25 April, 2024

Blog

ශ්‍රී ලංකාව ලෝක දූෂණ පරිඥාන දර්ශකයේ තවත් පහලට

ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන

ප්‍රශ්ණය: දූෂණ පරිඥාන දර්ශකයට (Corruption Perception Index) අනුව ශ්‍රීලංකාව 2020 ලබාගත් ලකුණු 38 සිට 37 දක්වා පහල වැටීඇතිබවට වාර්ථා පලවිය. මීට සමගාමීව ලෝකයේ රටවල් 180ක පෙළගැස්ම අතුරින් ශ්‍රීලංකාව 94 වන ස්ථානයේ 102 වන ස්ථානය දක්වාපහල වැටී අපරට පිලිබඳ දූෂණ පරිඥානය හෙවත් දූෂිත රටක් බවට වන ජනතාවගේ හැගීම ඉතා නරක තත්වයට පත්වී ඇත. මෙමදර්ශකය සකසන්නේ කවුද? දූෂණය පිළිබඳව පරිඥානයක් මිස සත්‍ය තත්ත්වය මෙයින් පිළිඹිඹු නොවන්නේ ඇයි?

පිළිතුර: දූෂණ පරිඥාන දර්ශකය සකස්කරන්නේ ගෝලීය දූෂණයට එරෙහිව සටන් කරන ජර්මනියේ බර්ලින් නුවර කේන්ද්‍රකරගත් “ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරය” නම් වූ සංවිධානයයි. නැගෙනහිර අප්‍රිකානු රටවල සුලබව දක්නට ලැබෙන දූෂණ පිළිබඳ මනා අත්දැකීමක් ඇති ලෝක බැංකුවේ සේවය කළ නිලධාරියෙකු වන පීටර් එයිගන් 1993 වසරේදී මෙම සංවිධානය ආරම්භ කරන ලදී. එවකට දූෂණය යන්න එළිපිට කතා නොකරන, සැඟවී ගිය මාතෘකාවක් වූයේය. එයිගන් ඔහු වැනි වූ තවත් 9 දෙනෙකු ඒකරාශී කරගෙන ලෝකය පුර සිදුවන්න වූ දුෂණ අධ්‍යනය කිරීම,විග්‍රහ කිරීම සහ දුෂණ ක්‍රියා හෙළිදරව්‍ කිරීම අරමුණු කරගෙන පිහිටුවා ගන්නා ලද  මෙම කුඩා සංවිධානය පසුකාලීනව ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරය බවට පත්විය.

ඔවුන්ගේ ආදර්ශ පාඨය වන්නේ දූෂණයට එරෙහිව ගෝලීය වශයෙන් හා දේශීය වශයෙන් සටන්වැදිය යුතු බවයි. මෙම ආදර්ශ පාඨයට පදනම් වී ඇත්තේ දූෂණය ගෝලීය වශයෙන් හෙළිදරව්‍ කිරීම මගින් දූෂණයට එරහි දේශීය සටන ජයගතහැකිය යන සංසිද්ධියයි

යම් සමාජයක් විනිවිද භාවයෙන් කටයුතු කරන්නේනම් ඔවුනට සැඟවිය යුතු කාරණා නොමැති හෙයින් එකී සමාජයට දූෂණය තුරන්කිරීමේ අවකාශයඉතා ඉහල මට්ටමක පවතී. ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරය මහජන කටයුතු කිරීමේදී විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙසට අවධාරණය කරන්නේඑබැවිනි.

දූෂණය යනු යම් කෙනෙකු වෙත පැවරී ඇති බලය ඔහුගේ/ඇයගේ පුද්ගලික සුභසාධනය සඳහා පාවිච්චි කිරීමයි. මෙම බලය පැවරී ඇත්තේ ජනතා සේවය පිණිස මිස අයුතු වස්තු සම්භාරයක් උපාය ගැනීමට නොවේ. මෙසේ ජනතාව වෙත ගලා යායුතු ප්‍රතිලාභ තමා වෙත හරවා  ගැනීම හමාරවන්නේ ජනතා ධනය මහ දවාලේ කොල්ලකන තත්වයකිනි.

නමුත් දූෂිත​ පුද්ගලයින් අධිකරණය හමුවට පත්කර දඩුවම් පමුණුවන තෙක් සත්‍ය දූෂිත​ මට්ටම මැනගත නොහැකිය. ඕනෑම සමාජයක මෙය සිදුවන්නේ කලාතුරකිනි. මක්නිසාද යත් බලය ඇති පුද්ගලයාට නීතියේ දිගු හස්තයෙන් ගැලවීයා හැකි බැවිනි. බොහෝ බලවත් පුද්ගලයින් නීතිය හමුවටපැමිණ වුවද සාක්ෂි මදකමට හෝ තාක්ෂණික දෝෂ හේතුවෙන් නිදොස්කොට නිදහස් කලබවට පුවත් නිතර හමුවන්නේ එබැවිනි. කෙසේවුවද දුෂිත ක්‍රියා පිලිබඳ මතකය මහජන සිත්සතන් තුල පැලපැදියම් වී සමස්ත සමාජය දුෂිත බවට ඇතිවන පොදු හැගීම සමාජගතවීම දුෂණ පරිඥානය හෙවත් දූෂණ සංජානනය ලෙස හැදින්වේ. මෙම පරිකල්පනික තත්ත්වය සත්‍ය වශයෙන්ම සිදුවන්නාවූ දූෂණය තරමටම සමාජයට හානිකරවේ.

“සීසර්ගේ බිරිඳ සැක නොකළ යුතුය” යනුවෙන් පවතින කියමන කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවමි. මෙයින් අදහස් කරන්නේ රාජ්‍ය බලය සහිත පුද්ගලයින් ඇසුරේ සිටින පුද්ගලයන්ව සැක නොකළ යුතු බවයි. ඒ අනුව දූෂණ පරිඥාන දර්ශකය මගින් මනිනු ලබන්නේ සැබෑ දූෂණය නොව දූෂණ පිළිබඳව ජනතා සිත් සතන් තුලට කාවැදී ඇති පොදු මතවාදයයි. මෙකී දූෂණ පරිඥානය ජනතාවගේ දිගුකාලීන අත්දැකීම් මත පදනම් වූවකි. දූෂණ පරිඥානය ඉහලයත්ම ජනතා පීඩනයද ඉහල යයි. ඊට හේතුව දූෂණය ජනතාවගේ සම්පත් කාබාසිනියා කරමින් ඔවුන්ව අවිනිශ්චිත දිවිපෙවතකටගොදුරු කරමින් ඔවුනට හිමි පොදු ධනය ඔවුනටම අහිමි කරන බැවිනි. සත්‍ය දූෂණයට වඩා දුෂණය පිළිබඳ ජනතා පරිඥානය මැනීම සිදුකරන්නේ මෙම හේතුව නිසාය.

දූෂණය පිළිබඳ ජනතා පරිඥානය ගණනය කිරීම සඳහා ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තර ආයතනය අදාළ රටේ පුරවැසියන්ගේ හරස්කඩක් ස​මීක්ෂණයට භාජනය කරනු ලබයි.

දූෂණ ක්‍රියා හේතුවෙන් ආපදාවට පත්වූ ව්‍යාපාරිකයින්,සාමාන්‍ය පුද්ගලයන් සහ දේශපාලන නායකයන් මෙයට ඇතුලත් වේ. මීට අමතරව ලෝක බැංකුව,ලෝක ආර්ථික සම්මේලනය ආදී ගෝලීය ආයතන අදාළ රට සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කර ඇති වාර්තා අඩිය ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරආයතනය භාවිතා කරයි.

2021 වර්ෂයේ දූෂණ පරිඥාන දර්ශකය සැකසීම සඳහා 2020 සහ 2021 අවුරුදුවල සිදුවූ දූෂණ පිලිබඳ දැනුමැති ආයතන 12ක විවිධ වූ තොරතුරුපද්ධති 13ක් භාවිත කර ඇති අතර මෙම ප්‍රථිපල ට්‍රාන්ස්පෙරන්සි ජාත්‍යන්තරය සිදුකරන ලද පුළුල් ගවේෂණ ක්‍රියාවලියක ප්‍රථිපලයකි.

දූෂණ පරිඥාන දර්ශකයේ අඩු ලකුණු ලබාගෙන ඉහලම දුෂිත රටවල් අතරට ඇතුළු වී ඇති ජාතික රාජ්‍යයන් මෙම ප්‍රතිඵල ලබාගත් අකාරය නොදැන එම දර්ශකයට දොස් පැවරීම සුලබ දසුනකි. ඇත්තටම මෙම රාජ්‍ය සිදුකල යුත්තේ දර්ශකයකට දොස් පැවරීම නොව තම රටේ ජනතාවගේසිත් සතන් තුල කිදා බස ඇති දූෂණය පිලිබඳ මතවාදය වෙනස් කිරීමයි. මෙම රජයන් සැලකිල්ල නොදක්වන කරුණ වන්නේ මෙම දර්ශකය සැකසීමසඳහා තොරතුරු ලබාදී ඇත්තේ තම රටේම ජනතාව බවයි.

ප්‍රශ්ණය: තොරතුරු ලබාගන්නා එම ආයතන තෝරා ගන්නේ කෙසේද? එසේ තෝරාගැනීමේදී සැලකිල්ලට ගන්නා මුලික කාරනා කවරේද?

පිළිතුර: ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තර ආයතනය ස්වකැමැත්තමත ආයතන තේරීම සිදුනොකරයි. ඒ සඳහා යම් යම් සුදුසුකම් සැපිරිය යුතුය. මෙවැනි එකසුදුසුකමක් වන්නේ අදාළ ආයතනය රාජ්‍ය අංශයේ දූෂණ පරිඥානය පිලිබඳ අවධානම් මට්ටමට ප්‍රමාණිකව ගණනය  කිරීමේ නිරත වියයුතුය. තවත් කරුණක් වන්නේ මෙම ආයතන දූෂණ පිලිබඳ ඔවුන්ගේ තක්සේරු නිරන්තරයෙන් යාවත්කාලීන කල යුතුය. මෙම ආයතන පිළිගත්ආයතන විය යුතු අතර දූෂණ පිලිබඳ ජනතා මතවාදය ගණනය කිරීම සඳහා වලංගු සහ පිළිගත හැකි ක්‍රමවේද භාවිතා කල යුතුය.

තවද ඔවුන් රටවල් කිහිපයකටම දුෂණ පරිඥාන මට්ටමට අධ්‍යයනය කර තක්සේරු කල යුතුය. ඒ අනුව ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තර ව්‍යුහයේ ඇගයීම් ක්‍රමවේදයට තොරතුරු ලබාගන්නේ පිළිගත් ආයතන  පමණි. ශ්‍රීලංකාවේ දූෂණ පරිඥාන මට්ටම ගණනය කිරීම සඳහා ඔවුන් තොරතුරුලබාගන්නා එවැනි පිළිගත් ආයතන 12ක් වන්නේ ලෝක ආර්ථික සම්මේලනය සහ නීතියේ ආධිපත්‍ය දර්ශකය සකසන ලෝක සාධාරණය පිලිබඳ ව්‍යාපෘතියයි.

ප්‍රශ්ණය: ලකුණු මට්ටම ගණනය කරන්නේ කෙසේද? එයින් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර: දූෂණ පරිඥාන දර්ශකයෙන් යම් රටක රාජ්‍ය අංශයේ දූෂණ පිලිබඳ මහජන මතය මැනබලයි. මෙයින් පෞද්ගලික අංශය දූෂණයෙන් තොර යයි අදහස්වන්නේ නැත. රාජ්‍ය අංශය වෙත අවධානය දැක්වීමට හේතුව වන්නේ ජනතාවගේ ජීවිත සහ ඔවුනගේ සුභසාධනය එයින් ඇතිවන ගෝලීය බලපෑම නිසාවෙනි. පුද්ගලික අංශයේ දූෂණ ප්‍රධාන කොටම දේශීය මුහුණුවරක් ගන්නා අතර එයින් ජනතාවට ඇතිවන බලපෑම සීමිතය. එබැවින් රජයේ නිලධාරීන් අල්ලස් ලබාගත් අවස්ථා,මහජන මුදල් අයථා ලෙස භාවිතා කිරීම, මහජන ආයතන මගින් පෞද්ගලික වාසි ලබාගැනීම, අනීතික ඥාතිසංග්‍රහ, පෞද්ගලික සුඛවිහරණය සඳහා රාජ්‍ය බලය පාවිච්චි කිරීම ආදිය මෙම දර්ශකයට හසුකරගෙන ඇත. අප රටට ලකුණු මට්ටම ලබා දීඇත්තේ ඉහත සඳහන් ආයතන 02 මගින් ලබාගෙන ඇති තොරතුරු ඇසුරෙනි. යම් රටක් ලකුණු 100ක් ලබාගෙන ඇත්නම් එම රටේ ජනතාවතුල දූෂණ පරිඥානයක් නොමැති අතර සහමුලින්ම දූෂණයෙන් තොර රටක් ලෙස සැලකේ. අනෙක් අතට එම රටට ලැබුණු ලකුණු මට්ටම 0නම් එම රටසම්පුර්ණ දුෂිත රටක් ලෙස සැලකේ. 2021 වසරේ දූෂණ පරිඥාන දර්ශකයේ අඩුම ලකුණු ගණන වන 11 වාර්තා වන්නේ දකුණු සුඩානයෙනි.මීට ප්‍රතිවිරුද්ධ ලකුණු 88ක් රටවල් 03ක් ලබාගෙන ඇත. ඒවා වන්නේ ඩෙන්මාර්කය, පින්ලන්තය සහ නවසීලන්තය වේ. අනෙක් සියලු රටවල් ලකුණු11 සහ 88 පරාසයේ පවතී.

2021 ශ්‍රීලංකාවේ ලකුණු මට්ටම 37කි. මෙම ලකුණු ගණන අනුව රටවල් 180ක් අතුරින් ශ්‍රීලංකාව 102වන ස්ථානයේ පසු වේ. මෙය 2020 අපගේ ලකුණු මට්ටමට වන 38 සිට 37 දක්වා පහත වැටීමක් වන අතර එහි ප්‍රතිපලයක් රටවල් 180 අතුරින් 94වන ස්ථානයේ සිට 102 ස්ථානය දක්වා පහත වැටීමකි. ශ්‍රී ලංකාව සම්බන්ධ දූෂණ පරිඥාන දර්ශකය පසුගිය අවුරුදු 10 පුරාම මෙම මට්ටමේ පවතී. දුෂණය අවම වේයැයි සියලු දෙනා අපේක්ෂාකල පසුගිය යහපාලන සමයේදී අපගේ ලකුණු 37,38 මට්ටමේ පැවති අතර අනෙකුත් රටවල් අතර අප රට 89 සහ 95 යන ස්ථාන අතරේ පැවතිනි. මෙයින් අදහස් වන්නේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ මෙන්ම රටවැසියන් අතරද ශ්‍රීලංකාවේ දූෂණ පරිඥාන මට්ටම වෙනස් නොවී පවතිනබවයි.

මෙය ශ්‍රීලංකාවට සතුටුවිය හැකි තත්වයක් නොවේ. එය අවුරුද්දෙන් අවුරුද්ද පහල වැටේ. 2012 අප 79වැනි ස්ථානයේ පැවැති අතර අවුරුදු 10ටපසුව 102වන ස්ථානයට පහල වැටී ඇත. මෙය හරියටම අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුවකු s සමාර්ථ 2ක් හෝ 3ක් පමණක් ලබා ගැනීම හා සමානය. ඔහුගේ නම විභාගයට පෙනී සිටි ශිෂ්‍ය නාම ලේඛනයේ අවසානයට වන්නට සටහන්වී ඇත.මෙම ශිෂ්‍ය ලබා ගන්න සමාර්ථ ප්‍රමාණය අවුරුද්දෙන් අවුරුද්ද පහල යමින් පවතී.එබැවින් ශ්‍රීලංකාවට තවදුරටත් මෙම තත්ත්වය නොසලකා සිටීමට නොපුළුවන. දූෂණයට තුඩුදෙන අවස්ථා හදුනාගෙන ඒවා ලත් තැනම ලොප් කිරීමට අවශ්‍ය පලදායී පියවර ගත යුතුය.

ප්‍රශ්ණය: ශ්‍රී ලංකාව ගතයුතු පලදායී පියවර මොනවද? දැනටගෙන ඇති පියවර ශක්තිමත් මදිද?

පිළිතුර: වඩා වැදගත් වන්නේ දූෂණ ක්‍රියා පිලිබඳ ජනතා පරිඥානයයි. දූෂණ සහගත ක්‍රියා වැලැක්විය නොහැකි සහ එහි පැවැත්ම පිළිගන්නා තත්වයට ශ්‍රීලංකාව පත්වෙමින් පවතී. ඒ සමගම අපගේ ලකුණු මට්ටම සහ ගෝලීය ලේඛනයේ අපගේ රට පිහිටන ස්ථානය ක්‍රමයෙන් පහල යමින් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වුණු 19 වන සංශෝදනය මගින් ශක්තිමත් දූෂණ මර්දන යාන්ත්‍රණයක් ස්ථාපිත කෙරිනි. නමුත් 20 වන සංශෝදනය මගින් එය දියාරු කර ඇත. ශ්‍රිලංකාවේ අල්ලස් හෝ දූෂණ මුලිනුපුටා දැමීමට අප කැප වී සිටින මුරදේවතාවා වන අල්ලස් හෝ දූෂණ කොමිසම උසාවිය ඉදිරියට විත් ක්‍රියාපටිපාටිය දෝෂ සහගත බැවින් චෝදනා ඉදිරියට ගෙනයාමට අදහස් නොකරන බව පවසුවිට ජනතාවගේ දූෂණ පරිඥානයට කුමක් සිදුවේද?

සත්‍ය වශයෙන්ම ක්‍රියා පටිපාටිය දෝෂ සහගත වියහැකිය. නමුත් එසේ පිලිගැනීමෙන්ම දූෂණ පිළිබඳව ජනතා පරිඥානයට සිදුවන අහිතකර බලපෑම පසුවෙන් ඉවත් කල නොහැකිය. ඒ අතරම බලයේ සිටින පර්ශ්වනට හැමවිටම දූෂණ සිදුකර නීතිය තුලින් රිංගා යාමට හැකි බවට වැරදි සංඥාවක්නිකුත් කෙරේ. මෙය දූෂණ සංකල්පයට මෙන්ම දුෂණ ක්‍රියාකාරකම් මැඩලීමට යෝග්‍ය නොවේ. එවිට දූෂණ පාලනයකින් තොරව සමස්ත සමාජ ව්‍යසනයක්  බවට පත්වෙමින් වේගයෙන් පැතිරී යනු ඇත. දූෂණ සමාජය පිළිගන්නා සාමාන්‍ය සිද්ධියක් ලෙස හඳුනාගත් කල්හි එය සමාජය තුලවසංගතයක් මෙන් පැතිරීම කිසිවකුට නතර කල නොහැක.

ප්‍ර‍ශ්ණය: මේ පිළිබඳව පාලකයන්ට සිදුකල හැක්කේ කුමක්ද?

පිළිතුර: මෙය තනිකරම පාලකයන්ගේ කාර්යයක් නොව පාලකයන් සහ සමාජය එකතුව ක්‍රියකල යුතු තත්වයකි. පාලකයන්ගේ පැත්තෙන් මනා කැපවීමක්සහ එම කැපවීම වචනයෙන් සහ ක්‍රියාවෙන් ප්‍රදර්ශනය කිරීම දූෂණයෙන් තොර සමාජයක් ඇතිකිරීම සඳහා අත්‍යාවශ්‍යවේ. රජයේ ඉහළබලධාරීන්ගේ

ආදර්ශමත් ක්‍රියාකලාපයෙන් එය සිදුවිය යුතුය. සිංගපුරුවේ දූෂණ පරිඥාන දර්ශකයට අනුව ඉතා යහපත් මට්ටමක් පෙන්වනඅතර දූෂණ ප්‍රමාණය අඩු දෙවන කාණ්ඩයේ රටක් හැටියට වර්ගීකරණය වේ ඇත. මෙවැනි තත්වයක් එක රැයකින් ලඟා කරගත නොහැකි අතර දුෂ්කර ප්‍රතිපති සහ දුෂ්කර ක්‍රියාමාර්ග වලින් අනතුරුව ඔවුන් මෙම මට්ටම අත්කරගෙන ඇත.

ප්‍ර‍ශ්ණය: සිංගපුරුව මෙම ආශ්චර්ය සිදු කලේ කෙසේද?

පිළිතුර: රාජ්‍ය පාලනයේ සෑම මට්ටමකමදීම සිදුකරන්නාවූ කැපකිරීම්, උත්සාහයන් සහ ආදර්ශමත්වීම් මගින් ළඟාකරගත් ජයග්‍රහණයන් වේ. සිංගපුරුවේපළමු අගමැති ලී කුවන් යූ ඔහුගේ ස්වයං චරිතාපදානයේ දෙවන වෙළුමේ “තෙවන ලෝකයේ සිට පළමු ලෝකය දක්වා” යන පරිච්චේදයේ, කණ්ඩාමක්ලෙස එම තත්වය ළඟ කරගත් අන්දම පැහැදිලි කර ඇත. ඔවුනගේ ආදර්ශ වැකිය වුයේ රාජ්‍ය පාලනයේදී මෙන්ම පුද්ගලික ජීවිතයේදීත් අවංක සහ පිරිසිදුබව ප්‍රදර්ශනය කල යුතු බවයි. පිරිසිදු රාජ්‍ය පාලනයක් ස්ථාපිත කිරීමට නම් ඔබගේ දේශපාලන පාක්ෂිකයාගේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා සැමටම සමාන ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතුය. ඔබ ඔබගේ පාක්ෂිකයාට වැසි සහගත ලෙස සැලකුවහොත් ඔබගේ  කීර්තියට හානිකරගන්න අතර සාමාන්‍ය පුරවැසියාට වාසි සහගත ලෙස සැලකුවහොත් ඔබ කෙරෙහි පවතින විශ්වාසය නැති කරගනී. ලී සහ ඔහුගේ පිරිස නීතිය සැමට සමානව ආදේශ කරනු ලැබුවේ එම නිසාවෙනි. ඒ සඳහා ඔවුන් බ්‍රිතන්‍ය පාලනයෙන් ශේෂවූ දූෂණ විමර්ශන කාර්යාංශය මනාව පනගන්වා ක්‍රියාත්මක කරන ලදී. පහල මට්ටමේ රාජ්‍ය සේවකයන් වෙතින් සිදුවන දූෂණ වංචා වැලැක්වීම සඳහා බලපත්‍ර ක්‍රමය අහෝසි කරනලද අතර රාජ්‍ය සේවය පුරවැසියාට ලබාදිය යුත්තේ කෙසේද දැක්වෙන පැහැදිලි මගපෙන්වීම් සහ උපදෙස් එලිදක්වන ලදී. මෙම ක්‍රියා පටිපාටිය විනිවිද භාවයෙන් එලිදැක්වු කල්හි තමන්ගේ ආඉති වාසිකම් වටහාගත් ජනතාව ගුණාත්මක සහ අවංක රාජ්‍ය සේවයක් ඉල්ලා සිටීමට පුරුදු වුහ. රාජ්‍ය සේවයේ විනිවිදභාවය සහ පොදු ජනතාව බලගැන්වීම යන ක්‍රම මගින් රාජ්‍ය සේවයේ පහල මට්ටමේ දූෂණය දුරුකිරීමට සිංගපූරුව ක්‍රියාකලේ එලෙසය.

ඇමතිවරු වැනි බල අධිකාරියේ ප්‍රබලයන් කොටුකර ගැනීම සඳහා දූෂණ ක්‍රියාකාරකම් විමර්ශන කාර්යාංශය වෙත විශේෂ උපදෙස් නිකුත් කරන ලදී. දූෂණය යනු මුල්‍ය ප්‍රතිලාභයක් පමණක් නොව වටිනාකම සහිත ඕනැම දෙයක් ලෙස අර්ථ නිරුපණය කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස යම් ඇමතිවරයෙකුට​ තම මිතුරකුගෙන් නිවාඩු නිකේතනයකට හෝ වන්දනාවක යාමට ලැබෙන අවස්ථාවක් වුවද දූෂණ ක්‍රියාවක් ලෙස සලකනු ලැබීය. මෙය ශ්‍රී ලංකාවට ආදේශ කළහොත් සියලුම දේශපාලනඥයන් මේ වනවිට රැකියාවෙන් පහව සිටිය යුතුය. යම් කෙනෙකු තම ආදායම් සීමාවට වැඩි ධනයක් උපයා ගෙන ඇතිනම් එයම සාක්ෂියක් කරගැනීමට උසාවියට බලය පවරන ලදී.

මින් අදහස් වන්නේ යම් දේශපාලකයකු තමන් ආදායම් බදු දෙපාර්තමේන්තුවට හෙළිදරව් කර ඇති ආදායම් ප්‍රභවයන් ඉක්මවා යන මට්ටමේ දේපල රැස් කරගෙන ඇත්නම් ඔහු හෝ ඇය අල්ලස් ලබා ගෙන හෝ අල්ලස් ලැබී ඇති ලෙසට සැලකීමයි. ඇමැතිවරුනට මෙන්ම විරුද්ධ දේශපාලකයනටද මෙය එකසේ බලපානු ඇත.

ලී කුවන් යු පවසන පරිදි ඔහුගේ කිට්ටු දේශපාලන හිතවතුන් බොහෝ පිරිසකගේ රැකියා අහිමි වීමට මෙම නීතිය බලප ඇත. නීතිය එදිරියේ සියලු දෙනා සමාන ලෙස සැලකීම වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමේ වාසිය අත්වන්නේ සිංගපුරු වැසියන්ට පමණක් නොවේ. රට දූෂණය එරෙහි මහා මෙහෙයුමක් ක්‍රියාවෙන්ම සිදු කරන බව විදේශ ආයෝජකයනටද අවබෝධ විය. නීතිය ඉදිරියේ සමානව සැලකීම රජයේ මැතිඇමතිවරුනට පමණක් නොව ඔවුන්ගේ බිරින්දෑවරු, දරුවන් සහ කිට්ටු ඥාතීනට එකසේ බලපැවත්වීය.

ලී කුවන් යු පවසන පරිදි ඔහුගේ අමාත්‍යවරු හෝ ඔවුනට කිට්ටුවන්තයන් විදේශීය සමාගම්වලින් යම් යම් ප්‍රතිලාබ ඉල්ලා සිටි කල්හි ඒ බව දූෂණ ක්‍රියාකාරකම් විමර්ශන කාර්යංශයට පැමිණිලි කල බොහෝ අවස්ථාවල එම දේශපාලන හිතවතුන් බොහෝ දෙනකුට තම තනතුරු අත්හැරීමට සිදුවිය.

ප්‍රශ්ණය: මින් අදහස් වන්නේ ශ්‍රී ලංකික දේශපාලන අධිකාරීන් සත්‍ය වශයෙන්ම දූෂණයෙන් තොර සමාජයක් අපේක්ෂා කරන්නේනම් පොරොන්දු දීම් වලට පමණක් සීමා නොවි පොරොන්දු ඉටුකරන තත්වයට පත් විය යුතු බවද?

පිළිතුර: ඔව්. එක් නිවැරදි කිරීමකට යටත්ව. ඔවුන් පොරොන්දු ඉටුකරනවා පමණක් නොව එසේ පොරොන්දු ඉටු කරන බව ජනතාවට ඒත්තු යා යුතුය. නීතියට අදාල සුප්‍රකට කියමනට අනුව යුක්තිය සාධාරණත්වය ඉටුවිය යුතුවා පමණක් නොව එසේ ඉටුවන බව පෙනී යා යුතුය. එබැවින් දූෂණ පරිඥානය හෙවත් සංජානනය (perception) සත්‍ය දූෂණයට වඩා වැදගත්බව මතක තබා ගත යුතුය.

*සිංහළට පරිවර්තනය කරන ලද්දේ සුනිල් චන්ද්‍රසිරි විසිනි

*ලියුම්කරු ශ්‍රීලංකා මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන අතර waw1949@gmail.com ලිපිනයෙන් සම්බන්ධ විය හැක.  

Print Friendly, PDF & Email

Latest comments

  • 7
    0

    හතර හිනා යනව ‘පර සුද්දගේ’ කාලේ රාජ්‍ය සේවයේ තිබුන මුල්‍ය විනය, ඉතා ඉහල පරිපාලන සේවය, විනිවිද භාවය හා විචාරාත්මක භාවය අද අපේම දේශප්‍රේමීන් අතින් කුඩු යන්න විනාශ කරලා තියෙන විදිය දැක්කම. එක අතකින් හිනා වෙන්න වත් හිතෙන්නේ නෑ මේව දැකල, මිනිස්සු දුක් විඳිනවා පෙනෙන කොට. හැබැයි වැඩ කිඩ පුළුවන් රණ විරු ගොට්ටට කතිර ගහපු ලොට් එකම දැන් හොයා ගන්නවත් නෑනේ!

    • 10
      0

      Dear Jit,

      all is clear but not a single word emerging yet against medamulana animals ? why is that ? such a powerful nation ?
      .
      හිතවත් ජිත්, මේ සිංහල සාකච්ඡාවට මාව තනි නොකරපු ඔබට නැවතත් ස්තුතියි. ජ්‍යෙෂ්ඨ වයස් කාණ්ඩවල සිටින අනෙක් සියලුම දෙනා නොසලකා හරිනු ලැබේ… නමුත් ඔබ බොහෝ සැලකිල්ලක් දක්වන බව පෙනේ,.. එය අගය කළ යුත්තකි.
      .
      මොනවා හිනා වෙන්නද, ඒත් අපිට අද අපේම කම්මුල් වලට ගහන්න වෙලා තියෙන්නේ අපේම සෙරෙප්පු වලින් – අනිත් අයට වඩා ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන්., ඇයි සදාකාලික වහල්ලු වගේ හිටියේ ? විජේවර්ධන මහතා පමණක් නොව, එම වයස් කාණ්ඩයේ සිටින අනෙක් සියල්ලන්ම ඉදිරිපත් විය යුතු අතර, ඔවුන් එය අත්හැරීමට ඉඩ හැරිය යුතු අත්දැකීම් රාශියක් හෙළි කළ යුතුය. එවිට ඔබට යම් ගෞරවයක් ලැබෙන්නේ ඊළඟ පරම්පරාවට පමණි.

      හොඳ රාජ්‍ය නායකයන් පසුගිය දශකවල තම රාජකාරිය උපරිමයෙන් කළා නම්, අද දූෂිත රාජ්‍ය සේවකයන්ට එය දකින්නට අපට බලකෙරෙන්නේ කෙසේද? ඉහළ සිට පහළට, ජනාධිපති ලේකම්වරයාගේ සිට ප්‍රාදේශීය පළාත් පාලන ආයතනවල ලේකම්වරයා දක්වා අතීතයේ කවරදාකටත් වඩා දූෂිත වී ඇත.
      මගේ ඩොලර් මිලියන ප්‍රශ්නය අපේ රාජ්‍ය සේවකයන්ට මොකද වුණේ? මගේ සගයන් සහ ඔවුන්ගේ දෙමාපියන් අදහස් කරන්නේ, ඔවුන් ශ්‍රී ලංකාවේදී කළේ කුමක්ද? මම ලංකාවේ වැඩ කරලා නැහැ. ඒ නිසා මට වරද මගේ පිට පටවන්න බැහැ. නමුත් මට ප්‍රශ්න දහස් ගණනක් තිබේ ?2005-2015 රජයේ විගණකාධිපතිවරුන්ට සිදු වූ වරද කුමක්ද ? එම විශාල රැකියා මාතෘකා දරන්නන් ඉහළ සැලකිල්ලක් දක්වන අය බවට පත් කළ යුතුය

      • 7
        0

        1 of 2…LM, සමස්තයක් වශයෙන් ගත්තාම ඔබ ගෙනෙන තර්කය නම් “…ඇයි මේ රාජ්‍ය සේවකයන් පහුගිය කාලය පුරහම දේශපාලකයන් හොරකම්, දූෂණ, මංකොල්ලයන් කරද්දී නිහඬව සිටියේ….?” කියන එකයි. මට නම් ඒකට කාරනා සහ හේතු රාශියක් කියන්න පුළුවන්, හැබැයි මේ කොළමේ එච්චර ඉඩක් මට දෙන එකක් නෑ ඒ ඔක්කොම ලියන්න ;).

        මට කෙටියෙන් කියන්න තියෙන්නේ මේක අපේ ජානමය ප්‍රශ්නයක් කියන එකයි. අපේ මිනිස්සු බහුතරයක් සදාචාරය හා ආචාර ධර්ම පද්ධතීන් [morals and ethics] වලට කතාවෙන් විතරයිනේ ගරු කරන්නේ? ක්‍රියාවෙන් ඊට ඉඳුරාම විරුද්දවනේ ඉන්නේ?

        ඉතා සුළුතරයක් අපේ රාජ්‍ය සේවකයන් දැහැමි චරිතවත් දේවල් පමණක් කිරීමට සූදානම් අතර බහුතරයක් කෙටි මාර්ග වලින් ඉහලට නැගීමට හෝ මුදල් ඉපයීමට උත්සාහ කරන බව අපි පැහැදිලිවම දන්නවනේ? ඉතිං අර සුළුතරය ආරක්ෂා වෙන විදියේ පරිපාලන යාන්ත්‍රයක් රජයේ සේවය තුල තිබිය යුතුයි. ඒ වගේම ඒ යාන්ත්‍රණය සුපරීක්ෂා කිරීමට වෙනම බලගතු ස්වාධීන ආයතනයක් ද තිබිය යුතුයි. මේ දෙකම අපි හැමදාම බනින ‘පර සුද්දා’ විසින් ඇති කරලා, ක්‍රියාත්මක කරලා ද පෙන්නුවා රාජ්‍ය සේවා කොමිෂන් සභාව (PSC) මගින්.

      • 6
        0

        2 of 2….එහි ප්‍රධාන තේමාව උනේ ආයතන සංග්‍රහයේ පරිපාලන හා මුල්‍ය රෙගුලාසි අකුරටම ඉටු කිරීමයි. එම ආයතනය කිසිම දේශපාලකයකු යටතේ නොව පාර්ලිමේන්තුව යටතේයි තිබුනේ, විගණකාධිපති තනතුර වගේ. ඒ අනුව සෑම රජයේ සේවකයකුටම කොන්ද කෙලින් තියාන වැඩ කරන්න පුළුවන් උනා වගේම, යම් සේවකයෙක් වැරදි, දූෂණ කටයුතු කරයි හෝ ඊට අනුබල දුන්න ද ඒ ගැන පැමිණිලි කරන්නත් ඉන් ඉඩ සැලසී තිබුණා. ඉතින් කවුරුත් බයයි හොරකම් කරන්ට, මොකද ඊට පස්සේ රස්සාව නැති වෙලා හිරෙත් යන්න වෙන නිසා. රටේ ඉතාම අවාසනාවකට 1970 සමගි පෙරමුණ බලයට ඇවිත් 1972 දී මේ කොමිෂම සතු බලතල අහෝසි කළා පමණක් නොව එය රාජ්‍ය පරිපාලන ඇමතියා යටතට දැම්මා. ඉතිං ඊට පස්සේ වෙන දේ අහන්නත් දෙයක් ද!! පුදුමයට කාරණය නම් බටහිර ‘සූරා කන ධනවාදයට’ විරුද්ද සමාජවාදී සහෝදරයන් වූ ඇන් ඇම්, කොල්වින්, කෙනමන්, S A වික්‍රමසිංහලා මේ විනාශ කිරීමට අත් දෙකම උස්සලා සහයෝගය දීමයි! ධනවාදී සුද්දෝ ඇති කල මේ විනයානුකූල නීති පද්ධතියට කකුල් දෙකෙන්ම පයින් ගැසීමයි!! ඊට පස්සේ ආපු 2015 යහපාලනය රජය ඇරෙන්න වෙන කිසිම ආණ්ඩුවක් මේ වැරැද්ද හදන්න උත්සාහ කලේ නෑ.ඒ අමන තීන්දුව නිසා තමයි ඇමැතිලාගේ හොර වැඩ ඇති උනෙත් ඒවාට උදව් කරමින් හොඳ රජයේ සේවකයෝ පවා හොරකම් වලට ඇදිලා ගියේ. අර ඉංගිරිසියෙන් කියනවා නම් the rest is history!

    • 6
      0

      රටක ආගමික නායකයා ජේෂ්ඨ වෘතිකයන් රටේ දැනට ජීවත්ව සිටින උපාධිධාරී උගත් කියන කොටස් එකතුවීම නිහඬව නැගිටීම කලයුතු
      අවස්ථාවක මේ රටේ ජනතාව දැන් ඉන්නේ
      .

      එනමුත් එය ඉටු නොවීමට හේතුව රජයේ පවතින /
      ්‍රධාන කාණ්ඩයේ මාත්තිය නාලිකාවන් රූපවාහිනී නාලිකාවන් මිනිසුන් එක කුඩයක් යට ී හරක් ටිකක් වගේ ගොනු කරගන්න දරන ප්‍රයත්න නිසා තරුණ කොටස් ස්මාට් ෆෝන් භාවිතා කළත් තියට තිහක් වත් අද වෙන විටත් රට තුළ smartphone භාවිතය කරන යන කොටස් බැහැ ඒ අය යුරෝපයේදී හෝ වෙන දියුණු රටවල තාක්ෂණය භාවිත කරන විදියට අන්තර්ජාල භාවිත කරන්නේ නැහැ තමන්ගේ රටෙන් ඔබ්බට ගිහින් ඒකට හේතුව රට තුළ එහාට මෙහාට වන ගොසිප් වලට ඒ අය කාලය මිඩංගු කර ගෙන යූටියුබ් නාලිකා ගොඩනඟාගෙන එක තැන එකම වර්ගයේ කනට ඇසෙන එනමුත් වැදගත් නොවන නිව්ස් මිනිසුන් අතර පතුරුවමින් ඉන්න නිසා සමාජ වෙබ් අඩවි තුළින් ඔයිට වඩා හොඳ සේවයක් කිරීමට මිනිසුන්ට බලය ලබා ගත යුතුයි රටේ පවතින ප්‍රධාන මාධ්‍ය ඒකකයන් දෙන ආදර්ශය ඉතාම නින්දිතයි /

      නමුත් කිසි දෙයක් වෙන්නේ නැහැ එයාලට විරුද්ධව/
      ඒකට හේතුව රැල්ලක් වගේ හැම දෙයක්ම පැතිරෙමින් පවතිනවා චීවරධාරීන් ඉස්සරහට ඇවිල්ලා දුෂ්ට දුර්ජන දේශපාලකයාට torch අල්ලමින් අදටත් ඉන්නවා /
      .
      මේක හරියට කුණු කන්ද ක පැවැත්මට ගඳගහන එවුන් .
      /ඊට දෙන guide eka වනාතමුල්ලෙ කුණුකන්ද හා ලංකාවේ රාජපක්ෂ දේශපාලනය අතර කිසිදු වෙනසක් නැහැ☹🐃☹🐃☹🐃☹🐃☹

  • 7
    0

    හිතවත් විජේවර්ධන මැතිතුමනි,

    70+ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් ලෙස ඔබ එය හොඳින්ම දන්නවා ඇති, ත්‍රස්තවාදය පිටුදැකීමෙන් පසු බැල්ලිගේ පුත්තු දිවයිනේ සියලුම ජන කොටස්වල යහපත සඳහා වඩා හොඳ ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නේ නම් මෙය ඉතිරි කර ගත හැකිව තිබුණි. ජර්මානු ජනතාව, එරිත්‍රියානුවන් පවා ඒ සඳහා උත්සාහ දැරූ නමුත්, සංස්කෘතියක් නැති නූගත් ඊනියා නායකයන් ප්‍රමුඛ ශ්‍රී ලාංකිකයන් ඒ වෙනුවෙන් කිසිවක් නොකළ අතර, මාර්ග සංවර්ධන ව්‍යාපෘති සහ ඉදිකිරීම් ව්‍යාපෘති අත්හළේ, ඉහවහා ගිය දූෂණය දිගටම කරගෙන යා හැක්කේ එවිට පමණක් බැවිනි.
    -ඔවුන් රාජපක්ෂලා සහ විමල් බුරුවන්සේ, මහින්දානන්ද වැනි ඔවුන්ගේ පහත් මට්ටමේ දේශපාලඥයන් වූයේ, අවදානමට ලක්වූවන් තම හෙජමොනිය යටතේ තබා ගැනීම සඳහා ඔවුන්ගේ නින්දා සහගත නමුත් උස් හඬින් කථිකයන්ය. මේ වාචාල කතා හරියට අර stasi led GOBELLS න්‍යායන් වගේ. එකල හිට්ලර් ආධාරකරුවන් සහ මාධ්‍ය වංචනිකයින් ඔවුන්ගේ ආත්ම උත්කර්ෂයට නංවා ගැනීම ගැන ඔවුන්ගේ ආකාරයේ සටන් පාඨ කියමින් ඉදිරියට ගිය අතර, එම නරඹන්නන්ට, සවන්දෙන්නන්ට හිට්ලර් ප්‍රමුඛ බලවේග හැර වෙන කිසිවෙකු විශ්වාස කිරීමට ඔවුන්ගේ හිසෙහි ඉඩක් නොතිබුණි.

    මීට අමතරව, වර්තමාන ශ්‍රී ලංකාවේ ප්‍රධාන කණ්ඩායම් දෙකක් ඇත. එකක් විනීත පවුල් විසින් මෙහෙයවන විනීත මිනිසුන් වන අතර අනෙක් අය අසංස්කෘතික, රාජපක්ෂ රස්තියාදුකාරයින් විසින් මෙහෙයවනු ලැබේ. මෙය මගේ විග්‍රහයක් නොවේ, නමුත් හිටපු PISSU සිරිසේන මහින්ද රාජපක්ෂට සමීපව සිට ජාතිය විනාශ කළ 52 ව්‍යාජ රජය තුළ ඉන්දියානුවන් ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේය.

    ඔවුන් සුපුරුදු පරිදි තම නියෝජිතයා පත්කරගෙන පසුගිය කාලයේ නැති තරම් රස්තියාදුකාරයන්ගේ අත බලගැන්වූහ. ජනතාව හිතුවා ආණ්ඩුව ඒ තරම් බලවත් කළොත් ජනතාවගේ දියුණුවට දේවල් දියුණු වෙයි කියලා. උත්ප්‍රාසාත්මක ලෙස, එහි ප්‍රතිඵලය වූයේ සාමාන්‍ය තත්වයේ සිට නරකම කාලය දක්වා තල්ලු වීමයි. කෙසේ වෙතත් නායකයා හැසිරෙන්නේ ඔහු බිහිරි සහ අන්ධයෙකු ලෙසය. අද පොඩි එවුන්ටවත් අඩුම තරමේ ගෞරවයක් බගර්ට ලැබෙන්නේ නැහැ.

    to be continued

    • 6
      0

      දියුණු රටවල හැමතිස්සෙම නීතිමය පද්ධතියන් ගොඩනගනවා වෙනස් කරගන්නවා රටේ මිනිසුන්ගේ අභිවෘද්ය්ය සඳහා එයාලා පත් කරලා ගන්නේ රටේ ඡන්ද දායකයා ගෙන් ඒ දේට මිසක් කුලල් කකා එකතැන පල්වීමට නොවෙයි/
      මේ යුරෝපියන් යූනියන් එකේ නිතරම නීති සම්මුතියක් පත්කර ගන්නවා /
      ලංකාවේ සුළු දෙයක් හෝ පත් කිරීමට සාකච්ඡා කරනවා මිසක් කිසි දෙයක් එවුන් කරන්නේ නැහැ /
      බල්ලාගේ වැඩේ බූරුවා බාර ගත් විදිහ ට කෙලින්ම අපිට අහන්න දකින්න ලැබෙන්නේ කුලල් කෑම පමණයි මේ බව හොඳට දාන්න රාජපක්ෂවරු හරියට එයාලගේ අස්වැන්න නෙළා ගන්න ඕන විදිහට මිනිසුන්ගේ මොළ ගෙඩි සෝදලා තියෙන්නෙ දෙරණ හිරු ස්වර්ණවාහිනී වගේ පච vahini වලින් මිනිසුන්ගේ
      දුර්වල මානසිකත්වය තවදුරටත්
      දියාරු කරමින් /

      පරයන්ගේ අදහස් වලට පරයන්ගේ වැඩපිළිවෙළවල් වලට ජාතිය ගොදුරු කරමින් සිටී/

      මේක ඉතාම විශාල පාපයක් එනමුත් බහුතරයක් අදත් dead silent
      .
      වෙන රටක නම් මැදමුලන තිරිසන්නු අද වෙනකොට ඉරා දැමීමට මිනිසුන් ඉදිරියට ඇවිල්ලා එහෙම දෙයක් මෙහෙම මේ වෙනකොට වත් පෙනෙන්නේ නැති එක ඉතාමත්ම දූෂිත මනසේ තත්වයක් බටහිරයන් ඉදිරිපත් වුණොත් ලංකාවේ ජාතිවලට
      ඒ අය ඒ සමාජයේ ඉන්න බහුතරයකට උසි ගන්වන්නේ අන්න බටහිර Bලපෑම වැනි දේවල් කියලා මිනිස්සුන්ව විශේෂයෙන් පිංගුත්තරයා න් හරහා මිනිසුන්ට විසබීජ පැතුරු වීමයි /
      .
      බලනකොට ඇත්ත තත්ත්වය පිටරට දියුණු රටවල බොහෝ දෙයක් දෙනෙක් දන්නේ නැහැ ශ්‍රී ලංකාව කියන්නේ කොතනද ඒ රට තියෙන්නෙ කියලවත් 🐃🐃🐃🐃🐃🐃☹☹☹☹☹☹☹

  • 6
    0

    Jit
    අසූචි දැක දැක තවදුරටත් අහක බලාගෙන ඉන්න ජනතාවක් පිරුණු රටක ඉදිරියක් කෙසේ ඇති වේ දැයි කිව නොහැක .
    Aද අපි දන්නවා සොරකම් කිරීම අතරින් මැරතන් දුවන රාජපක්ෂ පවුල මිනිසුන්ට ඒ කරන සොරකම ඉතාමත්ම පැහැදිලිය.
    .
    එනමුත් මිනිසුන් නිහඬයි ඒකට හේතුව රටේ තිබෙන පාදඩ පච වාහිනී ජනමාධ්‍ය මිනිසුන් දැනුවත් නොකිරීම නොවෙයිද ?
    .
    මිනිසුන් දැනුවත් කිරීම වෙනුවට මිනිසුන් ටෙලිඩාමා තුළින් ඒ නාලිකාවන්ට ඇද බැඳ තැබීම නිසා රටේ මිනිසුන් තවදුරටත් එකතැන පල් වීමක් වෙනවා දැනට ලංකාවේ ඇති තත්ත්වය පිළිකාවක් ඔඩු දුවන තත්ත්වයට ඇවිල්ලා අහක බලා සිටීම වැනි තත්ත්වයක් මෙය මෙලෙස විසඳුම් නුවර විසඳීමට පරක්කු වුවහොත් .
    .
    ලංකාවේ තත්ත්වය tahiti සෝමාලියාව වගේ රටවල් වලට අන්ත වෙනවා මිනිස් රෑ තරුණ කොටස් රට හැර දමා ගියත් රටට ඩොලර් e වීමක් ඉටු වන්නේ නැහැ .
    .
    ඒ ගැන රට තුළ ඩොලර් ඇති වීමක් වෙන්නේ නැහැ මිනිසුන් දන්නවා රටේ ඉන්න තිරිසන් බලන් විදිය තිරිසන් බල්ලන් රටට නායකත්වය දෙන කොට තරුණ කොටස්වලට අනාගතය පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් නැති වෙනවා
    .
    මේ තත්ත්වය මේ විදියට තිබියදීත් රටේ ඉහළින් තබා පූ සිංහල බෞද්ධ භික්ෂූන් අද තව වෙනතුරුත් ොඩක් ජාති ගණන් ගන්නේ නැතිව එකතැන තුෂ්ණිම්භූත වී සිටීම අපි කාටත් ලොකු ප්‍රශ්නයක් 🐃☹☹☹☹☹☹☹☹

  • 2
    0

    ගොබ්බ රාජපක්ෂලා අනුරාධපුරේ පොහොට්ටු රැස්වීමක් තියල. දැන් තොපිලගේ රැස්වීම් වලට එන්න වැක්සීන් පාස්පෝට් ඕනේ නැත්දෝ?????? දවස් දෙක තුනකට ඉස්සෙල්ල ගැසට් එකක් ගැහැව්වා වැක්සීන් කාඩ් එක නැතුව අහිංසක පුරවැසියන්ට පොදු ස්ථාන වලට එන්න තහනම් කියලා අප්‍රේල් 30 ඉඳන්. දැන් තොපේ රැස්වීම් වලට ඒ නීතිය නැත්ද? තොපේම නීති තොපිම කඩන එක නතර කරන්නේ කවදදෝ???? චන්දයක් තිබ්බොත් කවුරුවත් යන්න එපා චන්ද පොළට.

    • 1
      0

      UNHRC ජිනීවා මානව හිමිකම් කොමිසම රවට්ටන්න දාන රාජපක්ෂලාගේ දේශපාලන ගොන්පාට් දැන් විකිණෙන්නේ නැහැ.
      මිනිස්සු ගේන්නේ සල්ලි දීල. කන්න නැති මිනිස්සුන්ට සල්ලි දීල විවිධ දේ දීල රැස්වීමට ගෙනල්ල තියෙන්නේ. මේක කලිනුත් ලිව්වා. 2019, 2020 එහෙමයි. ගෝඨාභය අංගොඩ තිබ්බ රැස්වීමක හිටපු මිනිහෙක් ඇහැව්වා අලි වැටක් ගහල දෙන්න පුලුවන්ද කියලා. අංගොඩ අලි වැට දැන් අනුරාධපුරේ. 2019, 2020 චන්ද දෙකේදීම සියයට 40ක් චන්ද වැටුනේ නැහැ. ඔක්කොම වැඩ හොර චන්ද වලින්. චන්දයක් තිබ්බොත් යන්න එපා චන්ද පොලට.
      යහපාලන වහල් ආණ්ඩුව කාලේ කොහොමද? මහින්දයි හොර දේශප්‍රේමියොයි කිඹුල් කඳුළු හෙලුවා අනුරාධපුරේ ළමයෙක් කෝල් එකක් දීල කිව්වලු රෑට කෑවේ මඤ්ඤාක්ක කොළ කියල. සංවේදී සිංහල මිනිස්සු හිතුව වහල් ආණ්ඩුව ගෙදර යැව්වොත් අඩු ගානේ දරුවන්ට කන්න වත් ලැබෙයි කියල. දැන් කොහොමද? අදත් එදා වගේම කිඹුල් කඳුළු. එදා ගං කිඹුල් කඳුළු. දැන් මුහුදු කිඹුල් කඳුළු.
      මේ කරන්නේ අමු රඟපෑමක්. දැන් රැස්වීම් තියල ජිනීවා මානව හිමිකම් කොමිසමට පෙන්වන්න හදනව දිව දෙකේ රාජපක්ෂලාට මිනිස්සු ඉන්නවා කියලා.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.