24 April, 2024

Blog

වනාතමුල්ල: රාජපක්‍ෂලාට හසුව මරණාසන්නව සිටි සමරධීර සුනිල් සහ අනාගත සිද්ධි මාලාවක ආරම්භය

කොළඹ වනාතමුල්ලේ සමරධීර සුනිල් නොනිල කණ්ඩායමක් පසුගිය 14 වෙනිදා පැහැර ගැනීම සිද්ධි මාලාවක ආරම්භයකි. පැහැර ගෙන ගියේ ආරක්‍ෂක අංශ බවත්, හේතුව ආරක්‍ෂක ලේකම් සහ සමරධීර සුනිල්ගේ නිවසේදී ඇතිවු බහින්බස් වීම බවත් දැන් රහසක් නොවේ. තමා ජීවත්වන පැල්පත සිය රජ මාලිගය බව ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටවල පවත්නා අනුමිතියකි. එහෙත් ලංකාවේ රාජපක්‍ෂලා කාගේ ගෙදරට ගියත් ඒ අනුමිතිය වහා වෙනස් වේ. ඔවුන් තමන් රටේ රජුන් යයි සිතනවා පමණක් නොවේ, එසේ හැසිරෙන බවට මේ සිද්ධිය සාක්‍ෂියකි. සමහර විට සමරධීර සුනිල් ද හිස් ගැසුම් කනවා නියතය. මේ රටේ මිනිසුන්ට සිය පැල්පත පිළිබඳ පැවති අනුමිත අයිතිය යුද්ධය දිනා ගන්නා රාජපක්‍ෂලා මෙසේ අහිමි කර ඇත.

Secretary MOD

Secretary MOD

සමරධීර සුනිල් ජනාවාසයක පොදු අරමුණක් වෙනුවෙන් පෙනී සිටියෙකි. සිය සටන්කාමි සහෝදරයා පැහැර ගෙන යාමට එරෙහිව වනාතමුල්ලේ ජනතාව වීදි බැස බේස්ලයින් මහා මාර්ගය අවහිර කළහ. ඒ නිසා මහා මාර්ග අවහිරවු බව සැබෑය. යම් යම් අපහසුතා ඇතිවූ බව සැබෑය. මාර්ගය අවහිර කළ ඒ ජනතා විරෝධය අප වෙනස් ආකාරයකින් දැකිය යුතුව ඇත. ප‍්‍රතිකාර අවශ්‍ය හදිසි රෝගියෙකු ප‍්‍රවාහනය කරන ගිලන් රියකට සිය`ථ මාර්ග නීති බිඳ ගමන් කිරීමට ඉඩ ලැබේ. ඒ මනුෂ්‍ය ජීවිතයක වටිනාකම දන්නා නිසාය. ඒ හරහා ඇතිවන සිය`ථ අපහසුතා කවුරුත් සතුටෙන් ඉවසති. වනාතමුල්ලේ ජනතාව විදි බැස්සේ රාජපක්‍ෂලාට හසුව මරණාසන්නව සිටි සමරධීර සුනිල් බේරා ගැනීමටය. වනාතමුල්ලේ ජනතාව ශක්තිමත් කරමින් මොහොතින් පාර්ලිමේන්තුු මන්තී‍්‍ර රවි කරුණානායක, ජවිපේ මහ ඇමති අපේක්‍ෂක ලාල් කාන්ත ආදිහු පැමිණයහ. එයින් මොහොතකට පසුව පැමිණි පාර්ලිමේන්තුු මන්තී‍්‍ර ආර්.දුමින්ද සිල්වාට ශක්තිමත්ව සිටි ජනතාවගේ කෝපය ප‍්‍රකාශ විය. ඒ හරහා කියවුණේ අපට ආණ්ඩුව සමග ගණුදෙනුවක් නැත කියාය. මේ සිද්ධි මාලාව ආරම්භව එක් පැයක් තුල සමරධීර සුනිල් අත් අඩංගුවෙන් මුදා හැරීමට ආණ්ඩුවට සිදුවිය. හෙවත් රාජපක්‍ෂ රෙජිමය ගිලගෙන සිටි ගොදුර වමාරවන්නට ඒ ජන උද්ඝොෂණය සමත් විය.

වනාතමුල්ලේ සමරධීර සුනිල් පැහැර ගත් සිද්ධිය දැන් ජාත්‍යන්තරය දන්නා කතාවක් වී හමාරය. ජිනිවා මානව හිමිකම් කවුන්සලය පවා ඒ සිද්ධිය ගැන අධ්‍යයනය කරමින් සිටිනවාට සැක නැත. මාර්තු මාසයේ මානව හිමිකම් පිළිබඳව ශී‍්‍ර ලංකාවේ වගවීම ගැන යම් යම් නිගමන වලට එළඹීම සිදුවනු ඇත. ඒ බව පාසල් දරුවන් පවා දන්නා කාරණයකි. වනාතමුල්ලේ සමරධීර සුනිල් පැහැර ගැනීම වැනි අපරිනත රාජ්‍ය පාලන විධීක‍්‍රම සහ දුර්වල රාජ්‍ය තාන්ති‍්‍රක කළමනාකරණය නිසා රාජපක්‍ෂ රෙජිමය දේශීය වශයෙන් පමණක් නොව, ජාත්‍යන්තරය තුල ද, රටක් ලෙස කොටුවී ඇත.

මේ තත්වය වෙනස් කිරීමට රටේ සිය`ථ ජන කොට්ඨාශවල සහාය ආණ්ඩුවට ලබාදිය යුතුව ඇත. දේශපාලන භේද නොතකා එක්වන ලෙස නිතර, දොඩවන රාජපක්‍ෂ රෙජිමය මෙහිදී අවංක නැත. ඔවුන් මේ මෙහිදී හැසිරෙන්නේ රටට, රටේ ජනතාවට හිතකර ආකාරයට නොවේ. දේශපාලන භේදයකින් තොරව රටේම සහාය අවශ්‍ය මොහොතේ ආණ්ඩුව මැතිවරණයක් කැඳවා ඇත. එහිදී රට බේරා ගැනිමට ආණ්ඩුවට ඡුන්දය දෙන්න කියා විපක්‍ෂයට කිව නොහැකිය. විපක්‍ෂය කරන මැතිවරණ ප‍්‍රචාර හරහා ඔවුන් දේශද්‍රෙ‍්‍රා්හින් ලෙස හංවඩු ගැසිම ආණ්ඩුවේ අරමුණ වී තිබේ. මතුව පවත්නා අවදානම හමුවේ රට තුල ලබන දේශපාලන ජයග‍්‍රහණයෙන් ජාත්‍යන්්තරය නිහඬ කළ නොහැකි බව රාජපක්‍ෂ රෙජිමය තේරුම් ගෙන නැත. විදුලි පුටු මරණ දඬුවම සිහිපත් කරමින් රාජ්‍ය නායකයා පපුවට ගසා ගනිමින් රටේ අනුකම්පාව හෙවත් ඡුන්දය අයදිමින් සිටී. මේ හැසිරීම තුල තිස් අවුරුදු යුධ ජයග‍්‍රහණය පවා අවතක්සේරු වී ඇත.

මේ තත්වය හමුවේ රාජපක්‍ෂවරු උත්සාහ කරන්නේ මේ අවාසිදායක තත්වය හරහා රට තුල ගිලිහෙමින් පවත්නා ජන මතය ඒකරාශී කිරීමය. ඒ උවමනාවට බාධා වන හානිදායක සිය`ථ විරෝධතා, වර්ජන, විවේචන සහ විපක්‍ෂ කි‍්‍රයාකාරකම් මර්ධනය කිරිමේ යාන්ත‍්‍රණය ඔවුන් අඛණ්ඩව කි‍්‍රයාත්මක කරයි. සිය පානීය ජල ගැට`ථවකට මුහුණ දී සිටි වැලිවේරිය, රතුපස්වල ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණයට රාජපක්‍ෂ රෙජිමය යුද හමුදාව කැඳවා වෙඩි තැබීය. ඊට පෙර කටුනායකදී සහ හලාවතදී පොලිස් වෙඩි තැබිම් නිසා දෙදෙනෙකු ඝාතනය විය. මෙම සියලූ සිද්ධින් නිර්මාණය වුනේ ආණ්ඩු විරෝධි ජන උද්ඝෝෂණ මැඩ පැවැත්විමටය. වනාතමුල්ලේ සමරධීර සුනිල් පැහැර ගෙන යාමත් කටුනායක, හලාවත, රතුපස්වල වර්ගයේම දිගුවකි. ඒ කියන්නේ උතුර දිනූ රාජපක්‍ෂවරු දකුණේත් යුද්ධය කරමින් සිටින බවය.

රාජපක්‍ෂ රෙජිමයේ නගර සංවර්ධන ව්‍යාපෘති ජනතා උවමනා සමග බද්ධව ගමන් නොකරයි. ඔවුන් එහිදී ඒකාධීපතිව හැසිරෙමින් නන්දිකඩාල් ක‍්‍රමය අනුගමනය කරති. නාගරික සංවර්ධන අධීකාරිය වර්තමානයේ මු`ථමනින්ම හමුදාකරණය වී ඇත. පසුගියදා ඇහැලියගොඩදී වාසුදේව, ජෝන් සෙනෙවිරත්න වැනි ඇමතීන් පවා මේ තත්වය පිළිගත්හ. නාගරික ජනාවාස මැදට හමුදා නිල ඇඳුම් ඇඳ පැමිණෙන පුද්ගලයන් ජනතාවට කන් නොදෙති. අසන හැම ප‍්‍රශ්නයටම රාජපක්‍ෂලාගේ නම් කියමින් රාජකාරි කිරීමට උත්සාහ කරති. වනාතමුල්ලේ සිදුවූයේ එවැන්නකි. නිල ඇඳුමට යටත් නොවු නිසා ගෝඨාභය රාජපක්‍ෂ වනාතමුල්ලට එන්න සිදුවිය. එහිදී ඔහුට සමරධීර සුනිල් හමුවිය. එහිදී සුනිල් නොපැකිලිව, ජනතා විරෝධය ඍජුව ප‍්‍රකාශ කර ඇත. මේ හමුවීමට පසුව සමරධීර සුනිල් පැහැර ගෙන යාම සිදුවිය. එයින් පසුව සිදුවූ සියල්ල ලෝකයම දනී.

එක්සක් ජාතික පක්‍ෂය මේ සිද්ධිය හරහා අමුතු දේශපාලන වාසියක් අපේක්‍ෂා නොකරයි. මේ සිද්ධියේදි සමරධීර සුනිල් ආරක්‍ෂා කළ වනාතමුල්ලේ ජනතාවට ද එකී උද්ඝෝෂණය මුවහත් කළ, සිය`ථ සිවිල් සහ දේශපාලන ව්‍යාපාර වෙත එක්සත් ජාතික පක්‍ෂය සිය ගෞරවය පුදකර සිටි. ශී‍්‍ර ලංකාවට එරෙහිව දේශීය සහ විදේශීය වශයෙන් බලපාන මේ අයහපත් තත්වය විධායක ජනාධීපති ක‍්‍ර‍්‍රමයේ ඍජු ප‍්‍රතිපල වෙති. රාජපක්‍ෂ රෙජිමය මේ මුදා හරින්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 18 වෙනි සංශෝධනයෙන් උකහා ගත් අනෛතික ශක්තියයි. මේ බියකරු පාලන රටාව වෙනස් කිරීම පිණිස ශී‍්‍ර ලංකාවේ සකල දේශපාලන පක්‍ෂ මෙන්ම සිවිල් සංවිධානද එක්ව පෙළ ගැසෙමින් සිටිති. වනාතමුල්ලේ සමරධීර සුනිල් පැහැර ගැනීම සහ ඔහු පන බේරාගෙන ගෙදර පැමිණීම ඒ පෙළ ගැස්මේ එක් මොහොතකි. එයින් නිකුත් වන ප‍්‍රබල පණිවිඩය කියන්නේ සටන් කර බොහෝ දේ දිනාගත හැකි බවය. එහිදී ආර්. දුමින්ද සිල්වාට මෙන් රාජපක්‍ෂ රෙජිමයට පසුබසින්ට සිදුවෙනවාය. විධායක ජනාධීපති ක‍්‍ර‍්‍රමය අවසන් කළ හැක්කේද බේස්ලයින් පාරට එකතු වුනා වාගේ එකතු විමෙනි. කොළඹ වනාතමුල්ලේ පදිංචි කරුවෙකු පැහැර ගැනීම මෙන්ම ජනතාව වීදි බැස ඔහු මුදවා ගැනීමද, අනාගත සිද්ධි මාලාවක ආරම්භයකි. එය අවසන් කළ හැක්කේ විධායක ජනාධීපති ක‍්‍ර‍්‍රමයේ අහෝසි කිරීමෙන් පමණක් බව එක්සත් ජාතික පක්‍ෂය අවධාරණය කර සිටී.

*එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය – 2014. 02. 20

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    4

    විධයක ජනාධිපති ක්රමය ඇති කොරපු කාලෙ ඕක හිතුණෙ නැද්ද ආයිබොවංඩ?

  • 4
    0

    This man in the video is a hero to the nation.

    Both Wanathamulla or Madamulana people have no respect among the folks, but being on Defence Secretary position to attack or have innocent people harmed in this manner is common feature of the current administration. So long you nodd the head, you are their guy, if you go against them, physical assualts, torture,killings have been the common consequences.

  • 4
    1

    ”හිස් මොළ තිබෙද්දිත් මේ ගැන නොසිතන්නේ
    ඇස් ගෙඩි වලට හෙන ගැහිලද සිහලුන්නේ ”

    ෙවැනි අලුගුත්තේරු නිවට වැඩ කරන ආරක්ෂක ලේකම් කෙනෙක්ගෙන් කවර පිළිසරණක් බලාපොරොත්තු විය හැකිද.ෙතුමා බැටළු සම පොරවා ගෙන ජනතාව රවටා මල් වට්ටි රැගෙන බොරු බන දේශනා කරන කපට වෘකයෙකි .මොහුගේ අණ දීම නිසා රතුපස්වල පාසල් සිසුවෝ තිදෙනෙක් දිවි පිදුහ.ජාත්‍යන්තරයේ පිළිකුලට බඳුන් වූ යුද අපරාද රැසක් මොහුගේ දීන එන දීම් නිසා අතිසිදුවූ බව ප්‍රසිද්ද රහසකි.තවත් අප බල සිටින්නේ කුමටද.මොහු අපගේ දරුවන් බිල්ලට ගන්න තාක් කලද.හදවතට තට්ටු කර බැලිය යුතු ප්‍රශ්නයකි .

    • 1
      1

      ඒක තමයි ප්රියා. නරක ආරක්ෂක ලේකම්! ඔයාගෙ ඔය ආදරණීය ජාත්‍යන්තරයට කියලා සියලුම හමුදාපතිවරැත් අස් කරලා දාමුද? මොකද එයාලා කිසිම අණදීමක් නොකර ආරක්ෂක ලේකම්තුමාම අණ දෙන කල් ඉන්නවානෙ අනිත් එක බලන්න දැන් කොළඹ නගරය ඇතුලු ගොඩාක් නගරත් හරිම අවලස්සනයිනෙ. මේ ආරක්ෂක ලේකම්ට ඒවත් බාර දෙන්න කලින් ලංකාවෙ නගර ටික කොච්චර ලස්සනට තිබුණ ද? ඔයා හරි. අපට ඉන්න තිබුණෙ අර ත්රස්තවාදී කාරයන්ට මචං කියලා අතට අත දුන්නු ආරක්ෂක ලේකම් වගේ කොන්ද පණ තියෙන කෙනෙක්. කොහෙද අපේ කරැමෙට එයාට අයින් වෙන්න වුණානෙ…

  • 0
    0

    Mr. Anura Dissanayake talks about Wanathamulla in Parliament:

    http://www.youtube.com/watch?v=zt-9fNXGb6Q

  • 1
    0

    madzy මිත්‍රයා ,ඔබ කියන්නේ යුද්දේ දිනපු නිසා රට රාජපක්ස සහෝදරයන්ට බිල්ලට දිය යුතුයි කියලද.පි බලමු අපි කොහොමද යුද්දේ දින්නේ කියලා .

    1) එම කාලයේ ලෝක මතය ත්‍රස්ත විරෝධී වූ නිසා LTTE අන්තර්ජාතික සම්බන්දතා වලට තර්ජන ඇතිවිය.මෙය විශේෂයෙන්ම 9/11 ප්‍රහාරයෙන් පස්සේ ඇතිවූ ප්‍රවනතාවක්.එය අපේ වාසියට හේතු විය.
    2)ාජීව් ගාන්ධී මර දැමු නිසා ඉන්දියාව අපට කොටින්ට එරෙහිව ඔත්තු සැපයිය .ඔවුන්ගේ නැව් 10 ක් ගිල්ලවීමට අපට හැකි වුනේ ඉන්දියාව නිසාය.
    3)කරුණ අම්මාන් බෙදී ගියේ රාජපක්ෂලා බලයට එන්නට පෙරය.මෙය කොටින්ට මරු පහරක් වුයේ ඔවුන්ගේ අභ්‍යන්තර රහස් හමුදාව අතට පත් වුයේ කරුණ නිසාය.
    4)කොටින්ට ලැබෙන විදෙස් ආධාර ඌන වූ අතර ඔවුන්ගේ නැව් විනාශ වූ නිසා ආයුධ සපයා ගැනීමට ඔවුන්ට අසීරු විය.
    5)මේ කරුනුත් සමග නොසැලෙන සෙන්පත්යෙක් හමුදාවට නායකත්වය දුනි.
    6)ාජපක්ශේ ලාට මේ සියල්ලේම වාසිය ලැබුන නිසා ඔවුන්ට යුද්ධය ජය ගත හැකි විය.එසේ නැතහොත් මෙය රාජපක්ෂ ලගේ පවුලේ හය්යෙන් පමණක් දිනපු යුද්දයක් නොවන බව ඉතා පැහැදිලි නොවේද.

    රාජපක්ෂ ලා යුද්දයට නායකත්වය දුන් බව අපි ඔවුන්ට එයට කෘතඥ වෙමු.එහෙත් එම කරුණ නිසාම ඔවුන්ට රට වලපල්ලට යවන්නට දෙන්නට අසීරුය.
    බලන්න වෙලා තියෙන තත්වය .අප ශීලචාරී ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන පුඅර්වසියන් වෙමු.අපට අවශ්‍ය අපේ දරුවන්ට බියක් නැතුව ජීවත් විය හැකි සාධරණ රටකි.
    එහෙත් මොකද්ද අද තත්ත්වය.රටේ නීතය බල්ලට ගිහිල්ල.ආරක්ෂක ලේකම් තුමා දෙවි කෙනෙකු ලෙසින් සැලකිය යුතුව ඇත.තුමා හා වාදයකට පැටලුන නිසා අර අහිංසකයා නිරපරාදේ මැරුම් කනවා.මේවා මහ දවල් කරන අපරාද නේද.ජනතාව ප්‍රශ්න පිට ප්‍රශ්න මැද හිරවී සිටින කල රෙජීමය තව තවත් වන්චා දුෂණ වලට් පන පොවයි .රටේ උද්දමනය ඉහ වහ ගොසින්.අන්තර්ජාතික ප්‍රජාව තුල අපට තිබු පිළිගැනීම නැතිවී ගොස්.රජයට එරෙහිව තම අයතීන් සදහා සටන් කරන අයගේ ජීවිත විශේෂයෙන්ම මාද්යවේදීන්ගේ දරුණු තර්ජනයකට මුහුණ දී ඇත.
    ඔබටත් මටත් අවශ්‍ය මෙවන් රටක ජීවත් වෙන්නද.සේ නැතිනම් නීතිය සුරකින එහි පුරවැසියන්ට ඔවුන්ගේ අයතීන් ගරු කරන රටක ජීවත් වන්නද.ඔබේ හදවතට තට්ටු කර අසන්න .ඔබට උත්තරය ලැබෙනු ඇත.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.