25 April, 2024

Blog

නයෝමී සොයුරිය, ඔබේ බාහුවේ බුදු පියාණන්ගේ රුව කොටා තිබීම ගැන ඔබට බෙහෙවින් ස්තුතියි

ගරු වල්පොල පියනන්ද හිමි – ශ‍්‍රී ලංකා ජනාධිපතිතුමාගේ ජාත්‍යන්තර ආගමික උපදේශක සහ ඇමරිකාවේ ප‍්‍රධාන සංඝනායක

වල්පොල පියනන්ද හිමි

වල්පොල පියනන්ද හිමි

එංගලන්තයේ සිට පැමිණි සංචාරිකාවක් වූ නයෝමී කොල්මාන් ඇගේ අතේ එක බාහුවක බුදුරජාණන් වහන්සේගේ රූපය කොටා තිබීම නිසා ලංකාවෙන් පිටුවහල් කෙරෙන බව ඇසූ අවස්ථාවේ මම මහත් චිත්ත පීඩාවට පත්වීමි. කවුරුත් දැන් දන්නා පරිදි, ශ‍්‍රී ලංකාවෙන් දොට්ට දැමීමට මත්තෙන් ඇයව නින්දිත අයුරින් එක රැුයක් මීගමුවේ අත්අඩංගුවේ තබා තවත් රැුය දෙකක් රැුඳවුම් මධ්‍යස්ථානයක සිරකොට තැබුණි. මෙවැනි දේවල් දැන් නිතර සිදුවන බවක් පෙනේ. ඊට සමාවට සහ හිලව්වට මෙන්, ශ‍්‍රී ලංකාවේ සංචාරක අධිකාරිය, ඇයව ව්‍යාපාරික කැලෑසියේ ගුවන් පතක් සමග ආපසු ඇගේ රටට යවා, අපේ සුන්දර ලංකාවේ අනාගතේ දවසක නිවාඩුවක් සඳහා නැවත ලංකාවට නොමිලේ ඒමට අවශ්‍ය පහසුකම් ද පොරොන්දු වී තිබේ. ඇයට සැළකූ නින්දනීය ආකාරයට එය කොහෙත්ම ඇයට සහනයක් වන්නේ නැත. මේ අතර, අපේ ජාත්‍යන්තර ප‍්‍රතිරූපය සහ කීර්තිය නැවත වතාවක් හෑල්ලූවට ලක්ව තිබේ. දැන් අප, හික්මීමක් නැති, කරුණාවක් නැති, පටු සිතැති ජනතාවක් වශයෙන් හංවඩු ගැසී ඇත. එය අපේ පෙනුමට මේ දක්වා ජාත්‍යන්තර මාධ්‍යයෙන් එල්ලා ඇති දීර්ඝ නිෂේධතා ලැයිස්තුවේ අලූත් ඇමිණුමකි.

Tattoකෙනෙකුගේ සිරුරේ බුදුන්ගේ රුව ඇඳගෙන යාම, අපේ අධි-සංවේදී බෞද්ධ සමාජය සළකන්නේ නොහොබිනා දෙයක් වශයෙන් නම්, තායිලන්තය ඇතුළු වෙනත් අග්නිදිග ආසියාතික රටවල බෞද්ධ භික්ෂූන් වහන්සේලා ආගමික වතාවතක් වශයෙන් තම සිරුරුවල උඩ කොටසේ බුදුන්ගේ රුව කොටාගෙන සිටීම භාරගන්නේ කෙසේ ද? ඔවුන්වත් අප රටින් පිටුවහල් කළ යුතු ද? බොහෝ රටවල බැතිමත් බෞද්ධයෝ බුදුන් වහන්සේගේ රුව කෙටූ සුර කරේ එල්ලාගෙන සිටිති. ඔවුන්ටත් ලංකාවට ඇතුලූ වීම අප තහනම් කළ යුතු ද? හැම අවුරුද්දකම, ශ‍්‍රී ලංකාවේ මෙන්ම ඇමරිකාවේ ද සිය ගණනක් ළමුන්ට බුදුන් වහන්සේගේ කුඩා අනුරූ පැළදීමට මම දෙමි. ඒ, ඔවුන්ගේ සිල්පද මතක් කර දීමටත්, කරුණබර වීමට සහ දෛනික ජීවිත පිළිබඳ වැටහීමක් ලබා දීමටත් ය. ඒ හේතුවෙන් මේ දරුවන්ව අප ඉරිදා දහම් පාසල්වලින් ඉවත් කළ යුතු ද? බටහිර ලෝකයේ වෙසෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලා වන අපි දරා සිටින කහ සිවුරු මේ සමාජයේ බොහෝ දෙනාට නුහුරු දර්ශනයකි. එසේ සිටින අප ගැන ඔවුන් සළකන්නේ කෙසේ ද? බෞද්ධ භික්ෂූන් වහන්සේලා වශයෙන් එසේ සිවුරු දරාගෙන සිටීම උඩ අපට හිංසා කෙරේ නම්, එය අපට දැනෙනු ඇත්තේ කෙසේ ද? වෙනත් අයගෙන් අප වෙනස්ව පෙනීම උඩ අපව ඇමරිකාවෙන් සහ වෙනත් රටවලින් පිටුවහල් කළ යුතු ද? භික්ෂුවක වශයෙන් සිවුරකින් සැරසීම සමාජයට අපහාස කිරීමක් ද?

නයෝමී කොල්මාන් බැතිමත් බෞද්ධ කාන්තාවකි. තායිලන්තය, ඉන්දියාව, කාම්බෝජය සහ නේපාලයේ ඈ භාවනානුයෝගී වස් කාල ගත කොට ඇත. බුදුන් වහන්සේගේ රූපය එක අතක පච්ච කලාවක් වශයෙන් දරා සිටීම උන්වහන්සේ පිළිබඳ ඇගේ ඇති ගෞරවය පළ කිරීමේ සංකේතයකි. එයින් ඇය කිසිවෙකුට රිදවීමට සිතුවේ නැත. ඇගේ අභිමතය එහි අනිත් පැත්තයි. එනම්, තමාගේ ශාස්තෘවරයා කෙරෙහි වන භක්තිය බාහිර වශයෙන් ප‍්‍රකාශයට පත්කිරීමයි. අපේ ආගමන නිලධාරීන් සහ අධිකරණ පද්ධතිය ඇගේ ඒ භක්තියේ සංකේතය, වරදක් සහ අපහාසයක් වශයෙන් ගැනීමෙන් පෙන්නුම් කරන්නේ, වෙනත් සංස්කෘතීන් සතු සංජානනයන් සහ බාහිර නියෝජනයන් පිළිගැනීමට තරම් කරුණාවක් සහ අවබෝධයක් නැති කමයි. මිනිස් සිරුරක බුදුන්ගේ රූපය පච්ච කෙටීම ශ‍්‍රී ලාංකිකයන්ට අප‍්‍රිය වූ පමණින් වෙනත් රටවල මිනිසුන් එසේ කිරීම ගැන මාරාවේශ වීමට අයිතියක් නැත. ඇත්ත වශයෙන්ම අපේ මේ ආකල්පමය විනිශ්චයන්, විශේෂයෙන් කර්මය යනු ‘චේතනාන්විත ක‍්‍රියාවයි’ වැනි බුදුන් වහන්සේගේ මූලික ඉගැන්වීම්වලට ද පටහැනි ය. නයෝමිගේ චේතනාව වුණේ, මොන විදිහකින්වත්, කිසිවෙකුට අවමානයක් කිරීම නොවේ. ඇගේ ආරක්ෂාවට යමක් කීමටවත් මහේස්ත‍්‍රාත්වරයා ඉඩ නොදුන් බව වාර්තා වී තිබුණි. නිකංම ඇයව වැරදිකාරිය කොට පිටුවහල් කෙරුණි. සමාභජනයක් හෝ කරුණාවක් ශ‍්‍රී ලංකාවේ නැතැ යි, මේ සිද්ධියෙන් පසු ඈ කී බවත් වාර්තා විය. දැන් ලංකාවේ බලධාරීන් ඈට නොමිලේ ප‍්‍රදානය කොට ඇති ශ‍්‍රී ලංකා සංචාරයටවත් අනාගතයේ දී ඇය නොඑන බව සැළයි.

අපේ ජාතික ප‍්‍රතිරූපය වර්ධනය කරගනු වස් මාධ්‍ය පාවිච්චි කළ යුතු ආකාරය ගැන වසර ගණනක් තිස්සේ ඇමතිවරුන්ට සහ ආණ්ඩුවේ වෙනත් නිලධාරීන්ට මම කතා කොට ඇත්තෙමි. එහෙත් මගේ ඒ ඉල්ලීම්වලින් කිසි පලක් නොවුණි. ශ‍්‍රී ලංකාව ගැන වෙනත් රටවල මේ දවස්වල පළවන එකම දෙය වන්නේ, අප කළා යැයි කියන වැරදි සම්බන්ධයෙන් දෝෂාරෝපණය කෙරෙන ලිපි ලේඛන ය. අපට විණ කිරීමේ පිඹුරුපත් සහිත වෙනත් අය මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයත් මොලවන ගිනිවලට, නයෝමි කොල්මාන් පිළිබඳ මේ සිද්ධිය තෙල් ගැසීමක් වනු සහතිකයි. අපේ ප‍්‍රතිරූපය විදේශයන් තුළ නංවාලීමට සහ සංචාරක ව්‍යාපාරය දිරිමත් කිරීමටත්, බුදුන් වහන්සේගේ දේශනා ප‍්‍රායෝගික තලයට ගෙන ඒමටත්, සිහිකල්පනාවෙන් යුතුව සුරුවිරුව කටයුතු කරන්නැ යි මම ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි.

නයෝමී කොල්මාන් සොයුරිය, ඔබට තෙරුවන් සරණයි. බුදුන් වහන්සේගේ රූපය ඔබේ එක අතක බාහුවේ කොටා ගැනීම ගැන බෙහෙවින්ම ස්තුතියි. එසේ කිරීමෙන්, ඔබව දකින අය අතරේ ඔබ බුද්ධාගම ප‍්‍රවර්ධනය කරන්නීය. ඔවුන්ටත් බුදුන් වහන්සේගේ දේශනා සොයා ගැනීමට අවස්ථාව සලසන්නීය.

*2014 අපේ‍්‍රල් 30 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Sister Naomi, Thank You So Much For Wearing A Buddha Tattoo On Your Upper Arm නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    ape minissunta deyyange haal kavila hamuduruwane.me wage gon wada karana gaman owun rajapakse rejimayata polime gos chande dethi.owun ratata karana haniya gana thutuwakwath ganak mowunta natha.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.