30 May, 2023

Blog

බුද්ධාගම, සිංහල-බුද්ධාගම සහ රාජපක්ෂ බුද්ධාගම

තිසරණී ගුණසේකර

‘‘මුස්ලිම් මිනිස්සුන්ගේ ප‍්‍රශ්න ගැන කතා කරන්න සිවුර පාවිච්චි කරන්න එපා මිනිහෝ… මේ භික්ෂුත්වය කියන එක, මුස්ලිම් එවුන්ට දෙන්න පුලූවන් එකක් නෙවෙයි..’’ – ගලගොඩඅත්තේ ඥානසාර (බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ මුස්ලිම් පූජකවරුන් විසින් අපේ‍්‍රල් 9 වැනි දා කොළඹ නිපොන් හෝටලයේ පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකට කඩාවැදී එය කඩාකප්පල් කළ අවස්ථාවේ දී කළ ප‍්‍රකාශයක්).

ගරු රන්තිලිගම රත්නජෝති හිමියෝ ගිය මාසයේ අපවත් වුහ.

Muslimඔහු මියගිය අවස්ථාව, ජාතික ශෝක දිනයක් වශයෙන් ආණ්ඩුව ප‍්‍රකාශයට පත්කෙළේ නැත. රටේ ජනතාව ඒ ගැන ජාතියක් වශයෙන් හඬා වැළපුණේ ද නැත. මාධ්‍යට එම අපවත්වීම මහා ප‍්‍රවෘත්තියක් වුණේවත්, ඔහුගේ උරුමයට අයිතිය කීමේ තරගයක් සමාජයෙන් මතුවුණේවත් නැත. එවැනි අභිවාදන තිබෙන්නේ, අගතිය සහ විෂ මිශි‍්‍රත තමන්ගේම අධර්මයක් වැපිරූ ගංගොඩවිල සෝම වැනි භික්ෂූන් වහන්සේලා වෙනුවෙනි.

රත්නජෝති හිමියන් ගත්තේ ඊට ප‍්‍රතිවාද මාවතයි. උන්වහන්සේ නමක් හදා ගත්තේවත්, ජීවිකාව සඳහා වෛරය වැපිරුවේවත් නැත. ඒ වෙනුවට, වාර්ගික සහ ආගමික උමතුවකින් මඩ වෙමින් තිබූ දාමරික පරිසරයක, සුසංවාදී සහජීවනයක කෙම්බිමක් නිර්මාණය කිරීමට සිය කාලයත් ශ‍්‍රමයත් කැප කළෝය. සිය ශාස්තෘවරයාණන් සේ උන්වහන්සේ ද දේශනා කළ බව පෙනෙන්නේ, අවිහිංසාව සහ සියලූ සත්වයා කෙරෙහි වන කරුණාවයි.

ආචාර්ය රිෆායි විසින් උන්වහන්සේ ගැන ලියන ලද ගුණ කථනයක මෙසේ සඳහන් වෙයි: ‘‘උන්වහන්සේ, හෙම්මාතගම මුස්ලිම් සහ සිංහල මිත‍්‍රත්ව සංගමයේ නිර්මාතෘවරයෙකු වූහ. මුස්ලිම් සහ සිංහල මිනිසුන් අතර පැවති වෙනස්කම් සමනය කිරීමට වෙහෙස මහන්සි වී කටයුතු කරමින්, හැම විටකම සාමයෙන් සහ සමාදානයෙන් ජීවත් වන්නැ යි දේශනා කළහ. ප‍්‍රදේශයේ වෙසෙන මුස්ලිම් සහ සිංහල ජනතාව අතර ශක්තිමත් වාර්ගික සහ සමාජ සම්බන්ධතාවක් ගොඩනැගීම උන්වහන්සේගේ සිහිනය විය.. 2001 දී මාවනැල්ලේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම්වලින් පසු, මුස්ලිම් සහ සිංහල ජනතාව අතර සහජීවනය වෙනුවෙන් බෞද්ධයන් අතරේ වැඩ කිරීම උන්වහන්සේගේ මුඛ්‍ය කාර්යය විය.’’

රත්නජෝති හිමියන්ගේ අවමංගල්‍ය උත්සවය, උන්වහන්සේගේ ජීවිතය නිරූපණය කරන්නක් විය. එමඅභාවය ගැන දුක්වන බෞද්ධයන් අතරට එදා මුස්ලිම් බැතිමත්තු ද එක් වූහ. ආදාහන භූමිය වෙත දේහය ඔසවාගෙන ගියේ මුස්ලිම්වරුන් ය. ශෝකයට පත් පිරිසට දිවා ආහාරය සැපයුවේ හෙම්මාතගම මුස්ලිම් දේවස්ථානයෙනි.

‘උතුම් වූ සඟ රුවනක් සහ මුස්ලිම් ජනතාවගේ මිතුරෙකු හෙම්මාතගම මිනිසුන්ට අහිමිව ගොස් තිබේ.’ යැයි, හෙම්මාතගම බෞද්ධ-මුස්ලිම් මිත‍්‍ර සංගමයේ සාමාජික සහ කොටේගොඩ පාසලේ විදුහල්පති අසාර් මහතා කියා සිටී.

ගංගොඩවිල සෝම හිමියන් රුසියාවේ කර්කශ සීතලෙන් මියගිය අවස්ථාවේ, එම මරණය (එකල මෝස්තරය සේ පැවති, කිතුණුවන් සිදුකළ) මිනිස් ඝාතනයක් සේ සළකා උමතු පිරිස් හඬ තලද්දී, රටේ දේශපාලනික ප‍්‍රධාන ප‍්‍රවාහය, අවස්ථාවාදී ලෙස නිශ්ශබ්දව උන්නේය. ඊළඟට, එම සිදුවීම දඩමීමා කරගෙන ජාතික හෙළ උරුමය සිය අශෝභන දේශපාලනය කරලියට ගෙනෙද්දී, ප‍්‍රධාන ප‍්‍රවාහයේ දේශපාලන පක්ෂ, ඒ විසකුරු දේශපාලනයට එරෙහිව ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක් ගනු වෙනුවට, තමනුත් එයින් ප‍්‍රයෝජනයක් ගැනීමට පෙළගැසුණේය.

සිංහල-බෞද්ධ උමතුවට එරෙහිව කිසි විටෙක ලාංකීය දේශපාලනික සංස්ථාව කෙලින් සිටගෙන නැත.

ලංකාවේ දක්ෂිණාංශික මෙන්ම වාමාංශික සෑම දේශපාලන පක්ෂයක්මත් කළා සේ, රාජපක්ෂලා බලන්නේ සිංහල-බෞද්ධ පිස්සුව හුදෙක් උපාය මාර්ගිකව පාවිච්චියට ගැනීමට නොවේ. ඔවුන්ගේ අභිප‍්‍රාය වන්නේ, සිංහල-බුද්ධාගමේ වඩාත් අන්තවාදී සහ විසකුරු ප‍්‍රවණතාව සහ තමන්ගේ රාජකීය පවුල් ව්‍යාපෘතිය අතර එක්තරා ප‍්‍රත්‍යක්ෂ සහ ව්‍යුහාත්මක බැම්මක් ගොඩනගා ගැනීමයි. තමන්ට පමණක් ප‍්‍රයෝජනයක් ගත හැකි මට්ටමට ඔවුන් දැන් සිංහල-බුද්ධාගම පත්කරගෙන ඇතිවා පමණක් නොව, එම සිංහල-බුද්ධාගමට යම් රාජපක්ෂ රසකාරකයක් එක් කිරීමටත් සමත්ව සිටිති.

සෞදි රජ පවුල සහ බාගවිට, වඩාත් උමතු සහ වඩාත් ප‍්‍රාථමික මුස්ලිම් උප-නිකායක් වන මූලධර්මවාදී ‘වහබ්වාදය’ අතර තිබෙන අන්‍යොන්‍ය පෝෂණය, මීට හොඳින් ගැළපෙන සාදෘෂ්‍යයකි.

ශ‍්‍රී ලංකාවේ සෞදි පෙළපත

බුද්ධාගම, ‘පොතේ ආගමක්’ නොවේ. එහෙත් සිංහල-බුද්ධාගම එසේ ය. එහි ‘ශුද්ධ ග‍්‍රන්ථය’ වන්නේ මහාවංශයයි. බුදුන් වහන්සේගේ දහම, මේ මහාවංශය හරහා, ලංකාවේ රජවරුන්ගේ පාලනයේ ප‍්‍රබල අවියක් සේ ගත හැකි රණකාමී ඇදහිල්ලක් බවට බාල කෙරුණි. අනගාරික ධර්මපාල ඒ මහාවංශ බුද්ධාගම, නූතන සිංහල බුද්ධාගමක් බවට පෙරලූවේය. එය, ඥානාලෝකයේ සාරධර්ම ප‍්‍රතික්ෂේප කෙරෙන, අධිරාජ්‍ය-විරෝධය සුළු ජාතීන් කෙරෙහි වන වෛරයෙන් යුත් දේශමාමකත්වයකට පහත හෙලන, දේශපාලනික සහ සමාජයීය වශයෙන් ප‍්‍රතිගාමී, ඇදහිල්ලකි.

රාජපක්ෂ-බුද්ධාගම සනිටුහන් කරන්නේ, මේ අගාධ ගමන් පථයේ තවත් පහළම අඩියකි. අළුත් ඒකාබද්ධතාවක් ඉන් අපේක්ෂා කෙරේ. එනම්, බුදුන් වහන්සේ, බුද්ධාගම, සිංහලයා සහ රාජපක්ෂලා අතර ඒකාබද්ධතාවකි. මේ සංයෝජන-ලබ්ධියේ ප‍්‍රථම නිරූපණය, ‘රණවිරු රියල් ස්ටාර්’ නමින් හමුදාව වෙනුවෙන් පැවැත්වූ රියැලිටි සංදර්ශනයක දී ඉදිරිපත් කෙරුණි. දැඩි නර්තන රචනයකින් යුත් එම උත්සවය ඇමතූ, රාජපක්ෂ කථකයෙකු බවට අද පත්ව සිටින ජැක්සන් ඇන්තනි, ජනාධිපති සහ වෙනත් රාජපක්ෂලා ඉදිරියේ, පාලක පවුලේ අළුත් වංශාවලියක් කියා දුන්නේය. ඉතා නිර්මාණාත්මක එම පෙළපත් අටුවාවට අනුව, රාජපක්ෂලා යනු, දුටුගැමුණු රජ පෙළපතින් සෘජුව පැවත එන, බුදුන් වහන්සේගේ පිය රජුන් වන සුද්ධෝදන රජ පවුලට නෑකම් කියන පිරිසකි.

‘‘දුටුගැමුණු රජ්ජුරුවන්ගෙන් වර්තමාන ජනාධිපතිතුමාට පණිවිඩයක් රැුගෙන එන දසමහා යෝධයෝ අපි අද දැක්කා. කාරණා දෙකක් නිසා ඒක ඉතා අර්ථවත් කියලා මට හිතෙනවා. වර්තමාන රාජ්‍ය නායකයෙකුට ලියුමක් එවන්න ගැමුණු කුමාරයාට ඕනේ වුණොත්, පශ්චාත්-නිදහස් ලංකාවේ ඊට වඩාත් ගැළපෙන පුද්ගලයා වෙන්නේ, වර්තමාන සේනාධිනායකයා. දෙවැනුව, අනාගතය වෙනුවෙන් නිදහස ආරක්ෂා කරන ලෙස ඉල්ලමින් එවැනි සුභපැතුමක් වර්තමාන ජනාධිපතිවරයාට එවන්න, පෙළපත් අයිතියකුත් ගැමුණු කුමාරයාට තියෙනවා… මේ රට පාලනය කරපු රජවරු 219 දෙනාගෙන් ඒකීය රාජ්‍යයක් ඇති කරන්න යුද්ධ කළේ රජවරු 6 දෙනෙක් විතරයි. ඒ තමයි, ගැමුණු රජ්ජුරුවෝ, වළගම්බා රජ්ජුරුවෝ, ධාතුසේන රජ්ජුරුවෝ, මහා විජයබා රජ්ජුරුවෝ සහ හයවැනි පරාක‍්‍රමබාහු රජ්ජුරුවෝ. පරාක‍්‍රමබාහු රජ්ජුරුවන්ගෙන් පස්සේ ලංකාව එක්සත් කළ එකම වීරයා වෙන්නේ අතිගරු මහින්ද රාජපක්ෂයි. (මෙහි දී, මහා බි‍්‍රතාන්‍යයේ 3 වැනි ජෝර්ජ් රජතුමා සහ බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ගැන ඇන්තනි මහතා සඳහන් නොකිරීම පුදුමයක් නොවේ)… ගැමුණු කුමාරයා මේ රටේ රජකම තමන්ට හිමිවිය යුතුයි කියලා මාමා කෙනෙක් එක්ක තර්ක කළේ, ඔහු සුද්ධෝදන පවුලෙන් පැවත එන්නෙක් වුණ නිසා. සුද්ධෝදනගේ සහෝදරයා අමිතෝදන. අමිතෝදනගේ පුතා පණ්ඩුශාක්‍ය. ඔහුගේ දුව, භද්‍රකච්චායනා. පඬුවස්දෙව් රජ්ජුරුවොත් එක්ක විවාහ වෙන්න ඈ ලංකාවට ආවා. ඇගේ දුව, උන්මාද චිත‍්‍රා. උන්දාම චිත‍්‍රාගේ පුතා, පණ්ඩුකාභය. ඔහුගේ පුතා, මුටසිව. ඔහුගේ පුතා දේවානම්පියතිස්ස. ඔහුගේ සහෝදරයා, මහානාග. ඔහු රුහුණට පළා ගිහින්, මාගම්පත්තුව ගොඩනැගුවා. ඔහුගේ සහෝදරයා යටලතිස්ස. යටලතිස්සගේ සහෝදරයා ගෝඨාභය. ගෝඨාභයගේ පුතා කාවන්තිස්ස. ඔහුගේ පුතා, ගැමුණු. මේ වංශාවලිය ගැමුණු ගෙනියනවා, ගිරුවාපත්තුවට. අද, ගිරුවාපත්තුවේ රාජපක්ෂට, දසමහා යෝධයන්ගේ මාර්ගයෙන් ගැමුණු කුමාරයාගෙන් පණිවිඩයක් ලැබුණා, අනාගතය සඳහා ඒකීය රටේ නිදහස ආරක්ෂා කරන්න කියලා.’’

මේ කපාපු ඉතිහාස කතාව ඇරිස්ටෝටලියානු තර්ක ශාස්ත‍්‍රයෙන් කිවහොත් මෙසේය:

‘‘ලංකාවේ සැබෑ පාලකයන් වන්නේ, සුද්ධෝදන රජ පවුලෙන් පැවත එන්නන් ය. රාජපක්ෂලා සුද්ධෝදන පවුලෙන් පැවත එති. ඒ නිසා, රාජපක්ෂලා ලංකාවේ සැබෑ පාලකයෝ වෙති.’’

ඔලමොට්ටල කම ඉදිරියේ, සිහිකල්පනාව සහ බුද්ධිය අන්දමන්ද වෙයි. ඇන්තනි මහතාගේ ඉතිහාසය නොම්මර එකේ විකාරයකි. මහාවංශයට පවා එම කතාව පටහැනි ය. (ගැමුණු කුමාරයා පළා ගියේ මලය රටට (කඳුකරයට) මිස ගිරුවාපත්තුවට නොවේ. ගිරුවාපත්තුවක් ගැන කිසි සඳහනක් මහාවංශයේ නැත. තව ද, තමා සුද්ධෝදන පෙළපතින් පැවත එන්නේ යැයි ගැමුණු කුමරා කිසි විටෙක කියා නැත. ලංකාවේ රජකම අයත් වන්නේ එම පෙළපතට යැයි ඔහු කී බවක් ඉතිහාසයේ සඳහන් වන්නේ ද නැත). එසේ වෙතත්, හුදු නන්දෙඩවිල්ලක් වශයෙන් මේ කතාව බැහැර කළ යුතු ද නැත. මන්ද යත්, ඒ නන්දෙඩවිල්ල එන්නේ රාජපක්ෂ පවුලේ ප‍්‍රමුඛ කථිකයෙකුගෙන් වන බැවිනි.

මහාවංශයේ කියැවෙන ප‍්‍රධාන ශික්ෂා තුනකි: අභිෂේක දිවයින, තෝරා ගත් ජාතිය සහ නිර්-පාපී යුද්ධය. රාජපක්ෂ කථකයන් දැන් තතනන්නේ එයට රාජ පෙළපතකුත් එක් කිරීමට ය. 1815 වන තෙක්, ලංකාවේ රජකමට අත්‍යාවශ්‍ය පුර්ව කොන්දේසි වුණේ, රාජකීයත්වය සහ බුද්ධාගමයි. ඉන්දියාවේ කාලිංග පෙළපතේ අනුප‍්‍රාප්තිකයෙකු වූ නිශ්ශංකමල්ල අනුරාධපුරේත්, (උපසම්පදාව ලංකාවේ යළි ස්ථාපිත කළ කීර්ති ශ‍්‍රී රාජසිංහ ඇතුළු) ඉන්දියාවේ නායක්කර් වංශිකයන් 1739 සිට නුවර රාජධානියත් පාලනය කෙළේ එබැවිනි.

සුද්ධෝදන රජ පවුල සමග වන නෑකමක් කිසි විටෙක ලංකාවේ රාජත්වය සඳහා කොන්දේසියක් වී නැත. දැන් රාජපක්ෂ පවුල සුද්ධෝදනට ගැටගසන්නේ, සදාතන රාජපක්ෂ පාලනයක් සුජාත කර ගැනීම සඳහා බුදුන් වහන්සේවත් පාවිච්චි කිරීමට ය.

බොදුබල සේනා ඇතුළු අනෙකුත් එවැනි ව්‍යාපාර සමාන වන්නේ ඇතැම් ඉස්ලාම් ආගමික රටවල ඇති ඉස්ලාම් පොලීසියටයි. ලංකාවේ දී එය බෞද්ධ පොලීසියක් වන්නේ, රාජපක්ෂලාගේ බුද්ධාගමට අනුව ය. නිපොන් හෝටලයේ ඇති වු සිද්ධියෙන් පෙන්නුම් කරන පරිදි, ඔවුන්ගේ ප‍්‍රහාරයන්ට ලක්වන්නේ සුළුතර ප‍්‍රජාවන් පමණක් නොව, රාජපක්ෂ-බුද්ධාගම ප‍්‍රතික්ෂේප කරන බෞද්ධයෝ ද ඒවාට ලක්වෙති. සුළුජාතීන්ට දඬුවම් කෙරෙන්නේ ද්‍රෝහී වීම සම්බන්ධයෙනි. බෞද්ධයෝ, එම ද්‍රෝහිත්වයට අමතරව, මිථ්‍යා ලබ්ධිය ගැනත්, මොවුන් ඉදිරියේ වැරදිකරුවෝ වෙත්.

රාජපක්ෂලා විසින් නිර්මාණය කෙරෙමින් තිබෙන මේ ඇනකොටා ගන්නා අනාගතය, තවමත් වැළැක්විය නොහැකි ඉරණමක් නොවේ. ගරු රත්නජෝති හිමියන්ගේ ජීවිතයෙන් සහ මරණයෙන් පෙන්වා දුන් පරිදි, අනාගතයේ නිර්මාණය කරගත හැකි තවත් ශ‍්‍රී ලංකාවක් තිබේ. එය, සටන් කොට දිනා ගැනීමට තරම් වන අනාගතයකි.

*2014 අපේ‍්‍රල් 10 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Buddhism, Sinhala-Buddhism And Rajapaksa-Buddhism නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    1

    බොදු බල සෙනාව අප නොදන්නා කාට හෝ කඩේ යන බව වෙටහේ . මට සිතෙන්නෙ විදෙශ අරමුදල් මත යෙපෙමින් නිර්මල බුදු දහමෙ නාමයෙන් බුදු දහම විනාශ කිරිමට සහ බෞද්ද්යන් ජාති වාදින් කොටසක් පිටස්තර ලොකයට පෙන්විමට බොදු බල සෙනව නායක ගලෙබොඩ ඝානසර චිවරදාරියා කටයුතු කරනා බව පෙනේ , බෞද්දාගම නොදත් උපතින් පමනක් බෞද්දයන් වු ජාති වාදි පිරිසක් මුලාවි මොහු පස පස සිටිති , අවම වශයෙන් බුදු දහමෙ සත්ය සතර වත්නොදන්න ගරු නොකරන මෙම චිවරදාරිය මිනිසුන් අමතන්නෙ සතුන්ගෙ නම් වලින් හො නපුන්සකයා කියා , සමහර වෙලවට මිනිසුන්ට ගසනට පනින්නව , මෙතකදි මම දෙක්ක යු ටුබ් එකෙ තියෙනව මෙම ස්=සිවුරු දගත් ගලෙබොඩ ඝානසාර තවත් හිමි නමකට ඊ පෑඩ් එකෙන් ගසන්ට සෙරසෙන හෙටි , හෙතුව මුස්ලිම් මිනිසුන් සමග සාමය සන්හින්දියව ගෙන සාකච්චාවක් කරන්න ලේස්ති විම

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 0
    0

    කුරාණය සදාචාරවත්ද? – (මිත්‍යාවක විද්‍යාව)

    අප විස්වාස කරන ආකාරය ආගම් යනු පවත්නා සමාජ, සංස්කෘතික, ආර්ථික සහ දේශපාලන තත්වයන්ට සාපේක්ෂව සමාජයක දෛනික කටයුතු සාපේක්ෂ සාර්ථකත්වයකින් යුතුව පවත්වාගෙන යාම සඳහා නිර්මානය වන ආයතන වේ. නමුත් කාලයත් සමග ඉහත තත්වයන් වෙනස්වෙයි. එවිට ආගමික මතවාදයන්ගේද ස්වරූපය වෙනස්වීම අනිවාර්යකි. නමුත් එසේ නොවී දැඩි අන්තවාදී ස්වරූපයකින් මිනිසාගේ සැබෑ නිදහස සීමාකරන ආගමික විකෘතින් හෙලිදරව්කිරීම මෙම ලිපිපෙලෙහි අරමුණයි.

    වකුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.http://www.quran.com/8/12

    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. http://quran.com/9/5

    කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.http://quran.com/3/151

    කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න.http://quran.com/8/60
    ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).

    කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න. http://quran.com/2/191

    කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න. http://quran.com/2/193

    කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන.http://quran.com/2/216

    කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත. http://quran.com/3/28

    කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය. http://quran.com/4/84

    කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය.http://quran.com/4/141

    කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය. http://quran.com/5/33

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.http://quran.com/8/12

    කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්‍යවශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි. http://quran.com/8/15 http://quran.com/8/16

    කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය. http://quran.com/8/17

    කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්‍රස්ත කිරීම සඳහාද, එ‍මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා ‍දෙවියන් දන්නා තවත් අය ත්‍රස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න.http://quran.com/8/60

    කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20 ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත. http://quran.com/8/65

    කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත. http://quran.com/9/14

    කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකියින් ලෙස නො ගනිවු. http://quran.com/9/23

    කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්‍ය වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්‍රිස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිzසා බද්ද ගෙවන තුරු සටන් කරනු. http://quran.com/9/29
    (ජිzසා : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්‍යයෙන් ගෙවිය යුතු බද්ද)

    කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත. ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත. http://quran.com/9/39

    කුරානය: 9.73. ඕ මුහම්මද් ! අවිස්වාශ කරන්නවුන් හා බොරුකාරයින් සමඟ ඉතා තදින් සටන් කරනු. එවුන් ඉදිරියේ නොසැලෙනු. ඔවුන් ගේ අවසානය අපායයි – සත්‍යවශයෙන්ම එය නරකාදියේ පිහිටකි. http://quran.com/9/73

    කුරානය: 9.111. අල්ලා දෙවියන්ගේ ආගම උදෙසා (ජිහාද්) සටන් කොට, අවිස්වාශවන්තයින් මරා තමන්ද මැරුම් කෑ අයගේ ජීවිතය හා දේපල අල්ලා දෙවියන් මිලදි ගත්තේය. අල්ලා දෙවියන් පොරොන්දුවූ ප්‍රකාර ඔවුන්ට ස්වර්ගය හිමිය. http://quran.com/9/111

    කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි. http://quran.com/9/123

    කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු. http://quran.com/22/9

    කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න. http://quran.com/47/4

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 1
    2

    විජය කුමරුගෙන් ආරම්භවන අතීතය ගැන කීමෙන්ද පලක් නැත.ජැක්සන්ලා කියන මනඃකල්පිත ඉතිහාස කතාවලින්ද අප කම්පාවියයුතු නැත .සිංහලයාට අමුතුවෙන් සහජීවනය පිලිබඳ කියාදීමට යත්නදරණ තිසරණි ගුණසේකර නම් බොළඳ ලදැරියට යමක් කියාදිය යුතුය.ඇය සඳහන්කරන ආකාරයට සිංහලයා හෝ බෞද්ධ භික්ෂුව මේ රටේ සත්‍ය කතා නොකලයුතුය .මන්ද ගංගොඩවිල සෝම හිමියන් සිංහල ජාතික අනන්‍යතාව හා බෞද්ධ දර්ශනයේ යතාර්ථය පැහැදිලි කිරීමත් ,අනෙකුත් සමාජ සංවිධාන මගින් සමාජ හා ජාතිවාදී ව්‍යසනයන් හෙළිදරව් කිරීමත් බරපතල වරදකි. ඇතිකෙරෙමින් පවතින අක්‍රමවත් ජනපදකරණයට හා අයිතිහාසික බෞද්ධ මෙන්ම පාරිසරික ලෙස වඩාත් වැදගත් ඉඩකඩම් මංකොල්ලයට හා රටෙහි පාරම්පරික ජනපද මුස්ලිම් කරණයට මෙන්ම සිංහලයා ඔවුනගේ ගම්බිම්වලින් පන්නා දැමීමට එරහි නොවිය යුතුය.
    බටහිර ජාතීන් විසින් අප බෙදෙන්නට සලස්වා නිදහස ප්‍රධානය කලද,මෙයින් දසක තුන හතරකට පෙරත් අප නොබෙදී
    සාමකාමීව සිටියෙමු.එහෙත් අසූව දශකයෙන් මෙපිට බලයටපත් සෑම ආණ්ඩුවකටම තම බලය තහවුරු කරගැනීමට මුස්ලිම් හා ද්‍රවිඩ ඡන්දවල පිහිට අත්‍යවශ්‍යවිය.එය ලබාගෙන මෝඩ පාලකයෝ වැසුනු දෙසවන් හා පියවුණු දෑස ඇතිව සිටියහ .මේ නිසා අවස්ථාවාදී ඇතැම් ජාතිවාදී මුස්ලිම් හා ද්‍රවිඩ දේශපාලකයෝ තම ඡන්ද මඩිය තරකරගැනීමට අහිංසක වැසියනගේ සිත්සතන්තුල ජාතිවාදයේ බිජු වැපිරුහ.
    මේනිසා ශ්‍රි ලාන්කික මුස්ලිමුන් පකිස්ථානය හා අරාබි රටවලටත් ,ද්‍රවිඩ ජාතිකයා දකුණු ඉන්දියාවත් තම මවු රටවල් සේ සිතා කටයුතු කිරීමට පෙලඹී ඇත.මෙය ශ්‍රී ලංකික අනන්‍යතාවට ප්‍රබල තර්ජනයකි.
    මෙය කෙසේ හෝ වැළක්විය යුතුය,පරාජය කල යුතුය.මුස්ලිම් හා ද්‍රවිඩ මුලාධාරමවාදී සංවිධාන බිහිවන්නේ විදේශීය සහයෝගය සහිතව මේ රට මුස්ලිම් රටක් හෝ ද්‍රවිඩ කොලනියක් කිරීමටය.අදාල විෂයට අවතීර්ණවීමේ යම් අඩුපාඩු තිබුනද “බොදුබල සෙනා සංවිධානය”හෝ අන්කුත් බෞද්ධ සංවිධාන මේ අවස්ථාවේ ක්‍රියාකාරීවී සිටින්නේ අනාදිමත් කාලයක් පටන් සුරැකී තිබුණු සමාජ සංහිඳියාව,තුළනය,ජාතික සමගිය ආරක්ෂා කරගැනීමට හා සිංහල ජාතියේ විනාශය වලකා ගැනීමටය. මන්ද සිංහලයාට වෙනත් කිසිඳු රටක අනන්‍යතාවක් නොමැති බැවිනි.තිසරණි ගුණසේකර මෙය තේරුම් ගනු ඇතැයි සිතමි.

  • 0
    1

    විජය කුමරුගෙන් ආරම්භවන අතීතය ගැන කීමෙන්ද පලක් නැත.ජැක්සන්ලා කියන මනඃකල්පිත ඉතිහාස කතාවලින්ද අප කම්පාවියයුතු නැත .සිංහලයාට අමුතුවෙන් සහජීවනය පිලිබඳ කියාදීමට යත්නදරණ තිසරණි ගුණසේකරට මේ පිළිබඳව යමක් කියාදිය යුතුය.ඇය සඳහන්කරන ආකාරයට සිංහලයා හෝ බෞද්ධ භික්ෂුව මේ රටේ සත්‍ය කතා නොකලයුතුය .මන්ද ගංගොඩවිල සෝම හිමියන් සිංහල ජාතික අනන්‍යතාව හා බෞද්ධ දර්ශනයේ යතාර්ථය පැහැදිලි කිරීමත් ,අනෙකුත් සමාජ සංවිධාන මගින් සමාජ හා ජාතිවාදී ව්‍යසනයන් හෙළිදරව් කිරීමත් බරපතල වරදකි. ඇතිකෙරෙමින් පවතින අක්‍රමවත් ජනපදකරණයට හා අයිතිහාසික බෞද්ධ මෙන්ම පාරිසරික ලෙස වඩාත් වැදගත් ඉඩකඩම් මංකොල්ලයට හා රටෙහි පාරම්පරික ජනපද මුස්ලිම් කරණයට මෙන්ම සිංහලයා ඔවුනගේ ගම්බිම්වලින් පන්නා දැමීමට එරහි නොවිය යුතුය.
    බටහිර ජාතීන් විසින් අප බෙදෙන්නට සලස්වා නිදහස ප්‍රධානය කලද,මෙයින් දසක තුන හතරකට පෙරත් අප නොබෙදී
    සාමකාමීව සිටියෙමු.එහෙත් අසූව දශකයෙන් මෙපිට බලයටපත් සෑම ආණ්ඩුවකටම තම බලය තහවුරු කරගැනීමට මුස්ලිම් හා ද්‍රවිඩ ඡන්දවල පිහිට අත්‍යවශ්‍යවිය.එය ලබාගෙන මෝඩ පාලකයෝ වැසුනු දෙසවන් හා පියවුණු දෑස ඇතිව සිටියහ .මේ නිසා අවස්ථාවාදී ඇතැම් ජාතිවාදී මුස්ලිම් හා ද්‍රවිඩ දේශපාලකයෝ තම ඡන්ද මඩිය තරකරගැනීමට අහිංසක වැසියනගේ සිත්සතන්තුල ජාතිවාදයේ බිජු වැපිරුහ.
    මේනිසා ශ්‍රි ලාන්කික මුස්ලිමුන් පකිස්ථානය හා අරාබි රටවලටත් ,ද්‍රවිඩ ජාතිකයා දකුණු ඉන්දියාවත් තම මවු රටවල් සේ සිතා කටයුතු කිරීමට පෙලඹී ඇත.මෙය ශ්‍රී ලංකික අනන්‍යතාවට ප්‍රබල තර්ජනයකි.
    මෙය කෙසේ හෝ වැළක්විය යුතුය,පරාජය කල යුතුය.මුස්ලිම් හා ද්‍රවිඩ මුලාධාරමවාදී සංවිධාන බිහිවන්නේ විදේශීය සහයෝගය සහිතව මේ රට මුස්ලිම් රටක් හෝ ද්‍රවිඩ කොලනියක් කිරීමටය.අදාල විෂයට අවතීර්ණවීමේ යම් අඩුපාඩු තිබුනද “බොදුබල සෙනා සංවිධානය”හෝ අන්කුත් බෞද්ධ සංවිධාන මේ අවස්ථාවේ ක්‍රියාකාරීවී සිටින්නේ අනාදිමත් කාලයක් පටන් සුරැකී තිබුණු සමාජ සංහිඳියාව,තුළනය,ජාතික සමගිය ආරක්ෂා කරගැනීමට හා සිංහල ජාතියේ විනාශය වලකා ගැනීමටය. මන්ද සිංහලයාට වෙනත් කිසිඳු රටක අනන්‍යතාවක් නොමැති බැවිනි.තිසරණි ගුණසේකර මෙය තේරුම් ගනු ඇතැයි සිතමි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.