
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ ගෙවමින් සිටිනුයේ ඔහුගේ වෘත්තීය ජීවිතයේ අභියෝගාත්මක හා අපහසුම කාලපරිච්ඡේදයයි. ඔහු විසින් ශ්‍රී ලංකාවට යෝජනා කරමින් තිබෙන සමාජ, ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට කිසිදු අවස්ථාවක් මෙරට දේශපාලන ක්ෂේත්‍රයෙන්වත්, සමාජයෙන්වත් අඩුමතරමේ ස්වභාවධර්මයෙන්වත් නොලැබෙන තත්ත්වයක් තිබේ. දැනට වසර 17 කට පෙර මෙරට ජනාධිපති ධූරයට පත්වීමට නියමිතව සිටි ඔහු, එවකට තිබුණු දේශපාලන තත්ත්වය අනුව ප්‍රභාකරන් විසින් උදුරා ගනු ලැබුවා. එදා ඔහු විසින් යෝජනා කරන ලද සමාජ, ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කළේ නම් ලංකාවේ අද දවස මීට වඩා හාත්පසින්ම වෙනස්වීමට තිබුණි. අද මෙන් එදා අධික ණය බරක් නොතිබුණු අතර ලංකාවට දැවෙන ප්‍රශ්නයක්ව තිබුණේ උතුරු, නැගෙනහිර බෙදුම්වාදී යුද්ධය පමණි. එදා ඔහු බලයට පත්වූයේ නම් විසදිය යුතු සංකීර්ණම ගැටලුව වූයේ උතුරු, නැගෙනහිර යුද්ධය පමණි. අනෙකුත් සියලුම සමාජ, ආර්ථික, දේශපාලනික හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔහුට කිසිදු ගැටලුවකින් තොරව විසදිය හැකි වාතාවරණයක් රට තුළ තිබුණි. එම යුගයේදී ලෝකයේ නව ලිබරල් ප්‍රතිසංස්කරණ සදහා විශාල ඉල්ලුමක් තිබූ අතර අපට ඒ සදහා හොදින් ජාත්‍යන්තර සහයෝගයද ලැබුණි. නමුත් අද තත්ත්වය ජාත්‍යන්තරිකව ඊට හාත්පසින්ම වෙනස් සංකීර්ණ තත්ත්වයකි. මෙම සන්ධර්භයේ සිට රනිල් වික්‍රමසිංහ විසින් මෙරටට යෝජනා කරන ලද ආර්ථික, සමාජ හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබදව විමසා බැලිය යුතුය.
මීතොටමුල්ල කුණු කන්ද නාය යාම පිළිබදව මෙරට සාම්ප්‍රදායික මාධ්‍ය, විශේෂයෙන් සිරස රූපවාහිනිය විසින් එහි වගකීම අග්‍රාමාත්‍යවරයා වෙත පැටවීමට මහත් උත්සහයක් ගන්නා බව පෙනේ. මෙම ආණ්ඩුවේ බල කේන්ද්‍රයන් දෙකකි. එකක් ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, අනෙක අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේත්ය. මීතොටමුල්ල කුණු කන්ද අදාළ පළාත් පාලන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, මහනගර අමාත්‍යාංශය මෙම ගැටලුව ඇති කළ ආරක්ෂක අමාත්‍යාංශය අයිතිවන්නේ රනිල් වික්‍රමසිංහට අදාළ නොවන බල කේන්ද්‍රයටය. නමුත් සිරස රූපවාහිනිය දිගින් දිගටම රනිල් වික්‍රමසිංහට චෝදනා කරමින් දෙස්දෙවොල් තබයි. මෙම ගැටලුව විසදීමට සහයවන කිසිදු ප්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීමට සිරස රූපවාහිනියට නොහැකිවූ අතර ඔවුන්ගේ ගද ගහන න්‍යාය පත්‍රය තුළම කටයුතු කළේය. සිරස රූපවාහිනියේ මාධ්‍ය භාවිතය ජනතාවගෙන් වියුක්ත වෙමින් හුදෙකලාව පවතින බව මාගේ පෞද්ගලික මතයයි.
ඒ කෙසේ වුවද අග්‍රාමාත්‍යවරයා කුණු කන්ද නාය යාමෙන් පසු ඇතිවු තත්ත්වය කළමණාකරනය කොට එම ගැටලුව තිරසාරව විසදීමට විශාල මැදිහත්වීමක් කරන බව දකින්නට ලැබුණි. මීතොටමුල්ල කුණු කන්දට ඉතිහාසයක් තිබේ. එය එසේ මෙසේ ඉතිහාසයක් නොව ප්‍රබල ඉතිහාසයක් තිබේ. පසුගිය රජයේ ඝෝඨාභය විසින් මෙහෙයවන ලද නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් කොළඹ පිරිසිදු කොට කොළඹ කුණු දැමීමට සොයාගත් ක්‍රමවේදයයි. ප්‍රථමයෙන් අක්කර 4 ක්වු එම ඉඩ ප්‍රමාණය පසුව තිරසාර හා ක්‍රමවත් කුණු බැහැර කිරීමේ ක්‍රමවේදයකින් තොරව අක්කර 19 ක් දක්වා වර්ධනය විය. එම ප්‍රදේශයේ ජනතාවගේ දෙපතුළටම කුණු කන්ද පැමිණියේය. ඝෝඨාභයලා කොළඹ ලස්සන කළේ වසර සිය ගණනක් පවතින විශාල පරිසර හානියක් හා ජල මූලාශ්‍ර දූෂණයක් සිදුකරමිනි. මීතොටමුල්ල කුණු කන්ද නිසාවෙන් එම ප්‍රදේශයේ ජල මූලාශ්‍රයන්ටත් පරිසර පද්ධතියටත් සිදුවූ හානිය අතිවිශාලය. මෙම කුණු කන්ද පිළිබද ගැටලුව විසදීමට මැදිහත්වූ සමාජ ක්‍රියාකාරීන්ට හා නීතීඥයින්ට තර්ජනය කරමින්, හිරේ දමමින්, අඩත්තේට්ටම් කරමින් මෙම කුණු කන්දේ ගැටලුව කිසිදු රජයකට පහසුවෙන් විසදිය නොහැකි විශාල අර්බුධයක් බවට පත්කළ අතර වර්තමාන රජය මුහුණදෙමින් සිටින පසුගිය ආණ්ඩුව විසින් ඇතිකරන ලද අනේකවිධ ගැටලු තේරුම් ගැනීමට මීතොටමුල්ල කුණු කන්ද හොදම උදාහරණයකි. මෙම කුණු කන්දේ ගැටලුව විසදීම ත්‍රස්තවාදය විසදීම තරම් සංකීර්ණ ගැටලුවක් බවට ප්‍රාදේශීය දේශපාලඥයින් විසින් පත්කර තිබේ. අන්තර්ජාලයේ සැරිසරනු ලබන ප්‍රසන්න රණතුංග හිටපු මහඇමතිවරයාගේ හොරෙන් පටිගතකරන ලද හඩපටයකට අනුව පෙනීයන්නේ මේ කුණු විකුණා කොමිස් ගැසීම දේශපාලඥයින්ගේ පරම අරමුණ වී ඇතිබවයි. කවුරුන් හෝ මෙම ගැටලුව විසදීමට උත්සහ කළහොත් එම උත්සහකරන්නාගේ, මීතොටමුල්ල ග්‍රාමසේවකගේ සිට පළාතේ මහඇමතිවරයා දක්වා මුදල් ඉල්ලන බව එම ප්‍රදේශයේ ජනතාවට ප්‍රසිද්ධ රහසකි.
මීතොටමුල්ල කුණු කන්ද පිළිබද ගැටලුවට තිරසාර විසදුමක් දියයුතු බව අවිවාධිතය. නමුත් ඒ විසදුම විය යුත්තේ එම කුණු කන්ද මීතොටින් ගලවා ජා ඇලට රැගෙන යාම නොව. මීතොටමුල්ලේදීම ප්‍රතිචක්ක්‍රීකරණය කළ හැකි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමය. දියුණු ලෝකයේ කුණු ප්‍රතිචක්ක්‍රීකරණය අද රොකට් තාක්ෂණය නොවේ. ඉතා සරළ මිනිස් දැනුමයි. මේ සදහා ආයෝජනය කිරීමට ඕනෑ තරම් ආයෝජකයින් ජපානය, කොරියාව වැනි රටවලින් සොයාගත හැකි අතර අවශ්‍යවන්නේ ප්‍රබල රාජ්‍ය මැදිහත්වීමකි.
මේ මීතොටමුල්ල කුණු කන්ද යනු පසුගිය රජය විසින් ඇතිකරන ලද එක් පරිසර ප්‍රශ්නයකි. එය කඩාවැටීමෙන් ජීවිත ගණනාවකුත්, නිවාස විශාල සංඛ්‍යාවකුත් විනාශයට පත්විය. එය රටේ සෑමදෙනාගේම අවධානයට ලක්වු ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. නමුත් මේ රටේ ජනතාව තේරුම්ගත යුතු එක් දෙයක් ඇත. ඒ රාජපක්ෂ රෙජීමය විසින් ඇතිකරන ලද දරුණු ආර්ථීක අර්බුධය ඉක්මනින් විසදා ලංකාව සුවපත් නොකළහොත් රටේ ආර්ථිකය ඉතා ඉක්මණින් කඩාවැටෙනු ඇත. එය එසේ වුවහොත් ඇතිවන හානිය මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් ලක්ෂ වාරයකටත් වඩා වැඩි හානියකි. එය මේ රටේ මේ ආණ්ඩුවට පක්ෂ, විපක්ෂ සියලු දෙනාටම බලපානු ලබන බරපතල කාරණයක් වනු ඇත. එම නිසා මේ රටේ ජනතාව හැටියට අප තේරුම්ගත යුත්තේ පසුගිය රාජපක්ෂ රෙජීමයේ දශකය විසින් ශ්‍රී ලංකාවට සිදුකර තිබෙන සමාජ, ආර්ථික, අධ්‍යාපන හා පරිසර හානියෙන් මිදීම සදහා රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කරනු ලබන ක්‍රමවේදයට සාධාරණ කාලයක් හා ඉඩක් ලබාදිය යුතු බවයි.
බන්ඩා / April 17, 2017
තුෂාර රනිල්ට කඩේ යන්නේ හෙලුවෙන් වගෙය්. 2001-2004 රනිල් අගමැතිනෙ. රනිල්ගෙ “සමාජ, ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ” ක්‍රමය හෙවත් (Regaining Sri Lanka) එම වසර තුන තුල ක්‍රියාත්මක කලානෙ. 2001දී ලංකාවේ GDP යට සාපේක්ෂව ණය බර 103.3%ය්, 2004 දි 102.3ය්. වසර තුනටම රනිල්ට ණය බර අඩු කොරන්න හැකි උනේ 1%ක් පමනය්. ඔන්න රනිල් අාර්තක ඔස්තාර්ගෙ සාර්ථකත්වය.
රනිල්-ප්‍රභා සාම ගිවිසුම මතකද? එම සාම කාලයේදී කොටි විසින් හමුදා බුද්ධි අංශ නිලධාරීන් ගනනාවක් මරා දැම්මා, කොටි බලවත් උනා. නමුත් කොටි-රනිල් නාඩගම සඳහා US$ බිලියන හතරක ණයක් (කැරට් අලයක්) බටහිරයන් රනිල්ට පෙන්නුවා. නමුත් අද වගෙම එදත් බටහිරයන්ගෙන් රනිල්ට ලැබුන ණයක් නැහැ, රනිල් පටන් ගත්ත සංවර්ධන වැඩකුත් නැහැ.
එදත් අද වගේම රනිල් කොරන තරමක් කොරේ බොරැ කියන එකය් අාර්තිකයට පැලැස්තර අලවන එකය් හොරකමය් පමණය්. මතකද 2001-3 රනිල් අගමැති කාලේ පැය පහක් විදුලිය කැපුවා. නමුත් රායප්පුට බයේ නොරොච්චෝලෙ පටන් ගත්තෙ නැහැ. තොන්ඩට බයේ කොත්මලේ පටන් ගත්තෙ නැහැ. හැබැය් රනිල්ගෙ ගජ මිතුරන්ට කුට්ටිය කඩා ගන්න ඩීසල් බලාගාර අටවල ජනතාවගෙ විදුලි බිල වැඩි කලා.
2004 දෙසැම්බර් රාජපක්ෂ බලයට අැවිත් සතියෙන් බස්, කොච්චි, තැන තැන පාර වල කොටි බෝම්බ පිපුරෙව්වා. 2005-10 ඝෝටාගෙ පුර්ණ අවධානය යොමු උනේ කොටි ත්‍රස්තවාදය රනිල්ගෙ බොරැ සාම කාලයෙදී මෙන් නොව ස්තිරවම ඉවර කිරීමටය්. 2007 සිිට 2010 වන තෙක් පරිසර අැමති පච රණවකය්. ඉතින් 2007-10 කුණු ප්‍රශ්ණයෙ වගකීම තිබුනෙ ඝෝටා ට නොව පච රණවකට බව තුෂාර දැන ගත යුතුය්.
රනිල්ගෙ ගැත්තන්ට අනුව රනිල්ට අද රට හදන්න බැරි රාජපක්ෂලා මිනී මරැ කොටිි විනාස කර ජාතියන්තරය තරහ කරගත් නිසය්. රාජපක්ෂලා චීනෙන් ණයට ගත් නිසය්. ඒ කියන්නේ 2001 දී US$1,400 ක්වූ ඒක පුද්ගල අාදායම $3800 දක්වා වැඩිකල නිසාය. 2001 දී 102.3% ක්වූ රටේ ණය බර 2015 වන විට 70% වට අඩු කල නිසාය. අද රටේ ණය බර රනිල් විසින් සංකීර්ණ කරගෙන අැත්තේ පෝට් සිටිය වසා චීනුන් තරහ කර ගත් නිසය්. මත්තල වී ගබඩා කර දෙන්න බැරි පඩි වැඩි කර මහ බැංකුවට විද්ද වැනි ගොන් තක තීරැ වැඩ නිසා බව තුෂාර නොකියය්.
සාලාව පිපිරැමේදී අැඟිලි දික් කලේ ඝෝටාටය. දැන් මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටී ජීවිත, ගෙවල් විනාස වූ ඛේදවාචකයේ වැරැද්දත් ඝෝටාගේය. ඝෝඨා කොළඹ කුණු අැල වේලි සුද්ද කිරීමත්, කුණු එකතු කිරීමත්, අැවිදින මං තීරු හැදීමත්, කොටින්ම කොළඹ ලස්සන කිරීමත් තුෂාරට අනුව ඒ් වැරද්දේම කොටසක්ය.
නමුත් ඝෝටා UDA බාර ගත්තේ 2010 දි බව අමතකය. කොළඹ ලස්සන කලා පමනක් නොව වසර හතරක් තුල ඝෝටා කුණු ප්‍රශ්ණයටද ස්තීර විසඳුමක් සොයා ගෙන කැබිනට් එකෙනුත් අනුමත කරගෙන 2014-රාජපක්ෂ අය-වැයෙන් රුපියල් බිලියන් 10 ක් වෙන් කර ගත් බව මේ අය උවමනාවෙන්ම අමතක කර අැත. මහින්ද පන්නා නොගත්තෙ නම් එදා කොළඹ ලස්සන කලා මෙන්ම කුණු කන්දද මේ වන විට ඝෝටා ගෙ මෙහයවීමෙන් අයින් කර හමාරය.
වැඩ බැරි කාටද කුණු කන්ද වලට වග කිව යුත්තේ කවුද? ඊ ලඟ කමෙන්ට් එකෙන්.
/
බන්ඩා / April 19, 2017
ලොව පුරා අැති සෑම නගරයක මෙන්ම කොළඹ කුණු එකතු තිරීමේ සහ බැහැර කිරීමෙ වගකීම අැත්තේ කොළඹ මහනගර සභාවටය්. 1956 සිට අද (2017) දක්වා (1974-77 සහ 2006-10 වසර 6 ක් හැර) වසර පනස් හයක් කොළඹ මහනගර සභාව පාලනය කලේ එජාප යය්. 1977 සිට වසර 17ක් කොළඹ සහ රටම පාලනය කලේත් ඒජාප යය්. නමුත් ත්‍රස්තවාදයට වත් කොළඹ කුණු ප්‍රශ්ණයට වත් එජාපය ස්තිර විසදුම් ගෙනාවේ නැහැ.
අප පාසල් යන අවධියේ කොළඹ කුණු ගෙනාවේ කිරිල්ලපන කුණු මෝලවත්තටය්. 1995 පමණ සිට බ්ලුමැන්ඩල් වලට කුණු දැම්මා. 2009 වන විට බ්ලූමැන්ඩල් කුණු කන්ද දැවැන්ත පරිසර ප්‍රශ්නයක් උනා. එජාප පාලනය කල කොළඹ මහනගර සභාව තමන් කසල දහනය කිරීමට සැලසුම් සකස් කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට බොරු කියා තාවකාලිකව මීතොටමුල්ලේ කසල බැහැර කිරීමට අවසර ගත්තා. තාවකාලික අවසරය සදාකාලික වී නිති පතා ටොන් 1000 ක් පමණ දමමින් මීතොටමුල්ලට කසල කන්ද ගොඩ නැගුවා.
අද සිරිසේන ජනපති බොඩ් ලෑල්ලක් පමණය්. දැන් වසර 22 ක් එජාප නායකයා සහ වසර දෙකකට වැඩිය රටේ ‘යහපාලකයා’ රනිලය්. ඉතින් කොළඹ කුණුවෙන කුණු වලට වග කිව යුත්තා රනිලය්. කුණු කන්දට වගකිව යුත්තා රනිලය්. කුණු කන්දේ ඛේදවාචකයට වගකිව යුත්තා රනිලය්. ඒතකොට රාජපක්ෂලා?
රාජපක්ෂලා බලයේ සිටියේ වසර නවයක් පමණය්. ඉන් වසර හතරක්ම මහින්ද කලේ ත්‍රස්ත යුද්ධය ඉවර කරන්නට කැපවීමය්. 2007-10 මහින්ද රජයේ පරිසර අමාත්‍යවරයා වූයේ අද මෙග-පොලිස් අැමති පාච රණවකය්. 2007 පෙබරවාරි මාසේ දී බ්ලූ මැන්ඩල් කුණු කන්දට ගොස් පාච රණවක කීවේ වසරක් ඇතුලත මෙම කුණු කන්ද ඉවත් කරන බවටත් නැවත මෙවැනි කුණු කඳු බිහි වීමට ඉඩ නොතබන බවකි. නමුත් අද රණවක කියන්නේ ඝෝටා කුණු කන්දට වග කිවයුතු බවකි.
ඝෝඨා UDA බාර ගත්තේ 2010 දීය. නමුත් UDA යනු පරිසර අමාත්‍යන්සය නොවේ. අැරත් කොළඹ නගරාධිපති එජාප යේය. එනිසා කොළඹ නගර සභාවේ ක්‍රියා කාරකම් වලට ඝෝටාට කෙලින්ම අත පොවන්නට බැරිය. අැරත් ඒ වන විට කොළඹ වඩාත්ම සංකීර්ණ ප්‍රශ්ණය වී තිබුනේ තැන තැන කුණු සහ ගඳ සහ කුඩා වැස්සකටත් කොළඹ පාරවල් යටවීමය. කෙසේ හෝ වේවා වසර පහකට අඩු කාලයකදී ඝෝඨා අැල වේලි ගොඩ නගා කසල සුද්ද කර නඩත්තු කර කොළඹ යට නොවන්නට අවශ්‍ය ජලය එකතු වීමට දියවන්නා ඔය හාරා අැවිදින මංතීරැ සාදා අගනුවර ලස්සන කර ජාත්‍යන්තරව රටට නමක්ද දිනා දුන්නේය.
කොළඹ ලස්සන කිරීමට සමාන්තරව ඝෝටා බ්ලූමැන්ඩල් සහ මිතොටමුල්ල කුණු සහ කොළඹ දෙෙනික කුණු ගැනත් නිසි අධ්‍යනයක් කර දුම්රියෙන් කුණු ගෙන ගොස් පුත්තලම විශාල හුණුගල් වලවල තැන්පත් කිරීමේ විසදුමක් යෝජනා කලා. කැබිනට් එකෙන්ද අනුමත කලා. 2014 අය-වැයෙන්ද සම්මත කරගත්තා. යහපාලනය බලයට නොඑන්න අද කුණු ප්‍රශ්ණය විසඳි අවසානය්.
කරුනු එසේ නිසා රනිල් සහ යහපාලකයන් අද කුණු ප්‍රශ්නයත් මහින්ද/ඝෝටාට පැටවිම සාධාරණ දැය් ජනතාව සිතා බැලිය යුතු යය් මට සිතේ.
/