25 April, 2024

Blog

රනිල්ට එරෙහි ජාතිකවාදීන්ගේ අවසානය

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

පසුගිය සතියේ ලංකාවේ දේශපාලනය ගිණියම් කළ කාරණා දෙකක් සිදුවිය. එනම් යහපාලන ආණ්ඩුවේ යෝජිත නව ව්‍යවස්ථාවට පක්ෂ වන්නන්ට මරණ දඩුවම ලබාදිය යුතු බව කුප්‍රකට සොල්දාදුවකු ප්‍රකාශ කිරීමත්, විමල් වීරවංශ මන්ත්‍රීවරයා තමනුත් නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බව ප්‍රකාශ කිරීමත්ය.

මේ කාරණා දෙක මගින් යහපාලන රජයේ පැවැත්ම තවදුරටත් ස්ථාවර වූ අතර යහපාලන රජය පවත්වාගෙන යායුතුවන්නේ සහ එසේ පවත්වගෙන යාමට සහයෝගය දිය යුතු බව මේ රටේ සිවිල් ජනතාවට මතක්කර දීමකි. මන්දයත් රාජපක්ෂවරුන්ගේ දසවසරක පාලන කාලය තුල මේ රටේ ජාතියේ නාමයෙන්, ආගමේ නාමයෙන් සිදු වූ අකටයුතුකම් වල නිමක් නොතිබිණි. පාතාලයේ මත්කුඩු වෙළෙන්දාගේ සිට ලලිත් කොතලාවල දක්වා සියළුම පංතිවල සියළුම මට්ටමේ ව්‍යාපාරකයින් හා ආයෝජකයින් කප්පම් ගැනීම් වලට, අතුරුදහන්වීම් වලට, ප්‍රසිද්ධියේ මරාදැමීම් වලට හා හිරේ විලංගුවේ වැටෙන අභූත චෝදනා වලට ලක්විණි. එම දසවසර තුල යහමින් මුදල් හදල් තිබීම, ලාභ ලැබීම, සාර්ථක ව්‍යාපාරයක නිරතවීම, දිවි නසාගන්නා වැඩක් බවට පත්ව තිබිණි. රාජපක්ෂවරුන්ට හා ඔවුනගේ සහචරයින්ට හැර වෙනත් කිසිවෙකුට එම පාලන ක්‍රමය තුල ව්‍යාපාරයක යෙදීමේ හැකියාවක් නොවිණි. එසේ යෙදුනහොත් තමන්ගේ මරණ වරෙන්තුව ලියාගත්තා වැනිය. මෙම අපරාධකාරී තත්ත්වය පවත්වාගෙන යනු ලැබූවේ බුද්ධාගමේත්, සිංහල ජාතියේත් නාමයෙනි.   

එමෙන්ම රාජපක්ෂවරුන්ගේ එම දසවසර තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබුණාදැයි කිසිවෙකුටත් සිහි නිච්චියක් නොතිබුණි. රටේ මුදල් පාලනයේ බලතල ඇත්තේ පාර්ලිමෙන්තුව සතුව වුවත් පාර්ලිමේනතුවෙන් අසා කිසිදු වියදමක් සිදු නොකළ අතර පාර්ලිමේන්තුවේ මුදල් බලතල පවත්වාගෙන ගියේ අයවැය නාඩගම නටා ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහියේ පෙන්වීමට පමණි. රාජපක්ෂ ජනාධිපතිවරයාට අභිමතයක් තිබුණිනම් රටේ ඕනෑම මුදලක්, ඕනෑම අරමුදලක් විනාඩි ගණනක් ඇතුලත වියදම් කිරීමට හැකියාව තිබුණි. ඒ සදහා හොදම උදාහරණය හිටපු ජනාධිපති ලේකම්වරයා සිරගත වූ සිල් රෙදි වංචාකිරීමේ මහා නඩුවයි. එම නඩුවේදී රුපියල් මිලියන හයසීයක් මැතිවරණය පවත්වත්දී එම මැතිවරණ අපේක්ෂකයෙකු වූ ජනාධිපතිවරාගේ එක දුරකථන ඇමතුමකින් නිදහස් විය. එම තත්ත්වය රටේ මුදල් බලතල සම්බන්ධයෙන් උගණ්ඩාවේ ඉඩිඅමීන්ගේ පාලන කාලයටත් වඩා පරාජිත වූ තත්ත්වයකි. මන්දයත් ඉඩිඅමීන් උගණ්ඩාව පාලනය කළ සමයේ පලස්තීන කැරලිකරුවන් විසින් ඊශ්‍රායල් ගුවන් යානයක් පැහැරගෙන කම්පාලා ගුවන්තොටුපලට රැගෙන ගිය අවස්ථාවේ එම ජනතාවගේ සහ කැරලිකරුවන්ගේ වියදම් පියවීමට ඉඩිඅමීන් පාර්ලිමේන්තුවෙන් අවසර ගත්තේය. නමුත් මිලියන හයසීයක් වියදම් කිරීමට රාජපක්ෂවරු විදුලි සංදේශ නියාමන කොමිසමේ (එම මුදල් අයත්) අධ්‍යක්ෂ මණ්ඩලයෙන්වත් අවසර ගත්තේ නැත. මේ සියල්ල රාජපක්ෂවරු සිදුකරන ලද්දේ සිංහල ජාතියේත්, බුද්ධාගමේත් නාමයෙනි

නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන්ද රාජපක්ෂවරුන්ගේ දශකයේදී අපූරු පූර්වාදර්ශයක් මෙරට ජනතාවට ලබාදී තිබුණි. යුද්ධය ජයග්‍රහණය කල හමුදාපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට ඉදිරිපත්වීම හේතුවෙන් කුදලාගෙන ගොස් හිරේ විලංගුවේ දැමූවේය. රටේ අග්‍රවිනිශ්චයකාරවරිය තම ආණ්ඩුව යෝජනා කරන ලද පනතකට විරුද්ධ වීම නිසාවෙන් පැය විසිහතරක් තුල කැකිල්ලේ නඩු ක්‍රියාවලියකට යටත්කොට ධූරයෙන් පහකරන ලද අතර ඉතාම නින්දා සහගත ලෙස ඇයව ධූරයෙන් පහකර පැයක් ඇතුලත රාජපක්ෂවරයාගේ සම්බැට්ටයන් ලවා නිල නිවසෙන්ද එලියට ඇද දැම්මේය. මේ සියල්ලද සිදුකරන ලද්දේ සිංහල ජාතියේත්, බුද්ධාගමේත් නමිනි.

එසේම 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අධික ලෙස මුදල් ගෙවා තුනෙන් දෙකේ ඡන්දය ලබාගෙන තම පවුලට රට ප්‍රවේණි බුක්තියට ලබාගැනීමට කටයුතු කරන ලද්දේ බුද්ධාගමේත්, සිංහල ජාතියේත් නමිනි.

ප්‍රභාකරන්ට විරුද්ධව සිදුකරන ලද යුද්ධයේදී කිසිදු පදනමක් නැතිව යටත්වූවන් මරාදමමින්, රෝහල්වලට හා අනාත නිවාස වලට ගුවන් ප්‍රහාර එල්ලකරමින්, කුසගින්නේ සිටි සිවිල් ජනතාව මතට ශෙල්වෙඩි ප්‍රහාර එල්ලකිරීමට නියෝග දෙමින් කටයුතු කරන ලද්දේද, එසේම නිරායුධ මුස්ලිම් ජනතාව මතට ඥාණසාරලා ලවා ප්‍රහාර එල්ලකරමින් මුස්ලිමි විරෝධයක් ගොඩනැගුවේද, එසේම කතෝලික පල්ලි වලට ප්‍රහාර එල්ල කරමින් එම දශකය තුල ශ්‍රී ලංකාව සුළු ජාතීන්ට හා අවශේෂ ආගම් අදහන්නන්ට අනාරක්ෂිත රටක් බවට පත්කරනු ලැබුවේද බුද්ධාගමේත්, සිංහල ජාතියේත් නාමයෙනි.

එම දශකය තුල රාජපක්ෂවරු සිංහල ජාතියේත්, බුද්ධාගමේත් නාමයෙන් අකටයුතුකම් වල යෙදෙද්දී එවකට දුර්වලව තිබූ විපක්ෂය හා එක්සත් ජාතික පක්ෂය සමග මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට, ආරක්ෂාව සලසාදීමට, එසේම මහමග මියැදෙමින් තිබූ ජනමාධ්‍යවේදීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට, ජනතාව මුහුණදෙමින් තිබූ මෙම ශෝකාන්තයෙන් ගොඩගැනීමට එක්සත් ජාතික පක්ෂය තවදුරටත් සියළු ජාතීන්ට, සියළු ආගම්වලට ආරක්ෂාව සලසන පක්ෂයක් බවට පවත්වාගෙන යාමට, එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිලි වික්‍රමසිංහ මහතා දහසකුත් බාධක මැද ගත් තීන්දුවට රටේ ජනතාවගේ ප්‍රණාමය පුදදිය යුතුය. රටේ සීලාචාර ජනතාව යහපාලන කෙරෙහි බලාපොරොත්තු ඇතිකරගෙන ඇත්තේත්, ආර්ථික වර්ධනය පිළිබදව බලාපොරොත්තු ඇතිකරගෙන ඇත්තේත් රනිල් වික්‍රමසිංහ මහතා එදා කළ කැපකිරීම් නිසාය.

එදා දේශපාලනය තුල සිංහල ජාතියත්, බුද්ධාගමත් අපහරණය කළ ආකාරය කොතෙක්ද යත් පන්සිල් පද පහ කටපාඩමින් කිව නොහැකි රාජපක්ෂවරුන්ගේ සියලු අකටයුතුකම් සිංහල ජාතිය හා බුද්ධාගම නැමති පිරුවටයෙන් වසා මේ රටේ ඡන්දදායකයින් නොමග යැවීය. එහි බලපෑම අඩුවැඩි වශයෙන් ලැබූ එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරය තුල බුද්ධාගම හා සිංහල ජාතිය දේශපාලන උපකරණයක් ලෙස භාවිත කළ යුතු බවට විශාල උත්ඝෝෂණයක් පැවතුණි. පක්ෂ අභ්‍යන්තරයේ පැවති මෙම උණුසුම කෙතරම් උත්සන්න වූයේද යත් සිංහල බෞද්ධ, රෙදි බැනියම් අදින නායකයින්ට එක්සත් ජාතික පක්ෂයේ අධිපති මතය මෙහෙයවීමට අවස්ථාව දියයුතු බවට කැරලිකාර තත්ත්වයක්ද ඇතිවිය. නමුත් මේ සියළු කුණාටු මැද බුද්ධාගමත්, සිංහල ජාතිකත්වයත් පිළිබද හොද දැණුමක් හා හැගීමක් තිබූ දුරදක්නා නායකයෙකු වූ රනිල් වික්‍රමසිංහ ආගම හා ජාතිකත්වය දේශපාලන උපකරණයක් ලෙස භාවිත කරනවා වෙනුවට, එක්සත් ජාතික පක්ෂය සියළු ජාතීන්ට, සියළු ආගම්වලට අවස්ථාව ලබාදෙන එක්සත් ජාතික පක්ෂයක් ලෙසත්, එය රටේ ආර්ථික සංවර්ධනය හා යහපාලනය ඇතිකිරීම සදහා වූ දේශපාලන ව්‍යාපාරයක් ලෙසත් පවත්වාගෙන ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2015 ජනවාරි 08 වනදා වර්ථමාන රජය බිහිවිය. ඒ සදහා මේ රටේ සීලාචාර ජනතාව එක්සත් ජාතික පක්ෂය හා අත්වැල් බැදගෙන රාජපක්ෂවරුන්ගේ වනචර දශකය පරාජය කළේය. තවදුරටත් බුද්ධාගම හා සිංහල ජාතිකත්වය දේශපාලන උපකරණයක් නොවන අතර ඒවා සමාජ සංස්ථා ලෙස ආරක්ෂාවෙමින් කටයුතු කරමින් සිටී.

*ලේඛකයා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    1

    චැක්! කියන්න තිබ්බේ “රනිල්ට එරෙහි ජාතිකවාදීන්ගේ අවසන් නොවෙන අරගලය” කියලා.
    .
    “ආණ්ඩුව ගිනියම් කළ” හෙවත් “ත්‍රස්ත කළ” කාරණා දෙක කිව්වේ කුප්‍රකට සොල්දාදුවෙක්, සහ, සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් නෙමෙයි.
    .
    එක්කෙනෙක් එල්ටීටී ත්‍රස්තවාදීන්ට එරෙහිව රට වෙනුවෙන් ජීවිත පූජාවෙන් සටන් කරපු, රටේම ආදරයට ලක්වුනු, අභීත මේජර් ජනරාල්වරයෙක් සහ වන්නි ආරක්ෂක මූලස්ථානයේ හිටපු අණදෙන නිලධාරියා. අනිත් මන්ත්‍රීවරයා අවුරුදු 28-29ක් තිස්සේ ඒකීය රටක් වෙනුවෙන් ජීවිතය පරදුවට තියල සටන් කරන, රට අභියෝග වලට මුහුණ දුන්නු හැම අවස්ථාවකම, රට වෙනුවෙන් අභීතව ඉදිරිපත් වෙලා මුළු රටටම නායකත්වයක් දුන්නු, රටම ආදරය කරන දේශප්‍රේමී දේශපාලන නායකයෙක්.
    .
    දැන් රනිල් ගැන කියමුද? රනිල් කියන්නේ රට දෙකඩ කරලා උතුරු නැගෙනහිර වෙන් කරලා දෙනකම් නින්ද යන්නේ නැති, ජනාධිපතිවරණයේ වියදම් වෙනුවෙන් දෙමල ඩියස්පෝරාවෙන් මුදල් ගත්ත, උතුරේ දෙමල චන්ද ලක්ෂ5ක් වෙනුවෙන්, චන්ද පොරොන්දු වශයෙන්; අළුත් ව්‍යවස්ථාවකින් දෙමළ ඊළමට අවශ්‍ය නෛතික භාවය ලබා දීම, දරුණු ත්‍රස්තවාදීන් නිදහස් කිරීම, LTTE විරෝධී සටනට උර දුන්නු හමුදා නිලධාරීන් පෝරකයට යැවීම වැනි පාවාදීම් වලට එකඟ වූ ජාතිද්‍රෝහියෙක්.
    .
    ඔබ වගේ ලේඛකයන් කරන්න ඕනේ රනිල් යන වැරදි පාර අනුමත කරලා, ඔහු රටට කරන ද්‍රෝහිකම හරියි කියල ඇඟවෙන විදියට, තමන්ගේ හිතටත් විරුද්ධව බොරු ලියල, රනිල්ට තල්ලුවක් දෙන එක නෙමෙයි. රනිල් යන වැරදි පාරෙන් ඔහුව මුදවා ගෙන, අතීතයේ කරන්න උත්සාහ කල වැරදි දේවල් නැවත නොකරන විදියට, චන්ද පොරොන්දු වලට වඩා තමන්ගේ රට ජාතියට ආදරය කරන්න මඟ පෙන්වන විදියට, කරන වැරැද්ද ඔහුටම අවබෝධ වෙන විදියට, කරුණු පහදලා ලියන එක. ඔහොම ලියන නිසා තමයි රනිල්ට කවදාවත් හරි පාරට එන්න බැරි වෙලා තියෙන්නේ.
    .
    රනිල් වටේ ඉන්නේ මංගලයි/ඔබයි වගේ මිනිස්සු නිසා තමයි රනිල්ට හරි-වැරැද්ද අවබෝධ වෙන්නේ නැත්තේ. ඔතන මම හිටිය නම්, මම රනිල්ට කියනව තමන් උපන් රටට ද්‍රෝහී වෙන්න එපා කියල. තමන්ගෙ ජාතියට ද්‍රෝහී වෙන්න එපා කියල. එහෙම කරන එකෙන් අපේ හිත් වලට මොන තරම් වේදනාවක් ඇති වෙනවද කියල කියල දෙනවා. රට පාවල දෙන්න එපා කියල කියනව. හරියට කරුණු පහදලා දුන්නොත් 100%ක් විශ්වාසයි රනිල් ඔය ව්‍යවස්ථාව අකුලා ගන්නවා. සමහර විට, ඊට පස්සේ, අපි වගේම රටට හුඟක් ආදරේ වෙන්න වුනත් පුළුවන්.

    • 0
      0

      The high days of Pingutharaya Rajapakshe, he took dozens of his kith and kin where he entoured, But current president not to have taken less than 12 representatives while travelling to the Qutar should be HIHGLY commendable.

      See the change. Sky earth difference between Rajapakshe and Sirisana. Mr incumbent president thinks of saving every ct though ballige putha destroyed them in billions.
      ජනපති මෛත්‍රී කටාරයේ නිල සංචාරයක
      2017 ඔක්තෝබර් 25
      මෙය බෙදාගන්න Facebook මෙය බෙදාගන්න Twitter මෙය බෙදාගන්න Messenger මෙය බෙදාගන්න ඊමේල් යවන්න
      කටාරයේ පාලක ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානිගේ ආරාධනයක් මත දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අඟහරුවාදා (ඔක්තෝබර් 24) සවස දෝහා අගනුවරට ලඟා විය.
      බදාදා කටාරයේ විදේශ අමාත්‍යවරයා මුණ ගැසුණු ජනාධිපතිවරයා, ඉන් අනතුරුව ශ්‍රී ලංකා-කටාර් ව්‍යාපාරිකයන්ගේ සහ ආයෝජකයන්ගේ සමුළුවට සහභාගි විය.
      ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන් අනතුරුව දෝහා නුවර ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ පැවති පිළිගැනීමේ උත්සවයකට ද සහභාගි විය.
      ශ්‍රී ලංකා ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා කටාරයේ එමීර්වරයා, අගමැතිවරයා ඇතුළු නායකයන් මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
      රාජිත සේනාරත්න, ෆයිසර් මුස්තාෆා, රවුෆ් හකීම්, වසන්ත සේනානායක, අජිත් පී පෙරේරා ඇතුළු අමාත්‍යවරු පිරිසක් ද ජනාධිපතිවරයා සමග කටාරයේ නිල සංචාරයට එක් වී සිටිති.

  • 1
    0

    ඔබේ ලිපියේ හුඟක් වැරදි දේවල්, බොරු දේවල් ලියල තියෙනව. ඒවාට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න කාලේ නාස්ති කරනවද කියල පස්සේ හිතල බලනව.

    • 1
      0

      Champawathi, you would twist everything in favour of them. So nothing good or fair can come of your cesspits. Most that exercise your job behave so. Oldest profession of the world is for you people no to sensible ones.
      Ranil s CFA saved thosuands of lives of soldiers. There he should earn the respect if we respect Rajapakshes term to have worked on the termination of terror from the country. Latter was a collective act even if some media men together with Rajapkshe strategist pained it fooling th enation that way. However the bubble was blown so that every blatant lies would not stay that longer for ever.
      Champa, go to a mirror and get you made out please, it is high time you the like women or men or eunachs to stop supporting the most abusive bunch of the country.
      Wimal will have to face imprisonment sooner than later, however you as one who pleased by every means too have to face it accordingly.

  • 1
    0

    මේක ලියන්නේ ආපහු ගරුතර මහා සංඝරත්නයට.
    .
    ජනපති/අගමැති දෙන්නම මහනායක හාමුදුරුවන්ටත්, අනිකුත් හාමුදුරුවරුන්ටත්, ජනතාවටත් බොරු කිව්වා කියලා දැන් හොඳටම පැහැදිලියි. ව්‍යවස්ථාවක් හදලා නැහැ කිව්වා. මේවා යෝජනා විතරයි කිව්වා. හැබැයි දවස් තුනක් තිස්සේ විවාද කරන්නේ එහෙම එකක් නැහැයි කියලා කියපු බොරු ලියවිල්ල.
    .
    දවස් 3ක් කියන්නේ දිග කාලයක්, දවස් තුනක් තිස්සේ විවාද කරන්නේ නිකම් කොළ කෑල්ලක් නෙමෙයි කියන එක ඕනේ කෙනෙකුට තේරෙනව. මේ විවාදයට ගන්න යන්නේ සම්පූරණ කෙටුම්පතක්. විවාද කලට පස්සේ බොරුවට කියයි ඒ කෙටුම්පත සංශෝධනය කරනවා කියලා. හැබැයි අපි මතක තියා ගන්න ඕනේ සංශෝධිත කෙටුම්පත ආපහු දකින්න ලැබෙන්නේ නැහැ. විවාදයට පස්සේ චන්දයක් තිබ්බොත්, JO එක ඊට එරෙහිව චන්දෙ දෙයි කියල මට කිසි විශ්වාසයක් නැහැ, කලින් ඒවා දිහා බැලුවහම. JO එක චන්දෙ මඟ අරිනවා. ඊට පස්සේ රනිල් පනතට ආයේ චන්දෙකට යන්නේ නැහැ. කලින් කළා වගේ JO එකත් එක්ක කතා කරලා JO එක අයින් වෙයි, චන්දයක් නැතුව සම්මත කරගන්න පුළුවන් වෙන්න. මොකක් හරි මගඩියක් කරයි. JO එකත් උදව දෙයි, අඩු ගානේ වෙනද වගේ චන්දය තියන්න බැරි වෙන්න බොරු රණ්ඩුවක් හරි අරගනියි. පස්සේ දවසක එතකොට චන්දයක් නැතුවම පනත සම්මත වෙනවා, හරියට අර OMP පනත වගේ. ඒ කියන්නේ අපි ඉන්නේ අන්තිම අවස්ථාවේ කියන එක.

    අන්තිම අවස්ථාවක ඉන්න කොට අන්තිම නිවේදන දෙන්න වෙනව. පුළුවන් උපරිමයෙන් හාමුදුරුවරු මේක නවත්ත ගන්න ඕනේ. මොකොද අපිට මීට එහා අවස්ථාවක් නැහැ මේක නවත්ත ගන්න. මුළු රටටම වංචා කරලා කරන මේ ලියවිල්ල පාර්ලිමේන්තුවේ විවාද කරන්න කිසිම අයිතියක් ආණ්ඩුවට නැහැ. හුඟක්ම සැක සහිත මේ තියෙන පුදුම හදිස්සිය. තව අපිට දන්නේ නැති දේවලුත් මේක පිටිපැස්සේ තියෙන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම ඉවත් කරවන්න ඕනේ. ජනතා කැමැත්තක් නැතිව පරමාධිපත්‍ය බලයක් පවතින්න බැහැ.

    මේක ලියන්න හිතුවේ සමහරවිට සමහර අපේ හාමුදුරුවරු තවම පාර්ලිමේන්තුව ගැන විශ්වාස කරගෙන, 2/3 නොලැබෙයි කියල විශ්වාසේ තියාගෙන ඉන්නවා ඇති කියල හිතල.

    • 0
      1

      Champawathi,

      හාමුදුරුවරු හා හාමුදුරුවිදියට ඉන්න පට්ට පල් හොරු, ස්ත්රී දූශිතයො, හා අනිකුත් විවිධ මාදිලිවල හොරුගෙන් අවසරගත යුතුද මුලුරටවෙනුවෙන් විය්‍යවස්තානුකූලව වැඩකරන්නට සාකජ්ජා කරනකොට. මේව ගැන අර විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය වරු කියන විදියට කතිකාව පැවත්විය යුතුමයි. ලන්කාවට මේව නුහුරුයි, ඒ නිසාමයි ඒ ගැන විවාදයක් තිබිය යුත්තේ. හාමුදුරුවරු හා හාමුදුරුවිදියට ඉන්න පට්ට පල් හොරු, ස්ත්රී දූශිතයො, හා අනිකුත් විවිධ මාදිලිවල හොරුගෙන් අවසරගත යුතුද මුලුරටවෙනුවෙන් විය්‍යවස්තානුකූලව වැඩකරන්නට සාකජ්ජා කරනකොට. මේව ගැන අර විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය වරු කියන විදියට කතිකාව පැවත්විය යුතුමයි. ලන්කාවට මේව නුහුරුයි, ඒ නිසාමයි ඒ ගැන විවාදයක් තිබිය යුත්තේ. හාමුදුරුවරු හා හාමුදුරුවිදියට ඉන්න පට්ට පල් හොරු, ස්ත්රී දූශිතයො, හා අනිකුත් විවිධ මාදිලිවල හොරුගෙන් අවසරගත යුතුද මුලුරටවෙනුවෙන් විය්‍යවස්තානුකූලව වැඩකරන්නට සාකජ්ජා කරනකොට. මේව ගැන අර විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය වරු කියන විදියට කතිකාව පැවත්විය යුතුමයි. ලන්කාවට මේව නුහුරුයි, ඒ නිසාමයි ඒ ගැන විවාදයක් තිබිය යුත්තේ. හාමුදුරුවරු හා හාමුදුරුවිදියට ඉන්න පට්ට පල් හොරු, ස්ත්රී දූශිතයො, හා අනිකුත් විවිධ මාදිලිවල හොරුගෙන් අවසරගත යුතුද මුලුරටවෙනුවෙන් විය්‍යවස්තානුකූලව වැඩකරන්නට සාකජ්ජා කරනකොට. මේව ගැන අර විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය වරු කියන විදියට කතිකාව පැවත්විය යුතුමයි. ලන්කාවට මේව නුහුරුයි, ඒ නිසාමයි ඒ ගැන විවාදයක් තිබිය යුත්තේ.

      • 1
        0

        LEELAGEMALLI
        .
        අපේ රටේ ව්‍යවස්ථාව හදන්න ඕනේ අපි, අපේ උගත්තු, අපේ වියත්තු, අපේ ආචාර්ය, මහාචාර්ය හාමුදුරුවරු. එහෙම නැතුව NGO කාරයෝ, ඇමරිකන් කාරයෝ, UN එක, ද්විත්ව පුරවැසියන් නෙමෙයි.
        .
        1978 ව්‍යවස්ථාව හැදුවේ J. R. Jayewardene තනියම. පොඩි කාලේ අහලා තියෙනවා 1970 වේ පැරදුන දවසේ ඉඳන්, 1977 වෙනකම්, J. R. ව්‍යවස්ථාව හැදුවා කියලා අවුරුදු 7ක් තිස්සේ.
        .
        එහෙව් ව්‍යවස්ථාව වෙනුවෙට කොත්තු රොටි වගේ මාස කීපෙකින් හදපු ව්‍යවස්ථා කෙටුම්පතකට එකඟ වෙන්න නෙමෙයි සාකච්චා කරන්නවත් නැතුව වීසි කරන්න ඕනේ කුණු කූඩෙට.
        .
        NGO කාරයන්ගෙන් පඩි කන, ඩොලර් වලින් යැපෙන, UN එකෙන් පඩි ගෙවන, අවුරුද්දෙන් වැඩි කාලයක් පිටරට ජීවත් වෙන, ජාත්‍යන්තරයේ කොන්ත්‍රාත් වලට වැඩ කරන, සුද්දන්ගේ සපත්තු ලෙවකන, රටේ කිසි පිළිගැනීමක් නැති, එහෙන් මෙහෙන් අහුලා ගත්තු, උපතින්ම ෆෙඩරල් වාදීන් වුනු දෙතුන් දෙනෙක් හදන ව්‍යවස්ථා කෙටුම්පතක් ගැන සාකච්චා කරන්න සිංහල අපි බැඳිලා නැහැ.

  • 0
    0

    How Ever It Is ………….Now It Is Very Very Correct For All The World To Know That The Full Set -Up Of Yahapalanaya……………Has Been Bribed By The LTTE Dias-HORAS Set-Up To Invade This Country ………..When We See These Minority Servants Of The GOSL Like This Writers Behaviors……….BUT THE FINAL VERDICT WILL BE WITH CITIZENS……..All 225 Set would one day or the other should walk on the Streets Of Sri Lanka After their Kerum-Period………. where it is the Place they would meet the poor Citizens………….Let Them Decide On Their Destiny?

  • 0
    0

    රට වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ සොල්දාදුවෙක් ගුන්පියට කුප්‍රකට සොල්දාදුවෙකි

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.