25 April, 2024

Blog

පිං ආණ්ඩුව, පිං අගමැතිලා සහ දේවදත්තලා

උපුල් කුමරප්පෙරුම

උපුල් කුමරප්පෙරුම

උපුල් කුමරප්පෙරුම

පසුගිය දිනෙක අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් පිං ආණ්ඩුව සහ පිං අගමැතිවරයා මැයි 6 වනදායින් පසුව ගෙදර යවන බවට ප‍්‍රතිඥාවක් දුන්නේය. ඔහු පිං ආණ්ඩුව යනුවෙන් අදහස් කලේ නිශ්චිත පාර්ලිමේන්තු බහුතරයක් නොමැතිව පත්ව ඇති වර්තමාන ආණ්ඩුවය. එසේම පිං අගමැතිවරයා යනුවෙන් අදහස් කලේ පාර්ලිමේන්තුවේ සු`ඵතරයක් සම`ග සිටින එහෙත් ඡනාධිපති වරයා විසින් ආණ්ඩුවක් ගෙන යා හැකියැයි විශ්වාස තබා අගමැතිවරයා ලෙස පත් කරනු ලැබූ රනිල් වික‍්‍රමසිංහ මහතාවය.

පසුගිය ඡනාධිපතිවරණයට පෙර ඩිලාන් පෙරේරා මහතා ඇතු`ඵ කණ්ඩායමට අවශ්‍යව තිබුණේ රනිල් වික‍්‍රමසිංහ මහතා පමණක් නොව ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද ගෙදර යැවීමටය. ඒ ස`දහා ඔවුහු සියලු දේ කලහ. ලෙහෙසියෙන් කෙනෙකුට කල නොහැකි අනේකවිධ අශිලාචාරකම්ද සිරිසේන මහතාට එරෙහිව කරනු ලැබූහ. එහෙත් අවසානයේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඡයග‍්‍රහනය කරනු ලබන්නේ රටෙහි සෑම ඡන වර්ගයක්ම එතුමා සහ එතුමා වටා රොක් වූ විවිධ සමාඡ බලවේගයන් කෙරෙහි තැබූ විශ්වාසය මත ලබාදුන් ඡන වරමෙනි.

ඩිලාන් පෙරේරා කථා කරන පිං ආණ්ඩුව පත් වන්නේ නිශ්චිත කාල සීමාවකට සැකැසුනු නිශ්චිත කාල සටහනක් ක‍්‍රියාත්මක කිරිමටය. මෙම කාල සටහනෙහි ප‍්‍රධානතම අංග වන්නේ විධායකයක ඡුනාධිපති ක‍්‍රමය අහෝසි කිරිම පවතින මැතිවරණ ක‍්‍රමය ප‍්‍රතිසංස්කරනය කිරිම සහ දාහත් වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කරනු ලැබූ වඩාත් ප‍්‍රඡුාතන්ත‍්‍රික සහ පාරදෘශ්‍ය වූ රාඡු්‍ය පාලන ක‍්‍රමය නැවත බල ගැන්වීමයි.

අද වන විට එම කාල සටහනෙහි ප‍්‍රධාන අංගයන්ගෙන් සමහරක් දේ ඉෂ්ඨ වී ඇත. සමහරක් දේ ඉෂ්ඨ වී නොමැත. ඉෂ්ඨ වූ දේ අතර ඡනපතිවරයා සතුව එතෙක් මෙතෙක් පැවැති අත්තනෝමතික විධායක බල ස්වරූපය ඉවත් කිරිමල දාහත් වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය පු`ඵල් වූ රාඡු්‍ය පාලනයේදී අත්‍යවශ්‍ය වන්නා වූ පාරදෘශ්‍ය වූ සහ නිර්දේශපාලනීකරනයල වගකිම සහ වගවීම යන මූල ධර්මයන් රටතුල ස්ථාපිත කිරිමෙහි වැදගත් වන්නා වූ කොමිෂන් සභා පත් කිරිම කරනු ලැබීම සැලකිය හැකිය. ඒ සියල්ලටම වඩා පිං ආණ්ඩුව පැමිණීමෙන් පසු සුදු වෑන් මිනිසුන් උස්සන්න පැමිණියේ නැත. විරුද්ධ අදහස් දැරූවන් අතුරුදහන් වූයේ නැත. අනේකවිධ ශෝභන ක‍්‍රියාවන්ට රටෙහි ධනය වැය කලේ නැත. දරුවන්ට පියවරුන් අහිමි වූයේ නැත. අම්මලාට දරුවන් අහිමි වූයේ නැත.

Maithri newපිං ආණ්ඩුව ගෙන එනු ලැබූ මෙම ප‍්‍රතිසංස්කරණයන්හි ප‍්‍රතිඵලයක් වශයෙන් රටතුල වඩාත් සාධාරණ සහ පිළිගත හැකි රාඡු්‍ය පාලන ක‍්‍රම ෙවිදයක් ඇති විය හැකි බවට ඡුාතික වශයෙන් පමණක් නොව ඡුාත්‍යන්තර වශයෙන්ද විශ්වාසයක් ඇති වී ඇති අතර එම විශ්වාසය මත පදනම්ව මෙරටට උදවි උපකාර කිරිමට බොහෝ රාඡු්‍යයන් අදවන විට ඉදිරිපත් විම සාමාන්‍ය දසුනක් බවට පත්ව ඇත්තේය.

මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඡුනපති අපේක්‍ෂක සේ පත්වූ දා සිට ඔහුගේ ප‍්‍රතිවාදියා වූ මහින්ද රාඡුපක්‍ෂ මහතා සහ ඔහුට හිතැති කණ්ඩායමෙහි ප‍්‍රධාන අවලාදය වුයේ රට බෙදිමේ කුමන්ත‍්‍රණය සහ රට බටහිර රාඡු්‍යයන්හි ගැත්තෙකු බවට පත් වීමෙහි යන අවදානම යන චෝදනාවන් අද පුස්සක් බවට පත්ව ඇත්තේය. මෙතෙක් කල් ඡුාත්‍යන්තර වශයෙන් රට පත්ව තිබූ අපකීර්තිමත් තත්වය සහ ඡුාත්‍යන්තරව කොන්කර තිබූ තත්වය අදවන විට රටට වාසිදායක ආකාරයට වෙනස් කර ගැනීමට පිං ආණ්ඩුවට හැකි වුනේය.

රටෙහි අභිවෘද්ධිය සහ අනාගතය පරමිපරාවෙහි අභිවෘධිය ස`දහා ගෙන එනු ලැබූ මෙම ප‍්‍රතිසංස්කරණයන් නීතිගත කර ගැනීම ස`දහා ඩිලාන් පෙරේරා කියන පිං ආණ්ඩුවට සහ ඒ පිං ආණ්ඩුවේ ඡනාධිපතිවරයාට විශාල වන්දියක් ගෙවිමට සිදුවිය.

ඡුනාධිපතිවරණ සමයේදී තමන්ට අනේකවිධ අපහාසයන් කල කණ්ඩායමක් හා එක් වන්නට මේ පිං ආණ්ඩුවට සිදුවුනේය. පසුගිය දශයක කාලයක් පුරාවට තමන්ට අනේකවිධ අපහාස උපහාස සිත් රිදම් කල කණ්ඩායමක් තම අමාත්‍ය මණ්ඩලයට ගැනීමට පිං අගමැතිවරයාට සිදුවුනේය. එසේම එක් කරගත් සියලු දෙනාට අමාත්‍ය ධුර සහ අනේක විධ වරදාන ලබාදීමට සිදුවුයේය. මේවා පිනා චාන්ස්ය. විශේෂයෙන්ම පිං අගමැතිවරයා තමන්ගේ දේශපාලන අභිමාතාර්ථයන් පසෙකලා රටට වැදගත් වන්නා වූ ප‍්‍රතිස්ංස්කරණයයන් නීතිගත කර ගැනීමට දැරූ ව්‍යායාමයේදී එකුතු කරගත් පිරිස සමිබන්ධයෙන් ඔහුට ඔහුගේද පාක්‍ෂිකයන් තුලින්ම විෙවිචනයන් එල්ල වුයේය.

පිං ආණ්ඩුව ෙමි වන විට කල බොහෝ දේ කර ඇත්තේ රටෙහි සහ රටෙහි ඡනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙනි. පිං ආණ්ඩුව රටේ සියලු සම්පත්ල බලතල සහ අනෙකුත් දෑ තමන් වෙතම නතුකර කර ගැනිමේ අභිප‍්‍රායෙන් සහ සදාතනික රඡෙකු ලෙස වැඡඹීමේ අභිප‍්‍රායෙන් හුදු පුද්ගල අභිමතාර්ථයන් ඒකායන ප‍්‍රාර්ථනය කර ගත් රටට විනාශකාරි වූ නීති රිති සමිමත කිරිමට උත්සහ කලේ නැත. තමන්ගේ දේශපාලන විරුද්ධවාදියා එක රැුයින් කුදලාගෙන ගොස් තමන්ට අවශ්‍ය ලෙස තමන්ට ලෙස නිතිය ක‍්‍රියාත්මක කර සිර ගත කලේ නැත. තමන්ට අවශ්‍ය වන විධියට නඩු තීන්දු ලියාවා ගත්තේ නැත. තිස්ස අත්තනායක අදත් පාර්ලිමේන්තු පුටුවෙහි සිටින්නේ පිං ආන්ඩුව එසේ කර නොමැති නිසාය. අදවන තෙක් පිං ආණ්ඩුුවේ එක් පොරොන්දුවක් වූ දුෂණය සහ වංචා සම්බන්ධයෙන් සහ මහඡන මුදල් කොල්ලකෑමි සමිබන්ධ සොරුනට කිසිවක් සිදුව නොමැත්තේ ඒ සමිබන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන අවසන් නොමැතිව නිසාත්්ල රාඡුපක්‍ෂ ක‍්‍රමවේදය අනුගමනය කරමින් තම දේශපාලන විරුද්ධවාදීන් කිසිදු වග විභාගයකින් තොරව දඩු කෙ`දහි ගැසීමට පිං ආණ්ඩුව සුදානම් නැති නිසාත්ය.

ඩිලාන් පෙරේරා ඇතු`ඵ කණ්ඩායමෙහි ප‍්‍රධාන සටන් පාඨය වී ඇත්තේ රනිල් පන්නා නැවත මහින්ද පාලනයක් රැුගෙන ඒමය. ෙමි කියන පාලනය ගෙන ඒම ස`දහා මේ ලිපිය ලියන අවස්ථාව වන විට දිනද නියම කර ගෙන ඇත. එහිදී සාකචිඡ කරනු ලබන්නේ ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාඡපක්‍ෂ මහතාට අග‍්‍රාමාත්‍ය ධූර අපේක්‍ෂකත්වය ලබා දීමටය. ඒ අනුව ඔහු මැතිවරණ ව්‍යපාරයට නායකත්වය සැපයීමටත් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ස`දහා අපේක්‍ෂකයන් තේරිම ස`දහා රාඡපක්‍ෂ මහතාගේ නිර්දේශයෙහි අවශ්‍යතාවය සාකච්ඡුා කිරිම ස`දහාත්ය.

මෛත‍්‍රිපාල සිරිසේන මහතා එදා ඡනතාවට දුන් පොරොන්දු වූයේ අද පිං ආණ්ඩුව පැරද වීමට නායකත්වය සැපයීමට සැරසෙන මහින්ද රාඡපක්‍ෂ මහතා මු`ඵ රටම තමන්ගේ පිනට පහළ වූ සම්පතක් යැයි සිතමින් තමන්ට ඔිනෑ හැටියට බෙදා හදා ගනිමින් තමන්ගේ හිතවතුන්ට පිනට ලබා දෙමින් සිදු කරන මහා ව්‍යාසනය නතර කිරිම තමන් ඡුනපති වූ පසු නතර කරන බවයි. අදවන විට මේ සියලු සාකච්ඡුා සම්මන්ත‍්‍රන ඇති වන්නේ සිරිසේන මහතා බලයට ලත් කිරිම ස`දහා සිරිස`ගබෝ වූ පිං අගමැතිවරයාත් ඔහුගේ පිං ආණ්ඩුවත් ගෙදර යැවීමටය. මේ කියන සාකච්ඡුාවල ප‍්‍රතිඵලය මේ ලිපිය ලියන අවස්ථාව වෙද්දී එළියට පැමිණ නැත. කෙසේ නමුත් මේ පිං ආණ්ඩුව පත් කරනු ලැබුවේ මෛත‍්‍රිපාල සිරිසේන මහතාය.මේ පිං ආණඩුෙවි අගමැතිවරයා පත් කරනු ලැබුෙවි මෛත‍්‍රිපාල සිරිසේන මහතාය. මේ පිං ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා වූයේද මෛත‍්‍රිපාල සිරිසේන මහතාය. එතුමා ඒසේ කරනු ලැබුවේ තමන් නියෝඡනය කල එක්සත් ඡනතා සන්ධානයේ මහා විශාල මන්ත‍්‍රීවරු ප‍්‍රමාණයක් පාර්ලිමේන්තුවේ සිටිද්දීය. මේ පිං ආණ්ඩුව පත් කරන වේලාවෙදී මෛත‍්‍රිපාල මහතා තමන් සම`ග සිටි ස`ගයන් කල කී දෑ සහ හිතන දෑ හො`දින් දැන සිටියේය.

එදා මහින්ද රාඡපක්‍ෂ සහ ඔහුගේ ආණ්ඩුව සමිබන්ධයෙන් තිබූ ප‍්‍රධානතම චෝදනාවක් වූ මහඡන මුදල් කොල්ලකෑම, දුෂණය, වංචාව, විවිධාකාර වූ මර්ධනයන්, පුද්ගල පැහැර ගැනීම්, මිනි මැරුම්, ඡත්‍යන්තරව රට කෙරෙහි ඇතිව තිබූ අයහපත් ප‍්‍රතිරුපය වැනි සියල්ලටම එරෙහිව ඇති වූ සමාඡ බලවේගයන් විසින් මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඡනාධිපතිවරයා කලා විනා ඔහු නායකත්වය සැප​යූ දේශපාලන පක්‍ෂයක ආධාර උපකාර හෝ ඔහු නායකත්වය සැපයූ දේශපාලන පක්‍ෂයේ බහුතර ආධාරයෙන් ඔහු ඡනපති වුයේ නැත. ඔහු ජනාධිපති කිරිම ස`දහා තම ජීවිතයෙන් වන්දි ගෙවූ රටවැසියන්ද සිටියේය.

මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඡනපති කිරිමට අනේකවිධ තාඩන පීඩන මර්ධන හමුවේ ඔහු වටා එක් වූ ඡනතා බලවේගය තවමත් ඔහු වටා සිටින්නේය. ඒ ඔහු අව්‍යාඡ අවංක මිනිසෙක් නිසාය.  පුරවැසියන් එකා එකා එකතු වී සෑදුනු මේ ඡනතා බල වේගයේ ශුද්’ධ වූ අපේක්‍ෂාවන් ඉෂ්ඨ කිරිමේ වගකීම මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ඇත්තේය. ඒ වගකීම ඉෂ්ඨ කිරිමෙහිලා එන ගමනේදී ගල් පෙරලූ දේවදත්තලා සම`ග පවුරු පසානම් බැදීමෙන් මේ ඡනතා අපේක්‍ෂාවයන් ඉෂ්ඨ කිරිමේ හැකියාව ඔහුට ලැබේදැයි සිතීම පවා දුෂ්කරය. මහින්ද රාඡපක්‍ෂ පමණක් නොව ඔහු වටා එක් රොක්ව රට අරාජිකත්වය කරා ගෙන ගිය ගමනේ සියලු පුරෝගාමීන්ද පරාඡය කරනු ලැබුවේය. අද මෛත‍්‍රිපාල සිරිසේන මහතා ගනු ලබන පියවරෙන් ඡනතා අභිලාෂය යටපත් වී ඡනතාව විසින් ප‍්‍රතික්‍ෂේප කරනු ලැබු රොත්තකගේ අභිමතාර්ථයන් ඉෂ්ඨවේ නම් ඔහු වටා රොක් වූ සියලු සමාඡ බලවේගයන් සහ රටෙහි ඡනතාව ඔහු කර මත තබාගෙන තවත් ඉදිරියට පියවර නගත් දැයි සිතීම සැක සහිතය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.