24 October, 2017

“මෑන්පවර්” සහ “සයිටම්” සංකේතයන්ගෙන් ඔබ්බට

සුමනසිරි ලියනගේ

සුමනසිරි ලියනගේ

මේ දිනවල කොලඹ නගරයට එන යන ඕනෑම කෙනෙකුට දකින්නට ලැබෙන සිදුවීම් දෙකකි. එකක් කොටුවේ ලෝටස් වටරවුමේ වැඞවරා විරෝධය දක්වන ටෙලිකොම් මෑන්පවර් කම්කරුවන් ය. දෙවැන්න වඞා සටන්කාමි ස්වරූපයක්ගත් සයිටම් විරෝධි සටන ය. මෙහිදී තවත් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ මෙම ප්‍රශ්ණ දෙක සම්බන්ධයෙන්ම මුනිවත රකින ආංඞුව ය. බොහෝ ප්‍රශ්න සම්බන්ධයෙන් ආංඞුව අක්‍රීය හෙයින් මෙම ප්‍රශ්ණ දෙක සම්බන්ධව ද නිහඞව සිටීමෙහි අරුමයක් නැතැ යි කෙනෙකු සිතුවොත් එයද පුදුමයට කරුණක් නොවේ. මා මෙම ලිපිය මගින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම සංයුක්ත කරුණු දෙක ගැන නොවේ. දැනටමත් එම ප්‍රශ්ණවල සීමාවන්ගෙන් එහාට එවා ගමන්ගෙන ඇති බව සරල දැනුමක් ඇත්තෙකුට වුවද පැහැදිලි කරුනෙකි. රටපුරා සයිටම් විරෝධතා දැකිය හැක. ඒවාට මැදිහත් වන්නෝ හරියමක වැඞක් නැති පෙරටුගාමි ශිෂ්‍යයෝ පමණක් නොවෙති. ටෙලිකොම් මෑන්පවර් කම්කරුවන්ගේ ආධාරයට මේවන විටත් මීගමුව, යාපනය, බංඞාරවෙල වැනි ස්ථාන ගණනාවක සහයෝගිතා විරෝධතා පැවැත්වුන බව වාර්තා වේ. මා කථාකරන්නට අපේක්ෂා කරන්නේ එම අවකාශිය ව්‍යාපතිය ගැනද නොවේ. එවන් ව්‍යාපතියක් තිබියදිත් මුනිවත රකින රජයයක් තිබීම සැබවින්ම විශ්මය ජනක ය. මහමෙරක් සේ නො සැලී සිටිය හැකි රජයයක් තිබීම ද ජනතාවගේ වාසනාවක් විය නොහැකි ද?

මා සිතන විධියට මෙම සිද්ධිවාචකයන් දෙකම එම මතුපිටට පෙනෙන ප්‍රශ්ණයන්ගෙන් යටට මුල් ඇදුන වඞා මූලික ප්‍රශ්ණයන් මතු කරනබව ය. සමහර විට එම මූලික ප්‍රශ්ණයන්හි බරපතලකම නිසා ම ආංඞුව මෙම ගැටලු දෙකට අත නොපොවා සිටින්නේයැ යි යමෙකුට අනුමාන කළ හැක. එම තේරුමෙන් ගත්විට “සයිටම්” සහ “මෑන්පවර්” යනු හුදු සංකේතයන් පමණි. සංකේත වැදගත් ය. අපගේ සිත්වලට කාවදින්නේ ප්‍රශ්නයට වඞා එය පෙනෙන ආකාරය ය. එමෙන්ම දෘෂ්‍යමානයන් සත්‍යයේම කොටස් ය. “සයිටම්” සහ “මෑන්පවර්” මගින් සංකේතවත් කරන වඞා ගැඹුරට කා වැදුන මූලික අයිතීන් මොනවා ද? අපි මුලින්ම ඒවා ලැයිස්තුගත කර ගමු. 1. සහේතුක සාධාරණ ක්‍රමයකට හැමට නොමිලයේ අධ්‍යාපනය ලැබීමට ඇති පැහැරගත නොහැකි අයිතිය; 2. පිලිගත හැකි පුහුණු කාලයකින් පසු ස්‍ථිර පදනමකින් රක්ෂාවක නිරත වීමට ඇති අයිතිය. මෙම අයිතීන් දෙකම නිරපේක්ෂ අයිතීන් නොවේ. තමනට රිසි පමණින් කෙනෙකුට වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවෙකු වීමට මෙමගින් අවකාශයක් නොලැබිය හැක. ඒ සදහා පිලිගත හැකි දැනුම් මට්ටමක් සහ හැකියාවක් ඇයට හෝ ඔහුට තිබේ ද? මේ අනුව කිසියම් තේරිම් පටිපාටියක් තිබිය යුතුබව පළවෙනි අයිතිය පිලිගැන්මෙන් ප්‍රතික්ෂේප නොකෙරේ. එමෙන්ම පිලිගත හැකි පුහුණු කාලයක අවශ්‍යතාවය දෙවැන්න ප්‍රතික්ෂේප නොකරයි.

මෙම අයිතීන් දෙකම ශිෂ්ඨ ශ්‍රි ලංකාවක් තුල පිලි ගැනුන අයිතීන් දෙකකි. එහිලා පක්ෂ අතර මතභේදයක් නොතිබින. විශේෂයෙන් යමක් ඉගෙනීමේදි අතිරේක ගෙවීමක් කිරීම හෝ සුලු ආබාධයකදී පුද්ගලික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැන්ම මෙමගින් කිසිවෙක් ප්‍රතික්ෂේප නොකලහ. සෑම අයිතියක්ම පුලුල් පරාසයක් ඇතුලේ නිර්වචනය කෙරේ. එමගින් ය, මූලික මූලධර්මය පවත්වාගත හැක්කේ. අද ප්‍රශ්ණය වී ඇත්තේ කුමක් ද? නවලිබරල්වාදය මෙම මූලික මූලධර්මයන්ම අභියෝගය ලක්කරයි. සරලව ගත්විට නවලිබරල්වාදය යෝජනා කරන්නේ හැම දෙයක්ම වෙළදපොල නියාමයට යටකල යුතු බව යි. 1977 සිට ක්‍රමානුකූලව අධ්‍යාපනය පුද්ගලිකකරණය කොට එයද අනෙක් දෙයක් මෙන් විකිණිය හැකි සහ මිලදී ගත හැකි දෙයක් බවට පත්කිරීමේ පිඹුරුපත් සැකසින. මෙය සාධාරණය කිරීමට නිසරු තර්ක ඉදිරිපත් කෙරින. පලවෙනි තර්කයවූයේ සියල්ලනට අධ්‍යාපනය දීමට රජයට සම්පත් නොමැති ය යන්න ය. එක් අතකින් රට වර්ධනය කරා ගෙන ගියේ ය, ඒක ජනක ආදායම ඇමරිකානු ඞොලර් 4000 ට කිට්ටු මට්ටමකට ගෙන ආවේ ය කියන අයම මෙම තර්කය ගෙන ඒම පුදුම සහගත ය. සත්‍යය නම් 1977 සිට රජයයන් එවන් සම්පත් රජයයට අහිමිවන ලෙස ක්‍රියා කිරීම ය. අප ජාතික ආදායමෙන් අධ්‍යාපනයට වැයකරන ප්‍රමාණය මෙම කලාපය ගත්තත් පහත් අගයක් ගනී. මෙයින් පෙන්වන්නේ සම්පත් සොයා ගැන්මට ඇති නොහැකියාව සහ සම්පත් යෙදවීමේ පූර්වතා අනු පිලිවෙලේ වරද ය.

අධ්‍යාපනය පුද්ගලිකකරණය සහ භාංඞකරණය කිරීමට ගෙනෙන දෙවන තර්කය පාරිශුද්ධ නවලිබරල් නිදහස පිලිබද තර්කය ය. එනම් අධ්‍යාපනය පුද්ගලිකකරණය සහ භාංඞකරණය කිරීම මගින් අධ්‍යාපනය ලැබීමේ නිදහස පුලුල් වන්නේ ය යන තර්කය ය. අපි සරල උදාහරණයක් ගනිමු. කුඞා ගමක තිබෙන බේකරියකට දිනකට නිපදවිය හැකි පාන් ගෙඞි ගනන 100 ක් යයි සිතමු. පාන් ගෙඞියක සම්මත මිල රුපියල් 25 කි. එහෙත් එය නිල මිලක් නොවේ. නමුත් ගමේ පාන් 120 කට ඉල්ලුමක් ඇතැයි සිතමු. බේකරියට තම නිෂ්පාදන ධාරිතාව පාන් 200 ක් දක්වා වැඞි කිරීමට සැලැස්මක් එය ක්‍රියාත්මක කිරීමට කාලයක් ගතවේ. පාන් බෙදා හැරීමේ වඞාම සාධාරණ ක්‍රමය ලෙස ගම්මුන් සිතන්නේ මුලින්ම පැමිනෙන සියයට ඒවා විකිණිය යුතු බව ය. දැන් අපි මෙම කථාවට තවත් කොටසක් එකතු කරමු. ප්‍රාඞෝ රථයකින් පැමිනෙන්නෙක් පාන් ගෙඞි දෙකක් දෙන්නේනම් එයට රුපියල් 200 ක් ගෙවීමට තමා කැමැත්තේයැ යි බේකරි කරුවාට යෝජනා කරයි. මෙමගින් බේකරි කරුවාට රුපියල් 150 ක අතිරේක ආදායමක් ලැබේ. බේකරි කරුවාට මෙන්ම ප්‍රාඞෝවෙන් ආ පොහොසතාට ද එවැන්නක් කිරීමට නිදහසක් ඇත. අධ්‍යාපනය පුද්ගලිකකරණය සහ භාංඞකරණය කිරීමට ගෙනෙන දෙවන තර්කය වන පාරිශුද්ධ නවලිබරල් නිදහස පිලිබද තර්කය ද මෙයම ය. පෝලිමේ සිටින පලවෙනි 98 දෙනාට ද එවැන්නකට ඉඞ දීමෙන් පාඞුවක් නොවේ. ඔවුනට ද එයට ඉඞදීමට නිදහසක් ඇත. එහෙත් ප්‍රශ්ණය වඞා සංකීර්ණ එකකි. නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද අමර්ත්‍යා සෙන් පෙරදිග සම්ප්‍රදායයේ ඇති අංග දෙකක් ගැන සදහන් කරයි. ඒ නීති සහ න්‍යාය. උක්ත උදාහරණයේ එසේ ක්‍රියා කිරීමෙන් කැඞෙන නීතියක් නැත. නීතිය නිදහස රකියි. එහෙත් එය න්‍යායයට පටහැනි ය. න්‍යාය බිදීමෙන් ගමේ සමාජ සැකැස්මට එහි සමගියට විය හැකි අවැඞ විශාල ය. බටහිර දර්ශණය කාර්ය සාධනය (good) සහ සාධාරණය (just) යන මූල ධර්ම දෙකක් ගැන සදහන් කරයි. තමා පිලිගන්නේ පෙරදිග දැක්ම ද බටහිර දර්ශනය ද යන්න මෙතනදී ප්‍රශ්ණයක් නොවේ.

අධ්‍යාපනය පුද්ගලිකකරණය සහ භාංඞකරණය කිරීම අසාධාරණය ඉහලට නැංවීමකි. දැනුම සල්ලිවලට විකිණිම ගුණදාස අමරසේකර ශූරින් කියන අපේ සභ්‍යත්ව සමාජයට නොවටනා දෙයකි. සල්ලිවලට විකුණා ලාභ ගරා ගැන්මට ඉඞ දෙන්නේ නම් එය තවත් නොවටනා දෙයකි. සයිටම් සංකේතවත් කරන්නේ මෙම අසාධාරණයට ඇති එදිරිය ය.

දැන් අපි දෙවන සිද්ධිවාචකය ගැන සිත් යොමු කරමු. ආර්ථික විද්‍යාඥයන් අපට නිතර කියන කරුනක් වන්නේ ආර්ථික සංවර්ධනය සදහා ඵලදායිතාවය නංවාලිය යුතු බව ය. පහුගිය සියවස් දෙකහමාරක පමණ ඉතිහාසය එයට සාක්ෂි දරයි. මුල් කාලයේ නම් ඵලදායිතාවය වැඞිවීමට සමාන්තරව වැටුප් සහ වැඞ පැය ගනන අඞුවි ය. රක්ෂාවේ සුරක්ෂිතබව තහවුරු කෙරින. එහෙත් පහුගිය වසර තිහක කාලය තුල මෙම ප්‍රවණතාවය නැවතින. එක්කෝ නවතා ලූයේ ය. බොහෝ රටවල සංඛ්‍යා ලේඛන පෙන්වන්නේ වැටුපේ සත්‍ය අගය පහත වැටීමේ ප්‍රවණතාවයකි. එක් නිරීක්ෂකයෙකු පෙන්වා දුන්නේ අද කම්කරැවෙකුට වැඞවසම් යුගයේ ප්‍රවේණි දාසයෙකුට වඞා වැඞි වෙලාවක් වැඞ කිරීමට සිදුව ඇති බව ය. අද කම්කරවෙකුට හම්බ කරනවා හැර වෙන දෙයක් කිරීමට කාලයක් නැත. එසේ නොකලොත් ළමයින්ගේ ටියුෂන් කාසි ගෙවිය නොහැක. බැංකු ණය ගෙවිය නොහැක. ස්කූල් වෑන් එකට සල්ලි ගෙවිය නොහැක. හතර දෙනෙකුගේ සාමාන්‍ය පවුලක මාසික පැහැදුම 2012/13 දී රුපියල් 41444 කි. මෙයින් කන්න බොන්න වැයවුනේ රුපියල් 15000 ක් පමණ ය.

නවලිබරල් යෝජනාව වන්නේ කම්කරු වැඞ පැය ගනන නීතිමය වශයෙන් වැඞිකිරීම, වැටුප්වල සත්‍ය අගය බාල්දු කිරීම සහ වැඞි වැඞියෙන් තාවකාලික, කොන්ත්‍රාත්, සහ මෑන්පවර් ශ්‍රමය ස්ථිර ශ්‍රමය වෙනුවට යොදා ගැන්ම ය. පුද්ගලික අංශය මෙන්ම අර්ධ රාජ්‍ය, සංස්ථා, සහ රාජ්‍ය අංශවල ද මෙම ආරම්භය දැකිය හැක. ලංකා වෙලද සේවක සංගමයේ මාසික මහා මංඞල රස්වීමකට මෑතකදී මට සහභාගි වීමට ඉඞක් ලැබින. මෙය මට හොද නොමිලේ ලද අධ්‍යාපනයක් විය. එහිදී අදහස් දැක්වූ සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඞි සදහන් කලේ තව වසර කිහිපයක් යනවිට ස්ථිර සේවකයන් යන වර්ගය සොයා ගැන්මට කෞතුකාගාරයකට යෑමට සිදුවි හැකි බව ය. අතිශයෝක්තියක් වුවද ශ්‍රම වෙලද පොල දත්ත මෙන්ම ශ්‍රම වෙලද පොල පිලිබද න්‍යායයන් පෙන්වන්නේ ද මෙම ප්‍රවණතාවය ය. මෙය අද වසංගතයක් මෙන් පැතිර යමින් පවතී.

මෙම තත්ත්වය පෙන්වන්නේ කුමක් ද? ප්‍රශ්නයට පාදක වූ මෑන්පවර් ප්‍රශ්ණය ගැන අවධානය යොමුකොට මෑන්පවර් කම්කරුවා යනු කවරෙක්දැ යි සොයා බලමු. කම්කරුවෙකු ඇය හෝ ඔහු කුමන ශ්‍රේණියක වැඞ කල ද තම ශ්‍රමය වැටුපකට විකුනන්නෙකි. ඇය හෝ ඔහු එසේ කරන්නේ එසේ නොකර තම ජීවිතය ගෙනයාමට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන නිසා ය. එම තේරුමෙන් ගත්විට සාමාන්‍ය ස්ථිර කම්කරුවෙකු සහ මෑන්පවර් කම්කරුවා අතර වෙනසක් නැත. විශ්ලේශණය මෙයින් ඉදිරියට ගෙන ගියහොත් අපට දැකගත හැක්කේ ප්‍රබල වෙනසකි. පළවෙනි වෙනස වන්නේ මෑන්පවර් කම්කරුවාට ඇය හෝ ඔහු දෙවන වරටත් විකුනාගන්නට සිදුවේ. මැන්පවර් සමාගම එය මිලට ගත් කම්කරුවා නැවත වරක් වෙනත් සමාගමකට විකුණයි. මෙවැන්නකට සමාන තත්ත්වයක් 19 වෙනි සියවසට පෙර අප අසා ඇත. අප්‍රිකාවෙන් මිලට ගත් වහලුන් ඇමරිකාවේදි නැවත විකිනින. නිකොලායි ගොගොල් ගේ මළ මිනිස්සු පොතේ ද අප ටෙලිකොම් කම්කරුවන් දැක ඇත. නවලිබරල්වාදය නව නම්වලින් ගෙනෙන්නේ මෙම පැරණි ක්‍රමවේදයන් ය. දෙවනි වෙනස කුමක් ද? සාමාන්‍ය සම්ප්‍රදාය වූයේ (එය නීතියක් දැයි මම නොදනිමි) නොකඞවා හයමාසයකට වැඞි කාලයක් කම්කරුවා ස්ථිර සේවකයෙකු බවට පත්කළ යුත්තේ ය යන්න ය. මෙය පදාර්ථයෙන්ම කිසිම තැනක ක්‍රියාත්මක නොවූ බව අපි දනිමු. ලෝටස් පාරේ වාඞිලාගෙන සිටින සමහර කම්කරුවන් වසර 10 ක් ඉක්මවා සේවය කර ඇත.

ටෙලිකොම් සමාගම කලේ කුමක් ද? එයට එහි කටයුතු නියමිත පරිදි ගෙනයාමට අවශ්‍ය ශ්‍රමය නියම පත්වීමේ පටිපාටියක් යටතේ ලබාගන්නවා වෙනුවට ශ්‍රී ලංකා ටෙලිකොම් යටතේ වෙනම සමාගමක් හියුමන් කැපිටල් සොලියුශන් නමින් ලියාපදිංචි කර එයට ශ්‍රමිකයන් තාවකාලික පදනමකින් බදවා ගෙන එසේ බදවා ගත් ශ්‍රමිකයන් ටෙලිකොම් සමාගමට නැවත විකිනීම ය. මෙම ශ්‍රමිකයනට ගෙවන වැටුපෙන් සියයට 12.5 ක් එම සමාගම කපා ගනියි. මෙය නාස්තිකාර ක්‍රමයකි. පරපුටු නිලධර තන්ත්‍රයක් පෝශණය කිරීම හැර එයින් සිදුවන්නේ කම්කරු අ්‍යිතිය අකාමකා දැමීම ය.

ටෙලිකොම් කම්කරු සටන එලියට ගෙනෙන්නේ මෙම වහල් ශ්‍රම වසංගතය වේගයෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැතිර යාමට ඇති එදිරිය ය. අවම වඃයෙන් ශ්‍රමයට ගරුත්වයක් දිය යුතු ය. මහජනයාගේ එදිරියට ඇස් වැසුන සහ පංචේන්ද්‍රිය ක්‍රියා විරහිත වූ රජයකින් කාට කුමන පලයක් ද? මා ගොනු කරගත් දැනුම අසන්නේ මෙම ප්‍රශ්ණයයි.

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    This is done because slt doesnt have to pay higher salaries and benifits. Purpose of slt is not to provide job securry and welfare. They r here to make money and develop telecommunocation imfastrucutre and pay devident to its share holders who are th majority governement ans minority private share holders. Man power is not illegal if these people dont get their rights or safe working envionent they need to protest infrnt of man power company not slt. They very well knew what they were getting in to. Peple like you only make it an issue cz probably u never pay a proper tax frm any hard earn money to maintain governemnt workers who contribute a lot less than they can. Our people never think of working hard. Always think only abt th benift. Thanks to private firms that mindset is changin.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.