උතුරේ මෑත කාලීනව සිදු වූ සිදුවීම් විමසා බලන විට මෙරට රජයේ මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතු වන බව පැහැදිලිය. එසේම අපට විමසන්නට සිදුවන තවත් ප්‍රශ්නයක් වන්නේ රජය කෙටි කාලීන දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් හිතාමතාම ජාත්‍යන්තර ප්‍රජාව තමන්ට එරෙහිව උසි ගැන්වීමේ අරමුණින් ක්‍රියා කරන්නේද යන්නයි.
පසුගිය මාර්තු 16 වැනිදා මානව හිමිකම් ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් පූජකතුමා කිලිනොච්චියේදී අත්අඩංගුවට පත් වූයේ ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනා මතය.
මේ සිදුවීම වාර්තා වූයේ අතුරුදන් කිරීම්වලට එරෙහිව ප්‍රබල හඬක් නගමින් උද්ඝෝෂණය කළ බී. ජෙයකුමාරි සහ ඇගේ දියණිය අපරාධකරුවෙකුට නවාතැන් දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දින කිහිපයකට පසුව වීම විශේෂත්වයකි. ඇය හඬ නැගුවේ රජයේ හමුදා භාරයේ සිටි තම පුත්‍රයාට අත් වූ ඉරණම කුමක්දැයි දැන ගැනීමේ අරමුණෙනි. ඔහු අත් අඩංගුවට ගැනීම ගැන කිසිදු වාර්තාවක් නොමැති බව රජය කියද්දී රජය විසින් පළ කරන ලද ප්‍රකාශනවල ඔහු හමුදාව භාරයේ සිටින ඡායාරූප පළ විය.
ජෙයකුමාරි සහ ඇගේ දියණිය අත් අඩංගුවට ගැනීම, මානව හිමිකම් ක්‍රියාකාරිකයන් දෙදෙනා අත් අඩංගුවට ගැනීම යන සියලුම සිදුවීම් වලින් වාර්තා වන එකම දෙය මෙරට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇති විශ්වාසය බරපතළ ලෙස සෝදාපාළුවට ලක් වීමයි.
ඉහත කී කිසිවෙකු වරදක් කර ඇත්නම් සිදු විය යුතු එකම දෙය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය හරහා ඔවුන්ට දඬුවම් ලබා දීමයි. එහෙත් රටේ අගවිනිසුරුවරිය සති දෙකකින් ධූරයෙන් පහ කළ රටක යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතු වේ.
මර්දනකාරී නීතියක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදු වන අත් අඩංගුවට ගැනීම් සහ නීතිය හා සාමය බිඳවැටීම යන දෙකම රටේ අධිකරණ ක්‍රියාවලිය සහ පොලීසිය සම්බන්ධයෙන් බරපතළ සැක මතු කරයි. එමෙන්ම නීතිය හා සාමය වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක් තිබියදී ආරක්ෂක අමාත්‍යංශය මෙවැනි කරුණු සම්බන්ධයෙන් අසීමාන්තික ලෙස මැදිහත්වීම තවත් ප්‍රහේලිකාවකි. මෙහි තවත් පැතිකඩක් වන්නේ මෙම සියලුම අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ මුළු ලෝකයේම ඇස් ශ්‍රී ලංකාව වෙත යොමු වී ඇති කාල සීමවක වීමයි. ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේදී රජයට මුහුණ දෙන්නට සිදුව ඇති ප්‍රධාන චෝදනාවක් වන්නේ මානව හිමිකම් ක්‍රියාකාරිකයන්ට හා තමන්ට සිදු වූ අසාධාරණයන් වෙනුවෙන් ජාත්‍යන්තර පාර්ශ්වවල සහය ඉල්ලා ඇති අයට දිගින් දිගටම මුහුණ දෙන්නට සිදුවන හිරිහැර සහ අඩන්තේට්ටම්ය.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ මහත්මිය හමු වී සාකච්ඡා කළ අයට හිරිහැර කිරීම සම්බන්ධයෙනුත් රජයට දිගින් දිගටම චෝදනා එල්ල වෙයි.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය පැවැත්වෙන අතරවාරයේදීම සිදුවන මෙවැනි දේ වලින් පෙනී යන්නේ ජාත්‍යන්තර ප්‍රජාව සම්බන්ධයෙන් කිසිදු තැකීමක් රජය සිදු නොකරන බවයි. වගකිව යුතු විපක්ෂයක් වශයෙන් අපට තේරුම් ගන්නට බැරි කාරණය වන්නේ රට සහ ජනතාව පරදුවට තබා මෙම රජය ජාත්‍යන්තර ප්‍රජාව තමන්ට එරෙහිව පියවර ගැනීම සඳහා පොළඹවන්නේ කවර හේතුවක් මතද යන්නයි. අප මීට කලිනුත් පෙන්වා දී ඇති පරිදි ජාත්‍යන්තර ක්‍රියාමාර්ග නිසා වඩාත්ම අපහසුතාවට පත් වන්නේ මේ රටේ අහිංසක සාමාන්‍ය ජනතාව මිස පරම්පරා හත අටකට ධනය එක් රැස් කර ගෙන ඇති මෙරට පාලක පංතිය නොවේ.
එක්සත් ජාතික පක්ෂය දකුණේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම මානව හිමිකම් ප්‍රශ්නයේ ඇති බරපතළ බව වටහා ගන්නා ලෙසයි. බොහෝ අවස්ථාවල අප රැවටිල්ලට ලක් කර අත්තේ මානව හිමිකම් ප්‍රශ්නය උතුරේ ජනතාවට පමණක් අදාළ එකක් බව කියමිනි. උතුරේ සිදු වූ අපරාධ සම්ව්බන්ධයෙන් අප නිහඬව සිටීම නිසා වැලිවේරිය ප්‍රදේශයේදී ‘මාරයා’ අපේ දොරකඩටම පැමිණියේය. උතුරේ ජනමාධ්‍යවේදීන්ට එල්ලවූ ප්‍රහාර සම්බන්ධයෙන් අප හඬක් නොනැගූ නිසා දකුණේ පුවත්පත් කර්තෘවරුන් මහ දවල් ඝාතනය කෙරිණි. අප කිසිවක් නොකර බලා සිටින නිසා මෙම රජය දිගින් දිගටම අපගේ සාමූහික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට කටයුතු කරයි.
දැන් මෙය වෙනස් කිරීමට කාලය පැමිණ තිබේ. එම නිසා අප ඉල්ලා සිටින්නේ ජෙයකුමාරි, රුකි ප්‍රනාන්දු සහ ප්‍රවීන් පියතුමා යන සියලු දෙනා සාධාරණ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියකට යොමු කරවිය යුතු බවයි. ඉතිහාසය පුන පුනා ඔප්පු කර ඇත්තේ රාජපක්ෂ රෙජීමය උතුරේ සිදු කරන සියලු නොපනත් ක්‍රියා වැඩි කල් නොගොස් දකුණටත් පැමිණෙන බවයි.
*එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනය
priya / March 18, 2014
බොහෝවිට අර්බුද හමුවේ නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන එජාපය එක්වරම ඇස් ඇර ඇත්තේ කුමන හේතුවක් නිසාද ?.මෙම ප්‍රශ්න ගැන යන්තමින් හෝ කෑ ගසන්නේ ජවිපෙ පමණි.රටේ අවුලට එක හේතුවක් වන්නේ එජාපයේ ඇති කොන්ද පන නැති කමයි.රජයේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව ප්‍රබලව නැගී සිටීමට හැකියාව ඇත්තේ එජාපයටයි .නමුත් එම වගකීම ඔවුන් ඉටු කරන්නේ නැත.කිසම සැලසුමකට අනුව ප්‍රජාතන්ත්‍ර අයතීන් සුරැකීමට ඔවුන්ට වැඩ පිළිවෙලක් නැත.ඉඳ හිට යම්කිසි ප්‍රකාශයක් ඉදිරිපත් කරනවට වඩා යමක් ඔවුන්ට රට වෙනුවෙන් කල හැක.එහෙත් එය නොකිරීම අපගේ බලවත් ඛේදවාචකයට හේතු වී ඇත .
/
amila chathuranga / March 25, 2014
පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය වැටී ඇති අවම මට්ටම මේ නිවේදනයෙන් පැහැදිලි වෙනවා. මෙහි නිකම්ම වචන ටිකක් මිස කිසිදු තාර්කිත ආකර්ශණීය ස්වභාවයක් නැහැ. රටේ මානව හිමිකම් ගැටළුව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වන්නට නම් මානව හිමිකම් ප්‍රශ්ණය දුරදිග ගිය විට සාමාන්‍ය ජනයාට මුහුනදෙන්නට විය හැකි ප්‍රබල පීඩනය විදහා දක්වන්නට අවශ්‍යයි.
සාමාන්‍ය ජනතාව සිතා සිටින්නේ මෙය මහරජතුමා විදුලි පුටුවට යවන දෙමල ඩයස්පෝරාවේ ගැටළුවක් බවයි. එය ඓසේ නොවන බවත් මේ ගැටළුවේදී ජිනීවා හිදී ගැනෙන තීරනාදිය සාමාන්‍ය වැසියනටද බලපෑ හැකි බවත් මෙසේ රජය ගොඩේ චන්ඩියෙකු වීම තුල ආන්ඩුවට වීරයකු වී බොරු නරිසිංහ නාද පවත්වා ආකර්ශනය ලැබිය හැකි බවත් නමුත් එයින් අපේ රට අගාධයකට යා හැකි බවත් මීට වඩා ආකර්ශණීය ලෙස එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කල හැකිව තිබෙන්නේය.
එසේ නොමැතිව නිකං වචන ගොඩක් පමණක් ලියා තැබීමෙන් කිසිදු ප්‍රෙයා්ජනයක් නොවේ. සංඛ්‍යාෙල්ඛන වාර්ථා විස්තර සහිත රනිල් වික්‍රමසිංහ මහතාගේ වැදගත් ලිපි ලේඛන දැක ඇති අපට මේ වැනි බාල බොලඳ ලේඛන ගෙන එන්නේ මහත් කණගාටුවකි.
/
Sama / March 25, 2014
whoever whatever being posted – if you take MR and RW, the latter is 10000000000000000000000000000000000 times human, democractic, gentleman like, non-abusive than the former. RW will work in accordance with law and order while MR is giving priority to impunity to govern as it is the case seen in country today.
/