25 April, 2024

Blog

බුද්ධාගම ව්‍යවස්ථාවෙන් හලන්නට කාලය පැමිණ ඇත​

තිසුරි වන්නිආරච්චි

තිසුරි වන්නිආරච්චි

විශ්වය කියන්නේ මහ පුදුම දෙයක්. අපි මේ ලෝකයට පැමිණෙන්න කලින් තිබුණු විශ්වය අපි මේ ලෝකෙන් යනකොටත් ඉන්ද්‍රකීලයක් මෙන් නොසැලී සිටි. අද ලෝකයේ ජීවත් වන මිනිසුන් විශ්වයේ දවසක, තප්පර දශමයක් පමණ වටි. මෙතරම් දැවැන්ත විශ්වය ඉදිරියේ පොළොවෙ පයගසා සිටින්න උදවු කරන්නට අපට ලැබුණු අනර්ග අත්පොතකි බුද්ධ ධර්මය​. මහ මුහුදක දිය බිඳුවක් තරම් විතර වටින අපේ ජීවිතවලට​​, ලෝකයටත්, අපිටත් බරක් නොවී ජීවත්වන්නේ කෙසේද​ කියා බුද්ධ ධර්මයෙන් කියාදෙයි. අප සැබෑ බෞද්ධයෝ නම්, ධර්මයේ කියා දෙන ආකාරයට පටු භෞතික තණ්හා අතහැර​, සසරෙන් එතරවෙන්න අවශ්‍ය මානසික සංයමය හිතේ ඇතිකරගත යුතුයි​. බෞද්ධ දේශයක් කියා හඳුන්වන ලංකාවෙ මෙතරම් වටින බුද්ධ ධර්මයෙන් ගත යුතු ප්‍රයෝජනය ගැනෙන්නෙ නැත. බුද්ධ ධර්මයට ලැබියයුතු අවධානය අද ලංකාවේ ලැබෙන්නෙ බුද්ධාගමටයි.

“බුද්ධාගම” බුද්ධ ධර්මයට හාත්පසින්ම වෙනස්.

ආගම භයානකයි

ආගම වනාහි අපට මනුෂ්‍යයින් ලෙස උප්පත්තියෙන් ලැබී ඇති, අපගේ ක්‍රියාවන්ට අප සතු වගකීමේ හා වගවීමේ හැකියාව පසෙකලා අදෘශ්‍යමාන​, අධිමානුෂික පාලන බලයකට යටත් නීතිරාමුවක​ අප ජීවිත පාලනය කිරීමට අවස්ථාව ලබාදීමයි.

මතුපිටින් බැලූ කල ආගමේ කියන්නට තරම් වැරැද්දක් නැත​. ජීවිතේ කටුකබව, අමිහිරිබව වගේම​, විටෙකදී දරාගත නොහැකිතරම් වන සුන්දර බව ද විඳදරාගැනීමට අවශ්‍ය සංයමය අප තුළ ඇතිකරගන්නට විවිධ මෙවලම් ලෝකය විසින් අපට ලබා දී ඇත​. කලාව​, ආදරය​, මත්පැන්, බලය​, මත්ද්‍රව්‍ය​, ක්‍රීඩාව​, සූදුව… මෙවලම් ලැයිස්තුවට නිමක් නැත​. ආගමත් ඒ මෙවලම් ලැයිස්තුවට අයත් වේ.

පදනම් කරගන්න දර්ශනය කොතරම් වෙනස්වුණත්, සියලු ආගම් භාවිතා කරන රාමුව බොහෝ දුරට එකමයි. “මාගේ දර්ශනය ලොව උතුම්ම දර්ශනයයි, මාගේ ශාස්තෲවරයා/ දෙවියා උතුම්ම ශාස්තෲවරයා ය/ දෙවියා ය​. මාගේ දර්ශනයේ අනුගාමිකයකු වීම ස්වර්ගයට යෑමට​/ නිවන් දැකීමට ඇති එකම මගයි. මාගේ ආගම පිළි නොපදින්නෝ පවුකාරයෝය​, ඔවුන්ට මාගේ ලෝකයෙ ඉඩ නැත​.”

ආගම් හැදෙන රාමුවත් ත්‍රස්තවාදී සංවිධාන පදනම් කරගන්න රාමුවත් අතර බියජනක සමානතා තිබේ. ත්‍රස්තවාදී සංවිධානයක් බිහිවීමට අවශ්‍ය සියලු සාධක​, ආගම තුළ දැකිය හැක​. ඇමරිකාවෙ වෙස්ට්බොරො බැප්ටිස් පල්ලිය පටන්, මැදපෙරදිග ISIS, ඊසානදිග මියන්මාරයේ විරතු හිමිගේ 969 දක්වා ලෝකය පුරා, ඉතා සූක්‍ෂම හා කාර්යක්ෂම ලෙස ආගම පදනම් කරගත් ත්‍රස්තවාදී ව්‍යාපාර සාදාගත හැකි වූයේ මේ සාධක නිසාය​.

ව්‍යවස්ථාවට ආගමක් කුමටද​?

බුද්ධාගමට තැනක් ව්‍යවස්ථාවේ ලබාදෙන්න ඕනේ කියන අයගේ මූලික තර්කය ලංකාවේ අනන්‍යතාවයට බුද්ධාගම අත්‍යාවශ්‍යයි කියන එක​.

මම සතුන්ට හිරිහැර කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ, කියන සුපිරි බොරු පහේ පදනම මතයි ලංකාවේ බුද්ධාගම හැදෙන්නේ. ඇත්තටම ලංකාවේ ඔය පන්සිල් පහම රකින මිනිස්සු සීයට පහක්වත් ඉන්නවද? මස්මාලු නැති කොට දානෙ වලඳන්නෙ නැති හාමුදුරුවො ඉන්න​, බොරුවෙන්ම ජීවත් වෙන දේශපාලනඥයො වැහි වැහැපු, සිල්ලර බඩු කඩේ ලාච්චුවෙ සිට​ මහ බැංකුව වෙනකම්ම හොරකම් සිද්ධ වෙන, පාසැල් ළමුන් කාලේ ඉඳන් පටන් ගන්න මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම පිරුණු රටක අනන්‍යතාවය තුළ​ ඇත්තටම බුද්ධාගමට ඉඩ තිබේද​?

මම එසේ කියන විට ඔබ පෙරළා අසන්නට පුලුවන්, මේ ප්‍රශ්න රටේ තියෙන නිසාම නේද ව්‍යවස්ථාවට ආගමක් අවශ්‍ය කියා. මෙය ජනප්‍රිය තර්කයක් වුණත්, මට ඒ තර්කයේ දුර්වලතා බොහොමයක් පෙනේ. එක: ආගමට ව්‍යවස්ථාවේ හිමිවෙන තැන රටක විනය ඇතිකරන්නට සාධක වෙනවා නම්,  මෙතරම් කාලයක් බුද්ධාගමට ප්‍රමුඛතාව දුන්න ව්‍යවස්ථාවක් තිබ්බ රටක් වංචාව​, දූෂණය​, මතට ඇබ්බැහීවීම අතින් මෙච්චර අගාදයකට වැටුනේ කෙසේද​? දෙක​, ආගමේ නාමයෙන් සිදුවන දූෂණය, හොරකම​, අනුගාමිකයින් දේශපාලන වාසීන් සඳහා හැසිරවීම, දේශපාලන හැලහැප්පීම් මේ ප්‍රශ්න තවත් උත්සන්න කරනවා නොවේද​? තුන: සංඝයාට සමාජයේ සියල්ලදත් පඬිවරයාගේ තත්ත්වය ලබාදීම තාත්විකද​? ගිහියන්ට හාත්පසින්ම වෙනස් දිවිපෙවෙතක් ගතකරනා භික්‍ෂු භික්‍ෂුණීන්ට​, ගිහි ජීවිතයේ අපි මූණදෙන සංකීර්ණතා ගැන දැනුමක් තිබේද​? පවුල් ජීවිතයේ, රැකියාවේ, සමාජයේ මුහුණ දෙන ඉතා බැරෑරුම් ප්‍රශ්නවලට ගිහි අපි, සංඝයාගෙන් පිළිතුරු ඔවදන් බලාපොරොත්තුවීම සාධාරණද​? 

බුද්ධාගම හුදෙක්, බුද්ධ ධර්මයේ පහනින් එළිය බලන හෙන්චයියෙකි. කෞතුකාගාරයක තිබිය යුතු නටබුනකි. මානව විද්‍යාව, ඉතිහාසය වැනි විෂයයන්හි ශාස්ත්‍රාලික විශ්ලේෂණය සඳහා ඇති වටිනාකමින් ඔබ්බට ගිය අවශ්‍යතාවක් අද සමාජයේ ආගමට නැත​.

බුද්ධාගමට රටේ ප්‍රමුඛත්වය දිය යුතුයි කියන බොහෝදෙනෙකු සොයන්නේ තමන්ගේ කියන්නට දෙයකි. ඔවුන් ආගම දකින්නේ පිලක් ලෙසය. තමන්ගේ කියා අනන්‍යතාවක් සාදාගැනීමට අපහසු වූ කලි, තමා සම්බන්ධකම් කියන සමාජ සංවිධානයකට තම සහය ප්‍රකාශ කරන ඔවුන් ඒ තුලින් මේ දැවැන්ත විශ්වය තුල ඔවුන්ට දැනෙන අනාරක්ෂිතබව යම්තාක් දුරට අඩු කරගනී. මේ තුලින ඔවුන් පන්තිවාදයක් ඇති කරගෙන, ඒ පන්ති අරගලයේ ඉහල මාලයේ පිලට ඔවුන්වම ඇතුල් කර ගනිති. මෙය සංස්කෘතිකවාදයේ ලක්ෂණයකි. සංස්කෘතිකවාදය විවිද මුහුණුවර ගනී. කුඩාකල තමා ඉගෙනගත් පාසලද මේ සංස්කෘතික පිල් බෙදීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙක් කර ගැනීමට නූතන සංස්කෘතිකවාදියා සමත් වී ඇත. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඇති විශමතා ප්‍රයෝජනයට ගනිමින් පන්ති භේදයක් ඇතිකර ගැනීම තම පුද්ගලික අනාරක්ෂිතබාවය වසා ගත හැකි මෙවලමක් බව ඔවුන් හදුනාගෙන ඇත. 

සංස්කෘතිය වනාහි සියලු මානුශික හා විද්‍යාත්මක තර්ක මියදෙන්නට යන ගැඹුරු ළිදකි. එම ළිදෙහි සිටින මැඩියාට ළිද වටා ඇති තාප්පය පණටත් වඩා වටී. ඒ තාප්පය මත වැවෙන පාසි, වල් පැලෑටි මැඩියාගෙ ලෝකයේ දෙවිවරුය. එම දෙවියන්හට රටේ ව්‍යවස්ථාවේ ප්‍රමුඛත්වය දියයුතුබව මැඩියාගේ විශ්වාසයයි. මැඩියාගේ පැත්තෙන් බැලූ විට එය සාධාරණ ඉල්ලීමකි.

ආගම ගැටලුසහගතයි

ව්‍යවස්ථාව වනාහි රටක් පාලනය කිරීමට අවශ්‍ය මූලධර්ම ඇතුළත් වූ ලේඛනයකි. රටක ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට භාවිතා කළ හැකි මූලික මෙවලම ද ව්‍යවස්ථාවයි.   

ප්‍රජාතන්ත්‍රවාදය සහ ආගම අතිනත යන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස “the seperation of church and state” නොහොත් ආගම සහ රාජ්‍යයේ වෙන්වී කටයුතු කිරීමේ අතිශය වැදගත්කම​ දේශපාලන විද්‍යාවේ කියාදෙන්නේ මේ නිසයි. ව්‍යවස්ථාවේ තෙවන පරිච්ඡේදයේ 12 වන වගන්තියේ සඳහන් වන සියලු ජාති, ආගම්වල සියලු පුරවැසියන් සතු සම අයිතීන් හා සම තැන,​ දෙවන පරිච්ඡේදයේ බුද්ධාගමට ප්‍රමුඛත්වය දීමෙන් ව්‍යවස්ථා වගන්ති අතර එකිනෙකට​ ​පරස්පරසහගත තත්ත්වයක් මතුකරයි.

සම අයිතීන් ගැන කතාකරන විට බුද්ධ ධර්මයේ නැති ලිංගවාදී, කුලවාදී සංකල්ප බොහොමයක් ලාංකීය බුද්ධාගමේ තිබේ. කොටින්ම කිවහොත් ඒකීය රාජ්‍යයක් ඉල්ලන ලාංකීය සංඝරත්නය පවා තදබල ලෙස බෙදීගිය​ කුල-පන්ති (නිකාය​) පද්ධතියක සිරවී කටයුතු කරති. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක ආගම රජයට ඇගිලි නොගසයි. දශක ගණනක් පුරා රැවුලත් සමග කැඳ බීපු අපහට දැන් තීරණයක් ගැනීමට කාලය පැමිණ ඇත​: වතිකානුවේ මෙන් පූජක පක්‍ෂයට රජය කරගෙනයාමට භාර දෙනවාද, නැතිනම්, අවංකවම ප්‍රජාතන්ත්‍රවාදී, ආගම් ජාති නොතකා සියලු මිනිසුන්හට සමතැන දෙන ව්‍යවස්ථාවකට යටත් නූතන දේශයක් තනනවාද බැවු තීරණය කල යුතුවේ.

ඥානසාරගෙන් මෛත්‍රිය ඉගෙන ගන්නට, සම්න්ත්‍රභද්‍රගෙන් අල්පෙච්චතාවය ඉගෙන ගන්නට තරම් අන්ද වූ අපේ බුද්ධාගම කෙරෙහි ඇති භක්තිය​, බුදුන් දෙසූ ධර්මයට අපහාසයකි. බුද්ධාගමට නව​ ව්‍යස්ථාවේ ප්‍රමුඛත්වය දුන්නහොත්, ආගම තවදුරටත් දේශපාලනීකරණය​ කෙරෙනු ඇත​.

බුද්ධාගමට නව​ ව්‍යවස්ථාවේ ඉඩක් දීම බුද්ධ ධර්මයට කල හැකි ලොකුම නිග්‍රහය යි.

*තිසුරි වන්නිආරච්චි ශ්‍රී ලංකාවේ ලාබාලතම රාජ්‍ය සම්මාන ලාභී ලේකිකාවයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    1

    “Buddhism the religion for people who don’t like religion. For a 2,500-year-old religion, Buddhism seems remarkably compatible with our scientifically oriented culture, which may explain its surging popularity here in America.

    Albert Einstein apparently called Buddhism the religion of the future and the reason it is so popular in the west is because it gives you the choice to either believe in God or not to. Also you do not have to believe in anything you don’t want to and have to focus on doing good work by following the 8 Fold Path. So the religion is more like a philosophy and a way of life and young people think that is very cool. Also Buddhism was never spread by violence like the Crusades and is very tolerant of all other religions. Plus many Hollywood movie stars are Buddhist and the Dalai Lama is the most popular religious figure on the world scene. Today in the west there are more Buddhists than Muslims and Hindus and it is the 3rd largest religion after Christianity and Judaism. Also many scholars believe that a lot of the NT is based on Buddhism and that Jesus studied Buddhism during what is referdd to as his “lost years” between the age of 12 and 30. Hence Buddhism is very compatible with Christians. Also many White people feel that their ancestors were actually closer to Buddhism than to Christianity and this feeling was also shared by Hitler of all people.

    This is not an attempt to convert anyone to Buddhism. There is no need for that. But those who think of themselves as spiritual but not religious can find a lot in Buddhism to help them on their personal path, however they define it.
    When I first encountered Buddhism, what struck me was its absolute integrity. I saw that it was not trying to manipulate me by telling me what I wanted to hear. It always tells the truth. Sometimes that truth is gentle, softening our hearts and bringing tears to our eyes. Sometimes it is tough, forcing us to face our problems and cutting through our comfortable illusions. But always it is skillful. Always it offers us what we need. We are free to take what we wish.”

  • 5
    1

    You are free to believe in anything you want. Nobody actually cares which one you choose, or whether you choose none. So the good news is that yes, in your own heart, you are free to believe whatever suits your spiritual needs.
    But however, if you live in an Islamic country , you cannot leave Islam without probably being put to death for “apostasy.”
    In Sri Lanka religion is not important, no one care about what’s written in constitution.
    Please don’t try to be drama queen. You need to learn more about Buddhism , culture and the Human Tendencies which help humans to survive and adapt in a particular time and environment. Then you will understand why people behaving differently in different situations.
    so you will be a happy woman.
    Be Good.

  • 3
    0

    Wonder whats next. The Bo leaves to be removed off our flag? The shrine rooms in our schools to be demolished?
    Buddhism is not the state religion of Sri Lanka, we are not a ‘Buddhist Republic’ unlike Islamic countries, hence the government is infact secular. Removing Buddhism from the constitution will make NO changes whatsoever. It won’t change official corruption, won’t change ministers trying to woo high ranking Buddhist for their own gain. This is all fluff!
    I can’t think of a time when someone has used ‘Our constitution says Buddhism will be given the foremost place’ as a method to legally veto against something. Of course like in any country fractions in society will protest or favour something (eg teaching evolution in USA) but I as a Buddhist cannot attack a fellow muslim or Hindu using the constitution as an argument, which all boils down to the fact that unlike Islam which is a inherently a political system, Buddhism has none! Its all about self governance from an individual perspective. Islam has sharia which gets implemented in Islamic countries and punishments stated for those who break those laws, but I have never seen ‘laws’ in Buddhism.

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 3
    0

    පන්සිල් නොරැක්කත්, බුදු දහම අනුගමනය නොකළත්, බෞද්ධයකු ලෙස හඳුන්වනු ලැබීම ප්‍රමාණවත් කියා සිතන බහුකරයක් සිටීම, දහම් දිවයිනේ මෙතරම් අපරාධ සිදු වීමට එක් හේතුවකි.

    සිල් සමාදන් වීමේ දී වැරදි දෙයින් වැළකෙන බවට දෙන පොරොන්දු මෙන්ම, බෞද්ධ දේශපාලකයන් ජනතාවට දෙන පොරොන්දුත් (උදා: විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම) හිරිකිතයකින් තොරව කඩ කෙරෙන්නේ ද ඒ නිසාය.

    වගවීමක් හා වගකීමක් නැති පාලකයන් සිටින රටක් දිනෙන් දින පිරිහීම වැළැක්විය නොහැකියි.

    නිශ්චිත දේශ සීමාවක් සහිත භූමියක් මිස කිසිදු රටකට අාගමක් අැතැ යි සිතීම හාස්‍යජනකයි. මන්දයත් එම භූමියේ ජනතාවටයි අාගමක් (හෝ අාගම්) දහමක් තියෙන්නේ. ඒකත් ඒ ජනතාව අාගමානුකූල ව ජීවත් වෙනවා නම් විතරයි. ඒ නිසා ලෝකයෙන්ම ඒක පුද්ගල මත්පැන් පාරිභෝජනය වැඩිම රටක් වන ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව කිසිසේත් බෞද්ධයන් වෙන්න විදියක් නෑ. පන්සිල් නොරකින තැන බෞද්ධකමක් කොයින්ද?

    යෝජිත ව්‍යවස්ථාව දශ රාජ ධර්මයට අනුකූල විය යුතුය යි යමෙකු කියනවා නම්, මමත් ඊට එකඟයි. එවිට නම් ශ්‍රී ලංකාව බෞද්ධයන්ගේ රටක් ලෙස හැඳින්වීම බොහෝ දුරට නිවැරදි වෙනවා.

    ජාතකට්ඨකථා පාලියේ දැක්වෙන අාකාරයට දශ රාජ ධර්මය තුළ
    මධ්‍යස්ථ බව (සියල්ලන්ට සමාන ලෙස සැලකීම)
    හා අවිරෝධය (සියල්ලන් සමඟ සමාදානයෙන් සිටීම)
    අන්තර්ගතයි.

    ඒ අනුව කිසිදු ජනවර්ගයකට, කුලයකට හෝ අාගමකට වෙසෙස් සැලකිලි හිමි නොවන්නේය යන්න බුද්ධ භාෂිතයට ද අනුකූලයි.

  • 4
    0

    නගරසොබනියක් මරා බුදුහිමි වැඩසිටි ආරාමයේ වත්තේ වැලලු බමුණන් ඒ මළමිනිය යලි ගොඩගෙන බුදුහිමියන්ට අපහාස කරන්න පටන් ගත්තා .ප්‍රදේශයේ මිනිසුන් ආනන්ද හිමියන්පිඩුසිගා වඩිද්දී බැන්නා පන්සලට ගල් ගැහුවා
    ආනන්ද හිමියන් බුදුහිමියන් අමතා
    බුදුරජානන් වහන්ස අපි මේ ප්‍රදේශය අතහැර වෙන පළාතකට යමු
    බුදුහිමි ආනන්දය ඒ ප්‍රදේශයේ මිනිසුනුත් එලෙස ක්රියාකලොත් ?
    ආනන්දය අපි මිනිසුන්ගේ බොරු චෝදනා ගැන කරදර නොවෙමු සත්‍ය පසුව හෙළිවේවි
    මේකනේ වැඩේ.
    ලංකාවේ මිනිසුන්ට තියෙන “මම පොර “කියන මානසික තත්වය, සමාජයේ ඉන්න අය වැරදියි මම තමයි ප්‍රබුද්ද කියල පෙන්නන්න ඔය රෝගය හැදුනු එකාට ඕනා බුදුන්වහන්සේටත් වඩා මම දන්නවා මමයි හරි කියල පෙන්නන්න. අපිට කියනවා ඕගොල්ලෝ මොනවද දන්නේ ඕගොල්ලෝ ඉන්නේ අතරමන් වෙලා මෙන්න සුපිරිසිදු ධර්මය කියල.
    මේ වගේ පොස්ට්, කීබෝඩ් වීරයින් ත්‍රිපිටකය තේරුම් ගෙන නැති බව නම් මට කිව හැක. කියවා තිබිය හැක. එහෙත් තේරුම් ගෙන නැත. ඔවුන්ගේ ඇති ඉහවහා ගිය ප්‍රඥාවත් සමග දැන් මම තර්ක නොකරමි. පෙර නම්, මමද නිදි වරාගෙන ඔවුන්ට සත්‍යය කියා දීමට උත්සාහ කලෙමි. හරකෙක්ට Java ඉගැන්වීම ඊට වඩා ප්‍රථිපල සහගත බව මම දැන් දනිමි!
    පිටිදූවේ හාමුදුරුවෝ දහම් තර්ක අතරින් අනිත් අයට වඩා බුදු දහමේ මූලික සිද්ධාන්තයන්ට සමීපව ඉන්නව. රහත් වෙලා කියා ගන්නා අනිත් අයට සාපේක්‍ෂ්ව තර්කය අතින් ඉදිරියෙන් ඉන්නව. ඉතින් කරන්න දෙයක් නෑ. බනින්න විදියක් නෑ.
    එසේ නොමැතිව මා උන් වහන්සේ සරණ ගොස් නැත.

  • 3
    0

    Disrespecting other beliefs gives the impression that those individuals are more secure in their beliefs than they really are. Because religions have different beliefs, and if someone else’s religious belief is right (Jesus is God, for example), your religion is wrong. If your religion is right, than you are just trying to “help” others see the error in their beliefs. The only problem is no one knows who’s right and who’s wrong, and the people you are trying to “”help” feel just as right about their religion as you do about yours. You wouldn’t let them talk you out of your beliefs… what makes you think you’ll talk them out of theirs? Oh, right… God is on your side, I forgot:). honestly, if I had to guess based on the majority of people following religions, I’d say the buddhists Are the big winners.

    When people use their beliefs to malign, belittle, judge, harm and even kill, it is very hard to respect those beliefs. And the biggest culprits are the big three Abrahamic faith of Judaism, Christianity, and Islam. Homosexuals are told they will burn in hell, women are to be subservient to men, and people holding other religious belief or atheism are reviled, abused or outright killed. So there is often a message of love or peace from these religions, but the reality in practice is often much different.
    The most abhorrent is when violence is condoned in the name of religion as if God (if God exists) would look to the actions as being justified. Because if violence is indeed a justifiable “means to an end” then what does that say about your God or more importantly, your religion?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.