලින් පෙන්වා දෙයි. එතරම් විශාල වැටුපක් ගන්නා වෘත්තිකයින් කණ්ඩායමක් වන ඔවුන් විසින් උසස් පෙළ ළමුන්ගේ අනාගතය ද රටේ ජනතාවගේ අනාගතය බිල්ලට තබා අතිවිශාල වැටුපක් ඉල්ලන්නේ රටේ නීති රීතීන් මෙන්ම වෘත්තීය සදාචාරයද බින්දුවට දමාය.

පසුගිය සතියේ සිදුවූ අනිත් විශේෂිත සිදුවීම වන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයෙකු පත්කර ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් ඉල්ලන ලද ඉල්ලීමයි. එහිදී ඔවුන්ගේ පක්ෂය විසින් වර්තමාන විපක්ෂ නායක ආර්. සම්බන්ධන් වෙනුවට දිනේෂ් ගුණවර්ධන පත්කරන ලෙස ඉල්ලා සිටියේය. එසේම වර්තමාන විපක්ෂ නායකයා වෙනුවට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ඇතැයි පවසා ඒකාබද්ධ විපක්ෂයෙන් විපක්ෂ නායකයා පත්කර ගැනීමට දැඩි බලපෑමක් කතානායකවරයාට හා පාර්ලිමේන්තුවට සිදු කළේය. දැනට මාස කිහිපයකට පෙර පොහොය දෙකක් යෑමට පෙර ආණ්ඩුවක් බිහි කරන බවට පෙරුම් පුරා පාරම්බෑ ඒකාබද්ධ විපක්ෂය අද ආණ්ඩුවක් හදනවා වෙනුවට විපක්ෂ නායක කම හිඟාකන තත්ත්වයකට පත්වීම කනගාටුදායක වේ. අඩුම තරමේ ආණ්ඩුවක් හදනවා වෙනුවට විපක්ෂ නායක ධුරය සඳහාවත් ඔවුන් අභ්‍යන්තරයේ එකඟතාවයක් නැති බව පෙනී ගියේ වෙල්ගම හෝ දිනේෂ් ගුණවර්ධන පත්කිරීම වෙනුවෙන් කණ්ඩායම් කීපයක් එකිනෙකාට විරුද්ධව ආඩපාලි කීම නිසාය.

ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර අසමගිය ආණ්ඩුවේ අගමැති ධූරය හා ජනාධිපති ධූරයේ සිට විපක්ෂ නායක ධුරය දක්වා පසු බැස ඇති අතර ඒකාබද්ධ විපක්ෂයේ පහලම මට්ටමේ සාමාජිකයන් අතර හා දෙවන පෙළ නායකයින් එකිනෙකා අතර විශාල විරසකයන් ඇති වී තිබේ. මේ අනුව අවසාන වශයෙන් කිව යුත්තේ විපක්ෂනායක ධූරයවත් පෝය දෙකකින් දිනාගැනීම ඒකාබද්ධ විපක්ෂයේ සටන බවට දැන් පත්වී ඇති බවයි. අඩුම තරමින් එය 2020 දි වත් සාර්ථක වේවා යන්න මේ ලියුම්කරුගේ ප්‍රාර්ථනාවයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    That beating is very justifiable. There is a ministry and top officials to run the minister. Ina decent country. All would have resigned and investigated. But, Sri lanka is one biog wound that will never heal. Just talk.

  • 0
    0

    what we are talking here is all humans. One group politicians who are boasting that they are leaders cannot look after the country from the other groups of so-called leaders. what does it say ?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.