
‘ඬේලි මිරර්’ කතුවැකිය –
අහවල් ඇමතිවරයාගේ කාර්ය භාරය කුමක් ද සහ අහවල් ඇමතිවරයා කරන්නේ කුමක් ද හෝ නොකරන්නේ කුමක් ද යන්න සාමාන්‍ය නොදන්නා තරමට විශාල කැබිනට් මණ්ඩලයක් ඇති අවස්ථාවක, මීට හරියටම අවුරුදු 64 කට ඉස්සර, එනම් 1947 සැප්තැම්බර් 26 වැනිදා පත්කෙරුණු නිදහස් ලංකාවේ ප‍්‍රථම කැබිනට් මණ්ඩලය මතකයට නගා ගැනීම වටී. ඊට ඇතුළත් වුණේ ඇමතිවරුන් 14 දෙනෙකු පමණි. ඒ හැම කෙනෙක්ම ලංකාවේ සංවර්ධනය සහ ප‍්‍රතිරූපය වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළෝය. ඔවුන් නම් වශයෙන් මෙසේය: ජාතියේ පියා වශයෙන් සැළකෙන, ඩි. එස්. සේනානායක, ඩඞ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන, සර් ජෝන් කොතලාවල, ඒ. රත්නායක, එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක, සී. සුන්දරලිංගම්, ටී. බී. ජයා, සී. සිත්තම්පලම්, ජෝර්ජ් ඊ. ද සිල්වා, ඊ, ඒ. නුගවෙල සර් ඔලිවර් ගුණතිලක, සර් ලලිිත රාජපක්ෂ, සර් සෙනරත් ගුණවර්ධන.
ඉන් හතර දෙනෙක් පසු කලෙක රටේ අගමැතිවරු වූහ. එදා මුදල් ඇමතිවරයා වු ජේ. ආර්. ජයවර්ධන 1977 දී ලංකාවේ ප‍්‍රථම විධායක ජනාධිපතිවරයා විය.
අද වන විට පක්ෂ දේශපාලනයේ සහ දේශපාලඥයන්ගේ ප‍්‍රමිතීන් සහ සාරධර්ම අන්තෙට පිරිහී තිබීමට අමතරව, 67 කින් යුත් යෝධ කැබිනට් මණ්ඩලයක් ද අපට ලැබී තිබේ. එයින් 10 දෙනෙකු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ය. තමන් කරන්නේ හෝ තමන්ට කිරීමට භාරව ඇත්තේ කුමක් දැ යි ඒ ඇමතිවරුන්ම නොදන්නවාට කිසි සැකයක් නැත. අලි මදිවට හරක් යැයි කීවා සේ, මීට අමතරව තවත් නියෝජ්‍ය ඇමතිවරුනු 28 ක් සහ ව්‍යපෘති ඇමතිවරුනු දෙන්නෙකු නඩත්තු කිරීමේ බරෙන් ද රට මිරිකී සිටී.
මේ සියල්ලන්ට, නාස්තිකාරී සහ අධි=සුඛෝපභෝගී වරප‍්‍රසාද සහ අතිරේක වරදාන මල්ලක්ම ජනතාවගේ වියදමින් ලැබෙන අතර එම ජනතාවගෙන් දසලක්ෂ ගණන් අසරණයන් ගෙයක් දොරක්, ඇඳුමක් පැළඳුමක්, කෑමක් බීමක්, සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපන අවශ්‍යතාවක් හරිහමන් විදිහකට පිරිමසා ගැනීමට නොහැකිව ලත වෙත්.
නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, විධායක ජනාධිපතිවරයාගේ කාර්යාලය නඩත්තු කිරීමට පමණක් දවසකට වැය වන මුදල රුපියල් මිලියන 20 කි. එනම්, අවුරුද්දකට රුපියල් මිලියන 7400 කි. මේ වසරේ අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කොට ඇත්තේ රාජපක්ෂ පවුලේ අයවළුන් යටතේ පවතින අමාත්‍යාංශවලටයි. ඒ අනුව, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් මිලියන 290,000 ක් ද, මහා මාර්ග අමාත්‍යාංශයට රුපියල් මිලියන 131,610 ක් ද, මුදල් සහ ක‍්‍රම සම්පාදන අමාත්‍යාංශයට රුපියල් මිලියන 87,460 ක් ද, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් මිලියන 88,900 ක් වෙන් කොට තිබේ. ඒ අනුව, මේ අමාත්‍යාංශ තුනට වෙන්කොට ඇති මුළු මුදල රුපියල් මිලියන 604,880 කි. මුළු රට සඳහාම වන මුළු වියදම රුපියල් මිලියන 1,350,000 ක් වන නිසා, එයින් අඩකට ආසන්න මුදලක් වෙන් කොට ඇත්තේ රාජපක්ෂ පවුලට බව මෙයින් පෙනී යයි.
මේ සියල්ලට අමතරව, පළාත් සභා 9 ක සහ තවත් පලාත් පාලන ආයතනවල සාමාජිකයන්, සභාපතිවරුන් සහ මැති ඇමතිවරුන් නඩත්තු කිරීමේ බර ද මහජනතාවට ය. එසේ තිබියදී, විශාල බලතල සහ වරප‍්‍රසාද සහිතව තවත් දිස්ත‍්‍රික් ඇමතිවරුන් 25 දෙනෙකු නවතමයෙන් පත්කිරීමේ සැලැස්මක් ද ආණ්ඩුවට ඇති බව සැළයි. එක් කැබිනට් ඇමතිවරයෙකු කියන පරිදි, මේ දිස්ත‍්‍රික් ඇමතිවරුන් පත්කිරීමේදී, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නැගී එන තරුණ මන්ත‍්‍රීවරුන්ට තැන දෙන්නේ ලූ. එහි අදහස වන්නේ, ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක්ම යම් කිසි ඇමති පට්ටමකට සහ ඊට අදාළ වරප‍්‍රසාදවලට හිමිකම් කියන බවයි. ඒ සියල්ල, ජනතාවගේ වියදමිනි.
ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍යකරණය මේ අවස්ථාවේ පවතින්නේ කඩාවැටෙන තත්වයක ය. රජයේ වියදම් අහස උසට ඉහළ යමින් තිබෙන අතර ආදායම් පහළ වැටෙමින් තිබේ. ස්වාධීන ආර්ථික විශේෂඥයන් බොහොමයකගේ මතයට අනුව, ස්ථාවර පදනමක් මත ස්ථාපිත කෙරෙන තිරසාර ආර්ථික සංවර්ධන මාවතක් වෙතට රට මෙහෙයවිය යුතුව ඇත්නම්, බරපතල වියදම් කප්පාදුවකට යා යුතුව තිබේ. එවැනි වියදම් කප්පාදුවකට ජනතාව සහාය දක්වනු ඇත්තේ. නායකයන්ගේ මට්ටමින් ද ආදර්ශයක් සැපයෙන්නේ නම් පමණි. ඒ නිසා, 2005 පාලක සන්ධාන පක්ෂයක් යෝජනා කළ පරිදි අමාත්‍ය මණ්ඩලය 20 බැස්සවිය යුතුය. නියෝජ්‍ය ඇමතිකම් ද ඊට සමානුපාතිකව අඩු කළ යුතුය. එසේ කොට, ජනතා සේවය සඳහා පාරට බසින්නැ යි, ඉතිරි මන්ත‍්‍රීවරුන්ට සහ පලාත් පාලන ආයතන සාමාජිකයන්ට කිව යුතුව තිබේ.
*2013 සැප්තැම්බර් 28 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ The First Cabinet & Today’s: What a Contrast! නමින් යුත් කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’
pasel / September 30, 2013
You can see already 4 racist in the first cabinet all in their national dress
/
Bala / September 30, 2013
Most of them were bilingual at that time, but today, we have a president who is not well conversant in English langauge. He is only qualified for creation of crime friendly environment across the country.
/
kusal / October 1, 2013
if u can read sinhala so why u can’t write sinhala….dn’t try to be a posh guy….we all sri lankan…nikan gon part noda innawaa….
/
GOD / December 4, 2013
u moda [Edited out]. unta owwa therenee naha.
/
asiri / October 1, 2013
රටක් කියන්නේ ඒකට තමා.තනි මිනිහෙක්ට පුලුවන්ද රටක් පාලනය කරන්න.ඇමරිකාව පාලනය කරන්නේ බැරැක් ඕබාමා විතරද?සේවක මණ්ඩලයට ගෙවන්න මේ ආන්ඩුවෙදි විතරක් නෙමේ රනිල්ගේ ආන්ඩුව කාලෙදිත් මුදල් ප්‍රමානයක් වැය කලා තමයි.නමුත් මෙම ලිපිය ලියු පුද්ගලයාට පේන්නේ මේ ආන්ඩුවෙන් වැය කරන ප්‍රමානය පමනයි.එයින් හොදටම පැහැදිලි වන්නේ මෙය ලියු පුද්ගලයා යම්කිසි දේශපාලන පක්ශයකට කඩේ යන බවයි.
/
GOD / December 4, 2013
eka thama degollom ekayi neda ?, nikan apine eken thalenne. lankawata nayakathwayata ena hama ekkenama ekayi. rate minissu gana hithanne naha.
/
කිංස්ලි ගුනතිස්ස / October 1, 2013
දැන් එදාට වැඩිය කාලේ වෙනස්.ජනග්‍රහණය වැඩි වෙලා .වැඩි වෙන ජනග්‍රහණයට අවශ්‍යතා වැඩි වෙලා.ඒ අවශ්‍යතා සපුරන්න එදා තිබුන අමාත්‍යංශ ප්‍රමාණවත් නෑ .
/
වාසල මුදලි / October 1, 2013
සංවර්දනය කරනකොට වියදම් වැඩි වෙනවා තමයි .සන්වර්දනේ ප්‍රතිලාබ අද හෙට ගන්න බෑනේ.දීර්ග කාලීනයි.
/
සුපුන් හේරත් / December 4, 2013
ආශ්චර්්‍යමත් ලංකාවනෙ.පුදුමෙ කියන්නෙ මුන්ව නඩත්තු කරන්න උන්ටම ආවඩන ජනතාවකුත් ඉන්නවනෙ.
/