26 April, 2024

Blog

මගේ SAITM කතාව

යොමේජ හීතාවක​ආරච්චි

යොමේජ හීතාවක​ආරච්චි

තවත් බොරු ප්‍රචාර බොරු චෝදනා අසා සිටීමට නොහැකි තැන ලියමි.

SAITM හී අධ්‍යාපනය ලබන ළමයින් සාමාන්‍ය පෙළ පවා අසමත් බවත්, SAITM යනු ඇතුල්වූ සැනින් අවුරුදු පහකට වැඩි කාලයක සංගීත සංදර්ශනයක් සහ මැජික් සංදර්ශනයකට පසුව ඇගයීමක් නොමැතිව උපාධි ලබා දෙන අමුතුම කේතුමතී නුවරක් බවත්, ඇතුලත්ව ඇති ළමුන් සියලු දෙනා mercedes benz S600 වාහන වලින් ආරක්ෂකයින් පෙරදරි කොටගෙන පැමිණ පොළවට පය වැටෙන්නට නෙලුම් මල් පිපෙනකම් බල සිටින, මත්ද්‍රවය හා අවි වෙළදාම් කොට මුදල් ඉපයූ ප්‍රකොටිපතියන්ගේ දරුවන් බවත් යන කරුණු අද පැතිරෙමින් පවතී.

මා SAITM ආයතනය හා ඇතුල්වන්නේ අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ලබා ගන්න BCC සමාර්ථ මාගේ ප්‍රතිපල ලෙස ඉදිරිපත් කරමිනි. (විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව සහ SLMC මගින් ඉල්ලා ඇති c 2 සහ S සාමාර්ථය සපුරා ඇති බව කරුණාවෙන් සලකන්න)
 ප්‍රතිපල නිකුත් වූ පසු දින කිහිපය තරම් අමතක කිරීමට කැමති එහෙත් අමතක කිරීමට නොහැකි කාල වකවානුවක් නැති තරම්ය. රජයේ විශ්ව විද්‍යාලයකට යාමට නොහැකිබවත් පිටරට ගොස් ඉගෙනගැනීමට තබා පිටරට ගොස් ඒමටවත් වත්කමක් සතු නොවූබවත් සැනෙකින් වැටහුණු නමුදු එතනින් එහා කලයුතු දේ ගැන අවබෝධයක් නොතිබුණි. විහිළුව පටන් ගන්නේ මෙතනින්ය.

උසස් අධ්‍යාපන වරම් අහිමිවූ මා ගැන ඇසීමටවත්, ඇති වෙනත් මාර්ග හෝ අවස්ථා ගැන කියදීමටවත්, 150 00 කට අස්සන්න මා වැනි “සහෝදරයින්” ගැන අපරිමිත කරුණාවන් සහ ස්නේහයෙන් සලකා බැලීමටවත්, අප වෙනුවෙන් කෑමොර දීමටවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල පාරට බැස්සේ නැත (ඔවුන් එදා පාරට බැස්සේ මහපොළ වැඩි කර ගැනීමටය, නේවාසිකාගාර සදහා පහසුකම් වැඩි කරන ලෙසටය. ඔවුන්ට ලැබෙන දේ තවත් වැඩි කර ගැනීමටය. එදා නොතිබූ අමුතු කරුණාවක් අද පහල වෙන්නේ ගහන්න තුරුම්පු නැති වූ විටය.), එහෙටත් නැති මෙහෙටත් නැති, ගහපු බෙරේකුත් නැති බෙරේ පලුවකුත් නැති , වැලේ වැල් නැති වූ, ජනතාවගේ විමුක්තිය සොයනවායි කියන්නාවූ පෙරමුණුද සිටියේ “ජනතාව වෙනුවෙන්” රජය පෙරලන්නටය.

එදා මගේ පිහිටට පැමිණියේ මගේ දෙමව්පියන්ය. අවුරුදු 30කට ආසන්න කාලයක් දුවිලි කමින්, රෑ දිවා නොබලමින් දහදිය හෙලු ඔවුන්ය. ඔවුන් සතු වටිනාම දේපල විකුණා ලැබෙන මුදලින් පිටරට යවා හෝ අධ්‍යාපන කටයුතු මා ඉදිරියට කල යුතු බව ඔවුන්ගේ අදහස විය. විදේශ ගත වීමට සුදුසු රටවල් සොයන කාලයේදී මගේ දෙමව්පියන්ට SAITM ගැන අසන්නට ලැබෙයි. (මේ වන විට ගැසට්‌ කිරීමක් මගීන් වෛද්‍ය උපධිය ලබා දීමට මෙම ආයතනයට බලතල ලබා දී තිබිණි, තවද එවක ජනපතිවු මහින්ද රාජපක්ෂ මහතා විසින් පූර්ණ ශිෂ්‍යත්ව ලබා දෙමින් වක්‍රාකාරව රජයේ මැදිහත් වීම සහ අනුමැතිය ලබා දී මේ වන විට අවසන්ය) මේ කරුණු හා ශ්‍රී ලංකාවේම ඉදින්නට ලැබීම හා එම නිසා ජීවන වියදම පාලනය කරගත හැකි කාරණය නිසාත් SAITM ආයතනයට බැදෙන්නට තීරණය කලෙමි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවත්වන්නාවූ සම්මුඛ පරීක්ෂණය ඇතුලත්ව තවත් එවැනි පරීක්ෂණ 2 කට පසුව වෛද්‍ය උපාධිය හැදෑරීමට තෝරාගන්නා ලදී.

අද වෙන තුරු මා පුද්ගලීක වාහනයක දේශන සදහා ගොස් නැත, කොටින්ම කිවහොත් සම්මුඛ පරීක්ෂණ සදහා ම පැමිණියේ කිලෝමීටර 2.5 ඇවිදගෙනය (මහා ලොකු දේවල් නොවන බව ඇත්ත නමුත් පතුරවන්නාවූ, වාහනයෙන් පමණක් පැමිණෙන, ඇවිදීමට නොදත් යන “උප සංස්කෘතියක් ” මෙහි නැත.) මෙයට වඩා දහස් ගුණයක් දුක් විදිනා විදපු සිසුන් මගේ වසරේම ඇත නමුත් ඒ ගැන කතා කිරීමට මට සාධාරණ අයිතියක් නැත.

මුදල් ගෙවූ පසු කිසිදු විභාගයක් නැති බවත්, කිසිවෙකු repeat වන්නේවත් batch miss වෙන්නේවත් නැති බවත්, BAR exams නැති බවත්, මහා සුන්දර ලෝකයක් බවත් රෝස මල් යහනාවක් බවත් කියන්නාවූ කතා වල සත්‍යතාවයක් නැති අතර කනගාටුවට කරුණ වන්නේ එවැනි කඩයිම් විභාග පවත්වන බවත් එසේ ඒවා සමත් වීමට මා පාඩම් කටයුතු කළබවත්, හොදින සමත් වූ බවත් දන්නා පිරිස් පවා අද එසේ නැතය කියා පැවසීමය.

සියල්ල නොමිලයේ ලබන උදවිය යම් කිසි ස්ථානයක සිටින උදවිය එසේ නොලැබුන සහ නොසිටින කෙනෙකුගේ දුක දන්නවායි කීම කාන්තාවක දරු ප්‍රසුතියේ ලබන වේදනාව පිරිමියෙකු හට දැනෙන බව කීම වැනිය, මහා ජනතා බදු මුදලින් යැපෙන්නාවූ සිසුන් එම ජනතාව තම මුදල් රිසි සහ නිසි ලෙස වැය කිරීමට විරුද්ධ වීම දන්සලේ දායකයෙකුට අවන්හලකින් කෑම අකැප බව කීමක් වැනිය.

ප්‍රමිතිය සුරැකිය යුතු බවටත් එසේ කිරීම්දී ලබා දෙන්නාවූ ඕනෑම අපක්ෂපාති විභාගයකට පෙනීසිටීමට සුදානම් බවත් දන්වන්නට කැමැත්තෙමි. නමුත් ප්‍රමිතිය (සායනික අංශයේ) වැඩි කිරීමට දරන සෑම උත්සාහයකදීම පාරට බැස LTTE ත්‍රස්තයන් මෙන් රෝගියා ඇපයට ගෙන විරුද්ධ වීම සාධාරණද කියා ඔබම තීරණය කරන්න.

ඉහත සදහන් සියල්ල සත්‍ය සහ නිවැරදි බව තහවුරු කරමි. මෙය මාගේ SAITM කථාව වේ. අහස හා පොළව එයට සාක්ෂි දරත්වා !

දෙවි රැකවරණයි!
තෙරුවන් සරණයි !
ජේසු පිහිටයි !

##MySAITMStory
 #මගේSAITMකතාව

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    2

    [Edited out] Comments should not exceed 300 words.Please read our Comments Policy for further details.

  • 1
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 3
    2

    අැත්ත මහින්ද රාජපක්ෂ මහතා විසින් පූර්ණ ශිෂ්‍යත්ව ලබා දෙමින් සයිටමේට වක්‍රාකාරව රජයේ මැදිහත් වීම සහ අනුමැතිය ලබා දුන්නා. එපමනක් නෙවෙය් වෙෙද්‍ය සභාවට අනුව සයිටමේට අඩුවක්ව තිබුනු රෝහල NFTH හදන්නත් මහින්ද රජය නෙවිල්ට රැපියල් මිලියන 600ක ණයක් දුන්නා. අදත් මහින්ද කියන්නේ අන්තරේ, පෙරටුගාමීන් සහ ජවිිපෙ කියන කතාව නෙවෙය් පුද්ගලික අධ්‍යාපන අායතන වෙෙද්‍ය විද්‍යාල පිළිගන්න බවය්. නමුත් වෙෙද්‍ය සභාවෙ අනුමැතිිය ගත යුතු බවත් මහින්ද කියනවා. දැන් බෝලෙ තියෙන්නෙ කෝට් ඒකේ යහපාලනය පැත්තෙය්. කෝ මේ සිරිසේන ….

  • 1
    9

    We conden ur words since parliment also now found that SAITAM is illegal before going to medical faculties we want to see medical council approval

    • 5
      0

      Future of SAITM doctors pythonised by a demented politico in SLMC pressured by GOMA not to have competition in private practice. GOMA twist is that hospitals can only train striking medicos boycotting lectures. Health Ministry determines no. and stations of doctors, but GOMA is grabbing that authority. When wickedness reaches zenith, total justice will come. Now the verdict is that SLMC violates the Medical ordinance. Even an insane nut would have resigned by now. No brains

  • 8
    0

    @sadaruwan
    SLMC constitute members of the GMOA who is against anything that can bring down their dictating monopoly.
    It also has members who are benefited from agencies that send students abroad.
    SLMC has a secretary whose daughter was expelled from SAITM due to disciplinary reason.

    Now can you see why SLMC cannot give recognition even after fullfilling said recommendations, while they can give recognition for KDU even without a teaching hospital, and recognition to 100 odd faculties over see which they accepted that they do not have even a file on it.

    obvious its double standards ad personal issues.

  • 11
    0

    Well said putha!!
    We are inspired by your stories, I’m sure all of you will make excellent doctors.
    Don’t let a bunch of uneducated people bother you!

  • 11
    0

    Very well written. A must read to all the people out there who accuse saitm students are not qualified and they just get the degree without any effort! All the best!

  • 7
    6

    දැනට බොහෝ කාලයක පටන් අන්තරේ ඇතුලු ශිෂ්‍ය සංගම් විසින් උසස් අධ්‍යාපනයට ප්‍රවේශවීමට ඇති අවස්ථා වැඩි කිරීමට ආන්ඩුවලට බලකරමින් “කෑමොර” දුන්නා ඔබේ කතාව ලියල දීපු මනුස්සය එක්කෝ ඒක දන්නේ නෑ නැත්නම් දන්නේ නෑ වගේ බොරුවක් ලියල දීල.
    මේ කතාවත් ලියල දුන්නේ අර වෙඩි තියාගත්තු සී.ඊ.ඕ. ද මල්ලි ?

    • 1
      0

      Ow ow kamora nam dunna thamai kollo ubala , habai ara parata bahala podi aathal ekak ganna misak, Meh dan ABOLISH SAITM wage jana ganga gennathuwa , attala wala naginnathuwa, neda? Apita moko api athulene , podi somiyak daala emu parata gihin.
      Pennanko malliyo, eka paththarayak antharaya saitm wirodhaya wagema “praweshaweemata athi awstha wadi karanu” kiyala awurudu dekak thisse fulltime kagahawwa hati?

      ekko ubalata wenama lankawak thiyenawa, api dan nathi anththan ubala hithan inne rate inna minissu okkoma konde badapu cheennu kiyala.

      anika meka anthare ekek liwwanam “maara kathaawa” uuma liyala thiyenne, ai uba hithanne international giya kiyala , gewwa kiyala unta sinhala baha kiyalada?

    • 0
      0

      අන්තරේ හැමදාම කොලේ අරක දියව් මේක දියව් කියල කෑ ගහන්න විකෘර්ති රැග් කොරල බය කොර ගත්ත කොල්ලො කෙල්ලො බලහත්කාරයෙන් පාරට බස්සපු එකය්. නමුත් අන්තරේ මෙහෙයවන කෙකරගාමීන්ට සහ ජෙප්පන්ට මහජන සහයෝගය ඉතා අල්ප බව කවුරැත් දන්නවා ඉතින් අාණ්ඩු මොටද අන්තරේට බය වෙන්නෙ? අන්තරේ උන් ජවිපෙ ‘දේස ප්‍රේමීන්’ වෙලා රට අස්තාවර කොරන්නය් භීෂණය පතුරන්නය් මිනී මරන්නය් පටන් ගත්තහම නම් ජේ අාර් බය වෙලා ගෝනි බිල්ලන්ගෙ (විජිත වගේ) සහායෙන් ජවිපෙට මුලා වෙච්ච කොල්ලො මරන්න බටලන්දයට දතාලට අවසර දුන්නා. අද තියන අාණ්ඩු විරෝධය අන්තරේ වැඩ කිඩ නිසා අැති වූවක් නෙවෙය්, අාණ්ඩුවේ දේශ ද්‍රෝහී ප්‍රතිපත්ති, හොර කම සහ අාර්ථිකය හැසිරවීමේ නොහැකියාව නිසා මතුවූවක්.

  • 2
    0

    All people who support SAITAM should be proud of these honourable young students who come out so late and show their side of the story. They all behave like gentlemen and refined women when all these idiots from GMOA and SLMC behaved so badly. So bravo to you lot. Good will come to you oneday and GMOA and SLMC will rot in hell.
    As Nalin says we all no that SLMC secretary’s daughter was expelled from SAITAM and also psychopath Carlo as personnel issues with Dr Neville that’s the reason for all this. Also GMOA is jealous that these doctors will get their private practices.

  • 0
    1

    Thawa parak xam liwwanam honda result ganna thibba neda? Pvt institute ekakata gvt hsptl walin train wenna denne ai? Pvt teaching hsptl eke quality aul nisaada??

    • 1
      0

      Its not an issue with the quality of the hospital. Certain subject areas like forensic medicine and community medicine you can get clinical exposure only in gov. Hospitals :)

  • 3
    0

    සදරැවන් මලයා, බොහොම අගෙයි. අන්තරේ අරක් ගෙන ඉන්න කෙකරගාමීන් සහ ආණ්ඩුවට මුක්කු ගහන ජෙප්පන් සයිටම් එ‌ෙක් එල්ලිලා රට ගිනි තියන්නේ පුරැද්දටය. කුමක් හෝ අල්ලා ගෙන උන්ගේ අන්ධ භක්තිකයන් පාරට බැස්සවීම එදා පටන් කරන එකම දේ ය. මේ හාදයින් එක්ක මේ රටේ උසස් අධ්‍යාපනය මේ තරමින් වත් තියනවා ඇති!

  • 1
    0

    Great to have Sinhala articles on this subject – and by a male of the species.

    Could you please be more imaginative in your choice of Titles for the stories, please. When one looks at the list of “Recent Comments”, one doesn’t know whose article has been responded to.

    Also, now publish in the Sinhala (and Tamil) newspapers; especially those read mostly by gullible Rajapaksa supporters. Mind, we can’t be patronising towards them! A genuine effort has to be made to uplift those who’ve been hitherto marginalised.

    There’s no equality in this world – sad to say! However, there must be opportunities for upward social mobility.

  • 1
    1

    Mage deveni para a/ l result ABB gampaha district 139 medicine yanna be.mata laksha120 k nam ne SAITM Eekata enna puluwan da

    • 2
      0

      සයිටමේට රජයෙ අාධාර දෙන්නෙත් නැහැ. නොමිලේ ඉගන ගත්ත කිසිම කථිකාචාර්ය වරයෙක් නොමිලේ උගන්වන්නෙත් නැහැ නොවැ. දැන් ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ ඔලුවට වැටෙනවද?

  • 0
    1

    If this person is not fluent in English, how can he study medicine.

    • 0
      0

      Trust me he is fluent in english..too fluent sometimes….he just chose to write his story in sinhala.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.