26 April, 2024

Blog

විමල්ගේ රෝඩ් ටු යු.ඇන්.පී

තුෂාර වන්නිආරච්චි

තුෂාර වන්නිආරච්චි

ග්‍රීක දේව කතා වල මෙන් විමල් වීරවංශට උපත් දෙකක් තිබේ. එකක් 1965 වන අතර, අනෙක 1971 දීය. මේ පිළිබද ශ්‍රී ලංකා අධිකරණයේ නඩුවක් විභාග වන බැවින් ඒ පිළිබදව සාකච්ඡා කිරීම ශීලාචාර නැත. ශ්‍රී ලංකාවේ සමාජය මෙතරම් අශීලාචාර වීමට විමල් වීරවංශගෙන් සිදුවු දායකත්වය අසමසමය. ශ්‍රී ලංකාවේ සමාජයේ ජනතාවට ආගමික සිද්ධස්ථානයන්ගෙන් සිදුවන අතවරයම විමල් වීරවංශලාගේ බලපෑමෙන් ලංකාවේ සමාජයට සිදුවු හානිය පෙන්වාදීමට හොදම උදාහරණයයි. අද ශ්‍රී ලංකාවේ පන්සල්, පල්ලි ආශ්‍රිත දේපළවල මිල ඉතාම සීඝ්‍රයෙන් පහළ බැස තිබේ. ඒ කිසිදු ශීලාචාර, සාමකාමී මනුෂ්‍යයෙකුට නිදහසේ, නිරවුල්ව, නිස්කලංකව ආගමික මධ්‍යස්ථානයක් ආසන්නයේ ජීවත් වීමට නොහැකි බැවිනි. පාන්දර 4. 30 ට පන්සල් වලින් නිකුත් වන ලවුඩ්ස්පීකර් බණ, කවි හා දේශනා මිනිසුන් රැකියාවට ගිය පසු අවසන් වන අතර නැවත ඔවුන් රැකියාව අවසන් වී ගෙදර එනවිට එම බණ, කවි හා දේශනා නැවත ආරම්භ වේ. කාර්යාලයේ දහසකුත් දුක්, දෝමනස්නයන් හා පීඩාවන් මැද කල් ගෙවා නිවසට එන මිනිසුන්ට පන්සලේ කන්දොස්කිරියාව, කන්දොස්කිරියාවක්මය. එම ආගමික සිද්ධස්ථානයේ වාසය කරන හාමුදුරුවන්ගේ, පූජකයන්ගේ මොලේ තරමට හා දැනුමට අනුව නිකුත්වන එම ශබ්දයෙන් ලංකාවේ සිවිල් ජනයාගේ පෞද්ගලිකත්වය විශාල ලෙස හානියට පත්ව තිබේ. තම පවුලේ දරු දැරියන් සමග අදහස් හුවමාරු කරගැනීමට ඇති කාලය රූපවාහිනි නැරඹීමට හෝ වෙනත් විනෝද කාර්යයක යෙදීමට ඇති අවස්ථාව හෝ නිවස තුළ ලිංගික කටයුත්තක යෙදීමට ඇති අවස්ථාවද පන්සලේ, පල්ලියේ බණ වලින් විනාශ කරදමයි. පසුබිමින් පිරිත් සංඝායනා ඇසෙද්දී තම පෙම් හිත හදාගෙන ශ්‍රී ලාංකිකයෙකු ඇඳ​ට ගොඩවන්නේ කෙසේද?

මෙම සමාජ අතවරයට විරුද්ධව නැගි සිටීමට ජනතාවට අයිතියක් නැත්තේ විමල් වීරවංශලා විසින් ගොඩනගන ලද වැරදි සමාජ ආකෘතිය නිසාය. නමුත් විමල් වීරවංශලාගේ ජීවිතය මීට එහා ගිය කාමසුඛල්ලිකානු යෝගයට බර, විහිලුවටවත් ආගමක් දහමක් නොඅදහන ජීවිතයකි. ඔවුන් වැරදි ක්‍රමවේදයන් ගොඩනගනු ලැබුවේම බලය පවත්වාගැනීමටය. විමල් වීරවංශ යනු මේ මොහොතේ, මේ රටේ නොම්බර එකේ ධනපතියෙකි. ඔහුට අතිවිශාල ධනයක් තිබේ. හොදින් කන බොන, රමණය කරන ජීවිතයක් තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස්දෙනෙකුගෙන් යුතු දේශපාලන පක්ෂයක නායකයෙකි. නරියෙකු මෙන් කපටි චින්තනයක්ද, උගුඩුවෙකු මෙන් පෙරේත කමක්ද, බල්ලෙකුගේ මෙන් හඩකින් යුත් කටක්ද තිබේ. ඉතින් විමල් වීරවංශ (ධනිය ගෝපාල, පරාක්‍රම කොඩිතුවක්කු කිව්වාක් මෙන් ) කුරිරු ධනවාදියෙකි. ඔබේ ගමන එක්සත් ජාතික පක්ෂයට වැටි ඇති මාවතේ ගමන් කරමින් සිටි. එක්සත් ජාතික පක්ෂය කුරිරු ධනවාදී ගති වලින් මිදී නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවට පත්ව තිබියදි අන්ත වාමාංශිකව පටන් ගෙන අන්ත දක්ෂිණාංශික බවට පත්වු විමල් වීරවංශ තම පැවැත්ම උදෙසා මැද මාවතේ ගමන් කරනු ලබන නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පක්ෂයේ නවතිනු ඇත. දැනටමත් එක්සත් ජාතික පක්ෂය සමග එම ගණුදෙනු ආරම්භ වී ඇතැයි කනින් කොනින් ඇසේ. රටේ ජාතික දේශපාලන ඉව ඇල්ලීමේදී චම්පික රණවක හා විමල් වීරවංශට සමකළ හැකි කිසිවෙකුත් නැත. එබැවින් චම්පික රණවකද සිටිනා එක්සත් ජාතික පක්ෂය විමල් වීරවංශ හිස් මුදුනින් පිළිගනු ඇත. විමල් වීරවංශ එක්සත් ජාතික පක්ෂයට එන ගමන ඉතාම සතුටින් ආරම්භ කොට දුෂ්කර ගමනක් ගෙවා දොරකඩටම පැමිණ තිබේ. දොර විවර වන්නේ කවදාද යන්න කාලය විසින් තීරණය කරනු ලබන ප්‍රපංචයකි.

එසේම ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අනෙක් ප්‍රමුඛ සිදුවීම වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොඉවසිලිමත් බවයි. ජනවාරි අට වනදා ජනවරම මෛත්‍රිපාල ජනාධිපතිතුමාට ලබා දෙනු ලැබුවේ එය පවත්වාගෙන යාමට නොව එය අවලංගු කිරීමටයි. ජනාධිපතිවරයා වටා මේ මොහොතේ සිටිනු ලබන සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් ජනවාරි අට වනදාට පෙර විධායක ජනාධිපති ධූරය පවත්වාගෙන යාම මෙන්ම අට වනදා පරාජය කරනු ලැබු බලවේගයට පක්ෂව සිටි අයයි. එම අය අද ජනාධිපතිවරයා සමග ජනවරම කොල්ල කෑමට උත්සහ කරමින් හෝ කොල්ල කමින් සිටියි. එය ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර තිබේ. ජනතාවගෙන් තොර දේශපාලන බලය සිහිනයක් බව බටහිර චින්තකයෙකු කියා තිබේ. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පිලේ මැති ඇමතිවරු සමග එම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙමින් සිටිනවාදැයි විටෙක මට සිතේ.

යහපාලන ආණ්ඩුවට ජනවරම ඇත්තේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, මාධ්‍ය නිදහස ඇති කිරීම හා ශීලාචාර සමාජයක් ගොඩනැගීමටයි. ජනවාරි අට වනදාට පෙර ගොඩනැගුණු එම දේශපාලන ව්‍යාපාරය මගින් මෙරට ජනතාව බලාපොරොත්තු වූයේ තවත් රාජපක්ෂ යුගයක් නොව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් හා කාඩරය සිතනුයේ රාජපක්ෂ වෙනුවට සිරිසේන ලේබලය යටතේ පැරණි අකටයුතුකම් තවදුරටත් පවත්වාගෙන යා හැකි යැයි යනුවෙනි. තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාඩමක් ඉගෙනගෙන නොමැත. ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර කීවාක් මෙන් ඔවුන් ගමනක අවසානයකට ළගා වී ඇත.

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ පාක්ෂිකයාගේ දැඩි විරෝධය මැද්දේ වුවද ජනවාරි අට වනදා ජනවරමට අනුව කටයුතු කිරීමට දැඩි උත්සාහයක නියැලෙමින් තිබේ. රැකියා දස ලක්ෂයක් බිහි කිරීම, මහා මාර්ග පද්ධතිය ගොඩනැගීම, හම්බන්තොට වරාය ජාතික ආර්ථිකයට එක් කර ගැනීම, බලශක්ති අර්බුදය විසදීම, ප්‍රවාහන කේෂ්ත්‍රය ප්‍රතිසංස්කරණය කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා අනෙකුත් සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට මූලිකත්ව දී තිබේ. මේ පැරණි වැඩවසම් ප්‍රතිගාමී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යුගය නොවේ. ඔවුන් මෙම නව තත්ත්වයට අනුගත නොවුනහොත් ගමනක අවසානය සිදුවනු ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.