27 April, 2024

Blog

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශාරීරික හා මානසික හිංසනයට එරෙහි අවුරුදු 11 ලාංකීය දරුවාගේ ඓතිහාසික පැමිණිල්ල විභාගයට ගනියි 

තුෂ් වික්‍රමනායක

වෛද්‍ය තුෂ් වික්‍රමනායක

ගෞරවය හා අයිතිවාසිකම් අතින් සෑම මනුෂ්‍යයකුම නිදහස් හා සමාන ලෙස උපත ලබයි. ඔවුන් තර්කානුකූලව හෘද සාක්ෂියට එකඟව අනෙකා කෙරෙහි සහෝදරත්වයෙන් ක්‍රියා කළ යුතුයඑක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය 1945   

සමානාත්මතාව, යුක්තිය සහ බලාපොරොත්තුව

ශ්‍රී ලංකා රජය සහ අධිකරණය විසින් ළමා පුරවැසියෙකු අයිතිවාසිකම් ඇත්තකු ලෙස නොසලකා හරින විට ඔබ විසින් කළ යුත්තේ කුමක්ද? ඔබ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) වෙත යා යුතුය!

“සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි විකල්ප කෙටුම්පත ප්‍රකාරව සලකා බැලීම සඳහා ඔබ විසින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ, 2019 අගෝස්තු 18 දිනැති අභියාචනය ඔබ සහ ඔබේ බාල වයස්කාර දියණිය ALWC වෙනුවෙන් අභියාචනා අංක 3793/2020 වශයෙන් ලියාපදිංචි කර ඇති බව, ඔබ වෙත ගෞරවයෙන් යුතුව දැනුම් දෙමු.

කාරක සභා නීතියෙහි 92 වන රීතියට අනුකූලව, අභියාචනයෙහි පිටපතක් රජයේ පාර්ශව වෙත යවා ඇති අතර, අභියාචනයට අදාළව යම්කිසි තොරතුරක් හෝ නිරීක්ෂණයක් වෙතොත්, කාරක සභාවට දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටිමු.”

ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට රජයේ පාර්ශවයට 2021 මාර්තු දක්වා කාලය දී තිබේ. 

ලෝක ජනගහනයෙන් මිලියන 25 ක ඉතා කුඩා ප්‍රජාවක පුරවැසියකු වන දරුවකු ලෙස, මිනිසුන් බිලියන 7.8 කගේ අයිතිවාසිකම් සහතික කරන උත්තරීතර මහ කොමසාරිස් කාර්යාලය වෙත, එළඹීම “අපට ගෞරවයකි”. එම ගෞරවය….මහ සාගරයෙහි දිය බිඳුවක් තරම් වන නමුත්,‍් සෑම බිඳුවක්ම එක හා සමාන ලෙස ගණන් ගත යුතු අතර, දරුවන්ගේ නාමයෙන් අප කරන සෑම දෙයක්ම දරුවාගේ යහපතට හේතු විය යුතුය; ළමා ආරක්ෂාව පිළිබඳ විශ්වීය ශුභාරංචිය.

මෙය, දරුවන් අනතුරෙහි හෙළමින් මුළුමහත් ළමා ආරක්ෂණ යාන්ත්‍රණයම වසාගත්  අකාර්යක්ෂමතාවය මැනවින් පිළිඹබු කෙරෙන නඩුවකි. බලධාරීන් අංගවිකල වන විට, නිලධාරීන් නිර්වින්දනය වන විට හා පුරවැසියන්ගේ සුභසාධනය සහතික කිරීමට අසමත් වූ විට, එවැනි අඩුපාඩුකම් විසඳීම සඳහා පුද්ගලයින් සහ සිවිල් සංවිධාන ඉදිරියට පැමිණීම වැළැක්විය නොහැකිය.

එවිට, ජාතික මට්ටමේ ක්‍රියාකාරකම් විදේශ අරමුදල් මත යැපෙන NGO ක්‍රියාකාරකම් ලෙසද, එම ක්‍රියාකාරීකයින් විදේශ න්‍යාය පත්‍රයන්ට අනුව ක්‍රියාත්මක වන පිරිසක් ලෙසද ව්‍යාජ ලේබල් ඇලවීම බොහෝ විට සිදු වේ. මෙය තමන්ගේම රටේ පුරවැසියන් වෙනුවෙන් සමානාත්මතාවය, යුක්තිය හා බලාපොරොත්තු ඇති කිරීමට අවංකව උත්සාහ ගන්නා පිරිස අගෞරවයට ලක් කරමින් හිරිහැර කිරීමට ගන්නා නින්දිත උත්සාහයකි.

අගෞරවය

2018 වසරේදී‍, මීගමුව ගේට්වේ කොලේජ් හිදී, මගේ දියණියට පිරිමි ගුරුවරයකු ඉදිරියේ දණ ගසා සිටීමට බල කෙරුණු අතර, ශාරීරික හිංසනයටද ලක් කෙරිණි. ඉන් අනතුරුව, ගේට්වේ කොලේජ් හි සභාපති, හර්ෂ අලස් හා විදුහල්පති දේවිකා ඔල්ඩිස් වයස අවුරුදු 11 දැරිය මානසික හිංසනයට ලක් කිරීම සඳහා ක්‍රියාකාරීව දායක වූහ. ගේට්වේ කොලේජ් වෙත අධ්‍යාපනික හා විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් කීර්තිය ගෙනෙමින් විද්‍යාලය සාර්ථකත්වය කරා මෙහෙය වූ ළමා පුරවැසියකුගේ ආත්මය බිඳ දැමීමට ස්ටිකර්, වට්ස් ඇප්, ආදි-ශිෂ්‍ය ෆේස්බුක් සටහන්, වෙබ් අඩවි හා පාසලෙන් ඉවත් වීමට බල කෙරුණු ලිපි ආදිය හිරිහැර කිරීම සඳහා භාවිත කෙරුණු ආයුධ විය. 

Pearson Edexcel ජාත්‍යන්තර අධ්‍යපන මණ්ඩලය විසින් පාරදෘශ්‍ය පැමිණිලි ක්‍රමවේදය, ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සහ ළමා මනෝවිද්‍යා පුහුණුව සියලු කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය අවම සුදුසුකමක් වශයෙන් නිර්දේශ කෙරුණද, මේ දක්වාම ගේට්වේ කොලේජ් විසින් එය ප්‍රතික්ෂේප කර තිබේ. ස්වකීය භාරකාරීත්වය යටතේ සිටියදී, දරුවන් ආරක්ෂා කිරීමේ වගකීම හා වගවීම මුළුමනින්ම පැහැර හැරීම, සම්මානලාභී යැයි කියන අධ්‍යාපනඥයකුගේ උපරිම වංකකමයි.

මේ පිළිබඳ තවදුරටත් https://www.colombotelegraph.com/index.php/justice-delayed-is-justice-denied-to-a-11-year-old/ ඔස්සේ කියවන්න. 

විශාල අගෞරවය 

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA) සහ නීතිපතිවරයා  (AG) අපරාධ චෝදනා ගොනු කිරීම හිතාමතාම ප්‍රමාද කරති. මගේ දියණියගේ නඩුවේ හත්වන නඩුවාරය වූ 2019 පෙබරවාරි 2 වන දින, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් ගරු මහේස්ත්‍රාත්වරිය වෙත දන්වා සිටියේ රජයේ රස පරීක්ෂක වාර්තාවේ සාක්ෂි නොබලා දණ්ඩ නීති සංග්‍රහයේ 308 ප්‍රකාරව, ‘කෘරත්වය යන්න නොසලකා දණ්ඩ නීති සංග්‍රහයේ 314 වගන්තියට අනුවසුළු පහරදීමක් ලෙස අවම චෝදනා ගොනු කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දුන් බවයි. ගරු මහේස්ත්‍රාත්වරිය එම උපදෙස් පිළිගැනීම ප්‍රතික්ෂේප කළාය. මේ වන විට, වසර එකහමාරකට වැඩි කාලයක් ගතවී ඇතත්, නීතිපතිවරයාගේ හා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිගේ උදාසීනතාවය හේතුවෙන් නඩුව අඟලක් හෝ ඉදිරියට ගෙන ගොස් නැත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම (HRCSL) මේ සම්බන්ධයෙන් කටයුතු කළේ, මගේ දරුවාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමිනි. 2019 අගෝස්තු මාසයේදී, සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීම සඳහා වන අධිකාරිය විසින් පවත්වන ලද විශේෂ පරීක්ෂණයකදී, මගේ දියණිය අඛණ්ඩව තුන්වන වරටත් දැඩි මානසික අපයෝජනයකට ලක් වී ඇති බව තහවුරු කෙරිණි. 2019 අගෝස්තු 8 වන දින විශේෂ විමර්ශනයේදී කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කළ මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස් සහ අධිකාරියේ මණ්ඩල සාමාජික හමීඩ් ගසාලි හුසේන්, පිටු 30 ක සවිස්තරාත්මක වාර්තාවට අත්සන් කිරීමෙන් හිතාමතාම පලා ගොස් ඇති අතර, විමර්ශනය තවමත් විසඳී නොමැත. එවැනි සදාචාර විරෝධී පුද්ගලයින් රාජ්‍ය  ධූර දැරීම තහනම් කළ යුතු වුවද, ඔවුන් වංකකම රජයන රාජ්‍ය සේවාවක් තුළ යළි මතු වන බව මට සහතික ය.  

ශ්‍රී ලංකා පොලිසිය පැමිණිල්ල යට ගැසීමට අපයෝජකයින්ගේ බලපෑම්වලට යටත් විය. තමන් ගේට්වේ කොලේජ් හි බලධාරීන් විසින් මෙහෙය වනු ලැබූ බව සිය ෆේස්බුක් නිල පිටුව මගින් පෙන්නුම් කරමින්,  මා හට ‘පිස්සු’ යැයි හැඳින් වූ සීදුව පොලිසියේ ස්ථානාධිපතිවරයා, වෘත්තිය සදාචාරය භංග කළ බව පිළිගත්තේය. පසුව මෙවැනි අසත්පුරුෂයකුට ස්ථාන මාරුවක් පමණක් ලබා දීමෙන් තවදුරටත් වින්දිතයින්ට අතවර කිරීමට ශ්‍රී ලංකා පොලිසිය අවසර ලබා දුන්නේය. මේ සම්බන්ධයෙන්  ජාතික පොලිස් කොමිසමට කරන ලද පැමිණිල්ල තවමත් විසඳී නොමැත.                                                                                                                                                                                                                   

සුවිශාල අගෞරවය

2019 නොවැම්බර් මාසයේදී සිය ධූරයෙන් නික්ම ගිය, එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනරෝයල් පාක් ඝාතකයාවූ ජූඩ් ජයමහට සමාව දීමෙන් ළමා ආරක්ෂණ මිනී පෙට්ටියේ අවසන් ඇණය ගසමින් සමාජය තුළ විනාශකාරී කම්පනයක් ඇති කළේය. ධනවත් උසස් පවුලක ජූඩ් ජයමහ හට වසර 12 සිර දඬුවමක් නියම වී තිබිණි. 2005 වසරේදී ස්වීඩන් ජාතික නව යෞවනියක ඝාතනය කිරීම හේතුවෙනි. එම සිර දඬුවමට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය ප්‍රතික්ෂේප කෙරුණු අතර, වෙනුවට 2014 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට මරණ දඬුවම නියම කරන ලදී.

එමෙන්ම, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද, මිරුසවිල් ඝාතකයා වන සුනිල් රත්නායක හට 2020 මාර්තු 28 වැනිදා සමාව දෙමින්, එම මිනි පෙට්ටියේ ඇණය තද කළේය. ජනාධිපතිවරයා මිරිසවිල් ඝාතකයා නිදහස් කරන විට, කොවිඩ් 19 වසංගතයෙන් බැට කමින් තිබූ දූපත් පාරාදීසය, ආන්දෝලනයෙන් සලිත විය. 

මෙය ළමා ආරක්ෂණ ජාතික අර්බුදයේ පසු බැස්ම ආරම්භ කළ සිදු වීමක් වූ අතර‍, මාස 7 ක්, අවුරුදු 11 ක් සහ අවුරුදු 17 ක් වයසැති ළමුන් තිදෙනකුම දරුණු ලිංගක අපයෝජනයට ලක් කර ඝාතනය කිරීම වාර්තා විය. 2020 ජනවාරි සිට සෑම පැය දෙකකට වරක්ම දරුවකු අපයෝජනයට ලක්වන බවට ශ්‍රී ලංකා පොලිසිය අදහාගත නොහැකි අනාවරණයක්ද සිදු කර ඇත. 

සුරක්‍ෂිත භූමියක් නිර්මාණය කිරීමෙන් රටේ දරුවන් ආරක්ෂා කරන බවට ජාතියේ පියා  ප්‍රතිඥා දුන් විට, ඔහු කළ නිර්දය වංකකමේ තරම කිසිවකුට තේරුම්ගත නොහැකිය.

ගෞරවය

පුරවැසියන්, විශේෂයෙන් ළමා පුරවැසියන් සිය අයිතිවාසිකම් සහ වගකීම් අගය කිරීම සත්‍ය වශයෙන්ම, ගෞරවයකි. පුරවැසියන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා බලධාරීන් වගකිව යුතු බවට තේරුම් ගනිමින් ඔවුන් නිර්භීතව හා ධෛර්යයෙන් කටයුතු කිරීමද  ගෞරවයකි. පුරවැසියන්ට තමන්ගේ අයිතිවාසිකම් කෙරෙහි බලාත්මක වීම පමණක් නොව, ඊළඟ පරම්පරාව වෙත නොපසුබට උත්සාහයේ ආලෝකයක් බවට පත්වීමට ශක්තිය ලැබීමද ගෞරවයක් වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අවසන් තීන්දුව, 21 වන ශතවර්ෂයේ ගෝලීය පුරවැසියන් ලෙස, ශ්‍රී ලංකාවේ මෙන්ම, ලෝකයේද කිසි දිනෙක ළඟා නොවූ ක්ෂේත්‍රයන්හි ළමා ආරක්ෂණය හැඩගැස්වීමෙහිලා මහෝපකාරී වනු ඇත.

අප ප්‍රාතිහාර්යයන් අපේක්ෂා නොකරන නමුත්, අපගේ පාරාදීසයේ පුරවැසියන්ට සමානාත්මතාවය, යුක්තිය සහ බලාපොරොත්තුව අල්පයක් හෝ ලබා දීමට උත්සාහ කරන්නෙමු!

*වෛද්‍ය තුෂ් වික්‍රමනායක – සභාපතිනියළමා හිංසනයට තිත පදනම

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    මහත්මියනි,
    මේ රටේ රාජාප්ක්ශෙ වරුන් හා එවුන්ට කත් අදින පිරිස් කොතරම් මූලික වන මානව අයිතිවාසිකම් රකිනවාද කියන එක, එවුන්ගේ බර අදින බහුතරයක් පිරුනු රටේ පවතින සමාජයේ එලි දකින්නෙ නැහැ. එවැනි මාධ්‍ය කලාවක් මේ රටේ මේ අද වෙනකොට ක්රියාත්මක වෙන්නෙ…
    මෙ රටේ බහුතරය් කබලෙන් ලිපට වට්ටන්නෙ.. රටේ ඉන්න මාධ්‍ය හසුරුවන ත්කක්කඩියො… මිනින්සුන් අන්දානු කරනය වෙනකොට… අපරාද රැලි … මේ රටේ වැඩි වෙමින් පවතිනව… මේ දිනවල … තිරිසන් බල්ලන්ට විරුන්දව කතා කරන සමාජ වෙබ් අඩවි වල කට යුතු කරන එවුන්ට විරුද්දව කටයුතු කරන බව පේනව.. එනමුත් තිරිසන් රාජපක්ශ් වරු මේ රටා අපරාද විමර්ශන ආයතනයට මූලික් පහසුකම් වත් තීල නැහැ.. එනමුත් රටේ රජයේ ආදයමෙන් බිල්ලිඅන් ගානක්… මැඩමුලන් හොරු රකින්න වියදම් කරනව.. හරියට නම්, මේ තිරිසන්නු ඉන්න ඕන හිරගෙවල් වල නේද ?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.