26 April, 2024

Blog

මගේ SAITM කතාව

ප්‍රබෝධා රසන්ති

ප්‍රබෝධා රසන්ති

අපි එක එක අයගෙ කතා වෙනස් වෙන්නේ අපි තෝරාගන්න පාර අනුව. මගේ කතාවේ වර්තමාන නවාතැන සයිටම් වුනේ කොහොමද කියල කෙටියෙන් කියන්න හිතුනේ මේ ඉමක් කොනක් නැතුව රටේ පැතිරෙන බොරු කතා දැන් ඇත්තක් කරගෙන තියෙන නිසා.

මගේ කතාව පාසලෙන්ම පටන් ගන්නම්. මගේ මුල්ම පාසල දේවරක්ඛිත ප්‍රාථමික විද්‍යාලය. ඊට පස්සෙ රත්නපුර ෆර්ගසන් විද්‍යාලය. එහෙදි 5 වසර ශිෂ්‍යත්ව විභාගෙන් ලකුණු 179ක් අරන් කොළඹ විශාඛා විද්‍යාලයට එන්නෙ බලාපොරොත්තු ගොඩක් එක්ක.

සාමාන්‍ය පෙළින් සියලු විෂයයන්ට A සාමාර්ථ ලැබීමත් එක්ක මගේ සිහිනය වෙනුවෙන් උසස් පෙළට තෝරාගන්නෙ ජීව විද්‍යාව විෂය ධාරාව. පළමු වර B1 C2 ප්‍රතිඵලය ඒ හීනයට දුර නිසා දෙවෙනි වරටත් උසස් පෙළ ලිව්වා. ප්‍රතිඵලය A2 C1( z score 1.8) වුනත් සීමිත ඉඩක් වෙන් වුන වෛද්‍ය අධ්‍යාපනයට අපේ රට තුළ අවස්ථාවක් ලැබුනෙ නෑ. ඒ මගේ ප්‍රතිඵලම හෝ ඊට අඩු ප්‍රතිඵලයක් ගත්ත, මාත් එක්කම ටියුෂන් පන්තියේ ඉගෙන ගත් සහෝදර සහෝදරියන්ට වෙනත් දිස්ත්‍රික්ක වලින් වෛද්‍ය විද්‍යාල වල දොරටුව විවර වෙද්දි. ලැබෙන දෙයක් භාරගන්න හිත හදාගත්තත් දෙමව්පියන්ගේ හීනය එහෙමම තිබුනා. මහන්සියෙන් උපයා ගත් මුදලින් විදේශ රටක හෝ වෛද්‍ය අධ්‍යාපනය ලබාදෙන්න ඔවුන්ට උවමනා වුනා. ඒ අතරෙදි තමා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) අනුමැතිය සහිත පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන උනන්දු වන්නේ. මට හුරු පුරුදු මේ රටේම, අපේ සල්ලි රට තුළම රඳවාගෙන වෛද්‍ය අධ්‍යාපනය ලැබෙන එක ගැන ඇතිවුනේ ලොකු සතුටක්. මම මගේ මේ වර්තමාන නවාතැනට එන්න මග විවර වෙන්නේ එහෙමයි.

එතැනට ආවම මුලින්ම අපිව UGC නියෝජනයත් සහිත සම්මුඛ සාකච්ඡා දෙකකට කැඳවනවා. එයින් තෝරාගන්න සුදුසුකම් සහිත පිරිසකුයි මෙහි වෛද්‍ය ශිෂ්‍යයන් වන්නේ. අනෙකුත් රජයේ වෛද්‍ය විද්‍යාල වල වලට බොහෝ සෙයින් සමාන විෂය නිර්දේශයක් අපගේම වියත්, අත්දැකීම් බහුල ආචාර්ය මණ්ඩලයක් යටතේ අපි ඉගෙන ගන්නවා. ඔවුන් දැනුමෙන් මෙන්ම වෛද්‍ය වෘත්තියට අත්‍යවශ්‍ය යහපත් ආකල්ප වලින්ද අපව සන්නද්ධ කරන්න කැප වෙන්නේ ඔවුන්ගේ වගකීම හොඳින් වටහාගෙනයි. විභාග සැකැස්මත් රජයේ වෛද්‍ය විද්‍යාල හා සමානව සියලු කොටස් (theory paper, viva, ospe,..) අන්තර්ගතව හරි ආකාරයෙන් නියාමනය වන්නක්. බොහෝ දෙනා මේ කිසි දෙයක් නොදැනයි බොරු චෝදනා එල්ල කරන්නේ.

දැන් මම හත‍ර වන වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක්. අප සියල්ලන්ගේම අරමුණ සුදුසුකම් ඇති යහපත් වෛද්‍යවරු ලෙස මේ රට තුළ සේවය කිරීමයි. අපේ අධ්‍යාපනයට වැට බඳින්න විවිධ බලවේග ක්‍රියාත්මක වෙන මේ මොහොතෙත් අපි අපේ අරමුණ වෙනුවෙන් කැපවෙනවා. මේ බාධක එක්ක යන ගමනෙන් ලැබෙන පන්නරය ජීවිතේට ආශිර්වාදයක් වේවි කියල හිතනවා. එහෙම ප්‍රාර්ථනා කරනවා.

#MySAITMStory
 #මගේSAITMකතාව

Print Friendly, PDF & Email

Latest comments

  • 10
    1

    There are many stories like this in different flavors. My personal view on this issies is; SAITM and free education are two different topics. Groups actively working on this issue in both sites are on many different agendas. That’s the reason nobody wants to find or solve the real SAITM issue. Our country really needs state education and private eduacation both. We must see practical solutions for our existing higher educational issues instead stuck in sounds great but not practical systems.

  • 12
    11

    ඔබගේ තර්කයේ ගැටලු දෙකක් මා නිරික්ශනය කලෙමි.
    1 අඩු ප්‍රතිපල සහිතව වෛද්‍ය උපාධිය හැදැරිමට අවස්ථාවක් නොලැබිම
    2 දිස්ත්‍රික් පදනම අසාධාරනය
    එයින් පලමු කරුන ගතහොත් ප්‍රතිපල අඩුවිම යනු ඔබගේ තර්කානුකුලබව හා මතකය පිලිබද ගැටලුවකි. සැබවින්ම වෛද්‍යවරයෙකු ලෙස ලාංකිය ජනමතය වනුයේ සුකොපභොගි ජිවිතයක් ගතකරන ඉසුරුමත් ජිවියෙකු යන්නයි නමුත් ඔහුගේ කාර්‍ය ඉටවඩා බැරැරුම් ය.ඔහු නිරික්ශණය තක්සේරුව හා නිගමනය යන විද්‍යාත්මක මුලධර්මවල පරිචයක් ලැබුවෙකු වියයුතුය. නැතහොත් ඔහු වෙතින් වන වැරදි බහුල වියහැක.මේ නිසා ලැබෙන ප්‍රතිපල භාහයාණකය.ප්‍රතිපල අඩුව ලැබිම යනු ඉහත විද්‍යාත්මක ක්‍රමයේ නිසි හැදැරිමක් නොවුබවට ලැබෙන සහතිකය නොවන්නේද?
    දෙවන කරුන දිස්ත්‍රික් පදනම පිලිබද ගැටළුව පිලිබදව විමසිමේදි ලංකාවේ පහසුකම් හා අදායම් විශමතාවය බහුලව ඇත විභාගයක් කිරිමෙදි මුලිකව විෂය නිර්දෙශය සම්පුර්න විය යුතුය.මේ සදහා පාසලේ හො පොද්ගලික පංතියේ දක්ශ ගුරුවරු සිටිය යුතුය.නමුත් දුශ්කර ප්‍රෙදේශ වල මේ දෙකම නොමැත.උදාහරනයක් ලෙස නුවරඑළියේ ලමයෙක් පොද්ගලික් පංතියකට ඇතුල්විම සදහා මහනුවරට පැමිනිය යුතුය. මේ සදහා ඔහුට එදින උදේ පැමිනිය නොහැක. ඉට පෙර දින පැමින නතර විය යුතුය මේ සදහා සුදුසු පහසුකම් නොමැතිනම් දුම්රියපොලේ වැනි ස්ථානවල රැයපහන් කිරිමට සිදුවේ.එමෙන්ම විෂය නිර්දේශය සම්පුර්ණ කරගැනිමට වෙනත් පතපොත පත්තර වැනි දෙවල් උපයෝගී කරගැනිමට සිදුවේ.ඔබ වැනි පහසුකම් සහිත ප්‍රදේශ වල ජිවත් වන අයට වඩා මේ ප්‍රදේශවල ජිවත් වන අයගේ ගැටලු වෙනස්ය.

  • 13
    5

    ‘යහපාලන’ රජය වෙනුවෙන් අධ්‍යාපන සහ සවුක්‍ය අැමතිවරැනුත් ‘යහපාලන’ විපක්‍ෂය වෙනුවෙන් අමිර්තලින්ගමුත් ‘ඒකාබද්ද’ විපක්‍ෂය වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂත් පුද්ගලික අධ්‍යාපනයට විරැද්ධ නැති බව මේ වෙනකොට ප්‍රකාෂ කොරල තියනවා. මහින්ද කියන්නේ සයිටමය වෙෙද්‍ය සභාවේ අනුමැතිය ගත යුතුය යන්නය්. මහින්ද හරි. ‘යහපාලන’ රජය වෙෙද්‍ය සභාවේ අනුමැතිය ගන්න නෙවිල්ට උදව් කල යුතුය්.

    අද සයිටමේට විරැද්ධ අන්තරේ සහ පෙරටුගාමීන් සහ ජවිපෙය්. අන්තරේ හැමදාම කියන්නෙ අධ්‍යාපනය නොමිලේ දිය යුතුය්, පාස් උනහම රක්‍ෂාවලුත් දිය යුතුය් කියලය්. කොරන්න පුලුවන් නම් හොඳය්. නමුත් අද යන ලෝක රටාව අනුව එහෙම කොරන්න බැහැ. කිසිම රජයට 6%ක් අධ්‍යාපනයට වෙන් කොරන්න බැහැ. යහපාලන පළමු අය වැයේදි මුදල් අැමති රවි කිව්ව 6% යේ කතාව පට්ට පල් බොරැවක්.

    අැස් අැරල බලන්න. ලංකාවෙ විශ්ව විද්‍යල වලින් පිටවෙන A/L ලකුනු වැඩි අය විරැකියාවෙන් පෙලෙනවා. ලංකාවෙ විශ්ව විද්‍යලෙ යන්න A/L ලකුනු අඩු උන නමුත් පිටරට විශ්ව විද්‍යාල වල ඉගනගෙන අාපහු ලංකාවට පැමිනෙන කිසිවෙක් රජයෙන් රැකියා ඉල්ලන්නෙ නැහැ විරැකියාවෙන් පෙලෙන්නෙත් නැහැ. ඔවුන් සියලු දෙනාම ඉතා වැඩි වැටුප් තල වල රැකියාවන් කොරනවා. ලංකාවෙ විශ්ව විද්‍යාල වල තත්වය එයින්ම වටහා ගන්න පුලුවන් නේද?

    මෙතන සයිටමේ ලමය් දෙන්න කියන විදිහට ඔවුන්ගෙ තත්වය ඉතා උසස්, ඔිනෑම තරඟ විභාගයකට පෙනී සිටින්නත් ඔවුන් ලැහැස්තිය්. එහෙම නම් ප්‍රශ්ණයක් තියෙන්න බැහැනෙ. සයිටමේ ලමයින්ට රෝගීන් පරික්‍ෂාව ගැන අත් දැකීම් මදි නම් ඒ සඳහා පහසුකම් ලබා දීම රජයේ යුතු කමය්.

    අන්තරේ කියන්නෙ අන්තවාදී දේසපාලන මතයක් කරපින්න ගත්ත කල්ලියක්. රජයේ විශ්ව විද්‍යාල ශිෂ‍්‍යයො සියලු දෙනාම තමන්ගෙ කැමැත්තෙන් අන්තරේ පස්සෙ යනව කියල මම නම් විශ්වාස කරන්නෙ නැහැ. පෙරටුගාමීන්ට පලාත් පාලන අායතනයක මංත්‍රි වෙන්න වත් බැහැ. ජවිපෙ කැඩිල අද අාසන 6ට බැහැල බහුතර ජනතාවට තිත්ත වෙලා තියෙන්නෙ. අැත්ත වශයෙන්ම ඔය තුන් කට්ටියම හැමදාම පාරෙ බැහැල ලේ හැලුව මිසක් රටට වැඩක් කොලේ නැහැ.

  • 5
    1

    In capitalist society person with little money is more unfortunate than a dweller in an urban slum who is having hand to mouth life. I feel very sorry for you. Go ahead with your arduous life. I wish you every success. While you go by your life make maximum contribution to invent a society with justice. At the moment nowhere on our planet we have that society. It is understandable. 1% of humans own 99% wealth of the human society!

  • 7
    1

    අපේ රටේ උසස් අධ්‍යපනය රජය විසින් පත්වා ගෙන යා පමණක් යුතුය යන මතයේ සිටගෙන මේ ප්‍රශ්නය විසඳන්නට පුළුවන් ද ?
    මෙරට හැම නගරය කම අද නම් පුවරු පමණක් ජාත්‍යන්තර පාසල් ලෙස පවත්වාගෙන යන ඉංග්‍රීසි බස උගන්වන පාසල් වලට මෙවැනිම විරෝධයක් මතු නොවුයේඇයි? මේ පාසල් වලට යන සිසුන්ට උසස් අධ්‍යාපනය කරන්නට මෙම රට තුලම පහසු කමක් සලසනවා ද ? බංගලා දේශය ,නේපාලය ඉන්දියාව හා මලයාසියාවට හෝ රුසියානු හෝ යුරෝපිය රටවල් වලින් මෙතෙක් උගත් දොස්තරවරුන්ට හෝ වෙනත් අංශ වලින් උසස් අධ්‍යාපනය හැදෑරු අය අප රටේ නිදහනින් පසු විවිධ කේෂ්ත්‍රයන්හි රැකියා වල නිරතවෙන තර ඔවුන් අද ඉහල තැ න්වල රැ කියා වල නිරත වෙන අතර ඔවුන්ට ඒ සම්බන්ධව කිසිදු විරෝධයක් රට තුල ඇත්තෙම නැත.අපේ නිදහසින් පසු බිහිවූ දේශපාලකයන් කි දෙනෙකු පිටරට අධ්‍යාපනය ලැබූ අයවෙති.මාක්ස්වාදී හා සෙසු නායකයන් ද මේ අතර වෙති.විජේවීර ද එවැන්නකි.අපි කල යුත්තේ කුමක්ද? මෙය මෙහෙය වන්නේ අපේ වර්තමාන යේ උද් ගතවූ ප්‍රශ්න වෙනතකට හරවා ගැනිඉමට කරන උපක්‍රමික උපායක් ද ? මිඉට වඩා දැවෙන ආර්ථික හා රටේ අනාගතයට බලපාන දේශපාලනික ප්‍රශ්න තරුණ පරපුර ඈත කිරිමේ උපාය මාර්ගයක් ද ? අප රට යා යුත්තේ ඉදිරියටද නැතිනම් ආපස්සටද ? කිසිදු අරමුණක් හෝ බලපොරොතුවක් තැබිය හැකි දේශපාලකයින් අපේ රටේ බිහිවී ඇත් ද? හාල්පාරු දේශපාලකයන් ගෙන් මීට වඩා යමක් අපට බලපොරෝතුවිය හැකිද?

    ශාන්ත සේනාධීර

  • 3
    2

    Yes, agreed with you. But why do you all refuse to face for the final exam which is , the government students are faceing. And what do you think about your former chancellor . Mr.Sameera Senarathna?

    • 1
      0

      We are ready to face any fair exam even we doubt the biased policies of slmc. Talking about Mr. Sameera senarathna, he was CEO (chancellor) of saitm and did not involve in academic work. If he is proven guilty we are not bothered to defend him. Its all his personal issue and he will have to go through couts and face it.

      • 0
        0

        for sure you are going through a tough time
        We feel really sorry about it

        in general, I can hear two major complaints about SAITAM, but not a resposible person from your college has come forward to explain the facts

        1- Percentage of unqualified students – one of your senior person may be CEO or the chairman can release the data and recruitment procedure to the people. why are they silent , it is a big question mark
        2- Quality of acadamic and clinical training, Nobody is clear about it
        Nevil fernando should explain the structure of your acadamic and clinical training, without blaming others, He can set up a TV programm to justify it

        This matter will last for abother couple of year, it is really bad for the SAITEM studuents,

  • 3
    2

    Although you have comparatively better results, more than 90% of the students in SAITM have much lower results. So please don’t act like SAITM is filled with students like you. What you should do is fight for a way for the other students like you (ones with better results)to get a proper higher education.

    • 1
      1

      Kasun Dharmadasa
      No I disagree SAITM students have better results than those in State medical faculty because of the admission criteria is the unfair district basis where most are filled by the rural students who obtained very low results than those from the cities. Only few in the state medical faculty had excellent results and those are from the big cities like Colombo. They are of course few in number.

      I shall repost my comment I posted elsewhere but in another ‘My SAITM story:

      All I would say is, once the district quota system was established from 1974 the place of merit got the backseat. Now the cream of society being selected to the University is simply a fantasy. Since most are rural areas and is politically advantageous this dubious and unfair district basis was created. There are many students with poor results and low aggregate found places in University due to the unfair district basis displacing many candidates with good AL results just because they are from good schools.

      It is only fair in a country where all citizens are equal, in a exam that is common to all merit should be the sole criteria for admission as it was prior to 1974. The candidate who scored higher marks should stand above a candidate with lower marks.

      In the bygone era when the students were admitted on an all island merit basis standards were very high and Sri Lankan doctors were well respected all over the world. Now the standards have dropped drastically due to such poor quality students being admitted.

      So what is wrong for such capable students to seek a private medical college to fulfill their aspirations which was unfairly snatched from them simply to satisfy greedy and selfish politicians.

      I see many write in these forums that money cannot buy a degree. Sorry that is not correct wrong! In the same spirit I would also say you cannot make doctor out of idiots. It was because of the money many students are punished for going to a good school and have to obtain a punitive high grade and aggregate to enter the state medical faculty or Engineering faculty when people from the rural schools are given favouration over the ‘rich’ counterpart to enter the state medical faculty with low results and aggregate. So what is wrong in using money to help them to also fulfill their dreams, when these students can be so punished for their parents having money! All these heat from the GMOA is purely due to jealousy when many of the members are doctors who entered getting very poor results solely because of the district basis and they do not want these students with higher grade and aggregate they unfairly displaced to come back and haunt them!

  • 0
    1

    These students have suffered so much. Please be considerate of these innocent students who have done better than some of the ones who got into medical schools from Z score. Most of all these students come from decent families that will serve the country well than the GMOA lot. You can see the difference the way they behave on roads protesting. All other countries allow private education why not us. These selfish bastards does not want anything good happen to our country. They think only how to pocket money from their private practice.

  • 0
    1

    If you pay Rs,1,200,000/= for a SAITM (MBBS) degree, you will have to earn at least Rs. 11,200,000/=. within the lifetime.

    • 0
      0

      Why would you pay and study medicine if what you really want is money? With that money those children could have easily started a business so by the end of 5 years they will have a good profit. Insead why would they sacrifice their time and go through a really hard time to be a doctor? I think they are really into their ambition and its their passion.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.