20 April, 2024

Blog

යුද අපරාධ පිලිබඳ ප්‍රතිපත්තිමය වෙනස්කමක් රහසේ කිරීම සම්බන්ධව ජනාධිපති ජනතාවට උත්තර බැදිය යුතුය

එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කළ පුවත් නිවේදනය

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද ජූලි 15 වන දින දා තමින් ගැසට් කරන ලද නිවේදනය මඟින් යුද්ධයේ අවසාන භාගයේ දී සිදුවූවා යැයි චෝදනා එල්ල වන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පිළිගෙන තිබේ. ඒ අතුරුදහන් වූවන් පිලිබඳ සොයා බැලිම සඳහා පත් කර ඇති කොමිසමේ කාර්යභාරය හා විෂයපථය තවත් පුළුල් කරමින් ඊට උපදෙස් ලබා දීමට නව කමිටුවක් මෙම ගැසට් නිවේදනය හරහා ප්‍රකාශයට පත් කරමිනි.  එක්සත් ජාතින්ගේ යුද අපරාධ අධිකරණයන්හි කටයුතු කළ අභිචෝදකයන් තිදෙනෙකුව උපදේශකයන් ලෙස නම් කරමින්  මෙම කමිටුව පිහිටුවා ඇත.  දැන ගන්නට ඇති අන්දමට තවත් කිහිප දෙනෙකු ඒ සදහා නම් කිරිමට නියමිත ය.

Ranil Wickramasinghe 1 - colombo telegraphමීට වසර පහකට පමණ පෙර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත් කිරීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය නිරතුරුවම අවධාරණය කළ ප්‍රධානතම කාරණයක් වූයේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට එරෙහිව යුද අපරාධ චෝදනා පිලිබඳව පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාවයක් නොමැති බව ය.  ඒ, ශ්‍රී ලංකා ආරක්ෂක අංශ එවැනි කිසිදු වරදක් නොකළ බව කියමිනි.  එම ස්ථාවරය ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුල හා දේශීයව අවස්ථා රැසක දී රජය පැහැදිලි ලෙස ම උස් හඬින් අවධාරණය කරන ලදී.

“විජයග්‍රහණයේ සැමරුම්” දිනයේ දී ජාතිය අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ පුන පුනා අවධාරණය කළ කරුණක් වූයේ අපගේ හමුදාවන් එක් අතකින් එක්සත්ජාතින්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය හා අනෙක් අතින් තුවක්කුව ගෙන සතුරාට එරෙහිව සටන් කළ බව ය . පසුගිය වසරේ පැවැති දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී ජනතාව අමතමින් ජනාධිපතිවරයා දැඩිව අවධාරණය කළ කරුණක් වූයේ රටේ වීරෝධාර ආරක්ෂක අංශ පාවා දීම වෙනුවට තමන් “විදුලි පුටුව” ට මුහුණ දීමට සූදානම් බව ය. ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයක දීම එම ප්‍රකාශය සිදු කළ අතර, සන්ධාන රජයේ ප්‍රකාශකයන් ද අවධාරණයෙන් යුතුව සදහන් කළේ කිසිදු ආකාරයක විදේශ මැදිහත්වීමකට  තමන් ඉඩ නොතබන බව ය.  වත්මන සන්ධාන රජයේ  ප්‍රධාන හවුල්කාර පාර්ශව දෙකක ප්‍රධාන සටන් පාඨය වූයේ එය ය.

එසේ නමුත් දැන් තත්ත්වය කණපිට පෙරලී තිබේ. ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නිවේදනයෙන් පෙනෙන්නට ඇත්තේ සිදු කළා යැයි චෝදනා එල්ල වෙන යුද අපරාධ විභාග කිරීම සදහා පරීක්ෂණයක් පැවැත්වීමට ඇති රජයේ සූදානම ය.  එසේ කිරීම තුල යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට වන ජාත්‍යන්තර ප්‍රජාවේ මතය සමඟ රජය එකඟ වූ ආකාරයක් දැකගත හැකිය.  එක්සත් ජාතික පක්ෂය විසින් නිරතුරුවම අවධාරණය කර සිටි ආකාරයට රජය එබඳු ස්ථාවරයක් වසර කිහිපයකට පෙර ගත්තේ නම්  අප රටට එරෙහිව සිදු වුනා වූ අතිවිශාල හානියක් වළක්වා ගැනීමේ පැහැදිලි හැකියාව තිබුණි.  එසේ සිදු කළේ නම් වර්තමානයේ ක්‍රියාත්මක ජාත්‍යන්තර පරීක්ෂණයේ වලංගුභාවය ප්‍රශ්න කිරිමේ තාර්කික හැකියාවක් ලැබෙනවා නිසැකය.

අනෙක් අතට මෙහි ඇති බරපතලම කාරණය වනුයේ කිසිවකුට නොදන්වා රහසේ රජය මෙය සිදු කිරීමය. අතිශය වැදගත් කාරණයක් සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිපත්තිමය වෙනස්කමක් මෙලෙස රහසේ සිදුකිරීම සම්බන්ධව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය ජනතාවට උත්තර බැදිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ දැඩි විශ්වාසය යි.  පෙනෙන්නට ඇති අන්දම ට මෙම ක්‍රියාවලිය කැබිනට් අමාත්‍යවරුන්ගේ අනුදැනුමකින් තොරව එහි අනුමැතිය රහිතව සිදුව ඇත.  ඔවුන්ව මේ පිලිබඳව දැනුවත් කළ බවට කිසිදු සදහනක් ප්‍රකාශයට පත්ව නොතිබුණි. අමාත්‍යවරුන්ට පමණක් නොව මේ කාරණය පිලිබඳව පාර්ලිමේන්තුව දැනුවත් නොකිරිමට ද එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය වගබලා ගත්තේය.

සිදු වුනා යැයි කියන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය  කටයුතු කළ අවස්ථාවේ දි ඊට එරෙහිව පසු ගිය මාසයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගන්නා ලදී.  ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ පක්ෂවල සහාය ලබා ගැනීමට ද  රජය උත්සාහ කරන ලදී.  “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමාසාරිස්වරියගේ කාර්යාලය මගින් සිදු කිරීමට සැරසෙන ජාත්‍යන්තර පරීක්ෂණය හරහා  ශ්‍රී ලංකාවේ සාමය හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය දුර්වල කිරීමක්  සහ එය රටේ ස්වෛරීභාවය, ගෞරවය හා අභිමානය පළුදු කිරිමක් වන බැවින්” එම උත්සාහයට එරෙහිව ශ්‍රී ලංකා විරෝධය දැක්වීම වෙනුවෙන්  එබඳු යෝජනාවක් ගෙන ආ බව රජය ඒ අවස්ථාවේ දී ප්‍රකාශ කරන ලදී.  එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ දෙබිඩි පිළිවෙත පිලිබද ඇති මනා අවබෝධය නිසා ම එක්සත් ජාතික පක්ෂය එම උත්සාහයට සහාය දැක්වීමෙන් වැළකුනු අතර , ඒ වෙනුවට යෝජනාවට සංශෝධන කිහිපයක් අප ඉදිරිපත් කරන ලදී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්යාලය මගින් සිදු කරන පරීක්ෂණයක් හරහා ශ්‍රී ලංකාවේ සාමය හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය අනතුරට පත්  වන බව කියමින් ඒ සඳහා විපක්ෂයේ සහාය ලබා ගැනීමට අසාර්ථක උත්සාහයක නිරත වු වත්මන් රජය දැන් ඒ කාරණය සම්බන්ධයෙන් ම අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට රහසේ කූඨ ලෙස කටයුතු කරමින් සිටී. එසේ කරත් දී තම අමාත්‍ය මණ්ඩලය,  පාර්ලිමේන්තුව හා මේ රටේ ජනතාව නොසලකා හැරීමට ඔවුන් කටයුතු කර ඇත. ජනතාවගෙන් සත්‍යය වසන් කිරීමට ඔවුන් මේ තරම් උනන්දුවන්නේ ඇයි ?  එය මෙම සමස්ත සිදුවීම් ජාලය ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරන විට ඕනෑම කෙනෙකු තුල මතු වන සාධාරණ සැකයකි.

රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ දී ඊට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට,  සිදුව ඇති මෙම අළුත් වර්ධනයන් සමඟ නිරුවත් වීමට සිදු වීම එක් අතකින් කණගාටුදායක ය.   රටේ විරෝධාර ආරක්ෂක අංශ පාවා දීම වෙනුවට තමන් “විදුලි පුටුව” ට නැඟීමට සූදානම් බව ට ආත්ම වර්ණනා සිදු කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ කිසිවකුට නොදන්වා රහසින් මෙවැනි “කරණමක්” ගැසීම ගැන සියළු දෙනාව  පමා වී හෝ දැනුවත් කිරිම වැදගත් ය.

එසේම මෙම ක්‍රියාවලිය සැබැවින්ම රටක් ලෙස ශ්‍රී ලංකාව ගැන අවධානය යොමු කරමින් ගත් එකක් ද නොඑසේ නම් රහස් රාජතාන්ත්‍රික ගණුදෙනුවලට සම්බන්ධ අඥාන, බලගතු අතරමැදියන් කිහිප දෙනෙකුගේ උවමනාව තුල ගත් එකක් ද සම්බන්ධයෙන් තොරතුරු  දැන ගැනීමේ අයිතියක් මෙරට ජනතාවට ඇති බව එක්සත් ජාතික පක්ෂයේ විශ්වාසයයි.  එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයන්ගේ ඥාතීන්ට හා කිසිදු සුදුසුකමක් නැති ඔවුන්ගේ මිතුරන්ට සුවපහසු රැකියා ලබා දෙන මධ්‍යස්ථාන බවට රටේ විදේශ දූත සේවාව පත්ව තිබිය දී  සිදු වන්නා වූ මෙම රහස් රාජ්‍ය තාන්ත්‍රික ගණුදෙනු සම්බන්ධයෙන් ජනතාවට සත්‍යය අනාවරණය කිරීමේ අනිවාර්යය වගකීමක් හා යුතුකමක් රජයට පැවරී තිබේ.

2014. 07. 22

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    1

    රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස පත්වූ විගස කලින් සිටි නායකයින් ගිය මග සම්පූර්ණයෙන් බැහැර කර වෙනස් මගක පක්ෂය දක්කන්නට පටන්ගත්තේය. LTTE ප්‍රශ්ණය විසදිය යුත්තේ සාමයෙන් සහ අැසිමෙට්‍රික් (පෙඩරලයට එහා ගිය) සොලුෂන් එකකින් බව එ් දිනවල රනිල් පුන පුනා අපට කීවේය. ඔහුට යුද්ධකිරීමට බැරි බවත් යුද්ධකිරීමට අවශ්‍ය නම් වෙනත් නායකයෙක් පත්කරගතයුතු බවත් එ් දිනවලම ටී එන් එ් නාලිකාවේ සාකච්චාවකදී රනිල් කී බව මට හොදට මතකය. රනිල් නොදන්නවා උනාට අපි වැන්නන් එ්කාලයේම යූඑන්පියට බයි බයි කීවේ එ්කය. ඉතින් අදත් යූඑන්පිය කොටඋඩ තිබෙන එක පුදුමයක්ද? රනිල්ට අප වැදගත් නැත. රනිල්ගේ ගනන් හැදීම අනුව සුලුඡාතික චන්ද ඔක්කොම සහ බහුඡාතික චන්ද ටිකක් ගෙන ඡනපති වීයහැක.

    2001දී රනිල් දිනුවා නොවේ. බහුතර ඡනයා චන්ද්‍රිකාගේ හොර, අකාර්යක්ෂම, බොරු, බේගල් වලින් හෙම්බත්වූ පසු රනිල්ගේ අවස්ථාව නිකම්ම පාත්විය. රනිල් අගමැති වී සතියක් තුල සාම කාක්කන් තොගපිටින් ලංකාවට ගොඩබැස්සේය. ඊනියා රනිල්-කොටි සාම ගිවිසුම හමුදාවේ විරෝධය නොතකා තකහනියේ අත්සන්කලේය. රටෙන් තුනෙන් එකක පාලනය කොටින්ට නොලිියා බාර කලේය. රනිල් රඡයේ අවසරය මත කොටි කල්ලි සිවිල් අැදුමෙන් සැරසී දකුනේ මෙහෙයුම් කලේය. මුතාලිෆ්ලා වැනි ඔත්තුසේවා නිලධාරීන් බුරුතුපිටින් හොය හොයා මරා දැම්මේය. නමුත් හමුදාවට උතුර තහනම් කලාපයක් විය.

    නොවේඡියන් සාමකාක්කෝ සාම කඩකිරීම් ගනන සටහන් කලේය. එ් අතර නවීන පන්නයේ ට්‍රාන්ස්මිෂන් සහ කොමියුන්කේෂන් භාන්ඩද කොටින්ට නොමිලයේම ලබා දුන්නේය. කොටින්ට අවශ්‍ය ඔත්තු සැපවූයේය. එ් අතර ශ්‍රි ලංකා රඡයට හමුදාව අඩු කරන අාකාරය ගැන නොමිලයේ උපදෙස් දුන්නේය. කොටි හමුදාකන්ඩ අසලට විත් රෙද්ද උස්සා පස්ස පෙන්වා ගිය බව පුවත්පත්වල වාර්තා විය.

    සිංහල බෞද්ධ අපි චව්රව රැඡිනත් එපාවි සාම රඡාත් එපාවි හාමුදුරුවරු දහයක් පාර්ලිමේන්තු යැවූයෙමු. නොඑසේ වන්නට මහින්දට අගමැතිවන්න අවස්ථාවක් ලැබෙන්නේ නැත. මහින්ද අගමැති නොවන්නට ඡනාධිපති ඡන්දයට පොදු පෙරමුනෙන් ඉල්ලන්න ලැබෙන්නේ නැත. එහෙනම් අද දකුනේ ඡනපති රනිල්ය. උතුරේ රඡ පිරාපකරන්ය.

    2001-4 අතර කොටි යුධ අාම්පන්න වලින් සහ මිනිස් බලයෙන් කෙතෙක් බලවත් විද යත් එළබෙන ඊලාම් 4 යුද්ධයෙන් ශ්‍රි ලංකා හමුදාව අනිවාර්යයෙන් පරාඡය කලහැකි බව කොටි නායක පිරාපකරන් තරයේ විශ්වාස කලේය. නොවේඡියානුවන් අපට කීවේ LTTEය පරාඡය කල නොහැකි බවත් පිරාපකරන් යුද්ධයට අතිදක්ෂයෙක් බවත්ය. LTTEයට අවශ්‍යවූයේ ඊලම කථාවෙන් නොව යුද්ධයෙන් දිනාගැනීමයි. එ් සදහා ඡනපති චන්දයෙන් සාමකාරයා පරාඡයකර යුදවාදියා දිනවීම LTTEයට අත්‍යාවශ්‍ය කාරණයක් විය. උතුරේ දමිලයන්ට ඡනාධිපතිවරනයේදී ඡන්දය නොදෙන ලෙස පිරාපකරන් අන කලේ එනිසාය. මුදලට එසේ කලායයි කියන්නනේ යුද්ධයත් බැරි සාමයත් බැරි අඳබාලයන්ය.

    LTTEය පරාඡය කිරීම පරන අධිරාඡ්‍යවාදී බටහිරයන්ට දිරවන්නේ නැත. පිල්ලෙ අැගේ ඡිවිතකාලයම කලේ බටහිරයන්ට කඩේ යෑමය. රනිල් බටහිරයන්ගේ රූකඩයක් බව නොදන්නා කෙනෙක් නැත. ශ්‍රි ලංකා හමුදාව තොප්පිගල අල්ලාගත්විට තොප්පිගල කියන්නේ කැලයක්යයි අපට කීවේ රනිල්ය. අලිමන්කඩ පාමන්කඩ කට කැඩිච්ච කතා කීවේ රනිල්ගේ එක ගොලයෙක්ය. තවත් ගෝලයෙක් කීවේ ඔිනෑම ගොනෙකුට යුද්ධ කලහැකි බවයි. රනිල් සහ ගෝලයන් එසේ නීවේ බටහිරයන්ගේ කීමටද නැතිනම් ඔවුන් සතුටු කිරීමටදැයි මම නොදනිමි.

    දෙපිටකාට්ටු බටහිරයන්ගෙන් බේරෙන්න උන්ගේම රූකඩයක් වන රනිල්ගේන් උපදෙස් ගැනීමට තරම් මහින්ද අග්ඥානයෙක් නොවන බව නම් මම හොදාකාරවම දනිමි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.