19 April, 2024

Blog

නවනීදන් පිල්ලේ ප්‍රතික්ෂේප කළ යුත්තේ ඇයි?

උදය ගම්මන්පිල​

උදය ගම්මන්පිල

පසුගිය සතියේ ලංකාවේ සංචාරය කළ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ මැතිණිය දෙමළ බෙදුම්වාදින්ට නම් තමන්ව බේරා ගැනීමට පැමිණි ගැලවුම්කාරියකි.  විපක්ෂයට නම් තමන් වෙනුවෙන් ආණ්ඩුවට බැට දෙන සුර දූතියකි.  අපට නම් ලංකාව දඬු කඳේ ගැසීමට පැමිණි මර දූතියකි.  සමහර ඇමතිවරු ඇය සිය වාර්තාවේ පළමු අකුර ලිවීමටත් පෙර ඇය ලබා දෙන්නේ සාධාරණ වාර්තාවක් බව පවසමින් ලංකාවේ අනාගතය බරපතල අවදානමකට හෙලා ඇත.  එවැනි පසුබිමක අප මර දූතියක ලෙසින් පිල්ලේ මැතිණිය ප්‍රතික්ෂේප කරන්නේ ඇයිදැයි ජාතිය හමුවේ තැබීම අපගේ යුතුකමකි.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් යනු ලංකාව යුද අපරාධ කළ බවට චෝදනා කරමින් 2012 දී සහ 2013 දී යෝජනා සම්මත කළ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේ ප්‍රධාන විධායක නිළධාරිනියයි. මේ වසරේ සම්මත වුණු යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කර මෙරට මානව හිමිකම් තත්වය පිළිබඳ ලබන මාසයේ පැවැත්වෙන 24 වන සැසිවාරයට වාචිකව ද 2014 මාර්තු මාසයේ පැවැත්වෙන 25 වන සැසිවාරයට ලිඛිත වාර්තාවක් ලෙස ද කරුණු වාර්තා කිරීම ඇයට භාර විය.  එබැවින් ඇය පැමිණෙන්නේ ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමටයි.

ශ්‍රී ලංකාව කොටි විරෝධි යුද්ධයේ අවසාන සමයේ දී මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂික නීති උල්ලංඝණය කරමින් යුද අපරාධ සිදු කළ බවට ඉහත යෝජනාවන්ගෙන් චෝදනා එල්ල කර තිබිණි.  මෙකී චෝදනාවන්ට පදනම වූයේ එක්සත් ජාතින්ගේ මහ ලේකම් බැන් කී මූන් විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටුව නිකුත් කළ වාර්තාවයි.  මර්සුකි දරුස්මාන්, යස්මින් සූකා සහ ස්ටීවන් රැට්නර් සාමාජිකත්වය දැරූ මෙම කමිටුව විසින් යුද සමයේ දී අපගේ හමුදා විසින් අහිංසක දෙමළ ජනතාව 40,000ක් මරා දැමුවා වැනි බරපතල චෝදනා එල්ල කර තිබිණි.  එකී චෝදනාවන්හි ඇත්ත නැත්ත පිළිබඳ ද පිල්ලේ මැතිණියට වාර්තා කිරීමට සිදුවනු ඇත.

පිල්ලේ මැතිණිය දකුණු අප්‍රිකාවේ හුදෙක් නීතිඥවරියක පමණක් නොව හිටපු විනිසුරුවරියකි.  එබැවින් ඇය නීතියේ එන ස්වභාවික යුක්ති මූලධර්ම පිළිබඳ හොඳින් දනියි.  ඒ අතර ප්‍රමුඛතම නීති සංකල්පයක් වන්නේ ලතින් බසින් Nemo iudex in cause sua  ලෙස දැක්වෙන “තමන්ගේ නඩුව තමන් නොඇසිය යුතුය“ යන්නයි.  තමන්ට යම් සම්බන්ධයක් තිබෙන අයගේ නඩු තමන් නොඇසිය යුතු බව එයින් අදහස් කෙරේ.  නවි පිල්ලේ මැතිණිය දෙමළ ජනතාවට යුද අපරාධ සිදුවුණි දැයි පරික්ෂා කිරීමට පැමිණීමෙන් මෙම සංකල්පය උල්ලංඝණය වන්නේ කෙසේදැයි අපි දැන් විමසා බලමු.

පිල්ලේ මැතිණිය දෙමළ ජාතික කාන්තාවකි.  එපමණක් නොව දෙමළ ජනතාව කෙරෙහි ඇයට ඇත්තේ හෘදයාංගම බැඳීමකි.  1960 දී ඇය සරසවියට තේරුණු නමුත් ඊට අවශ්‍ය මුදල් වියදම් කිරීමට රියදුරෙකු වුණු ඇයගේ පියාට හැකියාවක් නොතිබුණි.  එබැවින් ඇයගේ කලා උපාධියට මෙන්ම නීති උපාධියට ද අවශ්‍ය බර පැන දැරුවේ ඩර්බන් නගරයේ විසූ දෙමළ ජනතාවයි.  එබැවින් සමස්ත දෙමළ සමාජයටම තමන් ණයගැති යැයි හැඟීමක් අනිවාර්රයෙන්ම ඇයට ඇති වනු ඇත.  පසුකාලීනව ඇය නීතිඥවරියක ලෙස පීඩිත ජන කොටස් සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළාය.  හැඟීම්බර දෙමළ කාන්තාවක ළෙස කටයුතු කරමින් දෙමළ ජනතාවට යුද අපරාධ සිදුවුණි දැයි පරික්ෂා කිරීමට පැමිණෙන විට කිසිවෙකුට ඇය අපක්ෂපාති වනු ඇතැයි අපේක්ෂා කළ නොහැක.

1949 දී බහුතර කළු ජාතිකයින් විසින් දකුණු අප්‍රිකාවේ වසන ඉන්දියානුවන්ට එරෙහිව ජාතිවාදී හිංසනයක් මුදා හල විට ඇය අට හැවිරිදි දැරියකි.  2002 අගෝස්තු 11 දින දී විනෝද් රෙඩ්ඩිට ලබා දුන් ගුවන් විදුලි සාකච්ඡාවේ දී ඇය එම ජාතිවාදි කෝලහාලයේ ගොදුරක් වුණු අයුරු ඉතාම හැඟීම් බරව විස්තර කළාය.  ඇය ලාංකික දෙමළ ජනතාව දකිනු ඇත්තේ තමන් වැනිම බහුතර ජාතියේ හිංසනයට ගොදුරු වුණු සහෝදර පිරිසක් ලෙසයි.

දකුණු අප්‍රිකානු ආණ්ඩුව නිර්ලැජ්ජිත ලෙස වර්ණභේදවාදය නීතිගත කර තිබිණි.  ඒ අනුව සුදු (යුරෝපීයන්), කළු (අප්‍රිකානුවන්), දුඹුරු (ඉන්දියානුවන්) සහ මිශ්‍ර ලෙස සමස්ත ජනතාව වර්ග කර ඔවුන්ට වෙන වෙනම අයිතිවාසිකම් සහ වරප්‍රසාද නියම කර තිබිණි.  පිල්ලේ මැතිණිය අයත් වූයේ දුඹුරු කණ්ඩායමට බැවින් අධ්‍යාපනික, වෘත්තීය සහ සමාජීය යන සෑම ක්ෂේත්‍රයකම ඇයට දොරගුළු වැසුණු අතර දැඩි පීඩාවන්ට ලක්විය.

සුළු ජනවාර්ගිකාවක ලෙස ඇය විඳි දුක විසින් ඇය සුළු ජනවර්ගයන් කෙරෙහි අනුකම්පාවෙන් බලන පුද්ගලයෙකු බවට පත් වී ඇත.  ලංකාව කිසි කළක දකුණු අප්‍රිකාව වැනි ජාතිවාදි නීති සම්මත කර නැතත් ඇයට ලංකාණ්ඩුව සිහි ගන්වන්නේ දකුණු අප්‍රිකානු ආණ්ඩුවයි.  අහිංසක දෙමළ ජනතාව 40,000ක් මැරූ බව පවසන විට ඇයට සිහි වන්නේ 1949 ජාතිවාදි කලබලයයි.  එමෙන්ම පීඩිත ජනවර්ගයන්හි අයිතින් වෙනුවෙන් සිය ජීවිතය කැප කරමින් ඇය කළ අරගලයයි.  එබැවින් ඇයගේ ජීවන අත්දැකීම් විසින් දෙමළ ජනතා ප්‍රශ්න වල දී ඇයට අපක්ෂපාතිත්වය අහිමි කර ඇත.

පිල්ලේ මැතිණියගේ සැමියා වන ගැබි පිල්ලේ 1967 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 1971 දී අත්අඩංගුවට ගන්නා ලදී.  ඇය බිරිඳක් ලෙස හඬා වැලපීමෙන් නොනැවතී සිය සැමියා නිදහස් කර ගැනීමට නීතිඥවරියක ලෙස නඩු මගට පිවිසියාය.  ඇය අවසානයේ දී නඩුව ජය ගත්තේ එකී පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් පසු උසාවි නියෝගයකින් නිදහස් වුණු පළමු පුද්ගලයා බවට සිය සැමියා පත් කරමිනි.  ඉන්පසු ත්‍රස්තවාදියෙකු ලෙස යමෙකු අත්අඩංගුවට ගත් සැණෙන් ඔහුගේ පවුලේ අය නීතිඥ සහය සොයා ආවේ නවි පිල්ලේ වෙතටයි.  ඇය ත්‍රස්තවාදි සැකකරුවන් සිය ගණනකට නීති සහය ලබා දී ඇත.  ඇය ත්‍රස්තවාදින් ලෙස අත්අඩංගුවට පත් වුණු අයගේ ශෝචනීය කතා පසුකාලීනව හැඟීම්බරව මාධ්‍යයට හෙලි කර ඇත.  මෙම පසුබිම හේතුවෙන් ඇය ත්‍රස්තවාදින් තුලින් දකින්නේ තමන්ගේ සැමියාය.  නැතහොත් තමන් නිදහස් කර ගැනීමට උසාවියේ සටන් වැදුණු ත්‍රස්තවාදි සැකකරුවන්ය.  වර්ණභේද ආණ්ඩුවකට එරෙහිව ඔවුන් කළ අරගලය සමහර විට සාධාරණ වනු ඇත.  නමුත් මානව හිමිකම් කොමසාරිස් ධූරය දරමින් ඇයගේ අත්දැකීම් සාමාන්‍යකරණය කළොත් එයින් හානි වන්නේ ලොව පුරා දරුණු ත්‍රස්තවාදයන්ට එරෙහිව සටන් වැදී සිටින ජාතින්ටයි.

මූන් කමිටුවේ සාමාජිකාවක වූ යස්මින් සූකා ද නීතිඥවරියකි.  මානව හිමිකම් පිළිබඳ දකුණු අප්‍රිකානු රාජ්‍ය නොවන සංවිධානයන්හි සිටි ප්‍රමුඛතම නීතිඥවරියන් වූයේ පිල්ලේ සහ සූකාය.  එබැවින් මේ දෙදනා ප්‍රාණ සමාන මිතුරියන් බවට පත්විය.  සූකා විධායක අධ්‍යක්ෂවරිය වන මානව හිමිකම් පිළිබඳ සූකා මධ්‍යස්ථානයේ අනුශාසිකාව වන්නේ පිල්ලේය.  එමෙන්ම සූකා සංස්කරණය කරන “ට්‍රාන්ස්නැෂනල් ජස්ටිස්“ සඟරාවට පිල්ලේ නිතරම ලිපි සපයන ලේඛිකාවකි.  මූන්ගේ කමිටුව සඳහා සූකාගේ නම නිර්දේශ කලේ පිල්ලේ යැයි ජනප්‍රිය මතයක් පවතියි.  මේ අනුව පිල්ලේ මැතිණිය ලංකාවට පැමිණ ඇත්තේ සිය සමීපතම මිතුරිය සැපයූ වාර්තාවේ නිවැරදි බව සෙවීමටයි.  මෙය සමාන කළ හැක්කේ හොරාගේ අම්මාගෙන් වෙනුවට හෙරගේ මිතුරියගෙන් පේන ඇසීමටයි.

පිල්ලේ මැතිණිය විසින් යුද සමයේ දී මෙන්ම යුද්ධයෙන් පසුව ද ඇගේ දෙමළ ගැති මානසිකත්වය හෙලි වන අයුරින් කටයුතු කර ඇත.  2009 වසරේ යුද්ධයේ අග දී සටන් විරාමයක් ප්‍රකාශ කරන මෙන් බටහිර රටවල් ලංකාවට බල කරන විට මානව හිමිකම් කොමසාරිස් ලෙස ඇය ද එයට සහය පල කළාය.  2009 මාර්තු 13 දින ඇය නිකුත් කළ මාධ්‍ය නිවේදනය මීට කදිම සාක්ෂියකි.  ඊට අනුව ඒ වෙනවිටත් සාමාන්‍ය වැසියන්ගේ මරණ සංඛ්‍යාව කම්පනයක් ඇති කරන මට්ටමට පැමිණ ඇති අතර වහාම සටන් විරාමයක් ප්‍රකාශ නොකළොත් දැවැන්ත ව්‍යසනයක් සිදුවනු ඇත.  කිසිවක් නොදුටු නමුත් හමුදාව විසින් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් නම් කර ඇති යුද මුක්ත කලාපයන්ට කාලතුවක්කු වෙඩි මුර එල්ල කරමින් යුද අපරාධ සිදුකර ඇතැයි අඇය ඉතාම විශ්වාස‍යෙන් සඳහන් කළාය.

ජනවාරි 19 සිට මාර්තු 13 දක්වා කාලය තුල දෙදහසකට වැඩි සාමාන්‍ය වැසියන් පිරිසක් මිය ගොස් හත්දහසකට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ඇය සිය නිවේදනයේ සඳහන් කළාය.  තමන්ට මෙම දත්ත ලැබුණේ ඉතාම විශ්වාසනීය ආරංචි මාර්ගයකින් බව සඳහන් කළත් එම විශ්වාසනීය ආරංචි මාර්ගය කුමක්දැයි ඇය මෙතෙක් හෙලි කර නැත.  මෙම තත්වය යටතේ පදනම් විරහිත කරුණු වලින් පිරුණු ඇගේ මෙම නිවේදනයේ නිවැරදි බව තහවුරු කිරීම සඳහා මෙම සංචාරය භාවිතා කිරීමට පුළුවන.

ඉහත කරුණු මත ලංකාව යුද අපරාධ කළාදැයි සෙවීමට ඇයට කිසිම සදාචාරාත්මක අයිතියක් නැත.  එමෙන්ම ඇය යුද අපරාධ පිළිබඳ අවංකවම උනන්දු නම් ඇය යා යුත්තේ ලංකාවට නොව ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව, ටියුනීසියාව හෝ ඊජිප්තුවටයි.  බටහිර හමුදා විසින් ටොන් ගණනින් බර බෝම්බ ගුවනින් හෙලමින් ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ පමණක් සාමාන්‍ය වැසියන් දශ ලක්ෂයකට වැඩි පිරිසක් මරා දමා ඇත.  ඇයට “අවාසියා කර්ණාබාධා“ රෝගය වැළඳී නැතිනම් මේ පිළිබඳ ක්ෂණික පරීක්ෂණයකට යොමු විය යුතුය.

බටහිර ආශිර්වාදයෙන් ආණ්ඩුව පෙරලූ ඊනියා ලිබියානු විමුක්තිකාමින් එරට ජනපතිව සිටි මුවම්මර් ගඩාපි මරා දැම්මේ දෙනෝ දහක් සෙනඟ මැද පාර දිගේ ඇදගෙන ගොස් කාණුවකට දමා පොලු වලින් තැලීමෙනි.  එමෙන්ම ඔහුගේ කාන්තා ශරීරාරක්ෂක භටයින් දූෂණය කර පණ පිටින් පුළුස්සා මරා දමන ලදී.  මේවා ප්‍රසිද්ධියේම වුණා පමණක් නොව ඒ පිළිබඳ වීඩියෝ පට අන්තර්ජාලයේ දක්නට ඇත.  නමුත් මේ පිළිබඳ මානව හිමිකම් කොමසාරිස්තුමිය කිසිම පියවරක් නොගත්තේ එම මැරයින් බටහිරට හිතවත් බැවිනි.

මෑතක දී ඊජිප්තුවේ අධිකරණය සහ හමුදාව කුමන්ත්‍රණය කර මහජනතාව පත්කර ගත් බටහිර විරෝධි ජනාධිපති වන මොහොමඩ් මෝර්සි බලයෙන් පහ කරන ලදී.  එය සමස්ත ජාතියේම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහිමි කිරීමකි.  නමුත් මේ පිළිබඳ කිසිවක් කිරීමට මෙතෙක් මානව හිමිකම් කොමසාරිස්තුමිය වෙර දරා නැත්තේ එය ද බටහිර කුමන්ත්‍රණයක් හෙයිනි.

ඇත්තෙන්ම මානව හිමිකම් කොමිසම අද ක්‍රියාත්මක වන්නේ බටහිර රටවල බළල් අතක් ලෙසය.  බටහිරට කීකරු නොවන ආණ්ඩු දමනය කිරීම මානව හිමිකම් සභාවේ රාජකාරිය වී ඇත.  ඉහත තොරතුරු කියා පාන්නේ සිය ජාතිය වෙනුවෙන් හැඟිම්බර සිය මිතුරියගේ බලපෑමට යටත් නවි බටහිර වෙනුවෙන් සේවය කරන පිල්ලේ මැතිණියට පමණක් නොව කිසිම මානව හිමිකම් කොමසාරිස්වරයෙකුට ලංකාවේ මානව හිමිකම් පිළිබඳ සොයා බැලීමට කිසිම සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.

*උදය ගම්මන්පිල බස්නාහිර පළාත් සභාවේ ඇමතිවරයෙකි. ඉහත ලිපිය ඔහුගේ නිල වෙබ් අඩවවියෙනි

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Racism dripping from Udaya Gamanpilla’s article as usual! How come just the fact that Navi Pillay being a Tamil affect her official capacity to produce a report on Sri Lanka where Tamils are also an affected party? The principle of natural justice never takes somebody’s right to sit in judgement of a party of one’s own ethnic background. In fact Navi Pillay is not judging anything here in a court of law. She is just gathering facts and producing a report to be taken into consideration by an International body.

    According to this stupid argument, a Sinhalese judge cannot sit in judgement of a case of an ethnic dispute where a Sinhalese is involved? Then, why did LLRC consist of Sinhalese and Tamils? According to Gamanpila’s nonsense, they violated the principle of “Nemo iudex in cause sua” by gathering facts presented by ethnic Sinhalese and Tamils on matters related to the 30 year conflict with sensitive issues to do with ethnicity itself?

    In fact all principles of natural justice were humiliated in the unconstitutional process to impeach the cheif justice Shirani Bandaranayake. Did we hear Udaya Gamanpila raising any concerns about the Government’s violation of the “Nemo iudex in cause sua” principle? Did we hear Udaya Gamanpila raising any concerns about the way the military court functioned to send General Sarath Fonseka behind bars?

    What transpires in Gamnpila’s racist nonsense is the working principle of his party – JHU – and those of the Government. keep in mind that Sri Lankans are fed up with your filthy racist crap. But I thank you for vomiting it out for us to smell its real smell.

    • 0
      0

      Well said Thrishantha…..

  • 0
    0

    නවි පිල්ලේගේ පැමිනිම රටේ අභාග්යක් මිස වෙනත් දෙයක් නොවේ…රෙජිමයේ මේ අන්තොනොමතික දුර්දාන්ත වැඩපිලිවෙල අබියස අරාජික වන රට හමුවේ දෙමල ඩයස්පොරාවේ ඉල්ලිම් අඩු වැඩි වශයෙන් නවි පිල්ලේ මහත්මියට ඉටු කිරිමට සිදු වෙයි. එය ලොක දේශපාලනය අනුව සත්යකි. මන්දයත් නවි පිල්ලේ හො වෙනත් කුමන හො කෙනෙකු ඔත්නට පත් උනත් සිදු වන්නේ හොල්මන් සතුටු කිරිම නොව ත්මනට වඩිපුරම බලපැම් කල හැකි දෘශය පාර්ශවය සතුටු කිරීම වෙනුවෙනි…යුධ අපරාද සිදු කලේ ලක් ජනයා නොවේ. යුධ අපරාධ කරන්න ලක් ජනයා අනුමැතිය හො එකගත්වය පල කලේ නැත. නමුත් රට දෙකඩ වන්නට පිබුරු පත් මේ රෙජිමය සහ ආදාල ප්රබල පාර්ශව විසින් සාදනු ඇත. බොරු වියාජ් උද්ගොශන මාධය සාකච්චා බයිලා ගාසා නවි පිල්ලේට පහරදිම විහිලුවකි. ජාත්යාන්තර ප්රබලයනට ගේම් ගසන්න ලංකාව පාරාදිසය්ක් කලේ මේ අන්තොනොමතික පාලයකා මිස වෙනත් කෙනෙකු නොවේ. ඔය කියන ඊනියා ජාත්යාන්තරයට ඔනැ ඔනැ දේවල් කිරිමට හැකිනම් වර්තමානයේ කියුබාව, වෙනිසියුලාව හො ඉරානය කියා රටවල් නොමැත…වෙනිසියුලාව ලොව ප්රධාන තෙල් සැපයුම් කරුවෙකි. හියුගො චාවේස් සෘජුව ඇමෙරිකාවට අභියොග කරයි….ඇමෙරිකාව හො එක්සත් ජාතින් යුධ නැව් ඒ රට අභියසට යවා නැත. යුධ අපරාද චොදනාද නැත. අපේ ඊනියා පොරවල් හිතාගෙන ඉන්නේ ජාත්යාන්තරය ඔනැ ඔනැ විදිහට හැසිරෙන බවය. පාලකයා තම මිනිසුනට සාධරනය, යුක්තිය, ගෞරවය දක්වන තාක් කල් ජාත්යාන්තරය සාපෙශව නිහඩව සිටිති. ඒ වගේම ප්රතිරොධය දක්වන පාර්ශවයේ ශක්තිය, ඔවුනට ලැබෙන වාසි, ලොක දේශපාලනය සහ වෙනත් සාධක මත ඔවුන් කලට වේලාවට දාම් ලැල්ලට එයි… එක ප්රබලයෙක් දාම් ලැල්ලට එනවිට අනෙකුත් ඔවුන්ගේ අනුගාමිකයන් සහ ප්රතිවිරුධ පාර්ශවද එතනට එති…ඔවුන් එකිනෙකා ඔවුන්ගේ ඇජෙන්ඩා ක්රියාත්මක කරති…අපේ ඊනියා පොරවල් හිතාගෙන සිටින්නේ…ඔබමාගේ හො පුටින්ගේ කවුරුහරි අපී මහින්දගේ කොල්ලො විවාහ වෙලා බවය… නවි පිල්ලේ හෙට යති…නමුත් අප රටක් ලෙස වගබලා ගත යුත්තේ තව නවි පිල්ලේලා රට තුලට පැමිනිම වලක්වා ගැනිමට රට තුල ප්රස්න ඇති නොකිරිමය…එය පාලකයා වගකිමක් මිස ජනයාගේ නොවේ….පාලකයා එසේ නොකරනවානම් …වගකිමක ඇති ජනයා විසින් කල යුත්තේ වෙනත් පාලනයක් ඇති කිරිමය…එසේ නොමැතිනම් නවි පිල්ලෙට තඩි නොබා කටවහගෙන හිටු….

  • 0
    0

    88-89 ප්‍රශ්ණය ජිනිවා අරං ගිහිං පොර වෙච්ච මහින්දව ඔබ අප කාට නම් අමතක වේද.වාසුදේවගේ ජංගි අස්සේ පින්තුර හඟලා වාසුව ඉන්දියාවට පන්නලා,මහින්ද පින්තුර පුකේ ගහගෙන ක‍ටුනායක ගුවන් තො‍ටුපලේදි ඉල්ලං මාට්‍ටු වෙලා පත්තර කාරයෝ ඉස්සරහ වීරයා වෙලා ලොකු ෂෝවක් දැම්මා ,අපිට නං අමතක නෑ.ඒ කාලේ මහින්ද ගැන අපිටත් පොඩි කික් එකක් තිබ්බා,ඇයි ප්‍රේමදාස හනුමා වරං ගත්තා වගේ කොල්ලෝ මරනවානේ.අපිත් පණ බයේ හිටියේ ඒ කාලේ අපෙත් කොලු කාලේ නේ. ප්‍රේමෙට තරුණයෝ පෙන්නන්න බෑ.ටයර් හන්දියක් ගානේ පිච්චෙන්නේ.ඔය අතරේ මහින්ද සීතල කාලේ ජිනිවා ගිහිං වාසු එක්ක කාමරේක ඉඳලා ටැක්සියෙන් මානව හිමිකං කවුන්සලේට ගිහිං ඒ පින්තුර,වාර්තා ඉදිරි පත් කරලා ප්‍රේමදාසව පදිරි කරලා වීරයා වුණා.ජේ.වි.පි සහොදරයෝත් හොරෙන් හොරෙන් මහින්දට ෆුල් ලව්.මීට පොඩි කලකට ඉස්සර ජාතික ද මොකක්ද කියා ගන්නා පත්තරේක දේසපාලනේ ලියන අතිරේක කැල්ලක මහින්දව නග්ගන්න මේ කතාව සති පතා පලවුනා.ඒක බැලුවම ඇඬේනවා මහින්ද කාලා තියෙන කට්ට ගැන ඇහැව්වම.කොහොම හරි මිනිහා ලංකාවේම මානව හිමිකම් ගැන වීරයා පමණක් නෙවෙයි අයිති කාරයා බවටත් පත් වුණා.ඔහොම ගිහිං එකමත් එක කාලෙක් එතුමා 5 වැනි මහින්ද විදියට ලංකාවේ රජ වෙනවා.මෙයාට මාර කේවට්ට සැට් එකකුත් ඇති වෙනවා.ඔය අතර ඉන්න රජතුමාට කඩේ යන ජැක්සන් කියන කලාව කරන පොරක් කියනවා මහින්ද රජතුමා බුදුන්ටත් නෑදෑ වෙනවා කියලා.ඉතිං මහින්ද රජතුමා විසාල යුද්ධෙකුත් කරනවා.කරලා ජයත් ගන්නවා.ඒකට එයාගේ සහෝදර පිරිස විතරක් නෙවෙයි රටේ ජහමනයාත උපරිම සපෝට් එකක් දෙනවා.”ඔබ තුමා යුද්ධේ කරන්න අපි බඩ ගැන බලා ගන්නම්”කියලා ජහමනයාත් කියනවා.රජතුමා මිනිස්සුන්ට ලොකු හිනයක් පෙන්නනවා.කට්ටිය ඇස් ඇරගෙනම සීහින ලෝකයේ ගිලි යනවා.හරි ආතල්.ගම්මන්පිලලා වගේ සට්ටම්ඹියෝ රජතුමාට නමස්කාර කරන අතර අ‍තෝරක් නැතුව කට්ටිය රජාගේ දෑත් සක්තිමත් කරන්න ස්වෙච්චාවෙන්ම ඉදිරිපත් වෙනවා.එහෙම ඉදිරි පත් වෙච්ච සෙන්පතියෙක් අතිං රජාගේ වෘත්තිය සමිති පිළිබඳ සෙන්පතියා යටියන්තෝට යනවා.ඒ නාට්‍යට “මට මතක නෑ” කියලා නමක් වැටෙනවා………………..ඔහොම ගිහිං ජිනිවා කේස් එක මාර සිරා වෙනවා.රජාට විදුලි පු‍ටු හාන්සි පු‍ටු වගේ පේන්න ගන්නවා.රජා කෙරුවාව කොච්චර හොඳට කරනවාද කියනවා නං ගම්මන්පිල කියන විදියට මානව හිමිකම් පිල්ලියක් ලංකාවට කඩාගෙන පාත් වෙනවා.කට්ටිය සුළු දිය පහවෙන තරං වැඩේ.නිල චාරිකාවක් එන ලෝක සංවිධානයක කාන්තාවකට විවාහ යෝජනා ගෙන්න තර රජාගේ ඇම[ටි]යෝ විකාර වෙනවා………මුල් කතාවේ මහින්ද මාර කට්ටක් කාලා ලංකාව ගැන කියන්න ජිනිවා ගියත් අද මහින්ද රජා කරන දහ දුරා වැඩ ගැන ලංකාවේ ඉන්න මහින්දට විරුද්ධ මත දරන අය සත පහක් වත් වියදං නොකර ෆයිල් පිටිං ,වීඩියෝ පිටිං පිල්ලේ නෝනා ගෙදරට ඇවිත් අරං ගියා.කතාව එහෙම ඉවර වුනාම කාටද ආඩම්බර………ගම්මන්පිල වගේ උත්තමයින්ට නෙවෙයිද.ජ්හා කොටියා…………

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.