25 April, 2024

Blog

ගෝටාභය​ යනු කුමක් ද?

උපුල් අබේරත්න

මහාචාර්ය උපුල් අබේරත්න

ජනාධිපතිනන්දසේන ගෝටාභය රාජපක්ෂ දෑහිතකාමි හා නිර්භීත​ නායකයෙකු වශයෙන් විචිත්‍රණය වූ ආකාරය හා ඔහුට හිමි ඇති ශීඝ්‍ර සමාජ පිළිකුල දේශපාලන න්‍යායයේ පිහිටා සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.

මා කියන්නේ ගෝටාභය​ යනු කවුදැයි  යන ප්‍රශ්නය වෙනුවට  කුමක් දැයි ඇසිය යුතු බවය. එයින් අප සමාජයේ ඇතිව තිබෙන දේශපාලනික දිශානතිහරණයත් මෙම  දේශපාලනික නිමේෂයේ සාංදෘෂ්ටිකත්වය අවබෝධ කර ගැනීමටත්  හැකි වෙයි. පසුගිය ජනාධිපතිවරණය හා මහ මැතිවණය පැවතියේ මාඕ සේතුන්‍ෙග් වදන් චෞරව ගෙන කියන්නේ නම් එකම තුඔසින් බඩ ගෑ ගැරඩි තිදෙනෙකු අතරය. ඊට ඊනියා සාමිප්‍රදායික වමේ පක්ෂ ඇතුළත් රාජපක්ෂ කදවුරත් රනිල් වික්‍රමසිංහ කදවුරත් ඊනියා නව වාමාංශය යැයි කියා ගන්නා අනුර කුමාර දිසානායක ඇතුළත් අපේක්ෂා භංග සුළු මධ්‍යම පංතිය නියෝජනය කරන කණ්ඩායම් ඇතුළත්ය.

රනිල් වික්‍රමසිංහ නොකරා බැරි කමට සජිත් ප්‍රේමදාසට​ ජනාධිපති අපේක්ෂත්වය දුන් නමුත් තමා කොටස් කරැවෙකු වන කොල්ලකාරී ධනවාදයේ හොදම තෝරා ගැනීම වූ ගෝටා භය යන්න හෙවත් භිතිය පදනම් කර ගත් ව්‍යවසන ධනවාදය දින වීමට අවශ්‍ය වන්නා වූ සියල්ල ඉටු කළේය. එයට ෙමත්‍රීපාල සිරිසේන සමග එකතුව යහපාලනය නමින් ඉදිරියට ප්‍රජාතන්ත්‍රීය ජනතා අභිලාෂ කීතු කීතු කර දැමීම හා ජනතාව මත පටවන බදුවලින් ගසා කන දේශපාලන පරපෝෂිතයින් නිතීයේ යදමින් ගලවා ගැනීම හා අවසාන වශයෙන් ගෝටාභය යන්න උත්කර්ෂයට නැංවූ දිවුරැමි දී‍‍මේ උළෙලට නිවටයෙකු සේ බඩ ගෑම ඇතුළත්  දිගුකාලීන වැඩ පිළිවෙලක් ඇතුළත් විය. රනිල් වික්‍රමසිංහ කණ්ඩායම 2005 වර්ෂයේ සිට යහපාලන ආණ්ඩුව බලයට එනතුරු ක්‍රියාත්මක වූ පොදු දේපල හිරිකිතයකින් තොරව මංකොල්ල කෑ පවුල් තන්ත්‍රයට රැකවරණය සැපයූවා පමණක් නොව වඩාත් වේගයෙන් ජනතාව මත යැපෙන පර‍පෝෂිත කොල්ලකාරී ධනවාදය ඉදිරියට ගෙන යාමට හිරිකිතයකින් තොරව ක්‍රියාකිරීමත් ඇතුළත්ය.

ධනවාදය සිදුකරන ප්‍රගතිශීලී මෙහෙවර වන්නේ ලෝකය එකම එක ආර්ථික ක්‍රමයකට ඈදීමය. අර්ථයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රගතිශීලීය. එහෙත් එය විසින්ම අර්බුද ජනනය කරන්නේය. එකී අර්බුද කළමණාකරනය කර ගැනීම සදහා මර්දනකාරී රාජ්‍යයක් ධනවාදය ඉල්ලා සිටී. ධනවාදයේ පවතින ආවේණික ප්‍රශ්න නිසාම ආර්ථික ගෝලීයකරනය කෙතරමි ඉහළ ගියත් රාජ්‍යය යන මර්දනකාරී හස්තය නොමැතිව එයට පැවතිය නොහැකිය. මේ අතර තනි තනි ධනපතියා අතර මෙන්ම රාජ්‍ය අතර ප්‍රාග්ධන සමුච්ඡිත​කරණය අරබයා අරගලයක් ඇතිවෙයි. අරගලය විසින් ධනවාදී ලෝක ක්‍රමයේ ආධිපත්‍යය සදහා අරගලයක් ජනිත කරයි. චීනය හා ඇමරිකාව අතර ඇති වෙළද යුද්ධයෙන් ප්‍රකට කරන්නේ මෙම අරගලයයි. ධනවාදායේ අර්බුදය වන්නේ එකවිට වෙළදපොළ විවෘත කිරීම හා වෙළදපොළ විසින් ජනිත කරන සමාජ විරෝධතා මර්දනය කර ගැනීමේ අවශ්‍යතාව යන අභියෝග දෙකට එකවිට මුහුණ දීමය.

එබැවින් ධනවාදයට රාජ්‍යය අභියෝගයක් හා අවශ්‍යතාවක් බවට පත් වෙයි. ධනවාදයට රාජ්‍යයේ ආරක්ෂාව නොමැතිව පැවතිය නොහැකිවා මෙන්ම ධනවාදී අවශ්‍යතාව වෙනුවෙන් සමාජ ආර්ථික වෙනස්කම් කිරීමට රාජ්‍යය සහය ඉල්ලා සිටියි. අතර රාජ්‍යයේ සීමා බන්ධනවලින් නිදහස් වෙළදාමද ඉල්ලා සිටියි. මෙකි තත්තවය හමුවේ ධනවාදය එහි කුරිරුම රූපාකාරය ගන්නේය. ව්‍යවසනකාරී ධනවාදය විශේෂයෙන්ම ධනවාදී සමාජ හා දේශපාලන ක්‍රමයට මනාව බද්ධ නොවූ සමාජ තිරු එයට බද්ධ කර ගැනීම සදහා යැපුම් ආර්ථිකයක ජීවත් වන සමාජ තීරු ගොවිතැන එපා කොට ව්‍යාපාරික ක්ෂෙත්‍රයට විවර කර දීම හා එල්ල වන විරෝධතා මැඩ ගැනීම රාජ්‍යය ලවා කරවා ගත යුතුය. ගෝටාභය කාබනික පොහොර යන මගඩියෙන් කරමින් සිටින්නේ එයයි. කාබනික ගොවිතැනට ඔරොත්තු නොදෙන ගොවින් කමිකරුවන් හා නිර්ධනින් බවට පත් වීම නියතය. ගෝටාභය කරමින් සිටින්නේ මෙම ව්‍යවසනකාරී ධනවාදයේ යුගකාරක වගකීමය. මෙම කාර්යය ඉටුකිරීමට තුඹසින් බැස ගෝටාභය ගැරඩියා හොදටම ප්‍රමාණවත්ය. නව ගෝලීය ප්‍රාග්ධනයට අවශ්‍ය වෙළදපොළ සදහා අවශ්‍ය පහසුකමි ඇති කිරීමට මහාමාර්ග ඇති කිරීම වරාය හා ගුවන් තොටුපල වැනි දෑ සදහා පොදු සම්පත් මංකොල්ල කා බර ජනතාවටම පැටවීම සිදු කරයි. රාජ්‍යය සුබසාධනය බෙදා හරිනවා වෙනුවට ධනේශ්වර ප්‍රාග්ධනයට අවශ්‍ය යටිතල පහසුනම් වෙනුවෙන් ගිය වියදම් හා දේශපාලකයින් බද්ද වශයෙන් ගසා කෑ මුදල් නැවත ජනතාව අතර බෙදා හැරීම රාජ්‍යයේ කාර්යභාරය වන්නේය. රාජ්‍යය ව්‍යවසන බෙදා හැරීමේ කාර්යය කරගන්නේය.ඉවක් බවක් නැතිව කරන යටිතල පහසුකමි නිසා ඇතිවන පාරිසරික ව්‍යවසනවල ගොදුරුබවට ජනයා පත් වන්නේය.

මෙකී තත්තවය හමුවෙහි ඇති වන ජන විරෝධය පාලනය කර ගැනීම සදහා රාජ්‍ය බලය ස්වකීය පංතියේ නියෝග පිළිගන්නා නිවටයෙකු අතම රදවා ගත යුතුය. ජන විරෝධය වෙනතකට හරවා ගැනීමටය.

ධනවාදය ආරම්භයේ සිටම බලය ලබා ගැනීම හා පවත්වා ගෙන යෑම සදහා භාවිතයට ගත්තේ වර්ගවාදය හා ජාතිකවාදයයි. මෙම අවධියේ දී වෙන කවදාටත් වඩා එය මත යැපෙයි. එහි දේශපාලන මූලෝපාය වන්නේ ආගන්තුක භිතිය (Xenophobia) ඇති කොට රටේ ජනකොටස් අතර වෛරය ඇති කිරීම එකිනෙකා අතර සැකසංකා ජනනය කොට මැතිවරණ වෙලදාම කිරීමය.

නන්දසේන ගෝටාභයගේ දේශපාලන සම්ප්‍රාප්තිය හා අභිෂේකය කිය විය යුත්තේ ඉහත පසුබිමේ තබා ගෙනය. එහි ප්‍රතිඵලය වූයේ අතිමූලික භීතියක් මත ගෙන යන ව්‍යවසනකාරී ධනවාදයේ නියෝජිතයා වූ ගෝටාභය නමි විකට චරිතය පුම්බා දේශපාලනික අභිෂෙක කිරීමය. ගෝටාභය යන්න ආධිපත්‍යය ලෙසින් දේශපාලනිකව අභිශේක කළේ ව්‍යවසනකාරී ධනවාදී දේශපාලන සංදර්භයක බව වාමගාමී යැයි කියා ගන්නා කණ්ඩායමට වටහා ගැනීමට නොහැකි විය. මැතිවරණයට ඉදිරිපත් වූ වමට යැයි කියාගත් අනුර කුමාරලා වාස්තවික හා සාදෘෂ්ටික යථාර්ථය මත පදනම් වූ ජනවාර්ගික යුක්තිය හා සමාජ සාධාරණත්වය මුල් කරගත් වාමාංශික වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමට අපොහොසත් විය.        

මෙම කණ්ඩායම් සියල්ලෙහිම මූලික ලක්ෂණය වන්නේ අපේක්ෂා භංගත්ත්වය හා ආගන්තුකයින් පිළිබද භීතිය දේශපාලනිකව වෙළඳාම් කිරීමය. මෙම අපේක්ෂා භංගත්වයේ දේශපාලනය හා භීතියේ දේශපාලනය ගැන සාකච්ඡාවට පළමුව ගෝටාභය යනු කුමක්දැයි පාඨකයාට පැහැදිලි කළ යුතුය. මැතිවරණවල දී ගෝටාභය පිළ හා සෙසු කණ්ඩායම් දේශපාලනය යන දෙයක් නොකළහ. ඔවුන් දේශපාලනය නොකළ බව ඔබට වැටහෙන්නේ දේශපාලනය යන සමාජ ක්‍රියාව විමුක්තිකාමීව වටහා ගන්නා අයට පමණි. බව නැව ගිලෙන බව වැටහෙන විට පිස්සුවෙන් දිව යන වාසු  හා වීරසුමන වැනි අවස්ථාවාදී ඊනියා මාක්ස්වාදීවාදීන් පවා අවබෝධ කර ගැනීමට උත්සුක නොවෙයි. පසුගිය මැතිවරණ දෙක දෙස හොදින් විමසා බැලුව හොත් පැහැදිලි වන්නේ ආගන්තුකයින් පිළිබද රාජ්‍ය ස්ථලය හා මතවාදී ස්ථලය විසින් ජනිත කළ මතවාදයට එරෙහිව සැබෑ අරගලයක් නොතිබූ බවයි. රාජ්‍යය හා මතවාදී රාජ්‍ය තලය ප්‍රචාරණය කළ භීතියේ දේශපාලනයට අභියෝග කරනවා වෙනුවට සුළු මධ්‍යම පංතියේ අපේකෂා භංගත්වයට අභියෝග කරනවා වෙනුවට ඊනියා වාමාංශිකයින් කළේ ස්වභාවයෙන් සමාජ ප්‍රශ්න ජනනය කරන්නාවූ ධනවාදයට අභියෝග කරන්නා වූ දේශපාලන දැක්මක් ඉදිරිපත් කරනවා වෙනුවට ධනේශ්වර ප්‍රතිසංස්කරණ හොදින්ම ක්‍රියාත්මක කරන්නේ තමුන් බවට සමාජගත කිරීමය. විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක ස්වකීය කතාවලින් නාටකීය ලෙස මෙම දැක්ම ඉදිරිපත් කළත් දේශපාලන සාක්ෂරතාව නොමැති ජනයා ගෝටාභය යන්න තෝරා ගැනීමට පෙළඹීමය.

පසුගිය මැතිවණ දෙකම අදේශපාලනික වූයේ භීතිය කේන්ද්‍රකරගත් මැතිවණ දේශපාලනයට විකල්පයක් ඉදිරිපත් කිරීමට වම අපොහොසත් වූ නිසාය. කෙටියෙන් කිවහොත් විදේශකුමන්ත්‍රණ, දේශීය​ සුළුතර කණ්ඩායම් කුමන්ත්‍රණ​කරුවන් සමග අතිනත ගැනීම වැනි මහා ව්‍යාධිය පිළිබද මවා පෑ ව්‍යාජ සන්නිවේදනයට​ විකල්පයක් ප්‍රතිපත්තිමය වශයෙන් ඉදිරිපත් නොකළේය. එළිය,​ වියත්මග වැනි කුලීකාර උගතුන්ගේ දේශය වැටී ඇතැයි මවා පෑම්වලට එරෙහිව ව්‍යවසන කාරී ධනවාදය විසින් නිර්මිත ඵලවිපාකවලට මුහුණ දිය හැකි ජනවර්ග පසාරා යන වාස්තවික ගැටළු ඇති බවත් ඒවා නිරාකරණය කළ හැක්කේ මිනිසා පොදුවේ මුහූණ දෙන ජීවත් වීම හා සමාජ ධනය සාධාරණව බෙදී නොයාම වැනි යතාර්ථමය හේතු කාරණා මත බව ඉදිරිපත් කිරීමට ධෛර්යයක් වමට නොතිබූ අතර වම කළේ බොරදියේ මාළු බාමින් එළඹෙන මහ මැතිවරණයේ දී තම මන්ත්‍රී ධුර ප්‍රමාණය වැඩි කර ගැනීමේ උපක්‍රමයක් ලෙස ජනාධිතිවණය භාවිත කිරීමය. අනතුරැව එළඹි මහමැතිවණයෙන් සාමිප්‍රදායික ධනේශ්වරය ලෙස සැලකූ රනිල් වික්‍රමසිංහ නඩය යළි හිස එසවිය නොහැකි ආකාරයට දේශපාලනික මඩ ගොහොරුවේ ගිලී යාම හා වාම විභවතාවට මරු පහරක් වූ අනුර කුමර කණ්ඩායම ජනයා විසින් ගෝටාභය නැමති ඖෂධීය මායාව ගිල දමා තාවකාලික සතුටක් අත්පත් කර ගෙන කිරිබත් සතුටින් ගිල දමා අසුරු සැණෙකින් ව්‍යවසනකාරී ධනවාදයේ ගොදුරු බවට පත් වීමය.

මේ කණ්ඩායම්  එකම හුඹසින් බඩ ගෑ ගැරඬින් යැයි කියන්නේ වෙන කිසිවක් නිසා නොව භීතිය හා අපේක්ෂාභංගත්වයේ දේශපාලනයට වැඩි යමක් නොකරන නිසාය. මැතිවරණ දෙකේ දී අප ඉදුරා එකඟ​ නොවූවත් සාමාන්‍ය ජනයාගේ ජීවන​ ප්‍රශ්න ගැන කතා කළේ ලිබරල් සජිත් ප්‍රේමදාසගේ කඳවුර​ බව වැටහෙයි. මෙරට සිදු වූයේ ප්‍රධාන කණ්ඩායම්වල ඝෝෂාව​ නිසා සජිත් ‍‍ෙප්‍ර්මදාසගේ ලිබරල් පණිවිඩය වත් ජනතාවට අසන්නට නොසැලසෙන ලෙස ලුවී අල්තූසර් කියනාකාරයට දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ ක්‍රියාත්මක වීමය. මෙම ගැරඬි එකම තුඹසෙන් බඩ ගෑ නිසා ජානමය වශයෙන් ලංකාවට සුවිශේෂ වූ භීතිය​ පිළිබද දෘෂ්ට්වාදයක උරැමකරැවන් වී එහි ගොදුරු බවට ජනයා පත්ව ඇත. මගක් තොටක් ගානේ තමන්ගේ වීරයා කර ගත් ගැරඬියාට ගැසීමට භුමිතෙල් ගෙන දෙස් දෙවොල් තබමින් බලා සිටිත්

ඊනියා වම කළ යුත්තේ නිතියේ ආධිපත්‍යය හා අවම සමාජ යුක්තිය​ දේශීයව ඇති කරන දේශපාලනයකට මෙම මොහොතේ යොමු වී ලෝකයේ විකල්ප ගෝලීයකරණයක් සොයන වාමාංශය සමග සහොදත්වයක් ගොඩනගා ගැනීමය. සදහා ඊනියා සාම්ප්‍රදායික වම හා නව වමය කියන දෙකම ප්‍රතික්ෂෙප කර සැබෑ වමක් ගොඩ නැගීම මෙම මොහොතේ අවශ්‍යතාවයි.

*මහාචාර්ය උපුල් අබේරත්න, දේශපාලන විද්‍යා අධ්‍යනාංශය, පේරාදෙනිය විශ්වවිද්‍යාලය

Print Friendly, PDF & Email

Latest comments

  • 4
    0

    This is a great mistake that should nt have happened
    .
    රනිල් වික්‍රමසිංහ කණ්ඩායම 2005 වර්ෂයේ සිට යහපාලන ආණ්ඩුව බලයට එනතුරු ක්‍රියාත්මක වූ පොදු දේපල හිරිකිතයකින් තොරව මංකොල්ල කෑ පවුල් තන්ත්‍රයට රැකවරණය සැපයූවා පමණක් නොව වඩාත් වේගයෙන් ජනතාව මත යැපෙන පර‍පෝෂිත කොල්ලකාරී ධනවාදය ඉදිරියට ගෙන යාමට හිරිකිතයකින් තොරව ක්‍රියාකිරීමත් ඇතුළත්ය😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎

    • 3
      0

      සියලු හිරිහැර කිරීම් පැහැදිලි වීමත් සමඟම, සමහර අය අන්ධ හා බිහිරි අය මෙන් වීදි බැස බැසිල් නැවත පාර්ලිමේන්තුවට පැමිණීම සැමරීම සඳහා පැමිණියහ. නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ගෝතබයා වත්මන් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුවද, ඔහු යටතේ කිසිවක් යහපත් නොවේ. අද එය අවුල් ජාලයක් වී ඇත, ඔහු සැමවිටම නිහ is ය, මහජනයාට එල්ල කරන කිසිදු ප්‍රහාරයක් ගැන එක වචනයක්වත් නොකියයි. එය පමණක් වත්මන් ජනාධිපතිවරයාගේ සංවේදීතාව සනාථ කරයි. ඔහුගේ උපත ලද මෝඩයෙකු හෝ ඔහුගේ මුළු හදවතින්ම එය නිවැරදිව දැකීමට ඉඩ නොදේ.

      බැසිල් වහාම රට හැර ගිය ආකාරය, ඔහුගේ සහෝදරයා 2015 දී පරාජයට පත් වූ අයුරු නිරීක්ෂණය කිරීමට මේ පුද්ගලයින්ටම බල කෙරුනි. මම ඇත්තටම නොදනිමි, අපේ ජනතාව බිහිරි හා අන්ධ ලෙස හැසිරෙන්නේ ඇයි?😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎

      • 3
        0

        පාදඩ මානසිකත්වය රජයන සමාජයක, පාදඩ්යින් හොර තක්කඩි එවුන් තානාන්තට පවුලේ බලය නිසා ලබා ගන්නකොට කිරිබත් කන්න කිව්වම දෙවරක්නොසිතා එවුන්ට කත් අදින එවුන් පිරි රටක් මේක… බලය තිබුන වෙලා සිරිසේන් නැමැති පාද්ඩ් බල්ලා, මම වික්රමසින්ග්හ ට බනින්නෙ නැහ, කරපු දේවල් නිසා.. තමයි බැසිල්, මහින්ද, චාමල්, ගෝට අද මේ රටේ ඉන්න ජනතාව් ගේ ඉදිරියේ නැති බලයක් පෙන්වා දෙන්න කත් අදින්නෙ..

        මට මතක විතියට, 2015 එවුන්ගේ පලවෙනි ජුන්ටාව පරදින් කොට, සාටකය හා අමුඩ විසිකරල දමල… තමන්ගේ භාර්යාවන් සමග පිටරටින් පැන්පු බැල්ලිගෙ පුතාලට අද වෙනකොට කුකුල් කුඩු ව නරියට බාර දුන්න වාගේ, මුදල් ඇමති කම භාර දීම ඉතා මත පහත් කිරියාවක්බව ගමේ ඉන්න ගොය්ය ඇතුලු ඉතාම අඩු මානසිකත්වයෙන් ඉන්න සින්හල, දෙමල, මුස්ලිම් කවුරුත් පුරවැසියො දන්නව. රාජපක්ශ වරු කියන්න, බූදලය දනවත් කම එදා සිට තිබුන එවුන්න් නොවන බව අතීතය දන්න එවුන් අද මේ සමාජයට කිව යුතුයි. එනමුත් රට චීනට විකුන හා ට්සුනමි මුදල අසරන මිනිසුන්ගෙන් දැහැ ගෙන කරපු විනාශය එවුන්ට දනවත වීමට හේතු වුන බව ප්රාමානිකයො කියන්නව..
        මේ දේවල් රටේ විගනකාදිපති ඇතුලු එවුන්ගේ මොලගෙඩි වලට හෙනගහලද, වාගෙ අමතක කරල රවුම වාටේ කරක්වැන රතය වාගේ එකතන පල්වෙන්න මේ රටට ජනනතාවට ඉඩ දෙනව… මේක මහා ශාපයක්..
        .
        මිනිසුන් භීශනයෙන් පෙලෙන්ව… අපි සර්පයින්ට භය වාගෙ, බහවෙලාඅ ජීවත් වෙනව…. කියල මට සිතෙනව. මම මේ දේවල් රටේ ජනතාවට කීවත්, එවුන්ගේ මොලගෙඩි වලට යන්නෙ, බීරොන්ට වීනා වයනව වාගෙ..
        .
        එනමුත්, එවුන්ට ඇති බය, විරුද්දව නැග සිටියොත් මින්මරු රාජපක්ශ් වරු දෙවරක් නොසිතා එවුන්ගේ පලි ගැනීමට නොපසුබට වෙන එක. මම මගේ ඉගනීමට පසුව අපේ මව්බිමට කල යුතු හැම විටම සලක්පු අදටත් සලක සින්හල පුරවැසියකු වුනත්, මගේ කන්ස්සල්ල වන්නෙ, රටේ ඉතා දුප්පත් කොටස් තමන් ගේ තත්වයෙන් ඉතා පහලට වැටීම ගැන.

        අද ඇති කෝවිඩ් වියසන වලින් වත් රාජපක්ෂ නාකියො ටික මේ රටෙන් සමු ගත්ත්තොත මේ රටේ ජනතාවට ඉදිරියක් ඇතිවේවි… හෙට වෙනකොට එවුන් රට විකුනල චීනකොලනිය ස්තිර කරනවා මයි… මට මෙහි ඉන්න චීන මින්සුන් කියන විදියට… ඉන්දියන් සාගරයේ බලය ගන්නට චීන අපේ ස්රීලන්කාවට උද්ව කරන වලු ..ඒ නැතිව චීන යේ ඇතුල්ත් හරියට සමහර පැති වල දුප්පත් කම පිරිලලු…. ඒවට බලෙන් යට ගහනවලු…. මේව අපිට ද්හැනගන්න ලැබෙන්ව අද හරියට… එනමුත් අපේ රටේ ඉන්නත තිරිසන් බහුතරය්ට කරන්නෙ, චීන යුරෝපයත් එක්ක සන්සන්දනය කරන එක.. මේක අහසට පොලොව වාගේ වෙන්සක්…

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.