23 April, 2024

Blog

කොළඹින් මෝඩිට අභියෝග කිරීම

තිසරණී ගුණසේකර

‘‘දෙන්න ඕනේ මොනවද, නොදෙන්න ඕනේ මොනවද කියන එක මං දන්නවා.’’ – මහින්ද රාජපක්ෂ (හින්දු පුවත්පතට – 05.07.2009)

හින්දු පුවත්පත සමග කෙරුණු දීර්ඝ සම්මුඛ සාකච්ඡුාවක දී, මහින්ද රාජපක්ෂ නිතර කතා කරන ‘13 ටත් එහා ගිය’ පොරොන්දුව ගැන ප‍්‍රශ්න කෙරුණි.

‘‘හෙට වුණත් මට ඒක දෙන්න පුලූවන්..’’ යන්න ඔහුගේ නිරායාස පිළිතුර විය.

ඒ, 2009 ජුලි මාසයේ දී ය.

Modi Indiaඊළඟට ගත වූ පස් වසර තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත නැවතත් 13 න් එහාට යාමට පොරොන්දු වුණේය. ඊළඟට, නැවත නැවතත්, 13 එහාට යාමට පොරොන්දු වුණේ නැතැ යි ද, කීවේය.

නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ මැතිවරණය ජයග‍්‍රහණය කළ අවස්ථාවේ රාජපක්ෂලා සහ (බොදුබල සේනා ඇතුළු) ඔවුන්ගේ අතවැස්සෝ පිනා ගියෝය. මෝඩිගේ හින්දු ස්වෝත්තමවාදය නිසා, ලංකාවේ සිටින එහි දෘෂ්ටිවාදී ලේ නෑයන් සමග මෝඩිව බන්ධුත්වයට පත්කරවනු ඇතැ යි ඉහත කී ලංකාවේ උදවිය විශ්වාස කළ බවක් පෙනෙන්ට තිබුණි. එසේම, තමිල්නාඩුව කෙරෙහි මධ්‍යම ආණ්ඩුවේ පරායත්ත භාවය මෝඩිගේ ජයග‍්‍රහණය හරහා අවසානයකට පත්වීමත් ඔවුන්ව අහ්ලාදයට පත්කෙළේය. අගමැති පදවියේ දිව්රුම් දීමේ උළෙලට ජනාධිපති රාජපක්ෂට ඇරියුම් කිරීම, ඒ සුභවාදී අපේක්ෂාව සනාථ කෙරෙන තිරසාර සාක්ෂියක් වශයෙන් ගැනුණි.

‘‘අපේ හිත් සැහැල්ලූයි. දැන් ඕනෑම ප‍්‍රශ්නයක් ගැන මෝඩි අගමැතිවරයාට ස්වාධීනව සහ ශක්තිමත්ව තීන්දු ගන්න පුලූවන්.’’ යි ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කෙකරගෑවේය.

එහෙත් සැබෑ යථාර්ථය, එහි ප‍්‍රතිධ‍්‍රැවය වූ තරමි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් ක‍්‍රියාත්මක කළ යුතු බවටත්, ඉන් එහාට ද ගිය යුතු බවටත් අපේ ජනාධිපතිවරයාට ඉන්දීය අගමැතිවරයා කී බව වාර්තා විය. ‘එවැනි දේවල් එක ?කින් කළ නොහැකි බව එවිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයාට කී බව සැළයි. ඊට මෝඩිගේ පිළිතුර වී ඇත්තේ, බෙදුම්වාදී යුද්ධය අවසන් වී දැන් අවුරුදු පහකුත් ගතව ඇති බව අපේ ජනාධිපතිවරයාට මතක් කර දීමයි. මේ සාකච්ඡුාවේ එක් අවස්ථාවක දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් සුජාතා සිං වෙතට හැරුණු අගමැතිවරයා, තමාගේ පූර්වගාමී මන් මෝහන් සිංට ජනාධිපති රාජපක්ෂ දී ඇති සහතික වීම් කවරේදැ යි විමසා ඇත. ඊට ඇගේ පිළිතුර වී ඇත්තේ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමණින් ක‍්‍රියාත්මක කිරීමටත්, එයිනුත් එහාට යාමටත් පොරොන්දු වී ඇති බවයි.’’ (සන්ඬේ ටයිම්ස් පුවත්පත)

වඩාත් ආචාරශීලී සහ විනීත පුද්ගලයෙකු වන මන් මෝහන් සිං නම්, මහින්ද රාජපක්ෂගේ කඩවුණු පෙරොන්දු ගැන එතරම් කඩ කැඩිච්ච ආකාරයෙන් ඔහුට මතක කර නොදෙන්ට ඉඩ තිබුණි. එහෙත් ගුජරාටයේ අතීත අපකීර්තියකට හිමිකම් කියන නරේන්ද්‍ර මෝඩි, දාමරික ස්වභාවයෙන් රාජපක්ෂලාට දෙවැනි වන්නෙකු නොවේ. එහෙත් වෙනස තිබෙන්නේ, මෝඩි මේ කලාපයේ යෝධ දේශයක නායකයෙකු වන අතර, රාජපක්ෂ මහතාගේ බලප‍්‍රදේශය වර්ග සැතපුම් 25,332 කට සීමා වීමයි.

පාකිස්තානයේ සහ ලංකාවේ නායකයන් කෙරෙහි මේ දිව්රුම් දීමේ උත්සවයේ දී මෝඩි දැක්වූ සැලකීමේ අසමාන භාවය බොහෝ දේවල් කියාපායි. තමාගේම දේශපාලනයේ උමතු පතුරුවල කෝපයට පාත‍්‍ර වීමේ අවදානම තිබියදීත්, පාකිස්තාන අගමැති නවාස් ෂෙරීෆ් කෙරෙහි වැඩියෙන් කුළුපග වීමට නරේන්ද්‍ර මෝඩි විශේෂ ප‍්‍රයත්නයක් ගත්තේය. ෂෙරීෆ් මහතාට ප‍්‍රසිද්ධියේ ආචාර කිරීමේ දී සහ ෂෙරීෆ් මහතාගේ මෑණියන්ට ගෙන යාම සඳහා වටිනා සාළුවක් තෑගි දීමේ දී එය මනාව පැහැදිළි විය. එවැනි සිල්ලර ක‍්‍රියා මගින් ඉන්දු-පකිස්තාන් මතභේද විසඳෙන්නේ හෝ කාශ්මීරයට සාමය ගෙනෙන්නේ හෝ නැත. එහෙත්, රටවල් දෙක අතරේ කෙරෙන ද්වි=පාර්ශ්වික ගනුදෙනු, ඒවා මිත‍්‍රශීලී වෙතත් එදිරිවාදී වෙතත්, අන්‍යෝන්‍ය ගෞරවයක් පෙරදැරිව සිදු කෙරෙන බව එයින් පෙන්නුම් කෙරුණි. රටවල් දෙක අතරේ බලතුලනය සමාන නැති වුවත්, එය එකහෙලා උඩියටිකුරු වී ඇත්තේ ද නැත.

මහින්ද රාජපක්ෂට ඉන්දීය අගමැතිවරයාගෙන් ප‍්‍රසිද්ධියේ තෑගි නොලැබුණා පමණක් නොව, බරපතල ඉල්ලීම් සහ අතීත පොරොන්දු මතක් කර දීම් ද සිදුකෙරුණි. පාකිස්තානය මෙන් ලංකාවට ඉන්දියාව ඉදිරියේ තනියෙන් සිටගෙන සිටීමේ හැකියාවක් නැත. වැඩිම වුණොත් තනියෙන් කළ හැක්කේ, තමිල්නාඩු ධීවරයන් කිහිප දෙනෙකු අල්ලා ගැනීම පමණි. වඩාත් පුළුල් තලයක දී ලංකාව ගැනෙන්නේ, තමන්ගේ දෙපයින් සිටින රටකට වඩා, හතුරු බලවතෙකුගේ ඉත්තෙකු වශයෙනි.

ඉතිං, රාජපක්ෂලා ඉදිරියේ ඇත්තේ උභතෝකෝටිකයකි. ඔවුන් එක්කෝ බලය බෙදා හැරිය යුතුය. නැත්නම්, චීනය කෙරෙහි පරායත්ත වීම අත්හල යුතුය.

දිල්ලියේ දී මුහුණදුන් තත්වය සමහර විට තාවකාලික දුර්භාග්‍යයක් සේ ජනාධිපතිවරයා සිතනවා ඇති. එසේ නැතහොත්, චීනයේ හයියෙන් ඉන්දියාවට පාඩමක් ඉගැන්වීමට සිතා සිටිනවා විය හැකියි.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එහාට යාම ගිය සතියේ ජී. ඇල්. පීරිස් ඉවත දැම්මේ ඒ නිසා විය හැකියි. දැන් බෝලය නැවත වැටී ඇත්තේ ඉන්දියාව පැත්තට ය.

මහින්ද රාජපක්ෂ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ/එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වයට පත්වන තෙක් ලංකාවේ ජාතික ප‍්‍රශ්නය අරභයා 13 වැනි සංශෝධනයෙනුත් එහාට යන දේශපාලන විසඳුමක් පිළිබඳ පුළුල් එකඟතාවක් දකුණේ තිබුණි. ඒකීය රාජ්‍යය පූජණීයත්වයකින් සැළකීම අවසන්ව තිබුණු අතර ෆෙඩරල්වාදය නරක වචනයක් වුණේ නැත. වඩාත් පුලූල් බලය බෙදා හැරීමකට සිංහල දකුණ හතුරු නොවුණි: බලය බෙදීමට ඇත්තෙන්ම එරෙහි වූ පිරිස සීමා වුණේ උමතු අතලොස්සකට ය.

එසේ තිබියදී, රාජපක්ෂලාගේ ආගමනයත් සමග මහා වෙනසක් සිද්ධ විය. ප‍්‍රථම ‘මහින්ද චින්තන’ ප‍්‍රකාශයෙන්, ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ ඒකීය රාජ්‍ය සංකල්පය ආදරයෙන් වැළඳගෙන, දෙමළ ජනතාවගේ නිජබිම් සංකල්පය ප‍්‍රතික්ෂේප කෙළේය. 2006 දී, උතුරු=නැගෙනහිර ඒකාබද්ධතාව ජනතා විමුක්ති පෙරමුණ ලවා අධිකරණය ඉදිරියේ අභියෝග කැරැුවුණි. රාජපක්ෂ සමග එදා සන්ධානගතව සිටි සරත් එන්. සිල්වා අගවිනිසුරු තනතුරේ සිටියදී, ඒ ගැන අධිකරණයෙන් ලැබිය හැකි විනිශ්චය කුමක් වේ දැයි කාටවත් අමුතුවෙන් කියා දිය යුත්තක් වුණේ නැත.

එම නඩු විභාගය මොන තරම් විගඩමක් වී දැයි, නාරායන් ස්වාමි ලියූ වාර්තාවකින් මෙසේ පෙන්වා දී තිබුණි: ‘‘.. ගිය වර නඩු විභාගයේ දී අගවිනිසුරුවරයා, ජනතා විමුක්ති පෙරමුණේ එක් පෙත්සමක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාට දිගින් දිගටම උපදෙස් දුනි.. දෙමළ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි කැංග්=ඊශ්වරන් නැමැති නීතිඥයාට, නඩුවට අදාළව විධිමත්ව තර්ක ඉදිරිපත් කිරීමට අවසර නොදුනි… වාමාංශික පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෙකුට, විනාඩි දෙකක් වැනි කෙටි කාලයක් ලබා දීමෙන් අනතුරුව, වාඩි වෙන්නැ යි කෝපයෙන් නියෝග කෙළේය. කැංග්=ඊශ්වරන්ගේ කරුණු දැක්වීමට එරෙහිව ලිඛිත කරුණු දැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අවසර ඉල්ලූ විට, ඔලූව වනා ඔහු අවසර දුන්නේය. එහෙත්, එම වරප‍්‍රසාදයම කැංග්=ඊශ්වරන් ඉල්ලා සිටි අවස්ථාවේ අගවිනිසුරුවරයා එම අවසරය ඔහුට දුන්නේ නැත.’’

මහින්ද රාජපක්ෂ යනු, දිස්ත‍්‍රික් සංවර්ධන සභා වැනි ඉතා සුළු මට්ටමේ දෙයක්ට පවා එරෙහි වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ නියෝජිතයෙකි. පළාත් සභා පනතට එරෙහි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචණ්ඩ විරෝධයටත් ඔහු සහාය පෑවේය. ‘දේශපාලන විසඳුම’ වශයෙන් ඔහු ඉදිරිපත් කළ වැඩපිළිවෙල වුණේ, පළාත් සභා වෙනුවට දිස්ත‍්‍රික් සභා ඇති කිරීමත්, තමාගේ කැමැත්ත පරිදි ඕනෑම දිස්ත‍්‍රික් සභා මන්ත‍්‍රීවරයෙකු (පරාජය වූ පක්ෂයකින් වුව) එම දිස්ත‍්‍රික්කයේ මහ ඇමති වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයාට බලය පැවරීමත් ය.

කිසි නො=නෑයෙකු සමග බලය බෙදා ගැනීමට රාජපක්ෂලාට අවශ්‍ය නැත. ඔවුන්ට චීන සල්ලි අවශ්‍ය කර තිබේ. එනිසා, යම් දවසක, මෝඩිගේ උදහසට ලක්වීමට ඔවුන්ට සිදුවනු නියති.

රාජපක්ෂලාගේ ගැලවීමට දෙමළ ඩයස්පෝරා උපරිමවාදීන්ගෙන් තල්ලූවක් ලැබේද?

ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, යුක්ති ධර්මයත් අනතුරේ හෙලීම සඳහා බහුතරවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශ‍්‍රී ලංකාවේ දී අවභාවිතයේ යෙදුණි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, දෙමළ ජනතාව තමන්ගේ රට තුළම දෙවැනි පුරවැසියන්ගේ තත්වයට පහත වැටුණහ. එයින් පෙන්නුම් කරන්නේ, සුළුජන අයිතීන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් පමණක් ආරක්ෂා කර දිය නොහැකි බවයි. ඒ නිසා, බලය බෙදාහැරීමේ ක‍්‍රමයකුත් අවශ්‍ය කරයි.

සිංහල සහ දෙමළ අන්තවාදය, දකුණේ සහ උතුරේ ප‍්‍රධාන පෙළේ දෘෂ්ටිවාදී ගතිකත්වය වශයෙන් විටින් විට ක‍්‍රියාත්මක විය. පවතින අර්බුදය දේශපාලන විසඳුමකට යා නොදෙන තත්වයකට එවැනි කොටස් විසින් එම අර්බුදය කුරුවල් කරන ලදි. එල්.ටී.ටී.ඊ. සංවිධානය දැන් අවසානයි. එහෙත්, සිංහල=බෞද්ධ ස්වෝත්තමවාදය, රාජපක්ෂ ආචාරශීලයේ කුළුණක් සේ ජයග‍්‍රාහීව වැජඹෙයි.

රාජපක්ෂලාව බලයෙන් පහ කිරීමෙන් ජාතික ප‍්‍රශ්නය විසඳෙන්නේ නැති බව ඇත්ත. එහෙත්, රාජපක්ෂලාව බලයෙන් පහ නොකොට, ජනවාර්ගික ප‍්‍රශ්නයේ විසඳුමක් සඳහා වන ප‍්‍රථම පියවරක්වත් ගත නොහැකිය.

බලය බෙදාහැරීම සඳහා වන පෙරමුණෙන් එක්සත් ජාතික පක්ෂය පස්ස ගසා තිබේ. එහෙත් එය ආපසු හැරවිය හැකිය. මන්ද යත්, ජාතික ප‍්‍රශ්නයක් ඇති බවත්, ඊට දේශපාලනික විසඳුමක් අවශ්‍ය කරන බවත් එය පිළිගන්නා බැවිනි. මෙතරම් ගතානුගතික නොවන නායකත්වයක් යටතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටත් බලය බෙදාහැරීම ගැන මීට වඩා මධ්‍යස්ථ ප‍්‍රතිපත්තිකයට මාරු විය හැක.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ජීවමානව සිටින තාක් කල්, බලය බෙදාහැරීමට සිදුවීමක් ගැන දකුණේ සිංහල-බෞද්ධ උපරිමවාදීන්ට බය වීමට කාරණයක් නොතිබුණි. ඒ සඳහා වන සෑම යෝජනාවක්ම එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින්ම කඩාඉහිරවනු ඇතැ යි එදා අපේක්ෂා කළ හැකි වූ බැවිනි.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වටා ගොඩනැගෙන දේශපාලන විසඳුමක් සඳහා නරේන්ද්‍ර මෝඩි සිය සහයෝගය පළකොට තිබේ. කොළඹ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේ දී, නවි පිල්ලේ මහත්මිය මෙසේ කියා තිබේ: ‘‘එල්.ටී.ටී.ඊ. සංවිධානය වැනි නිර්දය සංවිධානයක් උත්කර්ෂයට නැංවීමේ ඉඩක් නැති බව, එල්.ටී.ටී.ඊ. මතකයට ආවැඞීමට බලන දෙමළ ඩයස්පෝරාවේ උදවිය මතක තබාගත යුතුය.’’

මේ ආස්ථාන දෙක එකට ගත් විට, ඉන්දියාව/ජාත්‍යන්තරය එල්.ටී.ටී.ඊ. සංවිධානයට විරුද්ධ වෙතත් දෙමළ ජනතාවට පක්ෂපාතී බව පෙනේ. බෙදුම්වාදයට විරුද්ධ වෙතත් බලය බෙදාහැරීමකට සහාය දක්වන බව පෙනේ. එම තත්වය වටහා ගැනීමට රාජපක්ෂලා මෙන්ම දෙමළ ඩයස්පෝරා උපරිමවාදීන් ද අසමත් ය.

සාර්ථකත්වයක් ලැබීමට නම්, තමන්ගේ දේශපාලනය සහ බලය බෙදාහැරීමේ යෝජනා එම සන්දර්භය තුළ ස්ථානගත කිරීමට දෙමළ ජනතාව සමත් විය යුතුය. ප‍්‍රධාන ධාරාවේ දෙමළ පක්ෂය වශයෙන් දෙමළ ජාතික සන්ධානයට, මෙකී ජාත්‍යන්තර/ඉන්දීය අවමය සහ උපරිමය අතර රැුඳී සිටිය හැකි වෙයි නම්, රාජපක්ෂලා කොන් වී ගොස්, දේශපාලන විසඳුමකට ඇති එකම බාධකය ඔවුන් බව ලෝකයා ඉදිරියේ හෙළිදරව් වනු ඇත. එහෙත් දෙමළ ජාතික සන්ධානය ඩයස්පෝරා උපරිමවාදීන්ගේ බහට කන් දෙන්ට ගියොත් සිදුවන්නේ, රාජපක්ෂලාගේ අන්තවාදය අඩු ලංසුවකින් ගැනීමට ලෝකයා පෙළඹීමයි.

සිංහල සහ දෙමළ යන දෙපාර්ශ්වයේම අන්තවාදයට මැදි වුණොත්, බලය බෙදාහැරීමේ යෝජනාව අසාර්ථක ප‍්‍රයත්නයක් වශයෙන් අතහැර දැමීමට මෝඩිගේ ඉන්දියාවට සිදුවිය හැක. එවිට, චීනයේ ග‍්‍රහණයෙන් ලංකාව මුදා ගැනීමේ වෙනත් මාවත් ගැන සෙවීමට ඔවුන්ට සිදුවේවි.

*2014 ජුනි 8 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Challenging Modi In Colombo නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

**Photo credit – Facebook/ Foreign Correspondents’ Association of Sri Lanka

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.