25 April, 2024

Blog

කම්බ හොරුන් වියතුන් වීමයි යහපාලන ටොයියන් කබ්බන් වීමයි

තුෂාර වන්නිආරච්චි

තුෂාර වන්නිආරච්චි

පසුගියදා බොරලැස්ගමුව ප්‍රදේශයේ වියත් මග සමළුව නමින් රැස්වීමක් පවත්වනු ලැබුවා. එම රැස්වීමේ මුඛ්‍ය අරමුණ ලෙස එහි සංවිධායකයින් විසින්ම ප්‍රකාශ කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ ජාතික නායකයෙකු ලෙස කරළියට ගෙන ඒමයි. එහිදී එම රැස්වීම ඇමතූ කථිකයින් විසින් මේ මොහොතේ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින හා යහපාලන ආණ්ඩුව විසින් නිවැරදි කිරීමට විශාල උත්සාහයක් දරණ ප්‍රධාන දේශපාලනික කාරණා ගණනාවක් සම්බන්ධයෙන් සංවේදී අදහස් පල කළේය.

විශේෂයෙන් එම රැස්විම ඇමතූ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු රටේ සංහිදියාව විනාශ කරනු ලබන බරපතල ප්‍රකාශයන් කිහිපයක් සහිතව දේශනයක් සිදු කළේය. එසේම එම දේශනය තුළදීම රටේ රාජපක්ෂ රෙජීමය කාලයේ සිදුවූ මානව අයිතිවාසිකම් කඩවීම්, අතුරුදන් කිරීම් මෙන්ම මහ දවල් සිදුවූ ඝාතන සියල්ල සදහා වීරත්වයක් ආරෝපණය කිරීමට උත්සාහ කර තිබුණි. එම කතාවට මේ රටේ ශීලාචාර මිනිසුන් අතර දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතින අතර සමාජ ජාලා වෙබ් අඩවි තුළ ඒ පි‍ළිබද විවිධ අදහස් තවමත් මතුවෙමින් පවතී. එම කථිකයාගේ දේශනයේ මුඛ්‍ය අරමුණ වූයේ මහින්ද අභිබවා, ඉදිරි පෙළේ වාඩිවී සිටි බැසිල්ද අභිබවා ගෝඨාභයට වීරත්වයේ සළුපිළි අන්දවා ඔසවා තැබීමයි. ඔහුගේ කතාව අසා සිටින විට මාගේ සිතේ පහළ වූ චිත්‍රය නම් රතුපස්වල ඝාතනය, ලසන්ත වික්‍රමතුංගගේ මහ දවල් සිදුවූ බියකරු ඝාතනය, පුදුකුඩුඉරිප්පු රෝහලට එල්ලවූ අමානුෂික මෝටාර් ප්‍රහාරය හා දහසකුත් අයුතු අසාධාරණකම්ය.

එසේම එම රැස්වීමේදී හිටපු අග්‍රවිනිශ්චකාරතුමිය අධිකරණයෙන් පහ කර දැමීම පිළිබදවද කයිවාරු කතා ඇසුණි. ආර්ථිකය මෙහෙයවූ ආකාරය, නිලධාරීන් භීතියට පත් කරමින් වැඩගත් ආකාරය, පොලීසිය රාජ්‍යයේ දේශපාලන උපකරණයක් බවට පත්කරගත් හැටි, හමුදා සොල්දාදුවන් රාජ්‍යයේ කටයුතු වලට යොදවාගත් ආකාරය පිළිබද දහසකුත් කයිවාරු කතා ඇසුණු අතර මෙම ආණ්ඩුව ඒවා නොකරන බැවින් නපුංසක ආණ්ඩුවක් යැකි කියා වියරු ලෙස සියලු දෙනා විටින් විට සිනා වූවෝය. එම රැස්වීම එක්තරා ආකාරයකට නාසි රෙජීමය ජාත්‍යන්තර අධිකරණයට මුහුණදීමට සිටි කාලයේ නියුරෙම්‍බෙර්ග් හිරගෙදර පැවැත්වූ කයිවාරු සාකච්ඡාවක් වැනිය. එහි එක්තරා ආකාරයක උමතු ස්වරූපයක්ද තිබුණි. එහි උච්චතම අවස්ථාව වන්නේ රෝහණ බැද්දගේ හා බන්දුල විජේවීර විසින් සමලිංගිකත්වය පිළිබද කරන ලද කුප්‍රකට විහිළුවයි. එසේම මෙම මුළු රැස්වීමම ලෝකයේ සම්මත ශීලාචාර වටිනාකම් තුට්ටුවට දැමූ අශීලාචාර නොවැදගත් ස්වරූපයක් ගැනිණි.

එහි විශේෂිත දෙය නම් මෙම රැස්වීමට සහභාගී වූ සියලුම ඊනියා විද්වතුන් හට ශ්‍රී ලංකාවේ අධිකරණය තුළ නඩු එකක් හෝ එකකට වැඩි සංඛ්‍යාවක් ඇති අය වීමයි. එසේම ඉදිරි පෙළ වාඩිවී සිටි බොහෝ දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගෙන ඇත. ඒ රාජ්‍ය දේපළ හොරකම් කිරීම නිසාවෙනි. එබැවින් ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ඊනියා වියතුන් විසින් ගොඩනැගීමට හැදූ දේශපාලන වැඩපිළිවෙල මේ රටේ යහපාලනය අගයනු ලබන සැබෑ සිවිල් පුරවැසියන්ට නම් බියකරු සිහිනයකි.

මෙම වියත් සමුළුවට සහභාගී වූ බොහෝ වියතුන් සැබෑ ලෙසම සිටිය යුත්තේ වියත් සභාවක් මැද නොව වැලිකඩ හිරගෙදර දහයයි දහයේ හිර මැදිරියක වැසිකිලි බාල්දි දෙකකට වැසිකිලි කැසිකිලි කරමින් විමල් වීරවංශ මෙන් හඩා වැලපෙමිණි.

මේ හේතුව නිසාම ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණයට උරදුන් සිවිල් සමාජ නායකයින් හා යහපාලනවාදීන් සිටිනුයේ කනස්සල්ලෙනි. එදා ටොයියන් වූ ඔවුන් අද අමුඩෙද ගලවාගත් කබ්බන් බවට පත්වෙමින් සිටිති. ඔවුන් දිගින් දිගටම මේ ආණ්ඩුවට බලපෑම් කරනුයේ හැකි ඉක්මනින් හොරුන් අත්අඩංගුවට ගෙන දඩුවම් කරන ලෙසයි. ඔවුන් දිගින් දිගටම ආණ්ඩුවට රාජපක්ෂ රෙජීමය යටතේ සිදුවූ වංචා දූෂණ හා මිනීමැරුම් සොයා බලා නඩු පවරා යුක්තිය ඉටු කිරීමට විශේෂ අධිකරණයක් පිහිටුවන ලෙස බලපෑම් කරමින් සිටියි. මෙරට යුක්තිගරුක ජනතාව සිටිනුයේ එම අධිපතිවාදී මතය සමගයි. ඔවුන්ගේ එකම ඉල්ලීම අපිට මුකුත් එපා හොරු අල්ලනු යන්නයි.

රටේ අධිකරණ පද්ධතියේ හා නීතිය පසිදලීමේ ක්‍රියාවලියේ ඇති අකාර්යක්ෂම බව අපේ සමාජයට කර ඇති බලපෑම සුළුපටු නොවේ. එය සමාජයේ සෑම ක්ෂේත්‍රයකටම විශාල බලපෑමක් එල්ලකොට තිබේ. එක අතකින් ප්‍රතිගාමීන් හා කම්බ හොරුන්ට එයින් ආරක්ෂාවක් සැලසෙන අතර සමාජ විරෝධී අගතිගාමී ක්‍රමවේදයන් වල පැවැත්ම තහවුරු කිරීමට විශාල සේවයක් ඉටු කරයි.

අනිත් අතින් රට යෝජනා කරන සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නීතිය හා යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියේ දුර්වලතා අඩුපාඩු හා ප්‍රමාදවීම් විශාල බාධාවක්ව තිබේ.

යහපාලන ආණ්ඩුව බලටය පත්වූයේත් බලය පවත්වාගෙන යන්නේත් 2015 ජනවාරි 8 වනදා දුන් ජනවරමට හා එම වසරේම අගෝස්තු 17 වනදා දුන් ජනවරමට අනුවය. මෙම අවස්ථාවන් දෙකේදීම මේ රටේ ජනතාව ඉල්ලා සිටියේ පසුගිය රජයේ හොරුන් හා මංකොල්ලකරුවන් අධිකරණයට ඉදිරිපත් කර හිරගෙදරට යවන ලෙස මිස වියත් සභා මැද ශීලාචාර සම්මතයට උසුළු විසුළු කිරීමට නොවේ.

මෙවැනි සන්දර්භයක් තුළ ජනවාරි 08 වනදා ආණ්ඩු පෙරලියට උරදුන් පුරවැසියන් තමන්ගේ ආත්ම ගෞරවයද ආරක්ෂා කරගනිමින් තවදුරටත් පවතින්නේ කෙසේදැයි යන්න ඔවුන් අභියස ඇති ප්‍රබලතම අභියෝගයයි. ඕනෑම දේශපාලන ක්‍රියාවලියක තනි මිනිසෙකුට හෝ කණ්ඩායමකට පාලනය කළ හැකි ප්‍රමාණයේ සීමාවක් තිබේ. එය යහපාලනවාදීන්ට ද අදාලය. ඔවුන් විසින් ගොඩනගන ලද ආණ්ඩුව ක්‍රියාත්මකවීමේදී පෙන්වනු ලබන දුර්වලතා හා ගනු ලබන තීන්දු තීරණ ජනවරමට පටහැනි නම් එය පෙන්වාදීමේ හා එයට එරෙහිව යාමේ ශුද්ධ වූ අයිතියක් ඔවුන්ට තිබේ. එම අයිතියට ගරු කිරීමක් වර්ථමාන රජයටත්, අගමැතිවරයාටත් තිබිය යුතු අතර එය ක්‍රියාවෙන් ද පෙන්විය යුතුය. මේ ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධක අතර සිවිල් සමාජය හා යහපාලනවාදීන්ගේ ආශීර්වාදය හා එකගතාවය ප්‍රධාන තැනක් ගනී.

ඉතිහාසයේ කවරදාකටත් වඩා මෙම ආණ්ඩුවේ පැවැත්ම ජනතාව මත පදනම්ව තිබේ. එවැනි තත්ත්වයක් යටතේ බරපතල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක යෙදීම දැලිපිහියෙන් කිරි කනවා වැනි වැඩකි.

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    2

    යහපාලන ආණ්ඩුව බලටය පත්වූයේත් බලය පවත්වාගෙන යන්නේත් 2015 ජනවාරි 8 වනදා දුන් ජනවරමට හා එම වසරේම අගෝස්තු 17 වනදා දුන් ජනවරමට අනුවය. මෙම අවස්ථාවන් දෙකේදීම මේ රටේ ජනතාව ඉල්ලා සිටියේ පසුගිය රජයේ හොරුන් හා මංකොල්ලකරුවන් අධිකරණයට ඉදිරිපත් කර හිරගෙදරට යවන ලෙස මිස වියත් සභා මැද ශීලාචාර සම්මතයට උසුළු විසුළු කිරීමට නොවේ.

    You are exactly right .. But before that present government thieves and smugglers should send to jail. Leaders has to be examples instead of setting up their kith and kins on same old track.

    • 3
      2

      අද රෙදි නැතුව යහපාලකයන්ට කඩේ .

      2015 ජනවාරි 8 වනදා සිරිසේන ජනපති කොරන්න වෙන වෙන මත සහ බලාපොරොත්තු තිබ්බ එජාප, ටීඒන්ඒ්, ජවිපෙ, චන්ද්‍රිකාල, බාහුල, සෝපිතල, දේවසිරිල සහ මෙකී නොකී අය ගනනාවක් එකට එකතු උනා. සිරිසේන: තමා ‘සරලය්’ කිව්වා. ‘පොලොන්නරැවෙ ඉදන් රට පාලනය කොරනව’ කිවිවා, ‘හෙලිකොප්ටර්වල යන්නෙ නැහැ’ කිව්වා, ‘අැමරිකාවෙ බකින්හැම් මාලිගෙන් ගෙනාපු රත්තන් අස්පයො, ලැම්බොගිනි, හෙලිකොප්ටර් සහ හොරැ අල්ලන්න’ පොරොන්දු උනා. රනිල්: ‘පෝට් සිටිය වහනව’ කිව්ව, ‘ලිච්චවී’ ක්‍රමයට මහින්ද වගේ දහ ගුනයක් රට සංවර්ධනය කොරනව කිව්වා. සම්බන්දන්: උතුරයි නැගනහිරය් එකතු කොරල දෙමලුන්ට ස්වයං පාලනයක් පොරොන්දු උනා. අනුර හොරැ අල්ලනව අැප කැප උනා. චන්ද්‍රිකා මිස්ටර් ප්‍රභාකරන්ට සාධාරනෙ කොරන්න වගෙන් ගොඩෙන් පොරොන්දු උනා. බාහු දෙමලුන්ට ඉර හඳ දෙන කතා කිව්වා. සෝපිත: ‘ජනාධිපති ක්‍රමය වසරක් අැතුලත අහෝසි කරනව’ කිව්වා. දේවසිරි: ‘%6 ක් අධ්‍යාපනයට වෙන් කොරනව’ කිව්වා.

      රාජපක්ෂ රජයට රෙජීමයක් කියපු සිරිසේන ජනාධිපති වෙලා බහුතර අගමැති කෙනෙක් සිටියදීම සුලුතර විපක්‍ෂ නායක (රනිල්) අගමැති කොලා. ඊලඟට තමන්ට විරැද්ධව චන්දෙ ඉල්ලපු ශ්‍රිලනිප යෙ බලය ඩැහැ ගත්ත. ඊලඟට ව්‍යවස්ථාවට අනුව පත් කල අග්‍රවිනිශ්චකාරයව තුන්ඩුවකින් ගෙදර යැවුව. පාර්ලිමේන්තුවෙ නඩු අහල තුනෙන් දෙකක දේශාභියෝගයකින් ගෙදර යැවුව අග්‍රවිනිශ්චකාරිය අාපහු පුටුවෙ වාඩි කොරල ‘යහපාලන’ සෙල්ලම කොරන්න අත්තිවාරම දැම්මා. ලෝකෙම යලු නිසා කවුරැවත් කටක් අැරියෙ නැහැ.

      ඊලඟට යහපාලන දින 100 වැඩ කිඩ පටන් ගත්ත. අය-වැය කියවල ජනතාවට සහන දුන්න රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කොලා. දින 50 ක් ගියේ නැහැ, අගමැතිගෙ ගෝලයා සහ බෑන සහ මුදල් අැමති බැදුම්කර මගඩියෙන් හීන් සැරේ මහ බැංකුව කොල්ල කෑව. මහ බැංකුව හිස් වෙනකොට වැරැද්ද මහින්දගෙ ණය කිව්වා. කොප් වාර්තාවෙන් කොල්ල කල්ලිය බේර ගන්න ජනපති පාර්ලිමේන්තුව විසිරෙව්වා. මහින්ද සිරිසේනට රැවටිලා අගමැති වෙන්න එජනිස යෙන් චන්ද ඉල්ලුවා. සිරිසේන චන්දෙන් පැරදිච්ච උන් මහින්ද දිනවපු ලිස්ට් එකෙන් මංත්‍රිල කොලා. ඒජාප-ශ්‍රිලනිප මංත්‍රි රොත්තක් අැමතිල කොරන්න සිරිසේන-රනිල් බොරැ ජාතික අාණ්ඩුවක් හැදුව. ඒ කියන්නෙ, හංසයට කඩේ ගිය කස්ටියත් හන්සයට විරැද්ධ වෙච්ච කස්ටියකුත් අගමැති කමය්, විපක්ෂ නායක කමය්, විපක්‍ෂ සංවිධායක කමය් බෙදා ගත්ත. නමුත් සිරිසේනගෙ එජනිස මංත්‍රි බහුතරය මහින්දගෙ නායත්වයෙන් ඒකාබද්ද විපක්‍ෂය ලෙස ඒක රාෂි උනා. නමුත් ඒකාබද්ධ විපක්‍ෂෙ මංත්‍රිලට සිරිසේනගෙ එජනිස යෙන් අයින් වෙන්න බැහැ කියල කතානායක තීන්දු කොලා.

      බලාගෙන යනකොට ලංකාවෙ ජනාධිපති සිරිසේනත් එංගලන්තෙ ඒලිසබෙත් රැජින වගේමය්. අාණ්ඩුවත් ජනාධිපතිගෙ ඒකාබද්ධ විපක්‍ෂයත් ජනාධිපතිගෙ නිල විපක්‍ෂයත් ජනාධිපතිගෙ. අපිත් ජනාධිපතිගෙද දන්නෙ නැහැ.

      මේ වෙනකොට ‘යහපාලනයට’ අවුරැදු දෙකකට වැඩිය්. යහපාලනය විහිලුක්ද? සාර්ථක පාලන තන්ත්‍රයක්ද? අර කලින් කියපු කස්ටිය දුන්න පොරොන්දු ඉටු කොරල තියනවද යන්න ගැන මහජන මතය දැන ගන්න විදිහක් නැහැ. පලාත් පාලන මැතිවරණය පේන තෙක් මානයක නැහැ. ඒකෙත් වැරැද්ද මහින්දගෙලු. යහපාලන කැඳහැලිය මහින්ද පන්නල රටට ගෙනාව ප්‍රජාතන්ත්‍රවාදය නියමය් නේද තුෂාර?

  • 4
    1

    Dear Thushara, I am a good friend of you but I think , you can be a good UNP loyalist than a impartial political analyst. Your views are not critical evaluations of issues. Your writings are white washing present government actions rather looking for what is right and wrong. I understand as a primer’s adviser, you are traveling with him overseas also. Do you pay for your expenses and tickets. So it is same as previous government. No benefit or saving to country. In April Prime Minister is traveling to VIETNAM with more than 40 group. I would like to know , who is paying for it. It is people money. I remember when perivouse regime did same and you all criticized with hard hit. Are you doing that tour also. So if you want to be a good political analyst, think and see both side equality. Don’t influence your personal opinion and your biased view for analytical articles. It harms your credibility and finially you will be nothing after this government loose the power. Only solution is to contest in UNP ticket and go to perliment to secure your pension after 5 years.

    • 1
      2

      Words, Gamarala! Unfortunately, that quality is what missing with most of the most contributors and commentators here at CT. Thushara D is worst! A UNP බත් බැලයා in full scale!

      • 3
        1

        Max buru gediyoooooooooooo..යහපාලනය පොරොන්දු උනත්, ඒ අයට මේරටේ මැජික් කරන්න බැහැ. බහුතරයක් මිනිස්සු යහපාලන්ය තියා ගව පාලනය තිබුනත් ගනන් ගන්නෙ නැති මානසිකත්වෙන් නිකන් කලය කන කාලකන්නි රැලක්. ඉතින් ජනපති හා අගමැති උතුම ගති තිබුනත් ඒ අයට දේවල් කරගන්න බැහැ. මම යහපාලනයට උදව් කලත්,… ඔලුවේ කොනක තිබුන මේ සමාජය වැටිල තියෙන තැන බැලුවම එය හදන්න යාවි තව දශකයක්. ඇරත් දැක්ක නේද … දිවුලපිටියට කරපු පාරිසරික හානිය… ඔය විදියටම රාජපක්ෂ තිරිසන්නු කන්න ඕන හැමපැත්තකින් රට කාල.. අපරාධ කාරයෝ දහස් ගනනින් රටට බෝ කරා. එවුන් රට විනාශ කරන ආකාරය ඉතාමත්ම භයානකයි.

  • 5
    1

    Your opinion about the Viyath Sabawa is very correct. People who created Gotabaya has covered his murderess and corrupt actions, and wrote the Gotabaya,s WAR book with impuntiny as he was the Defence Secretary who lead the Tri Forces to annihilate the LTTE Terror organisation giving them a place via corrupt Palitha and Kapila. The Army Commander and even the head of intelligence were kicked out without any pension with many others. KP for his Two Ships and One Billion Dollars became the family friends of RAJAKAKSA REGIME.Basil took money from Tamil refugees. To give them shape passages to Australia, and they are the missing people now portrait by the Tamil Daispora. MahindaRajapaksa was trap by RAW with a Bea utiful woman and advice him to go for a Presidential election. These are the intelligent people according to Kamal Gunarathna, who was kept away from the Front by then AC. If they are allowed to be away from Welikada this nt is allowing these rouges to kick Sirisena, Ranil with Paskaralingam and the TGE members will be in trouble.v

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.