26 April, 2024

Blog

නිවාඩ් කබ්රාල්

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

රාජපක්ෂ ආණ්ඩුවේ 2006 සිට 2010 දක්වා මහා බැංකු අධිපති ධූරය දරන ලද්දේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාය. ඒ මහතා ගණකාධිකාරි වරයෙකි. එසේම ඔහු මහා බැංකු අධිපති ධූරයට පත් වන විට රජයේ වගකිවයුතු කිසිඳු බරපතල තනතුරක් දරා නොතිබුන අතර එවකට 2006 දී හා ඊට පෙර දසකයේදී ලෝකයේ ප්‍රමුඛ සුදුකරපටි හොරුන්ගේ වංචාවක් වූ පිරිමීඩ මුල්‍ය සුදුවේ ලංකාවේ නියෝජිතයා වූ අතර ඒ වන විටත් රටේ සාර්ථක මිනිසුන් සිය ගනනක් පිරිමීඩ ජාවාරමට  අසුව තම ජිවිතයෙන් වන්දි ගෙවා තිබුණු අතර ලක්ෂ ගනනක් මිනිසුන් රුපියල් කොටි  දහස් ගනනක් මෙම සුදුවට යොදා තිබිණි. එම ජාවාරම නිර්මාණ ශීලි සුදු කරපටි හොරුන් විසින් ලෝකය පුරා ගොඩ නගන ලද මහා පරිමාණ වංචාවකි. එය ඇමරිකානු ජතාවගේ ආර්ථිකය පවා අර්බුදයට යැවිය. එමෙන්ම තුන්වැනි ලෝකයේ රටවල් බොහොමයක එදිනෙදා ජන ජීවිතය මෙන්ම ආර්ථිකයන්ද විනාශ කළේය. ලෝකයේ ශීලාචාර රටවල් බොහොමයක් නව නීති ගෙන එමින් ආර්ථිකය තුල එවැනි ක්‍රියාකාරකම් වල යේදීම තහනම් කොට බොහෝ දෙනෙකු සිරගත කළේය. නමුත් ලංකාවේදී රාජපක්ෂ වරු බලයට පත් වීමත් සමගම පිරිමීඩ ජාවාරමේ මහා මොළකරු රටේ ඉහලම මුල්‍ය ආයතනයේ ප්‍රධානියා කළේය. මහා බැංකුව යනු රටේ මුල්‍ය පරිපාලනයේ රන් දෙවොලයි. 2006 සිට අද දක්වා මේ මොහොතේත් රටේ ඇති වන මුල්‍ය ක්‍රියාකාරකම් වලට කබ්රාල්ගේ බලපෑම ඇති විශාලය. එදා කබ්ාරල්ගේ පත් වීම අනාගත ලංකාවේ ආර්ථිකයේ විනාශයේ හැඩය පෙන්වා දීමක් ලෙස එවකට සිටි මුල්‍ය විශේෂඥයින් පෙන්වා දුන්නේය.

යහපාලන රජයට විශේෂයෙන් එල්ල වන චෝදනාවක් වන බැදුම්කර ගනුදෙනුවේදී එහි අදාල සමාගමේ එක අධ්‍යක්ෂකවරියක් වන්නේ නවාඩ් කබ්රාල්ගේ සහෝදරියකි. ඇයට අයත් විවිධ සමාගම් රාශියක්  විසින්  නිවාඩ් කබ්රාල් මහා බැංකු අධිපති ධූරය දරන සමයේ රුපියල් කෝටි විසිහත් දහසක බැදුම්කර ගනුදෙනු මහා බැංකුව සිදු කොට තිබිණි. ඒවා ගැන සොයා බැලිය යුතු හා ලංකවේ නීති ක්‍රියාත්මක කරන ආයතන වලට කල නොහැකි තරම් සංකීර්ණ මුදල් ගනු දෙනුය. තාක්ෂණිකව ගත හොත නිවාඩ් කබ්රාල් දැන් සිටිය යුත්තේ සිර ගෙදරය. මන්ද රටේ සංවේදී මුල්‍ය රහස සමග සිදු කලයුතු මහබැංකු බැදුම්කර ගනුදෙනු වලට තම එක කුස උපන් සහොදරිය සමග සම්බන්ද වීමය. මෙය ඉතාම අශිලාචාර ලැබැදියාව පිළිබඳ ගැටලුවකි.

එසේම කබ්රාල්ගේ සමයේදී රටේ ආර්ථිකයට විශාල හානියක් කල සිදු වීමක් වන්නේ ග්‍රීක බැදුම්කර ගනු දෙනුවයි. එනම් ග්‍රීසිය බංකොලොත් බව ප්‍රකාශ කිරීමට පැය කීපයකට පෙර රුපියල් කොටි විසි දහසකට වඩා වැඩි මුදලක් ලංකාවේ මහා බැංකුව විසින් ග්‍රීක බැදුම් කර මත ආයෝජනය කළේය. සැබවින්ම ඊට පැය කීපයකට පසු ග්‍රීසිය නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශයට පත් කල අතර ලංකාවට එම මුළු මුදල් ප්‍රමාණයම අහිමි විය. රාජපක්ෂ වරුන්ට හෝ ලංකාවේ ජනතාව ආර්ථික කටයුතු ගැන දැනුමක් තිබේ නම් නිවාඩ් කබරල් ට අද එම ගනුදෙනුව නිසාම පමණක් සිර ගෙදර හෝ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වනු ඇත. අපි අද මුහුණ දෙන බොහෝ ආර්ථික ගැටළු ඒවායේ ප්‍රතිපලය. ඉන් පසුවද කබ්රාල් තවත් බොහෝ කාලයක් ලංකාවේ මහා බැංකුවේ අධිපති දුරය දැරිය. ලංකාව යනු සුදු කරපටි හොරුන් ආර්ථිකය ගැන තීන්දු ගන්නා රටක් බව ලෝකයම දැන ගත්තේ එදාය. එහිදී එම ගනුදෙනුවේ රටේ මුදල් අයතා ලෙස යොදවා ඔහුන් ඉපයූ මුදල කොතෙක්දැයි සෙවිය යුතුය.

අනෙක් විශාලතම ගනුදෙනුව වන්නේ හෙජින් තෙල් ගනු දෙනුවයි. එහිදී රටට සිදු වූ පාඩුව ඩොලර් බිලියනයකට ආසන්නය තවමත් ලංකාවේ රජය එම මුදල් ලෝකයේ මුල්‍ය ආයතන ගනනාවකට ගෙවමින් පවතී. ලංකාවට චීනයෙන් අධික පොලියට ණය ගැනීමට සිදු වුයේ හෙජින් ගනු දෙනුවෙන් ලෝකයේ මුල්‍ය ආයතන  සමග ඇති කර ගත ගැටළු නිසාවෙ. එම ගනුදෙනුවද නිවාඩ් කබ්රාල්ට තම ජිවිත කාලයම සිර ගෙදරක ගත කිරීමට ප්‍රමාණවත්ය. රජපක්ෂ වරු එදා ආර්ථිකය පාලනය කිරීමට බර දී තිබුනේ සුදු කාරයෙකුට බවට ඇති හොදම සාක්ෂිය හෙජින් ගනු දෙනුවයි.

මේ පිලිබඳව පරීක්ෂණ පවත්වා වැරදි කරුවන්ට දඩුවම් කිරීමට යහපාලන රජය කටයුතු නොකිරීම අරුමයකි. එදා කබ්රාල්ලා විසින්  පාලනය කරන ලද ආර්ථිකය විසින් රටට කරන ලද හානියේ ප්‍රතිපල අද මෙම ආණ්ඩුවත් රටේ ජනතාවත් විදිමින් තිබේ. මිනිසුන් සිල්ලර කඩයෙන් අද මිලදී ගන්න හාල් ටිකට සිනි ටිකට කිරි පැකට්ටුවට හෙජින් ගනුදෙනුවේ පාඩුව එකතු වී තිබේ. පාමසියෙන් ගන්නා පැනඩෝල් පෙත්තට පවා ග්‍රීක ගනුදෙනුවේ පාඩුව, වංචාව එකතු වී තිබේ. රටේ අද පවතින මෙකි නොකී සමාජ ආර්ථික ගැටළු වලට එදා කබ්රාල් ලගේ සුදු වගකිව යුතු වේ. 

එවන් අය මහින්ද රාජපක්ෂ සමග ඉදිරියට පැමිණ ආර්ථිකය ගැන ප්‍රකාශ දීම ලංකාවේ තුල ඔවුන් නැවත බලයට පත් වුව හොත් අනාගතයේ දී ක්‍රියාත්මක කරන ආර්ථික වැඩ පිළිවෙල හා මිනිසුන් පිලිබඳ කදිම සාක්ෂිකයකි. විමල් වීරවංශගේ වචනයෙන්ම කියන්නේනනම් ආර්ථික එ ඝාතකයින්ය. ඔවුන් ඝාතනය කල ආර්ථිකය අපි අද විදවන්නේය.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    මේවාගැන හොයන්න රටේ පාලකයන්ට හා උගතුන් ට උවමනාවක් නෑ. එය රටේ මිනිසුන්ගේ අවාසනාවක්.

  • 1
    0

    මේවාගැන හොයන්න රටේ පාලකයන් හට උවමනාවක් නෑ. උගතුන් කියනඅයටද උවමනාවක් නෑ. එය රටේ දුප්පත් මිනිසුන්ගේ අවාසනාවක්!!!

  • 1
    0

    මේ කියන ඒවා ගැන ඇත්තටම මට නම් මතකයක් නැහැ.
    නමුත් මේවා ඇත්ත නම් ඒකට මේ ආණ්ඩුවේ මහ බැංකු බැඳුම්කර වංචාවත්, මේ අවුරුදු තුනට ගත්තු ණයත්, රටට අහිමි වෙච්ච සම්පතුත් එකතු වෙලා හැදෙන චිත්‍රය අනුව මට නම් කියන්න තියෙන්නේ ලබන අවුරුද්දේ ජනාධිපතිවරණෙට ඉස්සෙල්ල SLFP, UNP, SLPP, JVP, ඒකාබද්ධ විපක්ෂය, වියත් මඟ, එලිය කියන මේ හැමෝවම මිනිස්සුන්ට එපා වෙලා එපා වෙලා ගිහින් අලුත්ම විකල්පයක් හැදෙන්න ඉඩ තියෙනවා කියන එකයි.
    පරදින බව දැන දැනම JVP එක ජනාධිපතිවරණෙට වෙනම මිනිහෙක් දානව කියලා ලාල් කාන්ත කියන එකේ තේරුම මිනිස්සු භේද කරලා දුර්වල ජනාධිපතිවරයෙක් පත් කරන්න හදනවා කියන එක සහ ඒකේ වාසිය UNP එකට අරන් දෙන්න හදනව කියන එක.
    ඒ හින්ද දැනට වැඩිම චන්ද තියෙන කණ්ඩායම වුනත්, ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර බෙදීමත් එක්ක, ඒ කියන්නේ දැන් තියෙනව කියන 40% or 43% අඩු වෙනවා කියන එක අනුව, බොහෝ විට අලුත් විකල්පයකට මිනිස්සු එකතු වෙන්න ඉඩ තියෙනව. අනිත් පැත්තේ ඔක්කොම බෙදෙන නිසා, හිටපු සහ ඉන්න ආණ්ඩු දෙකම එපා වෙච්ච මිනිස්සු, ස්වාධීන චන්ද සහ පාවෙන චන්ද එකතු වෙලා 50%කට වැඩි චන්ද ප්‍රමාණයක් අලුත් විකල්පයකට ලබා ගන්න පුළුවන් වෙනවා හරියට game එක ගැහැව්වොත්. මිනිස්සුන්ගේ කතා වලින් පේන්නේ හැම දෙයක් ගැනම තියෙන කලකිරීම. මිනිස්සුන්ගේ ආදරයක් ඉතුරු වෙලා තියෙනව නම් තියෙන්නේ මහින්ද ගැන විතරයි. මෙහෙම විකල්පයක් හැදුනොත් බොරු show නැතුව බොහෝ විට නිහඬව මිනිස්සු අලුත් විකල්පෙට චන්දෙ දෙයි. ලෝකයේ මේ වගේ තත්ත්ව තිබුණු තැන්වල වෙනස් කම් වුනේ නිහඩ ජනතා හඬකින්. කතා කරන්නේ කතිරෙන්.
    දේශපාලකයෝ මොනව කිව්වත්, මට නම් තේරෙන්නේ මිනිස්සු බහුතරය සහ මහා සංඝරත්නයේ බහුතරය විශේෂයෙන් මිනිස්සුන්ගේ තීරණ වලට බලපෑමක් කරන්න පුළුවන් හාමුදුරුවරු, මේ කවුරුවත් තාම තීරණයක් අරන් නැහැ ඊළඟ ජනාධිපතිවරණයේදී කාටද චන්දෙ දෙන්නේ කියල. හැමෝම බලන් ඉන්නේ “තව කවුරැ කවුරැ ඉල්ලයිද” කියලා. සමහරු කියනව දැනටම නාගනන්දට චන්දෙ දෙනවා කියලා. නාගනන්දට දිනන්න බැහැ. ඒ වුනාට නාගානන්දට චන්දෙ දෙනවා කියන කතාවෙන් තේරෙන්නේ මිනිස්සුන්ට අනිත් පිරිස් මොන තරම් එපා වෙලාද කියන එක.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.