20 January, 2026

Blog

ස්ටාමර්, අනුර සහ සජිත්: දුප්පත් මිනිස්සුන්ට නෙමෙයි රට පාලනය කරන්න බැරි හීනමානකාරයින්ට​

උවිඳු කුරුකුලසූරිය​ –

උවිඳු කුරුකුලසූරිය​

දැන් එක්සත් රාජධානියෙ කොන්සවටිව්කාරයො – ඒ කියන්නෙ රනිල්ල සජිත්ල නියෝජනය කරන කඳවුර සෝදා පාලු වෙලා ගිහින් ලේබර් පක්‍ෂය බලයට ආවනෙ. කවුද අගමැති උනේ? Keir Starmer. එයාගෙ පසුබිම මොකක්ද​?

‍‍‍‍‍එයාගෙ තාත්ත​ ෆැක්ටරියක ඔය අඬු, මිටි වගේ ආයුධ හදපු කම්කරුවෙක් [toolmaker] අම්මට සදාතනික​ අසනීපයක්, ඇය හිටපු හෙදියක්. ඉංග්‍රීසි ජාතිකයොත් නෙමෙයි. ස්ටාමර් ග්‍රැමර් ස්කූල් එකකට යන්න පාස් උනා. එයා ඉඟෙන ගන්න කොට ඒක ප්‍රයිවට් ඉස්කෝලයක් බවට පත් කළා. ඒත් එයාගෙ දෙමාපියන්ට වත්කමක් නොතිබුණ නිසා ඒ ඉස්කෝලෙන්ම එයාට ශිෂ්‍යත්වයක් දීල තියගත්ත. එයා අවුරුදු 16දි ලේබර් පක්‍ෂයේ තරුණ ලීග් එකේ දේශපාලනය කරනව​. ස්ටාමර්වර්ව ඉස්කෝලේ යන කාලෙ පොලිස් අත්අඩංගුවට පත්වෙනව සල්ලි සොයන්න නීති විරෝධීව අයිස් ක්‍රීම් වික්කට​. ඒත් නඩු දාන්නෙ නැහැ, එයාගෙ අයිස් ක්‍රීම් ටික පොලිසිය තියාගෙන එයාව ඇරිය​. ස්ටාමර්වර් ඉඟෙන ගත්තෙ ගණිතය​, සංගීතය සහ භෞතික විද්‍යාව ලංකාවෙ විදියට කියනව නම් උසස් පෙළට​. [මෙහෙ එහෙම විෂයයන් කොම්බො කරන්න පුලුවන්, අනුරලත් එහෙම කරනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙදි, මම ඒක දන්නව​]

කොහොම හරි ස්ටාමර් ඔක්ස්ෆඩ් ගිහින් ලෝයර් කෙනෙක් ආදී වශයෙන් වෙනව​. පස්සෙ ලේබර් පක්‍ෂයේ නායකය වෙලා නව චින්තනයක් ඉදිරිපත් කරල​ අනිත් උන් සෝදාපාලු වෙන ජයග්‍රණය මාස කීපයකට ඉස්සෙල්ල ගත්ත​.

අනුරත් මිණින්දෝරු කම්කරුවෙක්ගෙ සහ ගෙවිලියක්ගෙ පුතෙක්. අනුරත් ගමේ ඉස්කෝලෙන් – එංගලන්තෙ ග්‍රැමර් ස්කූල් කියන සංකල්පය අනුව ලංකාවෙ කන්නන්ගර​ හැදුව මහ ඉස්කෝලේකට ගියා. එයත් කෝච්චියෙ ටොපි අරව මේව වික්ක සල්ලි සොයාගන්න​. එයත් භෞතික විද්‍යාව, ගණිතය ඉඟෙන ගත්තෙ [සංගීතය නැහැ හැබැයි, ඒව ලංකාවෙ බැහැනෙ] එයත් ටීනේජ් කාලේ ජවිපෙ දේශපාලනය කළා. එයත් ලංකාවෙ හොඳම විශ්ව විද්‍යාලය වෙච්ච පේරාදෙණියට ගියා [මාස කීපයකින් එයා කැලනියට මාරුවක් ගත්ත​]

එයත් සෙමින් සෙමින් ජවිපෙ නායකය උනා. එයා ඒ පක්‍ෂය වෙනස් කළා. පරණ හනමිටි අදහස් වලින් ඒ පක්‍ෂය වෙනස් කළා.

මම මේ ටික කිව්වෙ දුප්පත් මිනිස්සුන් ට රට පාලනය කරන්න බැහැ කියන එකට ප්‍රතිචාරයක් විදියට​. දුප්පත් මිනිස්සුන්ට නෙමෙයි රට පාලනය කරන්න බැරි හීනමානකාරයින්ට​.

හරියට රණසිංහ ප්‍රේමදාස වගේ. එයා දුප්පත් පසුබිමකින් ආව කෙනෙක්. ඉතාම පොඩි මට්ටමේ ඉඳල දේශපාලනය පටන් අරං ජනාධිපතිකමට ආව කෙනෙක්. ඒත් අන්තිමට මොකද කළේ, තාත්තගෙ අම්මගෙ පරණ ෆොටෝවලට නැමි පණා ගස්සල – ඒ කාලෙ ෆොටෝශොප් නැහැ – ආර්ටිස්ට්ල ලව්ව ඒව කරවල​, අමුතු – නැති ගාම්භීරත්වයක් හදාගන්න ගිය එක​. “බ්‍රැඩ්මන් වීරාකෝන් නොකී දේ” කියන පොත කියවන්න සජිත්ගෙ හීනමානය එතනින් එන්නෙ. සජිත් නැති උපාධිනෙ කියන්නෙ, එංගලන්තෙ එවල උඟන්වලත් – ලෝකෙ හොඳම විශ්ව විද්‍යාලයකට දාල සල්ලි ගෙවල​, [හොරකම් කරපු හෝ කාගේ හෝ සල්ලිවලින් හෝ] ඒත් ඉඟෙන ගත්තෙ නැහැනෙ. ඒත් බොරු සුදුසුකම් කියනව​.

මම මීට වඩා මොකුත් නොකියමි.

Latest comments

  • 2
    1

    උවිඳු, ඉතා හොඳ ලිපියක්! සමකාලීන ගෝලීය දේශපාලන චිත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වන ස්ටාමර් ගේ පසුබිම ඉතා දුෂ්කර වූ ගමනක්. හැබැයි ඔහු වසර දා හතරක Tori පාලනය ඉවර කලා. ඒකම විශාල ජයක්. වම් කෙලවරේ හිටිය Corbyn ගෙන් කම්කරු පක්ෂය මධ්‍ය වමේ මතයකට ස්ටාමර් ගෙනාවනේ? ඒකත් විශාල ජයක්! තවම රාත්‍රිය තරුණයි…night is still young……ඒ නිසා අනාවැකි කීමෙන් වලකිමි!

    සජිත් ගැන මොකුත් නොකියමි. වචන නාස්ති වන නිසා.

  • 0
    1

    ශතවර්ෂ ගණනාවක් ශ්‍රී ලාංකීය දුක් වේදනා සමනය වේ
    අඳුරු යටත් විජිත සහ පශ්චාත් යටත් විජිත අතීතයෙන්
    ලංකාදේවයන්ගේ හඬා වැටෙන ආත්මයෙන් මතුවී ඇත
    ජයග්‍රහණයක්
    අන්තිමට ලංකාවට

    අපි අපේ මුතුන් මිත්තන්ගේ දෙවිවරුන්ට පින් දෙනවා
    ඔවුන් අපේ කන්නලව්වලට ඇහුම්කන් දුන්නා කියලා
    ඒ වගේම අපි කරුණාවන්ත බුදුරජාණන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා
    අපගේ අවශ්‍යතා තුළින් අපව සුරක්ෂිත කිරීමට.

    ජයවේවා, අනුර
    ජයවේවා වර්තමානයට
    ජයවේවා අනාගතයට
    අපේ මාතෘභූමිය අවසානයේ සාර්ථක වනු ඇත!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.