20 April, 2024

Blog

ගෝලීය කාබනික කෘෂි-ව්‍යාපාරය සමග බැදුණු ෆැසිසිට්වාදයේ අදුරු සෙවනැලි

හිරාන් බී. ජයසුන්දර

බරපතල ලෙස ලංකාව පුරා පැතිරී ඇති කොවිඩ් අවධානමද නොතකා, දහස් ගණනින් ගොවි ජනතාව සිය ගොවිබිම් සදහා පොහොර ඉල්ලා මේ වන විට මාරාන්තික උපවාස සහ උද්ඝෝෂණ කරමින් පවතී. තේ සහ එළවලු නිපැයුම් පමනක්  30-40% ක් අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති අතර විශේෂයන්ම ලංකාවේ රත්නපුරය, මොනරාගල සහ බදුල්ල වැනි දිස්ත්රික්ක වල ජනතාව දැඩි ආර්ථික අර්බුධයකට මුහුන පා ඇත. ආණ්ඩුව සහ එහි පාර්ශවකරුවන් ඇති විශාල මුදලක් ප්‍රසිද්ධ නිලියන් සහ ගායිකාවන් හට ලබා දෙමින් මාධ්‍ය මෙහෙයුමක් දියත් කරමින් වැඩි වන ආහාර මිල නාගරික ජනතාවගෙන් වසන් කිරීමට දැඩි ප්‍රයත්නයක් දරමින් සිටී. එසේම ගොවින්ගේ උද්ගෝෂණ මැඩ පැවැත්වීමට විශාල දේශපාලන බලයක් රටපුරා යොදවමින් සිටින අතර ජනාධිපතිවරයා උද්ගෝෂණය කරන ගොවින් හට එසේ කිරීමට අයිතියක් නැති බව කියමින් සිය තර්ජනය එළිපිට දක්වා සිටි.

මේ අතර ජර්මනිය පදනම් කරගත් ගෝලීය ජෛව ගතික ගොවි ව්‍යාපාරය කාබනික ආහාර සදහා ජනාධිපතිගේ තීරණය පිලිබදව අතිශය වර්ණනාවක යෙදුන බව ලංකා ආණ්ඩුවට හිතැති ජනමාධ්‍ය විශාල කාලයක් ලබාදෙමින්  ප්‍රචාරය කෙරුණි. මවිසින් මිට පෙර ලියන ලද හිට්ලර් සහ කාබනික ව්‍යාපාරය පිළිබද ගවේෂණාත්මක ලිපියේ ඇති කරුණු සැලකීමේදී මෙවැන්නක් සිදු වීම අප බලාපොරොත්තු විය. තවමත් හිට්ලර් අවතාර සහ ඔහුගේ මුලයන් හා බැදුණු රුඩොල්ෆ් ස්ටයිනර්ගේ ජර්මානු වොල්ඩෝෆ් පාසල් ක්‍රියාත්මක වේ. කෙසේ වුවත් හිටලර්ගේ ප්‍රතිපත්ති අගයන ලොව එකම පිරිස ඇත්තේ ලංකාවේ නිසා තව දුරටත් කාබනික ව්‍යාපාරය සහ නාසි දෘෂ්ටිවාදය ගැන කෙටියෙන් දක්වා සිටිමි.

මවිසින් මිට පෙර ලියු ලිපිය අනුව, ජර්මානු ෆැසිස්ට්වාදයේ ඊනියාහරිත තටුකෙරෙහි කාබනික ගොවිතැනේ පියා වන ස්ටයිනර්ගේ ඉගැන්වීම් දැඩි ප්‍රබල ප්‍රායෝගික බලපෑමක් ඇති කළේය. පසුව නාසි ව්‍යාපාරයේ හරිත අංශය මෙයසොබාදහමේ ආගමලෙස අර්ථ දැක්වූ අතර එහි තේමාව වුයේ ලේ සහ පාංශු; කුප්‍රකට නාසි වාක්‍ය ඛණ්ඩයයි. එය අතිශය වර්ගවාදී අදහසක් වන අතර ජර්මානු ජනතාව සහ එහි පූජනීය භූමිය අතර ගුප්ත සම්බන්ධතාවය ගැන සඳහන් කරයි.

අද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ කාබනික ගොවිතැන් ව්‍යාපාරය වර්ණනා කරන ජර්මානු ආයතනය, මිට වසර 87කට පෙර එනම් 1933 දී හිට්ලර් මේ සමානවම කාබනික මිත්‍යාව පතුරන විට වර්ණනා කළේය. ජර්මානු ජෛව ගතික වගාකරුවන්ගේ නිල සගරාව වන ඩිමීටර් සඟරාව මගින් වන අතර එය යුද්ධය ආරම්භ වීමෙන් පසුව පවා නාසීන් සහ ඔවුන්ගේ ධෛර්ය සම්පන්න ෆියුරර්ට ප්‍රශංසා කළේය. එසේම මෙම සගරාව හිට්ලර්ගේ අතිශය භයානක මානව අපරාධ වන පෝලන්ත ප්‍රහාරය, ප්‍රංශයේ බිඳ වැටීම සහ විවිධ ජර්මානු හමුදා ජයග්‍රහණ සැමරීය.

කාබනික ගොවිතැන: ජාත්‍යන්තර ඉතිහාසය යන ග්‍රන්ථයේ පෙන්වා දී ඇත්තේ හිට්ලර් සහ ඔහුගේ නාසි වාදීන් නොමැතිව කාබනික ගොවිතැන යනුවෙන් ව්‍යාපාරයක් ලොව නොපවතින බවයි. එහි තව දුරටත් පෙන්වා දී ඇත්තේ, ස්ට්‍රයිනර් විසින් ඉදිරිපත්කරන ලද අන්තොපොසොප්හි ඇති දෘෂ්ටිවාද හිට්ලර් විසින් ප්‍රතික්ෂේප කළ නමුත් කාබනික කෘෂිව්‍යාපාරයේ මුලික දෘෂ්ටිවාදී සංකල්පය වන ජෛව ගතික කෘෂිකර්මය ඔහු විසින් ඉදිරියට ගෙන යන ලද බවයි. එය හිට්ලර්ගේ අනුකූල දෘෂ්ටිවාදයක් ලෙස සැලකිය හැකිය. නාසි පක්ෂයේ ප්‍රධාන නායකයින් වන රුඩොල්ෆ් හෙස් සහ රිචඩ් වෝල්තර් ඩැරේ සහ හෙන්රිච් හිමර් කාබනික හෝ ජෛව විද්‍යාත්මක ව්‍යාපාරය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූහ. මෙයින් රිචඩ් වෝල්තර් ඩැරේ යනු හිට්ලර්ගේ රෙජීමයේ කෘෂි ඇමති වූ අතරලේ සහ පසයන සංකල්පය වෙනුවෙන් ඔහු ග්‍රන්ථයක් එලි දැක්විය. දෙවන ලෝක යුද්ධයට පෙරත්, රසායනික පොහොර වල දීර්ඝ කාලින සාර්ථකත්වය පිළිබඳව සැක පහළ කළ ඔවුනට අවශ්‍ය වූයේ විද්‍යාව සහ ගතානුගතික මිත්‍යාවන් සමග බැදුණු දෘෂ්ටිවාද මිශ්‍ර කිරීමට . එබැවින් ස්වභාවික නීති අනුව කෘෂිකර්මය කල යුතුය (ලෙබෙස්ගෙට්ස්ලිචර් ලෑන්ඩ්බෝ) යනාදී ආකල්ප මගින් වර්ගවාදී පදනමක් සිට කෘෂි යෙදවුම් පාලනය කෙරින

ඇත්තෙන්ම, හිට්ලර්ගේ නාසිවාදි කෘෂිකර්මයේ පදනම ගොඩනැන් වුයේ ඉතා රසවත් මාතෘකා මත . ගොවිතැනේ තිරසාර බව, ආහාරවල ගුණාත්මකභාවය සහ පාංශු සාරවත් බව, ගොවීන් හා සමාජයන් පොහොර සහ යෙදවුම් වලින් බාහිර ලෝකයෙන් වෙන්වීම, නව තාක්ෂණයට ප්‍රතිරෝධී වීම, ස්වයංපෝෂිත වීම මේ අතරින් ජනප්‍රිය මාතෘකා විය. අද ලංකාවේ කාබනික පොහොර. ප්‍රවර්ධකයන්ද මිට වඩා වැඩි දෙයක් කියන්නේ නැත. ලෝක ඉතිහාසයේ  අතිශය කුරිරු ඒකාධිපතියෙකු විසින් විසින් ක්‍රියාවට යොදා අසමත් වූ ක්‍රමවේදයක්, ආර්ථික වශයෙන් අන්තයටම ගිය කුඩා ජාතියක මෙහෙයවන තවත් රෙජිමයක් විසින් වසර 85 කට පසු උත්සහ කිරීම මොන තරම් හාස්‍ය ජනකද?

ජෝර්ජ් බර්නාඩ් ෂෝ වරක් කි පරිදිඉතිහාසය පුනරාවර්තනය වී, අනපේක්ෂිත ලෙස සැමවිටම සිදුවන්නේ නම්, අත්දැකීම් වලින් මිනිසා ඉගෙනීමට කොතරම් අසමත් විය යුතුද?”. ලංකාව ඉතා අවාසනාවන්ත වන්නේ මේ නිසාය. එදා නාසි අපරාධකරුවන් සමග කාබනික ගොවිතැන පිළිබද සම්මන්ත්‍රණ සංවිධානය එම සංවිධානය වසර 85 කට පසු ලංකාවේ එසේ කිරීමට උත්සාහ දරන විට කුමක් කල යුතුද?

කාබනික කෘෂිකාර්මික සංකල්පයසංවෘත ජීවියායන සංකල්පය මගින් වර්‍ග ගත කර ඇති අතර එහිදී පස, ශාක, සතුන් සහ විවිධ විශ්වීය බලවේගයන්ගෙන් සමන්විත පරිපුර්ණ පද්ධති යන සංකල්ප ක්‍රියාත්මක වේ. ඇත්තෙන්ම, මෙහිදී ස්වභාවික සංවෘර්ත පරිසර පද්ධතියක වන වනාන්තර හිටලර් නාසීන් විසින් තම ග්‍රහණයට ගන්නා ලදී. ජර්මානු වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හර්මන් ගොරිං වනාන්තරජර්මානුකරණයයන ක්‍රියා මගින් දඩබිම් බවට පත් කරන ලදී. එසේම, සමහර වනාන්තර පර්ශුද්ධ කිරීමට යුදෙව්වන් දහස් ගණනින් මරා දැමිණ. එසේම වන සතුන් සංයුතිය පවා වෙනස් කෙරින. ලොව වැඩිම අලි මරණ සංඛ්‍යාවක් සහ ලෝකයේ ප්‍රාථමික වනාන්තරවල ඉහළම වනාන්තර විනාශය  රටක ලෝකයේ ඒක පුද්ගල කාන්තා සංක්‍රමණයේ ඉහළම අනුපාතය.ඇති රටක වයස අවුරුදු 6 අඩු මිලියනයක් ළමයින් සිය මව නැතිව (සංක්‍රමණික කාන්තාවන්), සිය ජීවිතය ආරම්භ කරනා රටකකොළඹ කේන්ද්‍රීය පාලකයන් මේ ප්‍රශ්න සියල්ල පසෙක ලා, කාබනික ආහාර ගැන කතා කිරීම මොන තරම් වර්ගවාදී විය යුතුද

මේ ආකාරයට, නාසි රෙජිමේන්තුව විසින් කාබනික වැඩපිළිවෙල බලමුලු ගැන්වූ අතර, එවැනි මිථ්‍යාවන් විශ්වාස කරන පුද්ගලයන් එහි මුලිකත්වය ගෙන කටයුතු කළහ. කෘෂිකර්මාන්තයේ නව්‍යකරණයකින් තොරව කරන ලද කාබනික වගාවේ මූලික භාවිතයන් ගුප්ත ප්‍රබන්ධවල තදින් නැංගුරම් ලා ඇත. මෙය අද ශ්‍රී ලංකාවේ සිදුවන්නේ එදා හිට්ලර් පාලනය විසින් මෙහෙය වූ වැඩපිළිවෙලේ සියලු ක්‍රමවේද අනුගමනය කරමිනි. රාවන, නාථ ආදී මෙකි නොකී දහසක් බලවේග කිසිදු විද්‍යාත්මක පදනමිකින් තොරව ලංකාවේ ජනතාවගේ අහාර සුරක්ෂිතාවය සමග සෙල්ලම් කරමින් සිටි.

පාලක පක්ෂයේ පොහොර තහනම සමගම, කෘෂි විද්‍යා පර්යේෂකයින්, විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් මෙහි ඇති භයානක තත්වය සහ පොහොර භාවිතයෙන් මෙරට කෘෂිකර්මාන්තයට සහ ආර්ථිකයට සිදුවූ හිතකර තත්වයන් සහ කාබනික පොහොර භාවිතයෙන් සිදුවිය හැකි අහිතකර තත්වයන් ඉතා අපක්ෂපාති මෙන්ම විද්‍යානුකුලව ඉදිරිපත් කල බව දක්නට ලැබිණ. එනමුත් අනික්  දක්නට ලැබුනේ අවලාද, සහ තර්ජන පමණි. නැතිනම්, කොළඹ කේන්ද්‍ර කරගත් පුජකයන්ගේ සහ නිළියන්ගේ පරිසර කතා වස්තුන්ය. ලංකාවේ ඕනෙම කෘෂි ගමකට ගියොත් දක්නට ලැබෙන සමනලුන්, කුරුල්ලන්  කොළඹ නැති වීම රසායනික පිට පැටවෙමිනේ ඔවුන් දෙසන ආස්වාදජනක ජනක මායාවන් කාබනික කෘෂිකර්මයේ මායාවන් මෙන්ම ගැලපේ. අඩු තරමින්, යුරියා යනු කාබනික සංයෝගයක් ලෙසත් පොස්ෆේට් යනු පොළවෙන් ලබා ගන්න ස්වභාවික පොහොරක් ලෙසත් කියුවද ඔවුන් එවැනි මුලික සිද්ධාන්ත ඔවුනට වැඩක් නැත.

මෙය එදා හිට්ලර් යටතේ ජර්මෙනියේ මේ ආකාරයේම සිදු විය. 1940 වසරේ සිට හිට්ලර්ගේ කෘෂි ඇමති ඩැරේ, ජෛව ගතික නිෂ්පාදකයින් සදහා පමණක් රජයේ අනුග්‍රහය ලබා දුන් අතර, කාබනික ආහාර ජර්මනියේ අංගයක් බවට පත් කිරීමටත් උත්සාහ කළේය. නමුත්, මෙමගින්, ඔහුගේ බලය පිරිහුණු අතර ඩැරේ සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ ජෛව ගතික ආධාරකරුවන් තෝරාගත් පිරිස් සමඟ අර්ධ පෞද්ගලික සමාගම් මාලාවක් පිහිටුවා ගත්හ. මේ මගින්, ගොවි නායකයන්ගේ සිට සහ නාසි පක්ෂයේ ගොවිජන ප්‍රතිපත්ති කාර්යාලයේ සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් දක්වා තමාට හිතවත් පුද්ගලයන් පත් කරගත් අතර  එමගින්, කාබනික ආහාර මිත්‍යාව වඩා  වාසි සහගත ලෙස ප්‍රවර්ධනය විය.

මෙහි සදහන් වූ හිට්ලර්ගේ දෘෂ්ටිවාද  මත ගොඩ නැංවී ඇති කාබනික ව්‍යාපාරයේ ලේ සහ පස තේමාවේ ආසන්නතම නැගී  සිටීම පිලිබදව ඉතා සවිස්තරව බොන් විශ්වවිද්‍යාලයේ ඉරීනා ඩුමිට්‍රෙස්කු සදහන් කරයි. “හිට්ලර් වැනි මානව වර්ගයට එරෙහි වූ ඝාතකයින්ගේ දේශපාලන න්‍යායපත්‍රවලට සමානව, ආහාර තේරීමේ දේශපාලනය අදටත් ආගමික මතවාද සහ මිථ්‍යා කථා සමඟ අඛණ්ඩව ක්‍රියාත්මකව පවතී. මෙහි වෙනස වන්නේ එදා වාමාංශික විසින් මෙහෙයවූ පාරිසරිකවාදය, කාබනික කෘෂිකර්මාන්තය සහ නිර්මාංශත්වය අදහස් වර්තමානයේ අන්ත දක්ෂිනාංශික ජාතිකවාදීන් සිය  බල අරගලයේ කොටසක් ලෙස යොදා ගෙන ඇත.

මිට පෙර ලිපිය:

https://www.colombotelegraph.com/index.php/organic-farming-in-sri-lanka-ideology-of-hitler-sri-lankan-agri-cults/

photo credits :

https://humanities.wustl.edu/features/Corinna-Treitel-Eating-Nature

http://www.akdh.ch/ps/ps_84Demeter-Hitler.html

https://religionandpolitics.org/2017/10/24/the-supernatural-pseudoscience-of-nazi-germany/

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.