4 August, 2020

Blog

අර්බුදකාරී භූ-දේශපාලනික පසුබිම, කලාපීය අස්ථාවරත්වය හා ගෝඨාබය රාජපක්ෂගේ දේශපාලන නායකත්වය

අසංග අබේගුණසේකර

අසංග අබේගුණසේකර

“දේශපාලන සමාජයක් පවතින්නේ විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා නොවේ. දේශපාලන සමාජයක් විසින් විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ එහි පැවැත්ම  සඳහා යයි පැවසීම වඩාත් නිවැරදිය.” ~ ජෝර්ජ් එෆ් කෙනන්

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන අගෝස්තු 5 වනදා පැවැත්වේ. මෑතදී ඇති වූ සෞඛ්‍ය අර්බුදය කළමනාකරණය කිරීමේදී ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ සිය  කාර්යක්ෂම නායකත්වය මැනවින් පෙන්නුම් කළේය. එය එළඹෙන මැතිවරණයෙන් රාජපක්ෂ පෙරමුණට අතිවිශිෂ්ට ජයග්‍රහණයක්  ලබාදීමට හේතුවන වැදගත් සාධකයක් වන සහ ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන ලද විශිෂ්ට නායකත්වයකි. ඊට අමතරව, රාජපක්ෂ පෙරමුණේ ජයග්‍රහණය තීරණය කරන තවත් ප්‍රධාන සාධක දෙකක් තිබේ. ඉන් පළමුවැන්න  වන්නේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය (යූඑන්පී) දෙකඩ වීමය. ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජතික පක්ෂය කඳවුරු දෙකකට බෙදී වෙන්වී තිබෙන අතර එමඟින් ඔවුන්ගේ ඡන්ද පදනම බෙදී ක්‍ෂය වනු ඇත. දෙවන හේතුව වන්නේ සිරිසේන-වික්‍රමසිංහ රජයේ ප්‍රතිපත්ති හේතුවෙන් වසර ගණනාවක් පැවති ආර්ථික වර්ධනය හා දේශපාලන ස්ථාවරත්වය රටට අහිමි වීමය. ඒ හේතුවෙන් රටවැසියන් සිය ගණනකගේ ජීවිත අහිමි වී ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල විය. සමහරවිට, දේශපාලන පොර පිටියේ දඟ පන්දු යවමින් කටයුතු කළ සහ සිරිසේන-වික්‍රමසිංහ රජයේ විදේශ ඇමතිව සිටි මංගල සමරවීර මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා  නාමයෝජනා බාරදීමෙන් පසු තරඟයෙන් ඉවත්වීම එක්සත් ජාතික පක්ෂයට ඉදිරි මැතිවරණයේදී මුහුණදීමට සිදුවන පරාජයේ පෙරනිමිත්තක් ලෙස සැලකිය හැකිය. මෙම පසුබිම තුළ එළඹෙන මැතිවරණයෙන් පසු දිගු කලක් රටට අහිමිව තිබු දේශපාලන ස්ථාවරත්වය යළි උදාවනු  ඇතැයි අපේක්‍ෂා කළ හැකිවනු ඇත. 

මේ වන විට පරීක්ෂණ දෙකක් සිදුකරමින් තිබේ. ඉන් එකක් දූෂණය පිළිබඳවය. අනෙක නොසැලකිලි ලෙස වගකීම් පැහැර හැරිම පිළිබඳවය. මහ බැංකු බැඳුම්කර වංචාව සහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර විමර්ශනය මගින් අනාවරණය වන කරුණු දේශීය දේශපාලන භූ-දර්ශනය කෙරෙහි බලපානු ඇත. මේ වන විට මෙම පරීක්ෂණ දෙකම කම්පන සහගත තොරතුරු හෙළි කරමින් පූර්ණ මට්ටමෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සහ දැනට සිංගප්පූරුවේ පදිංචිව සිටින හිටපු මහ බැංකු අධිපතිවරයකු සිය නම වෙනස් කර තිබීම වැනි පිළිකුල දනවන තොරතුරු එම පරීක්ෂණයෙන් හෙළි වෙමින් තිබේ. එමෙන්ම, පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත්‍ර ප්‍රහාරයට අදාළ විමර්ශනය මගින්, මීට පෙර නොඇසූ හා නොදුටු විරූ කරුණු හා වැරදිකරුවන්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු මහජනයාට හෙළි කර තිබේ. ඊට අමතරව, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව බීබීසීය සමග මෑතකදී කළ සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ජනාධිපති සිරිසේන ඒ පිළිබඳ කරුණු පැහැදිලි කළේ මෙසේය. “පාස්කු ප්‍රහාරයේ වගකීම මා භාරගත යුත්තේ ඇයි? වගකීම භාරගත යුත්තේ ඊට වගකිවයුත්තන් විසිනි”. ජාතික ආරක්ෂාව පිළිබඳ සෘජු වගකීමක් ඇති ත්‍රිවිධ හමුදාවල සේනාධිනායකයා වශයෙන්, බලධාරීන්ගේ අසාර්ථකත්වය ඔහු විසින් පිළිගත යුතුව තිබුණි. ඇන්ඩර්ස් බෙහ්රිං බ්‍රෙවික් (Anders Behring Breivik) විසින් 2011 ජුලි 22 වන දින නෝර්වේ හි සිදු කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව සඳහන් කරමින් එරට අගමැති ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් (Jens Stoltenberg) තම රාජකාරියට අදාළව සිදු වූ අසාර්ථකත්වය පිළිබඳව ජාතියෙන් සමාව අයැද සිටියේය. එම  ත්‍රස්ත ප්‍රහාරය එල්ල කර තිබුණේ කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරවය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්වය සලකා බැලීමේදී එය අදාළ ආයතනික පද්ධතියේ විවිධ මට්ටම්වල සිදුව තිබූ පරිහානිය හා අසාර්ථකත්වය පිළිබිඹු කරන අතර, එම පද්ධතියේ මූලිකත්වය ගෙන කටයුතු කළේ අන් කිසිවෙක් නොව සිරිසේන-වික්‍රමසිංහ නායක යුගලය බව අමතක කළ නොහැකිය .

ආර්ථික වශයෙන් ගත් කල, ශ්‍රී ලංකාව සහ සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවලට කොවිඩ්-19 වසංගතයේ හා ගෝලීය ආර්ථික අවපාතයේ දුර්විපාකයන්ට මුහුණ දීමට සිදුවනු  ඇත. ජපානයේ ජයිකා ආයතනය රටේ වර්තමාන ණය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්ති සහ ණය තත්ත්වය පැහැදිලි වන තෙක් නව ව්‍යාපෘතියක් සඳහා අරමුදල් ලබා දීම අත්හිටුවා ඇත. කෙසේ වෙතත්, චීනය මෑතදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දැඩිසේ පෙනී සිටිමින් ආධාර ලබාදීමට ඉදිරිපත් විය. මෙහිදී සංකේතාත්මක පියවරක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වන උපන්දිනය වෙනුවෙන්, කොවිඩ් වසංගත තත්වය කළමනාකරණය කිරීමේදී එතුමා පිළිබිඹු කළ විශිෂ්ට නායකත්වය ප්‍රශංසාවට ලක් කරමින් චීන ජනාධිපති ෂී විසින් එවන ලද නිල ලිපියක් ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූ වී විසින් ජනාධිපති ගෝඨාභය වෙත බාර දෙනු ලැබීය. 

අර්බුදකාරී තත්වයන් වැළැක්වීමේ උපායමාර්ග: කලාපීය ස්ථාවරත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කාර්යභාරය

ගෝලීය වසංගතය නිසා ලෝකය වඩාත් භයානක ස්ථානයක් බවට පත්  වී තිබේ. ඊට හේතුව දේශපාලන, ආර්ථික හා ආරක්ෂක ක්ෂේත්‍රවලට අදාළව එල්ලවන අභ්‍යන්තර හා බාහිර බලපෑම්වලින් විවිධ ජාතීන් තුළ දැඩි පීඩනයක් ඇති කර තිබෙන හෙයිනි. චීනයේ ආක්‍රමණශීලී ප්‍රවේශය තක්සේරු කරමින්, හිටපු ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක  ශිව්ශංකර් මෙනන් මෙසේ ප්‍රකාශ කරයි: “එය මා දකින්නේ  චීනය අනුගමනය කරන සාමාන්‍ය රටාවේ  කොටසක් ලෙස හා ලෝකය සමඟ ගනුදෙනු කිරීමේදී චීන හැසිරීම් රටාවේ ඇතිවී තිබෙන සාමාන්‍ය වෙනසක් ලෙසය. මවිසින් පවසනු ලබන මෙම කාරණය චීන ජාතිකයන් හඳුන්වන්නේ “වෘක රණශූර රාජ්‍යතාන්ත්‍රිකභාවය”(wolf warrior diplomacy) යනුවෙනි. මෙහිදී චීනය හැසිරෙන ආකාරයේ පවතින සාමාන්‍ය රටාව සහ එහි ඇති වී තිබෙන වෙනස්කම් හේතුකොට ගෙන මෑතදී භූ-දේශපාලනික තලයේ ඉහළ මට්ටමේ දී ගනු ලබන ගැටුම් වැළැක්වීමේ ක්‍රමෝපායන්ගෙන් චීනයට පීඩනයක් එල්ල විය හැකිය. ඇතැම් ජාතීන් ඔවුන්ගේ උපාය මාර්ගික වාසි සඳහා වෙනත් ජාතීන් යොදා ගනී. සීතල යුද්ධයට බොහෝ කලකට පෙර, රුසියාවේ භූගෝලීය පිහිටීම භාවිතා කරමින් ඇමරිකා එක්සත් ජනපදය රුසියාව සමඟ සන්ධානයක් ඇති කර ගත්තේ නාසි ජර්මනිය සහ අධිරාජ්‍යවාදී  ජපානය අතර පාලමක් ගොඩ නැගීමට නොව එම රටවල් කෙරෙහි බලපෑම් කිරීම පහසුවන පිණිස ය. ඒ ආකාරයෙන්ම, එක්සත් ජනපදය ඉන්දියාවේ භූගෝලිය ප්‍රදේශය තම වාසියට යොදාගැනීමට ක්‍රියා කරන්නේ චීනය හා ඉන්දියාව අවට පිහිටි චීනයේ උපායමාර්ගික මිතුරු රටවලට බලපෑම් කිරීමට ද ? ඉන්දු-චීනයේ දැනට මතුවෙමින් තිබෙන  ගැටුම්කාරී වාතාවරණය තුළ ශ්‍රී ලංකාව එම රටවල් දෙක සමඟ පවත්වාගෙන යන ආරක්ෂක හා විදේශ සබඳතා කළමනාකරණය කරන්නේ කෙසේද?

චීනය, බහුවිධ භූගෝලීය ප්‍රදේශවල පැතිර පවතින විවිධ ගැටළු හේතුවෙන් පැන නගින භූ-දේශපාලනික අභියෝගවලට එක විට හා සෘජුව මුහුණ දී සිටී. ඉන්දියාව අවට පිහිටි  ගැල්වාන් සහ පැන්ගොං ට්සෝ, ලඩාක්, සෙන්කකු දූපත්, දකුණු චීන මුහුද, තායිවානය, හොංකොං දක්වා විහිද ඇති  කලාපය මීට අයත්වේ. ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ  මහාචාර්ය ශ්‍රීකාන්ත් කොන්ඩපල්ලි (Prof Srikanth Kondapalli) පවසන පරිදි “චීනය විසින් ප්‍රදර්ශනය කරනු ලබන මෙම සියලු බලපෑම් හා ආක්‍රමණශීලී ප්‍රතිචාර නව “වෘක රණශූර” රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයේ (wolf warrior diplomacy) කොටසක් වන අතර එය කොවිඩ්-19 ව්‍යසනය වසන් කිරීමේ උත්සාහයකි”. චීනයේ පැවැත්ම බහුවිධ රටවල  දැක ගත හැකි වුවද, චීනය විසින් කරනු ලබන  ක්‍රියාවන් වසංගතය වසන් කිරීමේ අදහසින් කරන බවක් ඉන් පිළිබිඹු නොවේ. වසංගත තත්වය වසන් කිරීමකට වඩා, එමගින් සිදු කරනුයේ  සංකේතාත්මකව  හා උපායමාර්ගික වශයෙන්  එක විට  ස්ථාන කිහිපයක බීජිංහි මිලිටරි ශක්තිය නිරූපණය කිරීමය .දෙපාර්ශ්වයටම හානි සිදු කරමින් ඉන්දීය හා චීන හමුදා අතර ගැලවන් මිටියාවතේ ඇති වූ ගැටුමක් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් මෙසේ පැහැදිලි කළේය. “ජුනි 15 වන දින ඉන්දීය හමුදා අප අතර පවතින සම්මුතිය බරපතල ලෙස උල්ලංඝනය කරමින් නීති විරෝධී ක්‍රියාවන් සඳහා දෙවරක් දේශ සීමාව පසුකර, චීන භටයින් කුපිත කර  ඔවුන්ට පහර දුන්හ”. චීනය විසින් සිදුකරන මෙම සෘජු චෝදනාව චීන-ඉන්දියානු විශ්වාසය ගොඩනැංවීමේ යාන්ත්‍රණය පසුගිය දශක තුන තුළ තීව්‍ර කර නැවත සකස් කර ඇති අතර, දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා කරන්නේ, සලකුණු නොකළ දේශ සීමාව, එනම්  කිලෝ මීටර් 3440 ක් දිග සැබෑ පාලන රේඛාව (Line of Actual Control -LAC) උල්ලංඝනය කළ බව ප්‍රකාශ කරමිනි. කටුක භූගෝලීය භූමි ප්‍රදේශයක සිදුවන මෙම තර්ජන පුළුල් භූ-දේශපාලනික සන්දර්භය හා බැඳී පවතී. ඉන්දියාව විසින් ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කර ඇති උපායමාර්ගික සන්ධාන මිලිටරීකරණය කිරීමේ  ක්‍රියාවලිය හේතුකොටගෙන දැඩි තර්ජනයක් එල්ල වෙමින් තිබේ.

මිලිටරි අයවැය දැඩි ලෙස අඩු කිරීමේ සහ බොහෝ ජාතීන් හමුදා මැදිහත්වීම්වලට නැඹුරුවීමේ ප්‍රක්ෂේපණ අවම කිරීමේ හැකියාවක් වසංගත පරිසරයට තිබේ. එනමුදු දකුණු ආසියාවේ නිහඬ මිලිටරි පෙළගැස්වීම් සහ යටිතල පහසුකම් පුළුල් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බව පෙනේ. ඒ අතර ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව සහ රුසියාව යන රටවල නායකයන්ට ආරාධනා කරමින් දියුණු ආර්ථිකයක් පවතින ජී 07  කාණ්ඩයට අයත් රටවල් ජී 11 ලෙස ප්‍රති සැකසුම්  කිරීමට ගත් තීරණය ඉන්දු-පැසිෆික් භූදේශපාලනික අවකාශයට බලපාන වැදගත් පියවරක් ලෙස දැක්විය හැකිය. චීනය විසින් ‘ඉන්දු-පැසිෆික් කලාපය තුළ දියත්කර ඇති ව්‍යාප්තවාදී උපාය මාර්ග (swaying strategies) පාලනය කිරීම සඳහා සම්බන්ධීකරණ උපාය මාර්ගයක් අවශ්‍ය බව ඉන්දිය විද්වතුන් දෙදෙනෙකු වන මන්ෂීත් සිං(Mansheet Singh) සහ මේඝ ගුප්ත(Megha Gupta) යෝජනා කර තිබේ. මේ සඳහා නායකත්වය ලබාදිය යුත්තේ යෝජිත ඉන්දු-පැසිෆික් ගිවිසුම් සංවිධානය ( Indo – Pacific Treaty Organization -IPTO)  සමග සාකච්චා කිරීමෙන් පසුවය. යෝජිත ඉන්දු-පැසිෆික් ගිවිසුම් සංවිධානය ස්ථාපිත කළ යුත්තේ නේටෝ නමින් හැඳින්වෙන –  සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව පවා සාර්ථක හා ඵලදායී සංගමයක් ලෙස ක්‍රියාත්මක වන උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය ගොඩ නැගු ආකාරයටය. චීනය විසින් ඉන්දු පැසිෆික් කලාපය තුළ තවදුරටත් සිදු කළ හැකි ආරක්ෂක කැළඹීම් වලක්වා ගැනීම කෙරෙහි බලාපොරොත්තු තබා ගත හැක්කේ එවැනි සන්ධානයකින් පමණි.

මිලිටරි කඳවුරු වෙත ප්‍රවේශවීමේ අන්‍යෝන්‍ය  අවබෝධය ඇතිව ජුනි 4 වන දින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් අතර අන්‍යෝන්‍ය යුද මෙහෙයුම් කටයුතු සම්පාදනය හා කාර්ය සංවිධානය පිලිබඳ අන්‍යොන්‍ය සහාය ගිවිසුම (Mutual Military Logistics Support Agreement) අත්සන් කරන ලදී. මෙම යුද මෙහෙයුම් කටයුතු සම්පාදනය හා කාර්ය සංවිධානය පිලිබඳ අන්‍යොන්‍ය සහාය ගිවිසුම මගින් ජපානය සහ එක්සත් ජනපදය ඇතුළත් වන චතුස්පාර්ශ්වික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇත. ඉන්දියාව  මෙම ගිවිසුම අත්සන් කරන ලද්දේ එක්සත් ජනපදය, ජපානය, සිංගප්පූරුව, වියට්නාමය සහ ඉන්දුනීසියාව සමඟ දැනටමත් පවත්වාගෙන යන  එවැනි ගිවිසුම්වලට  අමතරවය, මෙම ගිවිසුම් කලාපයේ ආරක්ෂව සැපයීමේ කාර්යභාරය ඉටුකිරීමට සහ ඉන්දියානු සමුද්‍ර ක්ෂේත්‍රය තුළ චීන බලපෑම පාලනය කිරීමට   ඉන්දියාවට බෙහෙවින් උපකාරී වනු ඇත. “අපගේ හවුල් සාගර අවකාශය පුරා කලාපීය ආරක්ෂක පහසුකම් සපයන්නකු ලෙස ක්‍රියා කිරීමට ඉන්දියාව සතු අනාගත හැකියාවන් පිළිබඳ පැහැදිලි  අවබෝධයක් ඔස්ට්‍රේලියාවට තිබිය යුතු බව” ඕස්ට්‍රේලියානු ජාතික විශාරදවරයකු වන ඩේවිඩ් බ්රූස්ටර් අවධාරණය කරයි. මෙම ගිවිසුම් මගින් ශක්තියක් ලැබෙන අතරම, එය ඉන්දියාව එහි දකුණු-දකුණු න්‍යාය පත්‍රයෙන් හා බටහිර වෙරළ තීරයේ ඉරානයෙන් දුරස් කරමින් ඉන්දියාව එක්සත් ජනපද කක්ෂයට හා බටහිර ක්ෂේත්‍රයට සමීප කරයි. ශ්‍රී ලංකා රජය ඊට සමාන එක්සත් ජනපද මිලිටරි සැපයුම් ගිවිසුමක් වන සෝෆා (හමුදා බල ඇණි පිළිබඳ ගිවිසුම) ගිවිසුම සහ මූල්‍යාධාර සැපයීමේ එම්.සී.සී. ගිවිසුම (සහශ්‍ර අභියෝගතා ගිවිසුම්) ජාතික ආරක්ෂාවට අහිතකර ලෙස බලපාන බව දැක එම ගිවිසුම් ඉදිරියට ගෙන ගියේ නැත. ශ්‍රී ලංකාවේ මෙම ස්ථාවරය, තම අසල්වැසියා වන ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය සමඟ පවත්වන සබඳතා නොතකා ශ්‍රී ලංකාව චීන කක්ෂයට සමීප කිරීමට හේතු විය හැකිය. .

මේ අනුව, ඉන්දියාවේ සමස්ත අවධානය යොමු වී තිබෙන්නේ එහි උතුරේ තථ්‍ය පාලන රේඛාව (එල්ඒසී) කෙරෙහිය.එහි ප්‍රතිඵලයක් ලෙස දකුණුදිග ඉන්දියාව, ඉන්දියන් සාගරය සහ එහි මුහුදු බඩ කලාපය  කෙරෙහි ඉන්දියාවේ වැඩි අවධානයක් යොමුවී නැත. අභිජිත් සිං විසින් විශ්ලේෂණය කර ඇති පරිදි “ඉන්දියාව කරදර විය යුතු එකම කාරණය  විය යුත්තේ සැබෑ පාලන රේඛාවේ සිදු කෙරෙන චීන මැදිහත්වීම් පමණක්  නොවේ… චීනය ඉන්දියානු සාගරයේ ද සිය මිලිටරි පැවැත්ම වර්ධනය කරමින් සිටී.” චීනය ජිබුටි (Djibouti) හි  පිහිටි හමුදා කඳවුර නවීකරණය කරමින් සිටින බව මේ වසරේ මැයි මාසයේ දී චන්ද්‍රිකා මාර්ගයෙන් ලබාගත් පින්තූරවලින් පැහැදිලි වේ. 2017 දී පහසුකම් සැපයීමේ ආධාරක ඒකකයක් ලෙස පිහිටුවන ලද මෙම ස්ථානය  අඩි 1,120ක් දිග ජැටියකින් යුත් ගුවන් යානා ගෙන යා හැකි  ලියාඕනිං (Liaoning ) යුද  නෞකාව ඇතුළු චීන යුද නැව් රඳවා තැබිය  හැකි පරිපූර්ණ නාවික කඳවුරක් බවට වැඩි දියුණු කරමින් තිබේ. මෙය සිදුවන්නේ උපාය මාර්ගික අභිමතාර්ථයන් සහිත සංවර්ධනයක් ලෙස පෙනී යන සහ සමහරෙක්  චීනය ඉන්දියාවේ බලපෑම් කලාපය ආක්‍රමණය කරන බව ප්‍රකාශ කිරීමට හේතුවී ඇති චීනය මාලදිවයිනේ කෘතිම දූපතක් ගොඩ නැගීමෙන් පසුවය. ඉන්දියාව අවට කලාපය තුළ  චීනයෙන් එල්ලවන ආරක්ෂක තර්ජනය වැඩිවෙමින් පවතින ආකාරය දකින විට, ඊට එරෙහිව දැඩි ප්‍රතිචාරයක් දක්වමින් එම තත්වය මැඩ පැවැත්වීමට හා කලාපයේ  ආරක්ෂාව සපයන්නා ලෙස ඉන්දියාවේ කාර්යභාරය ශක්තිමත් කිරීමට පෙළඹෙනු  ඇත.1947ට පසු, වසර ආරම්භයේදී ඉන්දියාව පළමුවරට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස (Chief of Defence Staff-CDS)ජෙනරාල් බිපින් රාවට් (General Bipin Rawat) පත්කරමින් සිය හමුදා අණදීමේ  ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කළේය. ශ්‍රී ලංකාව, ත්‍රිවිධ හමුදා සේවාවන් රජයේ ඒකීය පාලනයකට නතුකරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර හඳුන්වා දුන්නේ මීට වසර බොහෝ ගණනකට පෙරය. සමහර විට ඉන්දියාවේ එම තත්වය ඇති කිරීමට මෙතරම් කාලයක් ගත වීමට හේතුව, මිලිටරි සම්බන්ධතා නිලධාරිතන්ත්‍රය සමඟ සීමිත ලෙස පවත්වාගැනීමේ අරමුණ විය හැකිය. මෙම ප්‍රවේශය සහ අභ්‍යන්තර ප්‍රතිසංවිධානය මිලිටරි ක්‍රියාවලිය තුළ ඉක්මන් සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග ගැනීමට උපකාරී වේ.

චීන-ඉන්දියානු සම්බන්ධතාවයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය දෙරට සමඟ සුහද සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන කලාපීය ජාතීන් කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරනු ඇත. මෑතදී ඇතිවූ ගැටුම නිසා චීනය පිළිබඳ ඔවුන්ගේ මතය නැවත සලකා බැලීමට ඉන්දීය විදේශ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ වගකිව යුත්තන්ට සිදු වී ඇති අතර චීන නිෂ්පාදන සඳහා දිගු කාලීන ආර්ථික බාධක පැනවීම පිළිබඳව දැනටමත් සාකච්ඡා කර ඇත. මෙම ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි ජාතීන්ට දෙපාර්ශවයෙන් කිසිදු පාර්ශවයක  හෝ විරෝධතාවයට ලක් නොවෙමින්  ප්‍රතිලාබ ලබාගැනීමට හා ඒවා උපරිම කර ගැනීම සඳහා ඔවුන් සතුව පවතින උපාය මාර්ගික අවකාශය අවම වනු ඇත. එමෙන්ම  කලාපය තුළ ගොඩ නැගෙමින් තිබෙන ආතතිය ලිහිල් කිරීම සඳහා ඉන්දියාවට මැදිහත් හවුල්කරුවෙකුගේ සේවය  අවශ්‍ය වේ.  

මේ සම්බන්ධයෙන් 1962 දෙසැම්බරයේදී එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් දියත් කරන ලද මැදිහත්වීමේ ක්‍රියාවලිය යළි ආරම්බ කිරීමේ වරදක් නැත. ඉන් ශ්‍රී ලංකාවට කිසිදු හානියක් සිදු නොවූ අතර, දෙරට අතර පැවති ආතතිය අවම කර ගැනීම  සහ ‘කොළඹ යෝජනා’ (Colombo Proposals) කෙටුම්පත් කිරීම සඳහා ඇයගේ මැදිහත්වීම දෙරට විසින් පිළිගනු ලැබිය. කොළඹ යෝජනා ඉන්දියාව පිළිගත් අතර චීනය ඒවා ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගත්තේය. වර්තමානයේදී මෙම ගැටලුවට අදාළ  සන්දර්භය 1962 දී පැවති තත්වයට වඩා වෙනස් වුවද, ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාව සතු අද්විතීය පිහිටීම, ශ්‍රී ලංකාව ඉන්දියාවේ  සමීපතම අසල්වැසියා වීම සහ චීනයේ ශක්තිමත් උපායමාර්ගික හවුල්කරුවෙකු වීම යන කාරණා පදනම් කර ගෙන, සමහරවිට  ජනාධිපති ගෝඨාබය  රාජපක්ෂට, ශ්‍රී ලංකාවේ  විදේශ ප්‍රතිපත්තියේ උරුමය නැවත සලකා බලමින්, එය යළි පණ ගන්වමින් කලාපයේ ගොඩබිම් ප්‍රදේශයේ සහ සාගර කලාපයේ ස්ථාවරත්වය ගොඩනැංවීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක් ක්‍රියාත්මක කළ හැකිය.

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    ශ්‍රී ලංකාවන්ගෙන් බහුතරයක් එය නිවැරදිව නොදකින හෙයින් ඔවුන්ගේ ජීවන මට්ටම ඔවුන්ට අද දවසේ කිසිවක් ගැන විස්මයට පත් වීමට ඉඩ නොදේ. ඔවුන් ආහාර වේල මත දෛනික අවශ්‍යතා සඳහා වන මිල වැඩි කිරීම් සමඟ ඔවුන්ගේ ආහාර වේල් තුන සඳහා අරගලයක යෙදී ඇත. ඔවුන්ගේ අවසන් ඡන්ද ලබා ගැනීම සඳහා පහසු ඉලක්ක සඳහා අහස-පොළොව පොරොන්දු කරමින් ඔවුහු නැවත බලයට පැමිණියහ. වේදිකාවට හයියෙන් දුන් එක පොරොන්දුවක්වත් තවමත් සම්පූර්ණ වී නැති නමුත් තවත් 2/3 ක් විමසීමට කිසිදු ලැජ්ජාවකින් තොරව එකම ප්‍රේක්ෂකයා ඉදිරියට පැමිණීමට එකම මිනිසාම සිටියි. මහින්ද රාජකෂේට බලය අල්ලා ගැනීමට අවශ්‍ය නම් තම බිරිඳ සහ අවජාතක පුතුන් තිදෙනා විකුණනු ඇත. ජාතිය ව්‍යසනයෙන් මිදීමට නම්, මෙම බලයෙන් කුසගින්නෙන් පෙළෙන මිනිසා දිව්‍යමය බලවේගයන් විසින් අල්ලා ගත යුතුය. අතීතයේ වෙන කවරදාටත් වඩා මම අද දෙවියන් සහ අදෘශ්‍යමාන බලයන් විශ්වාස කරමි. අපේ ජනතාව ගැන මම බෙහෙවින් කලකිරී සිටිමි. මිනිසුන්ගේ දැනුම සහ කුඩා දේ ග්‍රහණය කර ගැනීමට ඔවුන්ට ඇති නොහැකියාව මට මහත් දුකකි. මේ සියල්ල අප රටින් බැහැරව සිටින බව නිරීක්ෂණය කරන අතර, එසේ කිරීමට අපට වඩා සැසඳීමක් තිබේ. COVID 19 හි ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව පාලනය කිරීමට ශ්‍රී ලංකාවට පමණක් නොව අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ (නේපාලයේ) දුප්පත් ජාතීන්ට පවා හැකි විය. එහෙත් අපගේ නායකයන් ශෝකයට පත්වන ජනතාවගේ පැත්ත ගැනීමට තරම් නිර්භීත නම් අපට තවත් බොහෝ දේ කළ හැකිය. මැතිවරණයක් පැවැත්වීම සඳහා ඔවුන්ගේ කේන්ද්‍රීය න්‍යාය පත්‍ර. මම හිතන්නේ මිනිසුන් සත්‍යයන් සලකා බලා ප්‍රතිචාර දක්වනු ඇත. මම තවමත් ප්‍රාතිහාර්යයන් විශ්වාස කරමි.

    • 3
      0

      රටක අනාගතය තීරණාත්මක වන්නේ සාමාන්‍ය දැනුම හා එම රටේ බහුතරයක් දෙනා එය නිවැරදිව දකින ආකාරය මත ය. ජනමාධ්‍ය ආයතන විසින් ජනතාව ඉදිරියේ ඇති තත්ත්වය පිළිබඳව ඔවුන්ව පැහැදිළි නොකරන්නේ නම්, අනාරක්ෂිත පුද්ගලයින්ට අනෙක් අය පසුපස යාම හැර වෙනත් විකල්පයක් නැත. ඔවුන් එසේ ගමන් කරන්නේ ඇයි යන ප්‍රශ්නය ඔවුන්ට ද්විතීයික ය. පළමුවෙන්ම ඔවුන්ගේ මූලික අවශ්‍යතා සඳහා ඔවුන්ගේ දෛනික පැවැත්මේ අරගලය විසඳිය යුතුය. අද දවසේ ආර්ථික ගැටලු සමඟ තනිව සිටීමට බොහෝ දෙනෙකුට ඉතිරිව ඇත. යම්කිසි සිහිබුද්ධියක් ඇති දේශපාලන ician යෙකු සාමාන්‍ය ජනතාව නිවැරදිව සිතනු ඇතැයි අපේක්ෂා නොකළ යුතුය. ජාතිය තුළ විවිධ බෙදීම් ඇති කළ සිවිල් යුද්ධයක් අපට තිබේ. 2009 න් පසු යුද්ධයෙන් පසු එව්න් තවදුරටත් නොසිටින අතර, අදටත් රටේ ජනවාර්ගික ගැටලුව සඳහා තිරසාර විසඳුම් සඳහා කිසිවක් ක්‍රියාත්මක නොවන බව පෙනේ. ඒ වෙනුවට, සමාජ මාධ්‍ය වේදිකාවේ සංසරණය වන අදහස් පිළිබඳව කියවීමට අපට බල කෙරෙන්නේ සුළු ජාතීන්ට එරෙහි වෛරය සහ ජාතිවාදී නායකයින්ට ස්වයං ප්‍රශංසා කිරීම සහ ස්වයං සුබ පැතුම් අද පවා එය දිනෙන් දින නරක අතට හැරවීමයි. රට තුළ සහ ඉන් පිටත විවිධ පසුබිම්වලින් පැමිණි උගත් පුද්ගලයින් සමඟ, සියලු ජනතාවට ස්ථිර සාමය හා සමගිය සඳහා විසඳුමක් පිළිබඳ සම්මුතියක් ගොඩනැගීම තවමත් දුෂ්කර වී ඇත. සමහර නායකයින්ගේ සාමය හා සමගිය සඳහා වන අව්‍යාජ උත්සාහයන් වාර්ගික හා අන්තවාදී බලවේග අභිබවා ගොස් ඇති හෙයින්, මේ වන විටත් එම ප්‍රයත්නයට බාධා පැමිණ තිබේ.

      • 2
        0

        ශ්‍රී ලංකාව පසුපසට ගමන් කරයි. අප ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදය බව අපව එවකට හැඳින්වීය. දැන් සමහර වංක දේශපාලන politicians යන්ට ස්තූතිවන්ත වන අතර, රට සහ ජාතිය මෝඩ නායකයින් පසුපස යති. අද දින ප්‍රධාන ධාරාවේ මාධ්‍ය රූපවාහිනී නාලිකා හරහා අපහාසාත්මක බොරු පතුරුවා හැරීමෙන් මාධ්‍ය මාෆියාව ද ජාතියේ පහසු ඉලක්ක හසුරුවයි. අතීතයේ වෙන කවරදාටත් වඩා අද දින අවනීතිය පාලනය වේ.

        • 0
          0

          This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.

          For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2

          • 0
            0

            කියමනක් තිබේ, බල්ලෙකුගේ වලිගය උණ බම්බුවක තැබුවද, එය කෙළින් කිරීමට නොහැකි වනු ඇත. … ඒ හා සමානව, රාජපක්ෂස් කිසිවක් ගරු නොකරයි.
            වෙන කිසිවෙකුට මේ රට මෙහෙයවීමට ඔවුන් ඉඩ දෙන්නේ නැත. Pattae pal horu … මිනිසුන්ට ද දොස් පැවරිය යුතුය. .. ඔවුන් කිසිවක් ගණන් ගන්නේ නැති නමුත් රාජප්කාෂේ පසුපස යති … මෙය ඉතා වහලෙකි- කිසිවෙකුට සහාය දීමට පෙර මිනිසුන්ට සිතිය නොහැක්කේ ඇයි?

            • 0
              0

              මානසික ආබාධිත පුද්ගලයෙකු වුවද, ඔහු හෝ ඇය නිහ less ව සිටින තාක් කල්, ඔහු හෝ ඇය මෙන් පෙනෙනු ඇත – බුද්ධිමත් පුද්ගලයෙකි. ගෝතබයා පිළිබඳ සත්‍යය මෙයයි. ඔහු ග්‍රාමසේවක වීමට පවා හොඳ නැත. පසුගිය මාස 8 තුළ ඔහු ජනතාව වෙනුවෙන් අත්කර ගෙන ඇත්තේ කුමක්ද? COVID අර්බුදය ගැන පුනරාවර්තනය කිරීම ඔවුන්ට නිදහසට කරුණක් නොවේ.

    • 0
      0

      නායකයන් ජාතීන් විනාශ කරයි. ඔවුන් ජනතාව සහ ඔවුන්ගේ දුක්ගැනවිලි ගැන තැකීමක් නොකරයි. අවාසනාවට වර්තමාන ශ්‍රී ලංකාවේ යථාර්ථය මෙයයි. ඊනියා ස්වයං ප්‍රකාශිත දේශප්‍රේමී නායකයින් එහි ජනතාවගේ දරිද්‍රතා මට්ටම ගැන සිතීමට පවා කාලය ගන්නේ නැත. ඔවුන් තම ජීවන රටාව භුක්ති විඳින්නේ තර්ක විතර්කවලින් තොරව රජය එම වියදම් දැරිය යුතුය.

      මේ සියල්ල අද මහින්ද රාජපක්ෂේ සහ ඔහුගේ පවුලේ අය නඩත්තු කිරීමට පොදු ය. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකික රජයන් ඔවුන්ගේ කම්කරු ප්‍රජාවට මධ්‍යම පාන්තික රටවලට ණයගැතියි. මන්ද ඔවුන්ගේ විදේශ විනිමය නොමැතිව රටේ ආර්ථිකය පවත්වාගෙන යාම සිහිනයක් වනු ඇත. නමුත් අද, ඔවුන් තම ජයග්‍රහණ ගැන පුරසාරම් දෙඩුවත්, අද පවතින අර්බුදය හේතුවෙන් ගැඹුරට ඇද වැටී සිටින සහ මැද පෙරදිග ඔවුන්ගේ සියල්ල අහිමි වී ඇති එම ප්‍රජාවන්ට ඔවුන් ප්‍රයෝජනවත් නොවන බව පෙනේ. සමහරුන්ට අද කෑමට කිසිවක් නැති බව වාර්තා වේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.