24 November, 2020

Blog

යහපාලනය සහ ‘සෙල්ලං පොලිස්පති’

අශාන් වීරසිංහ

ප්‍රසිද්ධ වේදිකාවක කතාවක් පවත්වමින් සිටියදී පොලිස්පති පූජිත් ජයසුන්දර දුරකතන ඇමතුමකට ලබා දුන් පිළිතුර සම්බන්ධයෙන් ඇති වී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් පළ කරන ඇතැම් අය ‘පූජිත් වහා ගෙදර යැවිය යුතුය’ යන තර්කය මතු කළද අප දරන ආස්ථානය වන්නේ මේ ජරාජීර්ණ ක්‍රමය පවතින තාක් කල් මේ පූජිත් ගෙදර යවා තව පූජිත් කෙනෙකුට පොලිස්පති පුටුව භාර දුන්නද බලාපොරොත්තු විය හැක්කේ මෙවැනිම තත්ත්වක් බවයි. වත්මන් ආණ්ඩුව බලයට පත් වන්නේ ‘යහපාලනය’ ගරු කරන දේශපාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමේ පොරොන්දුව මත වුවද එදා සිට සිදු වෙමින් පවතින ඇතැම් සිදුවීම් නිසා අපට පිළිගන්නට සිදු වන්නේ මොවුන් ‘යහපාලනය’ යන්නෙන් වටහා ගන්නා අරුත අප සාමාන්‍යයෙන් good governance යන්නෙන් අපේක්ෂා කරන දෙයට ඉඳුරාම පරස්පර බවයි. වෙනත් ලෙසකින් කියන්නේ නම්, වත්මන් ශ්‍රී ලාංකික දේශපාලන කරළිය තුළ ‘යහපාලනය’ යනු තවත් එක් වැදගැම්මකට නැති දේශපාලනික සටන් පාඨයක් පමණක් බවයි. පොලිස්පතිවරයාගේ දුරකතන ඇමතුමේ සිද්ධිය ඒ බව සනාථ කරන ආසන්නතම උදාහරණයයි.

ඉංග්‍රීසියෙන් ‘good governance’ ලෙස හැඳින්වෙන සංකල්පය පදනම් වන මූලධර්ම කිහිපයක් අතර ‘විනිවිදභාවය හා විවෘතභාවය’, ‘නීතියේ ආධිපත්‍යය’, ‘ආචාරධාර්මික රාජ්‍ය පාලනය’, ‘වගකීම’ ආදිය ඉහළින්ම කතා බහට ලක් වේ. වෙනස් ලෙසකින් කියන්නේ නම් යහපාලනය ගරු කරන රජයක් සෑම විටම පෞද්ගලික අරමුණු අභිබවා යමින් පුරවැසියන්ගේ පොදු අභිලාෂ වෙත ගරු කරමින්, රාජ්‍ය පාලන කටයුතු සියල්ලම තමන් බලයට ගෙන ආ පුරවැසියන්ට වගකියන අයුරින් හා විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට බැඳී සිටී. එහෙත්, ජනවාරි 08 බලයට පත් වූ වත්මන් ආණ්ඩුවේ ‘යහපාලන අනුවාදය’ මෙම මූලධර්ම ආරක්ෂා කරනවාට වඩා ඒවා උල්ලංඝනය කිරීමේ කැමැත්තක් පෙන්නුම් කරන බව අපට සිතන්නට සිදු වේ. මෙය අතිශයින්ම කණගාටුදායක තත්ත්වයකි.Pujith and ranil

යහපාලනයට විනිවිදභාවය හා නීතිය සැමට සමාන වීම යන මූලධර්ම අදාළ වන්නේ නමුදු, වත්මන් රජය යටතේ පාලනය වන පොලීසියේ පොලිස්පතිවරයා පසුගිය දා සිදු කළ ප්‍රකාශය ඉතා භයානක එකකි. විනිවිදභාවයෙන් හා වගවීමෙන් යුතුව කටයුතු කරන පොලීසියකට කිසි දා පරීක්ෂණයක් පවත්වන්නටත් කලින්ම තෝරාගත් විශේෂ පුද්ගලයන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමෙන් තමන් වැළකී සිටින බවට තවත් විශේෂ පුද්ගලයන් හට පූර්ව සහතික නිකුත් කිරීමේ හැකියාවක් තිබිය නොහැකිය. ප්‍රසිද්ධ වේදිකාවල කතා පැවැත්වීම විනෝදාංශයක් කරගත් පොලිස්පතිවරයා යහපාලන මූලධර්ම කෙසේ වෙතත් අඩුම තරමින් පොලිස් නිල වෙබ් අඩවියේ ඇති මෙහෙවර ප්‍රකාශයවත් (Mission) කියවා නැති අයෙකු බව මින් මනාව පැහැදිලි වේ. එහි සිංහල පරිවර්තනය මෙසේය: “කිසිදු පුද්ගලයෙකු කෙරෙහි පක්ෂග්‍රාහී නොවෙමින් සැමට සමාන ලෙස නීතිය බලාත්මක කිරීම හා සුරක්ෂිත කිරීම, මහජනයාට බලපාන නීති ආරක්ෂා කිරීම සහ අපරාධ හා ත්‍රස්තවාදය වැළැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය කැප වී සිටියි”. එහෙත්, මහා පිරිසකට ඇසෙන්නට විශේෂ පුද්ගලයන්ට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට සහතිකයක් දෙන පොලිස්පතිවරයෙකුගෙන් අප බලාපොරොත්තු විය යුතු ‘සමාන නීතිය’ කුමක්ද?

පූජිත්ගේ ප්‍රකාශය මෙම ලියුම්කරුට මීටත් වඩා භයානක එකක් වන්නේ අප ජීවත් වන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිරිහුණු තරම ඉන් මනාව පසක් වන හෙයිනි. සාමාන්‍යයෙන් මෙවැනි පෞද්ගලික න්‍යායපත්‍ර මත පිහිටා තෝරාගත් අයට විශේෂ වරප්‍රසාද අත්කර දෙමින් අසමාන නීති ක්‍රියාත්මක කිරීම අප රටට අමුතු දෙයක් නොවේ. මොන විවේචන ගෙන ආවද මේ වන විට එවැනි වරප්‍රසාද සැලසීම් සාමාන්‍ය දේවල් තරමටම ජනතාවට හුරු පුරුදුය. එම තත්ත්වය මග හැරවීමට හැකි සෑම උත්සාහයක්ම ගැනීම අපගේ වගකීමක් බවද ඇත්තකි. ඒ කෙසේ වෙතත්, පොලිස්පතිවරයෙකු ප්‍රසිද්ධියේම දුරකතන ඇමතුමක් ගෙන සියලු දෙනාට ඇසෙන පරිදි ‘අසුවල් පුද්ගලයාට එරෙහිව නීති ක්‍රියාත්මක නොකරන ලෙස මා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත’ යන සහතිකය “සර්” ලාට ලබා දෙන තත්ත්වයටම එම පරිහානිකර ක්‍රමය ඔඩුදුවා තිබීම අතිශයින්ම භයානකය. මෙයින් අදහස් වන්නේ හුදු මැතිවරණ සටන් පාඨ ලෙස යොදා ගැනීම හුරුණු කොට අප කිසිදා මේ පිරිහුණු දේශපාලන ක්‍රමය අත්හැර යහපාලන සහ ප්‍රජාතන්ත්‍රවාදය වැළඳ ගැනීමට සූදානම් නැති බව නොවේද?

කාලකට සිටම වගකීම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුළන ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මෙම දරුණු ඛේදවාචකය ගැන අදහස් පළ කරමින් කර ඇති ප්‍රකාශයද මේ පිරිහීම සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වයෙන් ලබා දෙන ලද කදිම උදාහරණයකි. පොලිස්පතිවරයා ‘තම ගුරුවරයෙකුට සර් කියා අමතන්නට ඇති බවත්, තමා වුවද අද පවා තම ගුරුවරුන් අමතන්නේ සර් යන ආමන්ත්‍රණ පදයෙන් බවත්’ ඉතාම වගකීම් විරහිත ලෙස ඔහු ප්‍රකාශ කර තිබේ. මෙයින්ද පෙනී යන්නේ පුරවැසියන් අපේක්ෂා කරන සහ ජනවාරි 08 දූෂිත රෙජීමයක් පළවා හැර නව රජයක් පත් කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් මෙරට බහුතර පුරවැසියන් වත්මන් රජය හමුවේ තැබූ බලාපොරොත්තු මේ ආණ්ඩුවටද කොතරම් විහිළුවක් වී හමාරද යන්න පමණි. සමස්ථ ආණ්ඩුවක් වශයෙන් කණගාටුවටත්, විමතියටත්, කම්පනයටත් පත් විය යුතු සිදුවීමක් අරබයා මෙවැනි හාස්‍යජනක කතා කියන පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවීම ගැන නම් අර ජනාධිපතිතුමා කීවාක් මෙන් පුරවැසියන්ට මඩු වළිගෙන්ම තලන්නට ඕනෑය! කිරිඇල්ල ඇමතිවරයා කියන පරිදි පූජිත් මේ කතා කරන්නේ ඇමතිවරයෙකුට නොව තම පාසල් කාලයේ ගුරුවරයෙකුටම වුණත් අපට නම් එකහෙලාම කියන්නට ඇත්තේ ඒ තර්කය අනුව ගත්තත් මෙය හෙලා දැකිය යුතු සිදුවීමක් බවයි.

ජනවාරි 08 හැරවුම්කාරකය ‘ඓතිහාසික පාවාදීමකට’ ලක් නොකරන්නට නම් ආණ්ඩුව ඉතාම විනිවිදභාවයෙන් යුතුව මෙවැනි සිදුවීම්වලට ප්‍රතිචාරාත්මක විය යුතුය.

ashanweerasinghe@gmail.com

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    කුජීත වෙමින් යන ආන්ඩුවකට ගැලපෙන පොලිස්පති

    • 1
      0

      Be honest, in the high days of Athigaru, you coul dnot even add your thoughts this way, being stand still to Whitevanning. Today, you abuse democracy. Just because of a call went wrong. He behaved himself not okay, that is critcised by all, .. but is that a big blunder at all, to hunt him this way, all these past months, whenever whatever incident ocurred or created by rabid MR backed men, police did their duties so promptly as had not been the case with Ballige putha MR days. Even if VISITING fact finding young MPs were brutally attacked by calculated pre set gangs by Rajapalshe, the govt reacted so silentely, even passing hurts to the victimised.
      Today we all criticise, but something is moving.

      If you would expect Govt to behave like one of the first world, is a joke. Almost everything is at low level inthis society. Religious leaders to politicians to professionals are all abusive and highly corrupted.
      That smoking cheevara dariya from Batticalo is fuelling the burning fire.
      He now says, that muslims attack him… it is just to create new forms of ethinc cclashes. Even if there is a problem within minority folks, but to make it a mountain is their nature. Colombo sodomy leader, BBS man in robes, do all other harms to all folks by now. All these men deserve permament jail sessions. Regardless of their constumes, … drag queens should be convicted. Basta

      • 0
        0

        රාජපක්ෂ පාලනයේ ‘ඉහලම පවුලක’ සමීපම ඥාතියකු වන ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර, මහින්ද රාජපක්ෂ පාලනය සමයේ ලංකා ඛනිජ වැලි (ලංකා මිනරල් සෑන්ඩ්) සමාගමේ සභාපති සහ ක්‍රියාකාරී අධුක්ෂ ධුර හෙබැවූ බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ පැවසීය.
        ඔහුට එරෙහි විමර්ශන පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ රජිත් කීර්ති තෙන්නකෝන්, “මිනරල් සෑන්ඩ් සමාගම සතු රුපියල් මිලියන 40 හම්බන්තොට බීච් පාක් එකක් සෑදීම ලබා දුන්නා. මුදල් ගත්තේ නාගරික සංවර්ධන අධිකාරියට. මුදල් ඉල්ලුවේ නාමල් රාජපක්ෂ මහතායි. හදපු බීච් පාක් එකක් නෑ. මුදල්වලට වෙච්ච දෙයකුත් නෑ,” යනුවෙන්ද පැවසීය.
        දූෂණ විරෝධී පෙරමුණ සඳහන් කරන පරිදි, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට, ජනාධිපති කාර්යාලයේ පරිහරණයට අවශ්‍ය බව පවසමින් පුද්ගලික වාහන දෙකක් කුළී පදනම මත ලබාගැනීම ‘නිලමේට’ එරෙහි තවත් චෝදනාවකි.
        “මිනරල් සේවකයෝ 39 ක් ප්‍රධාන කාර්යාලයෙන් පිටත දේවාලයක කටයුතු සඳහා යොදවා ඇති බවට චෝදනාවක් තිබෙනවා,” කීර්ති තෙන්නකෝන් වැඩිදුරටත් පැවසීය.
        ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
        Image caption
        දූෂණ විමර්ශන ක්‍රියාදාමය ‘දේශපාලන න්‍යායපත්‍රයක්’ මත ක්‍රියාත්මක වන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද පසුගියදා චෝදනා කළේය
        “සැබවින්ම ඔවුන් කර ඇත්තේ 2015 ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂ මහතා ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුයි. නීතිඥ එස්කේ ලියනගේ එක් පුද්ගල විනිශ්චය සභාව මේ ගැන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිළි කරන්න උපදෙස් දුන්නා. ඒ විමර්ශන සිදු වෙනකොට තමයි මේ බලපෑම් එල්ල වෙන්නේ.”
        ‘මහා පරිමාණ හොරු’ රැකීමේ ක්‍රියාදාමයක නිරතව සිටින බවටද උලපනේ සුමංගල හිමියන්, පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ සහ චමීර පෙරේරාද සහභාගි වූ මාධ්‍ය හමුවේදී දූෂණ විරෝධී පෙරමුණ චෝදනා කළේය.
        කෙසේ නමුත් අදාළ ‘නිලමේ’ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා නොපැකිලෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසීය.
        මෙම චෝදනා පිළිබඳව කරුණු විමසීම පිණිස බීබීසී සංදේශය කිහිපවතාවක්ම ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර ඇමතූ නමුත්, ඔහු දුරකතනයට පිළිතුරු දුන්නේ නැත.

    • 1
      0

      This is how today lanken average behave – so these animals should be subjected to all high punishments – wihtout mercy.

      “දවසක් මම යාලුවෙක් එක්ක බස් එකේ යද්දී වැඩිහිටි මිනිහෙක් ළඟ වාඩි වුනා. මගේ යාලුවා ඒ ළඟ සීට් එකක වාඩි වුනා. ටික වෙලාවකින් එහා සීට් එකේ හිටපු මිනිහට දාඩිය දාල අමුතු විදියකට හැසිරෙනවා,” ඈ එම සිදුවීම ආවර්ජනය කළේ සමස්ත සමාජය දෙසට ම එල්ලවූ කළකිරීම මුසු ස්වරයකිනි.
      මීඩියා ප්ලේයරයට පිවිසෙන්න.මීඩියා ප්ලේයරය සඳහා උදව්.මීඩියා ප්ලේයරයෙන් පිටවීම.’ටැබ්’ තීරුව කරා යලි ඒමට හෝ පෙරට යාම සඳහා ‘enter’ ‘ඇතුල් වීමේ’ බොත්තම ඔබන්න.
      උපේක්ෂා ස්වර්ණමාලි
      “මම හැරිලා බලනකොට ඒ මිනිහ මා දිහා බලාගෙන සීට් එකේම ස්වයං වින්දනයේ යෙදෙනවා. මම කෑගැහුවා. අන්තිමට ඒ මිනිහ බස් එකෙන් බැස්සේ ‘උඹ පොඩි එකෙක් නිසා මම අතාරිනවා. නැත්නම් බලාගනින් උඹට කරන දේ’ කියාගෙන.”

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.