26 April, 2024

Blog

අනේ අනිච්ඡං – නලීන් නොදකින මොක්පුර

උදය ආර්. තෙන්නකෝන්

උදය ආර්.තෙන්නකෝන්

සිංහලයාට, සිංහල ගැමි බෞද්ධයාට පමණක්  හැඟෙන්නේ යැයි, උපදින්නේ යැයි සඳහන් කරන “අනේ අනිච්ඡං“ යන ගැඹුරු දාර්ශනික සිතිවිල්ල පිළිබඳ මහාචාර්ය නලීන් ද සිල්වාගේ ‍ප්‍රවාදයේ ඇති අධිමානික හරයේ දිග පළල පිළිබඳව කෙටි සාකච්ඡාවක් කිරීම, ලාංකික සමාජය පුරා වෙලී ඇති අගතිය දුරුකර ගැනීමට ඉවහල් වනු ඇතැයි සිතමි.  ඔහුගේ සිංහල බෞද්ධ චින්තනය පදනම් කරගත් අති ජාතිවාදය විසින් බෞද්ධ දර්ශනයේ මූලික සංකල්ප පවා විකෘති කිරීමත්, ඒ තුලින් ෆැසිස්ට් බෞද්ධ දර්ශනයක් බවට පරිවර්තනය කිරීමට සිංහල බෞද්ධ ජාතිවාදයට හැකිවාව ලැබී ඇත. ඔහුගේ මෙම සංකල්පීය ව්‍යාපෘතිය හරියට සම්පූර්ණ ගෙයක් කුඩා කාමරයකට ඇතුල් කිරීමක්, නැතිනම් බූලියකට බැරල් එකක් බැස්සීමක් වැනි චින්තනයකට පටුවීමත් නිසා ඔහුගේ ලෝක දැක්ම ලංකාව නැමති ලෝකයට බොන්ෂායි කර ගැනීම නිසා නිලීන් වැනි බුද්ධිමතෙකුගේ නිර්මාණශිලීත්වය ඇත්තේ එම විකෘතිය තුලමය. එනම් ඔහුගේ පැවැත්ම හා අනන්‍යතාව ඇත්තේ බොන්ෂායි ලෝක දැක්ම තුලය. ඔහු විසින් ගොඩනංවන බලහත්කාරය  රාජ්‍ය ප්‍රමුක සෙසු දේහයන් සිය අවිඥ්ඥාණික ආර්ශය කරගන්නා විට, සමාජ භාවිතාව හා චින්තනය නන්නත්තාර වීමෙන් ආත්මිය වශයෙක් ඉරිතැලුණු සත්වයෙකු සිංහල බෞද්ධයා ලෙස අපට හමු වේ. මෙම සත්වයා මූල ධාර්මිකව විකෘති ආත්මයක් සහිත සත්වයෙකි. එම තත්ත්වය බිහිවීමේ ඇරඹුමේ දොරටුව වන්නේ ථෙරවාද බුදු දහම ලාංකීය සමාජය තුලට ඇතුලු වීමෙනි. අවිහිංසාව මෙන්ම මනුෂ්‍යත්වය මුඛ්‍ය කොටගත් දර්ශනයක් රාජ්‍ය හා බද්ධ වීමේ දී එහි මූලධාර්මික පිපිරීම සිදු වන්නේ හිංසනය සාධාරණීය කරණය කිරීමෙනි. ආගමික සංස්ථාවේ පැවැත්ම උදෙසා රාජ්‍ය බලය වැදගත් සාධකයක් වීමෙනි. අනෙක් අතට හින්දු දර්ශනය හා එම සංස්කෘතියෙන් මිදීමට නොහැකි වීමෙනි. එම නිසා ලංකාව විෂයෙහි දී බුදු දහමේ ආත්මය කෙළෙසීම රාජ්‍ය හා බද්ධවීම නිසාත්, විපරිවර්තනය සිදුවීම හින්දු ආගම නිසාත් ඇති වීම තුල සිංහල බෞද්ධයා ගේ ආත්මය පළමුව හින්දු ආත්මය තුලත් දෙවැනුව සිංහල බෞද්ධ රජ්‍ය දෘෂ්ටිවාදය (දෙමළා අනෙකා වීම තුලත්) විසිනුත්  බෙදීමකට ලක් කිරීම සිදු වී ඇත. තුන්වැනි බෙදීම සිදුවන්නේ යටත් විජිත වාදය හා ධනවාදයේ ගති ලක්ෂණ උත්තරාරෝපනය වීම තුලදීය. මෙම ත්‍රිත්වය තුලට කොටුවන සිංහල බෞද්ධයාව තේරුම්ගත යුත්තේ හා සාධණීය වෙනසකට ලක්කළ යුත්තේ සමස්ථයෙන් මිසක ඒක කෝණික කල්පිතයන්ගෙන් නොවේ. එහෙත් නලීන් ද සිල්වාට සිංහල බෞද්ධ හැර සියල්ල අනෙකාය. ඒ තුල න්‍යාය ගත කරන ඔහුගේ ප්‍රවාද සිය ජයග්‍රණය උදෙසා ඔහුට සිතෙන සිතෙන අයුරින් හා වාසිදායක අයුරින් යොදා ගැනීම ඔහුව විමසන කල පැහැදිලි වන්නේය. ඔහු ප්‍රාමාණික බුද්ධිමතෙක් හා උගතෙක් වන යථාර්ථය තුල ඔහුට නො වැටහෙන සත්‍ය නම් හිතාමතා කරන වංචනිකත්වයක් මිස, අවිඥ්ඥාණිකත්වයක් නොවනු ඇතැයි සිතේ. චංචාව තුල ඇති වී ඇති අන්‍යතාව හා පැවැත්ම විසින් ඔහුගේ සසරට ඔහු ආදරය කරන්නට වන්නේය. එබැවින් සිජහල බෞද්ධ චින්තනය නැමැති කබරයාව ඕනෑම මොහොතක තලගොයෙකු කර ගැනීමට තාර්තික ඔහුගේ ලෝකය විවර වී ඇත.

මෑතක දී ඉරිදා දිවයින කාලාපයකට ලියන ලද ලිපියක බෞද්ධ දාර්ශනික චින්තන කැබැල්ලක් වන “අනේ අනිච්ඡං“ යන්න ගැන ඔහුගේ විග්‍රහය හා අනේ අනිච්ඡං තුල ඇති භෞතික යථාර්ථය තේරුම් ගත යුත්තකි.

මහාචාර්ය නලීන්ගේ   සඳහන් කරීම:

“මැකෝලිගේ දරුවන් ගබ්සා වූ සිලනීස්‌ කණ්‌ඩායමට පණ දීමට උත්සාහ දරද්දී සිංහලයෝ විවිධ ආකාරයෙන් තම යුදෙවු ක්‍රිස්‌තියානියටත්විජිත විරෝධී සටන ඉදිරියට ම ගෙන ගියහ. වාරියපොළ සුමංගල හිමියන් ඇතුළු භික්‌ෂුන් වහන්සේ ද අනගාරික ධර්මපාලතුමා ද,කැප්පෙටිපොළ නිළමෙ ඇතුළු ගිහියෝ ද එයට සහභාගි වූහ. එහෙත් ඇතැම් මුස්‌ලිමුන්ගෙන් එයට සහායක්‌ ලැබුණ ද උඩ සිට පගළට ක්‍රියාත්මක වන දෙමළ ජාතිකවාදය හේතුවෙන් දෙමළ ජනයාගෙන් ඒ සඳහා කිසිම ආධාරයක්‌ නො ලැබිණි. අරුමුගම් නාවලර්තුමාගේ ව්‍යාපාරය වුව ද බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදී රාමුව තුළ ම වූ හින්දු පුනර්ජීවනයක්‌ පමණක්‌ විය. ඉංගිරිසිහු සියලු ජනවර්ග,විශේෂයෙන් ම දෙමළ ජනවර්ගය සිංහලයන්ට විරුද්ධව යොදාගත්හ. ඉංගිරිසින්ට හා පොදුවේ බටහිරයන්ට යුද්ධයෙන් පරාජය කළ නොහැකි වූ ජාතීන් අතර ප්‍රධාන ම තැනක්‌ ගත්තේ සිංහල ජාතිය ය. බටහිරයන්ගේ ඉන්ද්‍රිය පිනවනපෞද්ගලිකත්වය ඉස්‌මතු කරන සංස්‌කෘතියට අභියෝග කළ හැකි එකම සංස්‌කෘතිය හෙළ (සිංහල) බෞද්ධ සංස්‌කෘතිය යෑයි සිතමි. අපේ ගැමියන්ගේ අනේ අනිච්චන් යන්නෙහි ඇති දාර්ශනික ගැඹුර හෙරක්‌ලිටස්‌ලාගේ ප්ලේටෝලාගේ නිෂ්ට්‌ස්‌සේලාගේ රසල්ලාගේ විට්‌ගන්ස්‌ටයින්ලාගේ මාක්‌ස්‌ලාගේ හෙගල්ලාගේ ඩෙරීඩාලාගේ ජියෑක්‌ලාගේ දර්ශනවල නැත. (අනාත්ම හෙවත් නොපැවැත්ම පිළිබඳ ප්‍රශ්නය විදුසර පත්‍රයෙහි දිගින් දිගට ම සාකච්ඡා කෙරෙයි) බටහිර දාර්ශනිකයන්ගෙ පඹගාල පශ්චාත්නූතනවාදීහු ව්‍යාජ විදග්ධ වචනවලින් ප්‍රදර්ශනය කරති. පට්‌ටපල් බොරු වූ කතන්දරවලින් සමන්විත බටහිර විද්‍යාවට සමස්‌තයක්‌ ලෙස ගත් කල ලෝකය කාලකණ්‌නි කිරීම හැර කළ හැකි දෙයක්‌ නැත.”

 

නලීන් ද සිල්වා මහතා ඉහතින් සඳහන් කරන අදහස්වල ඇති පරස්පරයන් වෙන වෙනම විග්‍රහ කළ යුතු වුවත් ඔහු විසින් ඉදිරිපත් කරන, අපගේ මාතෘකාවට අදාල කොටස වන්නේ පහත උපුටනයය.

“අපේ ගැමියන්ගේ අනේ අනිච්චන් යන්නෙහි ඇති දාර්ශනික ගැඹුර හෙරක්‌ලිටස්‌ලාගේ ප්ලේටෝලාගේ නිෂ්ට්‌ස්‌සේලාගේ රසල්ලාගේවිට්‌ගන්ස්‌ටයින්ලාගේ මාක්‌ස්‌ලාගේ හෙගල්ලාගේ ඩෙරීඩාලාගේ ජියෑක්‌ලාගේ දර්ශනවල නැත.”

 

සිංහල සංස්කෘතියට හා සිංහලයාට ඇති එහෙත් අනෙක් සංස්කෘතින්ට, දර්ශනයන්ට නැති මෙම දාර්ශනික ගැඹුර සබැවින්ම කුමක් ද. මෙයට ඇති මගේ පිළිතුර නම් දයලෙක්තිකය අහිමි වීම හා නන්නත්තාර වීමය. එය තවත් විස්තර කරනු ලැබුවහොත් ඇතිවීම හා නැතිවීම මිස පැවතීම යන්න ඉහත ගැමියාට සිංහලයාට සංස්කෘතියට නොමැති වීමය. පවතී එහෙත් නොපවතී. ජීවත් වේ එහෙත් ජීවිතයක් නැත. පැවතීම තුල කාලයක් ඇත එහෙත් ඊට අර්ථයක් නැත. අර්ථය සඳහා අවකාශයක් නැත. අවුරුදු සියයක් ජීවත් වුව ද මෙම තිථිය (පැවැත්ම) සඳහා අර්ථවත් ජීවිතයක් මෙකී ගැමීයාට ලැබෙන්නේ නැත. එබැවින් අනේ අනිච්ඡං හා සමානම තවත් ගැඹුරු දාර්ශනික කැබැල්ලක් වන්නේ “ ඔහේ ඉන්නවා“ යන්නය. නගරයේ ජීවත්ව සිට ඈත ගමකට ගොස් දින කිහිපයක් ජීවත්ව බැලුවහොත් දැනෙන දෙයක් වනුයේ කාලය හෙමින් ගමන් කරන බවය. ඒ නිකං ඔහේ සිටීම තුලය. නිකං ඔහේ සිටීම යන්න සමාජ ක්‍රමයක ගැටළුවකි. එහි ඵලයක් ලෙස අනේ අනිච්ඡංවීම වීම පුද්ගලික හෝ දාර්ශනික ගැඹුරකට වඩා රාජ්‍ය හා සමාජ ක්‍රමයේ ගැටලුවක් වීම නලීන් දකින්නේ යහපත් ප්‍රපංචයක් ලෙසිනි. සමාජ සංවර්ධනය අහුරන නිෂ්ක්‍රීයත්වයකට මග පාදන විරාමය භෞතික ලෝකයෙන් ලෝකෝත්තර ලෝකයකට ඇතුලු කරමින් යථාර්ථය තුල නන්නත්තාරකර දැමීමකි.

ඇතිවීම හා නැතිවීම අතර ඇති පැවතීම දයලෙක්තිකයකට හසු නොවීම තුල ඉතිහාසයක් නොමැති වනු ඇත. සංස්කෘතියක් නොමැති වනු ඇත. (යටත් විජිත වාදය සම්බන්ධයෙන් ඉන්දියාව සම්බන්ධයෙන් කරන විග්‍රහයේදී ඉන්දියාවට ඉතිහාසයක් නැතැයි කීමේ තර්කය හා යථාර්ථය ලංකාව සම්බන්ධයෙන් ද පරතරයක් ඇති නොකරන බව මගේ හැඟීමයි.) එවැනි සමාජයකට විශාල කාල අවකාශයක් පවා පැවැත්මේ අර්ථ විරහිත ක්ෂණයකි. එම ක්ෂණය තුල ඇතිවන අනේ අනිච්ඡං යන සිතිවිල්ල බෞද්ධ චින්නතන කැබැල්ලක් පමණක්ම නොව හින්දු චිනතය ද, එක් තැන පල් වූ පැරණි සමාජ නෂ්ටාවශේෂයන්ගේ පරාවර්තනයකි. එම නෂ්ඨාවශේෂයන් දුරු වී නැති සමාජයකට අනේ අනිච්ඡං තවමත් වලංගු වනු ඇත.

එබැවින් ජීවිතය අහස් වෙඩිල්ලක් වැනිය. උල්කාපාකයක් වැනිය. පැවැත්මට කාලයක් හා එම කාලයට අර්ථයක් ලබාගත හැකි සමාජයක් නැති සංස්කෘතියක පහසුම මග මෙලොව අමතක කර එලොව සිහිපත්කරවීමය. එය නම් හින්දු  බුදු මගය. අනේ අනිච්චං කීම හැර වෙන විකල්පයක් නැත.  එහෙත් නලීන්ගේ මෙම ගැඹුරු ගැමියා, සිංහලයා මොහොතක පහළ වන මෙම සිතිවිල්ල හා අඛන්ඩව නොබැඳී ඉන්පසුව බටහිරට හැරෙමින් භෞතිකයට ලොබ බඳින්නේය.කළ හැකි නම් ලෝක විනාශයටම පෙලඹෙන්නේ මන්ද යන්න තුල කියැවෙන්නේ ආත්මීය නන්නත්තාරවීමයය. මරණ දැන්වීමේ හේතු පාඨය හැරුණු කොට, භෞතික වස්තූන්ට ලොබ බදින්නේය. වැටට, නියරට, කෙස් ගසක වෙනසට මරා ගන්නේය. ඉන් අනතුරුව එක් මොහොතක තමන්ට අදාල නොවන වියුක්ත දෙයකට අනේ අනිච්ඡං කියන්නේය. මෙම ආත්මීය නන්නත්තාර වීම තුල කරන රංගනය යන්න පුද්ගලයාගේ ප්‍රශ්නයක් වුවද එහි මූලය නැවත ගමන්කරනුයේ රාජ්‍ය වෙතය. පුද්ගයා නන්නත්තාර කිරීමෙන් සාමාජයද සංස්කෘතියද නන්නත්තාරවීමේ දී එම සමාජයට හා සංස්කෘතියට හිමි දයලෙක්තිකයද නන්නත්තාර වන්නේය. එවිට පැවැත්ම අස්ථාවර වන්නේය. ඊට අවශ්‍ය ප්‍රතිවිරෝදය දයලෙක්තික වනුයේ ශූන්‍යත්වයට ගමන් කිරීමෙනි. එසේ නොවිමට නම් රටක් ලෙස ඊට අර්ථයක් පැවැතිය යුතුය. නලීන්ට අනුව නම් තවමත් රටක් යනු සිංහලයන්ගේ රටකි. බෞද්ධ ජාතියකි. නලින්ගේ ප්‍රක්ෂේපණය රටේ නායකයාටද බෞද්ධ පූජකයාටද නිවැරදි විය හැකිය. බලය ලබා ගැනීම සඳහා විපාක්ෂිකයාටද විකල්පිකයාටද නිවැරදිය. ජාතිකවාදී වාමාංශිකයාටද නිවැරදිය. මෙය ස්වභාවික යුක්ති මූලධර්මයට විරුද්ධ වූ දයලෙක්තිකයක් බැවින් බලවත් කොටස වන රාජ්‍ය තුලින් ප්‍රකාශමාන වන්නේ නන්නත්තාර ප්‍රවාදයන්ය, ප්‍රතිවිරෝධයන්ය, සහවාදයන්ය. ජනතාවට කියන්නට ඇත්තේ අනේ අනිච්චං කියා මිස වෙනකක් නොවේය. එය පැරණි යුගයේත්, ආශ්චර්යය කරා ගමන් කරන පාර පශ්චාත් යටත් විජිත මහින්ද යුගයේද කියන්නට ඇත්තේ ඇනේ අනිච්ඡංය යන්නය.

අනෙක් අතට මෙම දාර්ශනික ගැඹුර රාජ්‍ය පාලකයන්ට නොහැඟෙන්නේ මන්දැයි ද උත්පාද තිථි භංග යන යථාර්ථය තුල උත්පාදය හා භංගය අමතක කර, තිථිය ගැන පමණක් කල්පනා කරන, ක්‍රියාකරන රාජපක්ෂ හා පවුල් ජාලය හා ඔහුගේ කඳ පණුවන් වූ ඒජන්තයින්ට ද ඊනියා සංඝ සමාජයට ද මෙම ගැඹුර නැත්තේ ඇයි ද යන්න නොතේරෙන්නේ මන් ද යැයි නලීන්ට ප්‍රශ්න කළ නොහැක්කේ ඇයිද යන්න ඇති ගැටලුවකි. රටක් ලෙස සමාජයක් ලෙස යුක්ති ධාර්මිකව පාලනය ගෙන යා යුතු ලෙසට පටහැනිව මර්ධනය දූෂණය හා ප්‍රජාතන්ත්‍රීය විරෝධීව ක්‍රියා කිරීම දෙමළාව චප්ප කිරීමෙන් පමණක් සාධාරණිය කරණය කිරීමට හැකිවන නලින්ගේ සිංහල බෞද්ධ ශිෂ්ටත්වය අතිශය ම්ලේච්ඡය. ඊට කිව යුතු වන්නේ ද අනේ අනිච්ඡං කියා ය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Udaya, looks like you are on a NGO pay master…..bloody traitor.

  • 0
    0

    Nalin de Silava is a real hypocrite. While his children have foreign education, he ask others to stay in Sri Lanka. The sad thing is people blindly follow what He says, especially semi-educated rural people.

    I hate this idiot Nalin De Silva

  • 0
    0

    එල කොල්ලා,
    මිනිහෙක්, සමාජයේ පවතින විවාදාත්ම මාතෘකාවකට තමන්ගේ නිදහස් අදහසක් ප්‍රකාශ කරන්න NGO එකකින් ගෙවීම් ලබන්නම ඕනෙද ?
    උදය තමන්ගෙ දැනුමෙ තරමින් කරල තියෙන්නේ විග්‍රහයක්. ඒක කරන්න ඔහුට අයිතියක් තියනවා. ඈයි ඒ අයිතියට ගරු කරන්නෙ නැත්තෙ ?
    එල කොල්ලෙක් වෙන්න තව ඔබට ගොඩක් දුර යන්න තියනවා වාගේ.

  • 0
    0

    හරම්,
    සමාජයක් නොමග යවන්න ඒ සමාජය තුලම මන්ද බුද්ධිකයො බිහිකරන එක “ධර්මයේ ” අවශ්‍යතාවයක්. ඉතින් අපි කාටවත් දොස් කියන්නෙ කොහොමද ? ඒ අය බිහි වෙලා තියෙන්නේ යම් “අවශ්‍යතාවයකට”. ඒ අයට අනුගාමිකයන් ඉන්න තුරු, ඒ අය පවතියි. අපිට කරන්න තියෙන්නේ ඒ “රාමුවෙන්” ඈත් වෙන එක විතරයි.

  • 0
    0

    UDAYA’s obejctive here is bashing Prof Nalin De Silva.

    Other wise, what UDaya talking is just vague statements.

    If I comment on this my comment would longer than the UDaya’s article.

  • 0
    0

    UDAYA is simply using REVERSE PSYCHOLOGY to brain wash Sinhala buddhists.

    IF he faces argument face to face, he would be simply a dog which has tails between his legs.

    ” “අපේ ගැමියන්ගේ අනේ අනිච්චන් යන්නෙහි ඇති දාර්ශනික ගැඹුර හෙරක්‌ලිටස්‌ලාගේ ප්ලේටෝලාගේ නිෂ්ට්‌ස්‌සේලාගේ රසල්ලාගේවිට්‌ගන්ස්‌ටයින්ලාගේ මාක්‌ස්‌ලාගේ හෙගල්ලාගේ ඩෙරීඩාලාගේ ජියෑක්‌ලාගේ දර්ශනවල නැත.””

    Udaya’s criticism of the above statement shows how stupid UDAYA is.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.