18 January, 2021

Blog

දුර නොපෙනෙන දැක්මක් සහ පර වෙන සංවර්ධනයක් පිළිබඳ වරාය නගරයක කතාන්තරයක්

මීරා ශ්‍රීනිවාසන් –

මහින්ද රාජපක්ෂගේ කල්පනාව වුණේ, රටේ දෙවැනි අගනගරය බවට හම්බන්තොට පත් කිරීමයි. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ රැුකියා සැපයීමට එදා අපේක්ෂා කෙරුණි. එහෙත් ඒ වෙනුවට, සුදු අලි ව්‍යාපෘති ගණනාවක් දායාද කළ ඉතිහාසයක් අද වන විට නිර්මාණය කොට තිබේ.

ගැඹුරු මුහුදු පත්ලක් සහිත වෙළඳ වරායක් ගොඩනැගීම සඳහා 2009 දී එම පළාතේ ජනතාවගේ ඉඩම් අත්පත් කර ගනිමින් ඇති කිරීමට සැලසුම් කළ මේ ව්‍යාපෘතිය තුළ ‘සෑම පවුලකටම රැුකියාවක්’ සැපයීමට බලධාරීහු පොරොන්දු වූහ. ඒ ආකාරයෙන්, යෝජිත වරායෙන් කිලෝ මීටර් 15 කට ඈතින්, ආණ්ඩුව වෙන් කළ ඉඩම් කට්ටිවලි ‘යළි පදිංචි කරවන ලද’ පවුල් 475 කට ආසන්න පිරිසක් දෛනික දිවි පැවැත්ම පිළිබඳ ප‍්‍රශ්නයකට අද මුහුණදී සිටිති. ‘මගේ පුතාගේ වයස අවුරුදු 40 යි. ඩිප්ලෝමා සහතිකේකුත් තියෙනවා. ඒත් අද වෙනකල් රස්සාවක් නැහැ.’ 73 වියැති මවක් කීවාය.

උග‍්‍ර විරැුකියාව

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, මේ දිස්ත‍්‍රික්කයේ රැුකියා විරහිත භාවය සියයට 5.2 කි. එය, රටේ සාමාන්‍ය විරැුකියා ප‍්‍රතිශතය වන සියයට 4.4 වඩා ඉහළ අනුපාතිකයකි. යුද්ධයෙන් විනාශයට පත් උතුරු සහ නැගෙනහිර පිහිටි වව්නියාව සහ මඩකලපුව වැනි ප‍්‍රදේශවල පවතින විරැුකියාවට එය සමාන ය. ප‍්‍රදේශයේ වෙසෙන 450 ක් පමණ වන පිරිසක් මේ වරායේ සේවය කරන බව නිලධාරියෙක් කීය. මොවුන්ගෙන් බොහොමයක් දෙනා සේවයට බඳවාගෙන ඇත්තේ තාවකාලික කම්කරු පදනමිනි.

සංවර්ධන සිහිනය තුළ දීර්ඝ කාලයක් තිස්සේ අතහැර දමා තිබුණු, රටේ දකුණු පළාතේ පිහිටි හම්බන්තොට ප‍්‍රදේශයේ වැසියකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ලංකාව පිළිබඳ සංවර්ධන සිහිනයේ හදවත වුණේ මේ ව්‍යාපෘතියයි. මේ දිස්ත‍්‍රික්කයේ දිසාපතිවරයා වන ඩබ්. එච්. කරුණාරත්න කියන පරිදි, ‘‘මිනිසුන් මේ හම්බන්තොට කලින් හඳුනගෙන හිටිය කොයි වගේද කියලා දැන ගන්න නම් ‘බැද්දේගම’ නැමැති නවකතාව කියවන්න ඕනේ”. ඔහු මේ සඳහන් කරන්නේ, මේ ප‍්‍රදේශයේ බි‍්‍රතාන්‍ය සිවිල් නිලධාරියෙකු වශයෙන් සේවය කළ ලෙනාඞ් වුල්ෆ් 1913 දී ලියූ නවකතාවක් ගැන ය. දඩයක්කාර පවුලක් වටා ගෙතුණු කතාවක් හරහා, බැද්දක් යාබද පිහිටි ගමක විසූ මිනිසුන්ගේ ජීවිතවල දෛනික කටුකත්වය ලෙනාඞ් වුල්ෆ් මේ නවකතාව තුළ අගේට විස්තර කොට තිබේ. එය, භයානක අවදානම සහ රුදුරු වියෝගය පිළිබඳ අඳුරු කතාවක් චිත‍්‍රණය කරයි. කරුණාරත්න අදහස් කරන පරිදි, ශත වර්ෂයකට ආසන්න කාලයක් තිස්සේ එම පළාතේ තිබූ යථාර්ථය ඒ මගින් අපූරුවට නිරූපණය කෙරේ.

රාජපක්ෂගේ නැගීම

හම්බන්තොට චිත‍්‍රය වෙනස් වීමට පටන් ගත්තේ, මහින්ද රාජපක්ෂගේ දේශපාලනික නැගීමත් සමගයි. ඔහු බලයේ සිටි දශකය තුළ, ‘මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරායත්’, ‘මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළත්’ ගොඩනැගුවේය. මාගම්පුර වරාය සඳහා ඩොලර් බිලියන 1.1 ක ණය මුදලක් ලබා ගැනුණි. මත්තල ගුවන් තොටුපොළ සඳහා ඩොලර් මිලියන 209 ක් වැය විය. ඒ මුළු මුදලින් විශාල ප‍්‍රමාණයක් සමන්විත වුණේ චීන ණයවලිනි.

මහින්ද රාජපක්ෂ කල්පනා කළ ආකාරයට, ඉහත කී ව්‍යාපෘති දෙක සමග ඉතා ශෝභන ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවක්, ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයක් සහ නගරාශ‍්‍රිත ආයෝජන කලාපයක් ගොඩනැගීම තුළින්, කොළඹින් කිලෝ මීටර් 230 ක් ඈතින් පිහිටි, ඔහුගේ උපන් බිම වන මේ ප‍්‍රදේශය රටේ දෙවැනි අගනගරය බවට පත්වෙනු ඇත.

මේ සියල්ලත් සමග, අසල පිහිටි යාල ජාතික වනෝද්‍යානය සහ කතරගම දේවාලය නිසා ඇති විය හැකි සංචාරක ආකර්ශනය තුළින් ප‍්‍රදේශවාසීන්ට රැුකියා සම්පාදනය කර දීමටත් බලාපොරොත්තු වුණි. කෙසේ වෙතත්, ඔහුගේ ආණ්ඩුව අපේක්ෂා කළ පරිදි, මේ කිසි යෝධ ව්‍යාපෘතියක් සාර්ථක වුණේ නැත. එහි අවසාන ප‍්‍රතිඵලය වුණේ, ඔහුගේ පරාජයෙන් පසුව බලයට පැමිණි මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් අලුත් ආණ්ඩුවට, ජාතියට බරක් වූ පාඩු ලබන රාජ්‍ය ව්‍යාපෘති ගණනාවක් අලුතින් දායාද වීමයි.

එයින් ගොඩ ඒම සඳහා අලූත් ආණ්ඩුව හම්බන්තොට වරායෙන් සියයට 70 ක කොටසක්, 99 අවුරුදු බද්දක් යටතේ ක‍්‍රියාත්මක කිරීම සඳහා ‘චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්’ සමාගමට වික්කේය. මේ වන විට ශ‍්‍රී ලංකා රජය විසින් ගෙන තිබූ චීන ණය පියවීමට අවශ්‍ය කළ ඩොලර් බිලියන 8 මුදල සොයා ගැනීම සඳහා පැවති එකම මාර්ගය එය විය.

වරාය විකිණීමෙන් ලද ඩොලර් බිලියන 1.1 ක මුදල, ණය වාරිකවලින් කොටසක් ආපසු ගෙවා දැමීම වෙනුවෙන් වැය කෙරෙන අතර, චීනය සමග ශ‍්‍රී ලංකා ආණ්ඩුව ඇති කර ගත් ව්‍යාපාරික ගිවිසුම තුළ තවත් ඩොලර් මිලියන 600 ක මුදලක් චීනය මගින් මේ ව්‍යාපෘතිය තුළ අලුතින් ආයෝජනය කිරීමට නියමිත ය. එසේම එම ගිවිසුම තුළ, වරාය යාබද පළාතේ ඉඩම් අක්කර 15,000 ක් චීන ව්‍යාපෘතිය සඳහා පැවරීමටත් නියමිතයි.

ලෝකයේ හිස්ම ගුවන් තොටුපොළ

මෙසේ ලංකාව තුළ චීනයේ මැදිහත් වීම සීග‍්‍රයෙන් වර්ධනය වන අතරේ, දිනකට ගුවන් ගමන් දෙකක් පමණක් ඇති, ‘ලෝකයේ හිස්ම ගුවන් තොටුපොළ’ වශයෙන් බොහෝ දෙනා විසින් සලකනු ලබන මත්තල ගුවන් තොටුපොළ කෙරෙහි ඉන්දියාවේ උනන්දුවන වැඩි වන්නට විය. පැහැදිළිවම මෙහිදී තීරණාමත්ව වී ඇත්තේ වාණිජ අභිමතාර්ථයන්ට වඩා උපාය මාර්ගික තර්කණයකි.

මේ අතර, චීනය සමග අලුතින් ඇති කර ගත් නව සංවර්ධන ව්‍යායාමය කෙරෙහි අදාළ පළාත්වාසීන්ගේ සැකසාංකා අවුළුවා තිබේ. ‘‘මේක ඉන්දියාව ද, චීනය ද කියන ප‍්‍රශ්නයක් නෙවෙයි. කවුරු වුණත් මෙහෙට ඇවිල්ලා අපේ මිනිස්සුන්ගේ ඉඩම්වල ආයෝජනය කරන්න යනවා නං අපි ඒකට විරුද්ධ වෙනවා,’’ අම්බලන්තොට ආසන්නයේ පිහිටි බෙරගම ගමේ බෞද්ධ පන්සලේ විහාරාධිපති විමලබුද්ධි හිමියෝ ප‍්‍රකාශ කරති. ‘‘අපි කෘෂිකාර්මික සමාජයක්. ඒක නිසා ගොවියන්ට වැඩියත්ම ඕනේ කරන්නේ ඉඩම්. මේ කියන ඊනියා සංවර්ධනය ඒ මිනිස්සුන්ට ඕනේ නැහැ,’’ යි කියන මේ හිමියෝ, ආණ්ඩු-විරෝධී අදාළ ආයෝජන කලාපයට එරෙහි විරෝධතාවන්ට පසුගිය ජනවාරියේ නායකත්වය දුන්හ.

පසුගිය ඔක්තෝබර් මාසයේ තවත් ප‍්‍රදේශවාසීන් පිරිසක්, හම්බන්තොට පිහිටි එකම විදේශ රාජ්‍ය තාන්ත‍්‍රික කාර්යාලය වන ඉන්දියානු කලාප තානාපති කාර්යාලය ඉදිරියේ, මත්තල සංවර්ධන ව්‍යාපෘතියට එරෙහි විරෝධතා දැක්වූහ. හම්බන්තොට වෙසෙන ජනතාවගේ ප‍්‍රධාන දුක්ගැනවිල්ල වී ඇත්තේ ඉඩම් ය. සංවර්ධනය වැඩි වන තරමට තමන්ගේ ඉඩම් ඒ සඳහා පවරා ගනිති යි ඔවුහූ බිය වෙති.

ඉඩම් අයිතිය

අධිවේගී මාර්ගයක් සඳහා තමන්ගේ නිවස ඉදිරිපස ඉඩම් කෑල්ලක් දැනටමත් අහිමි කරගෙන සිටි අජිත් විජේසිංහට තවමත් ඒ සඳහා පොරොන්දු වූ වන්දි ලැබී නැත. ඔහුගේ ගඩොල් නිවස පිහිටි ඉඩම් කෑල්ලත් අනාගතේ තමන්ට අහිමි වෙතියි යන බියකින් ඔහු පෙලෙයි. ‘‘1970 කාලේ මගේ තාත්තා මෙහේ පදිංචියට එන වෙලාවේ මේක කැලෑ ප‍්‍රදේශයක්. එදා ඉඩම් ඔප්පු ගැන ප‍්‍රශ්නයක් තිබුණෙත් නැහැ. මොකද, හුඟාක් මිනිස්සු මෙහේ ජීවත් වෙන්න කැමැති වුණෙත් නැති නිසා. ඒත් දැන් මේ සංවර්ධනයත් එක්ක අපේ ඉඩම්වලට මිලක් ඇවිත් ඒවා බිල්ලට ගිහිල්ලා.’’ 41 වියැති ඒ ගොවියා කීය.

*2017 නොවැම්බර් 12 වැනි දා ‘ද හින්දු’ පුවත්පතේ පළවූ “A Port Town’s Story of Myopic Vision & Fading Development” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.