26 April, 2024

Blog

දූෂණයේ දොවොල: දිනකට මිලියන 4ක් පාඩු ලබන ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල

කළම්බු ටෙලිග්‍රාෆ් වෙත වාර්තා වන අන්දමට ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල දිනකට මිලියන 4 ක පාඩු ලබමින් පවත්වාගෙන යනු ලබයි. මෙම රෝහලෙහි සභාපති වනුයේ රාජපක්ෂ රෙජීමයෙහි මෙන්ම වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේද කුප්‍රකට අතවැසියකු වන වෛද්‍ය අතුල කහඳලියනගේ විසිනි. කහඳලියනගේගේ සේවාධූර කාලය දේශපාලන ගැති බවින් ලබාගත් තනතුරු වලින් ගර්භිත එකකි. ඔහු විසින් එසේ ලබා ගත් සෞඛ්‍ය​ සේවා අධ්‍යක්ෂක ජෙනරාල් තනතුර වෛද්‍ය ටෙරන්ස් ගාමිණි ද සිල්වා විසින් අධිකරණයේදී අභියෝගයට ලක් වූ අතර ඔහු වංචනික ලෙස පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයේ පශ්චාත් උපාධියක් හදාරන බව පෙන්වමින් පූර්ණ කාලීනව සේවයේ නියුතුව සිටියදී එය හෙළි වීම නිසා පශ්චාත් වෛද්‍ය උපාධි අධ්‍යනයෙන් ඉවත් කරන ලද්දෙකි. තවද ඔහු මෙම පශ්චාත් උපාධියට ලියාපදිංචි වී තිබුනේ නිල බලයෙන් එම ආයතනයේ කළමනාකාර මණ්ඩලයේද සාමාජිකයකුව සිටියදීය. නිමල් සිරිපාල සිලවා ගේ නිර්ලජ්ජී අමාත්‍ය ධූර කාලය තුලදී  සෞඛය අමාත්‍යංශ ලේකම් ධූරය තෙක් ඉහල නැගී කහඳලියනගේ නීති විරෝධී පත්වීම් ලබාගැනීම, ඒවා සුරක්ෂා කිරීම සහ දිගින් දිගට පවත්වාගෙන යාමෙහි විශේෂඥයෙකි. ශ්‍රී ජයවධනපුර මහා රෝහලෙහි 2015 මාර්තු 26 දින සිට නීතිවිරෝධී ලෙස අධ්‍යක්ෂක කාර්යාලය අත්පත් කරගෙන සිටින ඊනියා අධ්‍යක්ෂක වෛද්‍ය සුසිත සේනාරත්නගේ ඉටු දෙවියකු ලෙස කටයුතු කරනු ලබන්නේ ඉහත සඳහන් කහඳලියනගේය.

සුසිත​, අතුල සහ රාජිත​

නීතියේ ඇසට වැලි ගැසීම 

රටෙහි පිළිගත් වෘත්තිකයන් ගෙන් සමන්විත රෝහල් අධ්‍යක්ෂක මණ්ඩලය 2015 වසරේ සිට සේනාරත්නගේ නීති විරෝධී පත් වීම සඟවමින් නීතියේ ඇසට වැලි ගසමින් සිටිති. එම මණ්ඩලය තුල රෝහල නියෝජනය කරන විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනා හැරුණු විට අන් සියල්ලන්ම රාජිත සේනාරත්නගේ ගැත්තන් වන අතර ඔවුන් කිසිදු අවස්ථාවක මෙම නීති විරෝධී පත්වීමට එරෙහි වී නැත. එසේ එරෙහි නොවීම නිසා රෝහල් වියදම් සහ සුසිත සේනාරත්නට ලබා දෙන අල්ලස් වශයෙන් රෝහලට අහිමි වන මුදල ඇති විශාල වෙයි. මක් නිසාද යත් භාණ්ඩ සහ සේවා සපයන්නන් අල්ලස් වශයෙන් දෙන මුදල් නැවත උපයා ගන්නේ එම භාණ්ඩ හා සේවා වල මිල ඉහල දැමීමෙනි.

සේනාරත්න රෝහලේ මිලදී ගැනීමේ ක්‍රියාවලියට ඉතා ලඟින් සම්බන්ධ වෙයි. ඔහු නීති විරෝධී  ලෙස රෝහල් ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කරයි. එය නීති විරෝධී වන්නේ සේනාරත්නට නීත්‍යානුකූල පත් වීමක් නොමැති හෙයිනි. තාක්ෂණික කමිටු නිලධාරීන් පත් කල යුතු වන්නේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වන කහඳලියනගේ වුවද සැබවින්ම එම පත් කිරීම් සිදු කරනුවේ සේනාරත්න විසිනි. ඔහුට අවනත තාක්ෂණික කමිටු නිලධාරීන් ගෙන්වා සිය කාමරය තුලදී තාක්ෂණික ඇගයීම් ලිවිය යුතු අකාරය පිළිබඳව ඔහු විසින් බල කරනු ලබන බවට වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් ඉදිරියෙන්ම සිටිනුයේ රෝහලේ ඉංජිනේරුවරයා වන වික්ටර් නම් තැනැත්තා වන අතර ඔහු මහා පරිමාන මූල්‍ය වංචාවකට වරදකරු වීමෙන් පසුවද ඉදිරි ප්‍රයෝජන සඳහා රඳවා ගත් අයෙකි. සාමාන්‍ය වෛද්‍ය නිලධාරියකුගේ වැටුපට පැමිණි සේනාරත්න මෙම ඊනියා අධ්‍යක්ෂක ධූරයෙන් වසරකට පසුව අති සුඛෝපභෝගී BMW 5 X රථයක් මිලට ගැනීම පුදුමයකි. එම රථය රෝහලේ තාප්පයක් මත හප්පා රිය අනතුරක් සිදු කල සේනාරත්න එම රථය තුල සිහි මද ගතියෙන් සිටිනු නිරීක්ෂණය විය. එම අනතුරින් රෝහලට සිදු වූ අලාභය පිළිබඳව කිසිදු පරීක්ෂණයක් කහඳලියනගේ විසින් සිදු නොකළ අතර සේනාරත්න විසින් කිසිදු අලාභයක් ගෙවීමක්ද සිදු නොවීය. සිදු වූයේ “වෛද්‍ය ප්‍රතිකාර සඳහා” රාජිත සේනාරත්නගේ මහජන සම්බනධතා නිලධාරී වෛද්‍ය උපුල් ගුණසේකර සමග ඔහුව වහාම සිංගප්පූරුවට යැවීමය. එම ගමන දැක්වෙන පහත චායාරූපයෙන් සේනාරත්නව ගුවනින් වෛද්‍ය ප්‍රතිකාර සහා විදේශ ගත කිරීමට තරම් අසාධ්‍ය තත්ත්වයක් පෙන්නුම් නොකෙරේ. 

මෙම ඊනියා අධ්‍යක්ෂකවරයා සහ සභාපතිවරයා විසින් විටින් විට රෝහල් මණ්ඩල සටහන් වල රෝහල මුල්‍යමය වර්ධනයක් පෙන්නුම් කරන බවට සටහන් තැබුවද සත්‍ය වාර්තා ඊට වෙනස් දත්ත සපයයි. 

කළම්බු ටෙලිග්‍රාෆ් ටෙලෙග්රාෆ් වෙත විෂවාසනීය ලෙස වාර්තා වන ආකාරයට රෝහලේ සැපයුම්කරුවන්ගේ කිසිදු ගෙවීමක් සේනාරත්නගේ අල්ලස් ගෙවන තුරු සම්පාදනය නොවෙයි. මේ වන විට රෝහල සැපයුම් කරුන්ව වෙත ගෙවීමට ඇති මුදල මිලියන 50ක් ඉක්මවන අතර කළම්බු ටෙලිග්‍රාෆ් වෙත අදහස් දක්වූ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවකු පැවසුයේ සේනාරත්න සහ ඉංජිනේරු වික්ටර් වෙත විටින් විට අල්ලස් ගෙවීමෙන් තමා හෙම්බත්ව සිටින බවත් නැවත මෙම රෝහලේ ටෙන්ඩරයක් දෙස වත් බැලීම තමා අරමුණු නොකරන බවත්ය.

ජනාධිපතිතුමා මට කතා කරනවා 

රෝහලේ මුල්‍ය අක්‍රමිකතා සහ වංචනික ක්‍රමවේදයන් හේතුවෙන් 2018 මුල්භාගයේ තුන් මසක රෝහල් විගණක වාර්තා සකසා ගැනීමට නොහැකි වූ අතර රෝහල් මණ්ඩලය මේ සම්බන්ධයෙන් ඊනියා අධ්‍යක්ෂකවරයාගෙන් කිසිදු පැහැදිලි කිරීමක් ලබා ගැනීමක් හෝ නිදහසට කරුණු විමසීමක් සිදු නොකළේය. මෙය රජයේ විගණකාධිපතිවරයා ද දැනුවත් වූ කාරණයක් වූ අතර විගණකාධිපතිවරයා විසින් සිදු කිරීමට තැත්  කල සියලු විමර්ශනයන් සේනාරත්න විසින් වංචනික ලෙස මග හරින ලදී. අවසානයේ විගණකාධිපති කාර්යාලයෙන් කණ්ඩායමක් පැමිණ කරුණු විමසීම සිදු කරන අතර සේනාරත්න සිය ජංගම දුරකථනයට ආ ඇමතුමකට පිළිතුරු දෙමින් “ජනාධිපතිතුමා මට කතා කරනවා” යනුවෙන් පවසා එම ස්ථානයෙන් පලා ගියේය. ඉක්බිතිව විගණකාධිපති  කාර්යාලයේ නිලධාරීන් විසින් සේනාරත්න “රැස්වීම මගහැර පලා ගිය බවට” වාර්තාවක් නිකුත් කරන ලදී. කළම්බු ටෙලිග්‍රාෆ් විසින් කරන ලද කරුණු තහවුරු කර ගැනීමෙන් පෙනී ගොස් ඇත්තේ එදින ජනාධිපති මැදුරට හෝ ජනාධිපති ලේකම් කාර්යාලයට සේනාරත්න ගිය බවට කිසිදු ලොග් සටහනක් නොමැති බවය.

සදාචාරයෙන් තොර මණ්ඩලය 

රටේ පිළිගත් වෘත්තිකයන්ගෙන් සැදුම් ලත් රෝහල් මණ්ඩලයේ සාමාජිකයින් අතුරින් රෝහල නියෝජනය කරන විශේෂඥ වෛද්‍යවරන් තිදෙනා හැරණු කොට අන් එකදු සාමාජිකයකු වත් මෙමෙ පරිපාලනමය සහ මුල්‍ය වංචාවන් පිළිබඳව කිසිදු ප්‍රශ්න කිරීමක් නොකිරීම වැදගත් කරුණකි. සේනාරත්නගේ ප්‍රබලතම සහයකයා වන මහාචාර්ය ජනක ද සිල්වා කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ සභාපතිවරයාය. ඔහු ගේ ආයතනය විසින් පශ්චාත් උපාධි පුහුණුව සඳහා වෛද්‍යවරුන් ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල වෙතද යොමු කෙරෙන අතර එවැනි ආයතනයක් කිසිදු සුදුසුකමක් තොර පුදගලයකු විසින් පාලනය වීම ගැන ප්‍රශ්න කිරීමට තරම්වත් සදාචාරයක් හෝ චරිත ශක්තියක් මහාචාර්ය ජනක ද සිල්වා ට නැත. සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යංශයේ, වෙනත් ස්ථාන වලදී සහ GMOA විරෝධී රැස්වීම් වලදී නිතර පවසන්නේ මහාචාර්ය ජනක ද සිල්වාට සහ ඔහුගේ බිරිඳ මහාචාර්ය නිලන්ති ද සිල්වාට ඔහු විසින් ඇති තාක් දේශපාලන වාසි ලබා දී ඇති බවය. කෙටියෙන් පවසනවානම් “සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වීමට කිසිදු සුදුසුකමක් අවශ්‍ය නැති හෙයින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති වීමට ද මට සුදුසුකමක් අවශ්‍ය නැති” බව සේනාරත්න කළම්බු ටෙලිග්‍රාෆ් වෙත ප්‍රකාශ කල වකවානුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස රෝහල් මණ්ඩලයේ සිටි වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර එම ප්‍රකාශය සම්බන්ධයෙන්වත් කිසිම පියවරක් ගත්තේ නැත. 

තවද සේනාරත්න ප්‍රසිද්ධියේ පවසන අනෙක් කරුණ නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරට වැඩිම සුදුස්සා වූ වෛද්‍ය සුනිල් ද අල්විස් (නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනේරාල්- අධ්‍යාපන, පුහුණු සහ පර්යේෂණ) කපා හැර එම තනතුර වෛද්‍ය අනිල් ජාසිංහට රාජිත සේනාරත්න ලබා දුන්නේ සිය බලපෑම මත බවය. ඊට අනුකූලව අද වන තුරුද අනිල් ජාසිංහ කිසිදු අවස්තාවක සේනාරත්නගේ නීති විරෝධී පත්වීම සම්බන්ධව කිසිදු විරුද්ධත්වයක් ප්‍රකාශ කර නැත. මීට අමතරව ප්‍රකට විගණකයකු වන නන්ද ලලිත් සේනානායක, හිටදු මුදල් අමාත්‍යංශ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් අනුලා හරස්ගම, වෝටර්ස් එජ් හෝටලයේ සභාපති ඉංජිනේරු චමත් ද සිල්වා, වෛද්‍ය හර්ෂ සමරවීර යන කිසිදු පිළිගත් වෘත්තිකයකුට මෙම නීති විරෝධී පත්වීමට එරෙහි වීමට තරම් සදාචාරයක් තිබී නැත. මීට හේතුව නම මොවුන් සියලු දෙනාම සිය කැමැත්තෙන් අන්ධ වූ රාජිත සේනාරත්නගේ ගැත්තන් වීමයි. වර්තමානයේ මුදල් අමාත්‍යාංශය​ නියෝජනය කරන එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ආර්. සේමසිංහ රෝහල් මණ්ඩලය තුල සේනාරත්න සහ කහඳලියනගේගේ සියලු නීති විරෝධී ක්‍රියා වල ප්‍රබලතම සහයකයාය. සේමසිංහ යනු ලලිත් වීරතුංග විසින් සිදු කල මිලියන 600 සිල් රෙදි වංචාව  සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇප පිට නිදහස් වූවෙකි.

මේ දිනවල සේනාරත්න ඉතා ඛෙදජනක ලෙස රෝහලේ තැන තැන ප්‍රකාශ කරනු ලබන්නේ අධිකරණය විසින් තමාව මෙම ඊනියා තනතුරෙන් පහ කළද, දේශපාලන බලය යොදා කහඳලියනගේ ඉවත් කර තමා රෝහල් සභාපති ලෙස හෝ පත්ව එන බවය. 

මුල්‍යමය දුර්වලත්වය 

ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල් අදටද පවත්වාගෙන යනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාශ අයවැයෙන් වාර්ෂිකව ලැබෙන රුපිය මිලියන 500 ක ප්‍රදානය​ මතය. සියලු යන්ත්‍ර මිලදී ගැනීම් සහ වැටුප් ගෙවීම් සිදු කරනු ලබන්නේ මෙම මුදලෙනි. කහඳලියන්ගේ සහ සේනාරත්න නොනවත්වා පවසන ආකාරයේ මුල්‍යමය ස්වාධීනත්වයක් මෙම රෝහලට නැත. සිදුව ඇත්තේ තිබුනාටත් වඩා අලාභයටකට රෝහල ඇද වැටී දිනකට මිලියන 4ක් අලාභයක් ලබන ආයතනයක් බවට පසු ගිය වසර 3 ඇතුලට මෙම රෝහල පත්වීම පමණි. 

2018 ජනවාරි මාසය තුල රෝහලේ දිනක පාඩුව රුපිය මිලිය 4ක් වූ අතර කහඳලියනගේ විසින් මන්ත්‍රයක් මෙන් ජප කරනු ලබන්නේ රෝහල මුල්‍යමය ස්වාධීනත්වය කරා යන බවය.

නොනවතින යන්ත්‍ර මිලදී ගැනීම 

තමා අල්ලස් ලබා ගන්න සැපයුම් කරුවන්ගේ යන්ත්‍ර සහ රසායනික ද්‍රව්‍ය මිලදී ගැනීමට විශේෂඥ වෛද්‍යවරුන්ට බල කිරීම සේනාරත්න විසින් සිදු කරනු ලැබෙයි. හදිසි අනතුරු ඒකකයක ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉතා බාල වර්ගයේ හෘදයාබාධ​ සඳහා පරීක්ෂණ සිදු කරන යන්ත්‍රයක් සේනාරත්න විසින් මිලදී ගත්තේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විරෝධය නොතකාය. මෙම යන්ත්‍රය විසින් සාවධ්‍ය ප්‍රතිපල ලබා දෙන අතර රෝගී ජීවිත අවදානමට පත් වෙයි. මෙම යන්ත්‍රය සේනාරත්න ලබා ගත්තේ ඇනලිටිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් නමැති කුප්‍රකට ආයතනය විසිනි.

රාජිත සේනාරත්නගේ නම විකුණමින් විවිධ සේවා සපයන්නන්ගෙන් අල්ලස් ලබා ගැනීමද සුසිත සේනාරත්න විසින් සිදු කරනු ලබයි. සිය ඊනියා පත්වීම ලැබීමෙන් අනතුරුව 2015 දී රෝහල් පවිත්‍ර කිරීමේ ටෙන්ඩරහි තාක්ෂණික ඇගයීම සිදු කල සාමාජිකයන් අතරින් කිහිප දෙනෙකු ගෙන්වූ සේනාරත්න අල්ට්‍රා ක්ලීන් නමැති ආයතනය රාජිත සේනාරත්නගේ ඡ​න්ද ව්‍යාපාරයට රුපියල් මිලියනයක් දුන් බව පවසා එම ආයතනයට මෙම ටෙන්ඩරය ප්‍රදානය කරන ලෙස ඉල්ලා සිටියේය. නමුත් මෙම කමිටුව එය ඉටු නොකළ අතර මෙම ප්‍රකාශය ඔහු විසින් නිකුත් කරන ලද්දේ වෙනත් රෝහල් සේවකයන් ද ඉදිරියෙහිදීය. සුසිත සේනාරත්න විසින් දිගින් දිගටම සැපයුම් කරුවන් ට පවසන්නේ අල්ලස් වල “ඇමතිවරයාගේ භාගය” ඔවුන් විසින් ගෙවිය යුතු බවය. දෙදෙනාට ම සේනාරත්න නමැති වාසගම ඇති හෙයින් ඔහු නිතරම ප්‍රකාශ කරනු ලබන්නේ තමා රාජිත සේනාරත්නගේ ඥාතිවරයකු බවත් අල්ලස් පිළිබඳව ඔහුට පැමිණිලි කළහොත් තත්ත්වය දරුණු  විය හැකි බවත්ය.

කළම්බු ටෙලිග්‍රාෆ් වෙත විශ්වාසනීය ලෙස වාර්තා වන ආකාරයට අල්ලස් ලබා ගැනීමට උපකාර කිරීම, සංවාද හොරෙන් පටිගත කිරීම, අල්ලස් සඳහා තැරව් කිරීම කරනු ලබන්නේ සුසිත සේනාරත්නගේ පෞද්ගලික ලේකම් වන අංජන සෙන්දනායක විසිනි. මොහු  ලිපිකරුවකුගේ වැටුපක් ලබන්නෙකු වුවද ඔහුගේ ජීවන රටාව ඊට හාත්පසින්ම වෙනස් එකක් වෙයි. වාර්තාවන ආකාරයට මොහු පිළිබඳව දේශීය ආදායම්බදු අමාත්‍යංශයට සහ අල්ලස් හෝ දූෂණ කොමිසමට වාර්තා කිරීම නියමිතව ඇත.

විනය බිඳ වැටීම 

සුසිත සේනාරත්න රාජිත සේනාරත්නගේ නම විකුණමින් අල්ලස් එකතුකිරීමේ ජාවාරම සිදු කලද, රාජිත සේනාරත්න දිහින් දිගටම ඔහුව ආරක්ෂා කරයි. මෑතකදී පවතී හෙද නිලධාරීන්ගේ වැඩ වර්ජනයේදී හෙද හෙදිය 600ක් සේනාරත්නට එරෙහිව වැඩ වැරූ අතර රෝහලේ 34 වසරක ඉතිහාසයේ පළමු වතාවට දින 10 පුරා රෝහල වසා දමන ලදී. මෙහිදී රෝහලේ විනය සම්පූර්ණයෙන් බිඳ වැටුණු අතර උද්ඝෝෂණ, අපහාස කිරීම්, ඝෝෂා කිරීම් ආදී විනය විරෝධී ක්‍රියා සිදු විය. මෙහිදී රෝගී ජීවිත දැඩි අවදානමට ලක්වූ අතර දැඩි සත්කාර එකක, නොමේරු ළදරු එකක, ගැබිණි මවුවරුන් ඇතුළු විවිධ රෝගීන් දැඩි අපහසුතාවයට සහ අවදානමට පත් වූහ. මෙම ව්‍යසනයෙන් පසුවද කහඳලියනගේ පැවසුයේ “මේ ගත වෙන්නේ විශිෂ්ඨතම​ අධ්‍යක්ෂක වරයා යටතේ පවතින විශිට පරිපාලන සමයක්” බවය!

මෙම වැඩ වර්ජනයේ උච්චතම අවස්ථාවේදී රෝහලට පැමිණි රාජිත සේනාරත්න සුසිත සේනාරත්නව නිර්ලජ්ජී ලෙස ආරක්ෂා කරමින් පැවසුවේ “එයාව පත් කලේ මම. කී දෙනෙක් වර්ජනය කලත් එයා යන්නේ නැහැ” යනුවෙනි. ඔහු එසේ ප්‍රකාශ කලද අධිකරණ තීන්දු අංක No: CA WRIT 184/2018 සුසිත සේනාරත්නගේ රෝහල් මණ්ඩල සාමාජිකත්වය අහෝසි කර ඇත. (චින්තිකා ද සිල්වා)

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.