26 April, 2024

Blog

මෝස්තර තැතුව වැරදිකරුවන් හිරේ යවමු

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

රටක් හැටියට අපි ව්‍යාපාරිකයින්, පොහොසතුන්, ධනවතුන්, බලවතුන්, හොරි හැදුණු මිනිසුන් සේ දැකීමට කැමති ජාතියකි. සාර්ථක ව්‍යාපාරිකයින් රැකියාවන් දහස් ගණනක් රටට බිහිකරයි. ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙමින් රජයට බදු ගෙවයි. විදේශ විනිමය රැගෙන එයි. නමුත් පත්තර පඩංගුවල, වෙබ් අඩවිවල, ටෙලිවිෂන් මුදලාලිලාගේ සාක්කුවල සහ දේශපාලන ඇම්බැට්ටයින්ගේ යටිපතුල් ලෙවකන ඊනියා විචාරකයින්, බුද්ධිමතුන්, සාර්ථක ව්‍යාපාරිකයින් කෙරෙහි වෛරයක් සමාජ ගත කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යවසායකයින් කෙරෙහි ඇති මෙම අදුරු ආකල්පය නිසාම මේ රටේ මධ්‍යම පාන්තිකයින්ගේ හා ග්‍රාමීය ජනතාවගේ දරුවන් ව්‍යවසායකයින් වනවා වෙනුවට ආණ්ඩුවේ කන්තෝරුවල ලියන මහත්වරු වීමටත්, හමුදාවේ සොල්දාදුවන් වීමටත්, ඉංජීනේරුවන්, දොස්තරවරුන් වීමටත් සිහින මවති. කුඩා කාලයේ දරුවෙකුගෙන් ඔබ වැඩිවියට පත්ව කුමක් කරන්නට අදහස් කරන්නේද ඇසුවොත් ඔහු කිසිවිටකත් ව්‍යාපාරිකයෙකු වෙනවායැයි ශ්‍රී ලාංකික සමාජය තුළ කිසිවෙකුත් ප්‍රකාශ නොකරයි.

එම ආකල්පය මේ රටේ රැකියා වෙළදපොලට දැඩි ලෙස බලපා ඇති අතර සියලුදෙනා පාහේ රැකියා හිගමනේ යෙදෙමින් දේශපාලනඥයින් පසුපස වැටී සිටී. කිසිවෙකුත් රැකියා බිහිකරන රටට වැඩදායී පුද්ගලයෙකු වීමට අදහස් නොකරයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධය, නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විරෝධය, රැකියා විරහිත උපාධිධාරී විරෝධය, දේවාල පන්සල් වැනි මේ මොහොතේ රට මුහුණ දෙමින් සිටින බරපතල සමාජ ප්‍රශ්න මෙම අදුරු ආකල්පයේ ප්‍රතිඵලය. ශ්‍රී ලාංකික සමාජය තුල නිතැතින්ම ඇති මෙම විරෝදය අපට බොහෝ දේ අහිමිකර ඇත. අප කලාපය විශාල ව්‍යාපාරිකයින්, ධනවත් සමාගම් බිහිකළ කලාපයක් වද්දී අපි ජාතිය අගම වැනි පාරභෞතික කාරණා වලට එකිනෙකා මරාගන්නා සමාජයක් බවට පත්විණි. රට තුළ බිහි වූ බොහෝ ව්‍යාපාරිකයින් හා ව්‍යාපාර කෙරෙහි අප සමාජය තුළ වූ විරෝදය පසුගිය හැත්තෑපස් වසර තුළ රට වලපල්ලට ගෙන ගියේය. රටේ බහුතරය රාජ්‍යට අතපාන, රාජ්‍ය මත යැපෙන්නන් බවට පත්විය. රට පෙළෙන සියළු ව්‍යාදීන් රාජ්‍ය විසින් විසදිය යුතු යැයි අප කල්පනා කරන්නේය.

රවී කරුණානායක සම්බන්ධයෙන් මේ මොහොතේ රටේ ගොඩනැගීමට උත්සහ කරන විරෝධයේ පදනමද එයයි. රවී කරුණානායක සාර්ථක ව්‍යාපාරිකයෙක් වීම, රටේ වටිනා බිම්කඩක ඇති විශාල නිවසක ජීවත්වීම, ධනවත් සමාගම් කිහිපයක හිමිකරුවෙකු වීම, රූමත් බිරිදක් හා දරුවන් සිටීම, දේශපාලන බලය හෙබවීම වැනි කාරණා අප වැනි සමාජයක ඔහු කෙරෙහි වෛර කිරීමට, විචාර බුද්ධියෙන් තොරව විරෝධය පෑමට ප්‍රමාණවත් හේතුවකි. මහ බැංකු බැදුම්කර ගණුදෙනුවේදී රවී කරුණානායකගේ නම කිසිදු අවස්ථාවක සදහන් නොවුණු අතර ඔහුගේ නම විරුද්ධවාදීන්ගේත්, මාධ්‍ය වලත්, මධ්‍යම පන්තියේත්, අවධානයට යොමුවන්නේ ඔහු බැදුම්කර ගණුදෙනුව සම්බන්ධ විශේෂ විමර්ශන කොමිසමට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි. එනම් එම ප්‍රකාශය අතරතුර රජයේ නීතිඥවරයා රවී කරුණානායක ඇමතිවරයාගෙන් ඔහු කුලී පදනමට ගත් නිවසේ කුලී ගෙවීමේදී අර්ජුන ඇලෝසියස් මහතාගෙන් රවී කරුණානායක ඇමතිවරයාගේ බිරිද විසින් අතමාරුවක් ලබා ගැනීම පිළිබදව අතිශෝක්තියෙන් ප්‍රශ්න කිරීමයි. එහිදී රවී කරුණානායක ඇමතිවරයා සත්‍ය සැගවූ බවට එම රජයේ නීතීඥවරයාත්, පසුව කොමිසන් වාර්තාවත්, එය පදනම් කරගෙන ජනාධිපතිවරයාත් ප්‍රකාශ කළේය. සත්‍ය සැගවීම සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරිය යුතු බවට ජනාධිපතිවරයා නීතිපතිවරයාට උපදෙස් දුන් බවට ප්‍රකාශ කළේය. ලංකාවේ බොරුකීම නිසා දීර්ඝ කාලයකට හිරේ ගිය හෝ එල්ලුම් ගස් ගිය කිසිවෙකුත් පසුගිය වසර 2500 ඉතිහාසය තුළ නොසිටී. මට ඇති මවිතය නම් බොරු කීමේ චෝදනාවට ලක්වීම නිසාවෙන් රවී කරුණානායක ඇමතිවරයා අමාත්‍ය ධූරය අතහැරියේ ඇයි?

ග්‍රීසියේ මහ බැංකුව බංකොලොත් වී වසා දැමීමට පැය කිහිපයක් තිබියදී ලංකා රජයේ මුදල් යොදවා ග්‍රීසියේ බැදුම්කර මිලදී ගැනීමේ මහින්ද රාජපක්ෂලාගේ ආණ්ඩුව සිදුකළ කූට ගණුදෙනුවෙන් රජයට අහිමී වූ මුදල රුපියල් බිලියන විස්සකට වැඩිය. සදහා ගතවූයේ පැය කිහිපයක් පමණි. එසේම 2008 සිට 2015 දක්වාම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රාථමික වෙළදපොලේ සිදුකරන ලද බැදුම්කර ගණුදෙණු වලදී අර්ජුන ඇලෝසියස්ගේ සමාගම උපයාගන්නා ලද අති විශාල ලාභයත්, එයින් රටට යම් පාඩුවක් සිදුවූයේනම් එයත් ගණනය කළ යුතුය. සම්බන්ධයෙන්ද කොමිසමක් පත්කළ යුතුය. එසේම 2015 වසරේ මැද කාලයේ වර්ථමාන ආණ්ඩුවට මෙම චෝදනාව එල්ලවන කාලයේ අර්ජුන ඇලෝසියස්ගේ සාක්කුවේ බොහෝ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් සිටි බව මා හොදින් දැන සිටිමි. එකල අර්ජුන ඇලෝසියස් යනු ධනවත් සුපිරි යාලුවෙකි. නාමල් රාජපක්ෂගේ සිට මිලින්ද රාජපක්ෂ දක්වා පොහොට්ටුවේ ප්‍රධානීන් හවසට සෙට්වී කනබොන රමණය කරන තැන අර්ජුන ඇලෝසියස්ගේ මිතුරු සමාගමයි.

බැදුම්කර ගණුදෙනුව සම්බන්ධ විශේෂ විමර්ශන කොමිසම ඉදිරිපත් කර ඇති නිර්දේශ පදනම් කරගෙන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කතාවට අනුව බැදුම්කර ගණුදෙනුවට වගකිව යුත්තේ එවකට හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝසියස් හා එම සමාගමත්, එසේම දැනට වැඩ තහනමකට ලක්ව ඇති මහා බැංකුවේ නිලධාරීන් රාශියකි. බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයටවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත්, වෙනත් කිසිදු දේශපාලනඥයෙකුවත් වගකිව යුතු බව ජනාධිපතිවරයාගේ කතාවෙන් විද්‍යමාන නොවේ. එම නිසාම එක්සත් ජාතික පක්ෂය යෝජනා කර සිටින්නේ හැකි ඉක්මනින් අදාළ වගකිව යුත්තන්ට නඩු පවරා දඩුවම් කරන ලෙසයි. මාගේ පෞද්ගලික මතය නම් රවී කරුණානායක ඇමතිවරයා කොමිසම ඉදිරියට පැමිණ බොරු දෙසාබා ඇතැයි කියා නීතිපතිවරයා තීන්දු කරන්නේ නම් ඔහුට නඩු පවරා බොරු කීවාට හිරේ යැවිය යුතුයි. ‘ලංකාවේ දේශපාලනඥයින් බොරු නොකියන හා බොරුකීමට තහනම් නිසා’ මුලු රටම කිසිවෙකුටත් නොතේරෙන බොන්ඩ් ගණුදෙනුවකට එල්ලීමට උත්සහ කිරීමෙන් පිළිබද මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් අපට විශාල ආර්ථික හානියක් සිදුවේ. ලෝකය පුරා සිටින අතිරේක මූල්‍ය ධනය සහිත ව්‍යාපාරිකයින්ට ලංකාවේ ආයෝජනයට අත වනන ගමන් අනිත් අතින් ආයෝජන සදහා එකග නොවන දේශපාලන හේතු මත ආර්ථික කාරණා පදනම් කරගත් මාධ්‍ය සංදර්ශන පවත්වාගෙන යෑම මටනම් උවතෝකෝටිකයකි. මහ බැංකු බැදුම්කර සම්බන්ධයෙන් වරදක් සිදුවී ඇත්නම් කළ යුත්තේ නඩු දමා සියල්ලෝම හිරේ යැවීමයි. එය අපේ ගම් දනව්වල සිටින ඕනෑම සයිමන් කෙනෙක් දන්නා උපක්‍රමයකි. මෙය උඩ පැන පැනා නැටීමෙන් රටට බොහෝ දේ අහිමි වන්නේය.

*ලේඛකයා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    මට තේරෙන විදියට තුෂාර වන්නිආරච්චි මහතා සිය ලිපිය අරඹා ඇත්තේ අසත්‍ය ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් එම ප්‍රකාශය තම ලිපියේ පදනම වශයෙන් ගනිමිනි. රටක් වශයෙන් අපි ව්‍යාපාරිකයන්, පොහොසතුන්, ධනවතුන් හොරි හැදුනු මිනිසුන් සේ දැකීමට ජාතියක් බව මා මේ ඇසුවේ ප්‍රථම වරටය. මා දන්නා විදියට නම් නමසිය පනස් ගණන්වල සිට මේ දක්වා මේ රටේ සාමාන්‍ය ජනයාගේ පවා වර්ණනාවට හා ගෞරවයට ලක්වන මහා පරිමාණ දේශීය ව්‍යාපාරිකයන් හා සමාගම් බොහෝ වෙති. මැලිබන්, සිංගර්, හරිස්චන්ද්‍ර, ඩී. ආර්. විජයවර්ධනගේ ලේක්හවුසිය, එලිපන්ට් හවුස් ඉන් කිහිපයකි. මෑත කාලයේ කාර්ගිල්ස් පුඩ්සිටි ව්‍යාපාරය, ස්මැක් යනාදී වශයෙන් ඕනෑතරම් නිදසුන් දැක්විය හැක.,
    ව්‍යාපාරිකයන්, පොහොසතුන්, ධනවතුන් හොරි හැදුනු මිනිසුන් සේ දැක්වීමට උත්සුක වූ කණ්ඩායම ක්වූ වී නම් ඒ වාමාංශික දේශපාලකයන් හා එම ව්‍යාපාරය පමණි.
    බැඳුම්කර සිද්ධියට පෙර සිටම රවි කරුණානායක මේ රටේ සාමන්‍ය ජනතාව අතර අපකීර්තියට පත් වූවෙකි. ඒ සතොස විනාශ කළ පුද්ගලයා හැටියටය.
    තුෂාර වන්නිආරච්චි මහතාට අනුව ඉතා සාර්ථක ව්‍යාපාරිකයෙකු වන කරුණානායක මහතාගේ බිරිඳ තම නිවසේ කුලී ගෙවා ගත නොහැකිව අර්ජුන ඇලෝසියස්ගෙන් අතමාරුවක් ලබා ගත්තේ ය යන කතාව තරම් විහිළු කතාවක් මා මෑතකදී අසා නැත. මේ ලිපිය ලියා ඇත්තේ කාගේ කුණු හේදීමටදැයි එම ලිපිය තුලින්ම හොඳින් හෙළි වී තිබේ.

  • 0
    0

    Thushara: you are a disgrace to writers. You are not western media. A govt appointed employee writing crap in Asia. I understand you need employment. but, if you criticize others, you should expect the same. You are writing in order to protect thieves, con-men, and con women who cheat to the public live their lives and fee their families. LAw makers are using govt money to promote they themselves. but, it is them who have destroyed the country. IF you write articles about politicians destroying the country and the top bureaucrats destroyed the country wastage, it is unbelievable.Sri lanka has so many problems because of the way politicians interfere and spoil

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.