27 April, 2024

Blog

රවිගේ අයවැය චිත්‍ර​ කතාව හා මෛත්‍රී නැති රනිල්-මහින්ද සන්ධාන කතාව

රවි කරුණානායකගේ 2017 අයවැය චිත්‍ර කතාව අවසන් වෙමින් පවති. රවිගේ හැම අයවැය ලේඛනයක්ම, ජනතාවාදි වී යහපාලන ස්වරූප ගන්නේ අයවැය විවාදය අතර සංශෝධන වලිනි. එය සිදු වන්නේ අයවැය කතාවට පසුව, මෛති‍්‍ර කණ්ඩායම සහ ජවිපේ එක්ව, රවි කරුණානායක දෙපයින් අල්ලා ඉහළට ඔසවා සොලවා කරකවා බිම තබන නිසාය. එවිට පෙනෙන්නේ රවිගේ අවයව මිස, අයවැය නම් නොවේ. රවිට මුදල් ඇමති වරයෙකුට අවශ්‍ය ආර්ථික දර්ශනයක් නැති බව ගියවර හෙළිවිය. මෙවර අයවැය තවම අවසන් නැතද රවිට මොළයක් නැති බව රට තේරුම් ගෙන හමාරය.

වැට් බදු වලින් අපේක්‍ෂිත ආදායමට වඩා වැඩි මුදලක් යොදා මන්තී‍්‍රන්ට කුලියට වාහන සැපයීමට ගත් උත්සාහය ඊට එක් නිදසුනකි. රුපියල පා කිරීම තවත් එවැන්නකි. රුපියල පා කිරීමේ වාසිය රටකට ලැබීමට නම් අපනයන දියුණු කළ යුතුුවේ. එය අපට අසිරු කාර්යකි. අපට ඇත්තේ සේවා වෙළඳ පොළකි. ඒ නිසා ආනයනය අඩු කළ යුතුවේ. ඉන්ධන අඩුවෙන් වැයවන හයිබි‍්‍රඞ් සහ විදුලි වාහනවල බදු ඉහළ දැමීමෙන් 2105 රවි කළේ මොට්ට වැඩකි. විදුලි කාර් ප‍්‍රචලිත නොවුණේ විදුලි ආරෝපන සේවාවක් නොතිබුණ බැවිනි. විදුලි ආරෝපන මධ්‍යස්ථාන 2500ක් ඇති කළා නම් ස්වයං රැුකියා නිර්මානය විමට ඉඩ තිබිණ. හැම විදුලි වාහන හිමිකරුවෙකුම පුනර්ජනනිය බල ශක්ති ව්‍යාපෘතියට එක් කර ගත හැකිව තිබිණ. මේ දැක්ම රවිට නැත. දඩ මුදල වැඩිකර රට හිනස්සන, දරුවන්ට ලැප්ටොප් දී කොමිස් කුට්ටි සමග, අන්තර් ජාල බද්ද වැඩි කිරිමෙන් භාණ්ඩාගාරය පිරවීමටද ඇති නුවන රටේ යහපතට යොදා නො ගැනෙයි.

Ravi Kමේ අංග විකල ආබාධිත වික්කල් දැක්ම එජාපයට උරුම කළේ රවි කරුණායකලාය. රනිල් වික‍්‍රමසිංහ තුළද මේ අංග විකල ආබාධිත වික්කල් නුගුණය මෙසේම පවතී. අයවැය විවාදයේදී මැති ඇමති දීමනා වැඩි කිරීම සාධාරණ කිරිමට රනිල් වික‍්‍රමසිංහ දුන් උදාහරණය හෝඩියේ කල්පනාවකි. රනිල් කීවේ තමාට වඩා සිය බිරිය, මෛති‍්‍ර වික‍්‍රමසිංහගේ පඩිය වැඩි බවය. ඒ අනුව මෛති‍්‍රට වඩා වැඩි පඩියක් රනිල්ට හිමිවිය යුතුවේ. වෙලේ සුදාගේ බිරිය පාර්ලිමේන්තු ආවා නම්…..? ඇයගේ සැමියාගේ මාසික ආදායමට වැඩි වැටුපක් ඇයට දිය යුතුවේ.

එක් ගුරුවරයෙකු අතාර්කික ගණිත ගැටලු ඉදිරිපත් කර තම සිසුන් අපහසුවට ලක් කර මුග්ධ සතුටක් ලැබීය. ඔහු තම වාහනයේ නිෂ්පාදන වර්ෂයද, 24ක් වූ තම වයස යන දත්ත ආශ‍්‍රයෙන් මාමාගේ වයස සොයන ලෙස සිසුන්ට නියම කළේය. එක් සිසුවෙක් වහා නැගිට, සර් මාමාට 48යි කීය. උත්තරය සොයා ගත් ආකාරය විමසූ විට සිසුවා කියා ඇත්තේ සර්ගේ වයස දෙකෙන් වැඩි කළා කියාය. ඊට හේතුව විමසූ විට සිසුවා සර්ට බාගෙට පිස්සු. මාමාට හොඳටම පිස්සු කියා ඇත. අපේ රට කරවන මේ සර්ලාට ඇති පිස්සුවේ ප‍්‍රමාණය ජනතාව තේරුම් ගෙන හමාර බව කීවේ වගකිම මාධ්‍යවේදින් සිදු කරමින් සිටියි. ශිෂ්‍ය භික්ෂුන්ට මාසික දීමනාව හරහා පුංචි මහපොලකි. සාසනික මෙහෙවරකි. ඒක රටට කියන්ට ආණ්ඩුවේ පඩි කන ජාතික මාධ්‍ය ඒකකයට හැකියාව නැත. මේ කරන්නේ ආණ්ඩුවට ගැසිම නොවේ. ජාතික වගකීමක් ඉටු කිරිම ය. එහිදී රවිලා රනිල්ලා මෝඩයන් වීමට අප කුමක් කරන්නද? මේ අයවැයට විවිධ නම් තැබිණ. සත්තකින්ම පාරේ යන එකාත් අල්ලා දඩ ගසන මේ අයවැය පෝරිසාද අයවැයකි.

දඩ වැඩිකර රවි හදාගත් අවුලද අර මාමාගේ කතාව වාගේය. උසාවිය නියම කරන දඩ සහ රජයේ සමහර අධීභාර යන වර්ග දෙකම ආදායම් හෝ බදු ලෙස නොසැලකේ. බස් කාරයන්ට බියවි දඩ වැඩි කිරීම විකෘති විය. බස් ගැමුණුලා පාරේ චණ්ඩින් වෙති. ඔවුන් හමුවේ දන ගැසීමෙන් පෙනුනේ ලිච්චවි පාලනයේ පොන්න පෙනුමය. දඩ වැඩි කළේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමටය. දුමින්ද සිල්වා පොට්ට නවුෆර් වෙලේ සුදා ආදි කෝටිපති සිරකරුවන්ට සමාව දී මුලු අයවැය හිඟයම පියවා ගත හැකිව තිබිණ. එවිට ඔවුන් නැවත කුඩු විකුණා මිනි මරා නැවත එල්ලූම් ගස් යති. නැවත ද ඒ ටිකම කළ හැකිය. එහෙත් දුමින්ද සිල්වා ගොඩ දාන වැඬේ අධිකරණය හරහාද, දඩ වැඩි කිරීම භාණ්ඩාගාරය හරහාද සිදුවේ. අපි රෝයල් කියා ටයි කෝට් දමාගෙන රට කන එවුන්ට වඩා ඇඟ විකුණා, කසිප්පු පෙරා ජීවත්වන ගෑනු පිරිමි නම්බුකාර ය.

මුදල් ඇමති ගෙන් මහ බැංකුව උදුරා ගත් රනිල් පවරා ගත්තේ බැඳුම්කර සෙල්ලමටය. දඩ වැඩි අඩු කරන බලය අධිකරණයෙන් රවි උදුරා ගත්තේ රටේ වියදමටය. ඒක හරියට මහින්ද නීතිපති දෙපාර්තමේන්තුව පවරා ගෙන නීතිය අධිකරණය විනාස කළා වාගේය. වෙනස් බෝර්ඞ් එක පමණකි. බස් එක යන්නේ පරණ පාරේමය.

මහින්ද රට ණය උගුලක සිර කළ බව කියති. ණය බර කියා බදු බර වැඩි කරති. ඒ සමග පාර්ලිමෙන්තුවේ කුණුහරුප කියන නිදියන මන්තී‍්‍රන්ට පඩි වැඩි කිරිමට පහසුකම් සැලසීමට අමුඩ ගසති. මන්තී‍්‍ර පත්වුණේ පාර්ලිමේන්තු යාමට මිස, හිරේ යාමට නොවේ. පාර්ලිමේන්තුවේ ඉඳ ගන්නවාට වෙනම ගානක් ගෙවිය යුතුද? සේවය කිරිමට පැමිණි අය විශ‍්‍රාම වැටුප් ගත යුතුද? අගමැතිකමට මුවාවි මාධ්‍යට බණින රනිල් වික‍්‍රමසිංහ මන්තී‍්‍ර දීමනා අඩු කිරිමට හෝ වැඩි නොකර සිටිමට කිසිදා කැමති නොවේ. මාමාගේ වයස කී පරිදි මේ අනුමානය ගැන අසයි නම් දිය හැකි උත්තරය මෙසේය. බැඳුම්කර හොරුන් රකින්නෙකු රට ගැන කල්පනා නොකරතී යන්නය. ආණ්ඩුවක් ලබා ගත් අමාරුව දන්නේ ඡන්දය කළ එවුන්ය. සටන ජයගත් පසුව, පුරවැසිකම් හෝ නැති පුබ්බරුවන් කරේ තබා ගත් විට, මෙහෙම ප‍්‍රසස්තී අසන්නට ලැබෙනවාමය. යහපාලනය පැත්තකට දමමු. හේතුව ජනතාව පළවා හැරිය ඩිලාන්ලා, මෛති‍්‍රට මුවා වී නැවත රට කන නිසාය. ජනාධිපති මෛති‍්‍රට අනුව, ජනවාරියේ ලැබුණ ඡන්ද වලින් 93%ක් එජාප ඡන්දය. එහෙත් එජාපයට ඇත්තේ ආණ්ඩුවෙන් බාගයකි. ඒ බාගය රනිල් වික‍්‍රමසිංහ රෝයල් සගයන් සමග තනියම කමින් සිටියි. 1994 පරාජයෙන් පහර කෑ යුඇන්පි කාරයන්ට තවම වන්දි ගෙවිමට රනිල් වික‍්‍රමසිංහ අසමත්ව සිටියි.

මැතිවරණ සමයේ කුලියාපිටියට දෙනවා කී පොක්ස්වැගන් සමාගම තැපෑලේ සිරවී ඇත. රටටම නොමිලේ දෙනවා කී වයිෆයි දීමනාවේ වචන දෙක මාරු ඇත. බූරුවෝ තොට ලජ්ජා නෑ යකෝ … සමහරු කෝපයෙන් කෑ ගසති. එසේ කියන්නේ හෙලුවෙන් සිටින විට පමණක් නොවේ. මිනිසුන් රැුවටීමට බොරු කිමද ලජ්ජා නැතිකමක් බව කොළඹ රෝයල් කොලිජිය රනිල්ට උගන්වා නැත. මේවා සිහිවන විට සාමාන්‍ය ජනතාව කියන්නේ කුණුහරුපය. අවාසනාවට ගමේ ඉස්කෝලේ ගිය එවුන්ගේ කුණුහරුප කොළඹ රෝයල් කොලිජියට ගිය රනිල්ලාට නොතේරෙයි. අගමැති තවම බැඳුම්කර හොරකම රකින්නේ මේ භාෂා ප‍්‍රශ්නය නිසාය.

යහපාලනය යනු භාණ්ඩාගාර මුදල් මැති ඇමතීන්ටදී අඩුපාඩු අපෙන් අයකර ගැනීමට නෙවේ. පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනා ලංකාවේ සකල ජනතාව නියෝජනය කරති. එය සැබෑවකි. සත්‍යයකි. එහෙත් ඒ පිරිසගේ වැටුප් දීමනා වැඩි කළ විට, ලංකාවේ ප්‍රශ්න විසදෙන්නේ නැත. මේ ටික රෝයල් කොලීජිය රනිල්ට, රවිට, මලික්ට කියා දි නැත.

මහා දූෂණයක් බවට කෑ මොර දුන් ඇවන්ගාර්ඞ් ව්‍යාපාරය දැන් ලාබ ලබන බව පුන පුනා කියති. ඒ උත්සාහය ඇවන්ගාර්ඞ් සොරකම සුද්ධ කිරීමය. ඩුබායි බැංකුවේ ගිණුම් වාර්තා ගැනිමට අධිකරණයට නොගොස් ජනාධිපතිගේ අත්සන ලබා ගැනීම තක්කඩි වැඩකි. එහි අරමුණ රාජපක්‍ෂලාට මුදල් ආපසු ගැනීමට ඉඩ ලබා දීමය. එය අත යට ගනුදෙනුවකි.

රවිගේ 2016 අයවැය හරහා යහ පාලන ආණ්ඩුවම හත් පොලේ ගා ගෙන හමාරය. ඉස්සර නම් අයවැය යෝජනාවක් ප‍්‍රතික්‍ෂේප වී නම් මුදල් ඇමති අස්වේ. මේ මුදල් ඇමති ඉල්ලා අස්වෙන්නේ නම් නැත. සම්ප‍්‍රදාය අනුව අලුත් මුදල් ඇමතියෙකු රටට අවශ්‍ය බව ජනාධිපති තේරුම් ගත යුතුව ඇත. රවි කරුණානායකට අනුව, බදු අයවැය වියදම සඳහාය. අයවැය හිඟය පියවිමට දේශීය විදේශීය ණය අවශ්‍ය වේ. රවි කරුණානායකලාට ණය ගැනීමත් ණය ගෙවිමත් දෙකම බිස්නස් එකකි. ඔහුගේ ආර්ථීක දැනුම වාසියට එහා යමක් නොදකි. පාර්ලිමේන්තුවට හොරෙන් වැට් බද්ද පැනවා ආණ්ඩුව වෙනුවෙන් රවි කරුණානායක ප‍්‍රදර්ශනය කළේ සිය විශේෂඥ දැනුම විය හැකිය. ඒකාබද්ධ විපක්‍ෂය ඊට යස පාඩමක් ඉගැන්විය. ඒ අසාර්ථකවීමේ වගකීම භාරගෙන මුදල් ඇමති හො ලේකම් අස්විය යුතුවේ. එසේ නොවූ නිසා වරද සිදු කළ එකා කවුදැයි ජනාධිපති රටට හෙළි කළ යුතුවේ. මාධ්‍ය අයවැය පට්ට ගසමින් සිටියි. රවි කෝටි ගණන් වැය කර දැන්විම් දමා ජනතාව දැනුවත් කරති. ඒත් වියදමකි. මේ අයවැය හරහා ලැබුණ සහන බොහෝය. අමෙරිකානු ක‍්‍රමයට ලංකාව පාලනය කිරීමට යාමේ ප‍්‍රතිපල නිසා රවිලා රනිල්ලා මෙසේ සවුත්තුවේ. අප උපයන මුදල් නිකරුනේ වැය කරති.

මහින්දානන්ද කී විට, රත්තරන් කී විට, ජොන්ස්ටන් කී විට, මිනිසුන් තුල ඇතිවන හැඟීමට වැඩි අමතර යමක් රවි කරුණානායක උපයා ගෙන නැත. බොහෝ ගණකාධිකාරින් දන්නේ වියදම් අඩු කිරිමටය. වෘතිය ගණකාධීකාරිවරයෙකු වන රවි කරුණානයකගේ දැනුම මෙහිදී ප‍්‍රශ්න කෙරෙයි.

දිනේෂ්ගේ කුමන්ත්‍රණ කතාවේ අගමුල ගැලපීම

ජනවාරියේ මහින්ද මෛති‍්‍රපාල සිරිසේනට පරාද විය. ඒ පීඩනය හමුවේ ඇද වැටුණ මහින්ද ශ‍්‍රීලනිප නායකත්වයද මෛති‍්‍රගේ දෙපා මුල තබා, නිකම්ම නිකම් පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ බවට පත් විය. ජනාධිපති මෛති‍්‍ර ශී‍්‍රලනිප නායකයා විය. එහෙම කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු ලෙස නොවේ. තම පවුලට එරෙහිව නැගෙන හොර මැර වංචා මිනි මරු චෝදනා වලින් පවුල ගලවා ගැනීමට මෛති‍්‍ර පොරොන්දු කරවා ගෙනය.

එහෙත් නිර් දේශපාලන කි‍්‍රයාවලියක්වූ ජනවාරි ජයග‍්‍රහණයක ප‍්‍රමුඛයාවූ මෛති‍්‍රට එවැනි ගණුදෙනුවක් සඳහා මැදිහත් විමේ ඉඩකඩ අවම විය. ජනාධිපති ලෙස මෛති‍්‍ර කළ කී හැමදේම ප‍්‍රශ්න කළ හැකි තත්වයක් නිර්මානය වන්නේ ඒ නිසාය. ඒ බව රටම දනිති. විශේෂයෙන් අදටත් කිසිවෙකු හොරා යයි නො කියන මෛති‍්‍රපාල සිරිසේන එවැනි තත්වයකට පත් වේද? එහෙත් මහින්ද පලවා හැරිය පසු ඇතිවූ අවකාශයෙහි පාර්ලිමේන්තුවේ සුලු බහුතර බලයක් ලබාගත් එජාපය නිදැල්ලේ හැසිරෙනු පෙනේ. සමහර සිවිල් කි‍්‍රයාකාරිකයන් එජාපයට කැමති වත්තකට පැන හොරා කෑමට ඉඩදි ඇති හැටියකි. ඇවන්ගාර්ඞ් වංචාව, බැඳුම්කර වංචාව ආදි විවිධ දුෂිත කි‍්‍රයා සමග එජාපය ප‍්‍රසිද්ධියේ ගණුදෙනු කරන බව රහසක් නොවේ. එවැනි අවස්ථාවල සිවිල් සංවිධාන කි‍්‍රයාකාරින් ජනාධිපතිට මෙන් එජාප නායකත්වයට බලපෑම් කිරිමෙන් වැළකී සිටිති. මේ තත්වය තුල රාජපක්‍ෂ පවුල රැුකිමේ සකල කොන්ත‍රාත්තුව යහ පාලනයේ රනිල් ප‍්‍රමුඛ එජාප පාර්ශ්වය භාරගෙන මැනවින් ඉටු කරනු පෙනේ.Wimal and Dinesh

පවත්නා එකඟතාවය ශී‍්‍රලනිපයට එරෙහි විකල්ප පක්‍ෂයක් මහින්ද මුල්ව කි‍්‍රයා කිරීමය. සිරිලිය ගිනුම සම්බන්ධ පරීක්‍ෂණ යට ගැසුවේ ද, සිල් රෙදි සොරකම පිළිබඳ පොදු දේපල නඩුවේදී ලලිත් විරතුංගට සහ අනුෂ පැල්පිට දෙදෙනා සිර භාරයට නොගත්තේද ඒ අනුවය. සචින් වාස්ට ප‍්‍රභූ ආරක්ෂාව සැලූසුවේ ඒ අනුවය. ආන්දෝලනාත්මක ඩුබායි ගිනුමේ මුදල් ඉවත් කිරිමට ඉඩ ලැබුණේද ඒ නිසාය. මේ සඳහා විකල්ප පක්‍ෂයක් හැදිමට අමතරව, වංචනිකව උපයා ගත් කෝටි ප‍්‍රකෝටි මුදල් වලින් කප්පම් ගෙවීමටද රාජපක්‍ෂලා කි‍්‍රයා කරති. මේ ආරංචි සමග මලික් සමරවික‍්‍රම, නිතිඥ විජේදාස රාජපක්‍ෂ වජිර අබේවර්ධන ආදින්ගේ නම් පටලැවී ඇත. විජේදාස රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේදී ගෝඨාභය රාජපක්‍ෂ සිර භාරයට ගැනිමට තමා ඉඩ නොදෙන බවට කළ ප‍්‍රකාශය ඊට උදාහරණ වේ. කිසිවෙකු අත්අඩංගුවට ගැනීම තිරණය කරන්නේ අධීකරණය සහ පොලිසියයි. මේ ආයතන දෙකම එජාප ඇමතින් හසුරුවති.

ජනතාව ප‍්‍රතික්‍ෂේප කළ රනිල් වික‍්‍රමසිංහ රටේ අගමැති වන්නේ මෛති‍්‍ර ජනාධීපති වීම නිසාය. සිවිල් සංවිධාන කල්පනා කරන්නේ ජනවාරි ජයග‍්‍රහණයේ සිරකරුවා මෛති‍්‍රපාල සිරිසේන පමණක් බවය. ඒ වාසිය තුල එජාපයේ සමහරු කෑ පතේ පහරමින් සිටිති. දැන් යහපාලනය හසුරුවන්නේ එජාප රාජපක්‍ෂ සන්ධානය මිස මෛති‍්‍ර රනිල් එකමුතුව නොවේ.

ගාල්ලේ වජිර අබේවර්ධන හෙජින් හොරුන් මෙන්ම, සිල් රෙදි නඩුවේ චුදිත අනුෂ පැල්පිටද දිගටම රැුක්කේය. රාජ්‍ය සේවා රෙගුලාසි අනුව අනුෂ පැල්පිට වහා වැඩ තහනමට ලක් කළ යුතුවේ. එහෙත් පොදු දේපල අවභාවිතා කළ අනුෂ පැල්පිට එජාපයේ කාලගෝලයා ආරක්‍ෂිතව තබා ගත්තා පමණක් නොවේ. අතිරේක ලේකම් වරයෙකු ලෙස ද පත් කළේය. ඇවන්ගාර්ඞ් ගණුදෙනුවට සම්බන්ධ දමයන්ති ජයරත්න රට හැර ගියේ වජිර අබේවර්ධන සැපයූ පහසුකම් හරහා ය. එජාප රාජපක්‍ෂ සන්ධානය මෙසේ සකි‍්‍රය වන්නේ රනිල් සපයන පහසුකම් සහිතවය. ඇවන්ගාර්ඞ් පටලැවිල්ල නිසා තිලක් මාරපන ගෙදර ගියාට, එජාප නායකයා, විජේදාස, වජිර, මලික් රකිනු පෙනේ.

මරණ දඬුවමට නියම වූ දුමින්ද සිල්වා රටින් පිට කරන බවට කටකතා පවතී. ඊට සම්බන්ධව අධීකරණ සේවයේ විනිසුරුවරියකට චෝදනා නැගෙයි. අධීකරණය භාර ඇමති එජාපයේ විජේදාස රාජපක්‍ෂට බව රටම දනිති. බෙලිඅත්ත ප‍්‍රදේශයේ උපන් විජේදාස දකුණේ සම්මත සමාජ සාධක අනුව මැදමුලන රාජපක්‍ෂලාගේ වහලුන් මිස අනුගාමිකයන් හෝ නොවේ.

මහින්ද පිළ, ශී‍්‍රලනිපයේ සමහරු සහ එජාපය එක්ව, මෛති‍්‍ර තනි කර ජනවාරි ජයග‍්‍රහණය අකි‍්‍රය කිරීමට කි‍්‍රයා කරති. එජාප රාජපක්‍ෂ සන්ධානයේ ඒකාබද්ධ මෙහෙයුමකි. රාජපක්‍ෂලා රටට මුදා හළ සිංහල බෞද්ධ මුස්ලිම් ආරවුල නැවත විදි බස්වා ඇත. රජය මුස්ලිම් අන්තවාදියෙකු හා සිංහල අන්තවාදියෙකු අත් අඩංගුවට ගැනීමෙන් මෛති‍්‍රපාල ආණ්ඩුව ජාතිවාදි අන්ත වාදය ප‍්‍රතික්‍ෂේප කර ඇත. ඒ තත්වය තුළ බොදුබල සේනාවට රට ගිනි තැබිම අසීරුවී ඇත. රාජපක්‍ෂ සුලු ජාතික නැගිටීම් මට්ටු කිරීමට නීතිය වෙනුවට බෞද්ධ භික්‍ෂුන් යෙදවීය. බේරුවල අලුත්ගම සිද්ධිය එවැන්නකි. පසුගිය සිකුරාදා මහනුවරට එක්ව අත්හදා බැලූවේ එවැන්නකි. මඩකලපුවේදී රාජකාරි කළ ග‍්‍රාම නිලධාරියෙකුට භික්‍ෂුවක් තර්ජනය කිරිම ගැන ස්වදේශ ඇමති මෙන්ම ග‍්‍රාම නිලධාරි වෘතිය සමිතියද නිහඬ ය. ඒ එජාප රාජපක්‍ෂ සන්ධානයේ බලපෑම නිසාය.

යහපාලන රජයේ ආරක්‍ෂක පියවර අනුව මධ්‍යස්ථ බහුතරය ඇවිස්සීම රාජපක්‍ෂලාට අපහසුවී ඇත. ඒ නිසා, අන්තවාදින් ඇවිසීමේ උවමනාව ඉටු කිරීමට විජේදාස රාජපක්‍ෂ කි‍්‍රයා කරයි. අයිඑස්අයිඑස් ගරිල්ලන් ගැන ඔහු කළ ප‍්‍රකාශය කැබිනට් ප‍්‍රකාශක ප‍්‍රතික්‍ෂේප කර ඇත. විජේදාස ඒ ප‍්‍රකාශය කළේ රාජපක්‍ෂලාගේ පැවැත්ම වෙනුවෙනි. විජේදාස රාජ්‍ය බුද්ධි අංශ හෝ විමසා නැති බව කියති. කලු ජූලිය වැනි ව්‍යසනයකට ආණ්ඩුව තුල පවත්නා නැඹුරුව මෙයින් හෙළිවේ. එහි අපේක්‍ෂාව මෛති‍්‍රපාල සිරිසේනගෙන් වියුක්ත මහින්ද රනිල් සංධාන ආණ්ඩුවක් බිහි කිරිමය. එවිට බැඳුම්කර වංචාව ඇතුලු බොහෝ වංචා දූෂණ පරීක්‍ෂණ යටපත් කළ හැකිය. අයවැය වැනි තීරණාත්මක ඡන්ද වලදී මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තුව මග හරින්නේ එජාප රාජපක්‍ෂ සන්ධානයට අනුවය. පාර්ලිමේන්තුවේ තිරණාත්මක ඡන්දයකදී ආණ්ඩුව පැරදුනොත් ඍජු ප‍්‍රතිපලය රනිල් වික‍්‍රමසිංහට අගමැති කම අහිමි විම පමණකි. එය ජනාධීපති මෛති‍්‍රට බල පාන්නේ නැත. ඉහත කී සිද්ධි හරහා මෙයට වඩා යහපත් අනුමානයකට යා නොහැකිය. එජාප රාජපක්‍ෂ සන්ධානයේ පොදු අපේක්‍ෂාව මෛති‍්‍රපාල සිරිසේනගෙන් වියුක්ත මහින්ද රනිල් සංධානයක් බිහි කිරිමය.

දිනේෂ් ගුණවර්ධනගේ හමුදා කුමන්ත‍්‍රණ කතාව කියන්නේ මීට අනුකූලවය. තිස් අවුරුදු යුද්ධය වෙනුවෙන් අනේක කැප කිරිම් කළ හමුදාවේ ගෞරවය කෙළසන මේ ප‍්‍රකාශය බරපතල ය. හමුදාව සහ කුමන්ත‍්‍රණ වචන පෙළ ගැසීමෙන් නිර්මානය වන කලු පැල්ලම හමුදාවේ ගෞරවය කෙළසීමකි. බෙදුම් වාදයෙන් රට මුදා ගත් කිර්තිමත් හමුදාව මෙවැනි ප‍්‍රයත්නයකට තල්ලු වෙයි නම් එය රාජපක්‍ෂ කුමන්ත‍්‍රණයකි. තිස් අවුරුදු යුද්ධය නිම කළ සරත් පොන්සේකා ඡන්දයකට තල්ලු කළේ හමුදාව නොවේ. එසේම ඔහු සිර ගත කරනු දෙස හමුදාව බලා සිටියා පමණකි. ජනවාරි 9 වෙනිදා උදෑසන අරලියය ගහ මන්දිරයේ සිද්ධියද එවැන්නකි. මේ නිරීක්‍ෂණ හරහා කියැන්නේ අපේ හමුදාවන් තුල පවත්නා විනය හික්මීම සහ වගකිමය.

තිස් අවුරුදු යුද්ධයේ දැවැන්තයෙකුවූ ලෙප්ටිනන්ට් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව වරක් මෙසේ කීය. ‘‘ යුධ හමුදාවන්ට භූමිය ත‍්‍රස්තවාදින්ගෙන් නිදහස් කර දිය හැකිය. එහෙත් ලාංකිකයන් ජීවත්වන මේ ප‍්‍රදේශ අපට හැමදාම එය ආරක්‍ෂා කළ නොහැකිය. පිළියම රටේ සාමය සමාදානය සංහිඳීයාව සඳහා දේශපාලන විසඳුමක් පාලකයන් විසින් ලබා දිමය.’’ අපේ හමුදාව අදද ඒ අපේක්‍ක්‍ෂාවෙන් පසුවේ. යුද්ධය දිනූ රජපක්‍ෂලා අනාගතය වෙනුවෙන් මේ වගකිම ඉටු කළේ නැත. දිනේෂ් මේ කරන්නේ හමුදාව සවුත්තු කිරිම ය. මේ වල්බූරු කතාව වීරවංශ බන්ධුල ගුණවර්ධන හෝ ගම්මන්පිල කළා නම් එහි පුදුමයක් නැත. මවිතය දිනේෂ්ගේ ප‍්‍රකාශය නොවේ. පිලිප් ගුණවර්ධනගේ පුත‍්‍රයා වීමය.

දිනේෂ්ගේ මේ හැසිරිම ගැන නිවැරදි තක්සේරුවක් කළ හැකිව තිබුණේ ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහට පමණකි. ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහ යනු ලංකාදීප පත‍්‍රයේ වගතුග තීරුවෙන් ලුණු ඇඹුල් ඇතිව ජාතියට ඇමතූ ලේඛකයෙකි. මානවසිංහ සිය ශෛලියෙන් කීර්තිමත් පියෙකුගේ අපකීර්තිමත් අවලම් පුතෙකු හැඳින්වූයේ මෙසේ ය.

‘‘උප්පැන්න සහතිකේ අර මනුස්සයාගේ නම තිබුණාට ඕකාගේ ඇඟේ දුවන්නේ කාගේ ලේද කියලා උගේ අම්මාවත් දන්නේ නැහැ. අප්පාගේ නම පාවිච්චි කළාට හැම නොට්ටිගේ පුතාම මහ එකාට ජාතක වෙලා නෑ.’’ මානවසිංහ ජීවත්ව සිටියා නම් දිනේෂ්ගේ හමුදා කුමන්ත‍්‍රණ කතාවට මානවසිංහ ඔය ටිකම කියනවාට සැක නැත.

අද එජාපය යැපෙන්නේ ජනවාරි පෙරළිය නිසාය. රනිල් ජනාධිපති කමට අලියාගෙන් තරග කරනවාට වාඩත් විරුද්ධ වුණේ එජාපයයි. 56 පෙරළිය කළ මහජන එක්සත් පෙරමුණ අද මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ තවත් ලිපි ගොනුවක් පමණකි. මහින්ද රටේ ජනාධිපති වුණේ අනුර බණ්ඩාරනායක බලා සිටියදී ය. 1948දී උපන් කොළඹ රාජකීය විද්‍යාලයේ පන්ති සගයන්ව සිටි රනිල් අනුර දිනේෂ් තිදෙනා ගැන තවත් මොනවා කියන්නද? රනිල් මහේන්ද්‍රන් තෝරා ගත්තේ රෝයල් නිසාය. රාජකීය විද්‍යාල ඉතිහාසය මේ තිදෙනාට කිසි විටෙක සමාව නොදෙනු ඇත.

චන්ද්‍රසිරි සෙනෙවිරත්න –

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.