දඹර අමිල සාදු, මහචාර්ය සරත් විජේසූරිය හා පොත් පරිවර්තක ගාමීණී වියන්ගොඩ යන සිවිල් සමාජ ක්‍රියාධරයින් විසින් රජයේ ආයතන වලින් මුදල් ලබා ගැනීමේ චෝදනා සමාජයේ මහත් කතාබහට ලක්ව තිබේ. එමෙන්ම එය මුලු මහත් සිවිල් සමාජ ක්‍රියාධරයින්ටම එරෙහිව කෙරෙන අපවාදයක් දක්වා වර්ධනය වී තිබේ.
මේ අයට ඇති චෝදනා මෙන්ම මේ අය දුන් උත්තරත් ඇසුවෙමි. ඒ උත්තර නිකන් යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ ඒවාය. මේ අය ඒවා නීති විරෝධී නොවෙන බව කියයි. නඩු දාන්න කියා අභියෝග කරයි. (ගාමිණි වියන්ගොඩ කියන්නේ වෙනම කතාවකි). නීචභාවය ඇත්තේ එතනය! මේ කෙටි සටහන ලියවුනේ ඒ නිසාය.
අමිල සාදු ලිත්‍රෝ ගෑස් ආයතනයෙන් මසකට රුපියල් 95,000 බැගින් මුදලක් ලබාගෙන ඇති බව ලිඛිත සාක්‍ෂි සහිතව ඔප්පුවී තිබෙන අතර උන්වහන්සේද එය පිළිගෙන තිබේ. උන්වහන්සේ එයට පිළිතුරක් දී තිබේ: “ඔව් මම ගත්ත, මම ලිඛිතව ඒ අයතනයෙන් ඉල්ල ගත්තෙ මගේ සමාජ සේවා වැඩ කටයුතු සඳහා, මම නීති විරෝධී වැඩක් කරල තියෙන නම් නඩු දාන්න”. ඒක තමා උන්නාන්සෙගෙ පිළිතුර!
අමිලගෙන් දැන් අප ඇසිය යුතු ප්‍රශ්ණය මෙයයි; හොඳයි ඔබ වහන්සේ ඔය සමජ සත්කාර වැඩ පටන් ගත්තෙ 2015 ජනවාරි 8න් පස්සෙද? ඊට ඉස්සර ඔය වැඩ කරා නම්, ලිත්‍රෝ එකට සහ අනෙකුත් රාජ්‍ය ආයතනවලින් මුදල් ඉල්ලා තිබේද? එසේ නම් ලැබුණ ප්‍රතිචාර මොනවාද? දුන්නද? ප්‍රතික්‍ෂේප කරාද? ඔය ඔක්කොටම අදාල ලිය කියවිලි එළියට දැම්මොත් උන්නාන්සේට ගැලවීමේ මගක් හොයා ගත හැකිවනු ඇත.
සරත් විජේසූරියට ඇති චෝදනාව, එතුමාගේ පොතක් දොරට වැඩම්මවීමට රුපියල් 350,000ක් ලොටරීස් බෝර්ඩ් එකෙන් ලබා ගැනීමය. එතුමා එම ආයතනයට යැවූ ලිපියේ තිබෙන්නේ රුපියල් 350,000ක් වැයවෙන බැවින් එයින් කොටසක හෝ ආධාරයක් බලාපොරොත්තුවන බවය. කුමන හෝ හේතුවකට එම ආයතනය මුලු මුදලම ඔහුට ලබා දී ඇත. දැන් විජේසූරිය අපට කිව යුත්තේ පොත දොරට වැඩම්මවීමට ගිය අයවැය කොපමණද යන්නය. අනෙක එම ආයතනයට යැවූ ලිපිය මෙන් තව ලිපි කීයක් තවත් ආයතනවලට යැවුයේද? ඒ ඒ ආයතනවලින් ලැබුණු ප්‍රතිචාර හා මුදල් පිළිබඳ විස්තරය. අනෙක් වැදගත්ම කරුණ නම් 2015 ජනවාරි 8ට පෙර එතුමා දොරට වැඩම්ම වූ පොත් උළෙලවල් වලටත් මෙසේ රජයේ ආයතනවලින් මුදල් ඉල්ලුවේද හා ලැබුණේද යන්නය. විජේසූරියගේ සට කපට උත්තරයේ මේවා නැත. (අනිවාර්යයෙන්ම තවත් ලිපි තවත් ගොඩක් ආයතනවලට එතුමා යවා තිබිය යුතුය, මොකද ලොටරීස් බෝර්ඩ් එකෙන් ඉල්ලා ඇත්තේ යනවය කියන වියදමෙන් කොටසක් බැවිනි. )
ගාමිණි වියන්ගොඩට ඇත්තේ මාමයි-බෑණයි චෝදනාවකි. එහෙත් ඔහු ටීඑන්එල් රූපවාහිණියට දෙන කටඋත්තරයේදී අමිල හා විජේසූරියට වෙනස්ව ඉතාම සටකපට ලෙස තමන් කිසිම මුදලක් නොගත් බව කියයි. ඒත් කතාව මෙයයි. ඔහුගේ එක දුවකගේ ස්වාමි පුරුෂයා ඇඩ්වර්ටයිසින් ආයතනයක සිටි සේවකයෙකි. ඒකෙන් ඉවත්ව 2017දී තමන්ගේම වූ අයතනයක් “ස්ටෝරිබුක්” නමින් පටන් ගන්නේය. එයට කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව – කෝටි ගණනක – දැන්වීම් කොන්ත්‍රාත්තු ආණ්ඩුවෙන් ලබා දී ඇත. කොහමද මේ ස්ටෝරිබුක් කියන බෑණගෙ ආයතනය තෝරගත්තෙ? මේ සියල්ල ඔහුට ලැබී ඇත්තේ වියන්ගොඩගේ බෑණා වීම නිසා මිස වෙන කිසිවක් නිසා නොවේ. චෝදනාව එයයි. වියන්ගොඩ, බෑණාගේ ව්‍යාපෘතිය ගැන වචනයක් හෝ නොකියා තමන්ට සැලසිනේ ආයතනෙයෙන් ගෙවීමක් කර ඇත්නම් ඔප්පු කරන ලෙස අභියෝග කිරීම හරියට මල්වානේ ගෙදර බැසිල්ගේ බව ඔප්පු කරන ලෙස බැසිල් අභියෝග කරන්නාක් මෙනි. වියන්ගොඩ ප්‍රතිලාභියෙක්ද යන්න සෙවීමට බෑණාගේ කොම්පැණීයේ ගිණුම් පරීක්‍ෂා කළ යුතුය. අනෙක් දෙදෙනාද අඩු තරමින් ඉහත අසා ඇති ප්‍රශ්ණ කීපයටවත් පිළිතුරු දිය යුතුය.
අඩු තරමිනි මට තේරෙන්නේ මේ තිදෙනා මේවාට කරුණු සහිතව උත්තර දෙනෙතෙක් චෝදනා දිගටම කෙරෙණු ඇත. ඔබ තිදෙනා තේරුම් ගත යුත්තේ ඔබ එසේ කිරීම ස්වෙච්ඡාවෙන් සමාජ වැඩ කරන අනෙක් අයටත් ඔබ නිසා එල්ලවී ඇති චෝදානාවන්ගෙන් නිදොස් වීමට හේතුවන බවය. අනෙකුත් සිවිල් සමාජ ක්‍රියාධරයින් ඔවුන්ගෙන් මේ සරළ ප්‍රශ්ණ ඇසිය යුතුය. උත්තර නොදෙන්නේ නම් “පිළිගත නොහැකි පුද්ගලයින්” ලෙස නම් කළ යුතුය.
Sinhala_Man / December 3, 2018
This is an article of some significance, but in a negative sort of way. The contents are disturbing, not because they are outrageous, but those relatively small sums of money compromise the admirable efforts of Civil Society.
.
We would like to know that the hands of all these people who campaign tirelessly for an end to all corruption are themselves quite clean.
/
C Senevirathne / December 9, 2018
සිවිල් ක්‍රියාකාරින් කරන පූජනීය ක්‍රියාවන් මෙසේ දූෂණය වීම අපරාධයකි.සාධාරන සමාජයක් කරා ව්‍යාපාරයේ පළමු කොළඹින් පිට රැස්වීම මහනුවරදි පැවැත්විණ. එදා සභාව මෙහෙයවූවේ මා විසිනි. මාදුලුවාවේ හාමුදුරැවන්පැමිණිමෙන් උන්වහනසේට වැයවූ ඉන්ධන මුදල ගෙවීමට මට උවමනා විය.එය ප්‍රතික්ෂේප කරමින් කීවේ අපි අපේ වියදම් දරා ගම්මු. අපි මේ විදියට යමු කියාය. ඒ ආදර්ශය ගෙන කිසිවෙකු මෙවැනි තැනකට පත් නොවේවා
/