26 April, 2024

Blog

ජනාධිපතිවරණයක් ජයගත හැක්කේ රනිල්ට පමණි

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ශ්‍රී ලංකාවේ 1978 ව්‍යවස්ථාව අනුව මුළු රටම එක මැතිවරණ කොට්ඨාශයක් ලෙස සලකා මැතිවරණයකට යන්නේ නම් ජනාධිපතිවරණයකටය. එම ව්‍යවස්ථාව මගින් රටේ දේශපාලනය තුල ජාතිවාදී නායකයෙකුට බලයට පත් වීම සම්පුර්ණයෙන් වැලැක්වීමට කටයුතු කොට තිබුණි. මන්ද රටේ ප්‍රධාන පක්ෂ දෙක සිංහල ඡන්ද පදනම හා අනිකුත් ජාතින් අතරද 50 50 ලබා ගනිතියි පුර්ව නිගමනයක් අනුව 1978 දී ජනාධිපති ධූරය බිහි කෙරිණි. 1978 දී රටේ සිවිල් යුද්ධයක් නොතිබුන අතර ප්‍රභාකරන්ද දේශපාලනය තුල නොසිටියේය. එවැනි තත්ත්වයක් තුල ප්‍රධාන පක්ෂ දෙකට ළඟ ළඟ​ ප්‍රභල​ තරඟ​යක් දී ආකර්ෂණීය නායකයා ජනාධිපතිවරණයක් දිනනනු ඇත. 1982 දීත්, 1989 දීත්, ගාමිණී දිසානායක ජීවත්ව සිටියේනම් 1994 දීත් සිදු වන්නේ එයයි. නමුත් 1989 ජනාධිපතිවරණයෙන් පසු 2010 දක්වා සියලුම ජනාධිපති මැතිවරණ වල ජයග්‍රාහකයා තීරණය කරන ලද්දේ ප්‍රභාකරන් විසිනි. එහිදී රනිල් ඉදිරිපත් වූ 2001 හා 2005 මැතිවරණයන් වල තීරක බලය වුයේ ප්‍රභාකරන්ය. එනම් 2001 මැතිවරණයේදී වැරදුනු බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට චන්ද්‍රිකා මැතිණිය නිකම්ම දිනුවේය. එසේම 2005 දී මහින්ද හා ප්‍රභාකරන් හවුල උතුරේ හා නැගෙනහිර දෙමල ජනතාවට මැතිවරණ වර්ජනයකට බල කොට වැඩි ඡන්ද හතලිස්දහසකින් රනිල් පරාජය කළේය. ප්‍රභාකරන් නොසිටියේනම් එම මැතිවරණ දෙකම ජයගන්නේ රනිල් වික්‍රමසිංහයි.

ඉන් පසු එළඹි යුගය තුල සිංහල ජාතිකවාදී පදනමකින් රාජපක්ෂවරු ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දකුණේ වැඩි බලයක් ගොඩනගා ගත්තේය. සැබවින්ම රටේ සියලුම සුළු ජාතීන්ට රනිල් වික්‍රමසිංහ හැර සියලුම ජාතික මට්ටමේ නායකයින් කොකා පෙන්වමින් ඔවුන්ගේ දේපල හා ජිවිත අනතුරේ හෙලන්නේය. ලංකාවේ ජනගහනයෙන් 31% වන සිංහල නොවන ජන කොටස් වල විශ්වාසය 80% ටත් වඩා දිනාගත් නායකයා රනිල් වික්‍රමසිංහය. එසේම එක්සත් ජාතික පක්ෂයේ සිංහල ඡන්ද පදනම ඕනෑම තත්ත්වයක් යටතේ 35%කි. මේ අනුව රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්වන අවස්ථාවක කිසිදු වෙනත් අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයක් ජයගත නොහැක්කේය. සැබවින්ම 2015 ජනාධිපතිවරණයේදී ලංකාවේ දකුණේ සියලුම සිංහල ආසන ජනාධිපති සිරිසේන පරාජයට පත් වූ අතර ඔහු ජයග්‍රහණය කරනු ලැබුවේ උතුරු නැගෙනහිර ඡන්ද වලින්ය. එම ඡන්ද සියල්ල ලැබුනේ රනිල් වික්‍රමසිංහට වන අතර උතුරු නැගෙනහිර ජනතාවගෙන් 33% ක් සිරිසේනගේ නමවත් අසා නොතිබුණු බව එවකට සමීක්ෂණයකින් හෙළිවිය. මා පෞද්ගලිකව කල්පනා කරනුයේ 2015 මැතිවරණයද රනිල් ඉදිරිපත්කොට එක්සත් ජාතික පක්ෂයට ජය ගැනීමට හැකිව තිබුණි.

රටේ ආර්ථිකය පිළිබද දැක්මක් ඇති ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් ජීවිතයම කැපකල ජාත්‍යන්තරය දිනාගත් රටේ සියලුම ජනකොටස් එක මිටකට ගොනු කල හැකි පරිනත නායකයා රනිල් වික්‍රමසිංහය. ඔහු දේශපාලන භූමියෙන් අතුගාදැමීමට සතුරන් දශක ගණනාවක් තිස්සේ උත්සහ කලද ඔහු නොදැවී දසක හතරක් දේශපාලන භූමියේ ප්‍රධාන භූමිකාව ඉටුකරයි. පසුගිය දශක හතර තුල ඔහු රටේ ප්‍රධාන දාරාවේ පත්තරවල, ගුවන්විදුලියේ, රුපවාහිනියේ හා අද සමාජ මාධ්‍යවල කතා බහට ලක්වන නායකයාය. දශක හතරක් අඛණ්ඩව දේශපාලනය තුල මධ්‍යගතවීම ඉතා අසීරු කාරණයකි. පසුගිය දශක තුන තුල ඔහුගේ නම මාධ්‍ය වල නොකියවුණු දවසක් නොමැති තරම්ය. එවන් නායකයෙකු සතු එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලබන හා ලැබිය යුතු, ජයග්‍රහණ කලහැකි නායකයා රනිල්ය.

එක්සත් ජාතික පක්ෂය වැනි දැවැන්ත පක්ෂයක් පවත්වාගෙන යාම ඉතා අසීරු කාර්යකි. එහි පුර්ණකාලින සේවකයින් සියගනනකි. ඔවුන්ට පඩිනඩි ගෙවිය යුතුය. පැමිණෙන සෑම මැතිවරණයකටම මුදල් වියදම් කොට තරග කල යුතුය. පක්ෂ සම්මේලන මැයි දින පැවැත්විය යුතුය. මේවාට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් අවශ්‍ය අතර එම මුදල් ලබාදෙන පාක්ෂිකයින් සිය ගණනක් සමග ලග සම්බන්දයක් පවත්වාගත යුතුය. එවැනි භාරධූර තනතුරක් ආණ්ඩුවේ සල්ලිවලින් උදේට කෑමවේල ගන්න, දාන මාන දෙන හිස් මිනිසුන්ට කල නොහැකි වේ. එසේම ලක්ෂ 40ක් ඡන්දය දෙන පක්ෂෙක දිනපතා දහසකුත් ප්‍රශ්න ඇති වේ. ඒවාට මුහුණ දිය යුතුය. ආණ්ඩුවේ කටයුතු, පක්ෂයේ කටයුතු, සතුරු කරදර සමග කටයුතු කිරීමට ඉතා දියුණු දැක්මක් හා හැකියාවක් තිබිය යුතු අතර එය රනිල්ට හොදින්ම තිබේ. මාධ්‍යවේදී ළමයෙකුගේ මයික් එකකකට ප්‍රකාශයක් දුන් පලියට නායකයෙකු වී පක්ෂයක්, ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැක්කේය.

මේ මොහොතේ මේ රටේ හා ජාත්‍යන්තරයේ දේශපාලනය කළමනාකරණයට මෙන්ම, ආර්ථික, සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කල හැකි, එමෙන්ම ඒවා විශ්වාශ කරන නායකයා රනිල් වික්‍රමසිංහ වේ. එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු පෙනෙන තෙක් මානයක තවම නැත. නමුත් ආණ්ඩුව පවතින මොහොතේ නායකයින් බිහිවනු ඇත. එසේ බිහිවන නායකයින්ට පක්ෂයේ වගකීම් පවරා දෙමින් හතලිස් වසර නොදැවුණු දේශපාලන ඉනිමක් ක්‍රීඩා කල රනිල් නම් පරිනත නායකයාගෙන් මෙරටේ සුක්කානම ලබා දී හැකි උපරිම සේවය ලබාගත යුතුය.

කවුරුන් කෙසේ කීවද රටේ ආර්ථිකය 2014 තිබුනට වඩා නිරෝගිය. එය නැවත බලාපොරොත්තු තබා ගත හැකි මට්ටමට පත්වී තිබේ. එම ක්‍රියාවලිය සාර්ථක කිරීමට විභවහාත්මක හැකියාවක් ඇති නායකයා රනිල්ය. මේ මොහොතේ පක්ෂයත් ආණ්ඩුවත් වෙනුවෙන් කිඹුල්කදුළු හෙලනුයේ එහි සතුරන්ය. එමෙන්ම මිතුරු වෙසින් සිටින සතුරන්ය, එබැවින් පක්ෂයේ ශක්තිය රනිල්ට ලබාදිය යුතුවේ.

එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් බිහිකොට රටේ මුළු බලය ප්‍රතිසංස්කරණ සදහා ඉල්ලා සිටිය යුතුය. එසේම වෙනුවෙන් වෙහෙස මහන්සිවී වැඩ කල යුතු පක්ෂයේ තරුණ පිරිස් වෙත බලය ලබා දියයුතුය.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    3

    ජනාධිපතිවරණයක් ජයගත හැක්කේ රනිල්ට පමණි
    අනේද කියන්නෙ! ඔහේට මෝල් ද වන්නිආරච්චි මහත්තයෝ? පිස්සුද හැටිද?

    • 1
      2

      මං හිතන්නේ මේ වන්නිආරච්චි මහත්තයා ආණ්ඩුවෙන් පඩි ගන්න රස්සාවක් කරාට, යටින් මහින්ද මහත්තයාගේ පොරක් වෙන්න ඕන. මොකද රනිල් ඊ ළග ජනාධිපති කියලා රනිල්ව මෝඩයාට අන්දලා ඉස්සරහට යවන්න නේ මේ මහත්තයා ට්‍රයි කරන්නේ. රනිල් එක්ක ජනාධිපති ඡන්දෙට මහින්ද වත් ගෝඨාභයවත් තරඟෙට එන්න ඕන නෑ. වීරවංශ‍ නැති නම් ඩේසි ආච්චි ආවත් ඇති රනිල්ට ඇපත් නැති වෙන්න. වන්නිආරච්චි මහත්තයෝ පාර්ලිමේන්තුවෙ ඉන්න පගාමරු, කොමිස් ගහන ස්ත්‍රී දූෂක බඩගෝස්තරවාදියො ඡන්දෙ දෙන විදියට නෙමෙයි රටේ සාමාන්‍ය මිනිස්සු ඡන්දෙ දෙන්නෙ! ඔබතුමාත් ඉස්කෝලේ ගියේ රෝයල් එකටද? ඉස්කෝලෙකට ගියාද?

  • 0
    1

    Thushara: LTTE was also saying something like this. PAbakakran was floating in muddy laggon. what will Ranil do ?

  • 0
    0

    මේකට comment එකක් ලියන්න ඉස්සෙල්ල කියන්න දෙයක් තියෙනවා විශ්වාස භංග යෝජනාවේදී විමල් ගේ කතාව ගැන මම කියපු දෙයක්. මම කිව්වා විමල් ගේ කතාව මාතෘකාවෙන් පිට පැන පැන කරපු එකක් කියලා. මම ඒ කතාව ඉල්ලා අස් කරගන්නවා.
    දුවන කෝච්චියට බෙල්ල තිබ්බ වුනත් අනුරට එක හොඳක් වුනා රනිල්ට විරුද්ධව චන්දෙ දීල. ඒ මොකොද කිව්වා නම් දැන් මහින්දටයි විමල්ටයි බැහැ අනුරට “රතු අලි පැටිය” කියලා කියන්න තවදුරටත්. දැන් සීනුව මහින්දගේ බෙල්ලේ එල්ලුන. දැන් මොකක්ද අනුරට කියන නම? UNP කාරයෝ කියයිද දන්නේ නැහැ “රතු බලු පැටව” කියලා. ඉස්සර අනුර රනිල්ගේ පනත් වලට පක්ෂව චන්දෙ දෙනකොට ඒකාබද්ධ විපක්ෂය කිව්වනේ රනිල් brief case වල සල්ලි දාල අනුරට දුන්න කියලා. දැන් ඒකාබද්ධ විපක්ෂේ පැත්තට අනුරව හරවා ගන්නත් රනිල් දෙනවට වඩා ලොකු සල්ලි මල්ලක් බැසිල් දෙන්න ඇති නේද? තමන්ට විරුද්ධ නම් ලෝකේ නැති දේවල් කියනව. හැබැයි තමන්ට පක්ෂ වෙච්ච ගමන් අර කියපුව ඔක්කොම එවර වෙලා මිනිහ හොඳ වෙනවා. Joint Opposition නම වෙනස් කරලා Deal Opposition කියලා තමයි දැන් කියන්න වෙන්නේ.

    • 0
      0

      මම හිතුවේ lap-dog වගේ තේරුමක් වුනත් දැන් දෙවෙනි පාර කියැව්වහම “රතු බලු පැටව” කියන කතාව වෙනස් කරන්න හිතුන වැරදි අර්ථකතනයක් එන්න පුළුවන් හින්ද. If so, my apologies.
      සීනුව ගිහින් සාටකේ ගැට ගැහව්ව නිසා අනුරට තවදුරටත් “රතු අලි පැටිය” කියල කියන්න බැහැ. “රතු සාටකය” වගේ එකක් තමයි කියන්න වෙන්නේ. දැන් සීනුව අලියාගේ නැට්ටේ එල්ලිලා ඉන්නවා අඳින්න බැහැ. සාටකේ එල්ලිලා තියෙනව තමයි අඳින්න පුළුවන්. අනුරගේ කරටත් අන්තිමේ සාටකයක් වැටුනා. පොව් අප්පා.
      .

  • 0
    0

    අපක්ෂපාති comment එකක් ලියන්න හිතුව.
    කලින් විදියට ඕනේ කෙනෙකුට රනිල්ව පරද්දන්න පුළුවන්කම තිබුන. හැබැයි දැන් ඒක හිතන තරම් ලේසි නැහැ. විශ්වාසභංග යෝජනාවෙන් රනිල්ට අලුත් පණක් ලැබුන. පාක්ෂිකයෝ අතරේ විශ්වාසය තහවුරු කර ගන්න පුළුවන් වුනා. ඒකාබද්ධ විපක්ෂේ තියෙන මෝඩකමට පරදින බව දැනදැනම චන්දෙකට ගිය හින්ද රනිල්ට දැන් හොඳ සහතිකයක් දීල තියෙනවා පාර්ලිමේන්තුව. චන්දයක් නොබුනා නම් කාටවත් කියන්න බැහැ තමන් දුනුම් කියලා. චන්දෙ තියපු එකේ වාසිය ලැබුනෙත් රනිල්ට. දැන් කවුරු රනිල්ට අභියෝගයක් ඉදිරිපත් කලත්, රනිල්ට කියන්න පුළුවන් එයාට වගේ පාර්ලිමේන්තුවේ ඉන්න සම්පූර්ණ UNP මන්ත්‍රී කණ්ඩායමේම සහයෝගය තියනව කියලා ඔප්පු කරන්න කියලා. සජිත්/කරු/රුවන්/නවීන් ඔය කාටවත් පුලුවන්ද?
    රනිලුයි ගෝඨාභයයි ඉල්ලුවොත් ඒත් රනිල් දිනන්න ඉඩ තියෙනව. ඒ මොකොද කිව්වා නම් ගෝඨාභය මහින්ද තරම් ජනප්‍රිය නැහැ. ඒ පෞරුෂයත් නැහැ. දැක්කම වුනත් no-heart look එකක් තියෙන්නේ. මහින්දට වඩා ගෝඨාභයට හතුරෝ ඉන්නවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් රනිලුයි ගෝඨාභයයි දෙන්නගෙන් ඒකාධිපතියෙක් වෙන්න වැඩි බර තියෙන්නේ ගෝඨාභය පැත්තට කියලා. මහින්ද මිනිස්සුන්ට ඇහුම්කන් දුන්නට ගෝඨාභය එහෙම ඇහුම්කන් දෙන කෙනෙක් නෙමෙයි. මොනව වුනත් මහින්දගෙ හිත හොඳයි. මං විවේචනය කලාට, සමහර වෙලාවට තීරණ ගන්න බැරුව වැනෙන්නේ ඒකයි. ඒ කොහොම වුනත් අතට ආපු බලය ආපහු වෙන අතකට යන්න UNPකාරයෝ ඉඩ දෙන එකක් නැහැ. ඒ හින්දා රනිල් ඉල්ලුවොත් 2019/2020 නිදා ඉන්න UNP කාරයොත් නැගිටලා ඇවිල්ල රනිල් හින්දා නෙමෙයි පක්ෂේ වෙනුවෙන් කියලා චන්දෙ දීල රනිල්ව දිනවන්න ඉඩ තියෙනව.
    ඒ වුනාට මේවා මෙහෙමම වෙයි කියලා කාටවත් කියන්න බැහැ. 2015 මහින්ද පරදියි කියලා කවුද හිතුවේ. ඊටත් වඩා මෛත්‍රී වගේ කෙනෙක්ට. ඒ හින්දා නොහිතන දෙයක් සිද්ධ වෙන්නත් පුළුවන්. අවුරුදු 30ක් ප්‍රභාකරන් ලංකාවම භය කරන හිටියේ ප්‍රභාකරන්ට වඩා වැඩි පෞරුෂයක් බලයක් තිබුණු සිංහල නායකයෙක් ලංකාවේ ජනාධිපති නොවුණු නිසා. ඊට පස්සේ ආපු මහින්දගේ අසාමාන්‍ය පෞරුෂයයි බලයයි එඩිතර කමයි ඉස්සරහ ලෝකේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය කියලා ඇමරිකන්කාරයොම කියපු invincible LTTE එක කඩා වැටෙන්න ගත්තේ හරිම අසාමාන්‍ය විදියට. දේශපාලන, ආර්ථික සහ සමාජමය වශයෙන් කඩා වැටිලා තියෙන ලංකාවට ආපහු ඕනේ මහින්ද හා සමාන දෙවෙනි නායකයෙක්. හැබැයි ඒ ආර්ථික ප්‍රතිපත්තිය හොඳ නැහැ.

  • 0
    0

    See Myanmar had Army Junta as the west say and I do not know “Uthant died. Iam suspicious. Anyway, see how they protect theiir country. IT is not Burma. It is not UN or UNHCR that governs run the country. In Sri lanka, I heard even MY3 is doing lot to his western masters. One of their primier target is making buddhism lose it’s primary place. Recently, they have counted even theno of Bhikkus in Sri lanka and they say, there is no need of such numbers, I heard.

    • 0
      0

      Jims
      Yeah, many things are happening against Buddhism and discredit Buddhist priests. The recent riots in Kandy also a part of it. Fortunately it didn’t spread.
      The majority in the Parliament are Sinahalese Buddhists. But how many people talk about the threat to Buddhism. Talking is not enough, they should demand explains and rectification and the follow up.
      Parliament is utterly useless. Those days people could talk to their MP and discuss their problems. Nowadays MPP engage in dog fight in the Parliament. Their only aim is either grabbing power or retaining power.
      I saw a news item that Indian/Swedish companies are planning to grow Cassava in 6000 hectares = 600,000 acres! I am 100% sure there are no vacant lands. So they have to raze down the wild land.. There is no one to raise this type of subjects in the Parliament.

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 0
    0

    Unp only have 23% vote in srilanka. Unp aleays depends on floating voters. Last local government election unp got 31 % it includes 8% votes of muslim congress, digambaram , rishard baduyudeen, and small percentage of fonseka and helaurumaya. So unp as a party only has a vote base of 23% in srilanka. This is the real status of unp since 1994.now the pohutuwa the latgest single party in srilanka has a block vote of 46%. From 1994 Slfp always had block vote of 42 % while unp only had less than 24%.unp always depends on 12% floating voters in srilanka. The 42% of slfp vote base as a party never highlighted by media because slfp always with in an alliance. If unp wants to go ahead unp want to Understand their real vote base and streangh other than try to sayisfy their own mind. The second thing is ranil leadership is not a problem for unp But the problem is no need for a unp government this society since unp is very much weak in doing huge business economy which was created by rajapaksas and modern slfp. When mahinda this country this only a lower income country which has a economic size of less than 25 billion usd and doing a mixed economic policy of jr, premadasa and chandrika. Mahinda mahinda made this economy in to 75 billion usd and upper middle in come country and one of the fastest growing economy in asia. he obviously created super capitalism in srilanka with in 10 years. Entire business community and middle class became die heart suppoters for rajapaksas modern slfp because of this super capitalism economic policy of mahinda. So there is a no need for a party like unp or leaders like jr, premadsa for their poor mixed economic system of janasaviya type economy. Unp does not know even to think about business super capitalism which was created by rajapaksas modern slfp.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.