29 September, 2020

Blog

“රටට පණ දෙමුද? “මහින්දට සේලයින් දෙමුද?”

රනිල් වික්‍රමසිංහ

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැස්වීමක් අනුරාධපුරයේ පැවැත්වුණා. එම රැස්වීමට සහභාගී වූ ප්‍රමාණය පිළිබඳව සමහර මුද්‍රිත පුවත්පත් විවිධ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර තිබෙනවා. එම ගණන් හිලව් පිළිබඳව මම තර්ක කිරීමට යන්නේ නැහැ.

ඊයේ පැවැති එම රැස්වීමේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය “රටට පණ දෙමු” නැමැති තමන්ගේ නව සටන් පාඨය ඉදිරිපත් කළා. රාජපක්‍ෂ රෙජීමය අවුරුදු දහයක් මේ රට පාලනය කළා. ඒ වසර දහය පුරා රාජපක්‍ෂලා පණ දුන්නේ තම පවුලට පමණයි. එම කාලය තුළ ජනතාවට පණ නැති වුණා. කෑදරකමට තෙවැනි වතාවක් ඉල්ලා සිටි විට ජනතාව මහින්ද රාජපක්‍ෂට එම අවස්ථාව ලබාදුන්නේ නැහැ. ජනතාව ඒ වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපති ධූරයට පත් කළා.

Ranilජනතාව ප්‍රතික්ෂේප කළ පසු දේශපාලනයෙන් සමුගන්නවා වෙනුවට මහින්ද රාජපක්‍ෂ නැවත දේශපාලනයට ගෙනැවිත් තිබෙනවා. කෙසේ නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සටන් පාඨය පිළිබඳව මා කියන්නේ කරුණාකර එය වෙනස් කර ගන්නා ලෙසයි. “රටට පණ දෙමු” සටන් පාඨය වෙනුවට එක්සත් ජනතා නිදහස් සන්ධානය තම සටන් පාඨය කර ගත යුත්තේ “මහින්දට සේලයින් දෙමු” යන්නයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව නිවැරදිව කටයුතු කළොත් ඔහුට සේලයින් ලබාදීමත් නැවැත්විය හැකියි.

ඉදිරි යල කන්නයේ දී වී අස්වැන්න සඳහා කොපමණ මිලක් ලබා දෙනවාදැයි මා මෙහි පැමිණෙන අතරතුර ජනතාව මගෙන් විමසා සිටියා. ඉකුත් මහ කන්නයේ දී වී අස්වැන්න සඳහා රුපියල් 50 ක මිලක් අප ලබා දුන් අතර ඉදිරි යල කන්නයේදී ද රුපියල් 50 ක එම මිලම ලබා දෙන බව මා කියා සිටිනවා. කිසිඳු හේතුවක් මත හෝ අප ඒ මිල අඩු කරන්නේ නැහැ. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිරවයාට වී ගොවියාගේ අස්වැන්නට නිසි මිලක් ලබා දීමට නොහැකි වුණත් අපේ ආණ්ඩුවට ඒ මිල ලබා දීමට හැකියාව තිබෙනවා.

ඉකුත් මහ කන්නයේ වී මිලදී ගැනීමේ දී යම් යම් අඩුපාඩු සිදු වී තිබෙන අතර එම අඩුපාඩු නිවැරදි කර ගන්නා ලෙස අප උපදෙස් ලබා දුන්නා. ඉකුත් මහ කන්නයේ දී ගොවීන් සමග සාකච්ඡා කර ලබා ගත් අදහස් අනුව, ඒ අඩුපාඩු මග හරවා ගෙන වී මිලදී ගැනීම සඳහා ඉදිරියේ දී අලූත් ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ක්‍රමය ඊළඟ වසරේ සිට ක්‍රියාත්මක කරන්න අපට පුළුවන් වේවි.

2001 දී කඩා වැටුණු ආර්ථිකය සහිත රට බාර ගත් මා පළමුවෙන්ම කළේ එම වසරේ මහ කන්නයේ වී අස්වැන්න සඳහා හොඳ මිලක් ලබාදීමයි. ගමට මුදල් ලැබෙන විට ඒ මුදල් නගරයට ගලා ගෙන එනවා. නමුත් එය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට තේරුණේ නැහැ. ඔවුන් කළේ පවුලේ අයට මුදල් ලබා දීම විතරයි. නමුත් අපි ගමේ ආර්ථිකයට මුදල් ලබා දෙන ගමන් ඔබේ අනාගතය දියුණු කිරීම සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා.

ඒ වැඩසටහන් අතරින් ඔබේ අනාගතයට බලපාන ප්‍රධාන වැඩසටහන් දෙකක් පිළිබඳව මා සඳහන් කිරීමට කැමතියි. ඉන් පළමු කරුණ වන්නේ කිගමට රටක්කි යන්නයි. ඒ අනුව රටේ ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම සඳහා සියලූ ගම්මාන එකතු කොට පොකුරු ගම්මාන 2500 ක් බිහි කරනවා. එම පොකුරු ගම්මානවල කෘෂිකර්මය දියුණු කර ආර්ථිකය දියුණු කිරීමට අවශ්‍ය උපදෙස් සහ ආධාර අප ලබා දෙනවා.

එම ගම්මානවල අස්වනු වෙළෙඳපොළට ගෙන යාම සඳහා යටිතල පහසුකම් සලසා දෙනවා. අස්වැන්න ගබඩා කිරීමට අවශ්‍ය නම් ගබඩා ලබා දෙන අතර සෑම පොකුරු ගම්මානයක් සඳහාව විශාල සහ ශක්තිමත් වෙළෙඳපොලක් ඇති කර දෙනවා. එළවලූ වැනි අස්වනු ගබඩා කිරීමට ශීතාගාර ලබා දෙනවා. ඒ වගේම ගමට අවශ්‍ය වාරිමාර්ග ක්‍රම ඇති කරනවා. වැව් ප්‍රතිසංස්කරණය කරනවා. අවශ්‍ය නම් අලූතෙන් වැව් හදනවා.

ඔබගේ නිෂ්පාදනවල අස්වැන්න වැඩි කළ යුතුව තිබෙනවා. ඒ සඳහා නවීන කෘෂි හා තාක්‍ෂණ දැනුම අප ලබා දෙන අතර අපනයනය සඳහා නව බෝග වගා කරනවා නම් ඒ සඳහා උදව් උපකාර කිරීමට අප සූදානම් බව කිව යුතුයි. මේ ආකාරයට අප රටේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කරනවා.

ගමේ ආර්ථිකය වන්නේ කඩමණ්ඩියයි. අප කඩමණ්ඩිය දියුණු කිරීම සඳහා අවශ්‍ය උදව් සහ සහනාධාර ලබා දෙනවා. අයෝජන මණ්ඩලයෙන් උදව් උපකාර ලැබෙන්නේ මහා පරිමාණයේ ව්‍යාපාර සඳහායි. නමුත් අපි සුළු ව්‍යාපාරිකයන් වෙනුවෙනුත් එවැනි මණ්ඩලයක් ඇති කරනවා. ඒ අනුව, සෑම මැතිවරණ කොට්ඨාශයකම කුඩා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනවා.

‘ගමට රටක්’ වැඩසටහන යටතේ ගම් මට්ටමින් කළයුතු කාර්යයන් ගැන තීරණ ගැනීමේ අයිතිය අප ලබා දෙන්නේ ගමේ ජනතාවටයි. ඒ සඳහා ගම්මට්ටමේ නියෝජිත කමිටු පිහිටුවනවා. රජයේ නිලධාරීන් ක්‍රියා කළ යුත්තේ ඒ කමිටු නිර්දේශ අනුවයි.

මේ වැඩ කටයුතු කර ගෙන යාම සඳහා හොඳ දේශපාලන නායකත්වයක් අවශ්‍ය වන අතර ඒ සඳහා හොඳ, වැදගත්, ශීලාචාර මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවට පත් කර එවන්නැයි මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව යටතේ ලබා දුන් බාල පොහොර හේතුවෙන් වකුගඩු රෝගය වේගයෙන් පැතිරී ගොස් තිබෙනවා. ඒ බාල පොහොර වෙනුවට හොඳ පොහොර ලබා දෙන බව අපි කියා සිටියා.

වකුගඩු රෝගීන්ගේ පරිහරණය සඳහා ලේ පිරිසිදු කිරීමේ යන්ත්‍ර මුළු ලංකාවටම තිබුණේ 260 ක් පමණයි. අපේ රජතුමාණන් ජනතාවට සැලකඣ ආකාරයයි. මේ යන්ත්‍ර හිඟ නිසා මේ ප්‍රදේශවල වකුගඩු රෝගීන් අනන්ත දුක් විදිනවා. ජීවිත හානි වෙනවා. දරු පවුල් අනාථ වෙනවා. එම නිසා අපේ ආණ්ඩුව යටතේ එවැනි යන්ත්‍ර 1000 ක් මේ රටට ගෙන එනවා. එම යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා පුහුණුව ලබාදිය යුතු අතර අවශ්‍ය ඒ පුහුණුව ලබා දීමෙන් අනතුරුව ඊළග අදියර යටතේ තවත් යන්ත්‍ර ලබා දෙනවා. ඒ වගේම මේ වකුගඩු රෝගයට හේතු වන කරුණු සියල්ල සොයා ඒ සඳහා තිරසාර විසඳුම් ලබා දෙන්නත් අපි ක්‍රියා කරනවා.

ජනතාවට පිරිසිදු ජලය ලබා දිය යුතු අතර ජලය පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේද ඇති කරනවා. ඒ සඳහා යාන්ත්‍රික හෝ වෙනත් ක්‍රමවේද තිබිය හැකියි. රට ගැන සිතා අප කටයුතු කරන්නේ ඒ ආකාරයටයි.

“ගමට රටක්” වැඩසටහන යටතේ මේ සියලූ කටයුතු අප ඉටු කර දෙන අතර එමගින් ගමේ ආර්ථිකයත් නගරයේ ආර්ථිකය වගේම මම දියුණු කර දෙනවා. අප එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව පිහිටුවන්නේ ඒ වැඩකටයුතු සිදු කිරීමටයි. අපේ මේ වැඩකටයුතු පිළිබඳ දන්නා හොඳ කණ්ඩායමක් මෙතැන සිටිනවා.

සියලූම තරුණ තරුණියන් ගොවිතැන ඇතුලූ කෘෂිකර්මාන්තය වෙත යොමු වන්නේ නැහැ. තවත් තරුණ තරුණියන් පිරිසක් රැකියා බලාපොරොත්තුවෙන් සිටිනවා. අද තිබෙන විශාලතම ප්‍රශ්නය වන්නේ ආදායම් අඩු වීම වන අතර රැකියාවක් තිබුණත් ප්‍රමාණවත් වැටුපක් ලැබෙන්නේ නැහැ. මසකට රුපියල් 25,000 ක්, 30,000 ක් වැනි වැටුපක් ලබා ගෙන එම වැටුපෙන් ජීවත් වීමට, විවාහ වීමට, නිවසක් ඉදි කර ගැනීමට, මෝටර් බයිසිකලයක් මිලදී ගැනීමට හැකියාවක් ඇත්තේ නැහැ. එම නිසා තරුණ තරුණියන්ට ඉහළ වැටුපක් ලබාගත හැකි හොඳ රැකියා ලබා දිය යුතුයි.

මේ ප්‍රදේශවල බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ තමන්ට අයිති ඉඩම් වල නෙවෙයි. ඔවුන්ට ඇත්තේ එක් එක් ආකාරයේ තාවකාලික බලපත්‍ර පමණයි. ඉඩමේ අයිතිය නැති නිසා, මේ ඉඩම් හිමියන්ට බොහෝ වරප්‍රසාද අහිමි වෙලයි තියෙන්නේ. ඔවුන්ට හදිසියකට බැංකුවකින් ණය මුදලක් වත් ගන්න බෑ. අපි මේ තත්වය වෙනස් කරනවා. මුළු ලංකාව පුරාම සිටින බලපත්‍රලාභී ඉඩම් හිමියන්ට අපි සින්නක්කර ඔප්පු ලබා දෙනවා.

ඒ අනුව විරැකියා ප්‍රශ්නය විසඳීම සඳහා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව යටතේ ඉදිරි වසර 5 තුළ අලූත් රැකියා ලක්‍ෂ 10 ක් බිහි කරන බව මා කියා සිටිනවා. එය හුදු පොරොන්දුවක් නොවන අතර ඒ සඳහා අපටවැඩසටහනක් තිබෙන බව කිව යුතුයි.

ඒ සඳහා අපට ආයෝජන අවශ්‍ය වන අතර විදේශ ආයෝජන ලබා ගැනීමට අප කටයුතු කරනවා. ඒ වගේම විශාල වෙළෙඳපොළවල් අවශ්‍ය වන අතර ඒ සඳහා යුරෝපීය, අමෙරිකානු, ඉන්දීය සහ චීන වෙළෙඳපොලවල් ලබා ගැනීමට අප කටයුතු කරනවා.

මේ රටට පැමිණ සංචාරක හෝටල් හා කර්මාන්ත ශාලා ඉදිකිරීමට තවත් ආයෝජකයන් ගණනාවක් බලාපොරොත්තුවෙන් සිටිනවා. එම ආයෝජකයින් ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජනය කිරීම සඳහා කොන්දේසියක් ඉදිරිපත් කරනවා. එම කොන්දේසිය නම් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් තිබිය යුතු බවයි. හොරු සමග කටයුතු කිරීමට නොපැමිණෙන බවත්, එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් තිබෙනවා නම් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් බවත් එම ආයෝජකයින් කියා සිටිනවා. එසේ නම් එම ආයෝජකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අවස්ථාව තිබෙන්නේ ඔබ සතුවයි. එම නිසා ඔබ එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් පිහිට වූ පසු අප ඉතිරි වැඩ කටයුතු ඉටු කර දෙනවා.

ඔබේ අනාගතය දියුණු කරන අනෙක් වැඩසටහන ලෙස නව ආර්ථික සංවර්ධන ප්‍රාන්ත ඇති කිරීමට අප කටයුතු කරනවා. ඒවා කුඩා කලාප නොවන අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙක තුනක් එකතු කොට ඇති කරන කර්මාන්ත කලාප හතරක් හෝ පහක් ඇති ප්‍රාන්ත බව කිව යුතුයි. එහි එක් ප්‍රධාන නව ආර්ථික සංවර්ධන ප්‍රාන්තයක් කුලියාපිටියේ සිට දිවුලපිටිය දක්වා ප්‍රදේශයේ ඇති කරනවා. එම සංවර්ධන ප්‍රාන්තයට කුලියාපිටිය, කටුගම්පොල, දඹදෙනිය, දිවුලපිටිය ප්‍රදේශ ඇතුළත් වන අතර එහි කර්මාන්ත කලාප 5 ක් පමණ ඇති කිරීමට අප බලාපොරොත්තු වනවා. එම ප්‍රදේශවල යටිතල පහසුකම් සම්පූර්ණයෙන් දියුණු කර ප්‍රදේශයේ විශාල දියුණුවක් ඇති කරනවා.එවැනි ආර්ථික සංවර්ධන ප්‍රාන්ත හම්බන්තොට, රයිගම, ත්‍රිකුණාමලය ප්‍රදේශවල ද ඇති කිරීමට නියමිතයි.

අප කුරුණෑගල දියුණු කරන්නේ ඒ ආකාරයටයි. අනිත් පැත්තෙන් කඩවත සිට කුරුණෑගලටත්, එතැන් සිට මහනුවරට සහ දඹුල්ලටත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට අප පියවර ගනිමින් සිටිනවා. එම අධිවේගී මාර්ගය ඉදි කළ පසු කරුණෑගල දිස්ත්‍රික්කයේ සිටියත්, කොළඹසිටියා වගෙයි. එවිට ඉතා සීමිත කාලයක් තුළ කුරුණෑගල සිට කොළඹට ඕනෑම කෙනෙකුට පැමිණිය හැකියි. මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු සඳහා අප මේ වන විටත් මුදල් සොයා ගෙන තිබෙනවා.

ඔබේ අනාගතය දියුණු කරන මේ වැඩසටහන් ඇතුලූ අපේ “පංච මහා සංවර්ධන වැඩ සැලැස්ම” ලබන සතියේ දී ඉදිරිපත් කිරීමට නියමිතයි. එය වැඩ සැලැස්මක් වන අතර පොරොන්දු මාලාවක් නොවෙයි. එහි ඇතුළත් වන්නේ ඔබේ ජීවිතයට බලපාන ප්‍රධාන ප්‍රශ්න පහක් සඳහා වන විසඳුම් සහිත සැලසුම් බව කිව යුතුයි. ආර්ථිකය හා ආදායම් වැඩි කිරීම, යටිතල පහසුකම් හා ගම්මාන දියුණු කිරීම, ජලය ලබාදීම, දූෂණය තුරන් කිරීම, නිදහස තහවුරු කිරීම, අධ්‍යාපනය දියුණු කිරීම ආදී සැලසුම් එහි ඇතුළත් වනවා.

*මහ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් 2015.07.18 වැනි දින මහව, දිගන මහජන ක්‍රීඩාංගනයේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ ප්‍රචාරක රැළිය අමතමින් එක්සත් ජාතික පක්‍ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ කතාව.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.