26 April, 2024

Blog

ඉන්දියාව ත්‍රස්තයන්ගෙන් බේරා ගැනිමට සිංහල හමුදාවෙන් උපදෙස් ගනු! තෙරුවන් සරණයි! – බොදු බල සේනා

කිරම විමලජෝති හිමි – ගලගොඩඅත්තේ ඤාණසාර හිමි

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහාකොමසාරිස්තුමා මගින්
ඉන්දියානු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙත

ලෝකවාසි බෞද්ධයනට අතිශය පූජණීය වූ බුද්ධගයා විහාරයට ජූලි 7 වන ඉරිදා දින සිදු වූ ත්‍රස්තවාදි ප්‍රහාරය ගැන අපි දැඩිසේ කනගාටුවටත්, කම්පනයටත් පත්වී ඇත්තෙමු. බුදු රජාණන් වහන්සේගේ ජීවිතය හා බැඳුනු මෙම ස්ථානයට ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂි තැනක් ලැබුණද ඉන්දිය රජය නිසි ආරක්‍ෂාවක් ලබා දී නොතිබීම පිළිබද අප්‍රසාදය පල කර සිටිමු. මෙම ප්‍රහාරයෙන් පෙනී යන්නේ මෙම ස්ථානයට ලබා දී තිබු ආරක්‍ෂාවේ කැපී පෙනෙන දුර්වලකම්‍ ය. පූර්ව දැනුම් දීම් සහ බුද්ධි අංශ වාර්තා බුද්ධගයාවට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ කලින් අනතුරු අඟවා තිබුණද ප්‍රමාණවත් ආරක්‍ෂාවක් ලබා දීමට බලධාරින් අපොහොසත්වීම කණගාටුවට කරුණකි. බුද්ධගයා විහාර සංකීර්ණය බෞද්ධයින්ගේ පූජණීය ස්ථානයක් පමණක් නොවන අතර යුනෙස්කෝ ලෝක උරුමයක්ද වේ. ඉන්දියානු රජය මෙන්ම බිහාර් ප්‍රාන්ත ආණ්ඩුවද මෙවැනි ස්ථානයකට ත්‍රස්තවාදින් ගෙන් එල්ල විය හැකි ප්‍රහාර පිළිබඳව මීට වඩා සැළකිලිමත් විය යුතුව තිබුණි.

මෙවැනි ප්‍රහාර කිසි විටකත් ශිෂ්ට සම්පන්න කිසිම පුද්ගලයෙකු අනුමත කරනු නොලැබේ. පසුගිය ශතක විසිහය තුළ බුදු දහම ප්‍රවර්ධනය කිරීම සදහා කිසිදු විටෙක, කිසිදු දිනක ප්‍රචණ්ඩත්වය යොදා නොගැනින. එනමුත් පසුගිය වකවානුව තුළ ඉන්දියාවේදි පූජණීය බෞද්ධ ස්ථාන සහ භික්‍ෂූන් වහන්සේලා සහ වන්දනා කරුවන් විටින් විට ත්‍රස්තවාදි ප්‍රහාරවලට ලක් වූ බව සිහිපත් කරන්නේ මහත් වූ කනගාටුවෙන් සහ පිළිකුලෙන් යුතුවය. මෙම අපරාධවලින් ප්‍රදර්ශන වනුයේ ඉන්දියාවේ ආරක්‍ෂාව පිළිබඳව ඇති දුර්වලකම් සහ නොහැකියාවයි. බෞද්ධයන් ලෙස අප ප්‍රකාශ කරන්නේ ඉදිරියේදි මෙවැනි කෲරතර ප්‍රහාරවලට ඉඩ නොතැබිය යුතු බව හා මෙවැනි බෞද්ධයින්ට සිදුවන මෙවැනි අපරාධවලට එරෙහිව සාධාරණත්වය සඳහා සියලු ලෝකවාසි බෞද්ධයින් එක් පෙරමුණකට ගෙන එක්සත්ව කටයුතු කිරීමට අප පියවර ගන්නා බවය.

තෙරුවන් සරණයි!
පූජ්‍ය කිරම විමලජෝති හිමි –  සභාපති

පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි – මහ ලේකම්

– බොදුබල සේනා

2013.07.10

අද (10) බොදුබල සේනා හා රාවණා බලය යන සංවිධාන විසින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් භාරදෙන්නට පැමිණියද කොමසාරිස් කාර්යාලයේ දොරටුව ඔවුන් වෙනුවෙන් විවෘත නොවිණි. ඒ අනුව අදාළ සංදේශය ඉදිරිපස බිත්තියේ අළවා ආපසු හැරෙන්නට ඔවුන්ට සිදුවිය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Gaanu 5 Naanasara Bebadu Balu Senawa and Rawana Balukara asking Indian Govt. to get advise form our Ranaviru Forces to eradicate the terrorism. India has already arrested 4 persons in connection with Bomb attack and if India to follow our Maha Rana Viruwa 1 out of 4 arrested will be appointed as Chief Minister in one State and another one appoint as Deputy minister while making him party Deputy secretory. other 2 will be appointed as advisors to Man Mohan Sing. “Naanasarala adagena naanawa” – Suba anagathayak –

  • 0
    0

    භාග්‍යවතුන් වහන්සේගේ සියලුම දේශනා පොදුවේ “ධර්මය” නමින් හැඳින්වෙයි. ධර්මය නැවත “ධර්ම” සහ “විනය” වශයෙන් කොටස් දෙකකි. එයින් “ධර්ම” යන්න “සූත්‍ර” සහ “අභිධර්ම” යනුවෙන් කොටස් දෙකකි. ත්‍රිපිටකය යනුවෙන් අප දක්වන්නේ සූත්‍ර, විනය,අභිධර්ම යන මේ කොටස් තුන බව ඔබ සම දනිතියි සිතමි. ත්‍රිපිටකය සහ එහි අන්තර්ගතය පිළිබඳව අමුතුවෙන් කරුණු දැක්වීම මෙහි අරමුණ නොවෙයි. නමුත් බෞද්ධ පින්වත් සමහර දෙනෙකු ත්‍රිපිටකය සහ එය සංග්‍රහ වීමත් එය පැවත ආ ආකාරයත් ගැන ඇති අනවබෝධය නිසා අවුලට පත්ව තිබෙනු පෙනෙයි. දැන් දැන් සමහරෙක් අති උතුම් වූ ත්‍රිපිටක ධර්මය පිළිබඳවත් සැක කිරීමටත් කරුණු නොදැනම ඒ පිලිබඳ විවේචන කිරීමටත් යාමෙන් තිසරණයම අහිමි කරගනිති. කල්ප කෝටි කාලාන්තරයකින් ලැබෙන අති දුර්ලභ මේ ධර්ම දායාදය තමනුත් නොලබා අන්‍යයන්ටද එය අහිමි කොට දුකට හේතු වන පව් රැස් කර ගනිති. සමහරෙක් අනවශ්‍ය වාද විවාද කරලීමෙහි අදහසින් දහම් කරුණු උපුටා දක්වා තමාගේ වාදයෙහි ජය පතති. එක් තැනෙක උත්තම වූ “ධම්ම පදයෙහි” බාල වර්ගයෙහි ගාථාවක් ගෙන එහි අරුත නොවිමසා අන්‍යයන්ට ගරහනු පිණිස යොදා ගනු දිටිමි. ඒ අතර තිසරණයට නොපැමිණි, භාග්‍යවතුන් වහන්සේටත් ධර්මයටත් සංඝයාටත් එරෙහිව වෛරයෙන් අදහස් දක්වන පිරිස්, මිත්‍යාව වැළඳ ගත් පිරිස් තිසරණයට පහර දීමෙන් සිය නිරය ගමන සහතික කරගනිති. පින් ඇති ඔබ, තිසරණ සරණ ගිය ඔබ මෙවැනි විටක ඉතාම ප්‍රවේශම් විය යුතුය. ගොඩ නැගිය නොහැකි ලෙස මිත්‍යාවෙහිම ගැලුණු පිරිසට කරුණු පහදා දී ධර්මයට ගැනීම පහසු නොවෙයි. කෙලෙස් මල යටපත් නොකර ඔබත් මමත් ඔවුන් සමග වාදයට යාමෙන් ද්වේශයටත්, මිත්‍යාවෙහි ගැලී නගන සමහර ගැටළු වලට ඉවසිලිවන්ත නොවී නුවණින් නොවිමසා පිළිතුරු දීමට යාමෙන් ධර්මයටත් විශේෂයෙන්ම සංඝ රත්නය විෂයෙහිත් වැරදි කරුණු දැක්වීමෙන් බොහෝ පව් සිදුවිය හැකිය. ඔබේ සරණ නැති කර ඔබ අසරණ කිරීමට ඉඩ නොදෙන්න. මුනින් අතට හරවා ඇති බඳුනකට දිය වත් කල නොහැකිය. ඔවුන්ට කරුණාවෙන් අනුකම්පා කරන්න, ඔවුන් සමග අනවශ්‍ය පරිදි වාදයට නොගොස් පරාජය වන්න. එයින්ම මෙලොව පරලොව දිනන්න. ඒ සඳහා ඔබට නුවණ තිබේ.

  • 0
    0

    The idiot called “lapatiya” above talking about Karuna and Pilleyan. Yes they killed innocent people in the past under LTTE. But they supported us during the final war. Without them it wouldn’t have been this easy for the government forces to fight in the north. Now what do you expect. in your theory, there wont be any rehabilitation. Because everyone has to be punished for their wrong doings in the past. And if you really want to punish Karuna and Pilleyan, do it this way. first get help from international community to stop all the rehabilitation in sri lanka. And punish all the ex-LTTE carders. No more rehab-camps. everyone involved in the war should be prosecuted. Do it first then we ll think about Karuna / Pilleyan.

  • 0
    0

    @Zachariah Casey බොහොම ස්තුති මේ Post එකට . මේවගේ ප්‍රශ්ණ වලදී ධර්මනුකුලව විවේචනය කරලා හරි මගට ගන්න ක්‍රමයක් නැද්ද ? ( අපට අකුසල් නොවී)

  • 0
    0

    අනිවාරෙන් ත්‍රස්තවාදය පැරැදවීමට අපෙන් උපදෙස් ගත යුතුමයි නමුත් උපදෙස් ගන්න නෙවියි. එවුන්ට ඕනේ අපිට උපදෙස් දෙන්න…. දන්නා ඇති මගුලකුත් නෑ ,පෙනී පෙනී බුද්ද ගයාවට බෝම්බ ගහල ගියා මොකුත් කරගන්න බැරි උනානේ.

  • 0
    0

    We must first thank India for producing Buddha and such a valuable dharma. Indian philosophical environment could produce buddha.therefore we must thank them.Hello BBS was Sri Lanka able to protect Dalada maligawa? did indian Buddhists shouted when it was attacked? Are sri lankan Buddhists the owners of Buddhism?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.