Colombo Telegraph

සුභ අනාගතයක්

තිසරණී ගුණසේකර

‘‘මැඩලිය හැකි මුග්ධතාව, ලොකුම මුග්ධතාවයි. අප නොදන්නේ, දැනගන්ට උවමනාවක් නැති නිසා ය.’’ – ඇල්ඩස් හක්ස්ලි (ෑබාි ්බා ඵැ්බි)

එළැඹීමට නියමිත කුණාටුවක් ගැන කල්තියා අනතුරු ඇඟවීමට බලධාරීන් අසමත් වීම නිසා 60 කට ආසන්න ධීවර ජීවිත සංඛ්‍යාවක් මුහුදට බිළි විය. වගකීම භාරගත් කෙනෙකු නැත. සමාව ගත් කෙනෙකු නැත. ඉල්ලා අස් වූ කෙනෙකු නැත.

ව්‍යපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට ගැනිණ. මේ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, අවුරුදු ගණනාවක් තිස්සේ ඝාතක=කප්පම් ජාවාරමක් මෙහෙයවා ඇතැ යි පොලීසිය දැන් කියයි. ඒ ගැන වගකීම භාරගත් කෙනෙකු නැත. සමාව ගත් කෙනෙකු නැත. ඉල්ලා අස්වූ කෙනෙකු නැත.

පොලීසිය පාලනය කරනු ලබන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසිනි. සර්වබලධාරී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හැමෝගේම, හැම දේටම ඇඟිලි ගැසීමට ලොල් කරන්නෙකි. හැබැයි, ඒ කටහැකර ගෝඨාභය රාජපක්ෂ, වාස් ගුණවර්ධන සිද්ධිය සම්බන්ධයෙන්, ‘ටින් ටින්’ විකට කතා පෙළේ එන ‘තොම්සන් සහ තොම්සන්’ වැන්න. තමාගේ පැරණි ගැත්තාගේ පාපතර ක‍්‍රියාවන් ගැන ‘කටක් නෑරීම’ ඔහුගේ ප‍්‍රතිචාරයයි.

නියෝජ්‍ය පොලිස්පති ගුණවර්ධනට මේ සා කාලයක් තිස්සේ ඒ සා අපරාධ සංඛ්‍යාවක් කිරීමට හැකි වුණේ කෙසේ ද? අවුරුදු ගානක් මේ ගුණවර්ධන එසේ ඝාතනය කිරීම් සහ කප්පම් ගැනීම්වල නිරත වෙද්දී, ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රතිසංවිධාන කොට, පුනර්ජීවනය කොට, ප‍්‍රති=කේන්ද්‍රගත කළ බුද්ධි අංශය කුමක් කරමින් සිටියේ ද? තවත් වාස් ගුණවර්ධනලා, පොලීසියේ සහ හමුදාවේ නැතැ යි ගැනීමට ජනතාවට ඇති සහතිකය කුමක් ද? නිල ඇඳුම් ලා ගත් මෙවැනි අපරාධකරුවන්ගෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව ගන්නා පියවර කවරේ ද?

වාස් ගුණවර්ධනගේ අවසන් ඉරණම, ‘සංවිධානගත අපරාධ ජාලයට’ එරෙහි රාජපක්ෂලාගේ සංග‍්‍රාමයට කොටු වූ වෙනත් අනන්ත ‘අපරාධ සැකකරුවන්ට’ අත්වු ඉරණමම විය හැකිද: පළා යාමට තැත් කිරීමේ දී වෙඩි තබා ඝාතනය කිරීම.

ඕනෑම කෙනෙකු හෝ ආයතනයක්, (ආගමික වේවා, ලෞකික වේවා, රාජ්‍ය වේවා, පෞද්ගලික වේවා), නිසි විමසිල්ලට සහ විවේචනයට ලක්නොවන විට, දණ්ඩමුක්තිය (වැරදිකරුවන් කෙරෙහි නීතිය ක‍්‍රියාත්මක නොවීම* වර්ධනය වෙයි. අපරාධ බෝ වෙයි. වාස් ගුණවර්ධන සිද්ධිය, පොලීසිය සහ හමුදාව මහජන විමර්ශනයෙන් සහ විවේචනයෙන් නිදහස් කෙරෙන රාජපක්ෂ ප‍්‍රතිපත්තියේ නොවැළැක්විය ප‍්‍රතිවිපාකයයි.

නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සහ පොලිස් අත්අඩංගුවේ දී අමානුෂික වධබන්ධනයට පත්කිරීම් ගැන බිහිසුණු කතා කිහිපයක්, පසු ගිය දෙසතිය තුළ, මාධ්‍ය වාර්තා කෙළේය. බලයේ අයථා භාවිතයට එසේ ගොදුරු වුණේ, දේශපාලන ක‍්‍රියාකාරිකයන්/ත‍්‍රස්තවාදී සැකකරුවන් නොව, සාමාන්‍ය සිංහලයන් ය.

හතරවැනි ඊලාම් යුද්ධය තුළ මාරක අදියරකට වර්ධනය වූ පරම දණඩමුක්තියේ පිළිකාවට දැන් ගොදුරු වන්නේ, දෙමළ ප‍්‍රජාව පිළිබඳ වගක් නැතිව ජයග‍්‍රහණයෙන් ඔදවැඞී මහපාරේ උත්සව සැමරූ දකුණේ සාමාන්‍ය ජනයාමයි. සාමාන්‍ය දෙමළ ජනයාගේ දුක වේදනාව වාර්තා කිරීමට ආණ්ඩුවෙන් අවසරයක් මාධ්‍යට තිබුණි නම්, දකුණේ සමාජය ඒ කර්කශ මනෝභාවයට යට නොවීමට ඉඩ තිබුණි. එහෙත් එවැනි වාර්තා සම්බන්ධයෙන් පැවති වාරණය හේතු කොටගෙන, දකුණට හැමදාමත් අසන්ට ලැබුණේ, ‘මානුෂික මෙහෙයුම්’, ‘ශූන්‍ය සිවිල් අනතුරු’, ‘සුභසාධන ගම්මාන’ සහ ‘සතුටු මධ්‍යස්ථාන’ ගැනම පමණි.

ආණ්ඩුව ගෙන ඒමට බලාපොරොත්තු වන ‘මාධ්‍ය ආචාරධර්ම යෝජනා’ නීතිගත කරගත් පසු, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, පොලිස් වධබන්ධන, ඝාතන සහ තවත් අනේක බිහිසුණු ක‍්‍රියාකාරකම් ගැන කිසිවක් දැන ගැනීමට සිංහලයන්ටත් අවස්ථාවක් නොලැබෙනු ඇත. කිසිවෙකු කිසිවක් නොදන්නා ඒ පරිසරය තුළ, කිසි බාධාවකින් තොරව හැම දේශපාලනික/සමාජයීය අස්සක් මුල්ලකටම රිංගා පෝෂණය වීමට දණ්ඩමුක්තියට අවස්ථාව ලැබෙනු ඇත.

නව සදාචාරය

මේ සතියේ, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකුගේ පුතෙක්, ඔහුගේ පාසලේ විදුහල්පතිගේ කම්මුලට ගැසුවේය. ගිය සතියේ, වයඹ පළාත් සභාවේ අධ්‍යාපනික මොනිටර් ඇමතිවරයාගේ දියණියට අවවාද කළැ යි කියා, එම පාසලේ ගුරුවරියක්ව පළාත් සභා තාත්තා විසින් ඇගේම පංතියේ දණගස්සවනු ලැබිණ. මේ වන විට ඔහු පළාත් සභා ධුරයෙන් ඉල්ලා අස්වී ඇතත්, අනාගතයේ දී ඔහු තත්වයෙන් උසස් වීමට ඉඩ ඇත. ප‍්‍රසිද්ධියේ රජයේ සේවකයෙකුව ගස් බැන්ද මර්වින් සිල්වා නියෝජ්‍ය ඇමතිකමින් ඉල්ලා අස්වූ බව අපට මතකයි. මාස ගණනක් ගිය තැන, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නිදොස් කරන ලදුව, ඔහුට කැබිනට් ඇමති ධුරයකට උසස් වීමක් ද ලැබිණ.

රාජපක්ෂලාගේ ශ‍්‍රී ලංකාවේ පාලක පවුලේ සකල දාසයන් සිටින්නේ නීතියට ඉහළිනි. හමුදා නිලධාරියෙකුට පහර දුන් බව කී මර්වින් සිල්වාගේ පුතා නීතියෙන් ගැලවුණි. කොලොන්නාවේ පංච මිනිස් ඝාතනයේ සැකකරුවෙකු වන දුමින්ද සිල්වා සහ කුරාම් සයික් ඝාතනයේ සැකකාර සම්පත් චන්ද්‍රපුෂ්පත්, අධිකරණ විනිසුරුවරයෙකුට තර්ජනය කළැයි කියන අමාත්‍ය බද්යුද්දීන් සහ තරග විනිසුරුවරයෙකුට පහර දුන්නැයි කියන ජනාධිපති පුත් රෝහිත රාජපක්ෂත්, කිසි උපද්‍රවයකින් තොරව නීතියෙන් ගැලවී යාමට හොඳටම ඉඩ ඇත.

‘සිංහල රාවයේ’ යම් පිරිසක් ගිය සතියේ ක‍්‍රිස්තියානි මිෂනාරි කණ්ඩායමක් බලහත්කාරයෙන් ‘අත්අඩංගුවට’ ගත්හ. ‘සිංහල රාවයේ’ තවත් පිරිසක් මේ සතියේ පොලීසිය බලාගෙන සිටියදී තංගල්ලේ මස් කඬේකට ගිනි තැබූ බව වාර්තා විය. මේ සංවිධානය ගව ඝාතනයට එරෙහිව කතරගම සිට කොළඹ බලා මේ වන විට පා ගමනක යෙදෙති. තංගල්ලේ සිදුවීම අනුව බලන කල, මේ කියන පා ගමනින් මස් මඩුවේ එක හරකෙකුගේවත් ජීවිතය බේරා නොගැනෙන අතර, සිංහල=මුස්ලිම් සමගියට නම්, පිළිසකර කළ නොහැකි හානියක් සිදු කෙරෙනු ඇත. ලංකාවේ හමුදාව එක දවසකට හරක් මස් කිලෝ කීයක් කා දමන්නේ දැ යි, හෙළ උරුම/බොදුබල සේනා/සිංහල රාවය නඩය, නිකමටවත් හොයා බැලූවේ ද? නැත්නම්, හරක් මස් අපනයන කිරීමට ආණ්ඩුව ඉඩ හරින්නේ මන්දැ යි ප‍්‍රශ්න කළෝ ද? හෙළ උරුම/බොදුබල සේනා/සිංහල රාවය නඩය අවංකවම ගව ඝාතනයට විරුද්ධ නම්, ගව මස් අපනයනය තහනම් කරන්නැ යි ආණ්ඩුවෙන් යැදීමටත්, ගව මස් නොකන්නැ යි හමුදාවෙන් ඉල්ලා සිටීමටත් ඉදිරිපත් විය යුතු නැත් ද? ඉල්ලූම අහුරන්න, එවිට සැපයුම හැකිලෙනු ඇත. ඉල්ලූම ඇති තාක් කල්, නීතියෙන් හෝ නීතියට පිටතින්, සැපයුම ද පවතිනු ඇත. ඇමරිකාවේ සුචරිතවාදී විකාර මත්පැන් තහනම අසාර්ථක වුණේ එබැවිනි. (මත්ද්‍රව්‍යවලට එරෙහි ඔවුන්ගේ යුද්ධය අසාර්ථක වෙමින් ඇත්තේ ද එබැවිනි).

ගව ඝාතන විරෝධී ව්‍යාපාරයේ (සහ හලාල් විරෝධී ව්‍යාපාරයේ) සැබෑ අරමුණ වන්නේ, හරක් ජීවිත බේරා ගැනීම නොව, ලාංකීය මුස්ලිම් ජනයාව හරක් සේ නිහඩ කොට හීලෑ කර ගැනීමයි. බොදුබල සේනා නඩ ආගමික හේතු මත එවැන්නකට පෙළඹෙන අතර රාජපක්ෂලාට දේශපාලනික හේතු මත එවැන්නක් අවශ්‍ය කරයි.

අවසානයේ දී රාජපක්ෂලා සහ ඔවුන්ගේ බෙර පදේට නටන උමතු වඳුරන් මේ රටේ මුස්ලිම් ජනයාව හතුරු කර ගන්නේ, ඔවුන්ගේ දේශපාලනික සහ දෘෂ්ටිවාදී පැරැුන්නන් මේ රටේ දෙමළ ජනයාව හතුරු කරගත් විදිහටමයි.

සෑම දේශපාලනික යුගයකට ඊටම ආවේණික සදාචාරයක් තිබේ. දණ්ඩමුක්තිය, රාජපක්ෂ සදාචාරයේ ආධාරකය යි. රාජපක්ෂලාගේ ශ‍්‍රී ලංකාව තුළ, පවුලේ පාලනයට අභියෝග නොකරන ඕනෑම දෙයක්, කැප ය. යහපත් ය. පවුල් පාලනය අනතුරට හෙලට ඕනෑම දෙයක්, අකැප ය. සාපරාධී ය. ඊට නොගැනෙන අනිත් සෑම අපරාධයක්ම= මිනිමැරුම් සහ ළමා අපචාර ද ඇතුළත් ඕනෑම අපරාධයක්= කරන්නේ රාජපක්ෂ ගැත්තෙක් නම්, නීතියෙන් ගැලවී යන්නේය.

පවුල් දේශපාලනය පදනම් වන්නේ, ජාතික අවශ්‍යතා සමග පවුලේ අවශ්‍යතා සම කෙරෙන මනෝ ගතියක් මත ය. බලයේ අතිමූලික කෘත්‍යයත්, වැදගත්ම ඉලක්කයත් වන්නේ, පාලක පවුලේ ආරක්ෂාවත්, ප‍්‍රවර්ධනයත් ය. රාජවංශික මනදොළත් ඊට එක් කළ විට, ආණ්ඩුකරණය තව තවත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වෙයි. අසමතුලිත වෙයි. දුර නොපෙනෙයි. එවන් විකෘතික දර්ශනයකින් පාලකයෙකු මෙහෙයවෙන විට, ඔහුගේ ක‍්‍රියාකාරකම් අතාර්කික වෙනවා පමණක් නොව, ස්වයං=ෙඡ්දනයට ද (තමාගේම අඟපසඟ අහිමි කර ගැනීමට ද* තුඩුදෙන්නේය.

දණ්ඩමුක්තිය නිසා සමාජයට දැරීමට සිදුවන වියදම කොහොමත් පැහැදිළි ය. එහෙත්, එම දණ්ඩමුක්තිය කාලයාගේ ඇවෑමෙන් බූමරංගයක් සේ රාජපක්ෂලා වෙතට ද කැරකී එනු ඇත. දේවල් තාර්කිකව කිරා බැලීමට අසමත් සහ ස්වාර්ථය යෝනිසෝ මනසිකාරයෙන් පාලනය කර ගැනීමට අසමත් පාලකයා, රටවැසියන්ව සේම තමන්වමත් විනාශ කර ගනී. හරියට, වේලූපිල්ලේ ප‍්‍රභාකරන් මෙනි.

පාලකයන් (සහ ඔවුන්ගේ ගැත්තන්) සඳහා වෙනම නීතියකුත්, සාමාන්‍ය පුරවැසියන් සඳහා තවත් නීතියකුත් ඇති විට, දණ්ඩමුක්තියේ රුදුරු වේගය මැඩලිය හැකි එකම මාර්ගය වන්නේ, සමාජයීය විරෝධයයි. දණ්ඩමුක්තිය යනු, සකල ශ‍්‍රී ලාංකිකයන්ට බලපාන පොදු උවදුරක් බව, සිංහල දකුණ අවබෝධ කරගත යුතුය. දණ්ඩමුක්තියේ වයිරසයට බාධාවකින් තොරව පැතිරෙන්ට ඉඩ හැරියොත්, අවසානයේ දී සදාචාරමය=ආචාරධාර්මික වාටක මහමාරියක් සේ එය පිපිරී ගොස්, සිංහල=බෞද්ධයන් ද ඇතුළත් සකල වාසීන්ගේ ජීවිත අනතුරට හෙලන දේශයක් බවට ශ‍්‍රී ලංකාව පත්කෙරෙනු ඇත. එහි දී, රාජපක්ෂලාගේ ප‍්‍රසාදය අවමයෙන් ලැබීම ප‍්‍රමාණවත් නැත. භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍රගේ ඉරණම කියාපෑවේ එයයි.

විරෝධතා සටන භයානක ය. එහෙත්, අශිෂ්ටත්වය, අනාදරය සහ නොමිනිස් කම රජයන අනාගතයක්, කොල්ලකාරී දේශපාලඥයන්ගෙන්, සාපරාධී වන තරමට නොසැළකිලිමත් රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ සැහැසි උන්මත්තකයන්ගෙන් ගහණ අනාගතයක් වළකාගෙන, අරටුවෙන්ම කුණු වූ රාජ්‍ය ක‍්‍රමයක උරුමකරුවන් නොවීමට නම්, විරෝධතා සටන හැර වෙනත් විකල්පයක් නැත.

*2013 ජුනි 23 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ  ‘‘සුභ අනාගතයක්’’ නැමැති ඉංග‍්‍රීසි ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

Back to Home page