23 April, 2024

Blog

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අතුණුබහන් ඉරා දැමීම

තිසරණී ගුණසේකර

‘‘පළිගැනීමේ නොව, සීමා නිර්ණයේ දෙවඟන නෙමෙසිස්, ඇස් අයා බලා සිටින්නීය. සීමා පරයන්නන්ට ඈ නිර්දය සේ දඩුවම් කරන්නීය’’ ඇල්බෙයා කැමූ (‘හෙලන්ගේ නික්ම යාම’)

රාජපක්ෂගේ උපාය පරිපාටිය පිළිබඳ එක් තියුණුතම විග‍්‍රහයක් සැපයෙන්නේ ශ‍්‍රී ලාංකිකයෙකු නොවන්නෙකුගෙනි. ඒ, ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට් බ්ලේක්ගෙනි. රාජපක්ෂ සහෝදරවරු කටයුතු කරන ආකාරය පිළිබඳ බ්ලේක් මහතාගේ නිරීක්ෂණ, රාජපක්ෂලාගේ බල ග‍්‍රහණයට එරෙහිව දැනට ඉතිරිව ඇති අවසාන බාධකය වන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අකර්මණ්‍ය කිරීමේ ඔවුන්ගේ වර්තමාන සැලැස්ම කෙරෙහි විශේෂ එළියක් විහිදුවයි. ඔහු වරක් කියා ඇත්තේ මෙසේය:

‘‘ජනාධිපතිවරයා, බොහෝ විට, තීරණ ගැනීමට අදිමදි කරයි. විශේෂයෙන්, වැදගත් කාරණා සම්බන්ධයෙන් ඔහු කල් මරයි. සමහර විට, තීරණ ගැනීම මුළුමණින්ම මගහරින ඔහු, බොහෝ වගකීම් ගෝඨාභයට සහ බැසිල්ට පැවරීම හරහා ජනතා අප‍්‍රසාදයෙන් වැළකී සිටීමට බලයි. ශ‍්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳ ප‍්‍රතිපත්ති සහ දේශපාලන ප‍්‍රතිපත්ති හැඩගැස්වීමෙහි ලා ඔහුගේ සහෝදරයන් රඟපාන්නේ වැදගත් සහ බලපුලූවන්කාර භූමිකාවකි. ඊටත් වඩා, ඔවුන්ගේ ලොකුම රාජකාරියක් වන්නේ, ජනාධිපතිවරයා සඳහා අවශ්‍ය කරන දේශපාලනික ආවරණය සැපයීමයි. ඇතැම් තීරණ ගෝඨාභයට සහ බැසිල්ට බැර වීමට ඉඩ හැරීම මගින්, දේශීය තලයේ සහ ජාත්‍යන්තර තලයේ විවේචනයට ලක්විය හැකි ප‍්‍රශ්නවලට තමන්ගේ සම්බන්ධයක් නැතැ යි ලෝකයාට ඇඟවීමේ හැකියාව ඔහුට ලැබේ.’’

මහින්ද රාජපක්ෂ මිත‍්‍රශීලී ය. බොහෝ දෙනා කියන පරිදි, ප‍්‍රසන්න ය. ගෝඨාභය රාජපක්ෂ, අශිෂ්ටයෙකු වන තරමට, දඩබ්බර ය. බැසිල් රාජපක්ෂ, තෙල් බේරෙන ජේත්තුකාරී ය. දේශපාලනික සූක්ෂම ශ‍්‍රම විභජනයකට කියාපු, එකිනෙකට වෙනස් එවැනි බාහිර චරිත විලාසයන් නිසා, ඔවුන්ගේ පරමාර්ථ අතර ඒකමිතියක් නැතැ යි යන අදහසක් කෙනෙකු තුළ ඇති කෙරෙන අතර, බොහෝ විට ඔවුන්ගේ ප‍්‍රතිපත්ති, යම්තාක් අපසාරී (සමහර විට එකිනෙකාට පරස්පර) දිසානතීන් කෙරෙහි යොමු වෙතැ යි ද කෙනෙකුට සිතෙයි. එවැනි වෙනස් පුද්ගල චරිත ස්වභාවයන් නිසා, විටින් විට, මිථ්‍යාවන් සහ විවිධ කටකතා ද පැතිරෙයි: ‘‘මහින්ද මධ්‍යස්ථයි. ගෝඨාභය තමයි, නපුරා’’ ‘‘මහින්ද දැන් බැසිල්/ගෝඨාභය එක්ක එච්චර හොඳ නැහැ.’’ ‘‘මහින්ද, දැන් ගෝඨාභය/බැසිල්ගේ හිරකාරයෙක් වෙලා’’ වැනි කටකතා එමටයි.

ඕනෑම පවුලක සහෝදරයන් අතර සිදුවන්නාක් මෙන්, රාජපක්ෂලාටත් පෞද්ගලිකව වෙනස් මතිමතාන්තර ඇති. ඒ සමගම, ඔවුන්ට පොදු දේශපාලනික න්‍යාය පත‍්‍රයක් ද තිබේ. බලයේ සෑම දශමයක්ම තමන්ගේ සාමූහික අත්වලට ගොනු කර ගැනීමට ඔවුන් තිදෙනාටම අවශ්‍යයි. බලයට සහ බලපෑමට අදාළ තමන්ගෙන් පිටස්තර වෙනත් ඕනෑම ස්ථානයක් වෙතොත් එය සුනුවිසුණු කර දැමීමට ඔවුන් තිදෙනාටම අවශ්‍යයි. (අධිකරණයට එරෙහි ප‍්‍රහාරයේ දී ඔවුන් තිදෙනාම එකාවන්ව කඳවුරු ගැසුණු අවස්ථාව ඊට මනා නිදසුනකි). පවුලේ පාලනය ආරක්ෂා කර ගැනීමටත්, පවුල් වංශයේ පාරම්පරික උරුමය රැුක ගැනීමටත් ඔවුන් තිදෙනාටම අවශ්‍යයි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොවුණි නම්, මහින්ද රාජපක්ෂගේ දෙවැනි ධුර කාලයෙන් පසු ජනාධිපති පදවියට උරුම කියන්නේ කවුරුන් ද යන ප‍්‍රශ්නය ගැන මතභේද ඇති වන්නට ඉඩ තිබුණි. එවැනි මතභේද විශාල ගැටුම්වලට පාර කපන්නට තිබුණි. ඒ මගින්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජපක්ෂලාගෙන් ගැලවෙන්නට අවස්ථාවක් ද පෑදෙන්නට තිබුණි. එහෙත් ජනාධිපති ධුර සීමාව ඉවත් කිරීමත් සමග (18) ඒ සාධනීය විභවය අහෝසි විය. දැන් සහෝදරයන්ට තමන්ව බලවත් කර ගැනීමටත් අනිත් සෑම කෙනෙකුවම බලරහිත කිරීමටත්, එකාවන්ව වැඩ කළ හැකිය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හීලෑ කිරීම, ඒ බල පේ‍්‍රරණයේ මූලික අංගයකි. ඒ සංශෝධනය මේ දක්වාවත් නොනැසී තිබෙන්නේ වෙන කිසිවක් නිසා නොව, එය අවලංගු කළහොත් ඇති විය හැකි ඉන්දියානු/බටහිර ප‍්‍රතිචාරය ගැන රාජපක්ෂලා තුළ තිබෙන විචිකිච්ඡුාවන් නිසාම පමණි.

රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය, නිසගයෙන්ම කේන්ද්‍රාභිසාරී ය. (බලය තනි අතකට ගොනු කර ගැනීමේ ප‍්‍රවණතාව). බලය බෙදාහදා ගැනීම කෙරෙහි සහෝදරයන් තුළ ඇති අප්පිරියාව ඔවුන්ගේ බොක්කෙන්ම එන්නකි. පැහැදිළිවම ව්‍යවස්ථා විරෝධී තීන්දුවක් දීම ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කළ විට, අධිකරණයට එරෙහිව ඔවුන් එතරම් විසප්පු වුණේ එබැවිනි. තමන්ගේ බලයෙන් පරිබාහිර පළාත් සභාවකට ඔවුන් විරුද්ධ වන්නේත් ඒ අර්ථයෙනි. උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් මගහැර යන්නට සහෝදරයන්ට හැකි වුණු තාක් කල්, එය ගැටළුවක් නොවුණි. එහෙත් ඉන්දියාවෙන් දෙන අල්ලසට ගිජු වීමට සිද්ධ වීම නිසා එම තත්වය වෙනස් වුණි: ඒ අල්ලස වූ කලී වෙන කිසිවක් නොව, රාජපක්ෂලා ලවා සැප්තැම්බරයේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හුවමාරුවක් වශයෙන්, නොවැම්බරයේ හම්බන්තොට පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට රාජපක්ෂලා වෙනුවෙන් ඉන්දියානු සහයෝගය සැපයීමයි.

ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සහ බලය බෙදා හැරීමට එරෙහි රාජපක්ෂලාගේ දේශපාලන ව්‍යාපෘතිය තුළ, ඔවුන්ට තේරීම් දෙකක් තිබේ: සකී‍්‍රය බලයක් රහිත උතුරු පළාත් සභාවක් සඳහා නියමිත කාලයේ මැතිවරණය පැවැත්වීම ඉන් එකකි. නැතහොත්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කප්පාදු කිරීමේ හදිසි අවදානමක් පෙන්වමින් බිය ගන්වා, පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීම සඳහා ඉන්දියානු අනුමැතිය ලබා ගැනීම තවත් එකකි. (මේ අතර, 13 වැනි සංශෝධනය හෑල්ලූ කිරීමට එරෙහිව දෙමළ ජාතික සන්ධානය මෙම මැතිවරණය වර්ජනය කළහොත්, රාජපක්ෂලාට එම මැතිවරණය ජයගත හැකි වන්නට ද පිළිවන).

රාජපක්ෂලාගේ මේ අළුත්ම උප්පරවැට්ටියට, මීට පෙර දී සේම, මෙවරත් ඉන්දියාව හසු වේ ද? එසේ නැතිව, මුලින් ඇති කරගත් එකඟතාවට ගරු කරන්නැ යි උදක්ම ඉල්ලා සිටී ද? හම්බන්තොට පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ප‍්‍රාණ ඇපකරුවෙකු වශයෙන් ගන්නට තරම් කොන්දක් ඉන්දියාවට තිබෙයි ද?

ප‍්‍රතිගාමී ව්‍යාපෘතියක්

2007 ජුනි 06 වැනි දා පාන්දර පොලිස් කණ්ඩායම් කිහිපයක් කොළඹ නවාතැන් පොලවල් වැටලූහ. ඒවායේ ලැගුම්ගෙන සිටි දෙමළ ජාතිකයන් (ඉතා මහළු සහ රෝගී අයවළුන් පවා) උතුරු-නැගෙනහිර ගම්වලට යැවීම සඳහා බස්වලට පැටවුණි. මේ පලවා හැරීම නතර කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වන විටත්, පළමු බස් රථ සිය ගමන් අරඹා තිබුණි.

කොළඹ නවාතැන් ගෙන සිටි දෙමළ වැසියන්ව (කළු කොටි සාමාජිකයන් ඔවුන් අතර සිටිති ය යන සැකය මත) මෙසේ කොළඹින් පිටමං කිරීමට තීරණය කෙළේ ආණ්ඩුවේ ඉහළම තැන්වලිනි. මේ ව්‍යවස්ථා-විරෝධී සහ ජාතිවාදී පියවර, ගෝඨාභය රාජපක්ෂ ඉතා රළු ආකාරයෙන් යුක්ති සහගත කළ අතර මහින්ද රාජපක්ෂ ද, ඊට වඩා තරමක් සුමටව, ඊට අනුමැතිය පෑවේය.

ඉන්දු-ලංකා ගිවිසුමෙන් පසු මෙවැනි වාර්ගික දාමරිකත්වයක් ගැන සිතා ගැනීමට පවා පුලූවන් කමක් තිබුණේ නැත. එහෙත් ඒ, රාජපක්ෂලා බලයට පැමිණෙන තෙක් පමණි.

මහින්ද රාජපක්ෂ (එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බලහත්කාරී වර්ජනයට ස්තුතිවන්ත වන්නට) පළමු ජනාධිපතිවරණය ජයගන්නා අවස්ථාව වන විට, ශ‍්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයකගේ ආකල්පය, ජාතිවාදී නොවන හෝ පශ්චාත්-ජාතිවාදී එකකැ යි කිව හැකිය. ජාතික ප‍්‍රශ්නය සඳහා නොමසුරු දේශපාලනික විසඳුමක අවශ්‍යතාව එදා රටේ බහුතරයකගේ පිළිගැනීම විය. උදාහරණයක් වශයෙන්, 2006 ජුනි/ජුලි මාසයේ ‘මාර්ග ආයතනය’ මගින් පවත්වන ලද මත විමසුමකට අනුව, සියයට 66 ක්, ඒකීය රාජ්‍ය රාමුවෙන් එහා යන දේශපාලන විසඳුමකට එකඟතාව පළකළහ. ඒ පොදු මනෝ භාවය, එදා එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද ස්ථාවරයන් සමග සමපාත වුණි: ඒ පක්ෂ දෙකම, අර්ධ-ෆෙඩරල් හෝ ෆෙඩරල් විසඳුමකට එදා සහාය පෑහ.

එසේ පැවති දකුණේ සිංහලයන්ගේ චින්තනය, අනතුරුව පසුගාමී වෙනසකට ලක්වුණේ, රාජපක්ෂ පාලනයේ විපාකයක් වශයෙන් මිස, නිරායාසයෙන් නොවේ. ජාතික ප‍්‍රශ්නයක් ඇතැ යි තමන් විශ්වාස නොකරන බව සහෝදරවරු මුලදීම වාගේ පෙන්නුම් කළහ. ඒ සමගම, හතරවැනි ඊලාම් යුද්ධය වනාහී, බාහිර රටක මැදිහත් වීමක් හරහා 1987 දී සිංහල-බෞද්ධයාට අහිමි කරන ලද, 1956 සිට ඔහු භුක්ති විඳිමින් සිටි ප‍්‍රමුඛස්ථානය නැවත ඔහුට අත්පත් කර දීමේ ව්‍යාපෘතියක ප‍්‍රධාන අක්ෂය වශයෙන්, ඔවුහූ අර්ථගැන්වූහ.

ස්වකීය දේශපාලන ව්‍යාපෘතිය සඳහා අවැසි සහයෝගීතා පදනම ගොඩනගනු වස්, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය හරහා තමන් සහ බහුතර ජනතාවක් අතරේ සෙද්ධාන්ති බැම්මක් සකසා ගැනීමට සහෝදරවරුන්ට අවශ්‍ය කෙළේය. ඒ සමගම, පොදු ආර්ථික අඳෝනා මත, අනාගත සිංහල-දෙමළ-මුස්ලිම් එක්සත් බවක් ඇති නොවන සේ ජාතිවාදී විරසකයක් නඩත්තු කෙරෙන තැනට වගබලා ගැනීමත්, ඔවුන්ගේ තවත් අවශ්‍යතාවක් විය. සකල බලය ඩැහැගැනීමේ ඔවුන්ගේ අභිලාෂයට එරෙහි වන 13 වැනි සංශෝධනය යථා කාලයේ නිෂේධ කිරීමේ දේශපේ‍්‍රමී ආවරණයක් ඊට අවශ්‍ය කෙරේ.

මේ අභිමතාර්ථ සාධනය සඳහා ආමන්ත‍්‍රණය කළ යුත්තේ, සිංහල ආත්මයේ වඩා විචාරවත් සහ මානුෂික පාර්ශ්වයට නොව, ‘සිංහල පමණයි’ පනත සහ 83 කළු ජුලිය බිහි කළ, දුර්ජන, මුග්ධ සහ නිර්දය පාර්ශ්වයටයි. ඒ සිදුවීම් දෙකම, අපේ අත්වැරැුද්දක් වශයෙන් මේ සහෝදරවරු නොදුටහ.

උතුරු-නැගෙනහිර ප‍්‍රශ්නය, හුදෙක් ත‍්‍රස්තවාදය පිළිබඳ ප‍්‍රශ්නයක් නම්, එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කළ මොහොතේ එම ප‍්‍රශ්නයත් ඉබේ දුරු වන්නේය. ජාතික ප‍්‍රශ්නය කියා දෙයක් ඇත්තෙන්ම නැත්නම්, ජාතීන් අතර බලය බෙදා හැරීම මත පදනම් වන දේශපාලන විසඳුමක් අනවශ්‍ය වෙනවා පමණක් නොව, හානිකර ද වන්නේය. හරියට, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු රසායන චිකිත්සාවකට (කිමෝතෙරපි) ලක්කරන්නා සේ ය. මේ සන්දර්භය තුළ, සාමය ගොඩනැගීම යනු, තලූ මැරීමට ඇති යම් ආර්ථික සංවර්ධනයකට ගැටගැසූ, නීතිය හා සාමය රැක ගැනීමේ වැඩපිළිවෙලකට එහා දෙයක් නොවේ. තවත් විදිහකින් කිවහොත්, සාමය සහතික කළ හැක්කේ, තව තවත් හමුදා කඳවුරු ගොඩනැගීම, තව තවත් හමුදා ආම්පන්න මිළදී ගැනීම සහ තද නීති රෙගුලාසි පැනවීම සමග මුහුන් කෙරෙන යටිතල ව්‍යාපෘති සහ ඉඳහිට සැපයෙන දීමනාවන් මගින් මිස, බලය බෙදාහැරීමෙන් නොවන බවයි.

රාජපක්ෂලාගේ එම චින්තනය තුළ, 13 වැනි සංශෝධනයට අද එල්ල කෙරෙන ප‍්‍රහාරය, අනිවාර්ය කෙරෙන්නේය.

13 වැනි සංශෝධනයේ අතුණුබහන් ඉරා දැමීම, එක්තරා ආකාරයකින් නවතම ‘සිංහල පමණයි’ ව්‍යාපෘතියකි. සාමය සහ සංහිඳියාව ඒ මගින් උවදුරට පත්වෙනු නියති. මධ්‍යස්ථ දෙමළ ජාතිකයන් පවා පරාරෝපිත නෂ්ටාපේක්ෂාවට පත්වෙනු නියති. අවසානයේ, බෙදුම්වාදී සටන්පාඨය යළි තිරිහන්ව, වේළුපිල්ලේ ප‍්‍රභාකරන් අසාර්ථක නායකයෙකුගේ සිට, අප විසින් වරදවා වටහාගනු ලැබූ අනාගත වක්තෘවරයෙකුගේ තත්වයට නංවාලනු ඇත.

*2013 ජුනි 06 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Disembowelling The 13th Amendment? ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    අවුරුදු තිහක් තිස්සේ යුද්දයෙන් බැට කාපු අපේ රට අවුරුදු තුනක කාලයක් තුල බේර ගන්න හැකි උනේ ගොටාබය රාජපක්ෂ නායක තුමා ඇතුළු මුළු ඇබිත රණවිරුවන් අතින් ය.එය කාටත් නොරහසක්…. ….දැන් සමහර මිනිස්සු ඒ අතීතය අමතක වෙලා වගේ කටයුතු කරන්නේ ඇයි ????? ජනාදිපති තුමා ඇතුළු මේ හැම පිරිසකගේ සහයෝගය නැතුව අපිට අපේ රට බෙරා ගන්න හැකි වී තිබුනද???

    • 0
      0

      Nirosha,

      You say…..” අවුරුදු තිහක් තිස්සේ යුද්දයෙන් බැට කාපු අපේ රට අවුරුදු තුනක කාලයක් තුල බේර ගන්න හැකි උනේ ගොටාබය රාජපක්ෂ නායක තුමා……..”

      I wander if you were in a deep sleep for 15 years during the hight of the war to say Gots saved our country when he and his brother Basil were in excile in USA during the crucial period. He and his brother Basil came to Sri Lanka only after his brother Mahinda Rajapakse won Presidential election to get top Ministerial posts which they hold upto now.

      It is a shame on you not to appreciate the real hero who won the war which is Gen.Sarath Fonseka.

      Gota created more trouble to both Armed forces,Tamil refugees, surrendered LTTE carders and to Sri Lanka Government and it’s people during and after the end of war.

      He is a suspected War Criminal, white van abducter, a murderer, a rioter and an insurgent instigating communal, Religion and Racial dis-harmony among Citizens, and a wanted State Terrorist.

      http://www.youtube.com/watch?v=fjjH49zQVTc&NR=1&feature=endscreen
      http://www.youtube.com/watch?v=oggCA19H9Oc
      http://www.youtube.com/watch?v=IdSEhd29vdk
      http://www.youtube.com/watch?v=042bAPfK4qA

      Remember that little knowledge is dangerous and criminals will be brought to justice no matter what their status is.

      • 0
        0

        Jayantha @,

        These people are examples for the gullible, naive rural folks. They are fed with all kind of brainwashed theories which are far from the facts by state media mechanisms. This has been their tasks from that day onward. So, poor people further feel that Rajapkshes are wonder makers and their spearheaded in annihilation of the terrorists. In the same time, they seem to have no hearts to feel about uncountable numbers of tamils ( who are also srilankens) as innocent civilians went missing since then. And in the same times, today^s on going brutal inhuman activities of the govt, though them occur on broad light. They seem to have no sense about abductions, increase crime rates, murders or lack of rule of law.

        I cant understand why the folks seem to have no idea about very many issues that the nation face today.

        • 0
          0

          Siri,

          All I can say is there are Stage actors, Moles, Dummies and Decoys been planted by the Rajapakses to Brainwash and mislead people, similar to how they dupe 80% of villege uneducated gamaralas by their monkey tricks.

          But we should show them that CT readers are much more educated and intellectually advance much more than them and cannot be easily fooled and duped like villege mettas.

          Hambanthota Gamarala fake jokers are no brainers for Colombo elete.

          Hope these Jokers will find about this through painstaking means in future.

  • 0
    0

    මොන කතා කිව්වත් හැමෝම එකතු වෙන්න ඕනේ රටේ දියුණුවට.හැමෝගෙම අදහස් ගන්නේ නැතුව නව අදහස් මතු වෙන්නේ නැ . කට කහනවවට ඉතින් හදනව මොකක් හරි දෙයක් කියෝනව.ජනාදිපති හරි.හැම වැඩම එක්කෙනෙකුට කරන්න බැනේ.වැඩ බෙදල දෙන්න ඕනේ.ඒක හොද නායකයෙක් ගේ ලක්ෂණයක් නේ …

    • 0
      0

      Shirantha,

      You say……”එක්කෙනෙකුට කරන්න බැනේ.වැඩ බෙදල දෙන්න ඕනේ.ඒක හොද නායකයෙක් ගේ ලක්ෂණයක් නේ …….

      Yes President has delegated worked nicely among his 600 Family, friends and Party members who are doing Top Jobs with No proper qualifications.

      What qualifications that President’s Brother in Law has to be the Chairman of Sri Lankan Airlines. He has only a grade 10 pass, while drawing a 250,000 rupee monthly incentive plus perks when the Airline is loosing 50 Million Rupees each day.

      Please read the following web to see how President has delegated work nicely among the Super Family Business Cartel.

      http://theextinctionprotocol.wordpress.com/

      This what happens when Banda comes to Town.

      • 0
        0

        why don’t you see the development now.you must uproot your glass.don’t look every time only minus.

        • 0
          0

          Shirantha,

          Please explain to me what development you talk about.

          Building Harbours without ships, Airports without Planes,Hotels without tourists, Sri Lankan and Mihin Air loosing 50 Million Rupees per day cannot be justify as development.

          Both GOSL Education upto university students and the lecturers, Health care services, Transport, Electricity,Petrol, Gas, Free Trade zone, Import and Export,Banking sector, private businesses and enterprises are all in total Disarray.

          Can you tell me one useful thing or one intelligent project Rajapakses have undertaken to justify real development.

          We are currently economically, socially, racially, religiously,morally, physically, mentally, Internationally and locally a dead state.

          While impeaching Gen.Sarath Fonseka in one week and impeaching CJ Dr.Shirani Bandaranayke in one month, while cannot find a solution for the 13th Amendment for four years is a Joke.

          Borrowing endless money from Foreign countries to put up even a two mile Concrete road cannot be ment as development.

          Hope you will understand now.

  • 0
    0

    දේශපාලනය යනු සුදු රෙදි කඩක් වැන්නකි එහි ඕනෑම කෙනෙකුට මඩ තැවරිය හැක.දේශපාලනය යනු පාට පාට වලින් පිරුණු ලෝකයකි .වත්මන් සමාජයේ පවතිනේද මඩ තැවරුණු පාට පාට වලින් පිරුණු දේශපාලනයකි .රාජපක්ෂලා කල යහපත් දේ අද දුහුවිලි මඩ වලින් වැසි ගොස්ය .අද අප නිදහසේ පය ගසා සිටිනේද රාජපක්ෂලාට පින් සිදුවන්නටය .සුළු පිරිසකගේ මඩ ගැසීමේ ව්‍යර්ථ උත්සාහය හමුවේ සත්‍ය සදා වසන්කල නොහැක…..මන්ද යත් වර්තමානයේ සිටින්නේ බහුතරය බුද්ධිමත් ජනතාවකි..එමනිසා ගලා යන ජලයෙහි සිතුවම් ඇදීමට උත්සහ දරන නිවටයන්ගේ ක්‍රියාවන්ට අප බියවිය නොහැක ….

    • 0
      0

      “මන්ද යත් වර්තමානයේ සිටින්නේ බහුතරය බුද්ධිමත් ජනතාවකි..එමනිසා ගලා යන ජලයෙහි සිතුවම් ඇදීමට උත්සහ දරන නිවටයන්ගේ ක්‍රියාවන්ට අප බියවිය නොහැක “

      That is how you feel towards them, but as any right thinking people would see it, today^s lanken folks just get caught to kind of tricks easily. This clearly has nothing to do with them being literate, but their mindsets are so vulnerable to any kind of misinformation. They behave more or less like – nothing cant be beyond what is being telecasted or broadcasted by the state media. But never forget, they the rulers would not be able to fool the nation forever.

      • 0
        0

        siri …true things that cannot be hidden..one day true things comes alive….today today our nation is free thanks to Mr.Rajapaksha today he is a man of the freedom….

        • 0
          0

          Nimali,

          you say……”today our nation is free thanks to Mr.Rajapaksha today he is a man of the freedom”………what Free nation and freedom you are talking about when murder contracts are carried out by Police IGP’s…..

          colombogazette.com/2013/06/10/dig-vaas-gunawardena-arrested

          Murders are carried out in Broad daylight by Govt.contract killers, Journalists and reporters been abducted, murdered and disappeared in broad daylight, Govt.Commison Kakkas all over, university students been jailed for protesting, white van abductions,Kudu, drug, Kasippu, Casino and Prostitution business is flourishing openly, our women been killed in Middle east, printing presses been burned without any culprits been caught etc,etc,…..what free nation and freedom you are talking about is anybodys guess.

  • 0
    0

    මහින්ද රාජපක්ෂ වගේ ජනාධිපති කෙනෙක් හිටිය නිසා තමයි මේ රට අද මේවගේ තත්වයක තියෙන්නේ . මෙච්චර කල් තිබුන යුද්ධය නවත්තන්න ඔය කලින් හිටිය කිසිම කෙනෙකුට බැරි උනා. රාජපක්ෂවරුනට විතරයි ඒක කරන්න පුළුවන් උනේ.

    • 0
      0

      This was is not born in 2005. MR was in lanken politics for such a long time – upto now it is said over 43 years. So, if anyone would feel his magical powers liberated the nation – which is the biggest lie. Defeating LTTE terrorists were a collective deal. If CBK govts were unable to get LTTErs banned on EU, INDIA, AMERICA, CANADA, Scandinavia any almost everywhere tamil diaspora was overactive – nothing would have been LIKE any govt to defeat them militarily.

  • 0
    0

    අනිවාරෙන් අපේ රට රෙකගන්න ඕනේ නම් අපි හැමෝම එකට ඉන්න ඕනේ,මේක අපේ රට.එකා වගේ වැඩ කරලා වැඩ බෙදාගෙන වැඩ කරනකොට පලදයීතාවයත් වැඩි වෙනවා.එකට අකමැති වෙන්නේ මොකටද? අපි එකට එකතු වෙමු මේ රට හදමු ජනදිපතිතුමට සහය දෙමු.අපි ඔබ සමගි.

    • 0
      0

      nimali,

      You say ……..”එකා වගේ වැඩ කරලා වැඩ බෙදාගෙන වැඩ කරනකොට පලදයීතාවයත් වැඩි වෙනවා.එකට අකමැති වෙන්නේ මොකටද? අපි එකට එකතු වෙමු මේ රට හදමු ජනදිපතිතුමට සහය දෙමු.අපි ඔබ සමගි”.

      Please see what is going around the country. It is a Mafia Family Dictatorship that runs the country.

      Sri Lanka is a Casino Economic nation where THE RAJAPAKSE WINNERS GETS ALL ECONOMIC DOCTRINE WHILE OTHERS GET “POLKUDU”….COCONUT DUST.

      Please read following web.

      https://www.colombotelegraph.com/index.php/rajapaksa-family-stands-to-receive-in-commission-anywhere-between-us1-2-to-us-1-8-billion-during-2005-15

      [Edited out]

      Please don’t fool readers.

  • 0
    0

    ජාතිවාදය යනු දිව පිනායන දෙයකි. ඒ උතුරේ මැරුනේ මිනිසුන් බවත් ඔවුන ලංකාවට අයිති පුරවැසියන් බවත් අපිට සිතෙන්නේ නැත. දැනි සියලු මාධ්‍ය වලින් ලාංකීය මනස් වලට ඒ උතුරේ සිටියේ එල් ටී ටී ඊ කාරයෝ රැසක් බව ඔබ්බවා හමාරය. ලක්ෂ්මන් කදිරගාමර්, රනිල් වික්‍රමසිංහ වැනි අය මේ ප්‍රශ්ණය ලේ වැගිරීමකින් තොරව විසඳාගන්නට හැදූ බව දැන් සියල්ලන්ටම අමතක වී ඇත.
    ජාතියක අභිමානය යනු ලක්ෂයකට ආසන්න ජීවිත ප්‍රමාණයක් බව දැන් අපට දැනිය යුතුය. එතෙක් ජීවිත කැපකර අපි ලබාගෙන ඇත්තේ කුමක්ද?
    පුද්ගලික වශයෙන් මගේ දරුවා පාසලට යනවිට බෝම්බ නැත, මගේ අයියාට දැන් ඕනි තැනක යන්නට හැකිය..එවැනි අතිශය පුද්ගලික වශයෙන් බෝම්බ බිය ත්‍රස්ථ බිය දුරුවීම මත අපි හැමෝටම වාසි ඇති වී ඇත. ඒ අපිට ලැබුන පුද්ගලික වාසිය සලකා අපි රාජපක්ෂවරු බොහෝ ඉහලින් තබති.

    සැබැවින්ම පාතාලය මරන විට එයට හුරේ දැමීමත්, ත්‍රස්ථවාදින් මරන විට එයට හුරේ දැමීමත් ආදිය අයිති වන්නේ නොදියුනු සමාජ වලටය. වක්‍රව බැලුවොත් ත්‍රස්ථවාදියෙක් පාතාලයෙක් වන්නේද සමාජයේ මනුෂ්‍යෙයකි. තවදුරටත් පාතාලයන් ත්‍රස්ථවාදින් ඇතිකරන ජරා මඩවගුරු බිම අපි සුද්ද කරන්නට හදන්නේ නැතුව වරින් වර ත්‍රස්ථවාදින් පාතාලයන් මරා දැමීම වූ කලී තුවාලයට බෙහෙත් නොකර තුවාලයට වසන මැස්සන් මැරීම වැනි අමනෝඥ ක්‍රියාවකි.

    සතුරන් නිර්මාණය කොට ජනතාවට ලබා දීමත්, ඒ සතුරන් විනාස කොට රජය ජනතාවට ප්‍රෙමා්දය ලබාදීමට උත්සාහ කිරීම්ත අප්‍රිකානු ගෝත්‍රික නායකයින් පවා කරන සරල දේශපාලනයකි. එවන් වූ සරල දේශපාලනිකයක ඇති කුරිරු ගතිය තේරුම් ගැනීමට නොහැකි ජනතාවක් සිටින්නේ එක්කෝ නොදැනුවත් කම නිසාය. නැත්නම් අනේ මට මගේ දරුවට පාරෙ බැහැල යන්න තියෙනම් තව ඉතිං වෙන මොනවද යන මුග්ධ ගතිය නිසාය.

    • 0
      0

      Before we had only one Terrorist to fear about. But now we have many terrorists to fear.

      Few of them we face today are White van abducters, economic terrorists, communal and religious terrorists, Political and human right terrorists, Election and vote rigging terrorists, freedom of speech and freedom expression terrorists and state dictatorship terrorists.

      Now we have fallen from frying pan to the fire with no way to escape.

      It’s time for a Sri Lankan Spring.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.