
මේ රටට ස්වාධීන පොලිසියක් සහ ස්වාධීන රාජ්‍ය සේවකයන් ලබාදී අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කර පළාත් සභා බලතල පිළිබඳ ප‍්‍රශ්න විසඳිය හැකි මාර්ගයක් මේ රටේ ජනයා පැහැදිලිව පෙන්වා දී තිබෙනවා.
ඒ ගැන සාකච්ඡුා කර තීන්දු තීරණ ගත යුතුව තිබියදී ආණ්ඩුව ඒ සියල්ල පසෙක තබා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පත් කරනවා නම් අපේ ප‍්‍රතිචාරය අප ඊට දිය යුතුයි.
17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු වන්නේ රටේ ස්වාධීන පොලිස් සේවයක් ඇති කර නීතිය යටතේ පරිපාලනය කරමින් ස්වාධීන අධිකරණ ක‍්‍රමයක් ලබාදී දූෂණය පිටු දැකීම සඳහා ස්වාධීන කොමිසන් සභාවක් ලබාදීමයි.
මේ ජනතාවගේ ප‍්‍රශ්න…. මේ ප‍්‍රශ්න ගැන ආණ්ඩුව කතා කිරීමට සූදානම්ද, නැද්ද? ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමට ආණ්ඩුව කි‍්‍රයා කළ යුතුයි. ඒ වෙනුවට සිය අභ්‍යන්තරයේ තිබෙන ප‍්‍රශ්නයක් වන 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ප‍්‍රශ්නය සම්බන්ධයෙන් කි‍්‍රයා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පත් කර ජනතාව සමග කතා කිරීමට සූදානම් නොමැති වුණාට ඉන්දියාව සමග සාකච්ඡුා කිරීමට බැසිල් රාජපක්‍ෂව එරට යවනවා නම් ජනතාව අමතක කරන ආණ්ඩුවක් සමග අපට තවත් කතා කිරීමට තිබෙන්නේ කුමක්ද?
13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කළ යුතු යැයි කියා සිටි ආණ්ඩුව අප ඒ ගැන කතා කිරීමටත් පෙර බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයාව ඉන්දියාවේ නව දිල්ලියට යවා ඒ ගැන ඒ අය සමග කතා කළා. ආණ්ඩුව ඉන්දියාව සමග බැසිල් රාජපක්‍ෂ හරහා මේ ගැන කතා කළාට පසුව 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කිරීමට යළි අපට ආරාධනා කරන්නේ කුමකටද?
13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අපට ආරාධනා කරන්නේ කුමක් සඳහාද? ජනතාවගේ ප‍්‍රශ්න කතා නොකරන්නේ ඇයි? 17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අප එදා පොලිසියේ ස්වාධීනත්වය තහවුරු කරමින් දේශපාලනීකරණය අවසන් කළා. එමෙන්ම, රාජ්‍ය පරිපාලනයේ දේශපාලනීකරණය අවසන් කර රජයේ සේවය නීතියට යටත් කර ඉදිරියට කි‍්‍රයාත්මක කළ අතර, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළා.
ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධින රාජය සේවා කොමිසම, ස්වාධීන අධිකරණ කොමිසම, ස්වාධින අල්ලස් හෝ විමර්ශන කොමිසම ආදී ස්වාධීන කොමිසන් සභා මගින් ජනතාවට අවශ්‍ය සාමාන්‍ය පාලනය අප එදා රටේ ගෙන ගියා.
පාර්ලිමේන්තුවේ කතානායකවරයා සහ එක මන්තී‍්‍රවරයෙක් හැරුණු කොට මන්තී‍්‍රවරුන් 223 ක් මේ 17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතට පක්‍ෂව ඡුන්දය දුන්නා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට 2009 දී ආණ්ඩුව කියා සිටියේ 17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක කරමින් මානව හිමිකම් තව තවත් ශක්තිමත් කරන බවයි.
ඒ අනුව, ආණ්ඩුව කළ යුතුව තිබුණේ ජාත්‍යන්තර මානව හිමිකම් මණ්ඩලයට දුන් පොරොන්දුව අනුව 17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තව තවත් ශක්තිමත් කිරීම විනා 2010 ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව එම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම නොවෙයි.
2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බව ආණ්ඩුව කිසිදු අවස්ථාවක කියා නොසිටි අතර, ආණ්ඩුවට එම මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර බලය හිමි වුණේ ද නැහැ.
එක්සත් ජාතික පක්‍ෂය සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඒ පැත්තට ගත් ආණ්ඩුව හොර රහසේම 18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර සම්මත කරමින් 17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළා.
17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කෙරෙන 18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි අධිකරණය ඒ අවස්ථාවේ දී තීන්දු කළ යුතුව තිබූ නමුත්, එසේ කළේ නැහැ. මේ අනුව පැහැදිලි වන්නේ ආණ්ඩුව ජනතාවගේ අයිතිවාසිකම් ජනතාවට හොරෙන් හොරා ගත් බවයි.
රටේ ස්වාධීන පොලිසියක් තිබෙනවා නම් ජනතාවට නීතියේ ආධිපත්‍යය යටතේ ජීවත් විය හැකි අතර, ස්වාධීන සහ නීතියට යටත් රාජ්‍ය සේවයක් තිබුණා නම් එම කටයුතුද ස්වාධීනව සිදු කෙරෙනවා. නමුත් මේ ආණ්ඩුව යටතේ පොලිසිය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී තිබෙන බව අප කවුරුත් දන්නවා.
එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ස්වාධීන පොලිස් සේවා කොමිසම යටතේ කි‍්‍රයා කරමින් පොලිස් නිලධාරීන්ට ඒ ඒ උසස්වීම් සුදුසුකම් අනුව නිවැරදි ආකාරයට එදා ලබා දුන් නිසා කිසිදු ප‍්‍රශ්නයක් රටේ ඇති වුණේ නැහැ.
නමුත් මේ වන විට පොලිසියේ තත්ත්වය කුමක්ද? පොලිසියේ උසස්වීම් දී තිබෙන්නේ වැරදි පුද්ගලයින්ට බව ආණ්ඩුවම පිළිගන්නවා. මේ සඳහා තිබෙන විසඳුම කුමක්ද? අප ප‍්‍රශ්න කරන්නේ ඒ ගැනයි. පොලිසියේ නීතිය කි‍්‍රයාත්මක වන්නේ නැහැ. පොලිස් නිලධාරීන්ට නීතිය කි‍්‍රයාත්මක කිරීමට ආණ්ඩුව ඉඩ දෙන්නේ ද නැහැ.
දේශපාලනය සහ ධර්මය යනුවෙන් බුදුදහම ගැන පොතක් රචනා කළා යැයි කියා මට විරුද්ධව මේ වන විට චෝදනා එල්ල කර තිබෙනවා. ඉන්දියාවේ බුද්ධගයාවට එල්ල කෙරුණු බෝම්බ ප‍්‍රහාරය හෙළා දකින ආණ්ඩුව බුද්ධගයාවේ දී බෝධිසත්වයාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී කළ විප්ලවය ගැන පොතක් ලිව්ව මට විරුද්ධව කි‍්‍රයා කරනවා.
දේශපාලන අත ගැසීම් සහ බල කිරීම් හේතුවෙන් පොලිසියට කිසිදු ප‍්‍රශ්නයක් නිවැරදිව විසඳීමට හැකියාවක් ඇත්තේ නැහැ. රාජ්‍ය පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. අල්ලස් ගැනීමේ චෝදනා මත විනිසුරුවරුන් අත්අඩංගුවට ගැනෙනවා. දූෂණ කි‍්‍රයාවලියේ අලූත්ම තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. එක ප‍්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකු තවත් ප‍්‍රාදේශීය සභාපතිවරයෙකුට සල්ලි දී ඊට පසුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරමින් කියා සිටින්නේ අදාළ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අල්ලස් ගත් බවයි. එම පැමිණිල්ල අනුව එම අල්ලස් මුදල් ගත්තා යැයි කියන ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනුණා.
ගාල්ල දිස්ති‍්‍රක්කයේ බෙන්තර ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කලූතර දිස්ති‍්‍රක්කයේ වළල්ලාවිට ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පැමිණිලි කරමින් කියා සිටින්නේ පස් තොගයක් ප‍්‍රවාහනය කිරීම සඳහා අදාළ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මුලින් ඉල්ලූ ගණනට වඩා වැඩි මුදලක් පසුව ඉල්ලා සිටි බවයි.
ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන් ගනුදෙනු කළ යුත්තේ මෙසේද? මේ අය සිටින්නේ ව්‍යාපාර කිරීමට ද, නැතිනම් ප‍්‍රාදේශීය සභාවේ වැඩ කටයුතු කිරීමටද? ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ආණ්ඩුවෙන් වැටුපක් සහ වාහනයක් ලබා දෙනවා. ව්‍යාපාර කිරීමට අවශ්‍ය නම් ප‍්‍රාදේශීය සභාවේ සභාපති ධූරය භාර නොගෙන මන්තී‍්‍රවරයෙකු ලෙස කි‍්‍රයා කළ යුතුයි.
ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන්, පළාත් සභා මැති ඇමැතිවරුන් සහ ජාතික මැති ඇමැතිවරුන් අතර මෙවැනි දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා කොපමණ සිදු වනවා ඇත්ද? මේ දූෂණයේ කොටසක් පමණයි. කොපමණ පිරිසක් මීට වඩා මහා පරිමාණ දූෂණ කරනවා ඇත්ද?
ස්වාධීන අල්ලස් හෝ දූෂණ කොමිසමක් නොමැති නිසා මේ දූෂණ සියල්ල අපට විශාල ලෙස ඍජුව බලපා තිබෙනවා. දූෂණය නිසා බඩු මිල වැඩි වනවා. විදුලිය ගාස්තු වැඩි වුණා. හම්බන්තොට වරාය, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල, පුත්තලම නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ඇතුළු ආණ්ඩුවේ සංවර්ධනය යැයි කියන ව්‍යාපෘති සඳහා ගෙවීමට සිදුව තිබෙන්නේ ජනතාවටයි.
ආණ්ඩුවේ මේ දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ද, දූෂිත ව්‍යාපෘති සම්බන්ධයෙන් ද කතා කිරීමට රාජ්‍ය සේවකයින් බියයි. නමුත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව යටතේ ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම කි‍්‍රයාත්මක වූ නිසා රාජය සේවකයින් එදා ආණ්ඩුවේ ව්‍යාපෘතිවලට විරුද්ධව කතා කළ අතර, ඇතැම් අය කිසිදු බියකින් තොරව විකල්ප අදහස් සහ යෝජනා ඉදිරිපත් කළා.
ආණ්ඩුවේ මේ ව්‍යාපෘති නිසා මුදල් නාස්ති වනවා. මුදල් එකතු කිරීමට ආණ්ඩුව බදු වැඩි කරන නමුත් ජනතාවගේ වැටුප් වැඩි වන්නේ නැහැ. ඒ කියන්නේ බදු වැඩි වනවා. නමුත් වැටුප් වැඩි වන්නේ නැහැ.
එසේ නම් ජීවන බර අඩු කිරීම සඳහා කළ යුත්තේ නීතියේ ආධිපත්‍යය තහවුරු කර, පොලිසියේ, අධිකරණයේ, රාජ්‍ය සේවයේ සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ස්වාධීනත්වය තහවුරු කිරීමයි.
මේ කරුණු කාරණා ගැන කතා කළ යුතු නිසාත්, ඒ වෙනුවෙන් විශාල ජනතා ව්‍යාපාරයක් ගොඩනැඟී තිබෙන නිසාත් ජුනි මස 12 වැනිදා විරුද්ධ පක්‍ෂයේ නායකයා ලෙස ජනාධිපතිවරයාට විශේෂ ලිපියක් යොමු කරමින් යෝජනා කර සිටියේ, මේ ගැන සාකච්ඡුා කිරීමට අවස්ථාවක් ලබාදිය යුතු අතර, උතුරු පළාත් සභා මැතිවරණයට පෙර මේ නීති සම්මත කළ යුතු බවයි. කෙසේ නමුත් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කටයුතු යොදා තිබෙන ආණ්ඩුව සහ ජනාධිපතිවරයා මගේ ලිපියට මේ දක්වා කිසිදු පිළිතුරක් ලබා දී නැහැ.
ජනතාවගෙන් හොරා ගත් අයිතිවාසිකම් යළි ජනතාවටම ලබාදීම සම්බන්ධයෙන් කතා කිරීමට නොහැකි නම් ආණ්ඩුවේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට අප සහභාගි වන්නේ කුමකටද? කුමක් කතා කිරීම සඳහාද? ඒ අයගේ අභ්‍යන්තර ප‍්‍රශ්න අපට කුමකටද?
ඇත්තටම මේ තේරීම් කාරක සභාව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද කියාවත් මම දන්නේ නැහැ. තේරීම් කාරක සභාවක් නම් ඊට සහභාගි වන ආණ්ඩු පක්‍ෂයේ සහ විරුද්ධ පක්‍ෂයේ අයගේ නම් කථානායකවරයා නිවේදනය කරනවා. විරුද්ධ පක්‍ෂයෙන් මේ වනතුරු එම තේරීම් කාරක සභාව සඳහා සහභාගි වන අයගේ නම් දී නැහැ. එමෙන්ම, ආණ්ඩු පක්‍ෂයේ අයගේ නම් ද මේ දක්වාම ආණ්ඩුව ලබා දී නැහැ. ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මුස්ලිම් කොංග‍්‍රස් නියෝජිතයින්ගේ නම්ද, වාමාංශික දේශපාලන පක්‍ෂ නියෝජිතයින්ගේ නම් ද ඉදිරිපත් කර නැහැ. මෙවැනි පාර්ලිමේන්තු තේරීම් කාරක සභා මීට පෙර මේ රටේ කි‍්‍රයාත්මක වී නැහැ. අවම වශයෙන් සෑම අවස්ථාවකදීම අදාළ තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්‍ෂයේ නියෝජිතයින්ගේ සියලූ නම් ඉදිරිපත් කර තිබෙනවා.
පාර්ලිමේන්තුව නියෝජනය කරන වාමාංශික දේශපාලන පක්‍ෂ අයිති කිනම් පාර්ශ්වයකටද? මුස්ලිම් කොංග‍්‍රසය ඒ අය සමග මැතිවරණ සඳහා තරග කළේ නැතැයි ආණ්ඩුව තර්ක කරනවා. ඒ කියන්නේ එම පක්‍ෂය තරග කළේ අප සමගයි. අප සමග තරග කර විරුද්ධ පක්‍ෂයේ සිටියා නමා ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 2/3 ක් නොතිබෙන බව ආණ්ඩුව පිළිගත යුතුයි.
එසේ නම් ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්තී‍්‍රවරුන්, ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරයා සහ පී. දිගම්බරම් ඇතුළු අය විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් ලෙස පිළිගන්නවා නම් පැහැදිලි වන්නේ 17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ඉදිරිපත් කළ 18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 2/3 ක් නොතිබූ බවයි.
ආණ්ඩුවේ ප‍්‍රශ්නය තිබෙන්නේ ආණ්ඩුව අභ්‍යන්තරයේ සහ ඉන්දියාව සමග වන අතර, ජනතාවගේ ප‍්‍රධානතම ප‍්‍රශ්නය වන්නේ මේ කිසිවක් නොව 17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි.
17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක නොවුණහොත් ජනතාවට කිසිදු සහනයක් හිමි නොවන අතර, සිදු වන්නේ බඩු මිල තව තවත් වැඩිවීම පමණයි. එසේ නම් නීතියේ ආධිපත්‍යය ඇති කිරීම සඳහා 17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් අප සටන් කළ යු අතර, 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ආණ්ඩුවේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ආණ්ඩුවේම නියෝජනයක් පවා නොමැති සභාවක් බවට පත්වෙලා.
*එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා ජාතික සේවක සංගමයේ වෘත්තීය කි‍්‍රයාකාරීන් සමග ශී‍්‍ර ජයවර්ධණපුර කෝට්ටේ, සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ 2013-07-10 වැනි දින පැවැති විශේෂ හමුවේදී.
sam / July 11, 2013
මේකේ මේ වැටුප් වැඩි වෙන්නේ නැ කියලා කියන්නේ අර රුපියල් 10000 කින් පඩි වැඩි කරනවා කියල ඔහේ දුන්න පොරොන්දු වගේ දේවල් වෙන්න ඇති නේ අපි ජීවත් වෙන්නේ හින ලෝක වල නෙමෙයි…රනිල් මහත්යා ඔය වගේ සුරඟන කතා කිව්වේ ඉස්සර
/
suranga / July 11, 2013
අනේ මේ ඔයාලා කියන කියන දේවල් අහන්න ගියානම් රටක් නැති වෙනවා.අපේ ජනාදිපතිතුමා ඉන්න නිසාම හොදයි.අනික ඔයාල කියන දේවල් මිනිස්සු අහන්නේ නැති එකේ ජනාදිපතිතුමා මොකට අහන්නද?වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.
/
Vishaka / July 11, 2013
රනිල් හදන්නේ කොහොම හරි රට පාවල දෙන්න.බලයේ ඉන්න කාලේ කරන්න බැරිඋන නිසා දැන් විපක්ෂේ ඉදන් ට්‍රයි කරනවා.ඒ කාලේ ප්‍රභාකරන් එක්ක ගිවිසුම් ගහල හමුදා බුද්ධි අංශය කොටින්ට පාවල දීල කරන්න හදපු දේ කරගන්න බැරි උන නිසා මැරෙන්න කලින් කොහොම හරි රට දෙකඩ කරන එක මෙයාගේ සිහිනය.
/
sira line / July 11, 2013
ohege surangana porondu wage newe ape janadhipathithuma kawadawath ishta karanna bari porondu poronduwenenaha..
/
සිරි සිරිමල් / July 11, 2013
අලින්ගේ මැක්කෝ කඩලා,නාවලා,කවලා පොවලා නිදි කරවන්න තමා….රනිල් අයියේ…
/
kumari / July 11, 2013
අනේ ඔහෙලා බයිලා ගහන්න එපා …අපි දන්නවනේ ඒ කලේ දුන්නු පොරොන්දු ඉෂ්ට කරපු හැටි අපි දන්නවනේ ..
/
කව්ද බෝයි / July 11, 2013
ඊළගට බෝම්බ ගහන්නේ කොහෙටද කියලා සාකච්ඡ කරන්න තමා..
/
Indika / July 11, 2013
රනිල්ට ආයේ ජනාධි පති ඉල්ලන්න බැරිනිසා සංසෝදනය කරන්න දගලනවා .නැත්නම් එයා බලයේ හිටිය අව්රුදු දෙකේ සංසෝදනය කරගන්න තිබුනනේ .ඉඩම් හා පොලිස් බලතල පළාත් සබාවට දුන්නම පුළුවන්නේ තමන්ට ඕනේ ඕනේ ඒවා කරගන්න.මද්‍යම ආණ්ඩුවක් ඕන නැනේ එතකොට .ඉන්දියාවට පුළුවන්නේ යාපනේ පාලනේ කරන්න.රනිල් සිංහලයෙක්ද කියන එක සැකයි .
/
nimali / July 11, 2013
ආණ්ඩුවේ ප්‍රශ්න විසදන්න කලින් unp එකේ ප්‍රශ්න විසදගතොත් නරකද රනිල් මහත්තයෝ ..මොකද රට හදන්න කලින් තමන්ගේ පක්ෂයවත් හදාගන්න ඕනෙනේ
/
විජේසිරි . / July 11, 2013
අනේ බොරුවට කෑ නොගහ නිකන් ඉන්න රනිල් මහත්තයෝ…ඔය අගමැති වෙලා හිටපු කාළේවත් කරපු දෙයක් නෑ…දැන් බොරුවට උඩ පනිනවා මෙතන….අවුරුදු ගානක් තිස්සේ චන්දෙන් පැරදෙන ඔයා ඔය වගේ වැදගත් දේවල් වලට අත නොදා පැත්තකට වෙලා ඉන්න…එක තමයි ඔයාට රට වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දේ…..
/
පොඩි මෑන් / July 11, 2013
ටිකක් අත ගා ගන්න ලොකු අයියේ.
/
පින්සාරි / July 11, 2013
අම්මෝ මෙයා ඉරිසියාවේ පැලෙනවා…දන්නවනම් මෙයාටත් ඉන්දියාවට යන්න ටිකට් එකක් ඉල්ලලා දෙනවා.
/
rahal / July 12, 2013
ආරාධනා කරන්නේ උඹේ මුණ ටිකක් හොඳට බලාගන්න..අනේ මේ කෑ නොගහ ඉදපන් බන් එන්න බැයි නම්,අවා කියල වැඩකුත් නෑ,නව කියල පාඩුවකුත් නෑ .
/
ගජ මෑන් / July 12, 2013
ඔයා වගේ ගොන් කතා කියන්න වෙන කාටවත් බැරි හින්දනේ
/
gayani / July 12, 2013
කතා කලේ මේ රටේ ඉන්න ප්‍රධාන විපක්ෂය එයාලා නිසානේ .රනිල් මහත්තයට ඒකත් අමතක වෙලා වගේ
/
සාගර / July 15, 2013
ඔහෙලත් එක්ක සාකච්චා කරලා වැඩක් නැ නේ
/