
ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි ග්‍රෑම් 400 ක මිල රුපියල් 61 කිනුත්, කිලෝ එකක පැකට්ටුවක මිල රුපියල් 152 කිනුත් වැඩිකිරීමට ආණ්ඩුව ගත් තීරණය එක්සත් ජාතික පක්ෂය තරයේ හෙළා දකින අතර මේ මිල වැඩි කිරීමේ එකම හේතුව ආණ්ඩුවේ නාස්තිකාර වියදම් පියවා ගැනීමට ඒ හරහා මුදල් සොයා ගැනීම පමණක් බව අවධාරණය කරමි.
මෙ රටට ඇතුළුවන විට කිරි පිටි ග්‍රෑම් 400 ක මිල රුපියල් 140 කි. එහෙත් මෙතෙක් කල් ආණ්ඩුව රුපියල් 140 ක කිරිපිටි ග්‍රෑම් 400 ක පැකට්ටුවක් වෙළඳ පොළේ අලෙවි කළේ රුපියල් 395 ක මිලකටය. ඒ අනුව අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් ලෙස සැලකිය හැකි කිරි පිටි ග්‍රෑම් 400කින් ආණ්ඩුව කිරිපිටි බද්ද හරහා කිරි පිටි සමාගම් සමග එකතුව මෙතෙක් සාක්කුවේ දමා ගත් මුදල රුපියල් 255 ක් වූ අතර ඒ මුදලට තවත් රුපියල් 61 ක් ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට එකතු කර තිබේ. ඒ අනුව අද (2) සිට කිරිපිටි ග්‍රෑම් 400 කින් නව මිල යටතේ ආණ්ඩුව සාක්කුවේ දමා ගන්නා මුදල රුපියල් 316 කි; කිරිපිටි කිලෝ එකකින් සාක්කුවේ දමා ගන්නා මුදල රුපියල් 612 කි.
කිරි පිටි මිල වැඩි කිරීම හරහා ආණ්ඩුව ජනතාවගෙන් ගසා කන මුදල් සියල්ල වැයවෙන්නේ වෙන කිසිවකට නොව රාජපක්ෂ රෙජීමයේ රජ පවුලේ සිට ජම්බෝ කැබිනෙට්ටුව නඩත්තුව දක්වා වූ නාස්තිකාර වියදම් පියවීමටය. උදාහරණයක් ලෙස ජනාධිපතිවරයාට දිනක වියදම සඳහා රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් වෙන්කර ගන්නා ලදී. එහෙත් රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් ඉල්ලූ වැඩකරන ජනතාවට අයවැයෙන් ලබා දුන්නේ රුපියල් 40 ක දෛනික දීමනාවක් පමණකි. එය අලියෙකු ඉල්ලූ විට මී පැටියෙකු දුන්නාට සමානය. ඒ සංවේදී නායකයාගේ ‘පවුලට කිරි – රටට කැකිරි’ චින්තනයෙන් වැඩ කරන ආණ්ඩුවට ජනතාව කෙරේ ඇති සැබෑ කැක්කුමේ ප්‍රමාණයයි.
අද ආණ්ඩුව කුඩා දරුවාට දෙන කිරි-පිටිවල මිල වැඩිකරන ගමන් සුඛෝපභෝගී රේසින් කාර් වල මිල අඩු කරයි; රුපියල් 600 ක සපත්තු කුට්ටමක් මිලට ගන්නට මුදල් නොමැති වේදනාවට වලපනේ සඳුනි ශානිකා දැරිය ගෙළ වැළලා සිය දිවි නසා ගන්නා විට, රාජපක්ෂ පවුලේ සාමාජිකයන් රුපියල් ලක්ෂ එක හමාරක් පමණ වටිනා ‘ලුවි විටෝන්’ සපත්තු වර්ගය පමණක් පළඳින බවට ප්‍රසිද්ධියේ පුරසාරම් දොඩවයි; කන්නට දෙයක් නොමැතිව කරවිල පමණක් කෑම නිසා අහිංසක දරුවන් මිය යන විට ජිනීවා ගැන බොරු කියමින් ජනතා අවධානය මේ රටේ හැබෑ ප්‍රශ්න වලින් වෙනතක යොමු කරවයි. මෙවන් වූ තම රෙජීමයේ පුද්ගලික සුඛ විහරණය ගැන පමණක් හිතන ආණ්ඩුවක් ලංකාවේ මෙතෙක් පහළ වී නොමැත.
එබැවින් අප ජනතාවට මතක් කර සිටින්නේ ජනතාව ගැන අබ මල් රේණුවක තරම්වත් නොසිතන, මෙවැනි ප්‍රෝඩාකාර ආණ්ඩුවකට නිසි කල නිසි පිළිතුරු දෙන්නට ජනතාවට හැකිවන දිනය වැඩි ඈතක නොවන බවයි.
*එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය
නන්නානේ / February 7, 2014
Kiri Bon nathuwa inna ba wage thissata
/
Kinsli / February 7, 2014
ethakota wena aya anduwe innakota eyalage puthala kolapath badan wenna athi inna aththe.
/